Sunday, February 17, 2013

මේවා දැක්කම ලංකාවේ ලමා ලිංගික අපචාර වැඩි නොවී තියෙයිද?

ලංකාවේ ලිංගික අපරාධ ගැන දැන් කතා වෙන තරම බොහොමයි.. ඒ අතරින් කුඩා ගෑණු දරුවන්ට වෙන අපරාධ බොහොමයි.. මේකට විවිධ විවිධ හේතු බලපෑවත් මට ඊයේ සහ අද උදේ හිතුණු දේවල් ටිකක් කියන්න ඕනමයි කියලා හිතුනා.. පහුගිය දවස්වල පියා සහ සහෝදරයා වෙතින් විවිධ අඩන්තේට්ටම් වලට ලක්වෙච්ච දියණියක් ගේ කතාවකුත් හෙලි වුනා.. පියා, සහෝදරයින්, අසල්වාසීන්, ගුරුවරුන් අතින් අතවරයට පත්වන ගැහැනු දරුවන් එමටයි.. අවුරුදු හතේ අටේ කිරි සුවඳවත් නොගිය දරුවන් දූශණය කිරීම් කියන්නේ සාමාන්‍ය දෙයක් වන තරමට වගේ එවැනි සිද්ධීන් අපට අහන්නට ලැබෙනවා...  


එක්තරා නාලිකාවක් විසින් පවත්වන පොඩි එවුන් සඳහා වන නැටුම් තරඟයක් (පොඩි එවුන් තරු කරන ) මම ඊයේ බැලුවා.. අද උදේත් වෙන නාලිකාවක එවැනිම තරඟයක් (පොඩ්ඩන්ට ඕන දෙයක් කරන්න පුළුවන් කියන) බැලුවා.. ඒක බලපුහාම මට හිතුනා ඇයි මේ වග කිය යුතු මාධ්‍ය හරක් වගේ හැසිරෙන්නේ කියලා.. අපි පොඩි කාලේ ලමා නැටුම් බලන්න ආසයි... හුරතල් විදිහට ඇඳගෙන හුරතල් බසින් සින්දු කියමින් නටන නැටුම් බලන් ඉන්න ආසයි... එහෙම කියලා මම කියන්නේ නෑ ලංකාවේ බාල පරම්පරාව හැමදාම ලී කෙලි නැටුනුයි, කළගෙඩි නැටුනුයි නටන්නඕන කියලා.. ඒත් අර නැටුම් වල මිශ්‍ර වෙලා තිබ්බ ලිංගිකත්වය නම් ළමා වයසට කිසිසේත්ම ඔරොත්තු නොදෙන්නක් බවයි මගේ පුද්ගලික හැඟීම.. ඒ විතරක් නොවෙයි.. කැමරා කෝණ පොඩි ගෑණු ළමයින්ගේ බඩවල්වලටයි දෙපා වලටයි ඉලක්ක කරමින් අනුරාගී විදිහට ප්‍රදර්ශ්ණය කිරීමෙන් මට හිතා ගන්න බැහැ මේ රුපවාහිණී නාලිකා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා.. මෙහි වරද එහෙමත් නැතිනම් මානසික අසහනය කැමරා කරුවන්ගෙද එහෙම නැත්නම් නලිකා ප්‍රධානීන්ගෙද කියලා අමුතුවෙන් හිතන්න දේකුත් නෑ මම හිතන්නේ...

දෙමවුපියන්ට බනින්නත් බෑ මේවට ළමයි යවනවා කියලා.. තම දරුවාගේ හැකියාවට අත දීමත් එම දරුවා රටේ ජනප්‍රිය තරුවක් කිරීමත් කියන කඩතුරාවෙන් ඔවුන්ගේ දෑස් වැසිලා තියෙන්නේ.. දරුවා පියවරෙන් පියවර ඉදිරියට යද්දි ඇරිලා තියෙන ටිකත් වැහෙන්න පටන් ගන්නවා.. ඉතින් මේකට විසදුම කවදා ලැබෙයිද...?

තමන්ගේ ගෙදර,අල්ලපු ගෙදර ඉන්න ගෑනු දරුවගේ වගේ වයසේ ගෑණු ලමයෙක්ගේ පොඩ්ඩක් ඇරිච්ච බඩ ගෙදර රූපවාහිනියෙන්ම පෙන්නද්දි, අඩ නිරුවත් දෙපා ගෙදර රූපවාහිනියෙන්ම පෙන්නද්දි, පොඩි කෙල්ලක් භාගෙට ඇදන් ශකිලාගේ වක වක සින්දුවට පස්ස කරක කරක නටනවා පෙන්නද්දි හිත දුර්වල ශක්තිමත් පිරිමින්ගේ ගොදුර වෙන්නේ කවුද? 

මේක ගැන කථා කරන්න ගියොත් ලිපි දහයක්වත් ලියන්න වෙයි.. මම පෞද්ගලිකව හිතනවා මේ ළමා රියැලිටි වැඩසටහන් වෙනුවෙන් ප්‍රමිතීන් හා සීමා හදුන්වා දිය යුතුයි කියලා... එහෙම නැත්නම් ජනප්‍රියත්ව හඹා යන පොඩ්ඩෝ ඊට කලින් අළු දූවිලි වෙලා යාවි...

65 comments:

  1. හැම දේම මාකටිං වෙච්ච යුගයක් මේක අභිත..කොතනින් පටන්ගන්නද දැන් අපි..

    ReplyDelete
    Replies
    1. මෙතනින්වත් පටන් ගමු නලීන්...

      Delete
    2. කිසියම් එක් සිද්දියක් හෝ දෙකක් නිසා ලක්ෂ ගානක් උතුම් පියවරුන්ව මේ list එකට දාන එක වැරදියි. ඉපදුණු ගමන්ම ළමයින්ව මරල දාන අම්මලා ඉඳියට අපි කියන්නෙ නෑනේ හැමොම එහෙම කරනව කියල. වැඩිය කතා බහ නොවුනත් වැඩිපුරම ළමා අපචාර වෙන්නේ ළමය ලඟ දාල යන වැඩකාරිය අතින් තමයි.

      Delete
  2. සහෝ ඒක සහතික ඇත්ත වැඩිහිටියන්ගෙ විතරක් නෙවී පොඩි ළමයින්ගෙ මනස විනාස කරලම දානවා. දරුවෝ ලොකු මිනිස්සු වගේ හැසිරෙන්න උත්සාහ දරනවා. මව් වරු පියවරු ‍ගොඩක් තමාගේ දරුවන් මේවාට යොමු කරල ජනප්‍රිය කරනවන්නත් එතුලින් මුදල් උපයන්නත් හදනවා. මේක මහා භායානක තත්වයක්.

    මට මතකයි ITN නාලිකාවේ කාලෙකට ඉස්සර ගිහා "ඩේන්ටී රස පැණ" කියලා වැඩසටහනක් මට මතක විදියට ඒකෙ තිබ්බ ගුණය මේව ලගින් තියන්නවත් බැහැ කියලය් ඒක මෙහෙය වූයේ ශ්‍රී නිමල් පද්මකුමාර මහතා මට මතක විදියට.

    අද දරුවන්ගේ මනස විකෘති කරලා තියෙන ඒවට විපාක අනාගතයේ මේ නාලිකාවටම දැනගන්න පුලුවන්වේවි.

    ReplyDelete
  3. දාන්න පහක්. මටත් ඕකම හිතුනා.
    ලියල වැඩක් වෙයිද මන්දා.

    ReplyDelete
    Replies
    1. වැඩක් වෙන එක කෙසේ වෙතත් ලිව්වොත් අපේ හිතට හරි නිදහසක් එයි...

      Delete
  4. අභීත දරු පැටවුන්ට යන කල නම් මටත් හිතාගන්න බැහැ. දැන් දරුවන්ට අම්මලා අන්දාගෙන එන ඇඳුම් දැක්කහම පිරිමි අය ඇවිස්සෙන එක අහන්න දෙයක් නෑ. කාගෙ වරදද? කියලා මටත් හිතාගන්න බැහැ. දෙමාපියණේ දෙවරක් හිතන්න. මල් වැනි දරුවන් විනාශයට ඇද දැමීමේ වගකීම ඔබ සතුයි. බඩ පේන්න , දෙකකුල් අනවශ්‍ය ලෙස ප්‍රදර්ශණය කරන , භාගෙට ඇඟ වැසෙනා ඇඳුම් අන්දවා ඔබේ දරුවන් සමාජයට නොහරින්න ඔබ වග බලා ගන්න. මේ මාධ්‍ය ආයතන වල ඉන්නා අයත් මේවාට උල්පන්දම් දෙන්නෙ එයාලගේ නම ප්‍රසිද්ධ වෙන්න හෝ එයාලගෙ වෙන පරමාර්ථ මුදුන් පමුනුවා ගන්න වෙන්න පුළුවනි. නමුත් ඔබ දැනුවත්විය යුතුයි. අපේ රටේ මේ දරුසම්පත වටින්නේ අපිටමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත... හොඳටම ඇත්ත... මගේ ලිපියට වඩා වටින කමෙන්ට් එක..

      Delete
  5. සහතික කරන ලද ඇත්ත. ඇමරිකාවෙත් මේ වගේ තරඟ නවත්වනවා. හේතුව කුඩා රූප රැජිනයක් දූෂණයට ලක්වූ නිසා. අපේ රටේ තරුණ පරපුර බූරූවන් රැලක් කර අවසානයි. දැන් ඊළඟ පරම්පරාවත් නැති කරණවා.

    ReplyDelete
    Replies
    1. රියැලිටි ශෝ එකක් නිසා තරුණ පරපුර බූරුවෝ වෙනවා කියන එක මම විශ්වාස කරන්නේ නෑ මාතේ.. නමුත් ඊලඟ පරපුර විනාශ කරනවා කියන එකටනම් මම එකඟයි..

      Delete
    2. රියැලටි ෂෝ නිසා [මේ කියනා වර්ගයේ ඒවා] තරුණයෝ බූරුවෝ වෙනවා කියනවාට වඩා බූරුවන් වීමේ එක ප්‍රතිඵලයක් තමයි මේ වර්ගයේ රියැලටි උලව් නැඟලා යන්නේ කිව්වොත් වඩා හොඳයි.

      Delete
  6. මෙච්චර කාලෙකට මේ බ්ලොග් එකේ මම දැකපු හොඳම ලිපිය...

    ReplyDelete
  7. ලිංගිකත්වය(කාත් එක්ක හරි ලිංගිකව හැසිරීම) කියන්නේ හැම දේම් කියල හිතන පරම්පරාවක් දැන් ඉන්නේ.බාල තරුණ මහලු හැමෝම.
    ජන මාධ්‍ය තමා වගකියන්න ඕනි මේකට 90% ටත් වඩා.

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙම හිතපු කාලයක් තිබුනා.. ඒත් ජීවිතය පුරාම එහෙම හිතන උන් ඉන්නවානම් අඹ සරණයි...

      Delete
  8. ඔය දේ එහෙන් මෙහෙන් කතා වෙනවා ඒත් තාම මාධ්‍ය පැත්තට කිසි කෙනෙක් ඍජුවම ඇඟිල්ල දික් කරන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඇගිල්ල දිගු විය පැත්තට ඇගිල්ල දිගු නොවීම සාමාන්‍ය දෙයක් නෙව...

      Delete
  9. මුලුමනින් ම ඔබත් සමඟ එකඟයි

    ReplyDelete
  10. මේවා දැකලා ඉස්සෙල්ලම නැගලා තියෙන්නේ අභීතටද?

    ReplyDelete
  11. ප්‍රමිතියකට වඩා ලංකාවට අවශ්‍ය ප්‍රතිපත්තියක්....

    ReplyDelete
    Replies
    1. සීමාවක් දෙන එකනම් වහාම කරන්න වෙනවා...

      Delete
  12. නියමයි, මමත් මේ වැඩ ගැන ලියන්න හිටියේ,
    නියමයි.
    මේවට ළමයි යවන අම්මලට තමා ගහන්න ඕන.
    ඇත්ත තමා මේ ළමයි ළමයි වගේ නෙවේනේ පෙන්නේ,

    ReplyDelete
    Replies
    1. ළමයි ළමයි වගේ නොපෙනෙන එක තමා මෙතන තියෙන බරපතලම කාරණය..

      Delete
  13. අද අපේ රටේ ඇතිවෙලා තියෙන අපචාර රැල්ලට බලපාන ලොකුම හේතුව මාධ්‍ය කියන එක රහසක් නෙමෙයි. මාධ්‍ය ප්‍රධානින් හිතාගෙන ඉන්නේ කාමුකත්වය විකුණලා හරි රේටිං වැඩි කරගන්න. මට තියන ගැටලුව මෙච්චර මේ දන්න කියන මිනිස්සු කියද්දී මේ ගොන්නු ටික බැඳලා දාන්න රජයට උවමනාවක් නැත්තේ ඇයි කියන එක.

    ReplyDelete
  14. කුඩා දරුවන් සම්බන්ධව රියලිටි තරඟ කියන සංකල්පයට මම පෞද්ගලිව කැමති නෑ ,ඒක ළමා මනසර බලපාන විදිහ අනුව .නමුත් ළමයින්ගේ ඇඳුම් පැලඳුම් දිහා බලලා කෙනෙකුට ශෘංගාරයක් ඇතිවෙනවා නම් ඒක අදාල කෙනාගේ ප්‍රශ්නයක් , මේක ගැනු ඇඟ පෙන්න ඇන්ද නිසා දූෂණය වෙනවාය කියන ගෝත්‍රික කථාවේම දිගුවක් වගේ . ඒ නිසා තරඟ තියනවා නම් අදාල නැටුමට අදාල ඇඳුම කියන දේ ප්‍රශ්නයක් විදිහට මම දකින්නේ නෑ . හැබැයි කැමරා අධ්‍යක්ෂකවරයා තමන්ගේ කණ්ඩායමට උපදෙස් දිය යුතුයි , වැඩිහිටියන්ට අදාල වැඩසටහනක්දී වගේ ශෘංගාරාත්මක කෝණයන් වලට යන්න උත්සාහ නොකර ළමා වැඩසටහනකදි අදාල දරුවන් ගැන ආදරයක් , සෙනෙහසක් , දයාවක් ඇතිවෙන විදිහෙ රූපරාමුවලට යන්න කියල . මිස් ශ්‍රි ලංකා කරන කැමරා කණ්ඩායම ඒ විදිහටම ලිටල් ස්ටාර් කරන්න යනවා නම් ඒක අවුලක් !

    ReplyDelete
  15. කුඩා දරුවන් සම්බන්ධව රියලිටි තරඟ කියන සංකල්පයට මම පෞද්ගලිව කැමති නෑ ,ඒක ළමා මනසර බලපාන විදිහ අනුව .නමුත් ළමයින්ගේ ඇඳුම් පැලඳුම් දිහා බලලා කෙනෙකුට ශෘංගාරයක් ඇතිවෙනවා නම් ඒක අදාල කෙනාගේ ප්‍රශ්නයක් , මේක ගැනු ඇඟ පෙන්න ඇන්ද නිසා දූෂණය වෙනවාය කියන ගෝත්‍රික කථාවේම දිගුවක් වගේ . ඒ නිසා තරඟ තියනවා නම් අදාල නැටුමට අදාල ඇඳුම කියන දේ ප්‍රශ්නයක් විදිහට මම දකින්නේ නෑ . හැබැයි කැමරා අධ්‍යක්ෂකවරයා තමන්ගේ කණ්ඩායමට උපදෙස් දිය යුතුයි , වැඩිහිටියන්ට අදාල වැඩසටහනක්දී වගේ ශෘංගාරාත්මක කෝණයන් වලට යන්න උත්සාහ නොකර ළමා වැඩසටහනකදි අදාල දරුවන් ගැන ආදරයක් , සෙනෙහසක් , දයාවක් ඇතිවෙන විදිහෙ රූපරාමුවලට යන්න කියල . මිස් ශ්‍රි ලංකා කරන කැමරා කණ්ඩායම ඒ විදිහටම ලිටල් ස්ටාර් කරන්න යනවා නම් ඒක අවුලක් !

    ReplyDelete
    Replies
    1. බුවා,
      මේ වැඩසටහනේ කොටස් කිහිපයක් මාත් දැක්ක. විශේෂයෙන්ම අභීත දාල තියන පිංතූරෙ ඉන්න දරුවගෙ නැටුම. නරඹන්නා තමුන්ගෙ හිත පාලනය කරගන්න ඕන කියන කතාව හරි. ඒත් මේ වැඩසටහන නං නුසුදුසුයි කියල කියන්නම ඕන. නරඹන්නා වගේම ඉදිරිපත් කරන්නාටත් පාලනයක් තිබිය යුතුයි.

      සදාචාරය විනාශකරනව කියන සිරස පවත්වපු ළමා රියැලිටි වැඩසටහනේ නම් ළමයින්ට ආදර ගීයක්වත් ගයන්න දුන්නෙ නෑ.

      Delete
    2. පිස්සුද රාජ්.. උඹට පියෝ ටීවී තියෙනවානම් ඉරිදා උදේ 8ත් 9ත් අතර ගිය වැඩසටහන බලහන්... සිරසේ කැමරාකරණය.. ඒක ඊට එහා... සින්දුව ළමා... ඒත් කැමරා...?

      Delete
    3. ඔය හේතුව නිසා තමයි බුවා මම මෙන්න මෙහෙම කොටසක් ඇතුලත් කලේ... \\හිත දුර්වල ශක්තිමත් පිරිමින්ගේ//

      Delete
    4. බුවාගෙ තර්කෙ හැටියට නැ‍ටුම හෙලුවෙන් නැ‍ටුවත්කමක් නෑ ඒක නෙවෙයි ප්‍රශ්නෙ.. ඇයි යකෝ හෙලුවෙන් නටන එකයි ඒක බලන එකය් දෙන්නම වගකියන්න ඕනෙනෙ..

      Delete
  16. ඇත්තටම අපේ රටේ විකුනන්න පුලුවන් හැමදේම විකිනීමයි දැන් වෙන්නේ

    ReplyDelete
    Replies
    1. අපිවත් විකිනෙන කාලය බොහොම මෑතකදි මුණ ගැහේවි ඩිලා...

      Delete
    2. හැම මනුස්සයෙක්යම මිලක් තියනව බං. හිතං ඉන්නවනං තාම විකිනිලා නෑ කියල, ඒ නියමිත මිල තවමත් ලැබිල නැති නිසා.
      නියමිත මිලක් ලැබුනම අපි විකිනෙන්නෙ කැමැත්තෙන්මයි, හැබැයි ඒ ලැබෙන "මිළ" තමන් විකිණෙනවා කියන සත්‍ය වහල දානව. එතකොට විකිණුනත් ඒ මිනිහ හිතාගෙන ඉන්නෙ තමන් විකිණිලා නෑ කියල බං. ඔය මිළ කියන්නෙ සල්ලි වලින්ම මනින දෙයක් නොවී ප්‍රසිද්ධිය, ප්‍රතිරූපය, විශ්වාසය වගේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්.
      එච්චරයි !!

      Delete
  17. මේ ළමා වැඩසටහන් නෙමෙයිනේ. ළමයි ලව්වා වැඩිහිටි සින්දු කියවීමෙන් ඒ නැටුම් නැටවීමෙන් ළමයින්ව වාස්තවිකකරණය (objectification) වනවා තමයි. ඒවා බලන වැඩිහිටියෝ සහ දෙමව්පියෝ ඔවුන්ගේ අර්චන කාමය (fetish) සංසිඳුවාගෙන සතුටු වෙනවා වෙන්න පුළුවන් වුනත් එහෙමයි කියල කුඩා දරුවන් අපයෝජනය කරන්න කාටවත් විශේෂ අවසරයක් ලැබෙන්නේ නෑ. වැඩිහිටියෝ කියන්නේ බබ්බු නෙවෙයි නේ. බුවා කිව්වා වගේ ඒක අපයෝජකයන්ගේ වැරැද්දක්. රූපවාහිනී නාලිකාව තරඟයක් නෙමෙයි සක්‍රයා ඇවිත් මොන දේ කිව්වත් තමන්ට හරි වැරැද්ද තේරුම් ගන්න මොළයක් තියනවනේ.

    ReplyDelete
    Replies
    1. බුවාට කියපු දේමයි හිරණ්‍යටත් කියන්න තියෙන්නේ... :)

      Delete
  18. මචං ලඟදි අපේ පැත්තෙ මියුසිකල් එකකටත් ජින්ජර් ගෙ සිංදුවකට පොඩි කෙල්ලො ටිකකුයි කොල්ලො ටිකකුයි ඩාන්ස් එකක් දැම්ම.ඒක නම් කියල වැඩක් නෑ.පොඩි කෑල්ලක් උස්සගෙන දුවන්න හිතුනා.

    ReplyDelete
  19. උඹ ලෝක හොරෙක්, කපටි අන්ඩයෙක්, බොරුකාරයෙක් උනත් මේ කියලා තියෙන්නෙ නම් ඇත්ත.

    ReplyDelete
  20. මේවා මිනිස්සුන්ගේ වැරදි.. තරගයක් දෙන්න දරුවන් පවා විකුණනන්න ලෑස්තියි.. තනි කර බොරු මාන්නේ නෙව ඔය... පොඩි උන් ඉවරයි...

    ReplyDelete
  21. මං මේපාර රූපවාහිනි සහ සිනමා විචාර විභාගෙට පිටු 13 ක් ඔය ගැන කියලා හිත හෝද ගත්තා අභි අයියෙ...

    ReplyDelete
  22. හැම කෙනාගෙම මේ සම්බන්ධ වැරද්දක් තියෙනවා. මේ වගේ තරගයක් පවත්වන නාලිකාව මුලිකව. එම වැඩ සටහන් නැරඹීමෙන් එයට රේටින්ග්ස් ලැබීම. ඒ වෙනුවෙන් එස්.එම්.එස්. යවන අය. මේ සඳහා දරුවන් ඉදිරිපත් කරන දෙමාපියන්. මෙවැනි වැඩසටහන් වලට දැන්වීම් ලබා දෙන ආයතන. මේවාට ඔහේ කරගෙන යාමට ඉඩ දෙන රජය. මෙවැනි වසංගත සියල්ල ලංකාවට බො කල සිරස(පසුව ඔවුන්ගේ වැඩසටහන් හොඳ මට්ටමකින් කරගෙන් ගොස් අත පිස දා ගනී). මම හිතන්නේ මුලිකවම අපි මේවා නැරඹීමෙන් වලකින්න ඕනේ. අනිත් අයවත් වලක්වන්න ඕනේ. එතකොට ඔය වැඩසටහන් අකුලා ගන්නවා. ඉතාම කාලීන වටිනාකම ඇති ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ බෝකරපු පිස්සුව ඉක්මනට අපේ මිනිස්සු වැළඳගත්තෙ ? ඇවිල්ල පිරෙන්න තරම් හිඩසක් තිබුන නිසා නෙමෙයිද ? ඒ හිඩස ඇතිවුනේ ඇයි ? වැ‍රැද්ද පිස්සුවෙ නෙමයි ඒක වැළඳගැනීමේ කියල හිතන්න ඓට තවත් කොච්චර කල් යයිද ?

      Delete
  23. අනිවාර්යෙන්ම අවධානය යොමුකල යුතු සහ සමාජයේ කතිකාවට ලක්විය යුතුයි නමුත් දැනටත් ප්‍රමාද වැඩිද මන්දා

    ReplyDelete
    Replies
    1. මුලින්ම ලන්කාවෙ නීතිය හදන්න ඔනෙ

      Delete
  24. ඕකට තමයි පිරිහීම කියන්නේ ... ගණන් ගන්න එපා ... ගණන් අරන් වැඩකුත් නැහැ ...

    ReplyDelete
  25. අභීත Walaththaya... Nedakin tho wage awalamek.. Apitanam oya wage asahanayak nehe. Vikurththi manasika pissek..

    ReplyDelete
  26. ඔය වගේ තරග නැවැත්විය යුතුයි කියල නම් මම කියන්නෙ නෑ.. ඒත් අනිවාර්‍යයෙන් ම ඊට අදාල සීමා පැවතිය යුතුයි. මොකද විශේෂයෙන් ම මේ කුඩා දරුවන් සදහා වූ වැඩසටහනක් නිසා.

    ඔය වැඩසටහනේ අවසාන කොටස් කීපයක් ම මම නැරඹුවා. ඇත්ත වශයෙන් ම හින්දි/ දෙමළ සහ බටහිර ගීත වලට කුඩා දරුවන් දැක්වූ නර්තනයන් බලන් ඉන්න හරිම අමාරුයි. කටේ කිරි සුවද නොගිය පුංචි උන්ගෙන් පවා ශෘංගාරය උපුටා දැක්වීමක් පමණයි.

    ඒත් ඒ දුවා දරුවන් ම අපේ දේශීය නර්තනාංගයන් ඉදිරිපත් කළ අපූරුව ඔබ දුටුවාද? සැබැවින් ම ප්‍රවීණ නර්තන ශිල්පීන් පවා අබිබවා යන තරමට විශිෂ්ටයි.. ඉතා සංවර වස්ත්‍රාභරණ වගේම රංග වින්‍යාසයන් ද ඉතා ප්‍රශංසනීයයි..

    මට වැටහෙන පරිදි නම් මේ කුඩා දරුවන්ට මීට කළ හැකි යකම් නෑ. සම්පූර්ණ වගකීම දෙමාපියන්, මාධ්‍ය නාලිකා, නැතුම් සහ ඇදුම් නිර්මාණය කරන්නනන්, විනිශ්‍ය කරුවන් සහ නිෂ්පාදන කණ්ඩායම් සතුයි. පුංචි උන් කරන්නේ තමාට සකසා දෙන ඇදුමක් හැද සකසා දෙන නැටුමක් ඉදිරිපත් කිරීම පමණයි..

    ඒ වගේම කුඩ දැරිවියක් නොගැලපෙන් ඇදුමක් ඇද වේදිකාවක නැටුමක් නැටූ පමණින් ඒ දැරිවියව දූෂ්ණයට කිරීමට තරම් පිරිමින්ට හේතුවක් වෙනවා යැයි කීමට නම් මා තරයේ විරිද්ධයි. එය හරියට යමෙජුට වෙඩි තබා "උගේ මූණ දැක්කම වෙඩි තියන්නමයි හිතෙන්නෙ. ඌ බොඩි ආමර් එකක් ඇදන් නොහිටියට මං මොකක් කරන්නද" (අන්තිම පේලියේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී) කීම හා සමානයි.

    ReplyDelete
  27. හ්ම්ම්ම්....... කතාව ඇත්ත. දකින්නාගේ චිත්ත සංවරය නැතිවීමත්, පෙන්වන්නාගේ ප්‍රදර්ශණ සංවරය නැතිවීමත් තමයි මම දක්න විදියට හේතුව. හැබැයි ඒ දෙකොට්ඨාශයේම ඒ ඒ සංවරය නැති උනේ ඇයි කියන එකට දෙන්න උත්තරයක් තියනවද ? ලිංගිකත්වය මහා ෆැන්ටසියක් වෙන තැනක කකුලකට බඩකට වයසක් ඕනෙ නෑ තව කෙනෙක්ගෙ හැඟීම් අවුස්සන්න. මෙතනදි වැඩසටහනටවත්, සහබාගී වෙන්නන්ටවත්, සහබාගී කරවන්න්නන්ටවත් බැනල අත හෝදගෙන, ඒක උන්ගේ වැ‍රැද්ද, උන් දැනගන්න ඒපාය හරියට හැසිරෙන්න කියල අත ගසා දාල පැත්තකට වෙලා ගන්න ආතල් එකට මම විරුද්ධයි.

    උන්නාන්සෙගෙ හැඟීම් ඇවිස්සුනා කියල බුදුගෙයි බාගෙට රෙදි අඳන් ඉන්න සුජාතයි දිව්‍ය අංගනාවොයි කුඩුකරල දානව වගේ තීරණ මේ ප්‍රශ්ණෙට උත්තර ගේන්නෙ නෑ.

    ලොකුවට ලියාගෙන ආවට මං දන්නෙ නෑ බං ඇයි මෙහෙම වෙන්නෙ කියල.

    සමාජය වෙනස් වියයුතුයි, කතිකාවතකට ලක්විය යුතුයි කියල කිව්වට, ඔය සමාජය කියන්නෙ උඹ සහ අපි කියල හිතන මිනිස්සු අඩුයි. හැබැයි ලේසිම උත්තරේ තමයි "වැ‍රැද්ද සමාජයේ" කියන එක. ආච්චිගෙ රෙද්දෙ සමාජය. හෙහ් හෙහ්....

    ReplyDelete
  28. ඔය පොඩි එව්වො මහ ගෑනු මිනිස්සු වගේ අන්දගෙන ටීවි එක ඉස්සරහ නටන නැටුම නම් බලන්න හිරිකිතයි බන් සිරාවට... දෙමව්පියො කියන උන්ට හෙන ගැහිලද මන්දා... චැනල් වල උන් සල්ලි හම්බ කරන්න ඕනි එකක් කරයි... දෙමාපියො දැන ගන්න එපැයි...

    ReplyDelete
  29. ඔය පොඩි එව්වො මහ ගෑනු මිනිස්සු වගේ අන්දගෙන ටීවි එක ඉස්සරහ නටන නැටුම නම් බලන්න හිරිකිතයි බන් සිරාවට... දෙමව්පියො කියන උන්ට හෙන ගැහිලද මන්දා... චැනල් වල උන් සල්ලි හම්බ කරන්න ඕනි එකක් කරයි... දෙමාපියො දැන ගන්න එපැයි...

    ReplyDelete
  30. අපේ රටේ නාලිකා හැමවිටම කෝපි කරන්නේ ඉන්දියාවේ කෙරෙන ගොන් පාට් නේ. මේ මීහරක්ට තේරෙන්නේ නැත්තේ ඇයිද මන්දා. මේවා ලංකාව වගේ රටකට ගැලපෙන්නේ නැහැ කියල
    කෝරලේ වලව්ව

    ReplyDelete
  31. මේ ගැන කතිකාවක් ඇතිවීම හොදයි. නමුත් කොටසක් සෑම දෙයක්ම විහිලුවට බාර ගැනීමේ සම්ප්‍රදායත්, තවත් කොටසක් ලියනදේ මොනවා උනත් එකේ වැරද්දක් හොයන සම්ප්‍රදායත්,දැන් බහුලව දකින්න පුළුවන්. මේක ෆැන්ටසි අයිලන්ඩ් මෝස්තරයට හිතන්න පුරුදු කරන මාධ්‍ය මාෆියාවක් තියෙන රටක්. මේ ලිපිය පත්තර කන්තෝරුවකට ගෙනෙහින් දීල බලන්න පළකරගන්න පුලුවන්ද කියල.හැබැයි පල කරන්නම් කියල අරගන්නවා. මොකද තව තැනකට දෙන්න බැරි වෙන්න. ඒ අයට සමාජය උගත්, යහපත් උනොත් ඒ අයගේ වෙළද දැන්වීම් වලින් බාල නිෂ්පාදන විකුණා ගන්න බැරි වේවි. මාධ්‍ය මාෆියාව සහ දේශපාලන මාෆියාව රාත්‍රියේ එකට ගමන් කරන්නේ අත්වැල් බැදගෙන. දවල්ට එළිපිට මාර විප්ලව. සමහර දේශපාලකයෝ එක්කෝ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියාවි, අධිරාජ්‍යවාදී බලවේග කියාවී,අද එකත් විහිළුවක් බවට පත්වෙලා. මේ අන්නුන්ට දොස් කියන අපේ නූගත් කූට පාලකයන්ගේ එදා පටන් කරගෙන ආපු ක්‍රියාදාමය. මේක එන්න එන්න වැඩි වෙලා රටේ ආගම, සංස්කෘතිය පිරිහිලම යාවි. මෙවැනි ලිපි පලවෙන්න ඕන ප්‍රසිද්ධ පුවත් පත්වල මිසක් බ්ලොග් වල නෙවි. මේවයින් කෙරෙන්නේ කිව්වා වගේ හිතේ තියෙන කනස්සල්ල පිට කරගැනීම පමණයි. මෙවැනි සන්නිවේදන රටාවක් එක දිගට පවත්වාගෙන ගියාම ඍෂි වරයෙකුගේ උනත් සීලය බිදේවි. අවසනාවට සීලය බිදුන කෙනාට වඩා හානිය සිදුවෙන්නේ බිදුන සිලයට කොටුවුණ අසරණයාට. ඒ අසරණකමට, අනවබෝදයට දුක නමැති රසකාරකය දමා කතන්දර ලෙස පුවත්පත් මාමලා පත්තරේ විකුණා ගන්නවා ජයටම. මේ පත්තර මුදලාලිලටත් ඕන අපචාර සහ අපරාධම තමයි. නැත්නම් රටේ වෙන්නෙම නැද්ද හොද වැඩ.

    ReplyDelete
    Replies
    1. @ සැලලිහිණි සංදේශය

      +++++++++++++

      Delete
  32. අද ලංකාවෙ 89%ම ලමා අපචාරවලට ගොදුරැ වෙලාතියෙන්නෙ බොද්ධයන් මෙහෙම වෙන්නෙ ආගම දහම ගැන දැනීමක් නැතිකම

    ReplyDelete
  33. අද ලංකාවෙ 89%ම ලමා අපචාරවලට ගොදුරැ වෙලාතියෙන්නෙ බොද්ධයන් මෙහෙම වෙන්නෙ ආගම දහම ගැන දැනීමක් නැතිකම

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...