Sunday, August 7, 2011

ඔෆිස් එකෙන් එන අ(ර්)ජන්ට් කෝල් සහ ඔව(ර්)ලිමිට් පැන්න ගමන් වදින ඔටෝපයිලට්.......

මොන තරම් සුදු කොඩි දැම්මත් එක පාරට කථා මතක් වෙනකොට නොලියම බෑ... මේ මාතෘකාව දැකපු ගමන් අපිත් එක්ක ගොඩාක් වෙලාවට සෙට් වෙන අය දන්නවා කවුරු ගැනද මේ කියන්නේ කියලා.... කථා තුන හතරක්ම මඩ නැතිව ගිය නිසා අද පොඩ්ඩක් මඩ තියෙන පෝස්ට් එකකට යමු... මේ කථාවේ ඉතිහාසය සයිබර් ෆෙස්ටිවල් එකෙනුත් එහාට දිවයනවා.... ඔෆිස් එකෙන් එන හදිසි දුරකථන ඇමතුම් ඉතිහාසයනම් ඊටත් එහා දිව යන්නක් කියලා තමයි මට මතක..... 


කාලෙකට පස්සෙ විවේකී ඉරිදාවක් ලැබුන නිසා මම බ්ලොග් දෙකක් මුල ඉදලා අගට කියෙව්වා.. එකක් මගේ බ්ලොග් එක... ඒකේ හොදම කථා ටික ඔබ අතරට ගිහින් නෑ කියලා තමයි මට හිතුනේ... වෙලාවක් තිබ්බොත් මගේ බ්ලොග් එකේ මුල් කාලයේ කථා කියවලා බලන්න... කතන්දරට පිංසිද්ද වෙන්න අමුතු ගැජට් එකකුත් යටින් එන නිසා ඔයාලට ඒ කථාත් කියවන්න හැකියාවක් ලැබේවි. අනිත් බ්ලොග් එක තමයි මගේ ලෝකය. ඒ බ්ලොග් එකේ මෙන්න මේ කථාව කියවද්දි තමයි මේ පහල තියෙන කථා ටික මගෙ ඔලුවට ආවේ...



අර අවුරුදු උත්සව පවත්වන්න සංවිධායක මණ්ඩලය රැස්වෙච්ච දවසක රංගට වෙච්ච අලකලංචිය මතකනේ... අපි අර මහ රෑ වෙනකන් කට්ටක් කෑවේ.. මතක නැත්නම් කියන්න මම ඊලඟ පෝස්ට් එක වෙනුවට ඒ කථාව ආයෙත් දාන්නම්... ඉතින් එදා ඉඳන් රංග අපිත් එක්ක සෙට් වෙන්නේ ඉතාම පරිස්සමින්.... ඒ අපි මඩ ගහයි කියලා බයට... අපිටනම් මොන මඩ ගැහුවත් අපි නවත්තයි කිසිම දෙයක්... ලෝක කුසලාන අවසන් පූර්ව තරඟය දවසේ අපි සෙට් වුනේ රංගගෙ දෙල්කඳ ජොයින්ට් එකේ.... හිටියේ ජීවිතය වචනයෙන් ලියන සෝරෝ මල්ලියි, ඕනයාගෙ බ්ලොග් එක ලියන දුලිප් අයියයි, මගේ සඳ ලියන පසන් මල්ලියි.... රංග ආවෙත් හොදටම පරක්කු වෙලා... දැන් පරක්කු වෙලා ආපු රංගයි අපියි අතරෙ යන්නෙ මෙහෙම කථාවක්....


අහ් මචන්, මොකද පරක්කු උනේ....,


ඔෆිස් එකේ පොඩි වැඩක් තිබ්බා බන්.. ඒකයි


අපිනම් එකක් ගත්තා.... මොනාද ඕඩර් කරන්නේ....


නෑ මචන් මම ගල්... මම වෙනම ගන්නම්...


මෙන්න මෙහෙම කියපු මේ පොර වෙනම ඩ්‍රින්ක් එකකුයි වෙනම බයිට් එකකුයි දාගෙන අපි ලඟ ඉදන් වෙනම පානය පටන් ගත්තා... ඉතින් ඔහොම මෙහෙම යද්දි අපට පේනවා කොල්ලගෙ සීමාව පනිනවා.... එක පාරටම රංග අපිට මෙහෙම කිව්වා....


මචන් අභියා, මම යනවා මචන්..... ඔෆිස් එකට මේල් එකක් දාන්න ඕන 11ට කලින්.... මම ගියා ඕනයා... මම යනවා සෝරෝ.... 


අපි උඩ බිම බැලුවා... මූත් ගියා.... අපි අපේ වැඩේ ඉවර කරලා ගෙවල් වලට ගියා....


ඊලඟ දවස උදා වුනේ මේ මෑතකදි. ඒ දුමී අයියා ලංකාවට ආපු දවසක. දුමී අයියයි, මමයි, රංගයි, සෝරෝයි, ඕනයයි, දුමී අයියගේ යාලුවෙකුයි එදා සෙට් වුනේ ඔටර්ස් ක්ලබ් එකේ... එදාත් මට මතක විදිහට මොකක් හරි මැච් එකක් තිබ්බා... සුපුරුදු විදිහටම රංගයා එදාත් 11ට විතර නැගිට්ටා... මචන්, මට යන්න තියෙනවා.. ඔෆිස් එකට මේල් එකක් දාන්න ඕන 12 වෙන්න කලින්.. මම යනවා මචන්... කියලා ගියා...


ඊලඟ දවසේ අපි සෙට් උනේ දුමි අයියාගේ සමුගැනීමේ පාටිය දවසේ... යන්නේ අද රෑ කියලා ගිනි දවාලේ ඔන්න සෙට් වෙලා.. එදා හිටියේ මමයි දුමි අයියයි, රංගයි... වැඩේ යන අතරේ අපි අතරේ මෙහෙම කථාවක් ගියා...


දුමී අයියේ උඹට බෑ කියන්න බැරි හිංදා ආවේ... මම අද රෑ හැටන් යන්න ඕන... රංගයා හෙට සෙනසුරාදනේ... යමුද?


හරි යන් බන්.. මට වැඩකුත් නෑ.....


දැන් එතන වැඩේ ඉවර වෙලා හැටන් යන්න පිටත් උනේ රංගවවත් කාර් එකේ දාගෙන.. මහරගම හරිය පහු කරද්දි අපි අතරේ යනවා මෙහෙම දෙබසක්...


මචන් අභියා කොහෙද බන් යන්නේ....


හැටන් යන්නේ එකෙක් ඉන්නවා හොයන්න....


කොහෙ ඉන්න එකෙක්ද? නවතින්නේ කොහෙද?


ඌ ඉන්නෙ කොහෙද දන්නෙ නෑ බන්..ඒකනේ හොයාගෙන යන්නේ.. නවතින්න තැන් මටද බන් නැත්තේ මේ ලංකාවේ....


ඉතින් බන් ඌව මහ රෑ කොහෙ කියලා හොයන්නද අභියා..


හරි හරි... උබ භය නැතිව වරෙන්කො.. මමනේ එක්ක යන්නේ...


ඔන්න එතකොටම මූ ගත්තා කෝල් එකක්... ඔෆිස් එකට කියලා තමයි ඇගෙව්වේ... දැන් කථාව යනවා මේ විදිහට...


මචන්, අර මගේ ඩොකියුමන්ට් එක අර කස්ටට මේල් එකක් දාන්න පුළුවන්ද? (මද වෙලාවක් අසා සිටියි..)


අහ්.. උඹ ඔෆිස් එකේ නෙවෙයිද ඉන්නේ.. කවුද බන් මේ වෙලාවේ ඔෆිස් එකේ ඉන්නේ.... (නැවතත් සවන් දෙමින් සිටින බව අඟවමින්..)


අහ් එහෙනම් කවුරුත් නැද්ද? මටම යන්න වෙයිද බන්? (නැවතත් සවන්දෙමින්)


හරි මචන්, එහෙනම් මම යන්නම්... මොනවා කරන්නද? (කෝල් එක කට් කරන බවක් අඟවමින්...)


මචන් අභියා.. මට හදිස්සියේ ඔෆිස් යන්න වෙලා... මාව ඔය ලඟින් දාපන්....


මට ඉතින් මර්සිය කියලා තේරුනත් මම මහරගමින් රංගයාව හලලා මගේ ගමන ගියා....




ඔන්න ඔහොම තමයි රංග අයියා මොකක් හරි අවුලක් උනහම, එහෙම නැත්නම් පොඩ්ඩක් තමන්ට වැඩියි වගේ තේරුනාම ඔටෝ පයිලට් දාලා ඔෆිස් එකේ කෝල් එකේ පිහිටෙන් මාරු වෙනවා.. ඉදිරියේ දවසක ඔයාල මුහුන දුන්නොත් මේ සිදුවීමට අහිතක් හිතන්න එපා රංග ගැන.. ඒ කියන්නේ ඌ ලිමිට් එකේ ඉන්නේ.....

25 comments:

  1. හික් හික් . . . . අපි අවක්ෂේප වෙනව . . . රංග වාශ්ප වෙනව . . . . .

    ප.ලි.
    හොඳ වෙලාවට දුමී අයියගෙ ගෙදර මම සෙට් උනේ නැත්තෙ . . . . නැත්තං මේක කියෝන එවුං හිතයි මමත් බොලාල වගේ බේබද්දෙක් කියල . . . .

    ReplyDelete
  2. @ඕනයා...

    හියැක් හුහ් හුහ් හූ...

    ReplyDelete
  3. හලේ නැවතත් මඩ වේදිකාවට............. හික් හික්

    ReplyDelete
  4. මඩයාට රෑ 11,12 වන විට සිදුවන්නේ කුමක්ද? මේකා අර රෑ වුන ගමන් වෙන එකෙක් වෙනවද දන්නෑ...

    ReplyDelete
  5. මගේ කරටි කැඩුනම මම මම කැත වචන කියනවා . එතකොට මගෙත් එක්ක ඉන්න එවුන මට කියනවා .. මොනාද බං පැත්තකට වෙලා ඉඳපන්කෝ කියලා .. එතකොට මම යනවා ..

    ReplyDelete
  6. රංගයියා දැන් මුකුත් නොලියන එකේ මෙහෙමෙ එකක්වත් දාලා ෆෝම් කරලා ගන්න ඕනේ :D

    ReplyDelete
  7. මම කිවුවනෙ..මේ දෙන්න මඩ නවත්තන්නෙ නෑ කියල.. හැක හැක..

    ReplyDelete
  8. අභියා ඔන්න මේ පාර නම් ඇත්තම ඇත්ත මඩක් ගහලා තියෙනවා....!

    ඈ බං අභියෝ, උඹ අර රංගයට බොන්න දෙන්න ඕනෙ කියලා මගෙන් ඉල්ලගෙන ගිය බී හයිව් බ්‍රැන්ඩි එක පෙව්වේ අර හොයන්න ගිය එකාටද ?

    ReplyDelete
  9. මගේ (රංග) ලෝකය => රංග ගේ ලෝකය => රංග gay ලෝකය

    රංග gay ලෝකය !!!!!!!

    ReplyDelete
  10. මෙහෙමයි, මුල අමතක කරන්න අමාරුයි ලු නේ.
    රංග මුලින් දහම්පාසල් ගුරුවරයෙක් හින්දා පාප මිත්‍ර සේවනය ගැන හදිස්සියේ මතක් වෙලා කැපිල යනව ඇති -කළණ මිතුරන් සොයා.

    ReplyDelete
  11. එකක් මගෑරිලා.... :D

    ReplyDelete
  12. අවුරුදු උත්සවෙ දවසේ රෑත් මිනිහට ඔෆිස් එකට මේල් එකක් දාන්න ඕනවෙලා ගියානේද

    ReplyDelete
  13. උඹගෙ සැඟවුනු ඇඩ් එකට පින් සිද්ද වෙන්න මමත් මේ උඹගෙ පරන පෝස්ට් ටික කියවනවා. නොදකින් බන් මේ බ්ලොග් කෙලියක් හින්දා කවද හරි හිරෙත් ඇරෙනවා.

    ReplyDelete
  14. චිකේ. විළි ලැජ්ජා නැද්ද හැබෑවට ඈ...

    @ ඕනයා.
    හික්.. ඒ ගැන කවර කතා ද, හොඳ වෙලාවට මං ඊයෙ ගෙදර නොඋන්නෙ.

    ReplyDelete
  15. බොන කතා ඇර වෙන කතා නැද්ද අනේ?

    ReplyDelete
  16. ranga iyata ehama mada gahala ahuwenna ehama ne harida? man treeweel eke kalu malli

    ReplyDelete
  17. දැන් ඉතිං රංගත් මෝඩයා වගේ මූ ගැන එකක් ලියයි.අභිතටත් ඕන ඌ ලවා මාකට් කරවගන්න

    ReplyDelete
  18. @කතන්දර . . .
    කරටිය පාත්වෙන්න බීවාම . . . . . .රෑ එකොලහට දොලහට විතර මතක් වෙන්නෙම "කළණ මිතුරො"ද හැබෑවටම . . . ???

    ප.ලි.
    මම මේ නොදන්නකමට ඇහුවෙ . . .

    ප.ප.ලි.
    අපි නං ඕකට කියන්නෙ . . . . බොද්දි වටේ වැවෙන තනකොල කන්න සත්තු හොයනව කියල . . . . .

    ReplyDelete
  19. මට නං හිතුනේ 11න් පස්සේ වයිෆ් ගෙදර දොර අරින්නේ නැහැ කියලා තර්ජනය කරලා කියලායි.......... :D

    ReplyDelete
  20. අපේ ඕනේ අයියත් බිව්වද.. සික්... මං හිතුනේ මූ මී පැටියා වගේ ඉන්න කොට හෙන හොඳයි කියලා...

    අනික අභීත අයියා උඹ මට කතා කලානම් හැටන් යන්න මං එනවා බං උමත් එක්ක යන්න... හැබැයි ඕං මට බොන්න නම් බෑ,...

    ReplyDelete
  21. අනේ අපොයි...පොන් එක රින්ග් වෙන්න තිබුනේ......

    ReplyDelete
  22. හික් හික් සුපිරිම මඩ පාර. මගෙත් හිටියා ඔය වගේ යාලුවෙක්

    ReplyDelete
  23. අවුරදු උත්සවේ දවසෙත් ඔහොම එක පාර වාෂ්ප උනා මතකයි මතකයි වගේ...

    ReplyDelete
  24. මට නම් ඕවර් ලිමිට් වෙනව අඩුයි...
    එහෙම උනා නැතා කියල නෑ හැබැයි මගෙත් එක්ක ආපු උන් ඔක්කොගෙම සිටුවේෂන් බලල උන්වත් ගෙවල් වලට දාල තමයි මම නම් යන්නෙ...
    වයසට ගියත් හවසට ගෙදරනෙ ඉතින් අපි....
    :)

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...