Monday, April 16, 2012

සයිබරයේ සිහින බක් මහ උළෙල ඇත්තටම පිට කසා ගැනීමක්ද?


පසුගිය ජනවාරි මාසයේ අවසානයේ මම ලියපු බ්ලොග් ලිපියක මම කිව්වා ටිකක් මතවාදී කරුණක් මාසෙකට සැරයක්වත් ලියන්න බලාපොරොත්තු වෙනවා කියලා.. අද දවසේ "සයිබරයේ සිහින උළෙල" ගැන වෙනත් බ්ලොග් එකක තිබ්බ ලිපියක් දැකලා තමයි මට මෙහෙම ලිපියක් ලිවිය යුතුයි කියලා කල්පනාවට ආවේ... සමහර විට මගේ අදහස වැරදි ඇති... ඔබේ අදහසට කමෙන්ට් තීරුවේ ඉඩ හැමදාමත් වගේම අදත් තියෙනවා.. ඔබේ පෙලපත කෙලෙසා නොගෙන කමෙන්ට් කිරීම ඔබ සතු වගකීමක්...


අදාල ලේඛකයා කියු කරනු කරුණා වලට අමතරව එහි කමෙන්ට් කරපු ඇනොනිමසයන් කියා තිබෙන ආකාරයට සයිබරයේ සිහිණ උළෙළ එහෙමත් නැත්නම් වෙනත් බ්ලොග් කරුවන්ගේ සුහද හමුවීම් එකිනෙකාගේ පිට කසා ගැනීම් වගේම තමන්ගේ බ්ලොග් වල හිට්ස් වැඩි කරන කරුනක්.. එය ආරම්භ කරලා තියෙන්නේ ලසියලාගේ රචියලාගේ කල්ලිය විසින්.. ඊලඟට මම ඇතුළු පිරිසක්... අවසන් පුරුක ලෙස පොඩි මෑන් ඇතුළු පිරිසක්.. ඉතින් මේක ඇත්තද? ඒ වගේමයි දැන් බ්ලොග් අවකාශයේ වැදගත් බ්ලොග් අඩවි ඇත්තේ නැද්ද? 


පළමු ප්‍රශ්ණය මගේ ඇහින් බලද්දි මට ඇත්තටම හිතෙනවා ඔවුන් යම් තරමකට හරි කියලා... නමුත් අපි සයිබර් සිහින සැනකෙලිය සංවිධානය කලේ දෑසින් නොදැකපු බොහෝ මිතුරන් පිරිසක් එකට එකතු කර ඔවුන්ගේ මිතුදම් තවත් ශක්තිමත් කිරීමටයි.. එහිදී අපි පොරක් උනා කියලා මටනම් තාමත් සිතෙන්නේ නෑ... ඒ වගේම මගේ බ්ලොග් එකට හිට් වැඩි උනා කියලත් මම හිතන්නේ නෑ... උදාහරනයක් ලෙස ආරම්භ කරපු දවසේ ඉඳන් හෙමින් හෙමින් වැඩි වුන හිට්ස් අහස උසට යන්න ගත්තේ ඔබ අපි හැමෝම කියවපු, සමහරු හොඳයි කියපු, සමහරු පලු යන්න බැනපු "ගෑනු පත්තිනි අම්මලා" කියන පෝස්ට් එකෙන්... අනිත් කාරණාව නම් මගේ බ්ලොග් එකට තාමත් ඔය කියන තරම් හිට් මහ ගොඩාක් නැති වීමයි... ඒ නිසා මම ඉතා තරයේ විශ්වාස කරනවා මේ සුහද හමු සංවිධානය කිරීම හා තමන් ජනප්‍රිය වීම අතර මේ කියන තරම් විශාල සම්භන්ධයක් නැති බව.. අනෙක් කාරණය ලෙස හුවා දක්වා තිබෙන කල්ලි ගැසීමත් එලෙසමයි... කල්ලිය තම තම මිතුරන්ගේ පිට කසනවා ඇති.. ඒත් හිට්ස් වැඩි කරගෙන තමන් ජනප්‍රිය එකෙකු බවට පත් කරන්න පුළුවන් යැයි කියන කල්ලියක් අඩු තරමේ කීදෙනෙක් සිටිය යුතු වෙනවාද? මෙයටත් උදාහරණයක් ගන්න පුළුවන්.. අපි කීප දෙනෙක් සෙට් වෙලා ඉන්නව.. අපි හිතමු ගාලු ගෙට්ටුව කියලා... ඒකට 60ක් පමණ සහභාගී වුනා... ඉතින් මේ 60 දෙනාට පුළුවන්ද බ්ලොග් එකක හිට්ස් සැලකිය යුතු ප්‍රමාණයක් වැඩි කරන්න... මම හිතන්නේ නෑ.. 



ඒ නිසා මම විශ්වාස කරන්නේ මේ කාරණයෙන් ඇත්ත 30%ක් වගේ ප්‍රමාණයක් විතර තමයි ඇත්ත කියලා...


දෙවෙනි කාරණය තමයි දැන් සිංහල බ්ලොග් අවකාශයේ වැදගත් බ්ලොග් අඩවි නැද්ද? කියවන්න දේවල් තියෙන බ්ලොග් අඩවි නැද්ද කියන මේ මහ විශාල මතය... ඇත්තටම මේ වගේ වැදගත් ලිපි කී දෙනෙක් කියවනවද කියන එක ප්‍රශ්ණයක් උනත් මෙන්න මේ පහළ ලින්ක් වල තියෙන බ්ලොග් අඩවි ගැන මේ අය දන්නේ නැද්ද? එහෙමත් නැත්නම් බලන්නේ නැද්ද කියන එක තමයි ප්‍රශ්ණේ.. මම දන්න විදිහට මම කියන්නේ, තවත් බ්ලොග් රාෂියක් ඇති මේ වගේ,,,, 


දැනුම 


මල් කැකුළු
ඩෝකින්ස්ගේ ඩෝ ඩෝ
සත් සමුදුර


ඉතිහාසය


රජස්


වෛද්‍ය


සොඳුරු සුව අසපුව
වෙද ගෙදර


සාහිත්‍ය


ලියන්නා
බීටල් ලියන අකුරු
හද ගී පොත


දේශපාලන (වැඩිය කියවන්නේ නැති නිසා දන්නෙත් දෙකයි )


බුවාගේ සිතිවිලි
ඇට මැස්සාගේ අඩවිය


විනෝදාස්වාද, ජනප්‍රිය


හිස් අහස
සයිබර් යාය
මාතලන්


විවිධ (මාතෘකා දාන්න නොතේරෙන.)


සිත් විනිවිද
සංසාරේ අපි
ආවාටය


තව ඉතින් මේ වගේ බ්ලොග් රාශියක් කියන්න පුළුවන්... මේ සමහර බ්ලොග් ලියන අයව මම දැකලවත් අද වෙනකන් කතා කරලවත් නෑ... ඉතින් හැමදාම "ටැබූ සබ්ජෙක්ට්", "බියොන්ඩ් ද ෆ්‍රේම්" වගේ අයව කරේ තියාගෙන අයියෝ එයාලා නෑ කිය කිය ඉන්නේ නැතිව ඔබටත් පුළුවන් ඒ අඩුව සම්පූර්ණ කරන්න පෙළඹෙන්න.. මම අදහස් කලේ එවැනි සාර්ථක බ්ලොග් අඩවියක් හරහා අපි අතරට එන්න.. ඉතින් ඇයි පරක්කු වෙන්නේ.... 


ඉතින් අවසාන වශයෙන් මම කියන්නේ මේ චෝදනා වල යම් පොඩි පහේ සත්‍යතාවක් තිබුනත් මේ කියන තරම් බලපෑමක් මේ වගේ නැති බවයි...  ඔබෙ වැදගත් අදහස් ඉතාම අගය කරනවා පහල කමෙන්ට් තීරුවේ...... 


ප.ලි. අන්තිමටම කියන්න ඕන මේ සැරේ සිහිණ උළෙල ගැනත්.. වැල්ලවත්තේ කුරේ ක්‍රීඩාංගණයේ තියෙන්නට තිබෙන මේ උළෙල ගැන සියළු විස්තර දැන ගත්තැකි මෙන්න මෙතනින්.. බ්ලොග් ගැන ඇඩ් දාන්නත් පුළුවන් මගේ හිතේ,,,

36 comments:

  1. මොන පුකක්ද බං.. ඔන්න ඔහේ කරන මඟුලක් කරපල්ල, ඔය බනින එවුන්ටත් ඇවිල්ල කාගෙ හරි පිටක් කහල යන්න කියහං. ඕන්නං උන්ගෙත් පිට කහන්න බැරිය බං... :D

    ReplyDelete
  2. අසභ‍‍ය වචන රාශියක් මුවෙන් පිට කරන ගමන්

    ReplyDelete
  3. blogvicharaka.blogspot.com

    the facts in above mentioned blog are true Abeetha. U guys are don't like to get it to ur mind. That's the problem.

    Truth is we need more good things to read. No same bullshit day-to-day posting.

    ReplyDelete
  4. වැදගත් දෙයක් කරන්න හැදුවම පුක දික්කරන එකාල ගණන් ගන්ට එපා බොලව්.

    ජයෙන් ජය !

    ReplyDelete
  5. සියලුම දෙවල් සාපේක්ෂයි මම මේ දිහා බලන්නේ මට සාපේක්ෂව බලන කෙනා අනුව මේක වෙනස් වෙනවා මට නම් කියන්න තියෙන්නේ අපි කන හැටි ලිපා දනි කියලා

    ReplyDelete
  6. //අදාල ලේඛකයා කියු කරනු කරුණා වලට අමතරව එහි කමෙන්ට් කරපු ඇනොනිමසයන් කියා තිබෙන ආකාරයට සයිබරයේ සිහිණ උළෙළ එහෙමත් නැත්නම් වෙනත් බ්ලොග් කරුවන්ගේ සුහද හමුවීම් එකිනෙකාගේ පිට කසා ගැනීම් වගේම තමන්ගේ බ්ලොග් වල හිට්ස් වැඩි කරන කරුනක්...//

    මේ බ්ලොග් එක ලියන කෙනයි ඇනොනිමස් කමෙන්ට් දාපු අයයි ආවොත් අපි එයාලගෙත් පිටවල් කසන්න ඕනෙද

    ReplyDelete
  7. පුකෙන් හිනා! කට්ටිය සල්ලී එකතු කරගෙන රෑට බොන පාටි දාන්න කීයක් හරි හොයාගන්න හදනකොට බාල්දි නොදා හිටපන්.

    ReplyDelete
  8. මම මේ මෙහෙම අවස්ථාවකට එන්න බැරි වෙන එක ගැන දුක් වෙනවා...

    ReplyDelete
  9. හැමදාමත් කරනවා වගේ උබලගේ පිටවල් උබලම කසා ගන්නවා, උබලා ප්‍රොමෝට් කරන්නේ උබලගේ බ්ලොග් විතරයි, උබලා සජෙස්ට් කරන්නෙත් උබලාගේ පිටවල් කසන උන්ගේ ඒවා විතරයි, කොටින්ම කියන්න තියෙන්නේ උබලා පොරවල් වෙන්න දගලන පෙරේතයෝ ටිකක් කියල.
    ඇත්තටම උබලට පුලුවන්ද වෙන එකෙක්ගේ පිටක් නොකසා එක පෝස්ට් එකක් ලියන්න? අනිත් දේ තමයි අනුන්ගේ සල්ලි වලට කෙල හලන්න එපා, බොන්න ඕනෑම නම් කියල ඉල්ලා ගනිල්ලා. හොරා කන්න එපා.

    ReplyDelete
  10. කාට හරි මිස් වෙචිචි කෙනෙක්ට දැන ගන්න මම මේක මෙතන දාන්නේ.... මෙන්න්න බලාගන්න මානව හිමිකම් .... නිර්දන පන්තිය ..... මානව දයාව වෙනුවෙන් පෙනීසිටිනවා කියන අයගේ සැබෑ ස්වරුපය….
    මේ ප්ර්තිචාර මොහු delete කිරීමට ඉඩ ඇති නිසා කිහිප තැනක දමමි…..

    කණ්ඩුල said...හිඟන්නෝ කණ්ඩුල නමින් පෙනීසිටින මට අඩුම ගනනේ තොපි වගේ එවුන්ට ඇවිල්ලා කොමෙන්ට් කොටන්න හරි බ්ලොග් එකක් තියෙනවා, එතනට මිනිස්සු යනවා එනවා, ඊ මේල් ලිපිනයක් තියෙනවා....
    (නිර්දන පන්තිය ..... ????) හිගන්නෙක් වීම මට ලජ්ජාවට කරුණක් නොවේ ..... ඔබ වැනි නිර්දන පන්තිය ගැන කතාකරනවා යය් කියාගන්නා ය සමග වාද කිරීමට සිදුවීම ලැජ්ජාවකි ....
    බ්ලොග් කාට හදන්න බැරිද .... අපිදන්නවද ඕස්ට්රේිලියාවේ ඉදල කුමරයම මේක ලියනවද කියල .... එහෙව් එකේ උ උටම කඩේයන එකක් වෙන්න බැරිද මෙන්න මමත් හදාගත්ත email එකක් දැන් මාත් ඇනෝ නෙවි නේ
    h510966@rppkn.com
    -----------------------------
    කණ්ඩුල said...තෝවගේ අන්තර්ජාල-අවජාතකයින්ට අඩුම ගණනේ "මේ මම - මේ මගේ අදහස්" කියලා කියන්න තැනක් තියෙනවද?ඉබාගාතේ යන ගමන් දකින දකින තැන පහර පහරා ගඳගස්සලා යනවා......
    මානව හිමිකම් ....? මොහුගේ බෂා විලාසය බලන්න .... සැබෑ මානව දයාවක් ඇත්තෙකුට මෙවැන්නක් කිව හැකි ද ? ..... නැත්තන් මොහු මානව දයාව තමාට අවශ්ය් වෙලාවට පමණක් "පාවිච්චි කරන ' කෙනෙක් ද ?
    ඔහේ කියන්නේ හැමෝම බ්ලොග් ලියන්න ඕනි කියලද ..... ලිවීමේ හැකියාවක් නැති යට අදහස් ප්රවකාශ කිරීමේ අයිතියක් නැද්ද ?
    ----------------------------------
    කණ්ඩුල said...NID එක?....සරම උස්සලා අතගාලා බලපන් ඊයේ රෑ ලැගපු අම්බලමේදී ඇරපු එකා උගේ NID එකත් ඇතුලට දාලා අරින්න ඇති...තටමපන් එයි එලියට...
    ---------
    මෙයට උත්තර දීමට තරම් පහත් තත්වයට නොවැටෙමි

    ReplyDelete
  11. A comment from http://blogvicharaka.blogspot.com/2012/04/blog-post.html

    සිංහල බ්ලොග් අවකාශයේ ස්වර්ණමය යුගයක් තිබුණා. ඒ කාලෙ හරවත් දේවල් ලියැවුනා වගේම ඒව කියවන්න වෙනමම පිරිසක් එකතු වුණා. උදාහරණයක් හැටියට ටැබූගෙ බ්ලොග් එකේ කමෙන්ට් කරපු වැඩි දෙනෙක් වෙනත් බ්ලොග්කරුවන් නෙවෙයි. ඒ ඔහුගෙ පාඨක පිරිස. ඒ වගේම ඒ කමෙන්ට්සුත් ඔහේ කටට ආවාට කියපුවා නෙවෙයි. තමන් ලියන දෙවල් වලින් පමණක් මෙහෙම පාඨක පිරිසක් ගොඩ නඟා ගන්න උත්සාහ කළේ ටැබූ, බියොන්ඩ් ෆ්‍රේම් වගේ අතළොස්සක් පමණයි. (තව හොඳ බ්ලොග් ගණනාවක් ඒ කාලෙ තිබුණා. එකින් එක නම් කරන්න යන්නෙ නෑ.)

    ඊට පස්සෙ යුගයෙ තමයි මේ හිට්ස් බලාගෙන බ්ලොග් ලිවීම පටන් ගත්තේ. කතන්දර වගේ පළපුරුදු බ්ලොග්කරුවන් පවා මේ රැට් රේස් එකට යටවෙලා කිසිම වැදගැම්මක් නැති පෝස්ට් දාන පටන් ගත්තා. කතන්දර ලියන හැටියට ලියනව නම් උදේ නැඟිටිච්චි වෙලාවෙ ඉඳන් නිදාගන්න කම් දවසක සිද්ධි ටික එකතු කළත් බ්ලොග් පෝස්ට් සීයක් දෙසීයක් ලේසියෙන්ම ලියා ගත්තෑකි. නමුත් එහෙම ලියන දේවල් වලටත් කමෙන්ට්ස් වැහි වහිනවා. කොහෙන්ද? වෙනත් බ්ලොග්කරුවන්/කාරියන්ගෙන්.

    අද ජනප්‍රියයි කියන බ්ලොග්කරුවන් කාරියන් හැමදෙනෙකුටම කමෙන්ට්ස් දාන්නෙ වෙනත් බ්ලොග්කරුවන්/කාරියන් විතරයි. කතන්දර, මාරයා, අභීත, ඔබා මාමා ඔය ඕනැ කෙනකුගෙ පෝස්ට් එකක් අරන් බලන්නකෝ බ්ලොග් නොලියන කීදෙනෙක් කමෙන්ට්ස් කරල තියෙනවද කියලා. ඒ දාන්නෙත් පෝස්ට් එක හොඳ කමකට නෙවෙයි. යාළුකමට. පිට කසා ගන්න. හිට්ස් හදන්නෙත් මේ ගොල්ලම තමයි.

    ඊට අමතරව දැන් තරුණ බ්ලොග්කරුවන්/බ්ලොග්කාරියන් තේරුම් අරගෙන තියෙනවා ජනප්‍රිය වෙන්න නම් කරන්නඕනැ හොඳ බ්ලොග් ලිවීම නෙවෙයි කල්ලි හැදීම කියලා. කල්ලියෙ උන්ම එකිනෙකාට කමෙන්ට්ස් දා ගන්නවා. බස් රේඩියෝ ප්‍රෝග්‍රෑම් කරනවා. කල්ලියෙ සාමාජිකයින් ඉවර උනාම ඒවට මොනව වෙනවද නෑ. මොකද පරමාර්ථය කල්ලිය පවත්වා ගැනීම පමණක් නිසා. මේ "ගෙට් ටුගෙදර්" තියන්නෙත් ඒ පිණිසම තමයි. ඊළඟට බිහිවෙනව "ජනප්‍රිය" බ්ලොග්කරුවන්/කාරියන් කීපදෙනෙක්ම. ලියපු දෙයක් නම් නෑ. ගෙට් ටුගෙදර් එකේදී ලකුණු දාගෙන නම් තියෙන නිසා කමෙන්ට්ස් වැටෙනවා. හිට්ස් ඉහළ යනවා. ඒ අතින් මේ පෝස්ට් එකේ කියල තියෙන දේවල් හරියටම හරි.

    ReplyDelete
  12. කල්ලියට අලුත් සමාජිකයන් ගන්නවා එනවද ?

    ReplyDelete
  13. මම ගැන සඳහන් කලාට බොහොම ස්තුතියි , බක් මහ උලෙලවල් තියන එක , ඒවට යන එක , නොයන එක , අගය කරන එක , බනින එක ආදි සියලුම දේ තමයි සිංහල බ්ලොග් අවකාශයේ විවිධත්වය . පිට කහගන්න අයට හිතේ හැටියට කහ ගන්නත් ඒකට බනින උන්ට කැමති විදිහකට බැන ගන්නත් අයිතියක් තියෙයි නෙව . කල්ලිවාදය මිනිස් සමාජයේ සැම තැනකම දකින්න තියන එකක් ,ඒක බ්ලොග් අවකාශයේ විතරක් දකින්න නොලැබුනොත් තමයි පුදුමේ !

    ReplyDelete
  14. විකල්ප නොමැති විවේචනය ලංකාවේ බොහෝ ජනප්‍රිය දෙයක්...
    විචාරකයින් පවතින ක්‍රමය පෙරලන්න කතා කරනවා..ඒකෙ ඉන්න කිඹුල්ලු දකිනවා..නමුත් ඒ ක්‍රමය බිඳ හෙලල හදන නව දේ ගැන කිසිම අයිඩියා එකක් නෑ...
    මේ වගේ දේවල් වලදි තනිකර නැතිකරල බෝම්බ දාල විනාස කලාට වැඩක් නෑ...
    ඉන්පසු ඇතිකරන දේවල් ගැන අයිඩියා එකක් තියෙන්න ඕනි...
    මේ ඇනෝ කමෙන්ට් දාපු අයත් හිට් වලට ආසයි. මාර කකා. අබීත වගේ අයට වැටෙන හිට්ස් කමෙන්ට් තමුන්ට නැති නිසා ඒ ඇරියස් එකට තැන් තැන්වල කුනුහබ්බ කිය කිය යනව කියලයි මම හිතන්නෙ..
    තමුන් ලියල හිට්ස් ගන්න හිතන්නෙ නැත්තං..මොකටද හිට්ස් තියෙන තැන්වලට පහරදෙන්නෙ...

    ReplyDelete
  15. බ්ලොග් මාධ්‍ය කුමක්දැයි කියලා වටහා ගන්නා තෙක්. මේ නීරස මාතෘකාව නැවත නැවතත් මතුවනු ඇත. අන් මත ඉවසීමේ ගුණය අප සංස්කෘතිය තුල ඇත්තේම නැති දෙයකි. ටැබූගේ තැන ගැනීමට අනාගතයේවත් කෙනෙක් නැත. ඒ ටැබූ ටැබූ නිසාමය. ජෝතී ගේ ගීත වෙන අය ගායනා කලාට ඔවුන් ජෝති නොවනවාක් මෙනි. නමුත් ඉතා ඔබ සඳහන් කල බ්ලොග් වලට වඩා ඉතා සාර්ථක බ්ලොග් රාශියක් ඇත.

    ReplyDelete
    Replies
    1. ඕනම නම් කියවන්න. මෙන්න එක බ්ලොග් එකක්..
      http://maruwaxx.wordpress.com/

      Delete
    2. පුළුවන්නම් තව ලිස්ට් එකක මෙතන දාන්න.. නැත්නම් මේල් එකක් දෙන්න මාතලන්...

      Delete
  16. කල්ලිවාදය බ්ලොග් අවකාශයේ "පොරක්" වීමට අනිවාර්යයෙන්ම බලපාන බවට මම උදාහරණ කිහිපයක් දෙන්නම්. බ්ලොග් අවකාශයේ වර්තමානයේ හොඳම බ්ලොග් ටිකක් තමා

    (1) බුවාගේ සිතිවිලි
    (2) අරුණි ශපිරෝ
    (3) ආනන්දවර්ධනගේ වෙබ් ආලෝචනා
    (4) අසිමි දකිමි සොයමි කියන සාපේක්ෂව අළුත් බ්ලොග් එක
    (5) බුද්ධික තාඹුගලගේ බ්ලොග් එක
    (6) දමිත් කේතකගේ බ්ලොග් එක
    (7) ජ්‍යෝතිෂ ලංකා

    මේ එක බ්ලොග් එකකටවත් ප්‍රසිද්ධියක් නෑ. සමහරු මේවා තියෙනවාද දන්නෙත් නෑ. හිට්ස් ගානෙන් මේ හැම එකක්ම පහළ මට්ටමේ ඉන්නේ. මොකද මේ කවුරුවත් කල්ලි හදාගෙන නෑ. තනිවයි ඉන්නේ.

    නමුත් අනෙක් පැත්තෙන් නිතරම කල්ලි වලට එකතුවෙන තිස්ස දොඩන්ගොඩ, වෙනියා, පොඩි කුමාරිහාමි, පොඩි මෑන් වගේ පිරිස ඉතාම බාල බ්ලොග් පෝස්ට් ලිව්වත් ඒ අයට විශාල පිළිගැනීමක් ලැබෙනවා, යාළුවන් උඩ දැමීම හන්දා. ඒ අයව උස්සන් යන්න කට්ටිය ඉන්නවා. යාළුවො බ්ලොග් රෝල්වල දාගෙන තියෙනවා. ඉඳල හිටලා "මම කියවන බ්ලොග්" කියලා හඳුන්නලා දෙනවා. ඉතින් තමන්ගේ ලිවීමට අමතරව කල්ලියෙන් ලොකු තල්ලුවක් ලැබෙනවා.

    ඒ ටිකට මේ කොටසත් එකතු කරන්නම්. බුවා කියනවා වගේ කල්ලි හැදීම වළක්වන්නට බැහැ. ඒක ඉබේම වෙනවා. ඉතින් ඒක නතර කරන්න උත්සාහ කරලා තේරුමක් නැහැ.

    සයිබර් සැණකෙළියෙදිත් වෙනදා වගේම පිට කසා ගැනීම් දකින්නට ලැබේවි. ඒක බලාපොරොත්තු විය යුතුයි. ඒක නතර කරන්න බැහැ වගේම නතර කළ යුතුද නැහැ. අපිට තියෙන්නෙ බලා ඉන්න එක විතරයි.

    ඒ එක්කම කවුරුහරි බිස්නස් එකක් කරගෙන කීයක් හරි හොයා ගන්නවාටත් මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. ඒවා හොඳ වැඩ.

    ReplyDelete
  17. මට ඇයි හිතෙන්නෙ මේ අම්භානෙක ඇනෝ කමෙට් තිබුනට දෙන්නෙක් නැතිනං තුන්දෙනෙක් විතරයි ඔය හැම කමෙට් එකම දැම්මෙ කියල... ??

    ReplyDelete
    Replies
    1. තමන් කරන ඕනැම දෙයක් හොඳයි කියල හිතෙන විවේචන භාර ගන්නට අකැමැති සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය නිසා.

      Delete
  18. අනේ මමනම් ඔව්වා දන්නේ නැතෝ.. 22 එනෝ

    ReplyDelete
  19. Hi Abheetha,

    Thanks for the publicity.
    much appreciated.

    ReplyDelete
  20. පිට ලස්සනට කසා ගෙන බිස්නස් වැඩි කරගන්න මචො!

    ReplyDelete
  21. මාත් හොයාගන්න ඕනෙ මගෙ පිට කහන්න දෙතුන් දෙනෙක්

    ReplyDelete
  22. ස්තූතියි... මට නම් කල්ලි ගැහිලත් බ්ලොග් එකට දෙතුන් දෙනෙක් එන එකයි හිතට කණගාටු... :D

    ReplyDelete
    Replies
    1. @බීටල්,
      මම එනව මචං උඹේ බ්ලොග් එකට . . . උඹ බයවෙන්න එපා මැරිච්ච හූනෙකුටවත්

      Delete
    2. අඩෝ... කල්ලි ගැහෙන්න එපා මෙතනනම්....

      Delete
    3. @ඕනයා
      එලකිරි මාත් එනවා උබේ එකට... බොක්ක තමයි... :D

      Delete
  23. මම මුලින්ම ස්තූතිකරනවා මම ලියන සත් සමුදුරෙත් යම් වැදගත් කමක් තිබේ යයි පැවසීම ගැන. මම නම් කිසිම කල්ලියකට සම්බන්ධ නැහැ. ඒ වගේම අපි බ්ලොග් ලියන්නේ තවත් කෙනෙකුට එය ප්‍රයෝජනවත් වෙනවා නම් එය කියවන්න. ඉතින් ඒ නිසා එය තරමකට හෝ ජනප්‍රිය කර ගැනීමට අපිත් යම් වෙහෙසක් දැරිය යුතුයි. නැත්නම් අපි ලියන ඒවා අපිම කියවල වැඩක් නැහැනේ...

    ReplyDelete
  24. වැඩක් කරද්දී ප්‍රශංසා වගේම විවේචනත් එනවනේ, එක එහෙම වෙන්න ඕනෑ. එත් වැඩක් කරන මිනිහගේ කකුලෙන් ඇදලා , මඩ ගහන එකනම් සවුත්තු වැඩක්. සයිබර් බක්මහ උළෙල හරියට කර ගන්න පුළුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
  25. මට නම් ..අනෙ මන්දා මගෙ පිටනම් මමම කහගන්නවා මොනවටද කාටවත් කියලා

    ReplyDelete
  26. ඕව ගනං ගතයුතු දේවල් නෙමෙයි.. අර කිවුව වගේ..." බව්වා බුරාහේ කන්දා පතා නහීහේ" තමයි. එකක් කියන්න ඕනෙ.. හැම කෙනාටම සංවිධානය කිරීමේ ශක්තිය නෑ.. ඒකත් හැකියාවක්.... ඒ නිසා සියලුම අය එකතුකරන් යමක් සංවිධානය කරන අය ඇත්තටම බුවාල තමයි. අනේ අපි මෙහේ ඉඳන් හූල්ලනව මේ සුන්දර හිත් තියෙන මිනිස්සු ටික අඳුනගෙන එකට එකතුවෙලා සන්තෝස වෙන්න විදිහක් නැති එක ගැන. මුං මෙහේ වෙන ලබ්බක් කියෝනව... අභීත ඇයි මේ වගේ තේරුමක් නැති සාටර් ඒව ගැන පොස්ට් දාන්නෙ... ඔයාට වෙන ලියන්න දෙයක් ඇත්තෙම නැද්ද...ඈ.... මට මල පනිනව ඕං හරිය... දැංවත් ඔය කරගහං ඉන්න ඇනෝ කියන පුස්ස බිමිං තියනවද නැද්ද..අඩ්ඩෝ... මං කනව යකෝ....(මේ මේසෙ)

    X-Porter

    ReplyDelete
  27. අනේ මන්දා බන් පිට කහනවා ඉන්න බෑ, නෑවනං හරියයි වගෙ!
    මාත් මේ මගෙ බ්ලොග් එකෙන් මාර හම්බකිරිල්ලක් හම්බකරනවනෙ!!!

    henryblogwalker the Dude

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...