1. [මනාලයෝ] ගම්පහ පදිංචි කොණ්ඩය ඉත්තෑකූරු සේ සැකසූ කඩවහන තරුණයෙකුට මනාලියක් සොයයි... මත්පැනට ගිජුය.. අනන්මනන්(කෙටි ඇසුරකින් පසු දැනුවත් කෙරෙනු ඇත.) උපකරණ ගැන හසල දැනුමක් ඇත.... කුළුදුල් ප්‍රේමයට අවංක නිහතමානී රුවැති යුවතියකට ඇරයුම්.. කේන්ද්‍ර කොපිය සමග විමසන්න චතුෂ තුෂර කුමාර (සොහොයුරා) බාරේ..
2. [මනාලයෝ] මූණ මඳක් සුදුමැලි, වයස 33ක් වන, මත්පැනට
3. [මනාලයෝ] සිංහල බ්ලොග් අවකාශයම භූමිකම්පාවක් සේ සෙලවූ, හැක්පෙටිපොල බලකායේ අතිගරු කැඳවුම්කරුට මනාලියක් සොයනු ලැබේ. ජාති ආගම් කුල මල ලිංග භේද නොසැලකේ. දෙහි මංගල්‍යය පවත්වා ඇත. මනාලිය උදේට හවසට සැතපුමක් පයින් යා යුතුය... නියරේ කෙළින් යා හැකි විය යුතුය.... කලුවරකදී දත් කුට්ටමෙන් හැදිනිය හැකි බුද්ධියක් තිබිය යුතුය..
4. [මනාලයෝ] නිට්ටඹුව වෙසෙන ප්‍රවීන ජ්‍යෝතිෂවේදිවෙකුට නිට්ටඹුව අවටින්ම පුන්චි පහේ කෑල්ලක් සොයයි.. වයස නොපෙනේ
6. [මනාලයෝ] පොලොස් ඇඹුල හදන්න පුලුවන් යුවතියකටයි මේ ඇරයුම.....
සතියකට දෙතුන් වතාවක් උදේට,දවල්ට හා රෑට පොලොස් ඇඹුල් රසට සදා දීමට ඹබටත් හැකිනම් මා සොයන සහකාරිය ඹබ විය හැකිය. රසට පොලොස් හදන්න පුලුවන් නම් කොල්ලෙකු උවද සලකා බලනු ලැබේ.
7. [මනාලයෝ] අවුරුදු 4ට කලින් විවාහ වී ඇති නිසා ඉවත් කරන ලදී.... සමහර විට කමෙන්ට්වල නැවත පලවේවී...
8. [මනාලයෝ] 86 පසු ඉපදුන.. රුමත්, ගුණවත්, බුද්ධිමත්, උගත් තරුණියකට මෙන්න මහගු අවස්ථාවක් තම ජිවිතය සතුටින් පුරවා ගැනිමට..සුරාවෙ පිරුණු, සුදුවෙන් තොර, සුදු පිරිවටක් මෙන් බුද්ධියෙ කොටසක් වර්ධනය වී නැති නිති පන්සිල් පොය අටසිල් ( පාර්ටිස් වලදි වලංගු නැත) රක්නා රත්‍රන් පුතෙකගෙන් පිරිනැමෙන පහත පැකෙජයන් සදහා ඔබත් දැන්ම අයදුම් කරන්න
පැකෙජ් අංක 1. වරදට සමාවදෙමි - අවමය කොටි 2.5 දැවද්දක් සමග ගොඩින් අක්කර 10 යි මඩින් අක්කර 4 යි
පැකෙජ් අංක 2. සියල්ලොම එක වහලක් යට. - අවමය කොටි 5 ක දැවැද්දක් සමග නිවසක් සමග මාමන්ඩියගෙ බිස්නස් වල නිත්‍ය හිමිකාරත්වය(රත්තරන්, මැනික් සම්බන්ද ව්‍යාපාර සලකනු නොලැබෙ)
පැකෙජ් අංක 3. පැත්තක් නැහැ. - අයදුම්කාරියන්ව සම්මුක පරික්ෂනයක් සදහා යොමු කිරිමෙන් අනතුරුව සලකා බලනු ලැබෙ.
පැකෙජ් අංක 4. මුකුත් නැහැ. - අයදුම් කරන්න. උඩ තුනෙන්ම ආවෙ නැත්තම් ඩෙෆා.. ඉස්සලාම එන අයදුම් පත්‍රය ගැන විසෙස සැලකිල්ලක්.
ඔබගෙ ලිපියෙහි ඉහල වම් කෙලවරෙයි, පැකෙජ් අංකය සදහන් කරන්න..
9. [මනාලියෝ] වයස 22 ක් වන බොදු ඩොක් තරුණියකට ගුණවත් නැනවත් චරිතවත් කියන දේකට එහෙයි කියමින් ජීවිත කාලෙම ඩොක් සමග ජීවත් විය හැකි තරුණයෙකු ඇගේ යහලුවන් විසින් සොයනු ලැබේ . අවසන් තීරණය ඇය සතුයි
10. [මනාලියෝ] නුවර එළීයේ පදිංචි පැහැපත් පිරිපුන් ගුනවත් මට සුදු සහකරුවෙක් මම සොයමි දැවැද්දට බර වාහනයක්, රේල් පීලි ඇඳක් සහ හෙන්ඩුවක්... !!
11. [මනාලයෝ] ඓතිහාසික කන්ද උඩ රට පුරවරයේ දැනට ඉතිරිව ඇති එකම අවිවාහක බස් ජොකියෙකුට රෑමත්.. උගත්.. ලාමක.. අවිහිංෂක.. සුකුමාල..විනීත ළඳක් සොයනු ලැබේ...
බයිසිකල්වල පිටිපස්සේ යැමට හැකියාවක් තිබිය යුතු අතරම..වංගු ගනිද්දි බිය වි කෑනොගැසිය යුතුය. බ්රේක් ගසන විට බෙල්ල මිරිකන අයෙක් නොවිය යුතු අතර එම අවස්ථාවන්හිදී වඩාත් තදින් පිටේ හැපීම අගය කරනු ලැබේ.
12. [මනාලයෝ] ඉතාලියේ වෙසෙන කට්ට කළු යොවුන් කුමරෙකුට මන්ද මානසිකත්වයෙන් පෙලෙන රූමත් තරුනියකගේ අවශ්‍යතාවය දැනී ඇත..... ඔබම ඉල්ලුම් කරන්න... විවාහයෙන් පසු විදේශ ගත වීමට සූදානම් විය යුතුය.... සුදු පැහැයට වඩා කැමතියි.. වෙන අයැදුම්කාරියන් නැත්නම් කාපිරි වුවද සලකා බැලේ... වැඩි කලක් ඉවසිය නොහැකි බව අවධාරනය කරන්නෙමු
13. [මනාලයෝ] ඇඹිලිපිටියේ උපන් කොළඹ වගේ හැසිරෙන යකෙක් වගේ තරුණයෙකට කොළඹ හතෙන් පොෂ් කෙල්ලෙක් සොයයි... අවුරුද්දක වගකීම සහිත ඇන්ඩ්‍රොයිඩයක් හිමිය.... රෑට දැක්කොත් භය නොවිය යුතු අතර මත්පැන් කිසිවක් කටේ නොතියන බව පවසයි..... අයැදුම් කිරීම @#$%$% බාරේ......
විවාහක අයගේ ඒවත් තිබ්බා... ඒවා වැඩක් නැති නිසා අයින් කලා.....
මේ අය කවුද කියලා හිතන ගමන් අයදුම් කරන්න හිතෙනවානම් අයදුම් කරන්න.. ඔබේ දැන්වීමත් මෙහි පලකරන්නේ නම් කමෙන්ට් එකක් හැටියට පල කර යන්න.... මේ වෙලාවෙත් ඒ බස් එකේ සමහර මංගල දැන්වීම් ලියවෙනවා..... පුළුවන් උනොත් යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙනවා...
ප.ලි. මා විසින් ඇතුල් කල යම් යම් සංශෝධනවල වගකීම මා විසින්ම භාරගනු ලැබේ..
7. [මනාලයෝ] සංචාරක ආයතනයක් හිමි මෙලෝ රහක් නැති පුරුෂයෙකුට භාර්යාවක් ඔහුගේ බිරිඳ සොයයි. දත් සියල්ල තිබීම අත්‍යාවශ්‍ය වන අතර ගලවා ගැනීමට සූදානම්ව සිටිය යුතුය. හෝටල් හිමිකාරයක් හෝ හිමිකාරයෙකුගේ බිරිඳක් නම් වඩා සුදුසුය..
ReplyDeleteසමාවෙන්න ආදරණීය ඇනෝ... පුළුවන්නම් ඒ කමෙන්ට් එක ආයෙත් දාන්න.. මම හදිස්සියට ඩිලීට් කලා... මගේ බ්ලොග් එකට කාලෙකින් එහෙම එකක් වැටුනේ නැති නිසයි කලබල උනේ.... අනේ තරහ අවසර.. ආයෙත් දානවද සමාවෙලා.....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteසික්.නිශ් වැඩේ කාලා.මම දාන්න ගිය පෝස්ට් එක කලින් දාලා :D
ReplyDeleteමාර මනමාලයෝ ටිකක්නේ...පොඩ්ඩක් ඉන්ට තාම කියවනවා. පින්තූරු දාන්නේ නැද්ද? අර කෙහෙල්වත්තේ චූටි මහත්තයාට කීවානම්, විදේශ සිත්තරා ලව්වා එයාලගේ පින්තූරු අන්දවගන්ට තිබුනා...:D
ReplyDeleteඔක්කොම එක දවසෙද බඳින්න යන්නේ..
ReplyDeleteඅන්න සිළුමින, දිවයින මංගල යෝජනා තීරය අත් හිටුවලා..
ReplyDeleteඅභීතට මාර පිනක් කොහොම උනත්. :)
පින් සිද්ද් වෙන වැඩක්. දිගටම කරගෙන ගියොත් නරකෙයි. මම මේ නිකමට අහන්නේ. බි.පෙ.සි.
ReplyDeleteපැන මඩ කඩිති...!!!
ReplyDeleteඑළකිරි නියමයි
ReplyDeletemarunee! :) dan meekada aluth job 1~
ReplyDeleteමචො...නියම වැඩක්නේ..පටං අරන්තියෙන්නේ....
ReplyDelete" මචං අර උබේ ලැප්ටොප් කෙස් එකත් කොහොම හරී මෙකේ ලියපං...." හැබැ අවුලක් නැත්තං විතරක් "
මුලටම වැටිලා තියෙන කමෙන්ටුවට මගේ මනාපය... හික්ස්ස්
ReplyDelete@රාජ්.. මොකක්ද බන් ලැප්ටොප් කේස් එක
ReplyDeleteමචො....අර මත්තේගොඩ සමීරයගේ...අයියගේ...පලහිලවුව....
ReplyDelete//ලිංග භේද නොසැලකේ.//ලිංග බේදය පමණක් සලකයි// ෆට්ටය!
ReplyDeleteඅංක 5 නං මම දන්නවා(කියල හිතෙනවා)
ෂිහ් කලිංම බැන්දනෙ...!
//බ්රේක් ගසන විට බෙල්ල මිරිකන අයෙක් නොවිය යුතු අතර එම අවස්ථාවන්හිදී වඩාත් තදින් පිටේ හැපීම අගය කරනු ලැබේ.//
ඒකනං තේරුනේ නෑ...
@රාජ්... ලැප්ටොප් නෙමෙයි බන්.. අයි පෑඩ්.. ඒකෙ සීන් එකක් නෑ.. මගේ වැරැද්දක් නිසා වෙච්ච දෙයක්.. ඒකෙ ලියන්න තරම් දෙයක් නෑ.. ඒක වෙන්න හේතුව මම ලියලා තිබ්බා සීරීස් එකකින්....
ReplyDeleteඑළ මචො...මට ඒ ලින්ක් එක එවපංකෝ....මාත් ඔය එරියල් එකේ ඉන්නේ බං
ReplyDeletetraj1981@gmail.com
මටත් ඊයේ ඔය බස් එක බලලා හිනා වෙලා පන යන්න ආවා බන්
ReplyDeleteසික් විතරක් වටිනා බස් එකක් මිස් වෙලා ඊයේ :(
ReplyDeleteඅපේ එකකුත් දාගන්න බැරි වෙයිදෝ
ReplyDeleteහික් මටත් බැරිද අප්පා මොකුත් කරගන්න...
ReplyDeleteජය,,
නිශ් සමඟ 1000% එකඟයි !
ReplyDeleteඑතකොට බැඳලත් තනියම ඉන්න අපිට නැද්ද චෑන්ස් එකක් ????
ReplyDeleteප.ලි.
අර අස්පය මැරුනු එකාව අමතකම කරල දාල නේද තොපි ??? ගුනමකු අමනයෝ . . . .
මටත් දාගන්න ඕනේ.....බැරිවෙයිදෝ???
ReplyDeletehttp://aadarayadukak-dush.blogspot.com/2011/08/blog-post_10.html (මට මේ සුදුසුකම් සහිතව තමා අපේ අම්මයි තාත්තයි හොයන්නේ)අනේ මත් ඕකනම් දැම්මා තාම කවුරුත් හම්බ උනේ නෑනේ
ReplyDeleteමටත් දාගන්න ඕනේ.....බැරිවෙයිදෝ???
ReplyDeleteමූණ මඳක් සුදුමැලි, වයස 33ක් වන, මත්පැනට මඳක් . ගිජු ෆුල් ස්ට්‍රේට් ගති ඇති, ලක්ෂ දෙක ඉක්මවා වැටුප් ලබන, නිතර විදේශ සංචාරයන්හි නිරත වන, උස අඩි 6 ඉක්මවූ දෙහධාරී මිතුරාට, පාරේ එක්කගෙන යා හැකි මනාලියක් මිතුරු කැල සොයයි.....
ReplyDeletemeya nam dannava..
අපි නම් දන්නේ නෑ මේවා,සික් මෙහෙමත් කුජිතයෝ
ReplyDeleteබස් එක ෆුල් ලෝඩ් කරල ගිහින් වගේ!
ReplyDeleteකීයක් ගන්නවැයි අයියෙ ඔහේ මේ වැඩේට ?
ReplyDeleteම්ටත් පොඩි ඇප්ලයි පාරක් දාගන්න බැරි වේද අ-බීත අයියා !!!
ReplyDeleteඅමාරුවෙන් කීප දෙනෙක් අදුර ගත්තා... හොරෙන් වගේ නම් ටිකත් කියන්න බැරිද...
ReplyDeleteහික්ස්...හිනා කාල පන යනවා! 9. මකුලු පැන්චිද?
ReplyDeleteකියන එකෙක් මටත් කියනවකො...
ReplyDeletecreative work bro keep it up
ReplyDeleteමේ අභී අයියේ අවිවාහක පොඩි උන්ට මනාලියො හොයන්න පුලුවන්ද ;)
ReplyDeleteඑල එල .... දාමුද පත්තරේකටත් ??
ReplyDeleteඔන්න ඕක තමයි අපි බස් වල ගමන් බිමන් යන්නැත්තේ !!
ReplyDeleteමටත් අනාගතයේදී ඕනෑ වුනොත් මෙතන දාන්න දැන්වීමක් හදාගන්න ඕන
ශෝක් මංගල යෝජනා ටික.. කාටහරි හරියනවනම් අපිටත් සතුටුයි.....
ReplyDeleteමෙනන් මංගල දැන්වීම් වාරණයක් කරලා....අබේපාල මාමේ කෝ 7 වෙනි එක?:D
ReplyDeleteෆට්ටයි ෆට්ටයි ඇයි මචං අර දේහදාරී අයියට විතරක් පාරේ එක්කගෙන යන්න පුලුවන් කැල්ලක් හොයන්නෙ?
ReplyDelete1. [මනාලයෝ] ගම්පහ පදිංචි කොණ්ඩය ඉත්තෑකූරු සේ සැකසූ කඩවහන තරුණයෙකුට මනාලියක් සොයයි...
ReplyDeleteඅර මියයාමට සම්බන්ද එකාද?
2. [මනාලයෝ] මූණ මඳක් සුදුමැලි, වයස 33ක් වන, මත්පැනට මඳක් . ගිජු ෆුල් ස්ට්‍රේට් ගති ඇති, ලක්ෂ දෙක ඉක්මවා වැටුප් ලබන, නිතර විදේශ සංචාරයන්හි නිරත වන, උස අඩි 6 ඉක්මවූ
ආ..... ලඟදි රට ගොස් ආව එකා...
3. [මනාලයෝ] සිංහල බ්ලොග් අවකාශයම භූමිකම්පාවක් සේ සෙලවූ, හැක්පෙටිපොල බලකායේ අතිගරු කැඳවුම්කරුට මනාලියක් සොයනු ලැබේ.
හහ් හහ්.... සභාපතියා .....
4. [මනාලයෝ] නිට්ටඹුව වෙසෙන ප්‍රවීන ජ්‍යෝතිෂවේදිවෙකුට නිට්ටඹුව අවටින්ම පුන්චි පහේ කෑල්ලක් සොයයි..
මෙයත් මිය යාමට සම්බන්දයි නේ???
5. [මනාලියෝ] දකුණු ලක රැජින..
ආ... හා... බියුටිෆුල් මයින්ඩ්වත්ද? වැරදුනාද?
6. [මනාලයෝ] පොලොස් ඇඹුල හදන්න පුලුවන් යුවතියකටයි මේ ඇරයුම.....
මේක නොදනී ... ????
8. [මනාලයෝ] 86 පසු ඉපදුන.. රුමත්, ගුණවත්, බුද්ධිමත්, උගත් තරුණියකට
මෙයා ගොඩක් කවිත් කියනවද?
පැකෙජ් අංක 1. වරදට සමාවදෙමි - අවමය කොටි 2.5 දැවද්දක් සමග ගොඩින් අක්කර 10 යි මඩින් අක්කර 4 යි
නෑ නෑ. මෙයා වියතෙක්...
9. [මනාලියෝ] වයස 22 ක් වන බොදු ඩොක්
මේ????
10. [මනාලියෝ] නුවර එළීයේ පදිංචි පැහැපත් පිරිපුන් ..
මෙයාගෙ නම වතුරට සම්බන්දයිද?
11. [මනාලයෝ] ඓතිහාසික කන්ද උඩ රට පුරවරයේ දැනට ඉතිරිව ඇති එකම අවිවාහක බස් ජොකියෙකුට රෑමත්.. උගත්..
ආ ....හා... මෙයා නම් සුවර්... ඉන්නෙ මැයි මාසෙට මල්බර වෙන අඩවියක නේද?
12. [මනාලයෝ] ඉතාලියේ වෙසෙන කට්ට කළු යොවුන් ...
ම්ම්ම්.... නොදනිමි...
13. [මනාලයෝ] ඇඹිලිපිටියේ උපන් කොළඹ වගේ හැසිරෙන යකෙක් වගේ තරුණයෙකට
?????
මචෝ... සිරා පෝස්ට් එක...
මටත් ඇඩ් එකක් දාගන්න බැරිවෙයිද? :D
ReplyDeleteඅභියා : නම් 13ම දාන්නද? ;-)
මගේ එකකකුත් තියනවා මචං... හැබැයි "රෙඩි මේඩ්".. දෑවැස්සට ළමයි කීපදෙනෙක් දෙන්න පුලුවන්... කව්රැහරි ඉන්නවා නම් කියපන්.. පට්ට පෝස්ට් එක ඈ..
ReplyDeleteකට්ටියව හරියට දන්නවානම් මීට වඩා හිනා වෙන්න තිබුනා.
ReplyDeletemenna kattiya''
ReplyDelete01. mage maranaya
02. madaya
03. wap nishantha
04. marayage horawa
05. -
06. -
07. abepala
08. rawa
09. hasi
10. hansi
11. priyantha
12. dilan
13. lasitha
හිනා කාලා පණ ගියා.
ReplyDeleteඊයේ ඉන්දරයා මේක බස් එකෙ දාලා තිබුනට ලින්ක් තිබුන්නැනේ. දැනුයි දැක්කෙ.
එක අතකට පරක්කු වෙච්ච එක හොඳයි.... පෝස්ට් එකටම හරියන කමෙන්‍ට් ටික.
දැං ඔය ඇඩ් එකක් දාන්න වචනෙකට කීයක් අය කරනවද?
ඩිලන්,
ReplyDeleteඋඔ කලුයිද බං....... සික් මං හිතුවේ උඔ එහෙ ඉඳලා සුද්දෙක් වගේ පාට වැටිලා ඇති කියලා.
අභීතයා,
ReplyDeleteතුන් වැනියා කොන්ඩමුරුක්කුවා නේද? කෝ ඒ ගැන දාලා නෑනේ. කොන්ඩෙ උස්සන පනාව තිබෙන තැන ගැන සහකාරිය නිරන්තර සැලකිලිල්ලෙන් සිටිය යුතුයි කියලා.
පුල් ආතල්.... අහි අයියේ.. අපිටත් චෑනිස් එක දීපල්ලකො...
ReplyDeleteහික් හික්.. මෙව්වට කියන්නේ සමාජ සත්කාර කියලා..;)
ReplyDelete@ඹුද්ධි ..
ReplyDeleteමුන් කියන තරම් මම කලු නෑ බන්
@ Dush / Geethika Dilruk (ගීතික දිල්රුක්)
ReplyDeleteඇයි ගිය මාසේ 24 වෙනිදා එක්කෙනෙක් හම්බ උනා නේද .....?
පොඩි අවුලක් තියෙනවා..
ReplyDelete10. [මනාලියෝ] නුවර එළීයේ..
නුවර එළීයේ නෙවේ.. මහනුවර :D
ඕං කිව්වා මටනං එපා ..මේ රස්සාව කරගෙන ඉන්නවා..මගේ හස්ත කරුමාන්තේ......
ReplyDeleteවලත්ත පෙරේත හාවා.... (බනී) පොට්ටද හලෝ ඔය මගේ ගැන නෙවෙයි ලියලා තියෙන්නෙ. ඕක ඔරිජිනල් නුවර එළියම තමා. මම නම් දැන් ඔය සබ්ජෙක්ට් එකට නෑ. පාඩුවෙ දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන මාසෙකට 3 පාරක් විතර මහරගම බඩ ගගා ඉන්නවා.
ReplyDeleteඅම්මේ පොස්ට් එක කියවලා හිනාකාලා මැරුනා,, කොහොමෙන් කොහොම හරි ගොඩ යන අයගේ වෙඩින් වලට අපිටත් ඉන්වයිට් කොරහල්ලා
ReplyDeleteඅර පැකේජ කාලෙන් කාලෙට වෙනස් වෙන ඒවාද දන්නේ නෑ......
ReplyDeleteහෑ ,.,මේ මගේ එකත් දා ගන්න බැරි වේවිද ආ
ReplyDelete[මනාලයෝ] රූමත් නිවසක් හිමි දෙමහල් සහකාරියට මනාලයෙක් සැමියා සොයයි.
ReplyDeleteහුටා....
ReplyDelete