Tuesday, December 17, 2024

සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ රැකියාවන්ට කණකොකා හඬවන එට්කා..


යහපාලනය එට්කා ගේනවා කිව්වාම, ජනතා විමුක්ති පෙරමුණ මීක් කිව්වේ නෑ.. හැබැයි අපි මහ පොළවේ දැවැන්ත විරෝධයක් හැදුවා එට්කා වලට විරුද්ධව. අන්තිමේට ජනතා විමුක්ති පෙරමුණට සිද්ධ වුනා ඒ එට්කා වලට විරුද්ධව හිට ගන්න. ඊට පස්සෙ එයාලා ඒ සටන අතට ගත්තා. කොටුවේ ලීෆ්ලට් බෙදුවා. රට පුරා සම්මණ්ත්‍රණ තිබ්බා. එට්කා විරෝධතාවයට ජනතා විමුක්ති පෙරමුණ නිල වශයෙන් එක්වුනේ 2016 පෙබරාවරි 15 වෙනිදා. ඒ තමා වත්මන් අතිගරු ජනාධිපතිතුමා වෙන අනුර කුමාර දිසානායක මැතිතුමාගේ නිල ෆේස්බුක් පිටුවේ, දාපු මේ පෝස්ට් එක. ඒකට එදිනම මම දාපු කමෙන්ට් එකත් එක්කම තමයි මේක.


ඊයේ අනුර කුමාර දිසානායක ජනපතිව තමන් ලඟ වාඩි කරගෙනම, අපි එට්කා අත්සන් කරනවා කියලා සිංහ නාද කලා.

එට්කා ගිවිසුමෙන් වන ලොකුම හානිය වෙන්නේ මේ රටේ වෘත්තිකයන්ට. ඇයි? මොකද අපි එහෙම කියන්නේ. එට්කා හරහා මේ රටවල් දෙකේ වෘත්තිකයන්ට සීමා නොමැතිව විවෘත වෙනවා. ඉන්දියාවේ තිබෙන රැකියා වියුක්තියට ශ්‍රී ලංකාව තුල විකල්ප හොයන්න ඉන්දියාවේ අගමැති උත්සාහ කලේ 2015. මෝදි පළමු වරට ඉන්දියාවේ අගමැති වෙන්නේ 2014 දි. 2014 වෙනකොට ඉන්දියාවේ රැකියා වියුක්තිය 7.99%ක්. මේ වසර 10 තුල දන්න ශිල්ප ඔක්කොම දාලා ඔහුට මේක අඩු කරගන්න පුලුවන් වුනේ 3.2%ක් වෙනකන් විතරයි. වර්ෂ 2004 දි 8.38%ක් වුන ශ්‍රී ලංකාවේ රැකියා වියුක්තිය 2014 වෙනකොට මහින්ද රාජපක්ෂ රජය 4.16%ට අඩු කලා. ඊට පස්සෙ යහපාලන රජය එක්ක මෝධි සැලසුම් කලේ මේ එට්කා ගිවිසුම ක්‍රියාත්මක කරන්න. හැබැයි 2023 වෙනකොට ශ්‍රී ලංකාවේ සේවා වියුක්තිය 6.36%යි. අන්න ඒ නිසායි එදාටත් වඩා මේ එට්කා ගිවිසුම අපේ රටට හානි දායක වෙන්නේ.

ඉන්දියාවේ ශ්‍රම වෙළඳපල අගය ශ්‍රී ලංකාවට වඩා ඉතාම පහලින් තියෙන්නෙ. ඉන්දියාවේ විශේෂඥ වෛද්‍යවරුන් ලංකාවට පවා ඇවිල්ලා සේවය කරන්නෙ අන්න ඒ නිසයි. තොරතුරු තාක්ෂණ සම්භන්ධ රැකියා ඉන්දියාව තුල බිහිවෙන්නෙ ඉතාමත් පහල මිල ගණන් වලට. එට්කා වලින් බරපතලම හානිය වෙන්නෙ තොරතුරු තාක්ෂණ ක්ශේස්ත්‍රයේ ඉන්න අයට කියන කාරණාව අපි එදාත් කිව්වා. අදත් කියනවා. මාලිමාවට ඡන්දෙ දුන්න අයට පුලුවන් ඒ කාලේ ඔබේ ජනාධිපතිතුමා විසින්ම එට්කා නිසා ඔබේ රැකියාවට තර්ජනය ඇති වන අයුරු පැහැදිලි කල ආකාරය පරණ වීඩියෝ වලින් අසා දැන ගන්න පුලුවන්.

එට්කා හරහා ඉන්දියාවෙන් එන පොල් ගස් නගින්නා රුපියල් 50ට පොල් ගසක් බඩ ගාවි. කම්කරුවන් රුපියල් 500ට 700ට දවසේ වැඩ කරාවි. ජාත්‍යාන්තර පාසලට එන් ගුරුවරයා රුපියල් 10000.00 මාසික පඩියට උගන්නාවි. වෛද්‍යවරයා රුපියල් 500ට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරාවි. ඕනෑම සංකීර්ණ වෙබ් අඩවියක්, මොබයිල් ඇප් එකක් රුපියල් 5,000ට 10,000ට සකස් කර ගත හැකිවේවි. නීතිඥයන් රුපියල් 1000ට 2000ට නඩු කතා කරාවි.

ලංකාවේ වෘත්තිකයන්ට අබ සරණ යන්නට වන දැවැන්තම හානිය සිදුවන්නේ මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව බව ඔබට වැටහේවි. 2024දී ගහපු පළමු කතිරය නිසා අත්සන් කරන එක ගිවිසුමෙන්, ඔබේ යැපෙන්නන්ගේ කුසපොත්ත පිටට ඇලෙන බව දැනෙන්නට ඔබට වැඩි කාලයක් ගත නොවනු ඇත. ඒ ගැන අවශ්‍ය සියළු අණ පණත් 2024 දී ගහපු දෙවන කතිරය නිසා පාර්ලිමේන්තුව තුල තුනෙන් දෙකකින් සම්මත වේවි.

ඉතින් අප සූදානම් වෙමු. ඉන්දියානුවන් සේම උදේට පෙට්ටි කඩේකින් කිරි එකක් බීලා, රොටී දෙකක් කාලා දවස ගෙවන්න.

#etca #againstetca #එට්කා #එට්කාගිවිසුම #ETCAAgreement


No comments:

Post a Comment

ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.

  අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...