Sunday, January 1, 2012

සුභ නව වසරක් මිත්‍රවරුනි... "සයිබරයේ සිහින උළෙල 2012"

බ්ලොග් ලෝකයේ දෙවන අවුරුදු සුභ පැතුම පතන්න තමයි මම මේ හදන්නේ.... කාලය ඉස්සර වගේ නෙවෙයි... ඉතාම වේගෙන් ඇදී යනවා.... අපිට හිතන්නවත් බැරි වේගෙකින්... අවුරුද්දක් ගෙවෙනවා කියන එක ඉතාම පහසුයි.. අද ඉඳන් අපි ලබන්නේ අළුත් අවුරුද්දක්..... පරන අවුරුද්දෙන් ඉගෙන ගත් පාඩම් උපයෝගී කරගෙන සාර්ථක නව වසරක් වේවා කියා මමත් මගේ පුංචි ව්‍යාපාරයත් ප්‍රාර්ථනා කරනවා... එහෙනම් මගේ බ්ලොග් එක බලන නොබලන සියළු ලෝක වාසීන්ට සුභ නව වසරක් වේවා......


සුභ පැතීම අවසන්...ඒ එක්කම තවත් අළුත් මාතෘකාවක්.... ගිය අවුරුද්දෙ මම දැකපු හීනයක් තිබුනා... ඒක සැබෑ වුනා... මේ අවුරුද්දේ ආයෙත් හීනයක් දකින්න බෑනේ.... ඒ නිසා මේ පාර කෙළින්ම කතාවට බහිමු... 


පහුගිය දවසක මම දාපු පෝස්ට් එකක් නිසා මේ ගැන කථා කරන්න යලිත් මග පෑදුනා... ඒකේ අසේලගේ කමෙන්ට් එකත් පුතාගේ කමෙන්ට් එකත් නිසා මම ආපහු පෝස්ට් එකක් ලිව්වා ඒක තමයි මේ... මේ දෙකටම වැටුන කමෙන්ට් වලින් හා මට චැට් එකෙන් දුරකථනයෙන් ආපු දේවල් අනුව මට හිතුනා ආයෙත් මේක කරන්න තල්ලුවක් දුන්නොත් හොඳයි කියලා... තාරුන්‍යයේ අවකාශය ලියන රාජ් මගේ කාර්‍යාලයටත් ඇවිත් කිව්වා " අයියේ මොනා හරි කරමු.... දේවත් ඉන්නවා.. අපි දෙන්නත් මේ ගැන කථා වුනා" කියලා... ඔන්න එහෙනම් අපි මේ පාර අවුරුදු උත්සවේට මුල්ගල තියමු...


මම දන්නවා.... ගිය අවුරුද්දෙත් අපි ඔක්කොම එකතු වෙලා ඉද්දි ඇනෝ කමෙන්ට් වලින් ගෝනි ගනන් මඩ ආවා.. මේ අවුරුද්දෙත් ලෙසටම එයි.... ඒ නිසා ඒ තුලින් අඩිය පස්සට තියන්නේ නැතුව සාර්ථක සිහිණ උළෙලක් තුලින් අපි මුණ ගැසෙමු... අපේ තල්ලුවෙන් අලුත් පරම්පරාවකට මේ වැඩේ සංවිධානය කරන්න දීලා ඔවුන්ට ඉතා සුපිරි සහයෝගෙකුත් දීලා අපි එදා වගේම සතුටින් ගත කරන දවසක් ගේමු.... දැනටත් ඒ සඳහා කිඩෝ ප්‍රමුඛ රාජ්, පොඩි මෑන්, දේවා වගේ කෂ්ඨිය පියවර තියලා තියෙන්නේ.. පොඩ්ඩෝ ටික සාර්ථකව, සාර්ථක පියවර තබන හැටි අපි බලාගෙන ඉන්නවා ඔන්න...


විදේශ ගතව ඉන්න බ්ලොග් කරුවන්ගෙන් ලැබෙන ආරංචි අනුව අප්‍රේල් 22 වගේ දිනක තමයි මේක තියන්න වෙන්නේ.... දැනට කතන්දර, පිස්සා, ඕනයා, ඔබා, ඉන්දික ඒ දවස් වෙද්දි ලංකාවේ ඉදියි කියලා ප්‍රකාශ වෙලා තියෙනවා... ගොඩයාත් ගොඩාක් වෙලාවට එනවා කියලා තමයි කියැවෙන්නේ... අපි ඒවා කථා කරලා බලමු.... බලමුකෝ කට්ටියගේ කමෙන්ට් කොහොම වෙයිද කියලා පහතින්.....


මේ සිහින උළෙල කියන්න මඩ ගුහාවක්නේ.. ඒක නිසා පළවෙනි මඩ පාර ගහලම ආරම්භයක් තියමු.... මේ සිහින උළෙලට අනුග්‍රහාය දක්වන්න ආයතන දෙකක් ඉදිරිපත් වෙලා ඉන්නවා.. ඒක අවශ්‍ය ව්‍යාපෘති වාර්තාවක් හදන එක ගැන මම දෙන්නෙක් එක්ක කතා කලා.. ඒ කතන්දර හා සංජු ටීචර්... සංජු ටීචර්ගෙයි මගෙයි අතර වුන දෙබසෙ අවසන් හරිය මෙන්න...


හරිනේ.. නංගි... එහෙනම් දැන්ම වැඩේ පටන් ගන්න....


අනේ දැන්ම නම් බෑ අයියා.... තව පැය දෙකෙන් පටන් ගන්නම්...


ඒ මොකෝ...


චෙන්නායි වලදි ඇදපු කුණු ඇඳුම් ටික හොදන්න තියෙනවා...


කොහොමද නයා..) ඔබාගේ UFO කැලේ...


සින්ඩිකේටර් ප්‍රශ්ණ, බ්ලොග් යුනියන් ප්‍රශ්ණ, කල්ලිවාදී ප්‍රශ්ණ ඇතුළු නොයෙකුත් මත ගැටුම් අමතක කරලා ගිය සැරේ වගේ අයිතිකරුවෙක් නැති සුපිරි උළෙලක අත්දැකීම විඳ ගමු...  



ප.ලි. ඔක්කොටම කලින් මෙයාලා ගාල්ලේ උණවටුන ගමනක් දාගෙනනේ.. අපිත් ඒ සඳහා සහභාගී වෙන්න තමයි බලාපොරොත්තුව.... සයිබර් අවකාශයේ එහෙමත් නැත්නම් බ්ලොග් ලෝකයේ අළුත් පරපුර සංවිධානය කරන පළවෙනි මෙගා වැඩේ... මට පේන්නේ සෑහෙන පිරිසක් රූමස්සල වෙරළට එකතු වෙයි කියලයි දැනට ලැබිලා තියෙන ආරංචි අනුව....


ඒ ගැන විස්තර දැන ගන්න මේ පෝස්ට් කියවන්න....


කිඩෝ.....
පොඩිමෑන්...


කොළඹින් යන අය සුපිරි ෆන් එකක් ගන්න තමයි සෙට් වෙලා ඉන්නේ... ඒ සඳහා සහභාගී වෙන කට්ටිය තාරුන්‍යයේ අඩවිය ලියන රාජ්ගේ මෙන්න මේ පෝස්ට් එක කියවන්න... අඩු වියදමකින් පික්ෂු හැදෙන විනෝදයක් ලබන්න එකතුවෙමු.. ජනවාරි 7 වෙනිදා..

35 comments:

  1. මම තමයි මුලින් ම කමෙන්ට කලේ.. එල එල..

    ReplyDelete
  2. හුරේ මම එනවා... හි හි
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
  3. ලොකු අයියේ සුබ අලුත් අවුරුද්දක්....සිතන පතන සියලු කාරනා සාර්ථක වෙන අවුරුද්දක් වේවා කියල පතනව මුලින්ම...

    අනිවාර්යෙන්ම මේසැරේ සිහින උළෙලත් අතිසාර්ථක වෙනවා..අනිවා...

    ජනවාරි 7ත් වෙනිදා වැඩෙත් අපි ඔක්කොම එකතුවෙලා සාර්ථක කරගම්මු...සතුටුවෙමු..ජය

    ReplyDelete
  4. සයිබරයේ අපි පතන සියළුම සිතුම් පැතුම් ඉටු වේවා ! කියලා 2012 අවුරුද්දෙත් අපි ආයිමත් හමු වෙමු ! සහෝදරත්වයේ සහ මිත්‍රත්වයේ දෑත දිගු කර ගෙන !

    ReplyDelete
  5. සුභ අළුත් අවුරුද්දක් අයියටත්....!

    අනේ යකෝ....... පොඩි ගැරඬි පැට්ටෙක් යැව්වම ඒකට නයා කියනවද??? මෙව්වා නයිද? චී චී චී.....! නයි අදුනන්නෙත් නෑ

    ReplyDelete
  6. සුභ නව වසරක් වේවා අළුත් අවුරුද්දේ ප්‍රථම මඩ ප්‍රහාරකයා අභීත අයියා
    ප්‍රථම මඩ කන්නා සංජු අක්කා

    ReplyDelete
  7. අබීත අයියට සුබම සුබ නවවසරක් වේවා !

    කොහොමහරි සිහින බක්මහ උළෙල ලොකුවටම තියන්න පුළුවන් වෙන්න කියලා පතනවා

    ReplyDelete
  8. ela ela hamadama wage me wadeth ela kiri wage demu...api dennam oni sup ekak puluwan widihakata ..!

    ReplyDelete
  9. අභීත අයියා ඇතුළු බ්ලොග් අවකාශයේ හැමෝටම වැඩ කරන්න ගට ලැබෙන අළුත් අවුරුද්දක් වේවා...! තව තවත් අළුත් දේවල් කරන්න අදහස් පහළ වේවා...!!!

    සුභ නව වසරක් අයියේ... බක්මහ උළෙලට නම් අපි දැන් ඉඳලම රෙඩි !!! ගිය පාරත් එන්න බැරි වුනා...

    ජයවේවා !!!

    ReplyDelete
  10. අභීත අයියට සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
  11. නව වසරේ මුල්ම කමෙන්ටුව 7 වෙනිදට හැමෝම එන්නඩලා අභී අයියේ ඔන්න අයියගෙ වසර අවසාන මහා අනාවැකිය පලවෙනි පාරට වැරදුනා :D :D සතුටු නැද්ද ඒ ගැන අපිට පාටියක් ඕනෙ ;)

    ReplyDelete
  12. ඕ.....‍යේ.... ගෙට් එකට තේමා ගීතයකුත් දාලයි තියෙන්නෙ..

    http://mamaiarui.blogspot.com/2011/12/blog-post_31.html

    ReplyDelete
  13. පුද්ගලික ජීවිතේත්, ව‍යාපාර ජීවිතේත්, බ්ලොග් ජීවිතේත් තුනම සාර්ථක වෙන සුභ 2012 වේවා...

    ReplyDelete
  14. සුභ අලුත් අවුරුද්දක් වේවා!
    කොහොමත් බ්ලොග් කාරයෝ වෙච්චි අපිටනම් අවුරුද්ද සුභ වෙන ලකුණු තමයි මේ පෝස්ට් එකෙං දිස් වෙන්නේ!

    ReplyDelete
  15. Wish You A Very Happy New Year filled with lots of love and joy ...

    ReplyDelete
  16. ඔන්න අපි නම් එකෙන්ම... ඕන මඩක් නාලා අන්තිමේ වැඩේ හොදට කරමු...

    අලුත් අවුරුද්දේ මගේ පලවෙනි ආසාව නොදු‍ටු බ්ලොග් මිතුරන් හැබැහින් දකින එක... කාලයක් තිස්සේ හිනයක් උන ඒ හිනේ හැබැ වෙන දවස වැඩි ඇතක නෙමේනේ..

    මේ දවස් 6 ගෙවෙනකම් හිත නොඉවසිලිමත්...

    බ්ලොග් කලාව වැජබි සොදුරු මිනිසුන් වැඩිවේවා

    ReplyDelete
  17. එලැස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.......
    07 වෙනිද එන එක නම් ශුවර් නෑ.
    අප්‍රේල් අවුරුදු උත්සවේට නම් මැරිල හරි එනව

    ReplyDelete
  18. 2012 සියළු සිතුම් පැතුම් ඉටුවන නව වසරක් වේවා !!!!!!!!!!
    Wish You Happy New Year 2012 !!!!!!!!!!!!!

    7 වෙනිදට සෙට් වෙමු එහෙනම්

    ReplyDelete
  19. සුභ අළුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  20. මඩෙන් පිරුණු සුභ අළුත් අවුරුද්දක් වෙන්න ඕන බොස්!!!

    ReplyDelete
  21. කලින් දැන්නුවොත් අපිත් එනවා.

    සුබ අලුත් අවුරුද්දක්....:D

    ReplyDelete
  22. සිහින උළෙලට නොවැරදීම පැමිණෙමි. ජය!

    ReplyDelete
  23. අබි අයියා කලින්ම කිව්වනේ....ඉල්ලන ඕන සප් එකක් දෙන්නම් බක් මහ උළෙලට....ඒ වගේම සුභ අළුත් අවුරුද්දක්....

    ReplyDelete
  24. පාලයා : නව වසර සමරන්න ලසිය එක්ක මේ පැත්තෙ වරෙන්

    ReplyDelete
  25. මේ උදාවු වසර සුබම සුබ නව වසරක් වේවා !!!!!!!

    ReplyDelete
  26. සිහින සැනකෙලියට එන සිහිනය මං මේ දවස් වල බල බල ඉන්නවා..විභාග වැඩ අස්සේ එන්න පුලුවන් වෙයිද දන්නේ නෑ ලංකාවට...මොනව කරන්නද!

    ReplyDelete
  27. සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  28. මම එන්ඩයි හිතන් ඉන්නෙ ඕන්. මෙ කෙල්ලො කොල්ලො ටික මාව පරිස්සම් කොරයි නේද?. හැබැයි මාව පරිස්සම් කොරහල්ල... මම බ්ලොග් කලාවටත් අලුත් නිසා ටිකක් බයයිත් වගෙ.... අනික මමත් නිර්නාමික බොලොග් කාරයෙක් (කාරයෙක්, කාරියක් නෙමේ ඕන්..) නෙ.... :)

    ReplyDelete
  29. ஒரு இனிய வளமான புத்தாண்டு நீங்கள் விரும்பும்..!!!

    ඕකෙ තේරුම නම් මාත් දන් නෑ.පූසගෙන් ඉස්සුවේ.මොකක් කමුත් නරකක් නෙමෙයි කියලා හිතුන මන්දා දැම්මේ.:D

    ටිකක් වැඩිපුරත් එක්ක හිනාවෙන්න පුළුවන් විදියට තවතව ලියන්න ශක්තිය ධෛර්‍ය ලැබෙන වාසනාවන්ත සුභ නව වසරක් වේවා කියලා මාත් සුභ පතනවා..

    (සිහින උළෙලට ඉන්න බැරි වෙන හැඩක් තියෙන නිසා 07 වෙනිදවත් ඇවිත් ඔය මූණත් තහඩු ටික බලාගන්න ආසයි.ඒත් තවම ස්ථීරෙටම කියන්න විදියක් නෑ. බලමුකෝ එන විදියක් .)

    ReplyDelete
  30. :-)
    මේ වෙලාවේ නො කොමෙන්ට්ස්, ස්ටිල් සෙලිබ්රේටින්

    ReplyDelete
  31. සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා......

    ReplyDelete
  32. කෝඩුකාරයටනම් මේ පාර එන්න වෙන්නෙ නෑ.හැබැයි සිංහල අළුත් අවුරුද්දට එහෙම මොනව හරි තිබුනොත් අනිවා කෝඩුකාරයා එතන ඇති.
    අයියටත් ලැබුවා වූ නව වසර සුභම සුභ නව වසරක් වේවා කියල කෝඩුකාරයා එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා...!!

    ReplyDelete
  33. 07 වෙනිද එන එක නම් ශුවර් නෑ. :((((

    සැනකෙලියටවත් එන්න බලන්න ඕනෙ...

    ReplyDelete
  34. රූමස්සල පලයව්... අපිට මොකො... සෑහෙන්න ඉරිසියාවක් තියෙනවා එච්චරයි.

    අප්‍රේල් මාසෙ මමත් එන්න ඉන්නේ.

    ReplyDelete
  35. @ නාකියා :
    google අයියා මෙහෙමයි කියන්නේ,
    ஒரு இனிய வளமான புத்தாண்டு நீங்கள் விரும்பும்..!!!
    You want a happy healthy new year ..!!!

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...