Meemure Jungle Resort

Monday, January 30, 2012

ඔබ බ්ලොග් ලියන්නේ / කියවන්නේ විඳින්නද? විඳවන්නද?



බ්ලොග් ලියන ගොඩාක් අයගෙන් ඔබ බ්ලොග් එකක් ලියන්නේ ඇයි කියන ප්‍රශ්ණය ඇහුවොත්, ඒකට දෙන උත්තරේ මොකක්ද කියලා එක පාරටම හිතන්න අමාරුයි.. පුද්ගලිකව මමත් මම ඇසුරු කරන ගොඩාක් බ්ලොග් කරුවොත් සෑහෙන ප්‍රමාණයක් බ්ලොග් ලියන්නේ විවිධ කටයුතු නිසා තමන්ගේ මනසේ ඇතිවන පීඩනය මුදා හැරීම සඳහා කියලා තමයි මාත් එක්ක කියලා තියෙන්නේ... ඇවිදින විශ්ව කෝෂ වැනි දැනුම් සම්භාරයක් තියෙන අයත් කිහිප දෙනෙක් මේ අවකාශයේ ඉන්නවා.. මම කලින් ලිපියකත් කියලා තිබ්බ වගේ ලෝකයේ තිබෙන සෑම විශයයක් කෙරෙහි වාගේම සිංහල බ්ලොග් ලිපි තියෙනවා.. ඕනෑම සිංහල වචනයක් අන්තර්ජාලයේ සෙව්වාම පුවත්පත් ඇරුනම ඊලඟට එන්නේ බ්ලොග් ලිපි..... නමුත් බ්ලොග් කියවන අයගෙන් ඔබ බ්ලොග් කියවන්නේ ඇයි කියලා මම අහලා නෑ.. කතන්දර, මාතලන් එහෙමනම් ඒවා අහලා තියෙනවා.. ඔවුන් යටින් සටහන් කරයි ඔවුන් ඒ සම්භන්ධව දැනගෙන තියෙන දේවල්... 



ඉතින් මේ මානසික පීඩනය අවම කිරීම සඳහා වූ කරන මේ බ්ලොග් ලිවීම කියවීම තමන්ගේ ජීවිතයේ කොටසක් කරගෙන රෑ එලි වෙනකන් ඒ ගැන සිත සිත වෙන වැඩ අතපසු කරගෙන සිටින එක ඇත්තටම කරන්න පුළුවන් දෙයක්ද? මේ ගැන කතා කරන කොට මීට මාස හයකට විතර කලින් කට කහන කථා ලියන දුමී අයියා දුන්න අවවාදයක් මතක් වෙනවා... මධුවිතක් තොල ගාන ගමන් බ්ලොග් ගැන කතා බහකදි, කුමන හෝ හේතුවකට මට හෝ රංගට තරහා ගිය වෙලාවක ඔහු කිව්වේ මෙහෙමයි...


"යකෝ... ඔය මගුල ලියලා ගෙදරට වෙලා ශොට් එකක් දාගෙන හොඳට නිදා ගන්නේ නැතුව ඕක කරේ තියාගෙන මොකට දගලනවද බන් උඹලා..."


අම්මපා දුමියෝ.. උබේ අවවාදය එදාට වඩා මට අද හොඳට ඇහෙනවා.. දැනෙනවා.. ඒ අර ලිපියක් නිසා මට රෑට නින්ද ගියෙත් නැති නිසා.. ආයෙ ඉතින් එහෙම වෙන්නේ නෑ... මෙන්න ලිව්වා.. මෙන්න නිදි....



පාසැල් කාලයේ මෙන්ම රජයේ සේවය කරන කාලයේත් වෙච්ච රසමුසු අත්දකීම් වගෙම මගේ ජීවිත කතාවේ නොයෙකුත් සංසිද්ධි එක්ක පටන් ගත්ත මේ ටිකක් හිනාවෙන්න බ්ලොග් එකේ, ඉඳලා හිටලා වෙන මාතෘකා ගැනත් නොලිව්වා නෙවෙයි... හොදම උදාහරනය මීට සතියකට කලින් ඔබ දැක්කා.. ඇත්තටම එම ලිපිය මාව වෙනම ආකල්පයක් කරා අරන් ගියා.. ඒ තමයි විනෝදය සඳහා පමණක් නොව විවාදය සඳහාද යමක් ලිවිය යුතු බව.. නමුත් එය මනසට වදයක් වුනොත් මේ තියෙන ජරමර අස්සෙ තව මල ඉලව්වක් වෙයිද කියල හිතුනත් ඒ වගේ ලිපි කීපයක් ඉඳලා හිටලා ලියන්න තීරනය කලා.... අර අලුතින් පටන් ගත්ත බ්ලොග් එකක හිමිකාරියක් වන අමා කියන පරිදි ඒක "වාදයක්" නැත්නම් "වදයක්" හරි වෙන්නේ නැතෑ...


එවැනි බ්ලොග් කීපයක් අධ්‍යයනය කරද්දි එන චෝදනා රැසක් තියෙනවා කියලා පෙනුනා...... අංක එක තමයි හිට්ස් බලාගෙනද ලියන්නේ කියන එක... පසුගිය ලිපියේදීත් මේ චෝදනාව මට ලෙසටම ආවා.... මම ගැන පෞද්ගලිකව දන්න හොඳම යහලුවන්ගෙනුත් ආවා.. ඒත් හිට් කියන දෙයින් සල්ලි ලැබෙනවනම් ඒ දිහා බලාගෙන ලියන්න තිබ්බා... ඒත් එහෙම නෙමෙයි... දෙවෙනි චෝදනාව "බොරු ජනප්‍රියතාවය"ටද ලියන්නේ කියලා.. ඒකත් නෙවේනෙ.. ඒ නිසා ඒකටත් මුහුණ දුන්නෑකි....


එදා මෙදා තුර සිද්ධි, කන බොන දෑ, වගේ ඒව ලියනවට අමතරව මෙතනින් එහාට, ටිකක් හිනාවෙන්න එකේ සතියකට එක ලිපියක් ලියැවෙයි කාලීන සමාජ සංසිද්ධියක් ගැන.. ඔබටත් හැකි වේවි වාද කරගන්න... නමුත් ඉතා ගෞරවයෙන් ඉල්ලන්නේ මාතෘකාවෙන් පිට පනින්නේ නැතිව ඉතාම සංවරව තම අදහස් දක්වන ලෙසට....


ඊලඟ එක තමයි.. ඇනෝ කමෙන්ට්.. මෙන්න අද මාතෘකාව.. "ඇනෝ කමෙන්ට් හා බ්ලොග්කරණය" ගැන කියන්න ගොඩාක් දේවල් ඔබට ඇති... නිස්කාරනේ කලබල වෙලා බොරු කමෙන්ටු දාලා සිතින් විඳවන්නේ නැතුව ඇනෝ කමෙන්ට් ගැන ඔබේ අදහස් පිළිබඳව පලකරලා යහපත් සංවාදයක් විඳින්න අවස්ථාව මෙන්න....



බ්ලොග් අවකාශයේ ගොඩාක් වටිනා ලිපි බහුතරයක් ඇනෝ කමෙන්ට් නිසා පජාත වී යද්දි, අද දවසේ පටන් ඔබගේ සිතට එකඟ නම් ඇනෝ කමෙන්ට් හොඳ පැත්තට හරවමු.... මමත් ඔබේත් අප සැමගේත් උත්සහය විය යුත්තේ මෙයයි... යහපත් බ්ලොග් අවකාශයකින් යහපත් විවාදයක් තුලින් මනා අවබෝධයක් ඇති කරමු...  එහෙනම් ලිපියෙ කරුනු ගැනයි, "ඇනෝ කමෙන්ට් හා බ්ලොග්කරණය" ගැන ඔබේ අදහස් දැන ගන්න හා කියවන්න මම සූදානමින්,,,,


ප.ලි. දැන් එහෙම කියලා ඇනෝ කමෙන්ට්ම දාන්න හදන්න එපා.. නමින් එන්න.. එහෙම එන්න බැරි කාරණයක් තියෙනවානම් විතරක් ඇනෝ එන්න....

Saturday, January 28, 2012

මෙන්න මේ තුන් දෙනා ගැන තේරුම් ගන්න මරුම උදාහරණේ....

පහුගිය ලිපි දෙක මනා ආංදෝලනයක් ඇතිකරමින් උඩට ගිහින් යටට ඇවිත් නරා වලක් වෙලා දැන් ටිකක් උණුසුම අඩුවෙලා ගිහින් තියෙනවා.... ඒත් තාමත් කට්ටිය නිතර ඒ පැත්තට ගොඩ වෙලා ඇනෝ කමෙන්ට් එකක් එහෙම ඔබලා කාට හරි මඩක් ගහලා යනවා... මේ පෝස්ට් දෙක ඩිලීට් කරන්නවත් කමෙන්ට් ඩිසේබල් කරන්නේවත් නැත්තේ මම ඒ දෙකෙන්ම මතු කල කාරණයකට මමම එයින් විරුද්ධ වෙන නිසා.. ඒ නිසා බ්ලොග් එක පවතින තාක් කල් ඒ ලිපි දෙකත් මම ලියපු අනිත් ලිපි වගේම ඔන්න ඔහේ පැත්තකට වෙලා හිටපුවාවේ.... හරි දැන් කතා කරන යන්නෙත් ඒ වගේ දෙයක් ගැන.... ඒ කියන්නේ මිනිස්සු පිස්සු වට්ටන තුන් දෙනෙක් ගැන.. බ්ලොග් අවකාශේ කට්ටියත් යහමින් හම්බෙන තුන් දෙනාගේ අන්තිම ප්‍රථිපලය කොහොම වුනත් වෙනස මෙන්න මේකයි කියන්න තමයි හදන්නේ....


දුප්පතාගේ හිතවතා (ගල් අරක්කූ), තනි අකුරේ බඩු (රා), තණමල්විල ගුවන් යානා (ගංජා) මෙන්න මේ තුන් දෙනා ගැන තමයි අද කියන්න යන්නේ.... දැන් කවුරු හරි ඉන්නවාද කටට කෙල ගිලපු අය... එයාල අද හවසම සෙට් වෙන්න එහෙනම්.... මේ තුන් දෙනා ගැන නියම විදිහට තේරුම් ගන්න මරු කථාවක් ඇහුවා මම ඊයේ... ඒක තමයි අද මම මේ කියන්න හදන්නේ... වටේ තලා අවසන්... මෙන්න කථාව....



එකම බෝඩිමේ ඉන්න යාළුවෝ තුන් දෙනෙක් බාර් එකක් සෙට් වෙලා නද වෙන්න ගහනවලු... එකෙක් බොන්නේ ගල්... අනිකා බොන්නේ රා.... මේ දෙකම පාවිච්චි නොකරන අනිත් එකා මලක් ගහනවලු මුල්ලකට වෙලා.... කොහොමහරි යහමින් ගත්ත තුන් දෙනා තමන්ගේ පාඩුවේ බෝඩිම වෙතට ආවලු නිදා ගන්න... එතකොට තමයි තුන් දෙනාට මතක් උනේ යතුර නෑ කියලා.... ඒ කියන්නේ සෙට් වෙච්ච තැන යතුර...  මේක අවබෝධ වෙච්ච තුන් දෙනා ඒ සම්භන්ධව දක්වපු ප්‍රතිචාරය තමයි මෙ තියෙන්නේ.....


ගල් බීපු එකා : තොපිට පිස්සුද යකෝ.. යතුර අමතක කරලා එන්න.. තොපි වගේ $&$&$$& එක්ක මොකුත් කරන්නේ බෑ.. හැම #$@#@ ම අමතක කරල එනවා යන හැම තැනම....


රා බීපු එකා : හරි බන් බෙරිහන් දෙන්න ඕනේ නෑ.. මම ගිහින් ගේන්නම්.. උඹලා හිටපල්ලා....


පාවෙවී හිටපු මල් ගහපු එකා : අනේ උඹ යන්න ඕන නෑ බන්.. යතුරු හිලෙන් රිංගලා නිදාගෙන හෙට උදේ ගිහින් යතුර ගේමු බන්....


ප.ලි. දැන් කියන්න එපා සුපියල් පා කෑව තෝ කියලා.... :D


ප.ප.ලි. අර අවුරුදු උත්සවේ තියෙනවලුද බන්... :(

Tuesday, January 24, 2012

තම මතය, අන් මතය, වලි දා ගැනීම හා කළකිරීම....



මීට දවස් තුනකට කලින් මම ලිව්ව "ගෑනු ඔක්කොම පත්තිනි අම්මලා... පිරිමි අපි වලත්තයෝ" කියන ලිපිය නිසා මම මේ ලිපිය ලියන්න අදහස් කලේ... හිට් වෙන මාතෘකාවක් එහි දැම්මා කියලා මම නොහිතුවත්, දින තුනක් ඇතුලත දෙදහසකට වඩා වැඩිවූ හිට් ප්‍රමානයත්, වැටුනු කමෙන්ට් 300කට වැඩි ප්‍රමාණයත් නිසා මම විසින් ලියූ සාර්ථකම ලිපියක් ලෙස මට පසු දිනෙක හැඟේවි... කීප දෙනෙක් කල දුරකථන විමසීම් වගේම චැට් පණිවිඩ වලට වගේම විද්‍යුත් මේල් නිසා මට මේ ගැන නොලියා වෙන ලිපියක් ලිවීමට සිත් නොඳේ....


බ්ලොග් එකක් යනු අපේ මතය ගොඩ නැගීම සඳහා වූ තෝතැන්නකි... අනුන්ගේ මතයට ගරු කරන ගමන් තමන්ගේ මතයත් ඉදිරි පත් කරන්නට බ්ලොග් ලිපියක් කදිම ක්‍රීඩා පිටියකි.. මගේ පෙර ලිපියේ එවන් දැනුම, චන්ඩි, ගායක ගායිකාවෝ, වැදගතුන්, බුද්ධිමතුන්, පජාතයින් ආදී සියල්ල කමෙන්ට් තීරුව පුරා විසිරී සිටිය බව දකින්නට ලැබුනි.... එය දකින කෙනාගේ ඇසට සාපේක්ෂයි.. උදාහරනයක් ලෙස එහි කමෙන්ට් කල අයෙක් මහ නසරානියෙක් යැයි මට සිතෙන විට එහි සිටින අයෙකුට මම මහ නසරානියෙකු යැයි සිතෙන්නට පුළුවන.. එය මේ බ්ලොග් ලොවේ ස්වභාවයයි.... නමුත් එය තමන්ගේ පෞද්ගලික ගැටලුවක් සේ සලකා ක්‍රියා කිරීම සම්භන්ධව මාගේ නම් කිසිදු මනාපයක් නැත්තේ ඊට වඩා ඉටු කිරීමට වැඩ කටයුතු රාශියක් මා හට තිබෙන බැවිනි....



අනෙක් කාරනය නම් මම මෙතනදී මතු කරන්නට උත්සාහ කල කරුන තේරුම් ගියේ මුලින් කමෙන්ට් කරපු කිහිප දෙනෙකුට පමණක්ද යන්න මගේ සිතට දැනීමයි.... බ්ලොග් ලිපියට අදාල කරුණු සම්භන්ධ හොඳ සංවාදයක් එක් ඇනෝවෙක්ගේ කමෙන්ට් පේලියක් නිසා එක් පටු කාරනාවක් සම්භන්ධව පමනක් ඇදී යාම මගේ බලවත් කණගාටුවට හේතුවක් වුනා... මොකද මම ඇති කරන්නට බලාපොරොත්තු වූ සංවාදය නොපිට පෙරලී යෑම පිළිබඳ මගේ සිතේ තියෙන්නේ හරිම නොපහන් හැඟීමක්... නමුත් එය මගේ බ්ලොග් නම් විශයට පමණයි.... මම වගේ එකෙක් ලියන පෝස්ට් එකක් තේරුම් ගන්නට බැරිනම් තුශාර රවීන්ද්‍ර මල්ලි ලියන මෙන්න මේ වගේ ලිපි කොහොම තේරුම් යයිද මන්දා... 


ඒ වගේමයි.. මම පෙර ලිපිය සඳහා බ්ලොග් ලිපි තුනක් ආශ්‍රිත කර ගත්තා... එයින් ලිපි දෙකක අයිතිකරුවන්ගේ ගැටලුවක් නැති උනත් එක් බ්ලොග් කාරියක් ඇයගේ බ්ලොගය සීමාසහිත පිරිසකට පමණක් විවෘත කලා.. එය මාගේ බලවත් හිත් වේදනාවකට හේතු වූ අතර මම ඒ පිලිබඳව මගේ බ්ලොගයේ සටහනක්ද කලා.... අනතුරුව මගේ හිතේ තිබූ ගැටලු පිළිබඳවත් ඇයගේ බ්ලොග් එක වැසීමට මාගේ බලපෑම පිළිබඳවත් පෞද්ගලිකව ඇයගෙන් විමසා සිටියා.. ඇය කිව්වේ බ්ලොග් එක වැසීමට පමණක් නොව ඇය වැටී සිටින මානසික තත්ත්වය නිසා ඇගේ ජීවිතයට යම් දෙයක් වුවහොත් මම සහ තවත් බ්ලොග් ලියන්නෙක් එයට වගකිව යුතු බවයි... මට මේකට අඬනවද හිනාවෙනවද කියලා හිතා ගන්නට බැහැ තවම.... නමුත් ඇය ලෙස අඟවා  නෝ කමෙන්ට් දැම්මේ ඇය නොවේ කියා ඇය දැඩිව පවසා තිබුනා... ඇයට කියන්නට තියෙන්නේ මෙච්චරයි.... නංගි ඔබේ බ්ලොග් එක මමද ඉතා ආසාවෙන් කියවූ බ්ලොග් එකක්.. ඔබ නැවත එය විවෘත කරනවාට මාද ඇතුළුව ගොඩාක් බ්ලොග් පාඨකයින් කැමැත්තෙන් ඉන්නේ....


මෙම ලිපිය, කමෙන්ට් හා අනෙකුත් සංසිද්ධි නවක බ්ලොග් කරුවන්ට ඉතා වැදගත් පණිවිඩයක් ගේනවා.. ඔබ ගේන තර්කය ඔබේ... එය වෙන අයෙකුගේ මතයට විරුද්ධ වෙන්න පුළුවන්.. ඔවුන් ඒ පිළිබඳව ඉතා දැඩිව තර්ක කරන්න පුළුවන්... එහි විශය කුමක්ද කියන එක අදාල නෑ... ටැබූ ගේ, පෙරමුණේ රාලගේමාතලන්ගේ, ඉදලා හිටලා කතන්දරගේ, බ්ලොග් වල යන වාද විවාද දැක්කනම් තම මතයත් එක්ක යන අපූරු කමෙන්ට් රාශියක් ඔබට දකින්නට පුළුවන්... ඔබේ මතය හරි වෙන්න පුළුවන්.. ඒත් අනෙකාගේ මතය ඔහුට හෝ ඇයට හරි.. එය වෙනස් කරන්නට බ්ලොග් අවකාශයේ ඇති එකම ක්‍රමය  සාධාරණ තර්කයක් මිස වෛරය ක්‍රෝධය පිරුණු කමෙන්ට්ස් නොවේ....


තව දුරටත් මෙහි ලියන්න කරුණු අනන්ත අප්‍රමානව තිබුනත් එය ලිවීමට වඩා කමෙන්ට් ගැන බලාපොරොතුවෙන් නවත්වන්නට සිතෙනවා..... ඒ නිසා කමෙන්ට් වැටුනොත් බලමු... නැත්නම් අත ඇරලා දාමු...


ප.ලි. කමෙන්ට් සම්භන්ධව තියෙන්නේ කලින් කොන්දේසිමයි.. පලි ගැනීමේ චේතනාවෙන් නැතුව ලිපියට අදාල කමෙන්ට් වැටෙනවනම් අගය කරනවා.... ඇනෝ අත ඇරලා පුළුවන් තරම් නමින් එන ලෙසද ඉල්ලා සිටිනවා...

Sunday, January 22, 2012

ගෑණු ඔක්කොම පත්තිනි අම්මලා.. පිරිමි අපි වලත්තයෝ.....



පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා.. ඒකට මගේ බ්ලොග් ලිපියෙන් යම් තරමක හෝ බලපෑමක් වුනානම් මම ඇයගෙන් සමාව ඉල්ලා සිටින අතර නැවත එය යථා තත්ත්වයට පත් කරන ලෙසද ගෞරවයෙන් ඉල්ලා සිටිනවා....


බ්ලොග් අවකාශයේ ලියවුන ලිපි කිහිපයක් නිසා තමයි මට ඇත්තටම මේ ලිපිය ලියන්න හිතුනේ. සමාජයේ ලිංගිකත්වය හා සම්භන්ධ සියළු සිදුවීම් වලදී ගොඩාක් දෙනෙක් පිරිමියාට වැරැද්ද දාන්නේ ඇයි කියන දේ හිතා ගන්න මටනම් තවම බෑ.. ආදරය සම්භන්දෙනුත් එහෙමයි.... මෙන්න මේ පහත තියෙන බ්ලොග් ලිපි වලට මට කමෙන්ට් කරන්න ගියොත් පෝස්ට්ම ලියවෙන නිසා තමයි ලිපි තුනට අදාල කමෙන්ට්ස් ටික, එක පෝස්ට් එකක් විදිහට මගේ බ්ලොග් එකේ දාන්නේ....


පළවෙනි එක තමයි අතීතයෙන් අහුලන මතකයන් ලියන දිල් නගා ලියපු වල්ලද? මල්ලද? කියන බස් රථයක සිදුවීමක් පිළිබඳව ලියා තිබුනු ලිපිය.... ඇත්ත... ඒකෙදි පිරිමි මනුස්සයා වැරදි තමයි.. ඒත් පහලින් කමෙන්ට් කරපු ගොඩාක් අයත් එහෙම කියලා තිබ්බා.. සභ්‍ය භාෂාවෙන් ඕන නෑ.. මේ ලිපියේ කෙලින්ම කියලා තියෙන්නේ ජැක් ගහන එක ගැනනේ... මේකෙදි දෙපැත්තක් තියෙනවනේ.. එකක් ජැක් ගැසීම, අනික ජැක් ගස්සවා ගැනීම... මම මේ ලිපියට දාපු දෙවෙනි කමෙන්ට් එක දිල් නංගි පබ්ලිශ් කරලා තිබ්බේ නෑ... මම දාපු ඒ කමෙන්ට් එක මට මතක හැටියට මෙහෙමයි...


පිරිමියෙක් ගේ අවුරුදු 16 විතර ඉඳන් 24 වගේ කාලය වෙනකන් මිනිස්සු ජැක් ගහන එක වගේ ප්‍රාථමික ලිංගික නොසන්ඩාලකම් වලට යොමු වෙනවා.. ඒක පත්තරවලට ලියලවත්, බ්ලොග් ලියලවත් නවත්තන්න බෑ.... නමුත් ප්‍රශ්ණේ තියෙන්නේ සමහරු අවුරුදු 40 50 පැනලත් මේ වැඩේ කරන එක.. එතනදි අසාමාන්‍යයි.. වැරදියි... ඒත් ඉතින් සෙනග පිරුන බස් එකකට නැගලා කොල්ලෙක් හොයාගෙන ගිහින් පස්ස හේත්තු කරන ගෑනුත් අනන්තවත් ඉන්නවා කියලා අමතක කරන එකත් වැරදියි...


මට හිතෙන්නේ එහෙමයි.... (ඒත් කවදාවත් ජැක් නොගසපු කොල්ලොත් මේ බ්ලොග් අවකාශයේ ඉන්නවා කියන එකත් අමතක කරන්න හොඳ නෑ...)


දෙවෙනි ලිපිය තමයි පොඩි කුමාරිහාමි ලියපු පිරිමි ලමයින්ට ප්‍රශ්නයක් කියන ලිපිය... මේකේ අඩංගු වෙලා තිබ්බ දේවල් වලින් මට තේරුනේ පිරිමි අය තමන්ගේ ආදරේ පිටට නොකියා හැසිරෙනවා ආදී කාරනා සහ ආදරය සම්භන්ධයෙන් පිරිමි ලමයි, ලෝකයාට බයයි වගේ කරුණු ඇතුලත් කියලා....



මම දන්න විදිහට ඒක එහෙම නෙමෙයි... මම උනත් මගේ පෙම්වතිය භාර්යාව ගැන කියන්න කොහෙදිවත් මැලි වෙන්නේ නෑ.. මම දන්න උන්ගෙන් 1%ක් විතර ඇර වෙන කිසි කෙනෙක් තමන් ආදරය කරන්නේ අහවල් තැනැත්තියටයි කියලා කියන්න ඇඹරෙන්නේ නෑ... දෙන්නෙක් එක්ක යාළු වෙලා ඉන්නවානම් ඒ ගැන කියන්නත් කොල්ලො ඇඹරෙන්නේ නෑ.. ඉතින් මේ පෝස්ට් එක කොච්චර දුරට ප්‍රායෝගිකද කියන කථාව ඇත්තටම මටනම් ප්‍රශ්ණයක්.... මම පුද්ගලිකව දකින විදිහට ගෑණු ලමයි තමයි ගොඩාක් දුරට ආදරය ලෝකයාගෙන් වසන් කරන්නේ....


මේ පෝස්ට් දෙක කියවලා මල පැනලා ඉන්නකොට තමයි අපේ ප්‍රියන්ත අයියා පෝස්ට් එකක් ගෙනාවේ "ලිංගික තෘප්තිය සිතටද ගතටද?" කියලා.. මෙයාත් දැන් නිකන් අමුතු ඒවා ලියන්නේ.. මොනවා වෙලාද මන්දා...? මොකක් නමුත් දෙයක් සිදුවී ඇති හැඩයි... ඒ ගැන පස්සේ කතා කරමුකෝ... මේකේ කමෙන්ට් කියවද්දි ආයේ අර පරන ගිනි මතු වුනා... ගොඩාක් කාන්තා පාර්ශ්වය කියලා තියෙන්නේ පිරිමින්ට ප්‍රශ්ණයක් නෑ.. ඒත් ගෑනියකටනම් පිරිමියෙක් එක්ක ආදරයක් නැතිව ලිංගිකව එකතු වෙන්න අමාරුයි කියලා...


මෙතනදිනම් මට එලිපිට කියන්නම වෙනවා... ලිංගිකත්වය කියන කාරනෙදිනම් ගැහැනු පිරිමින්ට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්නේ.. උදාහරන විදිහට, ගොඩාක් කතා කමෙන්ට් විදිහට පලවෙයි... ගැහැනියකට ආදරයක් නැතුව පිරිමියෙක් එක්ක එකතු වෙන්න බෑ කියන මතය බිඳින්න ගොඩාක් දුර යන්න ඕන නෑ... ලිංගිකත්වයේ ප්‍රාථමික අවධිය ගමුකෝ.. ස්වයං වින්දනය... ලෝකේ ඉන්න කාන්තවන්ගෙන් මෙන්ම පිරිමින්ගෙන් 99%කටත් වඩා කරන දෙයක්... එතකොට මේ ගෑනු ලමයි මේ ස්වයන් වින්දනයේ යෙදෙනකොට මැවෙන චිත්ත රූප තමන් ආදරය කරන පුද්ගලයගේ ඒවා විතරද? මේ සම්භන්දයෙදී පාර්ශ්ව දෙකම හරි, පාර්ශ්ව දෙකම වැරදි.. ඒනිසා ගෑනු දරුවනේ ඔය ඒකපාර්ශ්වීය කණ්ණාඩිය ගලවලා දෑස විහිදා බලන්න... එතකොට තමයි මේකේ යථාර්ථය පෙනෙන්නේ... අවසානයේදී කියන්නත් කතාවක් තියෙනවා...


ලංකාව වගේ රටක මිනිස්සුන්ට නීතියෙන් කසාද බදිනකන් ලිංගිකත්වය නීතියෙන් මැජික් එකක්... ඒ කියන්නේ සියල්ල දන්නවා... භාහිර හේතූන් නිසා දන්නවා කියලා පෙන්නන්නේ නෑ... ඒක මැජික් එකක් වගේ හිතාගෙන ඉන්නවා.. විවාහ උනාට පස්සේ ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කරනවා හරියට විවාහයෙන් පස්සේ තමයි මේ ඔක්කෝම දැනගත්තේ වගේ.... ඒ නිසා සිංහල බ්ලොග් වල ලිංගිකත්වය ගැන කතා කරන අවිවාහක අයට සිද්ධවෙන්නේ වෙරලේ ඉදගෙන පීනන්න උගන්නනවා වගේ වැඩක්.. 


හිනාවෙන්නත් දෙයක් තියෙන්න ඕන නිසා මම බදින්න කලින් බැදපු පොරක් මේ ලිංගික ක්‍රියා සම්භන්ධව කියපු කතාවක් මම කියන්නම්.. මෙන්න මෙහෙමයි මිනිහගේ වදන් වලින්ම කිව්වේ...


"මචන්, උඹලා ඔය වැඩේ ගැන ලොකුවට හිතුවට ඕකේ ඇති දෙයක් නෑ බන්.. මම එක වැඩක් උඹලට කියන්නම්.. බැන්ද දවසේ ඉඳන් අවුරුදු තුනක් යනකම් ගෑණිත් එක්ක ලිංගිකව එකතුවෙන සැරයක් ගානේ පොඩි ගල් කැටයක් අරන් බෝතලයකට දාපන්.. අවුරුදු තුන ඉවර වෙද්දි ගල් කැට පිරුනු බෝතල් කිහිපයක් උඹලා ලඟ තියෙයි...  අවුරුදු තුනෙන් පස්සේ උඹලා ගෑනිත් එක්ක ලිංගිකව එකතු වෙන වෙලාවකට අර ගලක් බෝතලෙන් අයින් කරපන්... ජීවිත කාලෙම අයින් කරත් අර ගල් කැට ටික අයින් කරන්න වෙන්නේ නෑ බන්...."


ඒත් ඉතින් ඔය වැඩේ කොච්චර දුරට ප්‍රායෝගික වෙයිද දන්නේ නෑ.. ඔය වෙලාවට කොහෙද ගල්කැට, බෝතල් සිහියක්....


අන්තිමට කියන්න තියෙන්නේ  ලිංගිකත්වය මූලිකව කරගෙන කරන වැරදි දෙපාර්ශ්වය අතින්ම සම සමව වෙනවා... ඒකේ කිසිම සැකයක් නෑ... 


ප.ලි. සංවාදයට විවෘතයි... ඇනෝ කමෙන්ට් බ්ලිශ් වෙනවා... ඉතාම කරුණාවෙන් ඉල්ලන්නේ සමකාමීව සංවාදය ගෙනියන්න... කුණුහරප කීම සපුරා තහනම්.... උදාහරන සහිතව ඔබේ නමින් කමෙන්ට් දානවානම් ඉතාම අගය කරනවා....

Wednesday, January 18, 2012

අවසානයේ අපි ජයග්‍රහණය කළෙමු...

දිළුම් වෙනුවෙන් ගොඩ නැගුනු සයිබරයේ පිනෙන් පිරුණු අරමුණක අවසානය වෙත අපි ලඟා වූයෙමු.... ජෙරූශා නම් දැරියගේ කර්ණ ශංඛ බද්ධයේ සැත්කම අද ඉතා සාර්ථකව අවසන් වූ බව ඇයගේ ආදරණීය මව මීට මොහොතකට කලින් අප සමග පැවසුවාය....


එපමනක් නොව ඇයගේ දියණියගේ නෑසෙන සවනතට හඬ ලබාදීමට එකතු වූ සැමට ඇයගේ මෙන්ම පවුලේ ස්තූතිය පුද කලාය... ඒ හැමට පින් ප්‍රාර්ථනා කලාය...


සිකුරාදා වනතුරු ජෙරූශා දැරිය පේරාදෙණිය ලමා රෝහලේ හතරවන වාට්ටුවේ ඇය වෙනුවෙන් සකසා ඇති විශේෂිත කාමරයක රඳී සිටිනු ඇති... ඔබ ඒ අවටනම්, එහි ගොස් ඇයට ශක්තියක් වී පැමිනෙන්නට හැකිනම්, අප එය මහමෙරක් තරම් අගය කරමු...


වැඩි විස්තර සහ ඡායාරූප ලඟදීම බලාපොරොත්තු වෙන්න..


ඔබ හැමට පින් සිද්ධ වේවා....



ඔරිජිනල් ලිපිය මෙතනින්.....

Sunday, January 15, 2012

උඹට ලමයි නෑ බන්.. අත බලලා සාත්තරයක් කියමුද?

අත බලලා, කේන්දර බලලා, අරවා බලලා, මේවා බලලා, සාත්තර කියන එක අපේ රටේ බහුලයි... කේන්දර කියන එක, එහෙම නැත්නම් ජ්‍යෝතිෂය කියන දේත් මමත් ගොඩාක් දුරට විශ්වා කරනවා.. මගේ දෛවඥ්ඥයා ගැන මම කලින් කියලා තියෙනවනේ.. චතූශගේ ජ්‍යෝතිශ කාර්යාලයෙන් තමයි ඉතින් මගේ අවශ්‍යතා ඉටුවෙන්නේ... ඉස්සරත් මතකනේ ගූගල් බස් පදිද්දි... දවස කම්මැලිනම් මාරයා ඇවිත් "එන්න බලන්න කේන්දරේ බලන්න" කියලා දානවා බස් එකක්.. හැංගිලා හිටපු ඔක්කොම විනාඩි පහෙන් බස් එකට ගන්න ඒ මාතෘකාව සමත්.... එහෙම හිටපු ගූගල් බස්නේ අප්පා අපිව දාලා ගියේ...


අද කියන්න යන කතාව ඕක නෙවෙයි.. අපි පාසල් කාලේ  වෙච්ච සාත්තර කීමක් සම්භන්ධෙන් සිද්ධියක්.. නාම ලේඛනය ලකුනු කරාට පස්සේ අපි පන්තියේ හිටියානම් හිටියේ එහෙමත් දවසක... 11වසරේ ඉදලා 13 වසර පහුවෙලා උසස්පෙලින් පසු අවුරුද්කුත් අපේ පන්තිය උනේ විද්‍යාලයේ බාලදක්ෂ කාමරය නැත්නම් ශිෂ්‍ය නායක කාමරය... ශිෂ්‍ය නායක කාමරය තිබ්බේ ප්‍රධාන ගොඩනැගිල්ලේ නිසා විදුහල්පතිතුමාගේ මෙන්ම ගුරුවරුන්ගේ අවධානය යොමු වෙනවා වැඩියි... ඒ නිසා ගොඩාක් වෙලාවට අපි හිටියේ  බාලදක්ෂ කාමරේ.... 6 වසරේ ඉඳන් එකටම හිටපු අපේ සෙට් එක ඒ කාමරේ ගත්ත ආතල් නම් කියලා නිම කරන්න බෑ...


දැන් ඉතින් වටේ යනවනේ... කතාව කියන්න අමතක වෙනවා... අපි ඉතින් ඔය කාලේ පත්තර අරවයින් මේවයින් ඔය අත්වල  රේඛා ගැන දැනගෙන හිටියා.. ඒත් ධන රේඛාව, යාලුවෙන ගෑනු ලමයි ගාන, හම්බෙන ලමයි ගාන වගේ දේවල් ගැන කියන පොඩි පොඩි දේවල් දන්නවා කියලා හිතාගෙන හිටියා... දැන් තමයි දන්නේ ඒවත් වැරදියි කියලා... 


බාලදක්ෂ කාමරේ හිටපු එක්තරා දවසක මම දැන් අපේ උන්ගේ අත් අල්ලාගෙන සාත්තර කියනවා... අරවා මේවා කියනව ඉතින්.. රාජා මගෙන් සාත්තර අහන උන් පිටිපස්සෙන් ඉදගෙන මට හොරෙන් කියනවා ඌට කියන්න ඔන දේවල්... ඉතින් මමත් ඒකට ආරළු බීරළු එකතු කරලා ඇත්ත වගේ දෙනවා ලෙසටම සාත්තරේ... තුන් හතර දෙනෙක් ඇහුවා.. වැඩේ ශේප්.. මුන්ට ඇත්තටම හිතිලා මම මේ ගැන දන්නවා කියලා...


අන්තිමට දැන් එකෙක් ආවා අතත් දික් කරගෙන.. මේක බලන සමහර උන් දන්නවා මේ සිද්ධිය.. අපේම එකෙක් (ජනකයා) තමයි මට මතක් කරලා දුන්නෙත් මේ සිද්ධිය ලියපන් කියලා... දැන් අත දික් කරපු එකයි මමයි අතරේ යනවා මේ දෙබස..


අඩෝ ***** මටත් කියපිය සාත්තරයක්...


ඇති බන් දැන් කී දෙනෙකුට කිව්වද? 


හරි හරි.. මටත් කියපන් තෝ අගය කරන්නෙ නැතුව...


හා.. වරෙන්කෝ වරෙන්කෝ...


ආ මෙන්න අත....


ම්ම් මචන්.. මාර අතක්නේ.. සල්ලි වලින් නම් අඩුවක් නෑ... ලව් කරලා තමයි උඹ බඳින්නේ... වයස අවුරුදු 70ක් විතර ජීවත් වෙනවා.. ඔච්චර තමයි බන් ඉතින්...


අඩෝ.. තව කියපන්... උඹ අරුන්ට කොච්චර කිව්වද?


වෙන මොනාද බන් කියන්නේ.. දන්නේ ඔච්චරනේ...


ඇයි උඹ අරුන්ට කිව්වේ හම්බෙන ලමයි ගනන.....


අහ්.. දියන් බලන්න අත.... 


එතකොටම රාජා පිටිපස්සේ ඉඳන් හොරෙන් "නෑ කියපන්.. නෑ කියපන්..." කිව්වා... අනිත් උනුත් සීන් එක බලාගෙන.. දැන් උගේ අත බලාගෙන මම මෙහෙම කියනවා..


අතේ හැටියටනම් මචන් මේක එච්චර හරියන්නේ නෑ බන්.. නිකන් අවුල් වගේ...


කියන එකක් තේරෙන්න කියපන් ******.......


අතේ හැටියටනම් උඹට ලමයි ඉන්න විදිහක් නෑ මචන්....


මූට මල පැන්නා කියන්නේ එකසිය ගානට.. පුටුවෙන් නැගිටලා මෙහෙම කිව්වා...


තෝ දැන ගනින් ******....... මට දවසක ළමයෙක් හම්බුනොත් තොගේ ගෑනිටත්  *****  දැන ගනින් ... අසභ්‍ය වදන් ගොඩායි ඉතින්....


මෙහෙම කියපු ඌ නැගිටලා දොර පැත්තට ගියා... ටිකක් යන්න ඇරපු රාජා ඌට ඇහෙන්න මෙහෙම කිව්වා...


ඉතින් බන් අභියා කිව්වේ උඹට ලමයි නෑ කියලනේ.. නැතුව උඹේ ගෑණිට ලමයි නෑ කියලා නෙමෙයිනේ....


එතනින් එහාට වෙච්ච දේවල් මම කියන්න ඕන නැහැනේ.... 


ප.ලි. සිහිණ උළෙලේ බ්ලොග් එකට නිර්නාමිකව මගේ නම සම්භන්ධ කරලා ගොඩාක් ඇනෝ කමෙන්ට් දාලා තියෙනවා කියලා සංවිධායක මණ්ඩලය කිව්වා.. දැන් ඒක කරන්නේ අපි නෙවෙයි අපේ අලුත් සාමාජිකයෝ ටික.. ඒ නිසා ඒකට ඇනෝ කමෙන්ට් දාපු කෙනාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ.. 


ඔබ මාගේ විද්‍යුත් ලිපිනය දන්නවා ඇති.. ප්‍රශ්ණයක් මාත් එක්ක තිබේනම් ඒ මගින් විසදගන්න... එහෙම නැත්නම් නමෙන් කමෙන්ට් කරන්න.. ඕනෑම තැනක මම ඒවට උත්තර දෙන්නම්... 


ප.ප.ලි. දැන් මම ලියන්නේ සිහින උළෙලේ බ්ලොග් එක නෙවෙයි.. ඇනෝ 2  :D  

Tuesday, January 10, 2012

ඉලංදාරියා, ජෙරූෂා, ගාලු ගෙට්ටුව හා සයිබරයේ සිහිණ උළෙල..

බ්ලොග් කියවන සහ ලියන ඔබ හැම අවධානෙන් හිටපු සහ සිටින කරුණු කිහිපයක් තමයි මේ.... යහපත් හා අයහපත් ආකල්ප වලින් ඔබ සැම මේ දිහා බලාගෙන ඉන්නවා... අද දවසේ මගේ පෝස්ට් එක වෙන්වෙන්නේ මේ පිළිබඳ විපරමක් කරන්න... 2010 එක්තරා දවසක ගූගල් බස් එකක් පැදපු බ්ලොග් කරුවෝ පිරිසක් කොළඹ පොත් ප්‍රදර්ශනය බලන්න එකතු වුනා.. ඒ තමයි මම ඉස්සෙල්ලාම බ්ලොග් කරුවෝ දෑහින් දැකපු වෙලාව.... ඉන් පසුව මිතුරු හමු කීපයකින් ශක්තිමත් වුනු අපේ ඒ බැදීමේ ප්‍රතිපලයක් විදිහට එලියට ආවේ 2011 වසරේ සයිබරයේ සිහින උළෙල විලසින්...


ඒ සඳහා අපි එකතු වුනේ විහාරමහාදේවී උද්යානයේ... ඒකට ආපු මගේ සඳ ලියන පසන් මල්ලි තමයි ඉලංදාරියා ගැන අපිට මුලින්ම ආරංචිය දුන්නේ... ඊට සතියකට විතර පස්සේ ඉලංදාරියාගේ පෝස්ට් එකයි ඒ එක්කම වැටුන සුභාශ් අයියගේ පෝස්ට් එකයි පෙරටු කොට ගෙන අපි හැමෝගෙම බ්ලොග් වල ඒ ගැන සඳහන් වුනා... අපිම විනෝද වෙන්න හදපු සයිබරයේ සිහින උළෙලට පවා පිනෙන් පිරුනු අරමුණක් එකතු වුනා... 


ලංකාව පුරා විසිරී සිටින බ්ලොග් කරුවෝ අප්‍රේල් 3 වෙනිදා හෙන්රි පේද්‍රිස් ක්‍රීඩංගනයට රැස් උනේ මේ මුළු බ්ලොග් අවකාශයම එකම එක පවුලක් කරගනිමින්.... දිළුම් පවා ඒ දවස ගත කලේ හරිම සතුටින්... ඉතින් ඒ නිසා එහි ප්‍රීතිය බෙදාගැනීම අපි හැමෝම මූණු පොතේ ඡායාරූප වලින් බ්ලොග් සටහන් වලින් පැහැදිලිවම දුටුවා... මේ වෙනුවෙන් යෝධ සහයෝගයක් දැක්වූ අරුණි ශෙෆීරෝ අක්කාත් නිදහස් සිතුවිලිවල ලියන රවි අයියා ඇතුළු පිරිසත් මතක් කල යුතුයි.... 


ඒත් මේ අතරේ දිළුම්ට සවන් ලබාදීමේ ව්‍යාපෘතිය දිගටම කෙරුනා.. එහි ලොකුම බර ඇද්දේ ඩුබායිහි අපේ කට්ටිය කියන සංවිධානය.. බ්ලොග් ලියන කියවන අපි දන්න දුමීගෙයි දුකාගෙයි  සම්බන්ධීකරනයෙන් ඔවුන් කරපු මෙහෙය කීම මටනම් වචන නැහැ.. අයියේ උඹලා කරපු ඒ මෙහෙයනම් මහමෙරක් තරම්...


කොහොමහරි අපිව දැඩි කම්පනයකට පත් කරලා දිලුම් අපෙන් සමුගත්තා... ඒ වෙලාවේ අපි හැමෝම අසරණ උනා... කිසිම දෙයක් හිතාගන්න බැරි වුනා.. සමහරු පටු පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා ඉතා පහත් ක්‍රියා වලට පෙළඹුනා.. ඒව කියවන ඔබට අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නෑ... එයින් අධෛර්යය නොවුනු අපේ ලොකු අක්කා වගේ ඉන්න තනෝජා අක්කා සහ පිරිවර දිළුම්ගේ තුන්මාසයේ පින්කම වෙනුවෙන් මහරගම පිළිකා රෝහලට බෙහෙත් සැපයීමෙන් දිළුම්ට පින් පැමිනවීම සිදු කලා...


ඒ අතරෙදි තමයි රනාගෙ ඉසව්ව ලියන රනිල් අල්ගම මල්ලි මට විද්‍යුත් ලිපියක් එව්වේ ජෙරූශා දැරියගේ අසනීපය ගැන කියලා.. එහි තිබුනු දුරකතන වලට කතා කරලා විස්තරයේ යම් සත්‍යතාවක් දැකපු නිසා "දිළුම් වෙනුවෙන් අපි" හි ක්‍රියාකාරීව සිටපු අය වෙත මෙය යොමු කලා... දිළුම්ගේ අසනීපයට බොහෝ සමාන අසනීපයක් තිබෙන නිසා හා රණවිරුවකුගේ දුවෙක් නිසාත් අපේ වැඩි අවධානය මේ කෙරෙහි යොමු වුනා කිව්වොත් නිවැරදියි.. නැවතත්  ඩුබායි  හි සිටින අපේ කට්ටිය වැඩ පටන් ගත්තා..  ඩුබායි හි වෙසෙන රජිව් ෆර්නෑන්ඩු අයියත් මමත් නිවසටම ගොසින්, වෛද්‍යවරුන් හමුවී මෙහි නිරවද්‍යතාවය සනිටුහන් කරගත්ත අතර රජිව් අයියා මෙඩ්කොන් ආයතනයෙන් අදාල උපකරණය ගැන සියළු විස්තර සොයාගෙන තිබුනා.. මේ සියළු වැඩ සටහන් මහනුවර සිට සම්භන්ධීකරනය කරමින් හා ගිනුම් කටයුතු වලින් ප්‍රියන්ත අයියා සහ දීප්ස් දක්වපු සහයෝගය අමතක කරන්න බෑ.. ශ්‍රී ලංකීය බ්ලොග් අවකාශයේ වඩා වටිනාම සමාජ සත්කාරය සටහන් කරමින් පසු ගිය දවසක දුකා අයියාත් දුමී අයියාත් අයිවන් සෝවිස් මහතා හමුවී මේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කලා.... පරිත්‍යාගශීලී අයිවන් සෝවිස් මැතිතුමනි, ඔබේ මේ කාර්යය අගය කරන්නට අපි වචන වලින් පොහොසත් මදි.. ඔබට පිං....


දැන් ජෙරූශාගේ සැත්කම ජනවාරි 18 සිද්ද වෙනවා... බුදු සරණින් දෙවි පිහිටෙන් ඇගේ සැත්කම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ඒ පුංචි දැරියත් එක්ක අපි 2012 සයිබර් සැණකෙලියෙදි ඔබට කථා කරන්න හැකිවේවි....


මේ අතරේ සිද්ධ වුනේ දකුණු ලකේ තිබ්බ බ්ලොග් කරුවන්ගේ ගෙට් එක.... සියල්ල හොඳින් සිද්ධ වුනා.. ශක්තිමත් තරුණ පරපුරක් බ්ලොග් අවකාශය වෙනුවෙන් කැපවෙන්න ඉන්නවා කියලා ඔවුන් ඔප්පු කරලා පෙන්නුවා.. මඩ නාගත්තා... ටිකක් පරන බ්ලොග් කරුවෝ හීනියට යමක් කරගෙන පොඩි වුන් දිහා ආඩම්බරයෙන් බලාගෙන හිටියා... උන්ගේ ගමන පැහැදිලියි... සුපිරි වැඩ කොටසක් කරමින් අපිටත් වඩා ශක්තිමත්ව ඉස්සරහට යන්න උන්ට පුළුවන්... අපේ සුභ පැතුම්... ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශයේ තිබුන විනය හැදියාව රැගෙන ඉස්සරහට අඩිය තියන ඔබට යෝධ ශක්තියක් වෙන්න පරනම බ්ලොග් කරුවොයි ටිකක් පරන බ්ලොග්කරුවොයි පුල පුලා බලන් ඉන්නවා.. ආයෙ ඒකෙ දෙකක් නෑ....


ඊලඟ මාතෘකාව 2012 සයිබරයේ සිහින උළෙල... දැනට නිදහස්ව තියාගන්න අප්‍රේල් මාසේ 22 වෙනිදා... දිනය තව සතියක් ඇතුලත් නිශ්චිතවම එලිදක්වාවි අපේ අළුත් සංවිධායක මඬුල්ල... තරුන තරුනියන් පිරිවරාගත් නවුම් අත් දැකීමකට මුහුණ දෙන්න දැන් ඉදන්ම ලෑස්ති වෙන්න... විදේශගතව ඉන්න අය ලංකාවට එනවානම් මෙන්න දවස්....


එහෙනම් මාතෘකාවේ තිබ්බ කරුණු සියල්ල ඉවරයි.. ලඟදිම එන්නම් ඉල කැඩෙන සිනාවක් අරන්.. අපි ඔක්කොම එක පවුලක් කියන එක අමතක කරන්න එපා... අනෝ කමෙන්ට් දාද්දි අනිත් මිනිස්සුන්ට කියවන්න පුලුවන් භාශාවෙන් දාන්න

ප.ලි. ඉහත සද් කාර්යයන් වලට උදව් කල කාගේ හරි සිත් රිදවීමක් උනානම් සමාවෙන්න ඕන.... අපි කරපු වැඩවල සැපුම් කණු මතක් කලා මිස දිරිය දුන්න මිනිසුන්ගේ නම් කියවීමක් කලා නෙවෙයි... අපි ඔබ සැවොම උපරිම කැපවීමෙන් කරපු වැඩවලට අයිතිකාරයෝ කොයින්ද? අදටත් ඉදිරියටත්....

Thursday, January 5, 2012

රුපියල් අටසීයකින් අද ලංකාවේ කරන්න පුළුවන් වටිනාම දෙයක් මෙන්න....

රුපියල් දහසකින් අද ලංකාවේ මොනාද කරන්න පුළුවන්.. එහෙනම් ඉතින් අට සියයක් ගැන කවර කතාද නේද? මම කියන්න යන්නේ රුපියල් අට සියයක් වියදම් කරලා ප්‍රතිලාභයක් ලබා ගන්නේ කොහොමද කියලා... හික්.. අර වැප් නිශාන්තගේ ආයෝජන සීන් එක වගේ එකක් නෙමෙයි මේක... එහෙම පිටින්ම බ්ලොග් කරුවන් හා බ්ලොග් කියවන්නන් සඳහාම වෙන් කරපු අවස්තාවක්... රුපියල් 200කිනුත් මේ අවස්ථාව ලබා ගන්න පුළුවන්.. ඒත් ඒකට  පොඩි වාසනාවක් තියෙන්න ඕන.... මේ තියෙන්නේ විස්තරේ පහල....


ඔන්න දැන් තමයි කතාව... 7 වෙනිදා අපි පිටත් වෙන්නේ කොට්ටාවෙන්... ඒ උදේ 7ට... මාකුඹුරට එන අපි අධිවේගී මාර්ගයේ පින්නදූවට යන්නේ අපි සඳහාම සැකසූ විශේෂ බස් රථයකින්.....  එතනින් අපි යනවා රූමස්සලට.... එතන ගිහින් කට්ටිය කතා කරලා අදුනාගෙන සිංදු කියනවා.. සෙල්ලම් කරනවා... මුහුදේ නානවා.. බඩ පැලෙන්න හිනාවෙනවා මේ ආදී තවත් නොයෙකුත් දේවල් කරනවා.... ඊට පස්සේ අපි දවල්ට හොඳ කෑම එකකුත් කනවා... කාලා හතර වෙද්දි පිටත් වෙලා පස්වරු පහ වෙද්දි කොට්ටාවටත් එනවා.... 


ඉතින් මේ ඔක්කෝටම ඔබට වැයවෙන්නේ රුපියල් අට සියයි....


දැන් එදාට ලැබෙන වාසි මොනාද? සතර දික් භාගයේ යාළුවෝ අදුනගන්න ලැබෙනවා... දවසක් පුරා විනෝද වෙන්න ලැබෙනවා.. කොල්ලෙක් කෙල්ලෙකුට වැඳලා සමාව ගන්නවා බලන්න ලැබෙනවා... ඒ වගේමයි හිත පුරා විනෝද වෙන්න ලබෙනවා... 


ඒ වගේමයි ඔබ කැමති බ්ලොග් කරුවෝ රාශියක් එදාට සහභාගි වෙනවා.... ආදි කාලයේ ඉදන් බ්ලොග් කිහිපයකට හිමිකම් කියන මගේ මරනය, දියත් කුලේ අපි ලියන ලසිත බෙනරගම, මුචලින්ද ලියන රචින්ත මගේ ලෝකය ලියන අසේල (රංග)වගේම තත් එකී මෙකී නොකී ගොඩාක් අය එනවා... ජ්‍යේෂ්ඨ බ්ලොග්කාරියන් දුර ප්‍රශ්ණෙ නිසා අවම සහභාගිත්වයක ඉන්නේ.. ඒත් අන්තිම මොහොතෙ එයාලත් හා කියන්න ඉඩ තියෙනවා... ඉතින් මේ සහෝදර පිරිස එකතු වුනාම එතන මොන තරම් සුංදර තැනක් වෙයිද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්ද?  ඇත්තටම ඒක ඉතා සොඳුරු මොහොතක් වේවි....


දැන් ඉතින් මේක කියවලා නහයෙන් අඬන්න එපා අයියෝ අපි දන්නේ නෑනේ කියලා... පටස් ගාලා මේ ලින්ක් එකෙන් ගිහින් මෙන්න මේ ෆොර්ම් එක පුරලවලා සෙනසුරාදා උදේ හතට කොට්ටාවට එන්න...



තව වාසි තියෙනවා... මේ බ්ලොග් ක්ෂේත්‍රයේ අළුත් පරන බේදයකින් තොරවම ඉන්න තනිකඩ බ්ලොග්කරුවෝ දහසක් බලාපොරොත්තු තියාගෙනලු මෙතනට එන්නේ... (මගේ මරණය... ඔන්න මම දැම්මා මචන්..)


වැඩි විස්තර මේ බ්ලොග් අඩවි වලින් දැන ගන්න පුළුවන් වේවි..


රාජ්.. (කොළඹින් එන අය සඳහාමයි...)



පොඩි මෑන්.. 


කිඩෝ...


ප.ප.ලි... අර රුපියල් 200 කතාව කියන්න බැරි වුනානේ.. ඒකට ඉතින් බෙන්තර ගඟෙන් එහා ඉපදෙන්න ඕන..


ප.ලි. අධිවේගී මාර්ගයේ බස් එකේ ගිහින් ආවත් රුපියල් 780ක් යනවා.. එහෙම බලපුහාම මේකෙ දවල් කෑම අතුරු පස විනෝදය අරවා මේවා ඔක්කොම නොමිලේ.... 


ප.ප.ලි. 2012 සයිබර් උළෙල ගැන පළවෙනි පෝස්ට් එක ගොඩාක් දුරට ලබන සතියේ වැටෙයි අපේ සයිබර් සැණකෙළිය බ්ලොග් එකේ.. දැන්මම බ්ලොග් රෝල් එකට ඇතුලත් කරගෙන ඉන්න....

Tuesday, January 3, 2012

මෙන්න හිනා වෙන අයට... ටියුබ් ලයිට් අයට නෙවේ... දුර, සීතල, වේගය මනින අළුත්ම මිනුම් ඒකක....

ඇත්ත නමින් බ්ලොග් ලියන එකේ වාසි වගේම අවාසිත් තියෙනවා.... ලොකුම අවාසිය තමයි රසවත් සිද්ධි ලියනකොට සැර උපරිමෙන් බාල කරලා ලියන්න සිද්ධ වීම.. මේතනත් ඒ වගේ කථාවක් තියෙනවා.. ඒත් බලන අයට අසාධාරණයක් නොවෙන්න ලියන්න හිතනවා.... හරි පටන් ගත්ත ගමන්ම වටේ යන්නේ....


සම්මත මිනුම් ක්‍රම වගේම කට වහරින් එන මිනුම ක්‍රම ගොඩාක් අපේ සමාජයේ තියෙනවා.. ඉස්සර හිටපු අපේ මුතුන් මිත්තෝ වෙලාව කිව්වේත් ඉර දිහා තරු දිහා බලලනේ.... ඉතින් ඒ වගේ කතා කිහිපයක් තමයි මේ....


ඉන්දික කියලා මගේ යහලුවෙක් හිටියා කටුගස්තොට.. මිනිහගේ ගෙදරට යන පාර අපට කිව්වේ මෙහෙමයි...


මචන්, දෙවෙනි පටුමගේ හතරවෙනි ගෙදර......


හික්.. දෙවෙනි පටුමගේ හතරවෙනි ගෙදරට කිලෝමීටර එක හමාරක් යන්න ඕන... අහන මිනිහා මොන තරම් මුලාවක වැටෙනවද?


නුවර එළිය පැත්තේ කට්ටිය වංගු වලිනුත් දුර කියනවා... 


තව වංගු තුනයි...


අයියෝ.. ඔය හතර වෙනි වංගුවේ තියෙන ගෙදර..


නමුත් ඒ පැත්තේ වංගු ගනින්න මාර ගේමක් දෙන්න ඕන.. මොකද, ඔවුන් වංගු ගනින්නේ පොඩි වංගු අත ඇරලා...


දුර මනින නවීනතම මිනුම් ඒකකය මට ලබුනේ ගිය සෙනසුරාදා... මාතර පැත්තේ ගෙදරක යන්න ගිහින්... මේ තියෙන්නේ දෙබස...


මේ හරියට වරකාපිටිය කියලද කියන්නේ....


ඔව් මහත්තයා...


අර බන්දුල මහත්තයාලගේ ගෙදර කොහෙද?


මේ පාරේ තව ටිකක් යන්න ඕන... තැපල් පෙට්ටියක් තියෙනව ඔන්න ගෙදර ඉස්සරහා.. ඔහෙලා කොහෙයි?


අපි ටිකක් ඈත... කොච්චර විතර දුරද සමාන්‍යයෙන්..?


අනේ.. වැඩි දුරක් නෑ.. තව බෝක්කු තුනයි.....
(ඔය වැම්පා මලයා එහෙම ආඩම්බරෙන් කිව්වට ඉන්නේ ඕස්ට්‍රේලියාවේ කියලා උනුත් දුර කියන්නේ බෝක්කු වලින්ද කොහෙද... මටනම් හිතේ මැවෙනවා මාතර එකෙක් ඕස්ට්‍රේලියාවේ සුද්දෙකුට බෝක්කුවලින් පාර කියන හැටි....)

මේ සිද්ධිය මට මතක් උනේ තාරුණ්‍යයේ අඩවිය ලියන රාජ් එක්ක මේ සෙනසුරාදා (ජනවාරි 7) තියෙන බ්ලොග් කරුවන්ගේ ගෙට්ටුව ගැන කථා කර කර ඉද්දී... අනනමනන් වල්පල් ගැන කතා කර කර ඉන්න ගමන් රාජ් කිව්ව මිනිහා සිරිපාදෙ ගිය කථාවක් කැලේ පාරකින්.. අන්න එතකොට තමයි මේ සීතල මනින අලුත්ම ඒකකය ගැන මගේ මතකය අළුත් වුනේ.... 2004 හතරේ අවුරුද්දේ අගෝස්තු මාසේ අපි සිරීපාදේ ගියා.. අවාරේ සිරීපාදෙ යන එක බයානක වගේම හරිම මිහිරි අත්දැකීමක්.. සීතල උපරිමෙන්.. ඉතින් දෙවි පිහිටෙන් මේ ගමන ගිහින් ආපහු ආවා..


මේ ගැන ඔෆිස් එකේ කතා වුනේ මම ආවට පස්සේ.. එක ගෑනු ලමයෙකුයි, අර මගේ කලින් කථාවක හිටපු ප්‍රදීප් කියන රියදුරයි අතරෙ තමයි මේ සංවාදේ උනේ.. ගෑනු ලමයගෙන් තමයි ප්‍රශ්නේ...


ඉතින් අභීත, සිරීපදෙ ගමන කොහොමද?


හොදයි... හරිම නිස්කලන්කයි... අවාරෙ හින්දා සෙනග නෑනේ....


මාත් ගිහින් තියෙනවා අභීත මහත්තයෝ අපි බඳින්න කලින්... අවාරේ සිරීපදේ යන එකනම් ඉතින් ඔය වයසට ගියොත් තමයි.. නැත්නම් ආයේ යන්න වෙන්නේ නෑ.... සීතලේ තරම තේරෙනවනේ.....


අනේ ඇත්තද ප්‍රදීප්.. ගොඩාක් සීතලද?


මිස් මේ මොනවා අහනවද මන්ද? කොච්චර සීතලද කියන්නේ උපරිම දිග සෙන්ටිමීටර එක හමාරක් විතර ඇති...


කථාව එතනින් ඉවර වුනේ මට හිනාව නවත්තගන්න බැරි වෙච්ච නිසාත් ප්‍රදීප් එතනින් ගිය නිසාත්... අර ගෑනු ලමයා හිස් බැල්මකින් අපි දෙන්නා දිහා බලන් හිටියේ ඇයත් ටියුබ් ලයිට් නිසා වෙන්න ඇති....


ප.ලි. මතකනේ ඔක්කොටම.. අපි සොඳුරු මොහොතක් ගත කරන්න යනවා කියලා ගාල්ලේ. දිනේ මතකද? ජනවාරි 7.. වැඩි විස්තර මෙතනින්... මෙතනින්.. මෙතනින්...

Monday, January 2, 2012

කොල්ලෙක්ගේ බෝඩිමකට ගිහින් තියෙනවද? මේ කාගේ බෝඩිමද?

බෝඩිමක් කියන්නේ ඉතා රසවත් තැනක්. මගේත් බ්ලොග් සටහන් කීපෙකම බෝඩිං ජීවිතේ වෙච්ච රස කථා ගොඩාක් ලිව්වා... තව තව බ්ලොග් සහෘදයොත් බොඩිං ජීවිත හොස්ටල් ජීවිත වගේ එව්වා ගොඩාක් ලිව්වා.. ජනවාරි පළවෙනිදා අපි ගියා අපේ බ්ලොග් කරුවෙකුගේ බෝඩිමකට... ශහ්.. ඒකනේ බෝඩිම... මෙන්න තියෙනවා පින්තූර... කියන්න බලන්න කාගෙද කියලා මේ බෝඩිම ඔයාලට හිතෙන විදිහට....












අපිට කට කොනට හිනා ගියාට අපේ කාමරත් ඒ කාලේ මෙහෙමද මන්දා තිබ්බේ.... මෙච්චරම නෑ හැබැයි.....


ප.ලි. අමතක කරන්න එපා... ගාලු ගමන සෙනසුරාදා.... කොළඹ ඉදලා යනවනම් රාජ්ව කන්ටක්ට් කරන්න.. මේ තියෙන්නේ ඒ පාර....

Sunday, January 1, 2012

සුභ නව වසරක් මිත්‍රවරුනි... "සයිබරයේ සිහින උළෙල 2012"

බ්ලොග් ලෝකයේ දෙවන අවුරුදු සුභ පැතුම පතන්න තමයි මම මේ හදන්නේ.... කාලය ඉස්සර වගේ නෙවෙයි... ඉතාම වේගෙන් ඇදී යනවා.... අපිට හිතන්නවත් බැරි වේගෙකින්... අවුරුද්දක් ගෙවෙනවා කියන එක ඉතාම පහසුයි.. අද ඉඳන් අපි ලබන්නේ අළුත් අවුරුද්දක්..... පරන අවුරුද්දෙන් ඉගෙන ගත් පාඩම් උපයෝගී කරගෙන සාර්ථක නව වසරක් වේවා කියා මමත් මගේ පුංචි ව්‍යාපාරයත් ප්‍රාර්ථනා කරනවා... එහෙනම් මගේ බ්ලොග් එක බලන නොබලන සියළු ලෝක වාසීන්ට සුභ නව වසරක් වේවා......


සුභ පැතීම අවසන්...ඒ එක්කම තවත් අළුත් මාතෘකාවක්.... ගිය අවුරුද්දෙ මම දැකපු හීනයක් තිබුනා... ඒක සැබෑ වුනා... මේ අවුරුද්දේ ආයෙත් හීනයක් දකින්න බෑනේ.... ඒ නිසා මේ පාර කෙළින්ම කතාවට බහිමු... 


පහුගිය දවසක මම දාපු පෝස්ට් එකක් නිසා මේ ගැන කථා කරන්න යලිත් මග පෑදුනා... ඒකේ අසේලගේ කමෙන්ට් එකත් පුතාගේ කමෙන්ට් එකත් නිසා මම ආපහු පෝස්ට් එකක් ලිව්වා ඒක තමයි මේ... මේ දෙකටම වැටුන කමෙන්ට් වලින් හා මට චැට් එකෙන් දුරකථනයෙන් ආපු දේවල් අනුව මට හිතුනා ආයෙත් මේක කරන්න තල්ලුවක් දුන්නොත් හොඳයි කියලා... තාරුන්‍යයේ අවකාශය ලියන රාජ් මගේ කාර්‍යාලයටත් ඇවිත් කිව්වා " අයියේ මොනා හරි කරමු.... දේවත් ඉන්නවා.. අපි දෙන්නත් මේ ගැන කථා වුනා" කියලා... ඔන්න එහෙනම් අපි මේ පාර අවුරුදු උත්සවේට මුල්ගල තියමු...


මම දන්නවා.... ගිය අවුරුද්දෙත් අපි ඔක්කොම එකතු වෙලා ඉද්දි ඇනෝ කමෙන්ට් වලින් ගෝනි ගනන් මඩ ආවා.. මේ අවුරුද්දෙත් ලෙසටම එයි.... ඒ නිසා ඒ තුලින් අඩිය පස්සට තියන්නේ නැතුව සාර්ථක සිහිණ උළෙලක් තුලින් අපි මුණ ගැසෙමු... අපේ තල්ලුවෙන් අලුත් පරම්පරාවකට මේ වැඩේ සංවිධානය කරන්න දීලා ඔවුන්ට ඉතා සුපිරි සහයෝගෙකුත් දීලා අපි එදා වගේම සතුටින් ගත කරන දවසක් ගේමු.... දැනටත් ඒ සඳහා කිඩෝ ප්‍රමුඛ රාජ්, පොඩි මෑන්, දේවා වගේ කෂ්ඨිය පියවර තියලා තියෙන්නේ.. පොඩ්ඩෝ ටික සාර්ථකව, සාර්ථක පියවර තබන හැටි අපි බලාගෙන ඉන්නවා ඔන්න...


විදේශ ගතව ඉන්න බ්ලොග් කරුවන්ගෙන් ලැබෙන ආරංචි අනුව අප්‍රේල් 22 වගේ දිනක තමයි මේක තියන්න වෙන්නේ.... දැනට කතන්දර, පිස්සා, ඕනයා, ඔබා, ඉන්දික ඒ දවස් වෙද්දි ලංකාවේ ඉදියි කියලා ප්‍රකාශ වෙලා තියෙනවා... ගොඩයාත් ගොඩාක් වෙලාවට එනවා කියලා තමයි කියැවෙන්නේ... අපි ඒවා කථා කරලා බලමු.... බලමුකෝ කට්ටියගේ කමෙන්ට් කොහොම වෙයිද කියලා පහතින්.....


මේ සිහින උළෙල කියන්න මඩ ගුහාවක්නේ.. ඒක නිසා පළවෙනි මඩ පාර ගහලම ආරම්භයක් තියමු.... මේ සිහින උළෙලට අනුග්‍රහාය දක්වන්න ආයතන දෙකක් ඉදිරිපත් වෙලා ඉන්නවා.. ඒක අවශ්‍ය ව්‍යාපෘති වාර්තාවක් හදන එක ගැන මම දෙන්නෙක් එක්ක කතා කලා.. ඒ කතන්දර හා සංජු ටීචර්... සංජු ටීචර්ගෙයි මගෙයි අතර වුන දෙබසෙ අවසන් හරිය මෙන්න...


හරිනේ.. නංගි... එහෙනම් දැන්ම වැඩේ පටන් ගන්න....


අනේ දැන්ම නම් බෑ අයියා.... තව පැය දෙකෙන් පටන් ගන්නම්...


ඒ මොකෝ...


චෙන්නායි වලදි ඇදපු කුණු ඇඳුම් ටික හොදන්න තියෙනවා...


කොහොමද නයා..) ඔබාගේ UFO කැලේ...


සින්ඩිකේටර් ප්‍රශ්ණ, බ්ලොග් යුනියන් ප්‍රශ්ණ, කල්ලිවාදී ප්‍රශ්ණ ඇතුළු නොයෙකුත් මත ගැටුම් අමතක කරලා ගිය සැරේ වගේ අයිතිකරුවෙක් නැති සුපිරි උළෙලක අත්දැකීම විඳ ගමු...  



ප.ලි. ඔක්කොටම කලින් මෙයාලා ගාල්ලේ උණවටුන ගමනක් දාගෙනනේ.. අපිත් ඒ සඳහා සහභාගී වෙන්න තමයි බලාපොරොත්තුව.... සයිබර් අවකාශයේ එහෙමත් නැත්නම් බ්ලොග් ලෝකයේ අළුත් පරපුර සංවිධානය කරන පළවෙනි මෙගා වැඩේ... මට පේන්නේ සෑහෙන පිරිසක් රූමස්සල වෙරළට එකතු වෙයි කියලයි දැනට ලැබිලා තියෙන ආරංචි අනුව....


ඒ ගැන විස්තර දැන ගන්න මේ පෝස්ට් කියවන්න....


කිඩෝ.....
පොඩිමෑන්...


කොළඹින් යන අය සුපිරි ෆන් එකක් ගන්න තමයි සෙට් වෙලා ඉන්නේ... ඒ සඳහා සහභාගී වෙන කට්ටිය තාරුන්‍යයේ අඩවිය ලියන රාජ්ගේ මෙන්න මේ පෝස්ට් එක කියවන්න... අඩු වියදමකින් පික්ෂු හැදෙන විනෝදයක් ලබන්න එකතුවෙමු.. ජනවාරි 7 වෙනිදා..