Sunday, December 8, 2024

ඊබ්‍රහීම් නානාත් ඉන්නවා කියන එක අමතක කරලා දාන්න. නැත්නම් ඒ අහිංසක මනුස්සයාත් මේවාට පැටලෙනවා..

=== අන්තිම ඡේදෙට උඩ ඡෙදේ කියෙව්වාට කමක් නෑ.. හැබැයි අමතක කරලා දාන්න ===



රුපියල් 10ක් වැඩි කරමින් ගැසට් එක රිවස් වෙයිද? ස්වර්ණා නාඩුවෙන් රුපියල් 10ක කොමිස් මුදලක් යනවාද? එසේනම් එම කොමිස් මුදල කාටද?


ඊයේ දිනයේදී, අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක සහල් මෝල් හිමියන් හමුවෙලා තිබුණා. එහිදී දැඩි තීරණ ගත්තා කියලා මාධ්‍යය පෙන්නුවත්, හාල් මෝල් හිමියන් ඉදිරියේ ජනාධිපතිවරයා තම අඩිය පස්සට රැගෙන තිබෙන බව තමයි අපටනම් පෙනුනේ. 


මේ සාකච්ඡාව අනුව, හාල් මිල සම්බන්ධව විශේෂ ගැසට් පත්‍රයක් එන බව පෙනෙන්නට තිබෙන්නේ. හැබැයි අර,සිංහ නාද නෑ.. රුපියල් දහයක් වැඩි කරලයි එන්නේ.. අපට මතකයි පසු ගිය ගැසට් පත්‍ර. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නාඩු මිල රුපියල් 98ක උපරිම මිල සටහන් කරලා 2021 සැප්තැම්බර් 01 ගැසට් එකක් ගැහුවා. 2023 සැප්තැම්බර් 07 හෝ 08 රනිල් වික්‍රමසිංහ මැතිතුමා නාඩු මිල 220ක් ලෙස සටහන් කරලා ගැසට් එකක් ගැහුවා. ඒක තමයි මේ ලිපිය ලියන මොහොත වෙනකන් බල පැවැත්වෙන සහල් මිල පිළිබඳ ගැසට් පත්‍රය. හැබැයි ඊයේ තිබ්බ සාකච්ඡාවට අනුව ජනාධිපති මාධ්‍ය අංශය නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නාඩු මිල රුපියල් 230ක උපරිම සිල්ලර මිල ලෙසට නිවේදනය කලා. ගැසට් පත්‍රයකින් නියම කරලා තිබෙන මිල, ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයකින් වෙනස් කල නොහැකි නිසා, බොහෝ දුරට අද ගැසට් නිවේදනයක් පල වෙන්නට ඉඩ තියෙනවා. 


හැබැයි මෙහි ආතල් කොටසක් තියෙනවා. ඒ තමයි ආනයනික සහල් මිල. එහි උපරිම සිල්ලර මිල ලෙස සඳහන් වෙන්නේ රුපියල් 225ක් ලෙසට. තොග මිල සටහන් වෙන්නේ 220ක් ලෙසට. පසුගිය දවස්වල ජාතික ජන බලවේගයට සහාය දැක් වූ සමාජ මාධ්‍ය හිතවතුන්, රටින් ගෙන්වන ස්වර්ණා සහල් රුපියල් 100ට වරායට එන බව සටහන් කලා. අපට ලැබෙන ආරංචි මාර්ග අනුව, මෙම සහල් වරායෙන් එළියට එන විට රුපියල් 198ත් 202ත් අතර අගයක් ගන්නවා. පළමු තොගය ටොන් 10,000ක්. සම්පූර්ණ තොගය ටොන් 30,000ක්. ඒ කියන්නේ කිලෝ 30,000,000ක්. කිලෝ මිලියන 30ක්. කිලෝ එකක ලාභය ඇතුලු මෙහෙයුම් වියදම් රුපියල් 8ක්ම දැමුවාත්, මිලියන 240ක්. කෝටි 24ක්. එහෙම කරත් කිලෝවක මිල එන්නේ රුපියල් 210.00යි. නමුත් ඊයේ ජනාධිපති තුමා එහි මිල තීරණය කරන්නේ තොග කිලෝ එකක් රුපියල් 220ක් ලෙසට. වැඩිපුර රුපියල් මිලියන 300ක්. කෝටි 30ක් එතන රැඳිලා තියෙනවා. ඉතින් ඉස්සර ජාතික ජන බලවේගය වගේ  මේ කෝටි 30 කොමිස් මුදලක් ලෙස යනවාද, එසේ යනවානම් ඒ කාටද කියා කියන්නට මේ ආණ්ඩුව සමත් වේවිද?


තව කතාවක් මතකද? මීට දින 4කට පෙර, දෙසැම්බර් 4 වෙනිදා වෙළඳ ඇමති වසන්ත සමරසිංහ පවසා සිටියේ සතොස හරහා දිනකට සහල් කිලෝ ලක්ෂ දෙකක් ලබා දෙන බවත්, එහි උපරිම මිල රුපියල් 220.00ක් බවත් ය. එතකොට සහල් මාෆියාව බිඳ දමන්නට ආනයනය කරන සහල්වල සිල්ලර මිලත් රු 225.00ක් වෙන්නේ කොහොමද? මේවා හරි අපබ්‍රංශ කතා විදිහට හිතෙන්නෙ නැද්ද බලන්න.


මේ හරහා අවසානයට මොකක්ද වෙලා තියෙන්නේ. 


ආනයනික සහල් මාෆියා කාරයාන්ගේ ආධිපත්‍යයට ඉඩ දීම උදෙසා, දේශීය සහල් මිල ගණන් තවත් රුපියල් 10කින් ඉහල දැමීමක් කියලා හිතෙන එක නතර කරගන්න ක්‍රමයක් කාට හරි තියෙනවාද?


මේ ලිපිය කියවන ඔයාලා සැලකිලිමත් විය යුතු වැදගත්ම කාරණයකුත් තියෙනවා. පිටකොටුවේ ආනයන අපනයන් වෙළදාම් කරුවො අතරේ, 


📍රජෙක් වගේ ඉන්න, 

📍පාස්කු ප්‍රහාරය ගැන සැක පිට අත් අඩංගුවට අරන්, 

📍දැන් ඇප පිට නිදහස් වෙලා ඉන්න, 

📍2015 ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කරපු 


ඊබ්‍රහීම් නානාත් ඉන්නවා කියන එක අමතක කරලා දාන්න. නැත්නම් ඒ අහිංසක මනුස්සයාත් මේවාට පැටලෙනවා..


හාල් මිල අඩු කරලා, යසට කිරිබත් කන්න කතිරේ ගහපු ඔයාලා හැමෝටම ජයවේවා..! අපි ඒ රට හෙමීට ගොඩ නගමු සහෝදරවරුනි. නැවතත් ජයවේවා..!

1 comment:

  1. There is nothing to write about racism. I remember the Easter attack when I saw Nakia.

    ReplyDelete

ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.

  අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...