Monday, August 27, 2012

අද කාටද නෙළුවේ කියලා බලන්න මගේ බ්ලොග් එකට ගොඩ වෙන ඔබට....

මේ දවස්වල අළුත් ව්‍යාපාර කටයුතු නිසා ඉතාම කාර්ය බහුල වෙලා ඉන්නේ... ඒ නිසා මේ මාසෙටම ලියන්න වුනේ පෝස්ට් දෙකයි.. මේ තුන්වෙනි එක.. බ්ලොග් යාලුවෝ දෙන කෝල් වලින් වගේම චැට් මැසේජ් වලින් ඊ මේල් වලින් කියවුනේ මම ලඟදිම පහර එල්ල කරන්නේ කාටද කියලා බලාගෙන ඉන්නේ කියලා... අනේ මම බයයි ඕවට... හිනාවෙන්න ආපු මගේ බ්ලොගේට දැන් එන්නේ කාට හරි නෙලනවා බලන්න වගේ..... ඉතින් එයාලා වෙනුවෙනුත් මොකුත් නොලියා ඉන්න එක හරි නැති නිසා මම ඔවුන් වෙනුවෙනුත් යමක් අකුරු කරන්න හිතුවා.. මෙන්න ඒ වෙනුවෙන් ලිපියක්.. මේ ලිපියෙන් මම නෙලන්නේ කාටද? කාටවත් නෙලන්නේ නෑ..ඒත් නෙලන්නෙ කාටද කියලා බලන අයටයි, අනිත් අයටයි ඔක්කොටම මෙන්න එහෙනම් "වටේ යන්න - 3". ඒ කියන්නේ මන්නාරම් සංචාරයේ තුන්වන කොටස.. නොකියවපු අය ඉන්නවානම් මෙන්න මෙතනින් යන්න. පළවෙනි කොටස මෙතනින්.. දෙවැනි කොටස මෙතැනින්....


අපි අවසන් කලේ ලුණු ලේවාය නරඹලා කූල් බියර් දෙකකුත් අරන් නවාතැනට ගිය හැටි නේ... මොන කාරණාවක් නිසාද මන්දා අපි දෙන්නටම කිසිම බඩගින්නක් දැනුනේ නෑ... ඒක නිසාම පොඩි බයිට් එකකුත් එක්ක බියර් දෙක පානය කරලා සුදර්ශන්ට ඇමතුවේ හවස් ගමනට සුදානම් වෙමින්.. හවස් වරුවේ අපි හිතාගෙන හිටියේ මඩු පල්ලි ගොස් ඇවිත් ඉර බහින වෙලාව බලලා ආදම්ගේ වැලි පර බලන්න යන්නයි... ඉන්පසුව රෑ බෝ වී මන්නාරම් කාලි අම්මාන් කෝවිලේ ගිණි පෑගීමේ උත්සවය බලන්න යන්නත් අදහස් කලා.. නමුත් වැඩි විස්තර සඳහා මන්නාරම නාවික හමුදාවේ ලුතිනන් කොමදෝරු දයානන්ද මහතාට ලබාදුන් දුරකථන ඇමතුමේදී එතුමා පැවසුවේ වැලි පර බලනට යන අවසන් බෝට්ටු ගමන හවස 3.30ට පිටත් වන බවයි... මඩු ගමන පසුවදාට කල්තැබූ අපි වහාම ආදම්ගේ පාලම බලන්නට පිටත් වුනා....

හරියටම තලෙයි මන්නාරම් ජැටියට යද්දි වෙලාව 3.20යි.. කලින් ඇමතුමක් ලබා දී තිබූ නිසා සියළු කටයුතු පහසු වුනා... ලංකාවේ සිට ඉංදියාව දක්වා යන මෙම පාලමේ දෙවෙනි වැලි පරය තෙක් අපිට ගමන් කරන්න පුළුවන්... සම්පූර්ණ ගමන කිලෝමීටර් 20ක්.. මුහුදට බැසීම ටිකක් අනතුරුදායකයි මඩු මාළුවන්ගේ ගැවසීම නිසා... මේ තියෙන්නේ එහි ඡායාරූප...
ගමනට සූදානම්ව...

වතුර පාර ඇඟට වදින නිසා දුරකතන පාවිච්චිය එතරම් ගුණදායක නෑ..

බෝට්ටුවේ කොහේ ගියත් මම යන්න ආස මෙතන.... :)

නාවුක හමුදා කාර්යය මණ්ඩලය.. 


මේ සමබරතාවය ගිලිහුනොත් නම් කෙළින්ම මුහුදේ... 

ඈතට යන්න යන්න ගොඩබිම පෙනෙන්නේ මෙහෙමයි... 

මේ වැලි පර පණ මෙන් රකින නාවික හමුදා සොයුරන්ට අපි එහි සම්පූර්ණ ස්තූතිය පුද කල යුතුයි.. එහි අත හැරෙන පොඩි පොලිතීන් කැබැල්ල පවා ඔවුන් යළි රැගෙන එනවා... නාවික හමුදා සොයුරන්ගේ විපරම් බැල්ම සහිතව අපි මුහුදේ නාන්න ලැහැස්ති වුනා.. මුහුද නිශ්චල වුනත් යටින් අදින ගතියනම් ටිකක් වැඩියි.. ඒ නිසා බොහොම කල්පනාවෙන් නාන්න ඕන... මේ තියෙන්නේ තව ඡායාරූප...


ආදම්ගේ පාලමේ නාපු අපි...

අනතුරුව නැරඹුවේ තලෙයි මන්නාරම් ප්‍රදීපාගාරය.. හවස හයෙන් පසු සෑම තත්පර 15කටම වරක් මෙයින් නිකුත් වෙන ආලෝක කදම්බය නැවියන්ට ඉතා ප්‍රයෝජනවත් වනවා කියන එක හිතාගන්න අමාරු කාරණයක් නෙවෙයි....
තලෙයි මන්නාරම් ප්‍රදීපාගාරය



මේ තියෙන්නේ මොකක්ද කියලා දන්නවද? මේ තමයි ඉතාමත් ප්‍රසිද්ධ මන්නාරම් ජැටිය.. එවකට ඉන්දියාවට යාමට මෙන්ම බාණ්ඩ ප්‍රවාහනයටද තෝතැන්නක් වූ මේ ජැටිය ඉතාමත් අබලන් තත්ත්වයේ තමයි අද තියෙන්නේ.. නමුත් මේ සිදුවෙන සංවර්ධන වැඩ පිලිවෙලේ තරමට මෙයත් ඉක්මනින් පිළිසකර වෙයි කියා හිතෙන බවක් තමයි අවට හිටපු ධීවර ජනතාව අපට කිව්වේ....


මන්නාරම් කන්‍යාරාමය ඇරිලා ගීතය මතකද? යුද්ධය කාලයේ අපේ හදවත් පීරි ගාපු ඒ ගීතයේ  තිබ්බ කණේරු ගහ... අද කණේරු ගහනම් නෑ.. පේසාලෙයි හන්දියනම් තියෙනවා.... විශාරද රශ්මි සංගීතා ගායනා කරන ගීතය අහලා නැත්නම් මෙතනින් අරගෙන අහන්න.. (වැම්පා උඹ මේක කියවනවානම් ට්‍රයි එකක් දියන්කො ලංකාවේ යුද්ධය ගැන ලියවෙච්ච සිංදූ සීරීස් එකක් පටන් ගන්න..)

රාත්‍රියේ අපි ගියේ මන්නාරමේ පත්තිනි දේවාලය බලන්න... එයනම් සැබෑ මංගල්‍යයක්.. අළුත් ඇඳුම් ඇඳගත් කාන්තා පිරිමි ජනකාය හැබෑ භක්තියෙන් එම මංගල්‍යයේ යෙදිලා හිටියා.. ගිණි පෑගීම යෙදිලා තිබ්බේ ගොඩාක් රෑ.. පසුවදා උදෙන්ම මඩු බලා පිටත් වීමට තිබූ නිසා අපි ටිකක් ඉක්මනට එතනින් ආවා...
ගිණි පෑගීම සඳහා සැකසූ ගිණි ගොඩ..

පත්තිනි දේව මෑණියන්ගේ පිළිරුව...

පත්තිනි දේව මෑණියන්ගේ පින්තූර...
අවසන් කොටසත් මේත් එක්කම මේ සතියේ ලියා මේ කතා පෙළ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා... මේ මාසෙට   ලිපි තුනක් ලිව්වෙත් අමාරුවෙන්....

ප.ලි. පහුගිය දවස්වල බ්ලොග් ලෝකයේ කඩා වැටීමක් තියෙනවා කියලා කට්ටිය කෑ ගැහුවට පරණම බ්ලොග් තුනක් මේ සතියේ නැවත කරලියට ඇවිත් තියෙනව දැක්කා... මේ තියෙන්නේ ඒවාට යන පාර... "දියත් කුලේ අපි" , "ටොපිය" , "හිපියෙකුගේ සටහන්" 

14 comments:

  1. හ්ම්ම්ම්ම් නරකම නෑ ට්‍රිප් එක..
    ඒත් නෙළුවේ කියල දැක්කම මම හිතුවේ අපේ පැත්තෙවත් ඇවිත්ද කියල..? :D :P
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
  2. //මුහුද නිශ්චල වුනත් යටින් අදින ගතියනම් ටිකක් වැඩියි
    ඒ කියන්නේ අභීත අයියේ මේ හරියේ දියවැල් තියෙනවද???????

    ReplyDelete
  3. පරණ බ්ලොග් තුනනම් මමත් ඉස්සර නිතරම කියවපු ඒවා....කෝ බන් මම ඉල්ලුවේ ගිණි ගොඩේ ෆොටෝ නෙවෙයි ගිනි පාගන ඒවයේ ෆොටෝ....

    ReplyDelete
  4. ah iyandi komada ban..ube bloge paluwata gihinnne

    ReplyDelete
  5. යන්ට ඕනේ ඒ පැත්තේ ගිහින් එන්න........... දවසක !!!!

    ReplyDelete
  6. ඒ පැත්තේ යන එකෙකුට බොහොම වැදගත්....

    ReplyDelete
  7. කියෙව්වා.. කමෙන්ට් එකකුත් දැම්මා...

    ReplyDelete
  8. මොකද කමෙන්ට් මොඩරේට් කරල??????????

    ReplyDelete
  9. තොරතුරුටික වටිනවා, කවදා හරි ප්‍රයෝජනවත් වෙයි......

    ReplyDelete
  10. ඔව් ගොඩක් වටිනා තොරතුරු ටිකක් තියෙනවා...

    ReplyDelete
  11. මන්නාරම් යන කෙනෙක්ට වටින ලිපියක්

    ReplyDelete
  12. ඔයාගෙ නෙලීම කෙසේ වෙතත් අභීත අයියා .කට්ටිය එකතු වෙලා ඔයාට නෙලනවනෙ..අපි නම් ඔයාගෙ බ්ලොග් එකට ආවෙ ටිකක් හිනාවෙලා අතීතය මතක් කරගන්න.ඒත් දැන් ඔයාගෙ බ්ලොග් එක නීරස වෙලා...

    ReplyDelete
  13. නියමයි ලිපිය.නියම ගවේශකයෙක්.එන්න මේ පැත්තටත්
    http://samakayawate.blogspot.com/

    සහ
    http://lankabisnews.blogspot.com/

    ReplyDelete
  14. හරිම වටින තොරතුරු ටිකක් දැනගත්තා අභීත. ස්තූතියි මේ තොරතුරු වලට.
    නිතර කියෙව්වත් කමෙන්ට්ටුවක් නොදැම්මට ඇවිත් යනවා මල්ලි.

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...