Monday, December 27, 2010

පණටත් වඩා වටින අරක්කු සිගරට්.....

කාලෙකට පස්සෙ තමයි බ්ලොග් එක ලියන්නේ ආවේ... ඉස්සර අපි පොඩි කාලෙ රූපවාහිණියට එහෙම, නම ගිය ලේඛකයෝ එක්ක එනවනේ එක එක වැඩසටහන්වලට.. එයාලත් ඇවිත් එයාලගේ අත්දැකීම්, වස්තුබීජ අරවා මේවා කියලා යනවනේ නේද? අපිත් අහගෙන ඉන්නවනේ කට ඇරන්... මට මතකයි එයාලා කියනවා, සිතේ නිස්කලංකකම නැත්නම් මොකුත් ලියන්න බෑ කියලා.. අපි ඒ කාලෙ හිතුවේ මේවා පොර කමට දෙන පොර ටෝක් කියලනේ... ඒත් දැන් මටත් එහෙම හිතෙනවා.... පහුගිය දවස් ටිකේ තිබ්බ වැඩ රාජකාරිත් එක්ක බ්ලොග් කථා කොච්චර ලියන්න හිතුවත් අවිවේකී බවත් එක්ක ඒ ඔක්කොම මග ඇරිලා ගියා.... ඔන්න ඉතින් ආයෙත්... කතාවට එමු....


මිනිස්සු තමන් ප්‍රිය කරන දේවල් වලින් සමහර දේවල් තමන්ගෙ පණටත් වඩා ආරක්ෂා කරනවා.... තමන්ට යම් අනතුරක් වෙනකොට එයින් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරනවටත් වඩා මේ දේවල් ආරක්ෂා කරන්න තමයි උත්සාහ කරන්නෙ.. දැන් දන්නවනේ මම මොකාටද එන්න හදන්නෙ කියලා.... ඔව් අරක්කු සිගරට්... ගොඩාක් අය සෙට් වෙද්දි මෙහෙම කියනවා ඔයාලා අහලා ඇති.. මමත් අහලා තියෙනවා... කියලාත් තියෙනවද මන්දා....


ඒ මචන්.. උඹ වැටුනත් කමක් නෑ.. බෝතලේ වට්ටන්න එපා......

වැඩිය නැමෙන්න එපා බන්..සිගරට්
එක පොඩි උනොත් උඹම කඩේ පලයන් හරිද?


මේ ආකාරයෙන් දිවි දෙවෙනි කොට අරක්කු සහ සිගරට් රැක ගත්ත කතා හා සමාන කතා දෙකක් තමයි මම කියන්න යන්නේ...


කිතුල්ගල තියෙන හෝටලේක ඉන්නවා වේටර් වරයෙක්.. වේටර්වරයෙක් කිව්වට බහු කාර්ය යන්ත්‍රයක්... වෙලාවකට වේටර්වරයෙක්... තව වෙලාවකට බාබක්‍යු බාස්, තව වෙලාවකට බොන්ගො එක අරන් සංගීත සපයන සිද්දියක්.... වැඩත් සුපිරි... මමනම් පොරට කියන්නෙ වන් වන් නයින් කියලා..මොකද ඒ තරමට ක්ෂණික සේවයක් සපයන්නේ... මිනිහගේ තියෙන එකම වැරැද්ද අරක්කු සිගරට් වලට පමණට වඩා ඇබ්බැහි වීම.... එන අමුත්තන් සමඟ හොදට පානය කරලා කරටි කඩාගෙන එන එක තමයි පිළිවෙල...


දැන් දවසක් කිසි කෙනෙක් නෑ හෝටලේ... අරක්කුත් නෑ.. මිනිහා දැන් කල්පනා කරනවා බොන්න ක්‍රමයක්... කළමණාකරු වෙච්ච උපුල් අයියා ලගට ඇවිත් හෙමින් කියනවා මෙහෙම....


මේ නැද්ද හංගපු කොටයක් එහෙම....

පිස්සුද බන්.. මොන කොටද?

අනේ මන්දා.. බොන්නත් නෑ අද?

හැමදාම බොන්න පුරුදු වෙන්න එපා බන්.. බලපන් වයස කීයද තාම....

ඒක තමයි.. ඔන්න ඔහෙ සිගරට් එකක්වත් ගහලා නිදා ගන්්නවා...

ඈ යකෝ.. අර කන්න බොන්න නැති මිනිස්සු "ඔන්න ඔහෙ තියෙන දෙයක් කාලා නිදා ගන්නවා" කියල කියනව වගේනෙ මූ සිගරට් එකක් බීල නිදා ගන්නවා කියන්නෙ....



 දෙවෙනි කතාව උනේ මීට පැය භාගෙකට විතර කලින්... කතාව ලියන්න කලින් පොඩි අටුවා ටිකකුත් කියන එකනේ හොද නේද? ඉස්සර අපේ අම්මලා උයන්න හාල් ගද්දි මිටක් වෙන මුට්ටියකට දානවනේ හදිස්සියට ගන්න කියලා... අන්න හරි.. සතෙන් සතේ ඇඩ් එකේ තියෙන්නෙ... ඒ වගේම ගෙදර රහස් ලාච්චුවක සල්ලි එහෙමත් තියලා තියෙනවනේ හදිස්සියට ගන්න කියලා.. ඉතින් ඔය වගේ හදිස්සියේ ඕන වෙන දේවල් වල පස්ස උස්සලා (Back Up ) තියාගන්න අපි කවුරුත් මහන්සි වෙනවනෙ....

මම කිව්වනේ මේ කතාව උනේ පැය භාගෙකට කලින් කියලා.. කතා නායකයා අපේම බ්ලොග් සහෘදයෙක්.. ලියන්නේ අපේ ජීවිතේ අන්තිම හෝරාව නමින්... ලගදි සම්මානයකුත් ලැබුනා කියන්නෙ.. මී විතටත් බොහොම ප්‍රියයි... මෙයා මූනු පොතේ ඉදන් මාත් එක්ක චැට් එකක් දාගෙන ඉන්නවා.. දැන් චැට් එකේ යන කතාව මෙහෙමයි....පළවෙනි වාක්‍යය පොරගෙන්.....


මම කන සාක්කුවේ වැටෙන ගාන බන් දැන්....


මම වරකපොල යනවා බන්.. පොඩ්ඩකින් අපිත් එනවා ඔය පැත්තට....


දැන් සංවාදේ යනවා එක එක කේස් ගැන....


ඒ මචන්.. දැන් කොච්චර බීවද? බෝතලේම ඉවරද?



නෑ... නෑ... තව හදිස්සියට ගන්න ගෙනාපු බෝතලයක් තියෙනව..ඒකත් ගහලම නිදා ගන්න්නවා බන්.....


ඒ කියන්නෙ අපේ අම්මලා හදිස්සියට ගන්න හාල්, සල්ලි, වී, අරවා, මේවා තියාගන්නවා වගේ පොර හදිසියට ගන්න තියාගෙන ඉන්නෙ භාගෙ බෝතලයක්..... තනිකඩ ජීවිතේ නිසා කතන්දරට වගේ කොමෝඩ් එකේ හංගන අවශ්‍යතාවයකුත් නෑනේ..... අදාළ මනුස්සයා කවුද කියන එක තීරණය කරන එක තම තමන්ට භාරයි ඕං.....


ප.ලි.  ව්‍යාපාරික බ්ලොග් එකක් ලෙසින් එළි දකින්න සැරසෙන නරඹමු ශ්‍රී ලංකා බ්ලොග් අඩවිය ලබන වසර ආරම්භයත් සමග බලාපොරොත්තු වන්න...

17 comments:

  1. මෙවා දකිද්දි වෙව්ලන්න ගන්නවා.. මෙ පින්තුර දාන්න එපා.. බැන් කොරයි.. දානවා නම් පින්තුරවලට කොටු දාලා දාන්න :D

    ReplyDelete
  2. හිහ්........... කවුද බං අර භාග ඩයල් එක................. මම නම් දන්නේ නෑ..........:D

    ReplyDelete
  3. අර අවසානෙට කිව්ව එකා මට තාම හිතාගන්න බෑනේ...අම්මෝ..ඒකා ඔච්චර බොනවද... :D

    ReplyDelete
  4. හිකිස්.. මරු..

    ReplyDelete
  5. "ඔන්න ඔහෙ සිගරට් එකක්වත් ගහල නිදා ගන්නවා"....හික්.....හික්.....හික්....

    ReplyDelete
  6. ඔහොමත් බොන මිනිස්සුත් ඉන්නවද ? හදිස්සියට ගන්න බෝතලයක් ම !!! කාලක් බාගයක් නම් කමක් නෑ !!!

    ReplyDelete
  7. අර හැමදාම යක්කල යන පොර ගැන වගේ මේ කියන්නේ,,,

    ReplyDelete
  8. අන්න මරු අයිඩියාව මමත් හදිස්සියට අරං තියාගන්න ඕන . සමහර දවස්වලට මට නිකම් වේලි වේලි ඉන්න වෙනවා

    ජයවේවා !!

    ReplyDelete
  9. අඩෙ මාර කතාව..
    හැබැයි නියම අදහස..මාත් කොරලා බලන්න ඔන..
    බෝතලයක් නෙවෙයිනේ බාගයක් කියලානේ තියෙන්නේ නේද..?
    අනේ තැන්කූ අභියෝ මෙ කොරපු උදව්වට...

    ReplyDelete
  10. මගේ යාළුවෙක්ගෙ තාත්ත කෙනෙක් හිටියා පොර අර ඉස්සර කඩවල සීනි බෝල, හුලං විස්කෝතු එහෙම දාල තියෙන ජාතියේ මහ තඩි බෝතලයක රිසර්ව් එකක් මේන්ටේන් කලා. පොර මොකද කරන්නෙ හැමදාම මොකක් හරි ජාතියක බෝතලයක් ලැබුනහම ඕකෙ අන්තිම ශොට් එක මේ රිසර්ව් එකට දානවා. කාලයක් යනකොට මේක එක එක ජාති, විස්කි, බැන්ඩි, රම්, අරක්කු මෙකී නොකී ජාති වලින් පිරිලා. හදීසියකට ගන්න එකතු කලත් දැන් මේ බෝතලේ මූඩිය ඇරපු ගමන්ම බොන්න ඕනෙ නැහැ නිකන්ම කට් වෙනවා....!

    ReplyDelete
  11. වරකපොල යන්නෙ යක්කල හරහා නේද ? ;-)

    ReplyDelete
  12. ඔය කිව්ව "කොට" පස්සේ ප්‍රයෝජනයට ගන්න අපේ අම්මා යූස් කලේ මාර මෙතඩ් එකක්.

    තාත්තට හොඳටම වැඩි වෙලා බෝතලේ අඩිය දකින්න බැරි උනොත් කොට කෑල්ල අම්මා කුස්සියට ගෙනිහින් කරාබු නැටි ටිකක් තලලා ඒකට දාලා මූඩිය වහලා අටුවට දානවා බඩේ මාරුවට බෙහෙත් කියලා..

    මම ඒ කාලේ ඕවායේ ගඳ එනකොට වමනෙ කරන එකා.

    අම්මටයි නංගිටයි නම් නිතර නිතර බඩේ අමාරු හැදෙනවා ඔය කාලෙට . . හික්ස්

    අඩේ කොමෙන්ට් එක යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ . . කමක් නෑ ඔන්න ඔහේ.

    ReplyDelete
  13. /* කතන්දරට වගේ කොමෝඩ් එකේ හංගන අවශ්‍යතාවයකුත් */

    පොඩ්ඩක් වැරදිලා වගේ? මෙහෙම අවශ්‍යතාවයක් මට නම් කිසිදාක තිබුනේ නැත!

    ReplyDelete
  14. ඒකනේ කියන්නේ කාකා..මෙකා කාටදෝ මඩ ගහන්න ගිහින්..මෙ කොහේවත් ඉන්න කාකා ටත් දීලා ඇදලානේ...

    ReplyDelete
  15. අප්පේ කතන්දරේක ප්‍රදාන චරිතෙ කොම්මෙන්ට් කරල තියෙන්නෙ ඔය

    ReplyDelete
  16. ඔය අමතරව බෝතලයක් තියන් ඉන්නවැයි කිව්වෙ කව්ද හැබාට හික් හික්..

    ඕකෙ අවශ්‍ය තාව දැන් තම දැනෙන්නේ.. පොඩි මොනා හරි තිබ්බනම් කියල ඇවිස්සුව කොහෙවත් නැහ නොවැ කොටයක්. ඇද යට තිබිල බියර් පොඩි බෝතලයක් තිබ්බ. අනේ එපා කියල මේක කොටන්න ආව.

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...