පොඩ්ඩක් විතර පරක්කුත් වෙලා... වැප් මල්ලිත් ඉන්නවා කිව්වනේ බියගම ට්‍රැෆික් ලයිට් එක ලඟ... මේ වෙද්දිත් ප්‍රමාදය නිසා ඔහුගෙ ජංගම දුරකතනයෙන් මට හරි ජුගුප්සාජනක කෙටි පණිවිඩ එන්න පටන් ගෙන තිබුනේ.... කොහොමහරි එතන්ට යද්දි කොල්ල ඉන්නවා... අපේ රියදුරු වාහනේ නැවැත්තුවේ වැපාට පොඩ්ඩක් ඉදිරියෙන්.. එක පාරටම අපෙ ත්‍රී වීල් එකේ හිටපු එකෙක් මෙහෙම කෑ ගැහුවා...
ඒ සිරිපාල...... වරෙන් වරෙන්..........
වැපා ක්ෂණයෙන් අහක බලා ගත්තත් ඊලඟ තත්පරේ දුවගෙනම ඇවිත් වාහනේට නැග්ගා... වෙන කියලා ඉතින් මොනවා කරන්නද? දැන් ඔන්න කට්ටිය හරි... දැන් යන ගමන් කතා කලා යක්කල ඉන්න දෛවඥ්ඥ මහත්තයාට...
ඒ මචන්... හවස මොනා හරි කරමු නේද?
හා හා.....
මොනාද බ්‍රෑන්ඩ් එක...
උගුරෙන් පහලට යනවා නම් ඕන දෙයක් බන්..
මොනවාහරි විශේෂ සැන්ඩි ඕනද?
ඇල්වතුර හරි කමක් නෑ බන්.... උඹලා කොහෙද ඉන්නේ?
මිරිස්වත්ත කිට්ටුව...
කලබලයක් නැතුව පරිස්සමින් හෙමින් වරෙන්....
අනේ සංසාරේ කියාගෙන අපි දුරකථනය විසංධි කලා... මිරිස්වත්තේ හන්දියෙන් ඔය පාට බෝතල් කිහිපෙකුයි රුපියල් 100ක තම්බපු කඩලයි අරගෙන පාර හොයාගෙන අමාරුවෙන් මාර භවනට සැපත් උනා.... ඉතා උණුසුම් ආකාරයෙන් අපිව පිළිගත්ත මාර දෛවඥ්ඥ මහත්තයා එයාගෙ මාර භවන ඇතුලට අපිව එක්කගෙන ගියා.... කවුරු හරි දැකලා නත්නම් හිතාගන්න අර කෙසෙල් කොටුවෙ චූටි මහත්තයා ඇඳපු චිත්‍රෙමයි... වෙනසකට තියෙන්නෙ ඒකෙ තිබ්බ ඩෙස්ක්ටොප් එක වෙනුවට ලැප්ටොප් එකක් තියෙන එක විතරයි.... මාර භවන අති විශාලයි.. කාමර තුනක් තියෙන ලොකු සයිස් උඩු මහලක්... (මේවා කියන්නේ දුමීලට දුකාලට) කුස්සියේ උයන පිහින බඩුත් එක්ක සෑහෙන ආදායමක් ගන්න පුළුවන් හිස් බෝතල් ප්‍රමාණෙකුත් නොතිබුනා නොවෙයි.....
මගේ නක්ෂත්‍ර කටයුතු යන අතරේ බෝතල් වල මූඩිත් ඇරිලා වටේ යන්න පටන් ගත්තා... නොයෙකුත් කතා මාතෘකා අතරේ බ්ලොග්වල ලියන්න බැරි කතාත් සෑහෙන්න කිය වුනා.... අහ් බයිට් එක... දුමියා මචන්...අර නමේ තේරුම කියපු රමණි අක්කා සුපිරි චිකන් ඩෙවල් එකක් එවලා තිබ්බා.. මොන අදහසකින් මෙහෙම උදව් කරනවද මන්දා....? ඉතින් කිසි වරදක් නැතුව වැඩේ නැගලා ගියා....
අවවාදයක් දෙන්නේ.... පැනි මුට්ටිත් එක්කනම් කවුරුත් බොන්න සෙට් වෙන්න එපා... උදෙත් බීලා රෑත් බොන්න බෑ කියපු එකා ගහපු ශොට් පහේදිම වීදුරුව කටට ගන්නකොටම කෝල් එකක් එනවා.. ඉතින් කනේ තියන් කුණු කුණු ගානවා...ඒ වෙලාව ඇතුලත අපේ කොල්ලට ගෑණු ළමයි දහයක් නම් කෝල් කලා..ඊට වැඩි උනත් අඩු වෙන්න විදිහක් නම් නෑ.. අන්තිමට ෆෝන් එක උදුරගෙන කෙල්ලන්ටත් බැන්නට පස්සෙ ඔන්න යන්තම් වැඩේ ශේප්.
ඉතාම සොඳුරු මොහොතකට සමු දීලා එන්න හදන කොට නිවැසියා නිදි... ඒවට හෙතු අවවාද අනුශාසනා ආකාරයෙන් කමෙන්ට් එකක් විදිහට පහතින් වැටෙයි මම හිතන්නේ... ඔක්කොම අස් කරලා එහෙම අපි පිටත් උනා... උඩ මම කියපු විදිහටම ගමන් මාර්ගය වෙනස් උනා.... කට්ටියම ගෙවල් ලඟින් බස්ස ගෙන මමත් සතුටින් ගෙදර ආවා....
පහුවදා උදේ මම දුරකතන ඇමතුමක් දුන්නා පොරකට....
ඒ මොකෝ බන් උනේ.. මට මොකෝ උනේ......
මම කොහොමද දන්නේ.... උඹටනෙ බන් උනේ.... හික්z
මේකෙ නොකියවුනු තැන් අනිත් උන් දායි කමෙන්ට් විදිහට.... මේ කිසි තැනක මඩ නෑ... ඇත්ත ඇති සැටියෙන්... සත්‍යය ප්‍රථමයෙන්.....
ප.ලි. බ්ලොග් සතියෙ දවස් දෙකක් ඉවරයි.. හෙට මොනාද ලියන්නෙ ?
මදෑ වෙච්ච දේ දැන ගන්න මාත් බලන් හිටියා...
ReplyDeleteකොහේද ඒත් නැහැනේ..?
ආ තව එකක්..හෙට ලියන්නත් මොනවා හරි හොයා ගත්තෑකි..පලයන් බ්ලූමැන්ඩල් පැත්තේ හරි අත්තිඩිය පැත්තේ හරි..
ReplyDeleteහරේ මාරම වැඩේ නේ අප්පා..... දැන් එතකොට කතාවේ හැටියට අයියා සියල්ල දැනන් සිහියෙන් ඉඳලා.... මාරයි මාරයි..... :D
ReplyDeleteඒ ටික කිව්වේ නෑ මාරයියේ.... උඹ පව්නේ මචෝ..... එකට බීලා එහෙම කරන එක හරි නෑනේ....
ReplyDeleteකෝ ලොමු දැහැගැන්වුනේ නැ නේ........... හෙහ් හෙහ් :) ඒ කැල්ල හැලුවද අභී අයියාzzzzzzz ;)
ReplyDeleteලොමු දැහැගැන්වෙන කෑල්ල බලධාරියා විසින් කපා හැරියා ජේඩී...
ReplyDeleteකෝ බොල කොත්තු ඔතන් ආපු කතාව :D
ReplyDeleteකෝ මේකේ හිස් තැන් පුරවලා නැද්ද???
ReplyDeleteමදැයි පෙරුම් පුරන් ලොමු දැහැගැන්වෙන කථාව බලන්න බලා හිටියා... කමක් නෑ, කමක් නෑ.. ඇත්තටම අබේපාල මාමා සිහියෙන් හිටියැයි ;)
ReplyDelete(අහීත අයියා සිතමින් - හසීයෝ අහුවෙයන්කෝ මට.. :@)
සුරාවේ ගුනයත් . . . .
ReplyDeleteඑහි ඇති මිහිරි රසයත් . . . .
බොන සුදනෝ මිසක් . . . .
නොබොන අනුවන දනෝ නොදනිත් . . .
එතකොට වෑඩේ ඉවර වෙන්න ඉස්සෙල්ලා මාරයා නිදිද???..අපරාදේ.........මාරයනම් මොනවත් දාල නෑ මෙගෑන...
ReplyDeleteඕකෙ ලොමු දැහැගැන්වෙන කෑල්ල මොකක්ද දන්නවද? අභීතයො මම ඉතුරු ටික ලිවුවට තරහ වෙන්න එපා ඕං. මාරය කට් උනා නෙ. පසන කොහොමත් බීලනෙ ආවෙ. දැන් අභීතයට බොන්න එකෙක් නැති තැන ත්‍රීවීල් මල්ලිව තමා බොන්න අල්ලගත්තෙ.
ReplyDeleteඅන්තිමට ත්‍රීවීල් බුවා කට් වෙලා. මුන් ඔක්කොම දාගෙන ත්‍රීවීල් එක එලවගෙන ඇවිත් තියෙන්නෙ අභීතය තමා. ජීවිතේට එලවපු නැති වාහනයක් පලවෙනි සැරේට එලවද්දි (නිකම් නෙමේ අම්බානෙක ගහල) ලොමු ඩැහැගැන් වෙන්නෙ නැද්ද?
අච්චර බොන මාරයාට මූඩියක්වත් පෑගුනාද වේලපහින්ම දොයියගත්තෙ?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඇඟ කිලිපොලා යන විහිලු . . . .
ReplyDeleteත්‍රාසජනක ප්‍රේම ජවනිකා . . . .
මොකක්ද උඹල ගහපු බ්‍රෑන්ඩ් එක...මෙච්චර පළපුරුදු මාරයා කට් උනා කිව්වම නිකං විශ්වාස කරන්නත් අමාරුයි වගේ...
ReplyDeleteඌට වැදුනේ බ්‍රෑන්ඩ් එකේ හොදකමටද නැත්නම් කටේ තියන් ගහන්න ගිය නිසාද ?
හත් ඉලව්වේ මාරයියා බොනවද ? :P
ReplyDeleteදැන් එතකොට කවුද මෙතන නොබී හිටියෙ......
ReplyDeleteකස්ටිය සෙට්වෙලා වෙගේ ...
ReplyDeleteජය වේවා !!
පේන්නේ නැද්ද මේ... මගේ නම් ලොමු දැහැගැන්විලා.... එ මදිවට ඇස් දෙකෙන් කඳුලුත් පනිනවා.... ෂා මාරයි ඈ....
ReplyDeleteඅභිත අයියා උඹ මොකද්ද බං මට අර කිව්වේ... භවනේ අයිතිකාරයා දෙකක් දාද්දිම, කබරයා... කේස් එකක්?
ReplyDeleteරංගය කියල තියෙන්නේ ලොමු දැහ ගැන්වෙන පාර්ට් එක හික් හික්... යකෝ උබල මාරයට කවල්මේ වත් පෙව්වද... ??
ReplyDelete