Thursday, January 3, 2013

වැප් නිශාන්තගේ පරණ ලිපියකට පිළිතුරක්... බොරු ලියන්න එපා මචන්...


සියළු දෙනාට සුභ අළුත් අවුරුද්දක් වේවා....! අවුරුදු සුභ පැතුමකින් ආරම්භ කලත් වැප් නිශාන්ත මහතාගේ ලිපියකට උත්තරයක් දෙන්න කාලෙක සිට සිතා සිටියත් කාර්ය බහුලත්වය නිසා එය දිනෙන් දින ප්‍රමාද වුනා..  ඈත කාලයේ බ්ලොග් ක්ශේශ්ත්‍රය තුල පිළිතුරු ලිපි අනන්තවත් ලියවුනත් මෑත කාලයේ එවැනි කටයුත්තක් දකින්නට නැහැ. මමත් එහෙම ලිපි ගොඩාක් ලිවුවත් ඒවාට ඇනෝ ප්‍රහාර එල්ල වුනේ මහ විනාශකාරී විදිහට.. එහෙම කියලා නොලියා පුලුවන්ද? මගේ බ්ලොග් එකේ හිට් වැඩිම හා කමෙන්ට් වැඩිම ලිපියත් එවන් පිලිතුරු ලිපියක්.. ඒ වගේම මම මගේ බ්ලොග් එකේ ලිපි අතරින් ඉතා කැමතිම ලිපිය වෙන නවම් මචන්, ආයේ ලියන්න එපා බන් මේ වගේ කතා කියන ලිපියත් නවම් මාවතගේ ලිපියකට ලියපු පිළිතුරක්.. ඒ වගේමයි බියොන්ඩ් ෆ්‍රේම්ගේ ලිපියකට ලියවුණු පිළිතුරු ලිපිය විභාග දෙපාර්තමේන්තුව සම්භන්ධව.. වැප් නිශාන්තගේ කූරගල ලිපියට පක්ශව ලියපු මහින්ද රාජපක්ශ මැතිතුමනි, ඔබ මේ පිළිබඳවනම් ගොඩාක් අසමත් කියපු ලිපියත් එවැන්නක්... දැන් ඉතින් පරන ලිපිවලට ලින්ක්ස් දුන්නා ඇති.. කෙලින්ම කථාවට බහිමු...

මීට වසරකට කලින් වැපා ලියපු ලිපියක් තමයි මීමුරේ තව දුරටත් දුෂ්කර ගමක් නෙවෙයි කියන ලිපිය.... ඒත් පසුගිය මාස දෙක පුරා මම මීමුරේ ගත කල නිසා එය තව දුරටත් දුෂ්කර ගමක් ලෙස හදුන්වා දෙන්න මම කැමතියි... ඒ පහත කරුණු නිසා.. ඔබේ අවබෝධය පිණිස මම වැප් නිශාන්තගේ කරුණුත් එක්කම කරුණු දක්වන්නම්..

අබලන් වී ඇති මීමුරේ මාර්ගය 
හුන්නස්ගිරියේ ඉඳලා කිලෝමිටර් 36 ක් දුරින්, නකල්ස් කඳුවැටියෙන් වටවූ මේ සුන්දර ගම්මානය කෙළවරට යනතුරුම දැන් කොන්ක්‍රීට් කරනලද පාරක් ඇත. 

පාර හදපු කාලයේ එය එලෙසින් තිබෙන්නට ඇති.. දැන් නම් එම මාර්ගය බොහෝ සේ අබලන්ය. සාමාන්‍ය වාහනයකට ඉතා අසීරුවෙන් එහි ලඟාවිය හැකි අතර 4 X 4 වාහනයක් වඩා උචිතය. පසුගියදා පතිත වුන වර්ශාවෙන් එම මාර්ගයට වූ හානිය මෙතනින් බලාගන්න පුලුවන්.. ඒ වගේම මීමුරේ ගැමියන්ගේ එකමුතු කම වගේම ජවයත් එම පින්තූර වලින් බලාගන්න පුළුවන්... 

මී මුරේ ඉතිහාසය - History of Meemure
අනුරාධපුර යුගයේ සිදුවු වියසනයක් හේතුවෙන් රහතුන් වහන්සේලා වෙනත් පෙදෙස් කරා වැඩම කර ඇත. පසුව රජතුමා විසින්, වඩනහලු/රන්දුනුවා හා කහටගහකුඹුරා කියන පුද්ගලයින් තුන්දෙනා ගේඳුරුවා නම් වැදිනායකයාගේ මග පෙන්වීම යටතේ උන්වහන්සේලා සොයාගැනිමට පිටත් කරවා ඇත. එම සිද්ධිය මීමුරේ ගමෙහි ආරම්භයයි. අදටත් පවතින දන්දෙනිකබුර කහටගහවෙල සහ ගලමුදුන ජනාවාස වී ඇත්තේද එහිම ප්‍රථිපලයක් ලෙසය. ඊට අමතරව රන්දුනුවා විසින් ජනාවාස කරන ලද ගලමුදුන සොයාගෙන ඇත්තේ මී වදයක් සොයාගෙන යාමේදිය. නවරත්න මහතාට අනුව ගලමුදුන නම් ගම අති දුශ්කරය. එම ගමට මොන ආකාරයකින් ගියත් කිලෝමිටර් දහයක් පමණ පයින්ම යා යුතුය.


මෙයට එකඟ විය හැකි අතර කන්ද උඩරට අවසන් රජු වෙච්ච ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පලා යෑමේදී අන්තඃ පුර බිසෝවරුන් සැඟවූ ප්‍රදේශය ලෙසත් මෙය සැලකෙනවා.. මීමුරේ ගමේ පෞරාණික නිවසක් වෙච්ච "උඩ වලව්ව" ගමේ පැරණිම නිවස යැයි සැලකෙන අතර අදටත් එහි ආයු කාලය කියන්න සමත් කිසිවෙක් මීමුරේ ගමේ නැහැ... පදිංචි අයවත් දන්නේ නෑ...

පහසුකම් - Facility of Meemure
දැනටමත් ලංකාබෙල් CDMA දුරකතන ජාලය වැඩකරයි. ගම කෙළවරට යනතුරු කොන්‍ක්‍රීට් කරන ලද පාරක් පවතියි. ගම තුල කඩ තුනක් පවතීයි. එවාහි ඒ මිනිස්සුන්ට අවශ්‍යතාවයට සරිලන බඩු බාහිරාදිය විකිණිමට ඇත. ගමපුරා විදුලි රැහැන් ඇද ඇත. ජලවිදුලි බලාගාරයක් හා ඇල්බිසියා වලින් ක්‍රියාත්මක වන තාබ බලාගාරයක් පවතියි. නමුත් තාපබලාගාරය දැනට අක්‍රීයව පවතින්නේ එහි තාක්ෂනික ‍දෝෂයක් පවතින බැවිනි. ඊට අමතරව සූර්ය තාප විදුලි බලය බොහෝ නිවෙස්වලට ඇත. මේ කරුණු සලකා බැලූ කල මි මූරේ තව දුරටත් දුශ්කර නැති බව පැවසිය හැක. ත්‍රීවිල් ලොරි යතුරු පැදි මෙන්වම වැන් ද එහි ගැමියන් සතුය. අනෙක් පෙදෙස් වලින් වෙන්ව පැවතියත් මී මුරේ යනු ස්වයංපෝෂිත ගමක් බව නවරත්න මහතා ආඩම්බරයෙන් පැවසීය. 



මෙයද සත්‍යයකි... නමුත් කරුණු කාරණා මීට වඩා වෙනස් වේ... ජල විදුලි බලාගාරය දැන් ක්‍රියාත්මකයි... එයින් ගමට විදුලිය ලැබෙන්නේ හවස 5.30 සිට උදෑසන 7.00 වෙනතුරු පමණි. නියඟය කාලයට එහි ක්‍රියාකරිත්වය ගැමියන්ට තවමත් අවිනිශ්චිතයි.. ගමේ බොහෝ නිවෙස්වලට සූර්‍ය තාප විදුලි බලය තිබෙන නමුත් එයින් ඔවුන්ට නිපදවා ගත හැක්කේ ආලෝකය පමනයි... වාහන ඇත.. නමුත් ආසන්නම නගරයට යෑමට ඔවුන් කිලෝමීටර 36ක දුරක් ගමන් කල යුතු වේ... වාහන තිබෙන ගැමියන්ද නගරයට යෑමට භාවිතා කරන්නේ ගමට තිබෙන එකම වෑන් රථයයි... එය උදෑසන 5.30ට මීමුරේන් පිටත්වන අතර හවස 2.00ට හුන්නස්ගිරියෙන් මීමුරේ බලා පිටත් වේ... මී මුරේ අවට ගම්වලට වඩා ස්වයන්පෝශිතයි.. ගමේ කඩවල්වල විකුනන්නට තිබෙන්නේ අතිශය ප්‍රාතමික අවශ්‍යතා පමනි..

මීමුරේ ප්‍රසිද්ධ මී ගස සහ ප්‍රාථමික විදුහල
අධ්‍යාපනය - Education 
ළමයිගේ අධ්‍යාපන උවමනාව මෙන්ම දෙමාපියන් ළමයි අධ්‍යාපනයට උනන්දු කිරිමද සිදුවන්නේ ඉතා අල්ප වශයෙනි. එයට හේතුව එදිනෙදා වැඩ කටයුතු කරගැනිමේන් පැවතගෙන එන පාරම්පරික කර්මාන්ත ටික රැක බලාගැනිම ප්‍රමාණාත්මක බැවිනි. එම ගමේ උපාධරින් කිහිප දෙනෙක් සිට ඇත. එහෙත් වර්තමානයේ උසස් අධ්‍යාපනයට හිමිකම් කරගත් සිසුන් නැත. වෘත්තිය අධ්‍යාපනයක් හඳුන්වා දෙන්නේ නම් එය වඩා යෝග්‍ය බව නවරත්න මහතා පැවසීය. ගම තුල පන්සල මෙන්ම පාසලද පවතියි.

දැන් දැන් දෙමාපියන්ගේ උනන්දුව වර්ධනය වන අතර ලමයින්ගේ උනන්දුවනම් ඉතා අල්පය.. බොහෝ ලමයි ප්‍රාථමික අධ්‍යාපනය අවසන ද්වීතීයික අධ්‍යාපනය සඳහා කයිකාවල ද්වීතියික පාසලට ගමන් කරයි..  නමුත් ගුරුවරු හිඟය ඉතා විශාල ප්‍රශ්ණයකි.. අදටත් මේ විදුහල් දෙකටම ඉංග්‍රීසි ගුරුවරයෙක් නැත.. සිටින සමහර ගුරුවරු විශයයන් කිහිපයක් උගන්වනු ලැබේ... නගරයේ පාසැල් වලට යන සිසුන් ඉතා සීමිත පිරිසකි... නිසි අධ්‍යාපනයක් නොලබන සිසුන් සිටින ගමක් දුෂ්කර ගමක් නොවේද? 

ආර්ථිකය - Economy
පාරම්පරික කිතුලි පැණි  ගම්මිරිස් එනසාල් හා හේන් ගොවිතැන හා වි ඔවුන්ගේ ප්‍රධාන ජිවනෝපාය මර්ගයයි. ගම තුල වෙලඳාම මෙන්ම. නගරයට ගෙන ගොස් විකිණිමද සිදුවේ. ආර්ථිකමය වශයෙන් ඔවුහු සැලකිය යුතු මට්ටමක සිටිති. මුදල් අතේ ඉතුරු විමට ප්‍රධානම හේතුව බොරු වියදම් නැති වීමයි. ඊට අමතරව සංචාරකයන්ගෙනුත් සැලකිය යුතු අදායමක් ඔවුන්ට ලැබෙයි. ගමේ තරුණ තරුණියෝ කිහිප දෙනෙක් ඇඟලුම් ක්ෂේත්‍රයේද රැකියා කරයි. ඊට අමතරව නගරයේ වෙනත් රැකියා සඳහාද පිටත්ව යයි. තවද විදෙස් රැකියා වලට ගිය කාන්තාවන්ද සිටිති.

ඉහත කරුණු අතරින් මොවුන්ගේ ආදායම වන්නේ ගම්මිරිස් පමණි.. එනසාල් කැඩීමට යෑම රජයෙන් දැන් තහනම් කර ඇත. සංචාරකයින්ගෙන් ගම්මුන්ට මුදල් නොලැබේ.. සංචාරකයන්ගෙන් මුදල් උපයන්නේ නවරත්න මහතා හා මම පමනකි.. මට මෙන්ම නවරත්න මහතාටද ඉන්නේ එකම කාර්‍ය මණ්ඩලයක් වන අතර ඔවුන්ගේ දිනෙක වැටුප් ඔවුන්ට සාමාන්‍ය ආදායමක් බවට පත් වේ... එය සැලකිය යුතු ආදායමක් නොවේ.. කිතුල් පැණි හා හකුරුද එසේමය.. වසරකට එක කාලයකදී ඔවුන් ගම්මිරිස් තුලින් ලක්ශ ගනනක් මුදල් උපයති.. වසර පුරාම එය ප්‍රවේශමෙන් වියදම් කරති.. කුලී වැඩට සහභාගී වන්නේ අත්තම් ක්‍රමයට නිසා එයින්ද ආදායමක් නොලැබේ.. නමුත් වෙන අස්ථාවර ආදායම් නැතුවාමත් නොවේ...

සංචාරකයෝ - Tourism 
ගමට පැමිණෙන පරිසර හිතකාමි නැති සංචාරකයින්ට ඔවුන්ගේ බලවත් විරෝධය පවතියි. එලෙසම පිටින් පැමිණ ගම තුල අනවශ්‍ය ලෙස හැසිරිමද ඔවුන් අනුමත නොකරයි. ඒ සඳහා ඔවුන් වැඩපිලිවෙලක්ද යෝජනා කරයි. එනම් ඕනැම සංචාරකයෙකුට පැමිණිය හැකි උනත්. ඔවන් සඳහා වෙනම තීරු හෙවත් සංචාරක කලාප ඇති කල යතුයි. එලෙසම එන සෑම සංචාරක කණ්ඩායමකටම ගමේ නියෝජිතයෙකුගේ මගපෙන්විම අනිවර්ය යැයිද පවසයි. දැනට එලෙස සංවිධනය වූ ක්‍රමවේදයක් නැතත් නුදුරේදිම එයදියත් කරන බව නවරත්න මහතා පැවසීය.

ලකේගල සහ මීමුරේ වෙල්යාය
පළවෙනි හා දෙවැනි වාක්‍ය ඇරුණාම අනිත් ඒවාට එකඟ විය නොහැක.. මීමුරේ ගම සංචාරකයන්ට ඉතා ලැදිය.. නමුත් සංචාරකයෝත් ගමට හානියක් වන ලෙස හැසිරෙන්නේ නැතිනම් පමණි. තම මතයට පිස්සු නටපු රටේ ප්‍රභලයින්ට මීමුරේදී මතක හිටින පාඩම් ඉගැන්වීමටද මීමුරේ වැසියෝ අමතක කර නැත. මගේ නිවාඩු නිකේතනයට එන බොහෝ අයව මම ඒ පිළිබඳව දැනුවත් කරන අතර ඉතා අහිංසක ගැමියන් යක්කු කරන්නේද සංචාරකයෝමය. එහෙත් ඉහත තිබෙන පරිදි සංචාරක තීරු හෝ වෙනත් වැඩපිළිවෙලක්මනම් මට පෙනෙන මානයේ නැතිය..     

තර්ජන - Influence  
පාසල් වලට පැමිණ තැගි බෝග දිමේ කූට උපක්‍රමයෙන් ආගම මරු කිරිමේ ක්‍රම වේදයට පසුබිම සැකසීමද සිදුවෙයි. ඊට අමතරව බරපතලම කාරණය වන්නේ, හරක් මස් නොකන මිනිසුන්ට හරක් මස් කෑම පුරුදු කිරිමයි.
ඔනෑම ගමක සිටින කසිප්පු බොන පුද්ගලයන් හට නොමිලේ හරක් මස් ගෙන දිමක් මුස්ලිම් හොර හරක් මුදලාලිලා සිදු කරයි. එයට ගිජු හා ලොල් වූ පුද්ගලයන් ගමේ සිටින හරක් හොර රහසේ එම මුදලාලිලාට විකුණයි.

ස්භාවික තර්ජනයක් ලෙස වල් අලි තර්ජනය ඇත. නමුත් තවමත් මෙය ඉතාම බරපතල තත්වයේ නැත

ආගමික තර්ජනයනම් විහිලුවකි... ගමේ සිටින 100%ක්ම සිංහල බෞද්ධ නියම ගැමියන්ය.. විදුලිය ලබා දෙන්නට පැමිණි යුනිඩෝ නම් සංවිධානයක ප්‍රධානියෙක් වෙච්ච පුද්ගලයෙක් මීමුරේ ගැන මවුබිම පත්තරයට ලියපු ඉතා සාවද්‍ය ලිපියක් පසුගියදා පලවින. අන්න එවැනි තර්ජන හැරෙන්නට ඔවුන්ට තර්ජන නැත.. ඉතාම එකමුතු ගැමියන් සිටින මීමුරේට තර්ජන කිරීම ලේසි පහසු දෙයක්නම් නොවේ.. 

වෙඩි ලුණු ගුහාව ඇතුලත....
සංචාරක ස්ථාන - Attraction 
ගම ඉතා සුන්දරය. අවට කඳුවලල්ල ඉතා අලංකාර ලෙස දර්ශණය වෙයි. ඊට අමතරව ලකේගල හා වෙඩි ලුණු ගලද නැරබිය හැක. එමනිසා ඔබත් මි මුරේ යන්නේ නම් අවම වශයෙන් දවස් තුනක ගමනක් යා යුතුයි. සූරිය අරණ චිත්‍රපටය රූගත කල ස්ථන හා එහි සුන්දර දසුන් මැවූ ගංගාවද දැක ගත හැක. ඊට අමතරව  වල් ඌරා වලිකුකුලා දිවියා වැනි සතුන්ද සිටිති.


තාලි කට අසල
මෙය ඉතාම සුන්දර ගමකි. එක දවසක මෙන්ම දින දෙකක සංචාරයද ප්‍රමාණවත් නොවෙන බව මගේ හැඟීමයි.. එවන් සංචාරකයන්ට සිදුවන්නේ වැප් නිශාන්තට මෙන් කවුරු හෝ කියන දෙයක් අසා සිතිවිලි ඇති කර ගැනීම මිස අත් විද අවභෝධ කර ගැනීම නොවෙයි.. එනිසා අවම වශයෙන් මීමුරේ රාත්‍රී දෙකක්වත් ගත කලයුතු වේ.. ලකේගල නැගීම මෙන්ම වෙඩිලුණු ගුහාව නැරඹීමට යෑම තරුණ පිරිසට අපූරු අත් දැකීමකි.. ගම හරහා ගලන දිමි ගොල්ල ඔයෙන් නිර්මානය වන තාලි කට ආශ්‍රිත දිය ඇලි සංකීර්ණය මීමුරේ යන බාල මහලු කාටත් එකසේ ප්‍රීති විය හැකි ස්ථානයකි. එය එතරම් සුන්දරය. 

තාලි කට දිය ඇලි සංකීර්ණය..

වැප්ට ලියන්න අතපසු වුන නවාතැන් ගැනද ලියන්නට අවශ්‍යය.. මීමුරේ නවාතැන් ගැනීමට නම් ප්‍රධාන වශයෙන් සිටින්නේ පුද්ගලයන් දෙදෙනෙකි. ඒ නවරත්න මහතා සහ මමයි... නවරත්න මහතාගේ ගෙදර නවාතැන් ගත හැකි සේම මගේ නිවාඩු නිකේතනයේ, කඳවුරු භූමියේ මෙන්ම කමත් පැල්පතේද නවාතැන් ගත හැකියි...

21 comments:

  1. හොර තක්කඩියා.... මීමුරේ හැන්ගිලාද හිටියේ

    ReplyDelete
  2. මදෑ කඩු ෆයිට් ටිකක් බලන්ඩ ආවා. මේක ඇඩ් එකක් නේ

    ReplyDelete
  3. වටිනා හරවත් ලිපියක්, ස්තූතියි ඔබට...!

    ReplyDelete
  4. This call e marketing

    ReplyDelete
  5. පොඩි මාකටින් පාරක් ගියාට මොකද ලිපියේ වැදගත් කරුණුත් සැඟවී ඇත ..

    ReplyDelete
    Replies
    1. තමුසෙලාට පිස්සු ඕයි මේ වගේ හොරෙක්ගෙ බ්ලොග් කියවන්නෙ....මූ කම්බ හොරෙක්

      Delete

  6. මමත් දැක්ක මි මුරේ අය පාරක් හදපු පින්තුරක් නම් ,
    නිශාන්ත අයියගේ ලිපිය නම් කියවන්න උනේ නැහැ , දැන් වත් ගිහින් කියවන්න ඕනේ ,

    ReplyDelete
  7. අභිත අංග සම්පූර්ණ චාරිකා ලිපියක්නේ මෙහෙම ලිපි ලියැවෙන්නේ බොහොම කලාතුරකින්. හරිම අගෙයි.සියලුම තොරතුරුවලින් අනූනයි.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. සමකය වටේ ලොකුද... 🤣🤣🤣🤣

      Delete
  8. ස්තූතියි! අභීත, හරිම වැදගත් තොරතුරු සහිත සුන්දර පරිසරයක් සහිත ලිපියක්. කාලෙකින් මේ වගේ දෙයක් බලන්නෙ. මල්ලී ඔයාටත් පවුලේ සැමටත් වාසනාවන්ත නව වසරක් වේවා! කියා පතනවා.

    ReplyDelete
  9. මේ වගේ ගමකට නම් තාක්ෂණික දියුණුව එන එක හොඳයි. ඒත් ඒකෙන් මේ ස්වභාවික සුන්දරත්වය නැති වේවි

    ReplyDelete
  10. මේකේ කමෙන්ට් තාම පබ්ලිෂ් කලේ නැත්තේ ඇයි කියන එක නම් මම දන්නේ නැ.. එත් ටිකක් හිනා වෙන්න බ්ලොග් එකේ මෙහෙම ලිපියක් දක්කමද මන්දා..... (මම ඔක්කොම කියවලා නම් නැ) එත් පිළිතුරු ලිපියක් කියල ව්තරක් කියනවට වඩා ගොඩාක් වටිනා ලිපියක් කියලා කියන්න පුළුවන්...

    දවස් තුනක් වෙන් කරගන්න එක බැරි උනත් දෙකක් වත් දාගන්න පුළුවන් උනොත් මේ පැත්තේ යන්න පුළුවන් ට්‍රයි එකක් දෙනවා...

    මාකටින් පාරක් තිබුන නිසා අහන්නේ දැන් ඉතින් රජයේ පොලිසි එකකුත් තියනවනේ ඇඩ් දානවා නම් මිල දාන්න ඕනා කියලා කොහොමද ඉතින් ගාස්තු එහෙම

    ReplyDelete
  11. යන්න හිටපු අවස්ථා දෙකක්ම මඟ ඇරුනා.. මේක දැක්කම යන්න තිබූන ආසාව තව වැඩි වුනා..
    :(

    ReplyDelete
  12. හුන්නස්ගිරිය,උඩුදුම්බර පැත්තේ මේ දවස් ටිකේම කරක් ගැහුවා..පොඩ්ඩක් ඔය පැත්තෙත් ගිහින් එන්න ආසයි...
    තෑන්ක්ස් අයියා විස්තර ටිකට,.............

    ReplyDelete
  13. වැප්ගේ නම විකුණලා හරි තමන්ගෙ දෙයක් මාකට් කරගන්න පුළුවන්නම් එච්චරයිනෙ නැද්ද කුජීත මහත්තයෝ?

    ReplyDelete
    Replies
    1. ආලෝ රංග අයියා

      Delete
  14. නයකාරයින්/පොලීකාරයින් ගෙන් බේරී සිටිමට හොඳම ඉසව්ව මේක නේද අබීත...

    ReplyDelete
  15. පිළිතුරැ ලිපියක් කියල මුසාවක් දන්නේ නෙතුව, නරකද තමුන්ගේ marketting පාර අනුන්ට මඩ ගහන්නේ නෙතුව කලා නම් ?

    ReplyDelete
  16. අභීත,

    මගේ සල්ලි ටික දීල, අර ඕනයගෙ මස්සිනාගෙ ණයත් බේරල, පස්සෙ චන්දිම ලියනගේගෙ එකත් සෙට්ල් කරල හිටියනං නරකද පඩ ටෝක් නොදා.

    ReplyDelete
  17. මොනවා උනත් ලිපිය වටිනවා...
    __ජය___

    ReplyDelete
  18. අවුරුදු තුනකට පස්සෙ කියෙව්වෙ...වටිනා ලිපියක් අභීත

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...