බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Thursday, November 27, 2014
ආදරණීය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ලියමි....
රටේ මහත් බලාපොරොත්තු ඇතිව රට වෙනුවෙන් උඩුගම් බලා පිහිනීමටත් පොදු අපේක්ෂකයා නැමැති දං ගෙඩියට බෙල්ල තැබීමටත්, දේශ්ප්‍රේමී බලවේග එක වේදිකාවකට එක්කර ලීමටත් ඔබ තුමන් ගත් තීරණය බොහෝ සේ අගය කරන අතර ඒ පිළිබඳ වූ ස්තූතියද පළමු කොට ඔබතුමා වෙත දැන්වීමට කැමැත්තෙමි.. එබැවින් ඔබතුමා පොදු අපේක්ෂක වේදිකාවට ගොඩ වී දින හතක් ගිය පසු, එනම් අද වන විට රටේ සාමන්‍ය ඡන්ද දායකයෙක් වන මට හැඟෙන කරුණු කිහිපයක් වෙත ඔබ තුමාගේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙමි.. එය හුදෙක් ඔබතුමාව අපහසුතාවයට පත් කරන්නටවත් ඔබතුමාට මඩ ගසන්නටවත් නොව ඔබතුමාගේ ප්‍රයෝජනය සඳහා මෙන්ම උන්නතිය සඳහාද වන බව කාරුණිකව සිහි තබා ගන්නා ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමි... මගේ අදහස් කරුණු වශයෙන් පහත පරිදි ගොනු කිරීමට කැමැත්තෙමි...
1. ජනපතිවරණයට අදත් සමඟ තව ඉතිරිව ඇත්තේ දින 42ක් වැනි ඉතා සුළු කාලයකි... ඔබ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ දින පටන් තිබුනේ දින 49කි. මට හැඟෙන පරිදි එය ඉතා සුළු කාලයකි.. ඔබේ මාධ්‍ය සාකච්ඡාව ආරම්භ කර සතියක් ගොස් ඇතත් එහි ලොකු ජීවයක් සහ ගැම්මක් අද වනතුරුත් මට පෙනී යන්නේ නැත.. එබැවින් දියාරු වී ගොස් ඇති කැම්පේන් එකක් පිළිබඳ මහජන සිත් ධනාත්මකව හැසිරෙයිද කියන ගැටළුව මට පැන නැඟී ඇත.
2. මිනිසුන් ඔබේ පළමු අදහස් වලට එකඟව ඔබේ විසිල් පිළිබඳ බලාපොරොත්තුවෙන් සිටින වෙලාවයි.. ඔබ එන්නට පෙර සිටම ඔබත් සමඟ විපක්ශයේ අසුන් ගන්නා ආණ්ඩුවේ චරිත පිළිබඳව ප්‍රභල අපේක්ෂාවක් මහ ජනතාවට තිබිණ.. අදටත් එම කරුණ රැදෙන්නේ "විසිල් මත පිහිටූ බල්ටි නොතිබූ නාටකයක්" ලෙසය... මහ ජනතාවගේ අපේක්ෂා බංගත්වය මෙම කරුණ හේතුවෙන් ඉහල යන ප්‍රවණතාවක් මෙතුලින් දක්නට ලැබේ.. එබැවින් "හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට" කියා තම ඇඟ බේරා ගැනීමේ න්‍යායෙන් නොසිට ඉදිරි දින තුන හතර තුලදී නිකම්ම නිකන් සුළුජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගෙන් සැහීමට පත් නොවී ආණ්ඩුවේ ප්‍රභල බලකණු හතර පස් දෙනෙක් වත් ඔබේ ගමනට එක් කර ගැනීම තුලින් මේ අපේක්ෂා බංගත්වයට පිළිතුරු සැපයීම ඔබ කල යුතුම කාර්යයක් ලෙස මට හැඟේ... "මෛත්‍රීගේ විසිල් විතරයි.. කෝ තවම කවුරුත් ආවේ නෑනේ" යන්න මහ ජනතාවගේ සිත් තුළ පැලපදියම් වුනාට පසුව ඔබ මහින්ද රාජපක්ශයන් පොදු විපක්ශයට ගත්තත් වැඩක් වෙන්නේ නැති බව ඔබේ පරිනථ දේශපාලන බුද්ධියට නොවැටහෙන දෙයක් යැයි මම නොසිතමි...
3. ඔබේ ප්‍රකාශයේ සඳහන්ව ඇති "දින 100ක් තුල විධායක ජනපති තනතුර අහෝසි කිරීමත් රනිල් වික්රමසිංහයන්ට විධායක බලතල ලබා දීමත්" යන කරුණු, කරන්නේ කෙසේද කියා තවමත් අප (මහ ජනතාව) වෙත අදහසක් නැත.. අප දන්නා පරිදි පාර්ලිමේන්තුව හරහා එය කල හැකි නමුදු ජනපතිවරණ චන්දයකින් දිනූ ගමන් ඔබට මෙය කල හැකියැයි අපි විශ්වාස නොකරමු.. ආණ්ඩුවේ කථිකයින් මෙන්ම ජවිපේ නියෝජනය කරන ලාල්කාන්තයන්ද මෙය දිගින් දිගටම ප්‍රකාශ කිරීම තුල මෙම කරුණ මහජන සිත් තුලට එබෙන්නට පටන් ගෙන ඇති අතර හැකි ඉක්මනට මේ පිළිබඳව අප දැනුවත් කිරීම ඔබ සතු යුතුකමක් මෙන්ම ඔබේ ජයග්‍රහණයට පාර කැපීමක් ලෙසද මම දකිමි..
4. ග්‍රමීය මට්ටමේ ජනයා ඔබේ ක්‍රියා පිළිවෙත පිළිබඳව දැන් දැන් දෙගිඩියාවකට පත් වෙමින් සිටී.. ඔබේ ප්‍රභල අනුගාමිකයා වන එක්සත් ජාතික පක්ෂයට හිතැති ග්‍රාමීය ජනතාවගෙන් බොහොමයක් දක්වන අදහස ඔබතුමා වෙත ඉදිරිපත් කරන්නට කැමැත්තෙමි.. "අපි අපේ අපේක්ශකයෙකුට ඡන්දේ දෙන්න හිටියා.. දැන් ගහන්න වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා කාරයෙකුට.. ඊට හොඳයි ගෙදරට වෙලා ඉන්නවා.." මෙසේ පවසන්නෝ බොහෝ වෙති.. එබැවින් එක්සත් ජාතික පක්ෂයේ ග්‍රමීය මට්ටමේ කථිකයින් ලවා එම ජනතාව දැනුවත් කිරීම තුලින් ඔබට වාසියක් අත් විඳිය හැකි බවද මම විශ්වාස කරමි.. එසේ නොවේ නම් ඔබට පොළොන්නරුවෙන් පමණක් සෑහීමට පත් වී ඔබේ උදාර අරමුණ කෙරෙහි සුසුම් ලෑමට සිදුවන බව මඟේ හැඟීමයි...
5. මීලඟට මඳක් සංකීර්ණ ගැටළුවක් වෙත ඔබේ අවධානය යොමු කරමි..ඒ රටේ එක්සත් භාවය පිළිබඳ ගැටළුවයි.. ඔබේ ප්‍රධාන අනුගාමිකයා වන රනිල් වික්‍රමසිංහයන් ඔහුගේ පාලන කාලයේදී දෙමළ ඩයස්පෝරාව පිළිබඳව අනුගමනය කල ක්‍රියා පටිපාටිය අමතක කල කිසිවෙක් නැත.. 2002 - 2004 කාලයේදී ඔහුගේ පාලනය නොදන්න කිසිවෙකුට අද වනවිට ඡන්ද බලය හිමිව නැත.. අද ඡන්ද බලය හිමි සැමට ඒ කාලය මතක තිබේ.. වෙනම රටකට යන්නාක් ලෙස යාපනේ ගිය හැටි, එල්ටීටීඊ සාමජිකයන් අපේ සෙබළුන්ට පස්ස පෙන්වා හමුඳා කදවුරු අසල මලපහ කර ගිය හැටි, හමුදා බුද්ධි අංශ ඝාතනය කල හැටි, මෙන්ම තවත් ගොඩාක් කරුණු ඔවුන්ට මතක ඇත. ඊට අමතරව ඔහු රජයේ සේවකයන් බඳවා ගැනීම නතර කල හැටි, රාජ්‍ය දේපල කුණු කොල්ලෙට පෞද්ගලීකරණය කල සැටි වැනි දේවල් නිසා ඉතා කෙටි කලකින් බලයෙන් සමුගන්නට ඔවුන්ට සිදු වූ හැටි ඔබටත් අදට ඡන්ද බලය හිමිවන සැමටත් මතක ඇති දෙයක් යැයි මට මෙන්ම ඔබතුමාටත් හැඟේ යන්න මම විශ්වාසකරමි.. එබැවින් මෙවරත් එයම සිදු වේවිදැයි මහ ජනතාවගේ සිත් තුළ ඇති පැණයට හැකි ඉක්මණින් පිළිතුරු දී එම සැක සංකා ඉවත් කිරීම ඔබ සතු හදිසි කාර්යයක් ලෙසද මම දකිමි.
6. රටේ අති මහත් දැවැන්ත සංවර්ධන ක්‍රියා දාමයක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.. ඔබ බලයට පත් වූ පසු එම සංවර්ධන ක්‍රියාදාමයට කුමක් සිදුවේද යන්න මහජනතවගේ සිත් තුල ඇති තවත් ප්‍රශ්ණයකි... අද ගමේ පාසලට ගුරුවරු ඇත. විද්‍යාගාර ඇත.. මීමුරේ වැනි හුදෙකලා ගම්මාන වලට පවා ජාතික පද්ධතියෙන් විදුලිය සැපයේ.. නාගරික බොහෝ දෙනාට අඩුම තරමේ යතුරු පැදියක්වත් ඇත.. පාරවල් සුව පහසුය.. අධිවේගී මාර්ග ඉදිවෙමින් පවතී.. විකල්ප වරායන් සේම විකල්ප ගුවන් තොටුපලවල්ද ඇත.. සංචාරක කර්මාන්තය සීග්‍ර දියුනුවකට බඳුන් වී ඇත.. ත්‍රිරොද රථ ගාල් වල ඇති ත්‍රිරෝද රථ ගණනින් විශාලය. ගොවියන් මෙන්ම කිසිවකුත් රටේ පොදු කරුණු අරඹයා වහ බොන්නේ නැත. ජනතාව නිදහසේ රට පුරා ගමන් කරයි... කොළඹ පැල්පත් වාසීන් අඩු වෙමින් පවතී.. නගර අලංකාර වෙමින් පවතී.. ක්‍රිකට් පමණක් දියුණු වූ අප රටේ රගර් ද, දරුවන්ගේ ආශාව මුදුන් පත් කල නිසා හෝ යම් මට්ටමක ජාත්‍යාන්තර දියුනුවකට පැමින තිබේ.. පොලීසි, රෝහල්, බස් නැවතුපොලවල් වල යටිතල පහසුකම් වර්ධනය වී ඇත. ඉතින් මෙවැනි ක්‍රියාවන් ඉදිරියටත් පවත්වා ගෙන යෑම පිළිබඳ ඔබේ අදහස කෙබඳුදැයි දැන ගැනීමට කැමැත්තෙමි.. ඔබේ මැතිවරණ ප්රකාශයේදී එය එළි දැක්වීමට ඉඩ ඇති යැයි මගේ හැඟීමයි.. නමුත් ආණ්ඩුවේ කථිකයින්ට ඉණිමන් තනන කරුණු ඇතුලත් වුවහොත් ඔබට ජනපතිකම තබා විපක්ශ නායකකමවත් නැති වන බව ඔබේ බුද්ධියට තේරුම් යතැයි මම බලාපොරොත්තු වෙමි.
7. රටේ ජනතාවගෙන් බහුතරයක් සිටින්නේ "රට හැදෙනවානම් උන් කොච්චර ගැහුවත් කමක් නැත" යන මානසිකත්වයේ බව ඔබටත් මටත් අකමැත්තෙන් වුවද පිළිගැනීමට සිදුවන බව ඔබට වැටහෙනවා ඇතැයි සිතමි... මේ කුඩා කාලය තුල මිනිසුන්ගේ සිත් වලින් එම ආකල්පය බැහැර කිරීමට ඔබ පියවර ගත යුතුය.. එපමණක් නොව, ඔබ වටේ ඇරියස් කවර් කිරීමට බලා සිටින දේශපාලනඥ්ඥයන්ගෙන් මෙම වංචා දූෂණ නැවත සිදු නොවන්නේ යැයි යම් සහතිකයක් ඔබ විසින් ජනතාවට දිය යුතුව ඇත. නැතිනම් ජවිපේ කියනා ලෙස "බලය අනෙක් පාර්ශ්වයට ලබා දීම තවත් එක් ඔළුගෙඩි මාරුවක් පමණක් වනු ඇත". මෙවර ඔබේ අනුගාමිකයින් සතුව මහින්ද රාජපක්ශ ප්රමුඛ ආණ්ඩුවේ දේශපාලකයෙන්ගෙන් ගත් පාඩම් නිසා ඔවුන්ද නිසි අයුරින් වංචා දූෂණ කිරීමට පෙළබෙනු ඇත.. කලින් කී ලෙසට එම කරුණු කාරණා සම්භන්ධව ඔබේ ප්‍රතිපත්තිය කෙසේ දැයි මහ ජනතාව වන අප බලා සිටිමි...
8. තවත් එක් ඉතා වැදගත් ප්‍රායෝගික කරුණක් පිළිබඳවද ඔබේ අවධානය යොමු කරමි. මහින්ද රාජපක්ෂයන් අගමැති වීමට ප්‍රථම ඔබ වැනි චරිතයකි.. නමුත් ඔහුව විශාල ප්‍රතිරූපයක් ලෙස පිම්බූවේ ෆේස්බුක්වත්, අන්තර් ජාලයවත්, මේ කොටන බ්ලොග් වත් නෙමේය.. ඔබ ඇතුළු දක්ෂ කථිකයින් විසින් ඔහු අති ප්‍රභල චරිතයක් කරනු ලැබුවෝය.. අපේ වචනයෙන් කියනවානම් කථිකයින් ඔහුව පොරක් කරනු ලැබුවෝය.. එම අවස්ථාවෙන් හා එතුලින් ඇති වූ ජනවරමින් ප්‍රයෝජනය ගත් ඔහු දේශීය විදේශීය බලවේගයන්ට නතු නොවී යුද්ධය දිනා, රට මිනිසුන්ගේ දෑසෙට පෙනෙන සීග්‍ර සංවර්ධන මාවතකට ඇද දමමින් පොරක් බවටම පත් විය.. මෛත්‍රී මැතිතුමණි, මේ බැලුමේ හුලං පිරවූ එකට වඩා හුලං බැස්සවීම අමාරු බව ඔබත් දන්නවා ඇතැයි සිතමි.. මහින්දයන් පොරක් කරන්නට සිටි කථිකයින්ට වඩා ඔබ වටේ සිටින කථිකයින් සාපේක්ශව අඩුය.. දුර්වලය... අඬමින් ජනතාව අමතනවාට වඩා ආඩම්භරයෙන් ජනතාව අමතන එක හිතට වදින බව අප දන්නා කරුණකි.. කෙඳිරියෙන් ජනතාවට කරුණු කියනවාට වඩා ආවේගශීලීව මැතිවරණ වේදිකාවේ කරන කථාවට ජනතාව කැමතිය.. මෙන්න මේ අඩුව ඔබේ පාර්ශ්වය තුල දක්නට ඇති ප්‍රභල අඩුපාඩුවක් බව නොකියාම බැරිය.
9. දැන් ඇතියැයි කියා සිතමි.. තව කරුණු විශාල ප්‍රමාණයක් තිබුනත් ඒවාත් ප්‍රකාෂ කලොත් ඔබට මෙම සටනද එපා විය හැක.. කෙටි කලක් තුල මෙවැනි සුළු කරුණු වගේම බරපතල කාරණා රැසක් පිළිබඳ වූ විකල්පද ජනපතිවරණ සටනේදී ඔබ මහ ජනතාව වෙතට ධනාත්මකව ලබා දිය යුතුව ඇත. එය සාර්ථකව කිරීම සඳහා ඔබට සුභ පතමි. තවත් ලිපියක් සති දෙකකින් විතර එවන්නට බලාපොරොත්තු වෙමි.. මෙහි ඇති ඌණපූර්ණය මෙන්ම මෙහි කරුණු වලට එකඟ හා විරුද්ධ අදහස් පහතින් වැටෙන කමෙන්ට් වලින් ඔබට බලාපොරොත්තු විය හැකි බවද මතක් කරමි..
එසේනම් සුභ අනාගතයක්... මෛත්‍රී පාලනයක්...
මෙයට,
ටිකක් හිනා වෙන්නට ලියන අභීත.
Monday, November 3, 2014
මෙන්න මෙහෙම පොඩ්ඩක් ඔබලා බලමුද?
හැබැයි එතනටත් ගිහින් පොඩ්ඩක් ඔබලා එන්න... නිකන්ම එන එකත් හරි නෑනේ...
Friday, August 29, 2014
රසික නානායක්කාරගේ (රනාගේ..) මෝඩ චූන් චැලෙන්ජ් එකට....
එක එක කාලවලින් එක එක මෝඩ චූන් චැලෙන්ජ් එනවා.. අළුත්ම එක අයිස් බකට්.. බැරැක් ඔබාමාගේ ඉඳලා අනන්තවත් මිනිස්සු දැන් මේකට අයත් වෙලා.. සමහරු නානවා.. සමහරු නොනා සල්ලි දෙනවා.. සමහරු බාල්දි ඔළුවේ කඩන් වැටිලා මැරිලා වැටෙනවා.. අනිත් උන් බාල්දිය ඔළුවට වැටෙද්දි ඒ පිම්මටම ඇලට වැටිලා ගිලිලා මැරෙනවා.. මේ ඔක්කොම මොකට කරනවද කියලා හිතෙද්දි එක වෙලාවකට මහ පුදුමත් හිතෙනවා...
මූණු පොතේ තිබ්බ එක කණ්ඩායමක් ගියා විල්පත්තු.. රසිකත් ගියා ඒ එක්ක.. ගිහින් නානකොට මොලේ පෙඟිලද කොහෙද ඌටත් ඇවිත් අර අයිස් බකට් වගේ හද්ද පජාත මෝඩම මෝඩ අයිඩියා එකක්.. මේක කියවන සමහරු දන්නවා ඇති.. දැනටමත් පොර, බ්ලොග් ලෝකේ මූණු පොතේ හෙන පොරවල් වෙලා රඟන සෙට් එකක් එකතු කරගෙන මේ අමු මිරිස් අභියෝගේ කියන සංකල්පය ක්‍රියාත්මක කරන්න අඩි තාලම් දාලා... දැන් මොකද්ද මේකේ අරමුණ...?
ලංකාවේ අපි ඕනම විපත්තියකදි එකතු වෙන්න හරිම ආසයි.. සුනාමියේදිවත් ඒ වගේ අනිත් විපත් වලදිවත් අපි අපේ මිනිස්සුන්ව තනි කලේ නෑ.. ඒ හැම වෙලාවෙම අපි ඒ මිනිස්සුත් එක්ක හිටියා.. ඇත්තටම රසික මේ වෙලාවේ එහෙම එක පාර එන විපතක් නොවෙන, ඒත් කාගෙවත් අවධානයක් වැඩිපුර නොදෙන පැත්තක් ගැන හිතලා මේ වැඩේ පටන් අරන් තියෙනවා.. රජරට ඉන්න අහිංසක මිනිස්සු බොහොම පීඩාවට පත් කරන වකුගඩු ගැටළුවට ලක්ශ 30ක් වැනි දැවැන්ත මුදලක් ප්‍රධානය කිරීම තමයි මේ කාර්යයේ අරමුණ...
මෙතන ඉදන් කියවන අය පහල තියෙන ඕන දෙයක් කරන්න...
ඕන අය අමු මිරිස් කන්න...
එපා අය නොකා ඉන්න...
ඕනනම් මේ වැඩේ සමච්චලයට ලක් කරන්න...
තවත් ඕනනම් ඌට ඇති තරම් මඩ ගහන්න...
නැත්නම් මේ කාර්යයට විරුද්ධ වෙලා කකුලෙන් ඇදලා එක දාගන්න...
දාගෙන හෙන පට්ට පොරක් වෙලා වීරයෙකුත් වෙන්න...
ඒත් අවසානයට අර අහිංසක මිනිස්සුන්ට පොඩි හරි උදව්වක් කරන්න හිතේ තියාගන්න...
එහෙනම් ලෑස්ති වෙන්න....
බ්ලොග් කරුවන්ගේ මුහුණු පොත් මිතුරන්ගේ අති විශාලතම සමාජ සේවයට එකවෙමු... ඔන්න පහල තියෙනවා ලින්ක් එක එතනින් ගිහින් දැන ගන්න විස්තර...
වකුගඩු රෝගීන් සඳහාම වූ අමු මිරිස් අභියෝගය හා ඔබත් එක්වෙන්න......
Tuesday, June 10, 2014
ජඩ නිරුවත් මාධ්‍ය කලාවක අපූරු කෙළි සෙල්ලම්.....
ආදරණීය සංචාරකයිණි, මිතුරණි, සුභ පතන්නෙනි.. අද දවසේ ලංකාවේ ජාතික පුවත්පත් දෙකක ඔබ ආදරය කල අපූරු නවාතැන වූ මීමුරේ ජන්ගල් රිසෝට් පිළිබඳව ඉතා ද්වේශ සහගත් පුවත් පත් ලිපි දෙකක් පලවී තිබුනා ඔබ දකින්නට ඇති.. මීමුරේ ජන්ගල් රිසෝට් වෙත පය තැබූ ඔබ මෙහි සඳහන් කරුණු වල තිබූ සාවද්‍ය කරුණු වලට එකඟ නොවෙන බවට අපගේ දැඩි විශ්වාසයක් තිබේ... මීමුරේ කඳවුරට පාතබන ඔබට අපගේ කාර්ය මණ්ඩලය පළමුවෙන් පනවන නීති රෙගුලාසි ඔබට මතක ඇති.. ඊට අවනත නොවූ කණ්ඩායම් දෙකක් පිටව ගොස් ඇති බවත් අප ඔබ වෙත පවසා ඇත... අප මේ සැරසෙන්නේ මේ පුවත් පත් වර්තා දෙකේ ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත හෙළි කිරීමටයි.. ඒ විතරක් නොව ලංකාව අගාධයට පත් කිරීමට පෑන මෙහෙයවන නිරුවත් ජඩ මධ්‍යකරුවන්ගේ සැබෑ නිරුවත ඔබ වෙත ගෙන එන්නටය...
පලමු ලිපියේ සබැඳිය පහත සඳහන් වේ.....
http://www.divaina.com/2014/06/10/feature02.html
මොහු නමින් ජගත් කණහැරආරච්චිය... දිවයින පුවත්පතේ මාධ්‍ය වේදියෙකි.. අද උදේ වරුවේ අපගේ ව්‍යාපාරයේ හිමිකරු හා ජනිත් අරන්දර මල්ලිත් ඔහු හා ඔහුගේ දිනපතා දිවයින ප්‍රධාන කතෲ තුමන් මුණ ගැහුනෙමු.. මෙහි හඬ පටයද අප සතුවන අතර ඉදිරි දිනෙක ඔබ වෙත ඉදිරිපත් කෙරෙනු ඇත... කිසිදු සාක්ෂියක් නොමැතිව, මනුස්ස ආත්මයක් ලද්දෙක් තමන්ගේ පිරිමිකමත් උගසට තබා ලියූ බොරු, සාධාරණය කරන්නට නොහැකිව ලත වෙන ආකාරය අප එහිදී දැක්කෙමු... අප ඔහුට අභියෝග කිහිපයක් භාරදෙන්නෙමු...
1. අප කඳවුරු භූමියට පැමිණෙන සංචාරකයින් ඔහු කියන ආකාරයට හැසිරෙනවානම් ඒ පිළිබඳ ඡායාරූප හෝ වෙනත් සාක්ශි අප වෙත සපයන ලෙසට...
2. අප විසින් කඳවුරු භූමිය තුල ගංජා, මත්කුඩු, හා ගණිකා ව්‍යාපාරයේ නියැලෙන බවට පිළිගන්නට හැකි කුමන හෝ පිළිගත හැකි සාක්ෂියක්...
3. අප ව්‍යාපාරයේ හිමිකරු අභීත නමින් අන්වර්ථ නාමයකින් පෙනී සිටිනවානම් ඔහුගේ ඇත්ත නම ප්‍රසිද්ධ කරන ලෙසද ඉතා කරුනාවෙන් ඉල්ලා සිටිමු...
4. උඩුදුම්බර කලාපයේ පළමු පුරවැසියා වන ගරු ප්‍රදේශීය ලේකම් තුමන් බඩේ බිත්තර තබාගෙන අභීත නමින් වූ අන්වර්ථ නාමයකින් පෙනී සිටින්නා වෙනුවෙන් යම් දිනෙක පෙනී සිටියානම් ඒ කවද්ද කොතනද යන්න ප්‍රකාශ කරන ලෙස අපි ඔහුගෙන් කරුණ පෙරදැරිව ඉල්ලා සිටිමු...
5. ඔහුගේ ලිපියේ පස්වෙනි ඡේදයේ සඳහන් පළමු වාක්‍ය හතර හැර වෙනත් කිසිදු කරුණක සත්‍යතාවක් තිබේනම් එයද අප වෙත ඉදිරිපත් කරන මෙන් කාරුණිකව දන්වමු...
6. අනිකුත් කඳවුරු බිම් මෙහෙයවන්නන්ගේ කඳවුරු බිම් ඔබගේ ඇස ගැටුනේ නැත්තේ ඇයි... ඒ ඔබ ඉලක්ක කරමින් ගියාද? නැත්නම් ඔබ දැක්කේ මෙච්චරද?
7. එසේ සාක්ශි සැපයීමට ඔහු අපොහොසත්නම් අප ඔවුන් වෙත දුන් ලිපිය, ලබන සතියේ අඟහරුවාදා පළවන දිවයින පත්‍රයේ සොබාසර අතිරේකයේ කිසිදු සංස්කරණයකින් තොරව පළ කිරීමට නිහතමානී විය හැකි බව අප වෙත පෙන්වීමටද ඔහු වෙත අප අරාධනය කරන්නෙමු...
ඔබට ඔහුගෙන් කෙලින්ම දැනගත හැකි දෙයක් වේනම් පහත සඳහන් කරනුයේ ඔහුගේ ෆේස්බුක් සබැඳියාවයි.... මේ තුලින් ඔබට ඔහුගෙන් ඔබේ හිතේ ඇති ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාගත හැකි වේවි කියා අප ඉතා තරයේ විශ්වාස කරමු...
https://www.facebook.com/jagath.kanaharaarachchi.9?fref=ts
ඔහු පිළිබඳවද යමක් සඳහන් කිරීම වටී.. ඔහුගේ ප්‍රොෆිලය පුරා ඔහු දුම්බර මිතුරෝ ටී ශර්ටයෙන් සැරසී පින්තූර පල කර ඇති බව ඔබට දකින්නට පුළුවන් වේවි... එම පින්තූර දකින ඔබට වැටත් නියරත් උඩ පැනගෙනම ගොයම් කා ඇති බව ඔබට සාක්ශාත් වෙනවා ඇති.... දුම්බර මිතුරෝ සංවිධානයේ ෆේස්බුක් සබැඳියාව පහත දැක්වේ...
https://www.facebook.com/dumbara.mithuro?fref=ts
මෙම පිටුව හා අප පිටුව දකින ඔබට මීමුරේ වෙසෙන අහිංසක අව්‍යාජ ගම්වාසීන්ට වැඩි මෙහෙයක් කල පිරිස කවුදැයි අදහසක් ගත හැක...
ජගත් කණහැරආරච්චි මැතිතුමනි, ඔබගේ අසත්‍යය පිරුණු, ජඩ, තිරිසන්, නොහික්මුණු පෑන් තුඩට සදාචාරවත් ඉදිරියක් ලබාදෙතැයි සමස්ත ශ්‍රී ලංකිකයින් වශයෙන් අප බලාපොරොත්තු වෙමු...
අපි දැන් දෙවන ප්‍රවෘත්තිය දෙස හැරෙමු... මව්බිම පත්තරේ කැලෑහඳ අතිරේකයේ තමයි ඒක පළවුනේ.. පහත තියෙන්නේ සබැඳිය...
http://www.mawbima.lk/e-paper.html
මෙහි කතෲ හසිත කුරුප්පු හා ලිපිය ලියූ සවනි ශේසාදිවත් අපි අද උදේ මුණ ගැහුනෙමු... මෙහිද හඬ පටය අප සතුව ඇති අතර එයද ඉදිරි දිනෙක ඔබ වෙත ලබා දෙන්නට බලාපොරොත්තු වෙමු...
අරුම පුදුම කාරණාව නම් මෙයයි.... ලිපිය ලියූ සහ සංස්කරණය කල දෙදෙනාම මීමුරෙ ගමට පය තබා වත් නැත... කොහෙන් හෝ ආපු ඡායාරූප කිහිපයක් ගෙන හිට් වෙන නිව්ස් එකක් පළ කිරීම ඔවුන්ගේ අභිප්‍රාය වේ.. අප ව්‍යාපාරයේ අයිතිකරුට අපූරු නමක් ඔවුන් පට බැඳ ඇත.. ඒ "කොළඹින් ඉඟිල ආ මූසල උලලේනා" ලෙසයි... එය පමණක් අපේ සිත් ගත්තෙමු... පහත දැක්වෙන්නේ සංස්කාරක හසිත කුරුප්පුගේ ෆේස්බුක් සබැඳියයි... ඒ තුලට ගොස් ඔබට ඔහුගේ අදහස් ලබාගත හැකියි...
https://www.facebook.com/hasitha.kuruppu?fref=ts&ref=br_tf
මොවුන් තරුණ මාධ්‍ය කරුවන්ය... අදරණීය නංගිටයි මල්ලිටයි අපි මේ සහෝදර සෙනෙහසින් කියන්නේ... තරුණ මාධ්‍යවේදීන්ගේ වගකීම ඕක නෙවෙයි දරුවනේ... ඊට වඩා ගොඩාක් වෙනස් දෙයක්... මීට පස්සෙවත් කොහෙන් හරි ඡායාරූප කිහිපයක් ලැබුනාම සිඟිති ආතල් එකක් අරගෙන චූන් නොවී වග කිව යුතු මධ්‍ය කරුවෙක් ලෙස හැසිරීමට කටයුතු කරණ ලෙස අපි ඔබ දෙපලගෙන් ඉතා කාරුණිකව ඉල්ලාසිටිමි...
දැන් කියවූ ඔබට මෙතන වෙලා තිබෙන්නේ කුමක්දැයි අවබෝධයක් ඇති... එකම ඡායාරූප කිහිපයක් සමඟ එකම සාවද්‍ය ප්‍රවෘත්තියක් එකම දවසේ පුවත්පත් දෙකක පළවීම හරිම අපූරු අත්දැකීමක් නොවේද?
ආදරණීය මාධ්‍යකරුවණි... ලබන අඟහරුවාදා එනම් 2014 ජූනි මස 17 වන දිනයේ ඔබගේ පුවත් පත් දෙස අප දෑස් දල්වා බලා සිටිමු... මේ අසාධාරණය සාධාරණයක් කලේ නැතිනම් ඔබට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට අප කිසිදු පසුගාමීත්වයක් නොදක්වන බව ඔබ වෙත ඉතා කරුණිකව දැනුම් දෙමු...
ස්තූතියි...
මීමුරේ ජන්ගල් රිසෝට් කාර්ය මණ්ඩලය.
ප.ලි. මේ සමඟම හඬ පටත් ලබා දෙන්නටත් අප අදහස් කරගෙන සිටියත් නීතීඥ්ඥ උපදෙස් මත එය ඔබ වෙත ඉදිරි දිනෙක ඉදිරිපත් කරනවා ඇත..
ප.ප.ලි. ගිය සතියේ බලන්න බැරිවෙච්ච කට්ටිය අද රෑ 10.00ට වෙනස වැඩසටහන බලන්න ස්වාධීන රූපවාහිනියේ.....
Saturday, May 10, 2014
අපි වෙනුවෙන් අපි.... නොදැකපු හදවත් වල බිහිවුන අධිෂ්ඨාන ලේ බැම්ම...... 2
බ්ලොග් ලියන කියවන අපි... කාලෙකට සැරයක් දකින එහෙම නැත්නම් කවදාවත් නොදැකපු මිනිස්සු... බ්ලොග් ලියන්න කාලෙන් කාලෙට එක එක අය ආවා.. සමහරු ගියා.. සමහරු ඉන්නවා... මොන ප්‍රශ්ණ තිබ්බත් අපි එකා වගේ එක පවුලක උන් වගේ හිනාවෙවී, කකාබිබී, රණ්ඩු වෙවී, තරහ වෙවී තාමත් එකට ඉන්නවා... ඒක අපේ හැටි.. ඒත් මේ කෙනෙකුට කරදරයක් උනහම අපි ඔක්කොම එකතු වෙන්නේ ඒ අපේම එකෙක් කියලා අපේම හදවත් වලට දැනෙන හින්දා... අද මම මේ ලියන කථාව ඒ වගේ එකක්... මේකේ හිනාවෙන්න තැනක් නෑ... නමුත් අපේ එකෙක් වෙනුවෙන් දුක් වෙන්න හඬා වැටෙන්න උදව් කරන්න එකතු වෙන්න ඔයාලට පුළුවන්...
ඇය ජනිතා රාජපක්ෂ... 2010/2011 කාලෙදි බ්ලොග් ක්ශේශ්ත්රයත් එක්ක ලඟින්ම වැඩ කල චරිතයක්.. ඇය මේ වෙලාවේ ඉන්නේ රෝගීව... ජයවර්ධනපුර රොහලේ ප්‍රධාන දැඩි සත්කාර ඒකකයේ 6 වෙනි ඇදේ ප්‍රතිකාර ගනිමින් ඉන්නේ... මේ වෙද්දි ගත වෙන්නේ 46 වෙනි දවස... ඇය කෙමෙන් කෙමෙන් යථා තත්ත්වයට පත් වෙන බව තමයි වෛද්යවරුනම් පවසන්නේ..
මතකද අපි... එදා දිළුම් වෙනුවෙන් එකතු වුනා.. ඊට පස්සේ ජෙරූශා වෙනුවෙන් එකතු වුනා... තව ගොඩාක් අය වෙනුවෙන් එකතු වුනා... අද අපිට ජනිත වෙනුවෙන් එකතු වෙන්න කාලය ඇවිත්... ඔබ කරන්න ඕන දේ දුකා අයියගේ මෙන්න මේ පෝස්ට් එකේ තියෙනවා.. ඊට අමතරව ඔබට පුළුවන්නම් මේ දේත් කරන්න....
ඔබ අදහන ආගමෙන් ඉල්ලන්න ජනිතා රාජපක්ෂට නිරෝගී සුවය.. වෙසක් දවසේ පහනක් පත්තු කරද්දි කූඩුවක් එල්ලද්දි මලක් පූජා කරද්දි හඳුන් කූරක් ගහද්දි අධිශ්ඨාන කරන්න ජනිතට ඉකමන් සුවය....
හැම දේටම වඩා අධිශ්ඨානය හයියයි... ඔබට ලේසියෙන් දිය හැකි දේත් එයයි... අද සිට නොකඩවා පතමු උදේට....
ජනිතා රාජපක්ෂ රාජපක්ෂ සොයුරියට ඉක්මන් සුවය ලැබේවා....
මූල්‍යමය ආධාර කරන්න ශක්තිය තියෙන අයට ඒක කරන්නේ කොහොමද කියන එක දුකා අයියගේ මෙන්න මේ පෝස්ට් එකෙන් බලාගන්න පුලුවන්.. මොකද ජනිතාගේ එක බෙහෙතකට විතරක් රුපියල් 7000කට අධික මුදලක් වැය වෙනවා...
ඒ වගේමයි... ජනිතාගේ දෙමවුපියන් හා සම්භන්ධීකරණය වීමට අවැසි අයට මගෙන් ඒ ගැන වැඩි විස්තර දැන ගන්න පුළුවන්...
නැවත නැවතත් ජනිතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු..
ඇය ජනිතා රාජපක්ෂ... 2010/2011 කාලෙදි බ්ලොග් ක්ශේශ්ත්රයත් එක්ක ලඟින්ම වැඩ කල චරිතයක්.. ඇය මේ වෙලාවේ ඉන්නේ රෝගීව... ජයවර්ධනපුර රොහලේ ප්‍රධාන දැඩි සත්කාර ඒකකයේ 6 වෙනි ඇදේ ප්‍රතිකාර ගනිමින් ඉන්නේ... මේ වෙද්දි ගත වෙන්නේ 46 වෙනි දවස... ඇය කෙමෙන් කෙමෙන් යථා තත්ත්වයට පත් වෙන බව තමයි වෛද්යවරුනම් පවසන්නේ..
මතකද අපි... එදා දිළුම් වෙනුවෙන් එකතු වුනා.. ඊට පස්සේ ජෙරූශා වෙනුවෙන් එකතු වුනා... තව ගොඩාක් අය වෙනුවෙන් එකතු වුනා... අද අපිට ජනිත වෙනුවෙන් එකතු වෙන්න කාලය ඇවිත්... ඔබ කරන්න ඕන දේ දුකා අයියගේ මෙන්න මේ පෝස්ට් එකේ තියෙනවා.. ඊට අමතරව ඔබට පුළුවන්නම් මේ දේත් කරන්න....
ඔබ අදහන ආගමෙන් ඉල්ලන්න ජනිතා රාජපක්ෂට නිරෝගී සුවය.. වෙසක් දවසේ පහනක් පත්තු කරද්දි කූඩුවක් එල්ලද්දි මලක් පූජා කරද්දි හඳුන් කූරක් ගහද්දි අධිශ්ඨාන කරන්න ජනිතට ඉකමන් සුවය....
හැම දේටම වඩා අධිශ්ඨානය හයියයි... ඔබට ලේසියෙන් දිය හැකි දේත් එයයි... අද සිට නොකඩවා පතමු උදේට....
ජනිතා රාජපක්ෂ රාජපක්ෂ සොයුරියට ඉක්මන් සුවය ලැබේවා....
මූල්‍යමය ආධාර කරන්න ශක්තිය තියෙන අයට ඒක කරන්නේ කොහොමද කියන එක දුකා අයියගේ මෙන්න මේ පෝස්ට් එකෙන් බලාගන්න පුලුවන්.. මොකද ජනිතාගේ එක බෙහෙතකට විතරක් රුපියල් 7000කට අධික මුදලක් වැය වෙනවා...
ඒ වගේමයි... ජනිතාගේ දෙමවුපියන් හා සම්භන්ධීකරණය වීමට අවැසි අයට මගෙන් ඒ ගැන වැඩි විස්තර දැන ගන්න පුළුවන්...
නැවත නැවතත් ජනිතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු..
Monday, April 28, 2014
ගෑණිට බයේ නොබී දුවන බ්ලොග් කරුවා කවුද?
ඔබේ බිරිඳත් ඔබ බොනවට අකමැතිද? මෙන්න මෙහෙම වෙලා තියෙනවද? මේ ලිපියේ දෙවෙනි කොටස දාන්න පහකට ආසන්න කාලයක් වුනා.. හදිස්සියේ අපේ කථානායකයා පිළිබඳ හදිසියේ වූ මතකයකින් තමයි මතක් වුනේ අම්මපා.. අරකේ දෙවෙනි කොටස ලියනවා කිව්වට ලිව්වේ නෑනේ කියලා... අද ලියන්න යන්නේ පවුලට බයේ නොබී දුවන බ්ලොග් කරුවා ගැනයි තවත් සූටි කථාවකුයි.... රස හරිය පස්සට තියලා සූටි කථාව කියලා ඉමු...
මම රජයේ සේවකයෙක් වෙලා වැඩ කරන කාලේ විදාතා කියලා ප්‍රදර්ශන දුම්රියක් රට වටේම දිව්වා.. එක එක දුම්රිය පොලවල් වල නවත්තලා සති ගනන් ඒකේ තියෙන දේවල් පාසල් සිසුන්ට පෙන්නන එක තමයි වැඩේ.. අවුරුදු 2ක් විතර මම තමයි ඒකේ සම්භන්ධීකරණ කටයුතු සියල්ල කලේ... ඉතින් හැම මාසෙකට සැරයක්ම මම දුම්රිය ස්ථානයක සතියක් විතර නැවතිලා ඉන්නවා... සමහර විට තවත් කවුරු හරි ඇදගෙන යනවා... හවස වැඩ ඉවර වෙලා ලඟම තියෙන මත්පැන්හලකට ගොඩ වෙලා හීනියට අඩියක් ගහගෙන ඒ ප්‍රදේශය පුරා පයින් ඇවිදින එක තමයි මෙහෙම තව එකෙක් ඉන්න දවසට අපි කරන රාජකාරිය..
දුම්රිය ගම්පහ තමයි නැවැත්තුවේ.. මම එදා එකතු කරගත්තේ මගේ පාසැල් මිතුරෙක්ව.. මිනිහගේ පෙම්වතිය ඉන්නෙත් ගම්පහ නිසා තමයි මිනිහා මාත් එක්ක එකතු වෙන්න ප්‍රධාන සීන් එක වුනේ.. මිනිහා දවල් ගිහින් පෙම්වතිය මුණ ගැහිලා ආවට පස්සේ අපි දෙන්නා පොඩි ශොට් එකක් ගහල ඉන්නකොට ආයෙත් එනවා පොරට කෝල් එකක්..
සුදූ ඔයා කොහෙද ඉන්නේ...
මම අභියත් එක්ක ස්ටේශන් එකේ....
කෝ.. මට කෝච්චි සද්දයක්වත් ඇහෙන්නේ නෑනේ..
ඇයි.. මේ කෝච්චි යන්නේ.. අපි එහා පැත්තේ කඩේ කන ගමන්...
මම දැන් අස්ගිරියේ ගාඩ්න් එක ලඟට එනවා.. ඔයාට එන්න පුළුවන්නේ..
හපෝ.. මේ වෙලාවේ.. කොහොම එන්නද?
ඇයි අනේ... මම කෙල්ලෙක් වෙලත් එන්න පුළුවන්නම් ඔයාට බැරි මොකද?
හරි හරි.. මම එන්නම්... අභියත් එක්ක එන්නේ..
හරි කමක් නෑ.. විනාඩි 15න් එන්න..
ෆෝන් එක තිබ්බ පොර මගේ පැත්තට හැරුනා....
අභියා මාර සීන් එක...
ඇයි මොකද?
කෙල්ල එන්නලු මල්වත්ත ගාවට...
ඉතින් පලයන්.. මම මේ ටික ඉවර කරන්නම්...
*&^*& කතා කරන්න එපා.. යමන් මාත් එක්ක...
එතකොට මේ ටික...
ඒ ටික අරන් යමන්....
හරි යමන්....
දැන් යනවා දෙන්නා... මූ යනකොට විනාඩි 5ක් විතර පරක්කු වෙලා.... මම එළියේ පාළමක් උඩට වෙලා අවට සිරි නරඹද්දි මුන් දෙන්නා අස්ගිරියේ ගේට්ටුව ගාව අයිනේ කථාව... විනාඩි 5 යනකොට අරූට ගස්සපු කෙල්ල පිඹගෙන මම ලඟට ආවා... එන පොට හොඳ නැති බව තේරුනත් මමත් බලාගෙන හිටියා... ලඟට ආපු කෙල්ල මට කිව්වේ මෙන්න මේකයි...
අභීත.. මම බලාගන්නම්කෝ ඔයා ගැනත්...
අනේ නන්ගි.. මම ගැන බලාගන්න කෙනෙක් ඉන්නවා... ඔයා අරූ ගැන විතරක් බලාගන්න.. මට දෙකක් කරන්න අමාරුයි...
තවත් මල පැනපු කෙල්ල යන්න ගියා ඉගිල්ලිලා...
අරු නිකම් මම ලගට ආවේ අශ්පයා මැරිච්ච කව් බෝයි වගේ... දෙබස මෙහෙමයි...
මොකෝ බන් අරකි වරම අතට අරන් ගියේ...
මාර සීන් එක අභිය... මල පැනලා ගියේ...
ඇයි...
විනාඩි දෙක තුනක් යද්දි කෙල්ල ඇහුවනේ යකාගේ ප්‍රශ්ණයක්...
එ මොකද්ද?
ඇයි ඔයා අද මට කිස් එකක්වත් දෙන්නෙ නැත්තේ...
ඉතින්.. උඹ හිටියද නිකන් ගල් බිල්ලා වගේ....
ඇහුවට පස්සේ දුන්නා බන්... කිස්ස් එකත් එක්කම තමයි ඔය උඹටත් බැනලා ගියේ...
ඒ මොකෝ බන්...
අරක්කු ගඳ දැනිලා බන්... රුපියල් 1000ක විතර බීලා කෝටියක විතර වෙරි හිදුනා බන්....
අයියෝ සල්ලි...
ඒ කථාව ඉවරයි... දැන් ප්‍රධාන මාතෘකාවට යමු... මීට අවුරුදු කීපෙකට කලින් අපේ කාලයේ බ්ලොග් ලියපු උන් එක්ක පොඩ්ඩ පොඩ්ඩ සෙට් වෙනවා සතියකට විතර සැරයක්... මේකේ අනිවා සෙට් වෙන එකෙක් හිටියා.. ටිකක් වැඩිමල් උනත් අපේම ලබැදියාවකින් අපිත් එක්ක හිටපු දැනටත් ඉන්න පොරක් තමයි මේ... සමාන්‍යයෙන් සෙට් වෙද්දි අපි ඌට කෝල් කරන එක අනිවා කරනවා... ඔන්න දැන් පුරුදු පරිදි සෙට් උනා නෙවෙයි.. සෙට් වෙනවා.. අදාල මනුස්සයා කොහොමත් කලින් යනව 90%ක් අවස්ථාවලදි... ගොඩාක් වෙලාවට ඒ පුද්ගලය එක පැත්තක් ගද්දි අනිත් පැත්ත ගන්නේ මමයි රංගයි ලසියයි තමයි ගොඩාක් වෙලාවට...
පොඩ්ඩක් මධුවිත පානය කරන මොහු විනාඩි 30කින් විතර පුරුදු කථාව එනවා මෙහෙම...
මචන්.. මම දැන් යන්නද?
ඒ මොකෝ බන්.. මේ තාම පටන් ගත්ත විතරනේ...
නෑ බන්.. ස්කයිප් කෝල් එකක් එනවා...
ඉතින් මෙතන ඉදන් කරපන්කෝ....
නෑ යකෝ.. ගෑණි කෝල් කරන්නේ.....
ඉතින් මැසේජ් එකක් දාල තව ටිකක් ඉඳල පලයන්...
බෑ බන්.. යන්නම ඕන....
එතකොට උඹ නොබී දුවන්නේ ස්කයිප් කෝල් එකක් නිසා.. ගෑනි ගෙදර හිටියනම් අපිට හිතාගත්තැකි උඹට වෙනදේ...
ඔන්න ඔහොමයි පොර ගෑනි ස්කයිප් කරද්දිත් නොබී ඉන්න හදන්නේ.. කවුද කියලානම් අහන්න එපා... හැබැයි මෙයාගෙන් මම මඩක් ගහල බ්ලොග් පෝස්ට් එකක් දාන්නද කියලා අහපුහාම ඊට කලින් උඩ පැනගෙන බ්ලොග් පෝස්ට් එකක් දැම්මා වගේ මතකයි... අයියා... මගේ පෝස්ට් කල එළි බහින්නෙ හෙමීට.....
ප.ලි. ඒ සුන්දර කාලේ මතක් උනේ ඊය ඔබා මාමා වෙනුවෙන් අන්තිම පේලිය කරපු ලේ දන් දීමට ගිය අතර තුර... මම බ්ලොග් කාරයොත් එක්ක පළවෙනි පාරට සෙට් වෙච්ච හැටි තමයි මේ තියෙන්නේ... අම්මපා මේ චරිත දැන් කොහෙද? ඒ කාලේ ගහගත්ත මඩ දැන් ගහ ගන්න වෙලාවක් නැති හැටි....
Friday, February 7, 2014
නොදන්නා බ්ලොග් පාඨකය නුඹට ස්තූතියි....
මේ බ්ලොග් ජීවිතේ පෝස්ට් 251ක් පුරාවට මීට කලින් මම ස්තූති කලේ නම දන්න බ්ලොග් කරුවන්ට විතරයි.. එකම එක බ්ලොග් ලිපියක ඇනෝටත් ස්තූති කලා මතකයි.. ඇනෝ කිව්වට ඉතින් අපි හොඳින් දන්න අපේ වටේම ඉන්න අයනේ.. ඒක නිසා ඇනෝවරුන්ට ස්තූති කලාට අපේම අයට තමයි ස්තූති කරලා ඇත්තේ.. අද මේ හෘද්‍යාංගම ස්තූතිය පිරි නමන්නේ වෙනම කවුද කියලා හිතා ගන්නවත් බැරි මගේම ආදරණීය බ්ලොග් පාඨකයෙකුට.. කතාව මෙහෙමයි...
පහුගිය සතියක මම දැම්මනේ මගේ මීමුරේ කඳවුරු භූමිය ගැන බ්ලොග් ලිපියක් සියළු විස්තර ඇතිව.. එය අද වෙනකොට විශාල හිට් ගොඩක් කරා ගිහින් තියෙන්නේ.. ඊටත් වඩා කාරණය තමයි මේ බ්ලොග් එක කියවන කවුරු හෝ මේ ලිපිය කොපි කරලා මේල් බොඩි එකට පේස්ට් කරලා තමන් දන්න අඳුරන හැමෝටම යවලා තියෙනවා.. අන්තිමේ කොච්චර දුරක් ගියාද කියනවානම් මම ලඟට තුන් පාරක්ම ආවා.. ඒකෙන් වෙච්ච ප්‍රථිපල පහත පරිදියි.. මම ලොකු අමාරුවක වැටුනත් අනාගතය උදෙසා ඒක ලොකු ශක්තියක්.. ඒ නිසා නැවතත් කවුදැයි කියා නොදන්නා නුඹට මහ මෙරක් තරම් ස්තූතියි... අහ්.. ප්‍රථිපල කියන්න අමතක වෙනවා තව පොඩ්ඩෙන්...
1. මීමුරේ කඳවුරු බිමකට සීමා වෙච්ච මට මී මුරේ කඳවුරු බිම් තුනක් ඉතා කඩිමුඩියේ සකසන්න සිදුවීම
2. මාර්තු අවසන් වන තෙක් මගේ ප්‍රධාන කඳවුරු භූමියේ සියළු සති අන්තයන් වෙන්වී අවසන් වීම
3. පෙබරවාරි 14,15,16 කියන දීර්ඝ සති අන්තයේ ප්‍රථම වතාවට කණ්ඩායම් පහක් හැසිරවිය යුතු වීම..
4. අප්‍රේල් මාසය පුරාවට දින 30ම තාවකාලික වෙන් කිරීම් වලින් දින පොත පිරී යාම..
මේ ආදී තවත් විස්තර තිබ්බත් මගේ බ්ලොග් ලිපිය යැවීම නිසා ඔබට පින් අත් වන ලොකුම ක්‍රියාවලිය මෙයයි..
අසරණ මීමුරේ ගම්වාසීන් 20 දෙනෙක් විතර එක දිගට මගේ කඳවුරු භූමියේ සේවයේ නිරත වෙලා ඉන්නවා.. ඔබ දුන්න ඒ හයිය නිසා අපි අපේ ප්‍රධාන කඳවුරු භූමිය ඉතා සුව පහසු කඳවුරු භූමියක් බවට දින 10ක් ඇතුලත පත් කලා.. ඒ මිනිසුන් ගන්න සතයක් ගානේ ඔබට අත් වෙන්නේ මහා කුසලයක් හිතවතාණණි..
එසේනම් බ්ලොග් පාඨක හැමටත් මීමුරේ විඳින්න අරාධනා කරමින් මම නැවතත් එම මේල් එක යවපු හිතවතාට මාගේ හෘද්‍යාංගම ස්තූතිය පිරිනමනවා..
අළුත් කඳවුරු භූමියේ නව ඡායාරූප ලබන සතියේ බලාපොරොත්තු වෙන්න..
පහුගිය සතියක මම දැම්මනේ මගේ මීමුරේ කඳවුරු භූමිය ගැන බ්ලොග් ලිපියක් සියළු විස්තර ඇතිව.. එය අද වෙනකොට විශාල හිට් ගොඩක් කරා ගිහින් තියෙන්නේ.. ඊටත් වඩා කාරණය තමයි මේ බ්ලොග් එක කියවන කවුරු හෝ මේ ලිපිය කොපි කරලා මේල් බොඩි එකට පේස්ට් කරලා තමන් දන්න අඳුරන හැමෝටම යවලා තියෙනවා.. අන්තිමේ කොච්චර දුරක් ගියාද කියනවානම් මම ලඟට තුන් පාරක්ම ආවා.. ඒකෙන් වෙච්ච ප්‍රථිපල පහත පරිදියි.. මම ලොකු අමාරුවක වැටුනත් අනාගතය උදෙසා ඒක ලොකු ශක්තියක්.. ඒ නිසා නැවතත් කවුදැයි කියා නොදන්නා නුඹට මහ මෙරක් තරම් ස්තූතියි... අහ්.. ප්‍රථිපල කියන්න අමතක වෙනවා තව පොඩ්ඩෙන්...
1. මීමුරේ කඳවුරු බිමකට සීමා වෙච්ච මට මී මුරේ කඳවුරු බිම් තුනක් ඉතා කඩිමුඩියේ සකසන්න සිදුවීම
2. මාර්තු අවසන් වන තෙක් මගේ ප්‍රධාන කඳවුරු භූමියේ සියළු සති අන්තයන් වෙන්වී අවසන් වීම
3. පෙබරවාරි 14,15,16 කියන දීර්ඝ සති අන්තයේ ප්‍රථම වතාවට කණ්ඩායම් පහක් හැසිරවිය යුතු වීම..
4. අප්‍රේල් මාසය පුරාවට දින 30ම තාවකාලික වෙන් කිරීම් වලින් දින පොත පිරී යාම..
මේ ආදී තවත් විස්තර තිබ්බත් මගේ බ්ලොග් ලිපිය යැවීම නිසා ඔබට පින් අත් වන ලොකුම ක්‍රියාවලිය මෙයයි..
අසරණ මීමුරේ ගම්වාසීන් 20 දෙනෙක් විතර එක දිගට මගේ කඳවුරු භූමියේ සේවයේ නිරත වෙලා ඉන්නවා.. ඔබ දුන්න ඒ හයිය නිසා අපි අපේ ප්‍රධාන කඳවුරු භූමිය ඉතා සුව පහසු කඳවුරු භූමියක් බවට දින 10ක් ඇතුලත පත් කලා.. ඒ මිනිසුන් ගන්න සතයක් ගානේ ඔබට අත් වෙන්නේ මහා කුසලයක් හිතවතාණණි..
එසේනම් බ්ලොග් පාඨක හැමටත් මීමුරේ විඳින්න අරාධනා කරමින් මම නැවතත් එම මේල් එක යවපු හිතවතාට මාගේ හෘද්‍යාංගම ස්තූතිය පිරිනමනවා..
අළුත් කඳවුරු භූමියේ නව ඡායාරූප ලබන සතියේ බලාපොරොත්තු වෙන්න..
Subscribe to:
Posts (Atom)
ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.
අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...
-
මීට දවස් තුනකට කලින් මම ලිව්ව "ගෑනු ඔක්කොම පත්තිනි අම්මලා... පිරිමි අපි වලත්තයෝ" කියන ලිපිය නිසා මම මේ ලිපිය ලියන්න අදහස් කලේ.....
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
පහුගිය ලිපිය අවසානයේ කියවුන නුවර එලි ගමනේ දෙවෙනි කොටස ලියන්න වෙන්නේ නෑ.. දෙවෙනි දවසේ තියෙන රස මුසු සිද්ධි ලියන්න එපා කියාලා ඉතාම බැගෑපත් ඉල්...




