Tuesday, August 23, 2011

පාසැල් කාලයේ මත්පැන් භාවිතය.. ශිහ්.. කනත්තක් තිබ්බේ නැත්නම් අපිත් හොඳ මිනිස්සු....

මේ කථාව මතක් උනේ සඳරූ මල්ලිගේ හිස් අහසේ තිබ්බ මිනී කනත්ත රැයක් පහන් කිරීම පිළිබඳව ඔහු ගේ සටහන කියවපු වෙලාවේ.. කියවපු මටත් ඉබේම මතකෙට ආවේ කුරුණෑගල පොදු සුසාන භූමියේ ලස්සන පිඟන් ගඩොල් ස්මාරකයක් උඩට වෙලා රැය පහන් කරපු ආකාරයයි... අවුරුදු 15ක් 16ක් කාලයේ කොල්ලො රංචුවක් එක්ක අනන්තවත් රාත්‍රීන් ගත කරලා ඇති කනත්ත උඩ ඉඳන්.... හරි කෙළින්ම කථාවට බහිමු....


සාමාන්‍යයෙන් ඕනෑම පාසලක (මම දන්න තරමට) කොල්ලො සෙට් එකක් ඉන්නවා 8 වසරේ ඉඳන් බීමට පුරුඳු වෙච්ච... මේක ගොඩාක්ම ව්‍යාප්ත වෙන්නේ විෂය භාහිර වැඩ සහ නේවාසිකාගරවල ඉන්න ලමයි අතරේ... මමත් ඔය දෙකටම අහු උනත් බීවේ නෑ... හික්.. (මොකද හිනා වෙන්නේ... මම කියන්න 8 වසර ගැන) 8 වසරේ ඉන්නවා කියන්නේ වයස අවුරුදු 13යි... ඒත් ඉතින් කොතනද බොන්නේ... කොතන බීවත් කෂ්ටිය මාට්ටු... අපි මේකට යොදාගත්තේ කුරුණෑගල පොදු සුසාන භූමිය... හදිස්සියේ පොලිසියේ එකෙක් වෙපන් එකක් අරන්වත් ඇතුලට එන්නෙ නෑ...


අපිත් එක්ක හිටියා රාජා.. පොර හිටියේ වැහැර. වැහැර වත්තෙ රාජගුරු කිව්වොත් ඕන එකෙක් දන්නවා.. ඒ ගමේ සෙට් එකට තිබ්බ වෙනම ලැන්ග්වේජ් එකක්... කනත්තේ මුර කාරයාත් වැහැර. ඉතින් රාජා මුරෙයව ඈත දකිද්දිම මෙහෙම කියනවා...


සුමනේ අන්කල්.. අප්පි පොඩි වෙඩක් ආ... අවුලක් නෑනේ.. ශේප් ආ...


වචන හසුරවන හැටියෙන් සුමනේ දන්නවා කවුද කියලා... රාජාට ගමේ උන් කිව්වේ චූටි මහත්තයා කියලා...


අරී චූටි මහත්තයා... මම තාත්තට කියන්නේ නෑ... ඒ උනාට ඔය වයසට බොන්න එපා #$%&%*.. ඔය පැත්තේ මාපිලෝ ඉන්නවා.. පරිස්සමින් ඉන්දලා පලයල්ලා...


මේ දෙබසින් පස්සේ කොල්ලො පාන්දර දෙක තුන විතර වෙනකන් තමන්ගේ වැඩේ කරගෙන ගිහින්.. සමහර උන් ඇත්තටම මල මිනී වගේ... නොබොන අපි මාර කට්ටක් කන්නේ මේ සෙට් එක පොලීසියෙන් බේරගෙන ආපහු ඉස්කෝලෙට දක්කන්න.. ඒවට කොහොමත් කෙටි මාර්ග තියෙන නිසා අපි කවදාවත් අහුවෙලා නෑ....


ඔහොම ඉතින් අවුරුදු ගානක් කරගෙන යන වැඩේ අදටත් කාටවත් මාට්ටු නෑ.. අපිටත් නොබී ඉදල වගේම වෙරි වෙච්ච උන් ඇදලම එපා වෙලා තිබ්බේ... ඔන්න ඉතින් අපිත් පටන් ගත්තා පොඩ්ඩ පොඩ්ඩ.. පස්සේ කාලෙක කොල්ලන්ගේ බොන කැපැසිටි එක වැඩි වුනා වගේම කල්ලි වෙනස් වෙනවනේ.... එක එකාට හොරෙන් කනත්තට ආවට 10 විතර වෙද්දි ඔක්කොම උන් කනත්ත ඇතුලේ.... මෙන්න මෙතනින් පස්සේ තමයි කතාවේ විසිල් හා බල්ටි...


එදා තමයි අපි කනත්තෙ බීපු අන්තිම දවස.. බීවා කිව්වට බොන්න හම්භ උනේ නෑ.. සුමනේ අන්කල් රෑට බොනවා කියලා මොකෙක් හරි එකෙක් නගර සභාවට පෙත්සමක් ගහලා... මේක අල්ලන්න නගර සභාවෙන් පැන්නා කනත්තට.... අපේ උන් ඔක්කොම අතටම අහු වුනා.... එතකොට අපි උසස්පෙළ පන්තිවල උනත් ඒ සෙට් එක අපේ උන් අල්ලගෙන, හෙන ලෙක්චර් එකක් දීලා තමයි අත ඇරියේ.. ඒ උනාට ගෙනාපු බෝතල්, බයිට්, සැන්ඩි, සිගරට් සියල්ල නගර සභා නිළධාරීන් සතු වුනා... මේ වෙලාවේ පොඩි මූත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවයකට කට්ටියගෙන් මිදිලා හිටපු මමයි ජනකයි ( ඔව් අර වෙසක් කූඩු කතාවෙයි තව කථා සීරීස් එකකමයි හිටියේ..) මේ සෙට් එකට අහු වුනේ නෑ... දැන් අපි දෙන්නා කණුවකට මුවා වෙලා මේ සිද්දිය බලාගෙන ඉන්නවා.... කකුල් ගැහෙනවා... දාඩිය පෙරෙනවා... කවුද දන්නේ පොලිසියෙන්ද කියලා... බනිනවද? අම්මලාට එන්න කියනවද? ස්කෝලෙට මාට්ටු කරලා දෙයිද මේ වගේ අනන්තවත් දේවල් හිතේ පිරිලා....


අහු වුන උන් කාකි පාට ඇද ගත්ත තුන් දෙනෙක් එක්ක පිට වුනා... නගර සභා මහත්වරු අදාහනාගාරයේ ඉඳන් අපේම උන් ගෙනාපු බෝතල් ටික වට කරගෙන සෙට් වුනා.. ඒ පාටිය නැගලා යනවා... මමයි ජනකයි පාළු සොහොන් බිමක් උඩ මදුරුවෝත් නොතලම උන්ට කටින් පිඹ පිඹ හැන්ගිලා හිටියා... ඒ අතරේ අර මිනිස්සුත් එහා මෙහා යන නිසා අපිට පැනලා දුවන්නත් බෑ... අන්තිමේදි රෑ බොනවා කියපු සුමනේ අන්කලුත් නගර සභා නිළධාරී කට්ටියත් එක්ක එකතු වෙලා මෙන්න බොනවා.... අම්මපා එහෙමත් පරීක්ෂන..


අන්තිමට මේ වැඩේ ඉවර උනේ පාන්දර තුනට විතර....  අපි දෙන්න හතර විතර වෙනකොට කනත්තේන් පිටවුනා.. කෙටි පාරකින් ඇවිත් බෞද්ධාලෝක පාරට එද්දිම ඔන්න පොලීසියේ ජීප් එකකින් අපිව අල්ල ගත්තා... මෙහෙමයි දෙබස...


කොහෙද යකෝ යන්නේ උදේ පාන්දර *&(^% වන වනා...


සර්... මේ අපි ප්‍රැක්ටිස් යනවා....


පාන්දර හතර හමාරට මොන ප්‍රැක්ටිස්ද යකෝ....


ලබන මාසේ නුවර ***** එකේ හයික් එකක් තියෙනවා... ඒකට උදෙ 5ට ප්‍රැක්ටිස් පටන් ගන්නවා.. බස් නැති හිංදා පයින්ම යනවා...


කොහෙද ගෙවල්... එනවා මෙතන අපිට අරින්න...


මම වැහැර නිශ්ශංක මාවතේ... මෙයා අපේ ගෙදර නැවතිලා ඉන්නේ...


නිශ්ශන්ක මාවතේ කොතනද?


නොම්මර 40.


හොඳයි.. පලයල්ලකො අදට... ආයෙ අහුවෙන්නේ නෑ.. යන තැනකට තොපෙ මහ එවුන්ට කියපියව් ගිහින් දාන්න කියලා.. මෙතන අපිට වද නොදී.. නැගපියව් ජීප් එකට ගිහින් දාන්න ඉස්කෝලෙට.... තොපිව බල්ලෙක්වත් හැපුවොත් මිනිස්සු නගින්නෙ අපේ කරේනෙ....


ඔන්න ඔහොම කියලා පොලිස් අන්කල්ලා අපිව ජීප් එකේම ඉස්කෝලෙට ගෙනත් දැම්මා..... 



මේ ඔක්කොම කිව්වේ ජනකයා... අපි එනකොට කොල්ලො ටික අන්ද මන්ද... ඇයි අපට මොනා වෙලාද දන්නේ නෑනේ...... රාජා ඉන්නවා ඉස්කෝලේ ගේට්ටුවට හේත්තු වෙලා උඩ බලාගෙන....  පොලිස් ජීප් එකෙන් බැහැපු සාජන් මහත්තයා රාජගුරු ගාවට ගියා.... ගිහින් රාජගුරුට මෙහෙම කිව්වා.... 


චූටි මහත්තයා.... මෙන්න මුන් උඹලගෙ ගෙදර කියන්නේ ඉන්නේ... මුන්ට කියපන් ආයේ පාරෙදි මට අහුවෙන්න එපා කියලා....


හරි වීරෙ අන්කල්... තැන්ක් යූ... අපි භයේ හිටියේ මුන් දෙන්නා කොහෙද කියලා....


පොලිසියේ ගියාට පස්සේ රාජ අපෙන් විස්තරේ ඇහුවා...


කොහෙද ***** තොපි ගියේ.... වීරේ අන්කල් හම්බුනේ කොහෙන්ද?


අපි ඉතින් මුළු කථාවම ඌට කිව්ව....


අනේ ****, වීරෙ අන්කල් ඉන්නේ අපේ අල්ලපු ගෙදර. අනේ තොපි වගේ ගොන් හරක්.....


හප්ප... ජරමර අස්සේ බර කරත්ත.... හතර විලි ලැජ්ජාවේ ආඩම්භරේ බෑ.... 


එදා තමයි කනත්තේ සෙට් උන අන්තිම දවස.... අපි සෙට් නොවුනට තවමත් රාත්‍රියට  කනත්තට ඇදෙන තරුන පිරිස් මම මේ ලඟදි කුරුනෑගල ගිය වෙලාවෙත් දැක්කා...


ප.ලි. මේ දවස්වල කළුබෝවිල දුමී ලංකාවට ඇවිත් ඉන්න නිසා වැඩිය මොකවත් ලියන්න වෙලාවක් නෑ... ලංකාවේ ඉන්න ටික දවසට උනත් ඔහුගේ මිත්‍ර සමාගමය වෙනුවෙන් අපි ඇප කැප වෙලා ඉන්නවා..... :D :D :D



25 comments:

  1. ඒ කියන්නේ කනත්ත නොතිබ්බබනම් අභියයියලා අදත් හොඳ මිනිස්සු කියලනේ :D

    ReplyDelete
  2. රාජ කියන්නෙ එල පොරක්නෙ... මොනා වුනත් එල කට්ටක් කන්න ඇති..

    ReplyDelete
  3. පොලිස් මාමලගෙ කතා විලාශයට මට නම් ආසාවෙ බෑ.
    Dude aka henryblogwalker

    ReplyDelete
  4. අභිත අයියා එදත් අදත් කවදත් හොද පොරක් තමයි පුසා.
    මෙවගෙ නරකවැඩ නම් අපි පුරුදු වුණෙ නැහැ ඉස්කොලෙ යන කාලෙ.

    ReplyDelete
  5. බයිට් එකට ගෙනියන්නේ ඩෙවල් පෝක් වෙන්ටෑ...
    යකඩ ඇනයක් දාගෙන ගියාම අර කෂ්ඨිය කන්නෙ නෑලූ...

    ReplyDelete
  6. කොහොම විශ්වාස කරන්නද මන්දා 8 වසරෙදි බිව්වෙ නැහැ කියල?

    ReplyDelete
  7. ඔය කියන්නේ අපේ වයසෙ හිටපු කෙප්ප රාජගේ අයියා වෙන්න ඕනා.
    පොරට කෙප්ප රාජා කියන්න හේතුව අමුතුවෙන් කියන්න ඕන නෑනේ නේද?

    ReplyDelete
  8. අනෙ අම්මෝ . . . . මෙහෙමත් බේබද්දො . . . . . උඹලගෙ වැදිල එන හුලං පාරක්වත් ඇඟේ වදින්න ඉන්න නරකයි . . . . .

    ReplyDelete
  9. මගේ කතාවෙන් පස්සේ අභීත අයියට වෙච්ච කතාවක් මතක් වෙච්ච එකත් කොච්චර දෙයක්ද ..

    අට වසර කියන කාලෙදී මම බෝතලයක් තබා මූඩියක් වත් දැකලා නෑ !! බොරු කියන්න එපා බං අයියා උඹ අටේදිත් බීවනේ !

    එදා කනත්තේදී බොන්න බැරි වුණාට ඇරියසුත් එක්ක ..ලඟදීම දවසක සෙට් වෙන්න වරම් ලැබේවා ..!!

    ReplyDelete
  10. "මේක කියවද්දි පරණ සිද්ධියක් මතක් වුණා… ඉස්කෝලේ යන කාලේ අපි යාළුවෝ තුන් දෙනෙකුටත් හිතුනා බොන්න… උවමනාවකට නෙවෙයි නිකං අත්හදා බලන්නත් එක්ක… ඔන්න තාප්පෙන් පැනලා, අම්මයි තාත්තයි දෙන්නම ඔ‍ෆිස් යන එක යාළුවෙකුගේ ගෙදර ගිහින් යුනිෆෝම් ගලවලා බෑග් වල දාගෙන තුන්දෙනාම උගේ ඇඳුම් ඇඳගෙන පිටත් වුණා…

    ඔන්න ඔය හොරණ පැත්තේ රබර් වත්තක් වගේ ප්ලේස් එකක පොඩි දොල පාරක් එහෙම ගලාගෙන එන පොට් එකක්…මට නම හරියටම මතක නැහැ…ඇලකන්ද වගේ නමක් තමයි මතක… තිත්ත කසාය බොනවා වගේ කෙළ ගහ ගහ අමාරුවෙන් බෝතල් බාගයක් විතර බිව්වා… ඉතුරු ටික බීගන්න බැරුව හැලුවා… මට නම් ඔළුව කැරකෙනවා ඇරෙන්න මෙළෝ අවුලක් තිබුණේ නෑ, අනිත් උන් දෙන්නා නම් කියවනවා කියවනවා ඉවරයක් නෑ… සිංහල මල පොතේ අකුරක් බෑ වගේ ඉංග්‍රීසියෙන් විතරයි කතාව…

    වැඩි වෙලාවක් ගියේ නෑ එක පාරම පොලිස් ජීප් එකක් ඇවිත් බ්‍රාස් ගාල නැවැත්තුවා… හිංදි පිචෑර් එකක වගේ පොලිස්කාරයෝ ගස් ගල් පෙරලගෙන දුවගෙන ආවා… මෙච්චර වෙලා එතන හිටියද කියලා අපිවත් දැනගෙන හිටියේ නැති කපල් දෙක තුනක් බෙල්ල මුලින්ම අල්ලගත්තා…සමහර උන් දුවන්න ගිහින් වැටිලා එක කළබලයයි… අපි නම් නැගිට්ටෙවත් නෑ… පොලිස් කාරයෙක් ළඟටම ඇවිල්ලා යන්න කතා කරනකල් …

    මගේ අනිත් උන් දෙන්නට එකසිය ගානට වැදිලා… එකෙක් කබරයා දානවා නිකන් ගිනි නිවන හමුදාවේ හෝස් එකෙන් වතුර විදිනවා වගේ… කොහොම හරි කපල්ස් ටික ඉස්සෙල්ලාම ජීප් එකට නග්ග ගත්තා… ඉඩ තියෙන තැනක් බලලා මාත් වාඩි වුනා… ඔලුව කැරකෙන හින්දා දෙකට නැවිලා හිටගෙන යන්න අමාරුයිනේ… අරුන් දෙන්නට නගින්න කිව්වම උන් දෙන්නා නගින්නේ නැතුව ඉංග්‍රීසියෙන් අයිනේ සීට් එකට රංඩු වෙනවා… පොලිස් කාරයින්ටත් හිනා… එක පාරම අරූ ඕක් ගාලා වමනේ පාරක් විද්දා රාළහාමිගේ පොලිෂ් කරපු සපත්තුව ගාවින්ම ලෑන්ඩ් කලේ… යන්තම් බුවා වැඩකෑල්ලක් දාලා බේරුණා…

    සමහරවිට කට්ටියට තේරෙන්න ඇති ජීප් එකත් හෝදන්න වෙන කුණු සීන් එකක් තමයි කියලා, කොහොමහරි මටත් බහින්න කියලා ටිකක් දුරින් තියෙන තේ කඩයක් පෙන්නලා ඒකට ගිහින් දෙහි ටිකක් ඉල්ලගන්න කියලා කාරුණිකව උපදෙස් දීලා උන් යන්න ගියා…

    ඊට පස්සේ ගෙදර ගිය හැටි ලියන්න ගියොත් මේක පෝස්ට් එකට වැඩිය දිග වෙනවා… ඒක නිසා මෙතනින් නවත්තන්නම්… :)"

    මේක වීරකමක් නෙවෙයි, මෝඩකමක්...!

    මේ නවම්ගේ බෑ බෑ මට බොන්න බෑ පෝස්ට් එකට මම දාපු කමෙන්ට් එක... ගෙඩිපිටින් මෙතනත් දැම්මා... :D

    ReplyDelete
  11. කනත්ත පිටු දකිමු....!!!

    ReplyDelete
  12. රාජගෙ නම කිව්වනං ලේසියෙන්ම බේ‍රෙන්න තිබුණනෙ.

    ReplyDelete
  13. කනත්ත නැත්නම් අයියත් අද හොද මිනිහෙක්..හිකිස්‌

    ReplyDelete
  14. බොන්නේ නැත්තං මොනවා කලාද එතනට වෙලා.
    අනික තමා ඇත්තම කතාව බෙබාලා ටික මාට්ටු වෙද්දි තමුන් මාරු උනා කියන එක.මාරම යාළු ෆිට් එකක්නේ

    ReplyDelete
  15. වීරෙ අංකල්ලගෙ ගෙදර ඇඩ්‍රස් එක කිව්වනම් තමා මරු.......

    ReplyDelete
  16. අඩේ දැන් එතකොට සම්පූර්ණ වැරැද්ද කනත්තෙ නේද? හරි හරි...! දැන් නෙ තේරුනේ. වරෙන්කො කවදා හරි යන්න තියෙන්නෙ මෙතෙන්ටනෙ කියලා අන්න කනත්තෙ කට්ටිය පිලිගන්න රෙඩි වෙලා ඉදියි ඔන්න අපිනම් දන්නෙ නෑ හරිද?

    ReplyDelete
  17. හැහ්.. යකඩෝ.... මුං වගේ බේබද්දෝ ටිකක්. අජූතයි. ඒක තමා කුරුණෑගල කනත්තෙ හොල්මන් නැත්තෙ එහෙනං...

    ReplyDelete
  18. අහන්න දෙයක් නැහැ අර පොඩි එවුන්ට බොන්න පුරුදු කලේ කව්ද කියල, අර අමද්‍යප සමිතියෙ සබාපති ඕනය කිව්වත් වගෙ මුන්ගෙ හුලන් වදින පැත්තක වත් ඉන්න හොඳ නැහැ තමා...හිකිස්

    ReplyDelete
  19. හම්මේ ඔයින් ගියා මදැයි.අපිත් රෑ ජාමෙ මිරිහානෙ පොලිසියට මාට්ටු වෙලා හොඳ සැපක් ගත්ත උන්.කරුමෙ කියන්නෙ බොන්න ගිහින් නෙවී රෑ කන්න ගිහින්.ඕන් පොලිසි..

    ReplyDelete
  20. සික් මොකට කනත්තක් තිබ්බද මන්දා...... හික් හික්

    ReplyDelete
  21. ඔය නෑ නෑ කිව්වට මූවත් අහුවෙන්න ඇති...

    ReplyDelete
  22. අට වසරෙදිත් බීලා..අප්පා..නියම කට්ටියක් නෙ...:D

    ReplyDelete
  23. සික් අසික්කත එව්වෝ... කටේ කිරි සුවද යන්නත් කලින් දහ ජරාව බීල... හික් හික්....

    ReplyDelete
  24. මම අට වසරෙදි යාන්තම් බීර නම් බීල තියෙනව....
    ඊට වඩා නැහැ!!
    හැබැයි 9යෙදි නම් කරන්න තිබුන දේවල් වලින් බාගයක් විතර කලා!!
    :)

    ReplyDelete
  25. ado abita aiye boru kiyanda epa රාජගුරු kiwe ලතා kiyala,apith wahara tama,

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...