Tuesday, January 10, 2012

ඉලංදාරියා, ජෙරූෂා, ගාලු ගෙට්ටුව හා සයිබරයේ සිහිණ උළෙල..

බ්ලොග් කියවන සහ ලියන ඔබ හැම අවධානෙන් හිටපු සහ සිටින කරුණු කිහිපයක් තමයි මේ.... යහපත් හා අයහපත් ආකල්ප වලින් ඔබ සැම මේ දිහා බලාගෙන ඉන්නවා... අද දවසේ මගේ පෝස්ට් එක වෙන්වෙන්නේ මේ පිළිබඳ විපරමක් කරන්න... 2010 එක්තරා දවසක ගූගල් බස් එකක් පැදපු බ්ලොග් කරුවෝ පිරිසක් කොළඹ පොත් ප්‍රදර්ශනය බලන්න එකතු වුනා.. ඒ තමයි මම ඉස්සෙල්ලාම බ්ලොග් කරුවෝ දෑහින් දැකපු වෙලාව.... ඉන් පසුව මිතුරු හමු කීපයකින් ශක්තිමත් වුනු අපේ ඒ බැදීමේ ප්‍රතිපලයක් විදිහට එලියට ආවේ 2011 වසරේ සයිබරයේ සිහින උළෙල විලසින්...


ඒ සඳහා අපි එකතු වුනේ විහාරමහාදේවී උද්යානයේ... ඒකට ආපු මගේ සඳ ලියන පසන් මල්ලි තමයි ඉලංදාරියා ගැන අපිට මුලින්ම ආරංචිය දුන්නේ... ඊට සතියකට විතර පස්සේ ඉලංදාරියාගේ පෝස්ට් එකයි ඒ එක්කම වැටුන සුභාශ් අයියගේ පෝස්ට් එකයි පෙරටු කොට ගෙන අපි හැමෝගෙම බ්ලොග් වල ඒ ගැන සඳහන් වුනා... අපිම විනෝද වෙන්න හදපු සයිබරයේ සිහින උළෙලට පවා පිනෙන් පිරුනු අරමුණක් එකතු වුනා... 


ලංකාව පුරා විසිරී සිටින බ්ලොග් කරුවෝ අප්‍රේල් 3 වෙනිදා හෙන්රි පේද්‍රිස් ක්‍රීඩංගනයට රැස් උනේ මේ මුළු බ්ලොග් අවකාශයම එකම එක පවුලක් කරගනිමින්.... දිළුම් පවා ඒ දවස ගත කලේ හරිම සතුටින්... ඉතින් ඒ නිසා එහි ප්‍රීතිය බෙදාගැනීම අපි හැමෝම මූණු පොතේ ඡායාරූප වලින් බ්ලොග් සටහන් වලින් පැහැදිලිවම දුටුවා... මේ වෙනුවෙන් යෝධ සහයෝගයක් දැක්වූ අරුණි ශෙෆීරෝ අක්කාත් නිදහස් සිතුවිලිවල ලියන රවි අයියා ඇතුළු පිරිසත් මතක් කල යුතුයි.... 


ඒත් මේ අතරේ දිළුම්ට සවන් ලබාදීමේ ව්‍යාපෘතිය දිගටම කෙරුනා.. එහි ලොකුම බර ඇද්දේ ඩුබායිහි අපේ කට්ටිය කියන සංවිධානය.. බ්ලොග් ලියන කියවන අපි දන්න දුමීගෙයි දුකාගෙයි  සම්බන්ධීකරනයෙන් ඔවුන් කරපු මෙහෙය කීම මටනම් වචන නැහැ.. අයියේ උඹලා කරපු ඒ මෙහෙයනම් මහමෙරක් තරම්...


කොහොමහරි අපිව දැඩි කම්පනයකට පත් කරලා දිලුම් අපෙන් සමුගත්තා... ඒ වෙලාවේ අපි හැමෝම අසරණ උනා... කිසිම දෙයක් හිතාගන්න බැරි වුනා.. සමහරු පටු පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා ඉතා පහත් ක්‍රියා වලට පෙළඹුනා.. ඒව කියවන ඔබට අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නෑ... එයින් අධෛර්යය නොවුනු අපේ ලොකු අක්කා වගේ ඉන්න තනෝජා අක්කා සහ පිරිවර දිළුම්ගේ තුන්මාසයේ පින්කම වෙනුවෙන් මහරගම පිළිකා රෝහලට බෙහෙත් සැපයීමෙන් දිළුම්ට පින් පැමිනවීම සිදු කලා...


ඒ අතරෙදි තමයි රනාගෙ ඉසව්ව ලියන රනිල් අල්ගම මල්ලි මට විද්‍යුත් ලිපියක් එව්වේ ජෙරූශා දැරියගේ අසනීපය ගැන කියලා.. එහි තිබුනු දුරකතන වලට කතා කරලා විස්තරයේ යම් සත්‍යතාවක් දැකපු නිසා "දිළුම් වෙනුවෙන් අපි" හි ක්‍රියාකාරීව සිටපු අය වෙත මෙය යොමු කලා... දිළුම්ගේ අසනීපයට බොහෝ සමාන අසනීපයක් තිබෙන නිසා හා රණවිරුවකුගේ දුවෙක් නිසාත් අපේ වැඩි අවධානය මේ කෙරෙහි යොමු වුනා කිව්වොත් නිවැරදියි.. නැවතත්  ඩුබායි  හි සිටින අපේ කට්ටිය වැඩ පටන් ගත්තා..  ඩුබායි හි වෙසෙන රජිව් ෆර්නෑන්ඩු අයියත් මමත් නිවසටම ගොසින්, වෛද්‍යවරුන් හමුවී මෙහි නිරවද්‍යතාවය සනිටුහන් කරගත්ත අතර රජිව් අයියා මෙඩ්කොන් ආයතනයෙන් අදාල උපකරණය ගැන සියළු විස්තර සොයාගෙන තිබුනා.. මේ සියළු වැඩ සටහන් මහනුවර සිට සම්භන්ධීකරනය කරමින් හා ගිනුම් කටයුතු වලින් ප්‍රියන්ත අයියා සහ දීප්ස් දක්වපු සහයෝගය අමතක කරන්න බෑ.. ශ්‍රී ලංකීය බ්ලොග් අවකාශයේ වඩා වටිනාම සමාජ සත්කාරය සටහන් කරමින් පසු ගිය දවසක දුකා අයියාත් දුමී අයියාත් අයිවන් සෝවිස් මහතා හමුවී මේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කලා.... පරිත්‍යාගශීලී අයිවන් සෝවිස් මැතිතුමනි, ඔබේ මේ කාර්යය අගය කරන්නට අපි වචන වලින් පොහොසත් මදි.. ඔබට පිං....


දැන් ජෙරූශාගේ සැත්කම ජනවාරි 18 සිද්ද වෙනවා... බුදු සරණින් දෙවි පිහිටෙන් ඇගේ සැත්කම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ඒ පුංචි දැරියත් එක්ක අපි 2012 සයිබර් සැණකෙලියෙදි ඔබට කථා කරන්න හැකිවේවි....


මේ අතරේ සිද්ධ වුනේ දකුණු ලකේ තිබ්බ බ්ලොග් කරුවන්ගේ ගෙට් එක.... සියල්ල හොඳින් සිද්ධ වුනා.. ශක්තිමත් තරුණ පරපුරක් බ්ලොග් අවකාශය වෙනුවෙන් කැපවෙන්න ඉන්නවා කියලා ඔවුන් ඔප්පු කරලා පෙන්නුවා.. මඩ නාගත්තා... ටිකක් පරන බ්ලොග් කරුවෝ හීනියට යමක් කරගෙන පොඩි වුන් දිහා ආඩම්බරයෙන් බලාගෙන හිටියා... උන්ගේ ගමන පැහැදිලියි... සුපිරි වැඩ කොටසක් කරමින් අපිටත් වඩා ශක්තිමත්ව ඉස්සරහට යන්න උන්ට පුළුවන්... අපේ සුභ පැතුම්... ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශයේ තිබුන විනය හැදියාව රැගෙන ඉස්සරහට අඩිය තියන ඔබට යෝධ ශක්තියක් වෙන්න පරනම බ්ලොග් කරුවොයි ටිකක් පරන බ්ලොග්කරුවොයි පුල පුලා බලන් ඉන්නවා.. ආයෙ ඒකෙ දෙකක් නෑ....


ඊලඟ මාතෘකාව 2012 සයිබරයේ සිහින උළෙල... දැනට නිදහස්ව තියාගන්න අප්‍රේල් මාසේ 22 වෙනිදා... දිනය තව සතියක් ඇතුලත් නිශ්චිතවම එලිදක්වාවි අපේ අළුත් සංවිධායක මඬුල්ල... තරුන තරුනියන් පිරිවරාගත් නවුම් අත් දැකීමකට මුහුණ දෙන්න දැන් ඉදන්ම ලෑස්ති වෙන්න... විදේශගතව ඉන්න අය ලංකාවට එනවානම් මෙන්න දවස්....


එහෙනම් මාතෘකාවේ තිබ්බ කරුණු සියල්ල ඉවරයි.. ලඟදිම එන්නම් ඉල කැඩෙන සිනාවක් අරන්.. අපි ඔක්කොම එක පවුලක් කියන එක අමතක කරන්න එපා... අනෝ කමෙන්ට් දාද්දි අනිත් මිනිස්සුන්ට කියවන්න පුලුවන් භාශාවෙන් දාන්න

ප.ලි. ඉහත සද් කාර්යයන් වලට උදව් කල කාගේ හරි සිත් රිදවීමක් උනානම් සමාවෙන්න ඕන.... අපි කරපු වැඩවල සැපුම් කණු මතක් කලා මිස දිරිය දුන්න මිනිසුන්ගේ නම් කියවීමක් කලා නෙවෙයි... අපි ඔබ සැවොම උපරිම කැපවීමෙන් කරපු වැඩවලට අයිතිකාරයෝ කොයින්ද? අදටත් ඉදිරියටත්....

61 comments:

  1. එල එල..ආයෙත් සෙට් වෙමු අභීත අයියා...
    ජයවේවා!!!!

    ReplyDelete
  2. "සුඛා සාමග්ගි"
    සමඟිය සැපයකි

    ReplyDelete
  3. අනිවා..සයිබර් මංගල්ලයට තව දින කිහිපයයි..ජය අපි හැමොම..ඒදාට...සයිබරයම තනි යායක.

    ReplyDelete
  4. තාමත් මට මතකයි ඉලංදාරියා පෝස්ට් එක දාන්න කලින් අහපු දේ..

    ''මචං.. මං සල්ලි ඉල්ලලා පෝස්ට් එකක් දාන්නද..කමක් නැද්ද..''

    කමක් නෑ දිළුම්.. උඹ දාපු ඒ පෝස්ට් එක ලොකු ගමනක් ගියා..

    ස්තූතියි උඹට....මට නන් උඹ තාමත් අමරණියයි......


    මේ පාර සයිබර් සැනකෙලියේ ප්‍රේක්ෂකයෙක් පමණක් වී සිටින බව මා ඉතා ප්‍රිතියෙන් දැනුම් දෙමි...

    නව සංවිධාකයින්ට මගේ උණුසුම් සුභ පැතුම්...:-D

    ReplyDelete
  5. අප්රියෙල් 22 ට මගෙ නමත් ලියා ගන්න

    ReplyDelete
  6. අපිත් ඉතින් පුලුවන් තරම් උත්සාහ කරන්නම් හොඳේ. කොහොමටත් ඔබාත් එනවලුනේ. :D

    ReplyDelete
  7. කළ හැකි දේ අපමණයි.... ඇරඹුම තමයි අපහසු... ඒකත් කරල පෙන්නුව... ඉතුරු ටිකත් කරන එක මහ දෙයක් නෙමෙයි.....


    ඕන වැඩකට ඔන්න අපිත් සෙට්.... මාව වාහන වල දාන් යන්ට අය නම් ඕන නෑ ඉතින් ඕන්...
    :ඩී

    ReplyDelete
  8. අපි හිනා වේවි, මඩ ගහ ගනීවි, තරහ වේවි, යාළු වේවි... මොනවා උනත් අපි ඔක්කොම එක පවුලක්...

    ReplyDelete
  9. ම්ම් වෙන්න ඇති...

    ReplyDelete
  10. ජෙරූෂා දුවට ඉක්මන් සුව පතනව . . . . .

    ReplyDelete
  11. සුහද හමුවීම් වලට එකතු වෙන්න බලාපොරොත්තුවක් නැතත් , ඒ දේවල් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරන්න කැමතියි

    ReplyDelete
  12. 7 වනදා එන්න බැරි වුන එකෙ එදාටවත් එන්න දැන්ම සූදානම් වෙන්න ඕනෙ

    ReplyDelete
  13. ගාල්ලේ ගෙට් එකට කොළඹින් ගිය සෙට්ටෙකේ කීප දෙනෙක් සෑහෙන්න බලාපොරොත්තු තියං ගියේ ඒකෙන් වත් ගොඩ යන්න... ගිහිං ආපු උන්ගෙන ගොඩ ගියා ද ඇහුවම කිවුවේ !@#$$%#@$% කියලා...

    අනේ ඉතිං පවු අපේ කොල්ලො ටික කොහොම වුනත්... :D

    ReplyDelete
  14. ඒ දියණියට ඉක්මන් සුවය පතනවා . හොඳ දෙයක් කරල තියෙන්නේ ඔක්කොම එකතු වෙලා . ඉදිරි කටයුතුත් සාර්ථක වෙන්න කියල පතනවා.

    ReplyDelete
  15. ජෙරූෂා දැරියට ඉක්මන් සුව පතමු.ඇයට උපකාර කිරීමට ඉදිරිපත් සයිබර් අවකාශයේ සොයුරන්ට තවත් ශක්තිය ලැබේවා.

    ReplyDelete
  16. අත්තමයී බ්ලොග් එක පුදුම තැනක්. මට බ්ලොග් ලියන්න ගත්තට පස්සේ පුදුම සැහැල්ලුවක් දැනේනේ. ඒ වගේම අදුන ගනිපු යාළුවෝ. එයාලනම් අහස උසට වටිනවා.

    ReplyDelete
  17. ඒ දියණියට සුවය පතනවා.... අලුත් සංවිධායක සෙට් එකට ජය... අප්‍රේල් වල ගොඩ බහින්න හිතාගෙන ඉන්නවා.

    ReplyDelete
  18. දැනටම ඇවිල්ල ඉන්නේ....

    ReplyDelete
  19. ජෙරුෂත් එක්කම අප්‍රේල් 22 සෙට් වෙමු

    ReplyDelete
  20. හොඳ වැඩ... ඒ දරුවාගේ ඔපරේශන් එක සාර්ථක වේවා...

    ReplyDelete
  21. ඔය 2010 දි තිබ්බ හමුවීම් දැනන් හිටියත් එකකටවත් සහභාගි වෙන්න ලැබුනෙ නෑ.. ඒත් ගොඩාක් බාධක මැද්දේ 2011 සිහින උළෙලට නම් ඔන්න පරක්කු වෙලා ඇවිත් ඉක්මනට යන්න පුළුවන් උනා...

    කෙනෙක්ගෙ අතට කැමරාව දීල ලොකු දූ අලියට ඇහැ තියද්දි ෆොටෝ එකක් අරන් දෙන්න කීවා මතකයි.. ඒත් ඊට වැඩිය කථා කළේ නෑ එයත් එක්ක.. දැන් දැන් රූපෙ මතකෙට එද්දි ඒ ඉලංදාරියාමයි කියලයි හිතෙන්නෙ.. හිතට වද දෙන්නෙ ඔය දේමයි..

    ක්‍රියාකාරීව කිසිම තැනකදි එකතු වෙන්න නොලැබුන මට ඉලංදාරියාගෙ වියෝවෙන් පස්සෙ සිනි (සිතුවිලි නිහඬයි) අදහසක් දැම්ම... නචියා, සිහින එක්ක එකතු වෙලා අනිත් අයගේ උදව්වෙන් පිළිකා රෝහළට බෙහෙත් පරිත්‍යාග වුනේ එහෙම...

    ඉලංදාරියා වෙනුවෙන් ගත් මහන්සිය අපතේ ගියා උනත් ජෙරූෂා දියණිය වෙනුවෙන් මහන්සිය ප්‍රථිපල දායක වේවායි මුළු හදින්ම පතනවා..

    අපිට ඊටත් පස්සෙ තවත් බලාපොරොත්තුවක් තියෙනවා..

    ReplyDelete
  22. ජෙරුෂගෙ ඔපරේෂන් එක සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.

    මං බ්ලොග් ලියන්න කලින් ඉදලා බ්ලොග් කියෙව්වානෙ. ඉතිං ඉලංදාරියා ගැනත් දැනගත්තා.ඔයාලා ඒ වෙනුවෙන් කරපු වැඩත් දැන ගත්තා.ඒත් සම්බන්ද වෙන්න බැරි වුනා.එයා නැති වෙලා කියලා දැනගත්තාම මගෙ හිතත් කම්පා වුනා.එයා වෙනුවෙන් එකතු කරපු සල්ලි වලින් ජෙරුෂා සනීප වීමේ පිනෙන් ආයෙ කවදාවත් එයාට මෙවන් අකල් මරනයක් නොවේවා කියලා ප්‍රාර්තනා කරමු.

    අප්‍රේල් 22වත් එන්න ඕනෙ.මේ පාර එන්න වුනේ නෑ නෙ. :(

    ReplyDelete
  23. දිලුම් වෙනුවෙන් මුකුත් කරන්න බැරි වුනු මට මේ හැමෝම කල දේ ගැන සතුටින් බලන්න කියවන්න පුළුවන් !ජෙරුශා දැරියගේ සැත්කම සාර්ථක වේවා කියලා අපි හැමෝම පතමු !

    ReplyDelete
  24. ඇත්තටම ලංකාවේ හරි වෙන කොහේ හරි රටක මෙහෙම එකමුතුවකින් වැඩ කරන විවිධාකාරයේ පිරිසක් එකට එකතු වුනු වෙන එකමුතුවක් තවත් නැතිව ඇති..

    වෙලාවකට මඩ නා ගෙන තවත් වෙලාවකට ගොඩාක් සතුටෙන් හැමෝම එකතු වෙලා එක පවුලක් වගේ ඉන්න බ්ලොග් සහෝදර සහෝදර පිරිස එකතු වෙලා කරන හැම දෙයකටම පුලුවන් උපරියෙන් හැමදෙයකටම කැප වෙන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා...

    සදා දිනේවා බ්ලොග් කරුවන්

    ReplyDelete
  25. ඉලන්දාරිය මතක් වෙද්දිනම් ගොඩක් දුකයි....

    ගිය පාර සිහින උලෙල ඉවර වෙලා අන්තිම හෝරාව වෙනකම් ඉදපු කෙනෙක් හැටියට මේ පාර එන්න බැරි වෙන එක ගැනනම් තියෙන්නෙ පුදුම දුකක්..

    මට මත්ක විදිහට අභීත , සොරෝ, පිස්සා ,ර0ග ,වැප්, ඕනයා,චමිල (ඔක්කොම නම් ටික මතක නෑ දැන්) අයියල කට්ටිය එක්ක ගතකරපු ඒ සොදුරු මොහොත මම හිතන්නෙ කාලයක් මතක හිටීවී....
    මම හිතන්නෙ අභීත අයියට මාව මතක ඇති... දැන් ඉස්සර වගේ බ්ලොග් කියවන්න වෙලාවක් නැති උනත් පුලුවන් වෙලාවට මේ පැත්තෙ ඇවිල්ල යනව...

    ඔන්න මෙදා සැරේ වැඩේ නැගල යන්න කියල මාත් සුබ පතනවා,,,,,

    ReplyDelete
  26. ජෙරූෂාට සුව ප්‍රාර්ථනා කරමි...!!!

    ReplyDelete
  27. ඒකටවත් එන්න බලමු.......

    ජේරූෂාවත් අපි ඉක්මනට සුවය ලබලා අවුරුදු උත්සවේදි හමුවෙමු..........

    ReplyDelete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. ගෙට්ටුව අස්සේම වැටුන විභාග කටයුතු ඉවර කලේ අදයි.. ආව විතරයි පෝස්ට් එක දැක්කෙ... ඇදුම් පිටින්ම කමෙන්ට් එකක දාල ගියා.. පොඩි එකක්.. දැන් ආයෙ මෙහෙම ලියනවා....

    ඉලංදාරියා අපිට එකතුවෙන්න පාර කියා දීල අපිව දාල ගියේ කවුරුවත් නොහිතපු විදියට... බ්ලොග් කාරයො එකතු වෙන කරන කියන හැම තැනකම ඉලංදාරියාගෙ නම දෝංකාර දේවි.... අදටත් ඉස්සරහටහ් එහෙමයි... ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ...

    සයිබර් සිහින උලලට පස්සෙ එක එක හේතූන් නිසා ආයෙත් කට්ටිය එකතුවෙන එකක නෑ කියල කියල තිබුන බව දැක්කාම මට දැනුනෙ මහා කනගාටුවක්... ඒ මොකද එයින් එකකටවත් සහභාගී වෙන්න බැරි වෙච්ච අලුතින්ම බ්ලොග් කෙරුවාවට ආව.. බ්ලොග් වලට ආදරේ කරන එකෙක් විදියට....

    ගෙට්ටුව ගැන කතා අපමනයි... ඒ තරමට හිතේ සතුට අපමනයි...
    බ්ලොග් වලට පොඩි මෑන් වෙච්ච මට ආපු අදහසක් මේ විදියට ක්‍රියාත්මක වෙච්ච එක ගැන....

    මේ වගේම ගෙට්ටුවකින් අදුන ගත්ත... ජීවිතේටම එක පාරක් දැකල තිබුන බනීයා කිඩෝවයි එකතුවෙලා... දුරකථන ඇමතුම් කීපයකට පමනක් ඇදුනුම් කම සීමා වෙච්ච තවත් කීප දෙනෙක්ගෙ උදවු උපකාර ඇතුව අපි ගෙට්ටුව කරා..
    ජීවිතේට කතා නොකරපු උන්, දැකපු නැතු උන්, පවා ගෙට්ටුව ඉවරවෙලා ගියේ හිතේ බැදිච්ච අලුත් යාලුකම් පුරවගෙන...

    දැන් හැමෝගෙම බලාපොරොත්තුව ඊලග මහ වැඩේ...

    සයිබරයේ සිහින උළල...

    ගාල්ලෙ ගෙට්ටුවෙන් දාපු අඩිතාලම උඩ .. අහසෙ ගෑවෙන උසට අපේ සයිබර් සිහින උළල අපි ගොඩ නගමු... ආවෙ නැති කට්ටිය, එන්න බැරිවෙච්ච කට්ටිය, දන්නෙ නැති කට්ටිය මේ ඔක්කෝම එකතු වෙලා අපි ලංකාව හෙලවෙන්න දෙමු....

    මේ ගෙට්ටුව රංදෝලි පෙරහැරට කැපූ මංගල දියවර වේවා....!!!

    ReplyDelete
  30. එලකිරි ආ..... වැඩේ නියමට ගියා!!
    යාලුවෝ ගොඩාක් අදුන ගත්තා...විනෝද වුනා...
    නියමයි!
    ආ...
    22 ත් මමත් ඉන්නවා..... එකෙන්ම!!

    ReplyDelete
  31. ගාල්ලේ එන්න නම් බැරි උනා. අපරාදේ මම ආවා නම් මටත් පොඩි සප් එකක් දීලා ආතල් එකක් ගන්න තිබ්බා හයිවේ එකේ බස් එක තල්ලු කරලා. කොහොම හරි සයිබරේ සිහින උළෙල 2012ට නම් අනිවා එනවා. කොළඹ පැත්තේ නේද තියන්නේ? ;)

    ReplyDelete
  32. අනිවා 22 ලංකාවේ හිටියොත් අනිවා වෙලපහින්ම එන්නේ මම. පරක්කු වෙලා ඇවිත් අහගත්තු ඒවා හොදටම ඇති..

    ReplyDelete
  33. හොඳ දෙයක් කරන අයට කවදාවත් වරදින්නේ නෑ! ජය වේවා!

    ReplyDelete
  34. පහු උන 7 වෙනිද තිබ්බෙ මගෙත් පලවෙනි ගෙට්ටුව ඕන්.අප්‍රෙල් 22 වෙනිද අපේ සයිබර් සිහින උලෙළ නම් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම සිහින උලෙළක්ම කරන්න ඕනෙ.ගොඩක් යාලුවො අඳුනගත්ත එදා.තවත් ගොඩක් අඳුනගන්න තියෙනව.ඉවසිල්ලක් නෑ මටනම් අප්‍රේල් 22 එළඹෙනකල්............. :))))

    ReplyDelete
  35. කතා කරලා බලකරලා තර්ජනය කරලා කීවත් එන්න බැරිවුණා.සමාවෙන්න ඕනි....මාව මතක් වෙලා කතාකරපු එක ගැන ගොඩාක් සතුටුයි.... අමතකවෙලා නෑ මටත් කට්ටියම...ඒත් අළුත් තැන ගොඩාක් බීසී වෙලා ඉන්නේ....
    බොහෝමත්ම ස්තූතියි අභිත අයියේ කෝල් කරලා කීවට මේගැන... සමාවෙන්න ඕනි මට සහභාගීවෙන්න නොහැකිවුණාට එච්චර කියලත්....

    අළුත් සෙට් එකක් ඉන්නවා කීවා.... සුභ පතනවා ඒ හැමෝටමත්....
    අහ් 22 නම් අනිවා මොන වැඩේ තිබ්බත් අපි එනවා.... අපි කිව්වේ මමයි මගේ හාවියි....

    ඒ වගේම අර දූට හදවතින්ම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා....

    කතා කරලා ගෙට් එක ගැන කීවට ගොඩාක් ස්තූතියි ආයෙත්.... ඒ වගේම එන්න බැරිවුණ එක ගැන සමාව වගේම ලොකු දුකක් තියෙනවා....

    හැමෝටම ජය.....!!!

    ReplyDelete
  36. එකතු වෙලා වැඩක කරමු.

    ReplyDelete
  37. මට නම් හිතෙන්නෙ සයිබරේ ඉන්න අපිව හරියට එකතු කරව්වෙ ඉලංදාරියා.. මම ඌට සදාණයගැතියි..!!

    ReplyDelete
  38. ඉලන්දාරි අයියා ගේ අවසාන පෝස්ට් එක කියවද්දි තමයි මට ඉස්සෙල්ලාම ඇහැට කදුලක් ඉනුවේ.. ඒ කමෙන්ට්ස් ටික දැක්කා ම.. අනේ දෙයියනේ.. :'(
    කොහොම හරි අපිව දාලා ගියේ නෑ ඒ අයියා.. අපේ හිතේ සදහටම රැදෙයි ඒ මතකෙ..
    මේ පාර සැනකෙලියට එන්න වෙයි ද නම් දන්නෙ නෑ.. උසස් පෙළ විභාගෙ තියනවා නේ..
    කොහොම හරි මේ හැම දෙයක්ම ආදර්ශමත්ව කරන්න ශක්තිය ලැබෙන්න ඕන..!!!

    ReplyDelete
  39. එදාට වත් එන්න බලන්නම්...

    ReplyDelete
  40. අපි සෙට් වෙන කොට ඉලන්දාරියා අපිව දාලත් ගිහින්.ඒත් මට ඌව එකපාරටම මතක් වුනා එදා 07 වෙනිදා කොට්ටාවෙදින්ම.වෙන මොකවත් හන්දා නෙමේ.අපිත් එක්ක ගාලු යන්න ඇවිත් හිටපු සුමිත් අයියා නිසා.මම කට්ටියට ඒ ගැන කිව්වත් එක්ක එවේලෙම.

    මේ දැරිවිගෙ ඔපරේශන් එක 100%ක්ම සාරථක වේවා කියලත් ප්‍රාර්තනා කරනවා මම.ඒ වගේමයි ඉදිරියට වෙන මේ වගේ වැඩ වලදි මාත් ඉන්නවා කියලත් කියන්න කැමතියි.

    ගෙට්ටුව නම් පට්ට ෆන්ය.අභීතයියා සෙට් කරපු වයිකින් එක ඊට වඩා ෆන්ය. බලමුකෝ සිහින උළෙලටත් එන්න ඇහැක් වෙයිද කියලා.

    ReplyDelete
  41. මම කොහොමත් එනෝ.. :D .. අපේ බ්ලොග්කරුවන්ට ජයවේවා!

    ReplyDelete
  42. ඔයාගේ වෙබ් එක ගොඩක් හොඳයි.. අපි හිතනවා ඔයාට හොඳ හැකියාවක් තියනවා කියලා.. අපේ සිංහල කොල්ලන්ගේ කෙල්ලන්ගේ දක්ෂතා එලි දක්වන්න හොඳ media එකක් මේ නොදියුණු ලංකාවේ නැහැ.. ඒවා තිබුනත් ඒවායේ මෝඩයයි අදක්ෂයයි තමයි රජ කරන්නේ.. කොහොම උනත් මම ඔබට සුබ පතනවා දිගටම ලියන්න... ඔබගේ අඩවිය තුලින් සිත පිරිසිදුවම ලෝකයටත් මනුෂ්යාටත් හොඳක්ම කරන්න.. .
    ස්තුතියි..
    අපි
    Sri Lanka E-news Link
    අපි ඔබගේ වෙබ් අඩවිය ගූගල් PR අඩවියක් කරන්නෙමු..
    (We are genius to make the Google PR of your site increase.)

    ReplyDelete
  43. ඔන්න අපිත් සෙට් අප්‍රේල් 22 .එතැනදී ,එතකන් ......

    ReplyDelete
  44. දිළුම් අයියා වෙනුවෙන් මට මුකුත්ම කරන්න බැරි වුනා,. ඒත් ජෙරූශා පුංචි දරුවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. සයිබරයේ සිහින උළෙල දවසට ඒ කෙලි පැටික්කිත් එක්ක අපේ මුළු සයිබර් පවුලම එක්ක අවුරුද්ද සමරන්න මමත් මඟ බලාගෙන ඉන්නවා,..

    ReplyDelete
  45. හදවතින්ම සුභ පතනවා හැම දෙනාටම!!
    .හිනාවෙන්න කියලා මේ පැත්තට ආවට අදනම් ඇස්වලට කඳුලුත් ආවා..දුකටමත් නෙමෙයි..ඇත්තෙන්ම මේ හිතවත් කම් ගැන සතුටුයි..

    කොහොම උනත් දිලුම් මේ ලෝකෙන් යන්න කලින් ඔයාල නිසා ගොඩක් සතුටු වෙන්න ඇති කියලා මම හිතනවා..

    මේ දැරියටත් ඉක්මන් සුව පතනවා

    ReplyDelete
  46. දුවගේ සැත්කම සාර්තක වෙයි. මේ හැම දෙයක්ම බලාගෙන හිටිය මට තාමත් උබලා එකෙක්ගෙවත් මූනක් දකින්න බැරි උනා හැබැහින්,මොනා කරන්නද 2012 ටවත් එන්න ලැබෙයි කියලා ස්තීරවම කියන්න විදිහක් නෑ

    ReplyDelete
  47. ජෙරුෂා දියණියගේ සැත්කම අනිවා හොඳින් කෙරේවි...! ඒ වගේම ඒ පිනෙන් අපේ දිලුම් සහෝට ආයෙත් අකල් මරණයක් වෙන්න එපා කියලා පිං දෙමු...

    අපිත් අනිවා 22 එනවෝ... සිංහල බ්ලොග්කරුවන්ට ජයවේවා !!!

    ReplyDelete
  48. ජෙරුෂා දියණියගේ සැත්කම සාර්ථකම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    22 දිනේ නියමයි.. මම අලුත් උනාට ආවට කමක් නැදද්...?

    ReplyDelete
  49. අනේ මම එන්න ආසයි ...දවසත් හොඳයි...ඒත් ඔයාලා කොළඹ කිට්ටුපාත නෙවීනෙ තෝරගන්නෙ.....මාව ගෙදරින් එවන්නෙ...ඒ හරියෙ නම් විතරයි....

    දෝණි සනීප වේවි...ඉක්මනින්...

    ReplyDelete
  50. කෙළිපැටියට සනීපවෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  51. දිලුම් අයිය ගැන වුන මහන්සිය අහනකොට හිතට මාර ගැම්මක් එන්නේ. ජෙරුශාගේ සැත්කම 100%ක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  52. අර ජීනියස් මෙහනත් බැහැල . . . :) හික් හික්

    ReplyDelete
  53. එළ කිරි මමත් අප්‍රේල් වල ලංකාවට එනවා.....මගේ නමත් ලියා ගන්න..මොනවහරි කෙරෙන්න ඕනේ නං මෙන්න මේකට මේල් එකක් එවන්න කාරුනික වෙන්ට.....obanodutu@gmail.com

    ReplyDelete
  54. ලාංකීය බ්ලොග්කරුවන්ගේ මේ එකමුතුකම මම අගය කරනව... දිලුම් සම්බන්ධ කටයුත්ත ගැන දැන ගන්න ලැබුනෙ ගොඩක් පරක්කු වෙලා නිසා සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුනෙ නෑ... ඒත් නැවත ඒ වගේ සත්ක්‍රියාවකට අත ගහනව නං, මමත් අනිවාර්යයෙන් උදව් කරනව... ජෙරූශා දුවට ඉක්මන් සුවය පතන ගමන් ඔයාලගෙ සිහින උළෙල සාර්ථක වෙන්නත් මගෙන් සුභ පැතුම්...

    ReplyDelete
  55. අවුරුදු උත්සවේ බලන්න එන්න හිතන් ඉන්නවා...:DDD

    ReplyDelete
  56. ජෙරූශා නංගිට ඉක්මනින් සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    සිහිණ උළෙලට එන්න විදිහක් හදාගන්න බලන්න ඕනෙ..

    ReplyDelete
  57. අමතක නොවෙන කේක් පාටිය..... ඇබැයි අභීත අයියා හිටියෙ නැහැ.
    අවුරුදු උත්සවේට එන්න බලාපොරොත්තුව තියෙනවා...

    ReplyDelete
  58. දැන් නම් මට එන්න පුළුවන්

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...