Tuesday, January 29, 2013

සනත් විජේවර්ධනයන්ට [ඔබ්ස(ර්)වර්, ඔබා] පිං පිණිස....


මම පහුගිය ලිපියෙන් කිව්වා මට ගම්පහ ගෙට්ටුවට එන්න වෙන්නේ නෑ ඒ බ්ලොග් කරුවෙක් සම්භන්ධ වැඩකට යන්න තියෙන නිසා කියලා.. මගේ ගමනටත් බ්ලොග් කරුවන් එකතු කර ගැනීමට අවශ්‍ය වුවත් එයින් යම් තරමක හෝ බලපෑමක් ගම්පහ ගෙට්ටුවට වෙයි කියලා සිතූ නිසා මම තනියම ගිහින් එන්න තීරණය කලා.. දිග සති අන්තයක් ලැබුණු නිසා එයින් කොටසක් පවුලේ චාරිකාවක් බවටත් හරවාගෙන  මෙම කටයුත්ත සිදු කලා..  හරි .. ඔබාගේ වචනයෙන්ම කියනවානම් වටේ තලන්නේ නැතුව කථාවට යමු...

මේ ජනවාරි මාසයේ මුල් දිනෙක සනත් අයියා ලංකාවට ඇවිත් නවතින ගම්පහ ගෙදරින් මගේ ජංගම දුරකථනයට ඇමතුමක් ආවා.. දෙබස මෙහෙමයි...

හෙලෝ.. මේ අභීතද..?

ඔව්..

අභීත, මම සනත් අයියගේ අක්කා කතා කරන්නේ... අර ඔයාලා හදපු පුස්තකාලෙට ආධාර කරන්න කැමතියි මම යන්න කලින්.. මම කොහොමද ඒක කරන්නේ...

හරි වසන්තා අක්කේ.. මම කතා කරලා බලලා කෝල් එකක් දෙන්නම්..

හරි අභීත.. සනත් අයියව සිහි කරලා දෙන දානයකුත් තියෙනවා ගම්පහ ගෙදර... 17 වෙනිදා තියෙන්නේ.. පුළුවන්නම් ඇවිත් සහභාගි වෙන්න...

හරි අක්කා... මම එන්නම්...

අනතුරුව මම හිස් අහස ලියන සඳරූටත් කතා කරලා ගලහිටියාගොඩ විදුහල්පතිවත් අමතලා ඔවුන්ට අවශ්‍ය පොත් පත් පිළිබඳ විස්තර ලබා ගත්තා... ඉන්පසු වසන්තා අක්කාට මතා ඒ පිළිබඳ විස්තර පැවසුවා.. අනතුරුව ඇය පැවසුවේ රුපියල් 25000.00ක පොත් පරිත්‍යාග කරන බවත් 17 වෙනි දිනට යෙදී ඇති දානමය පිංකම දිනයේදී ඒ පොත් මා වෙත භාරදීමට හැකි බවත්ය.. අම්පාරට ගොස් එතුමිය අතින්ම මෙම පරිත්‍යාගය කිරීමට මම යෝජනා කලත්, ඇයගේ කාර්ය බහුලත්වය නිසාම ඒ සඳහා ඇති අපහසුව ඇය මා සමඟ ප්‍රකාශ කලා..

ජනවාරි 17 දිනයට සනත් අයියා වෙනුවෙන් පැවැත්වූ දනමය පින්කම දවසේ වසන්තා අක්කා ඇතුළු සැම විසින් මේ පොත් මා වෙත ලබා දෙනු ලැබුවා.. මේ සඳහා අපේ රොබින් මලයත් සහභාගී වුනා.. සනත් අයියාගේ තිබ්බ සුහදත්වය, සොඳුරුකම මෙන්ම ඒ තිබූ මිත්‍රශීලීකම වසන්තා අකාගෙන් මෙන්ම ඇගේ දූවරුන්ගෙන්ද අප වෙත ලැබුනා...

අනතුරුව ගලහිටියාගොඩ පාසලේ විදුහල්පතිතුමා අමතා මෙම පොත් ලබා දීම සඳහා අපි 26 වෙනිදා යොදා ගත්තා.. ඒ පිළිබඳව සඳරූත් එක්ක කතා කල විට ඔහු කීවේ 25 වන දින ඔහුගේ පියාට පින් පිණිස දානයක්ද දීමට කටයුතු කර ඇති බවයි.. සනත් අයියා වෙනුවෙන් එම අනාත නිවාසය වෙනුවෙන් ඇඳුම් පරිත්‍යාග කිරීමටද මම සිතුවා.. ක්ෂ්ණිකව දුන් දුරකථන ඇමතුම් කිහිපයකින් ඒ සඳහා ඉතා සුදුසු ඇඳුම් විශාල ප්‍රමානයක් ද ඔවුන් වෙනුවෙන් ලබා දෙන්නට මගේ හිතවතුන් බොහොමයක් කටයුතු කලා.. කෙසේ වුවත් එම කාර්‍යයන් හිතුවටත් වඩා හොඳින් සංවිධානය කර ගැනීමට හැකි වුනා.. මම කියපු දේවල් වලට වඩා කරුණු ගොඩාක් පහත පින්තූර වලින් ඔබට පවසාවි... 

සනත් අයියා වෙනුවෙන් පැවැත් වූ දානමය පුණ්‍ය කර්මය...



සනත් අයියා වෙනුවෙන් පැවැත් වූ දානමය පුණ්‍ය කර්මය...

වසන්තා අක්කා විසින් රුපියල් 25000.00ක පොත් මා වෙත භාර දුන් අයුරු..


වසන්තා අක්කා විසින් ලබා දුන් සියළු පොත් පත්...


ඒ අතරට එකතු කල මගේ පුද්ගලික පුස්තකාලයේ පොත් කිහිපයක්...

ගලහිටියාගොඩ විදුහලේ විදුහල්පතිතුමා වෙත පොත්පත් ලබා දුන් අයුරු..

පොත් බලන සිසු දරුවන්..

සිසු දරුවන් පුස්තකාලාධිපතිනිය හා හිස් අහස ලියන සඳරූ සමඟ....

උහන සරණ ලමා නිවාසයට ඇඳුම් පැලඳුම් භාර දෙමින්..

ඔවුන්ගේ පොත් පත්වල සනත් විජේවර්ධනයන් වෙනුවෙන් සටහන් යොදමින්...

උහන සරණ ළමා නිවාසයේ දසුන්....


උහන සරණ ළමා නිවාසයේ දසුන්....

ගමන අතර මගදී හමුවූ බ්ලොග් පාඨකයා...

Hi abeetha, thank you for keeping thaththa's legacy alive. We really appreciate your work. Amma mentioned that she was very happy to be able to contribute to the library project. we are coming in june/july so we will organise for a visit or donation then too the library. I don't have a google account to directly comment on the blog post. Take care , see ou in June/ July. Kamalika - මේ සනත් අයියාගේ දුව මා වෙත එවා තිබූ මූණු පොත් පණිවිඩයයි...

ප.ලි. සනත් විජේවර්ධනයන් වෙනුවෙන් වූ මෙම සද් කාර්‍යයට සහය දුන් වසන්තා අක්කා මෙන්ම ඔවුන්ගේ දූවරුන් වන තෙරුණි හා කමලිට සයිබර් අවකාශයේ සනත් අයියාගේ මිතුරන් වෙනුවෙන් හෘදයාංගම ස්තූතිය පුදකරන අතර මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා සහය දුන් සැමට ද මගේ කෘතඥ්ඥතාවය පිරි නැමේ.. 

ප.ප.ලි. : ගමනේ විස්තර සහ බ්ලොග් ගොසිප් කිහිපයක් ඉදිරි ලිපියෙන්...

34 comments:

  1. නියම වැඩක් ..

    ReplyDelete
  2. apitah kiwuva nam apith anava ne aiya

    ReplyDelete
  3. ඔබට නිවන් සුව ලැබේවා ඔබා මාමේ..මම කවදාවත් ඔබා මාමා දැකලා නැති උනත් ගම්පහ ගෙට්ටුවෙදිත් මතක් වෙච්ච ඔබා මාමා අපි අතර හැමදාම ඉන්නවා කියලයි මට හිතුනේ...

    ReplyDelete
  4. අභීතගේ තවත් අගේ කලයුතු වැඩක්.

    ReplyDelete
  5. ඔබා වෙනුවෙන් සුලුවෙන්හෝ මෙවන් කටයුත්තක් කලාට මාගේ ආචාරය :)

    ReplyDelete
  6. මේ කාර්යය සදහා යම් තරමකින් හෝ සහභාගී වීමට ලැබුණු එක ගැන මම හුගක් සතුටුවෙනවා ....

    ReplyDelete
  7. ගත්තු ණය වලට මේවා කරල මදී..... මේකෙන් කීයක් හරි කඩා ගත්තද?

    ReplyDelete
  8. හොද වෙන්නෙ ඔබාට පොල්ල නොතියපු එකෙක් මේක කරානම්.... මේක නිකන් පු% ඇ$% පිහදාගන්න කියල ටිෂු එකක් දුන්න වගේ වැඩක්....

    මාසෙ පුරාවට මිනීමරල බලු වැඩ කරල හොරවැඩ කරල පෝයට සිල් ගන්න සීන් එක වගේ තමයි මේකත්..... පඩ ෂෝ දාන්න කලි ඉන්දිකගෙ සල්ලි ටික දුන්නනම් පව් නෑ නේද හොර අභීත...

    ReplyDelete
  9. කමෙන්ට් බලා ලියන සටහන :ආදරණීය ඇනෝනිමස්... ඔබ කොටන අකුරු ගැන මට කණගාටුයි...

    ReplyDelete
  10. සිරා වෑඩක් අභීත අයියෙ

    ReplyDelete
  11. අභීත අයියා එන්නේ නෑ කියල දැනන් උන්නට මේකයි හේතුව කියල දන්නේ දැනුයි ,

    ReplyDelete
  12. මූ හොඳ වැඩත් කරනවනේ... හික්ස්

    ReplyDelete
  13. අමතක නොවන මතකයක් ....... ඔබා මාමා .......

    ReplyDelete
  14. හැම තැනම ලින්ක් දම දම යන්නෙ ඔය ලමයට ඉස්කෝලෙ පාඩම් වැඩ නැද්ද දරුවො... ලොකු වුනාම අභීත මාමා වගේ වෙන්නද හදන්නෙ....

    ReplyDelete
  15. වැඩක් නැති බ්ලොග් කරුවන් ලෙස කොහේ හරි සෙට් වී කාලේ සහ සල්ලි නොකා මේ වගේ වැඩක් කරපු එක ගැන සතුටුයි.

    ReplyDelete
  16. ඔබා මාමා ගැන ගෙට්ටුව දවසෙත් කතා උනා..
    අභීත අයියලා කල මේ පුන්‍යකර්මයෙන් ඔබා මාමට නිවන් සුව අත්වේවා!!!!!!

    ReplyDelete
  17. කාටත් අමතක වෙමින් යන ඔබා මාමා වෙනුවෙන් කල ඉතා උතුම් වැඩක්. well done Abheetha.

    ReplyDelete
  18. හොඳ වැඩක් අයියේ නියමයි.. ඇත්තටම අපිට අපිව අමතක වෙලා යන මොහොතක මේ කරපු දේ අගය කරන්නම ඕනා..

    ReplyDelete
  19. කියල වැඩක් නෑ.. මගේ උත්තමාචාරය !

    ReplyDelete
  20. සොදුරු මිනිසෙකු වෙනුවෙන් ඹබ සැම කළ පුන්‍ය කර්මය ගැන සතුටුයි.

    ReplyDelete
  21. මේ වැඩේ නම් හරිම හොඳයි.

    ReplyDelete
  22. මා බ්ලොග් ලෝකෙට පය තියන කොටත් සනත් මහත්මයා නික්ම ගිහින්..! එතුමාට නිවන් සුව පතනවා..!!
    ඔබ මේ කල සත් කාර්යයන් ගැන සන්තෝෂයි.

    ReplyDelete
  23. ඔබා මාමා හැමදාමත් බ්ලොග්කරුවන් අතරේ අමරණීයයි... ඒ වගේම එතුමා වෙනුවෙන් අයියලා කරපු දේ ප්‍රශංසනීයයි...

    ReplyDelete
  24. ඔබා මාමා වෙනුවෙන් කළ සත්කාර්යට බොහොම පින්. මේ පින් අනුමෝදන් වෙල එතුමගෙ සංසාරික ජීවිත සැපවත් වෙන්නත් අවසන නිවන් පිණිස හේතු වාසනාවෙන්නත් කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  25. අභීතයියේ නියම වැඩක්,,ගොඩක් අගය කරනවා මේ කරපු දේ

    ReplyDelete
  26. ඇත්තටම අගය කල යුතු වැඩක්.ඔයාලටත් පින් මේකෙන්

    ReplyDelete
  27. අගය කල යුතු වැඩක්...සදරුවා ගෙට්ටුවට නාව කාරණේ මේකයි එහෙනං...

    ReplyDelete
  28. උතුම් කාර්යයක් අභීත...

    ReplyDelete
  29. බොහොම හොඳ වැඩක්. මෙහෙම දෙයක් කරන්න ඕන කියල හිතෙන එකත් කොච්චර දෙයක්ද ... මම බ්ලොග් ලෝකෙට එනකොටත් ඔබා මාම නැති උනාට කට්ටියගෙම කතා දැකල එයා ගැන වැටහීමන් ඇති උනා. මෙහෙම කෙනෙක් වෙනුවෙන් මේ වගේ වැදගත් වැඩක් කරපු එක සියලු දෙනාටම බොහොම පිං...

    ( කාටත් හොරා ගිය එක කැතයි හොඳේ... ;) )

    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න.

    ReplyDelete
  30. ඔබා අයියාව මා හඳුනා ගත්තේ බොහොම මෑතක දීයි. ඔහු සැබැවින්ම සොඳුරු මිනිසෙක්. අභීත මල්ලී හා සඳරු එකතුවෙලා කල මේ සත්කාර්යය ඉතාම අගය කරනවා. මල්ලී මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙලා තව තවත් සමාජයට යහපතක්ම කරන්නට වාසනාව ඔබලාට ලැබේවා! ඔබා අයියාටත් මේ පින් බෙලෙන් නිවනේ දොර ඇරේවා!

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...