Sunday, November 27, 2011

සර්පයින් සමඟ වාසේ... ඔබට බොහොම ප්‍රයෝජනවත් වේවි.....

ගොඩාක් කාලයක් තිස්සේ ලියන්නේ නැතුව ඉදලා පරන එකක් දවස් දෙකකට පස්සේ පබ්ලිශ් කලා.. පහුගිය දවස් ටිකේ අති විශාල බැහැරගත පුහුණු වැඩමුලු දෙකක් නිසා සෑහෙන්න කාර්යබහුල වෙලා හිටියේ... එකක් ගැන නම් ලිපි දෙකක්ම දාලා තිබ්බේ මගේ ලෝකයේ රංග. දැන් තමයි ටිකක් ඔලුව උස්සන්න පුළුවන් ගානකට ආවේ... හරි... ඒ කථා පැත්තකින් තියලා අද කියන්න යන කථාවට යමු.. මේ කථාවත් ටිකක් හිනාවෙන්න නෙමෙයි. ඔබගේ ආරක්ශාව උදෙසා.....


ටික දවසක ඉදන් මේ කථාව ලියන්න හිතුවත් ඉක්මනටම ලියන්න හිතුනේ ආගිය කතා ලියන හසිත චාමිකර මල්ලි දාපු අලුත්ම පෝස්ට් එක වෙච්ච සුදු නෙළුම කෝ කියන පෝස්ට් එක කියෙව්වට පස්සේ... මේ පෝස්ට් එක කියවලා එක්කෙනෙක් හරි මේ ගැන දැනුවත් උනොත් ඒ පිනම අති නොවැ.... ඔන්න එහෙනම් කථාව පටන් ගමු....


පසුගිය බ්‍රහස්පතින්දා දවසක මගේ ත්‍රීවීල් රථාචාර්ය ඉන්දික මල්ලිගෙන් කෝල් එකක් ආවා... දෙබස සිද්ධ උනේ පහත ආකාරයට


අභීත අයියා.. කොහෙද ඉන්නේ....


ගෙදර ඉන්නේ.. මොකෝ කලබලේ...


අපේ මාමලාගේ ගෙදර අලුතෙන් කපපු ටොයිලට් වලට නයෙකුයි පොළගෙකුයි වැටිලා.. දෙන්නම් හෙන පත සයිස්...


අනේ බොරු නොකියා හිටපන්.. නයයි පොළඟයි කොහොමද එකටම වැටෙන්නේ වලට...


නෑ.. නෑ.. ලෑස්ති වෙලා ඉන්න.. මම දැන් එන්නම් ගෙදරට... ගිහින් බලමු බොරුද කියලා..


හරි වරෙන්....


කෝකටත් මගේ සගයා ජීවිතය වචනයෙන් ලියන සෝරෝටත් කැමරාවත් අරගෙන ලෑස්තිවෙන්න කියලා දුරකථන ඇමතුමක් දීලා මම ගමනට සූදානම් වුනා... නයි පොලොන් කතා කිව්වොත් ගෙදරින් යන්න ලැබෙන්නේ ප්‍රශ්ණ පත්තරේකට උත්තර දීලා නිසා මම රාජකාරී ගමනක් යන මුවාවෙන් ඉන්දිකත් එක්ක එලියට බැස්සා... ගිහින් බලපුහාම ඇත්ත නේන්නම් මේ ඉන්නේ දෙන්නම එක වලේ.... කෝ කියලද අහන්නේ... ඔන්න පින්තූරේ....



අලෝක තත්ත්වය නිසා ඡායාරූපවල ගුණාත්මක භාවය ගැන තරහා අවසර....  මේක ඇත්තටම හරිම භයානක තත්ත්වයක්.... ලංකාවේ වෙසෙන සර්පයෝ අතරින් විස වැඩිම ලෙස පෙල ගැස්සුලෑත් මේ ඉන්නේ පළවෙනියයි පස්වෙනියයි.. දෙන්නම මාරාන්තික විෂ සහිත සර්පයින්.... නයා අඩි හත හමාරක් විතරත් තිත් පොළඟා අඩි හතර හමාරක් විතරත් දිගයි... තිත් පොළඟා ගෑනු සතෙක්.. ඇයගේ උපරිම ප්‍රමාණයට වැඩී තියෙනවා... මේ කොට්ටාව නගරයේ ඉඳලා කිලෝමීටරයක් ඈතින් සිද්ද වෙච්ච සිද්ධියක්... ඔබට මතක ඇතිනෙ මීට මාස දෙකකට කලින් බත්තරමුල්ලේ පැලවත්තේ පොළගෙකු දශ්ඨ කිරීම නිසා කාන්තාවක් මිය ගියා... ඉන් අනතුරුව කල සොයාබැලීම් වලදී පොලොන් පැටවුන් 8 දෙනෙක් හමුවෙලා තිබුනා... ඒ නිසා මේ පින්තූර දිහා බලලා හාස් හූස් ගානවාට වඩා මෙහි තිබෙන අවධානම වටහා ගැනීමයි වැදගත්..

කොහොම හරි අපි දෙහිවල සත්වොද්‍යානය දනුවත් කරලා එහි උරග අධීක්ශණ නිලධාරී ප්‍රේමසිරි පේරිස් මහත්තයාව එක්කගෙන ආවා.... ඔහුනම් කරන්නේ මිල කල නොහැකි සේවයක්.. ඔහු මේ දෙන්නව අල්ලගත්ත හැටි තමයි පහත ඡායාරූපවල තියෙන්නේ....    

තත්ත්වය පිරික්සා බලමින්

පළමුව ගොඩට එන්නේ නයා.. අඩි හත හමාරක් පමණ දිග එක්කෙනෙක්....

ආරක්ෂිත ප්‍රදේශයකට..... 

පේනවනේ.. පෙනෙන්මයි අල්ලගෙන ඉන්නේ....


මල්ලක් ඇතුලට නයානම් ගියා ඔන්න....

මෙන්න පොළඟා.. අඩි හතර හමාරක් විතර... පීරිස් මහත්තයා කියපු විදිහට
 මෙයා අවුරුදු 12ක විතර ගෑණු සතෙක්.. දැනටත් මෙයාගේ කුසේ පැටවුන්
 හතලිහක් විතර ඉන්නවා.... එයාලා එලියට ආවානම්...

ලංකාවේ විෂ වැඩිම සර්පයාගේ ලොකුම ප්‍රමාණයේ එක්කෙනෙක්
 බෑග් එකට යන්න ඔන්න මෙන්න කියලා...

ඔබ කරනා මෙහෙය මිළ කළ නොහැකියි.. මැතිතුමනි....

විෂඝෝර සර්පයින් දෙන්නෙක් අත් දෙකේ
තියාගෙන ටිකක් හිනාවෙමින්...

සත්වෝද්‍යානයට මුදාහරින සර්පයින්....

ඉතින් මේ කාරිය අවසන් වෙලා පීරිස් මහත්තයාත් එක්ක ලඟ තිබ්බ කඩේකට වෙලා නූඩ්ල්ස් එකක් කමින් කතා කරන්නට මට අවස්ථාව ලබුනා.... ඔහු දුන්න උපදෙස් වලට අනුව ඔබට වැදගත් දේවල් කිහිපයක් සටහන් කරන්නයි මම මේ සූදානම් වෙන්නේ..... ඒ කියන්නේ ඔබට හෝ ඔබ දන්න කියන අයෙකුට සර්පයෙකු දෂ්ඨ කලොත් කල යුතු ප්‍රථමාධාර ගැන ඔබව දැනුවත් කරන්නයි මේ සුදානම් වෙන්නේ...

මූලික ප්‍රථමාධාර
  ගලා යන වතුරෙන් තුවාලය සේදීම
  රෝගියාගේ භය නැති කිරීම (ඇත්තටම ඒක භය වෙන්න කාරණයක් නෙමෙයි... අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණ හැකියාව මත හා සිතේ තියෙන සවිමත් බව නිසා ගොඩාක් දේවල් තීරණය වෙනවා.)
  රෝගියා නොසොල්වා තැබීම
  හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් වෙත රැගෙන යෑම (සර්පයාත් එක්ක රැගෙන ගියොත් හොඳයි... ඒත් ඉතින් ගොඩාක් අය සර්පයා රැගෙන යන්න ගියොත් උගේ ජීවිතය ගැන කථා කරලා වැඩක් නෑනේ...)
  
දෙවන ප්‍රථමාධාර

  සුදු පිටවක්කා කොල කොටලා ඉස්ම පානයට දීම (දැන් ඉතින් සුදු පිටවක්කා කොහෙන් හොයන්නද අහන්න එපා.. ඔබේ නිවසේ පැලයක් පැල කර ගන්න තවමත් ප්‍රමාද නෑ...)
  කරපිංචා කොල කොටලා ඉස්ම පානයට දීම
  කිතුල් හකුරුත් සමඟ  එළඟි තෙල් ආහාරයට දීම
  රුක් අත්තන ගහේ පස් පංගුව කොටලා බොන්න දිය යුතුයි.. ( පස් පංගුව කියන්නේද? පොතු, ගෙඩි, මල්, කොල, මුල්)

නොකල යුතු දෑ...

  ප්‍රෝටීන අඩංගු හාර නොදිය යුතුයි. (සර්ප විෂ කියන්නේ අධි ප්‍රෝටීන. එය ශරීරයට දරාගන්න අමාරුයි.. ඒ අතරට තවත් ප්‍රෝටීන දුන්නොත් මොකද වෙන්නේ කියලා මම කියන්න ඕන නැහැනේ ඉතින්)
  
  හැම දේටම ඔසුවක් වෙන බ්‍රැන්ඩි උගුර මේකට හරි යන්නේ නෑ... මද්‍යසාර දීමනම් නොකල යුතුමයි.. (දන්නවනේ අපි බීපුහාම අපේ ශරීරයේ ලේ ගමනය වේගවත් වෙනවා කියලා.. ඉතින් බීමත් පුද්ගලයෙකුගේ ශරීරයේ විෂ පැතිරෙන වේගය ඉතා ඉහලයී)

සර්ප දෂ්ඨයකදී දල පහරවල් වලින් සර්පයා ගැන මූලික හඳුනා ගැනීම් කල හැකියි... උදාහරණයක් විදිහට නයකු දශ්ඨකලොත් එම දල පහරවල් පීල්ලක ආකාරයෙන් තමයි පිහිටන්නේ... නමුත් පොළගෙකු දශ්ඨ කලොත් දල පහරවල් පිහිටන්නේ ඇතුල හෑරී ගිය විදිහට.... ඔබේ නිවසේ සර්පයෙක් ඉන්නවා දැක්කොත් එයාව අල්ලගන්න ලේසි විදිහත් දැන ගන්න ඕනනම් මේන්න.. සර්පයා තරම්ම දිග පීවීසී බටයක එක කෙළවරක් වසන්න... හොදම විදිහ අපි අර එන්ඩ් කැප් (Endcap) කියලා කියන්නේ.... අනිත් පැත්තෙ විවරය සර්පයාගේ මුහුන අසලින් තියන්න... කලබල නොවී ඔහුට ඒ ඇතුලට රිංගන්න දෙන්න.... උන් අදුරට කැමති නිසා හෙමින් එතුලට රිංගනවා... ඉන් අනතුරුව අනිත් කොන වසා ආරක්ෂිත ප්‍රදේශයකදී මුදා හරින්න...

හරි එහෙනම්... මේවා තමන් දැනගත්ත වගේම අනිත් අයටත් කියලා දෙන්න... සර්පයෝ ගැන තවත් විස්තර ඕනන අපේ ප්‍රියන්ත අයියගේ මගේ මතක බ්ලොග් එකට මෙතනින් යන්න.... ඔබ මෙයින් යමක් ගත්තානම් මගේ සතුට එයයි....

ප.ලි. අද දින තම 34වෙනි විය පසු කරණ මගේ ලෝකයේ රංගට සුභ උපන් දිනයක් වේවා..... සුභ පැතුම් මචන්.... ජය වේවා... 

39 comments:

  1. දැන් මේ බ්ලොග් එකේ නම වෙනස් කරන්න කාලේ ඇවිල්ල වගේ......!
    කොහොම වෙතත් රංගට සුභම සුභ උපන් දිනයක් වේවා........!!!!!

    ReplyDelete
  2. එලම ක්‍රමේ වල වහල ඇතුලට අත් බෝම්බයක් දැමීම..

    ReplyDelete
  3. සර්පයෝ ගැන දැනගන්න එකයි හොඳයි. ඇඟ හිරිවැටෙන එක තමා නරක...ඊඊඊඊඊෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ් :D

    ReplyDelete
  4. වැදගත් ලිපියක්නෙ... මේන් නයා !!!මේන් පෙනේ !!!

    ReplyDelete
  5. අලුකෙහෙල් ගහේ ඉස්මත් සරුප විසට හොඳයි කියලා අහලා තියනවා ..

    හොඳ ලිපියක් ..

    විශඝෝර සර්පයා දැක නෑර මෝඩයා කියලා කතාවකුත් අපේ ඉස්සර මිනිස්සු කියලා තියනවා කියලා අහලා තියනවා ..

    ඒත් ඉතින් දැක්ක තැන මරන්නේ කොහොමද ? අනික නයි මැරුනොත් වස් වදිනව කවදාවත් නයෙක් මරනෙපා ..

    දැං මෙතන පරිස්සමක් ගැන මගුල් කතා කරන උඹ අපේ ගෙදර එද්දි නයෙක් මල්ලක දාං අරන් ආවා මතක නැද්ද ?

    ReplyDelete
  6. නයි පටවන්න ඕනෙ මචං වෙන කොහෙට හරි . . එතකොට හරි . . .

    ReplyDelete
  7. ඔය උර දෙකක ගඩොල් දෙක ගානේ දාලා නේද උස්සගෙන ඉන්නේ වීරයා වගේ ටිකක් හිනාවෙලා?

    ReplyDelete
  8. හදිසියේ ඔබේ නිවසට සරුපයෙක් ආවෝත් වහාම අමතන්න අභීත... අභීත කියල නමක් දාල තියෙන්නේ ඒකට නේ..

    ReplyDelete
  9. good one abeetha ayya!

    ReplyDelete
  10. ලිදේ ඉන්නේ නයා පොළඟා වුනාට අර උස්සන් එන මල්ලේ ඉන්නෙත් උන්මද?................... එක්කො ඕනෙ නැහැ.

    ReplyDelete
  11. මචං . . . උඹලෑ පැත්තෙ ඉන්නව නේද කෙකටපුලිය කියල සර්පයෙකුත් ??? ඌ ගැනත් පොඩි විස්තරයක් දාපංකො . . . .

    ReplyDelete
  12. පට්ට පෝස්ට් එක අභිත අයියා. සජීවි වර්තාකරණය. මොනවා වුනත් උපදෙස් ටික වටිනවා.

    ReplyDelete
  13. ඇත්තට, හැබෑවට, මේ ඕනයට බැරි හැටි හොඳ ලිපියක වත් අගය තේරුං අරන් ඒ ගැන මෙව්ව වෙන්න

    ReplyDelete
  14. හොඳ ලිපියක්

    ReplyDelete
  15. ඩේවන්ස් කොල්ලෙක්!! කාටද ආඩම්බර... :D

    ReplyDelete
    Replies
    1. එතකොට මේ අභීත කියන්නනේ අර ටිකක් විතර කොට මැඩම්ගේ පුතාද..මැඩම්ගේ නම දාන්ඩ බැරි නිසයි එහෙම ඇහුවේ...

      Delete
  16. හෙන වැදගත් ලිපියක් අභීත අයියේ...!

    ReplyDelete
  17. වැදගත් ලිපියක් බොහොම ස්තූතියි අය්යේ.

    ReplyDelete
  18. සෑහෙන වැදගත් ලිපියක් අයියේ.
    මට සර්පයෙක් දශ්ට කරපු වෙලාවෙ මං සෑහෙන දුරක් ඇවිදගෙන ගියානෙ.වෙලාවට විෂ වැඩි කෙනෙක් නෙවෙයි.
    මෙන්න කතාව.

    http://nisugekatha.blogspot.com/2011/08/blog-post_01.html

    ReplyDelete
  19. අභීත,
    බොහෝම වැදගත් ලිපියක්
    අපේ රටේ මිනිස්සු සර්පයෝ ගැන දන්නේ බොහෝම අඩුවෙන්
    ඒ නිසා බොහොමයක් සර්පයන්ගේත්, යම් ප්‍රමාණයක මිනිසුන්ගේත් ජීවිත නැති වෙනවා
    අපි මේ තරමින් හරි ජනතාව දැනුවත් කරන එක බොහෝම වටිනවා

    මම දන්න විදිහට ඔතන ඉන්නේ විෂ අනුව වර්ග කලාම අංක තුන(03) සහ අංක හතර(04)
    ගොඩබිම සිටින සර්පයින් උග්‍රවිෂ, මදවිෂ සහ නිර්විෂ යනුවෙන් කොටස් තුනකට බෙදෙනවා
    උග්‍රවිෂ කාණ්ඩයේ සර්පයින් විෂ අනුව පෙළගැස්සුවහම මෙන්න මෙහෙම පිළිවෙලක් තමයි මම අහල තියෙන්නේ

    01. මුදු කරවලා
    02. තෙල් කරවලා
    03. නයා
    04. තිත් පොළඟා
    05. වැලි පොළඟා

    මෑතකදී කුණකටුවන්ගේ එක විශේෂයක්(Hypnale haypnale) උග්‍රවිෂ ඝනයට ඇතුලත් කරලා තියෙනවා.
    තෙල් කරවලා, නයා සහ තිත් පොළඟා අපේ රටේ සර්පවිෂ නිසා සිදුවන මරණයන්ගෙන් 97% කට පමණ වගකියනවා.

    අද තමයි මම මුලින්ම මේ බ්ලොග් එක බලන්න ආවෙ
    දැන් දිගටම ඇවිත් යන්න එනවා

    ReplyDelete
  20. විෂ ඝෝර සර්පයෝ දෙන්නෙක් අත්දෙකෙන් අරන් එද්දී ටිකක් සීරියස් විදියට එන්න එපැයි අර ක්‍රොකඩයිල් හන්ටර් බුවා වගේ... :)

    මටත් මාර ආසයි පීරිස් මහත්තයා සර්පයෝ එක්ක වැඩදාන හැටි ඉගෙන ගන්න :) මෙන්න මේ වගේ...http://www.youtube.com/watch?v=1f8wGrXS6kA

    ReplyDelete
  21. එළ විස්තරේ....අර බුවා සර්පයන්ට බය නැතුව අල්ලන හැටි මාරයිනේ...

    ReplyDelete
  22. හික් හික් කොල්ල නිකන් නලුව වගේ ඇක්ට් කරගෙන එන හැටි විතරක්..

    ReplyDelete
  23. "ඉතින් මේ කාරිය අවසන් වෙලා පීරිස් මහත්තයාත් එක්ක ලඟ තිබ්බ කඩේකට වෙලා නූඩ්ල්ස් එකක් කමින් කතා කරන්නට මට අවස්ථාව ලබුනා.... "

    නයි දතකුත් ගලවල තියෙන්නෙ.

    ReplyDelete
  24. අපේ පැතිවල, අපි පොඩිකාලෙ ගොඩක් මිණිස්සු මැරුණා සර්පයො දෂ්ඨ කරල. දැන් නං ප්‍රථිකාර හොද මට්ටමක තියන නිසා භයවෙන්න දෙයක් නෑ. ඔයවගේ සිද්ධියක් මට මතකයි.මං පොඩිකාලෙ අපේ බාප්පගෙ ගෙදර බාගෙට කැපූ ලිදකට නයෙක් වැටිල දවසක් දෙකක් හිටිය. මම ඌ බලන්න ගිහිල්ල ගඩොල් භාගයක් ඇතෑරිය ඔලුව උඩට.ඌ නාගලෝකෙට යන්න ඇති.

    ReplyDelete
  25. මට මතකයි සත්ත්ව උද්‍යානයේදී සර්පයින් හඳුන්වාදීමේදී කිව්වා ලංකාවේ ඉන්න වර්ග වලින් මොකෙක් හරි එක් පොළොං වර්ගයක එකෙක්වත් එයාලා ගාව නැහැ කියලා. වැලි පොළඟා හෝ තිත් පොළඟා වගේ මතක. අයියලා කරලා තියෙන වැඩෙන් ඒ අඩු වෙලා හිටියේ තිත් පොළඟා නං හෙට අනිද්දා වෙද්දි තිත් පොළොංගු අවම වශයෙන් 30ක් වත් ඉඳියි. හොඳ ලිපියක් අයියේ.

    ReplyDelete
  26. නියමයි අහීත අයියෙ...

    @ ඕනයා :- කෙකට පුලියා කෑවම ඔකපතන කොළ ඉස්සම දෙන්න ඕනෙ...

    ReplyDelete
  27. බොහෝම වැදගත් ලිපියක්

    ReplyDelete
  28. වැදගත් ලිපියක් අයියේ..

    ReplyDelete
  29. විෂඝෝර සර්පයින් දෙන්නෙක් අත් දෙකේ තියාගෙන ටිකක් හිනාවෙමින් ආපු එක ගැන අප්‍රමාන සන්තෝසයි අයියේ.. නිකංයෑ ඔයාට අභීත කියන්නේ :) :)

    ReplyDelete
  30. හරිම වටින ලිපියක්......ප්‍රේමසිරි මහතා කරන සේවයට හද පතුලෙන්ම ස්තුති කරමි..

    ReplyDelete
  31. බොහොම වටින ලිපියක්....

    ReplyDelete
  32. බලහල්ලකො නයි පොලොංගු අත් දෙකට අරං එන අපූරුව වීරය වගේ. අනේ අම්මප නයාගෙ වලිගෙවත් එලියට ආවනං ඔය එක මල්ලක් අස්සෙන් බලාගන්න තිබුන හුරේ රන් එකක් දෙනව. ඇයි බං අයියෙ ඔය නයි ගෙදර බඩු මූට්‍ටු උඩින් නොයා කකුස්සිවලකටම වැ‍ටුනෙ ?

    ReplyDelete
  33. අභීත මහතා දත් ගැලවීම සඳහා දක්වන චිර ප්‍රසිද්ධිය හේතුවෙන්, අල්ලා ගත් සර්පයන් දෙදෙනා පිළිබඳව මින් මත්තට බිය විය යුතු නැතැයි හැ‍ඟේ.. සර්පයන් දෙදෙනා‍ගේ දත් මේ වන විටත් ඒ මහතා සතුව ඇතැයි අනුමාන කළ හැක.

    ප්‍රථමාධාර සම්බන්ධයෙන් දැනුවත් කිරීම ගැන ස්තූතියි..

    -පැතුම් හර්ෂණ

    ReplyDelete
  34. මරන්නෙ නැතුව කරලා තියන දේ නං කීයත් වටිනවා ....

    ReplyDelete
  35. මරැ කියන්නේ මාව හිරිවැටුනා බං.. වැදගත් ලිපියක්..

    ReplyDelete
  36. කෝමද මචන්ලා එකෙක් ඔය වලට වැටුනානම්....

    ReplyDelete

  37. අර මනුස්සයා අල්ලා දුන්නට පස්සේ අයියා වගේ උස්සගන එනවා
    ටිකක් හිනාවෙවි

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...