Tuesday, February 19, 2013

හලාල්ද ,අපිද, එළවළුද, මස්ද, එහෙමත් නැත්නම් මහරගම ප්‍රකාශයද?


මේ දිනවල තියෙන ආන්දෝලනාත්මක මාතෘකාව ගැන යමක් ලිය යුතුයි කියලා හිතුනා... බොදු බල සේනාව, ජිහාඩය, වගේ ආගමික සංවිධාන ගැන දැඩිව කථා වෙන තරමට මේ ප්‍රශ්ණ ඉතාම උග්‍ර තත්ත්වයකට ඇද වැටිලා වගේම, කැබිනට් මණ්ඩලයේ කථා විය යුතු ජනපතිගේ මැදිහත්වීමක් අවශ්‍ය තත්ත්වෙකට මේ ප්‍රශ්ණය පත් වෙලා.. එහෙම නැත්නම් පත් කරලා... මුස්ලිමුන්ට අත තිබ්බොත් අඩු කඩලා හරි නවත්වනවා කියලා එක ඇමතිවරයෙක් කියලා තිබ්බා... ඒ අස්සේ තව ඇමතිවරයෙක් මුස්ලිමුන්ට විරුද්ධව ඉතා දැඩි ප්‍රකාශ නිකුත් කරලා තිබ්බා... ඒ අතරේ මහරගම ප්‍රකාශය කියලා ප්‍රකාශයකුත් නිකුත් කලා.. ගෲප් එකක ත්‍රෙඩ් එකක් විදිහට ගිය නිසාත් මූණූ පිටුවේ ගොඩාක් අදහස් එහෙට මෙහෙට විසි වෙන නිසාත් මේ ගැන මගේ පෞද්ගලික අදහස මගේ බ්ලොග් එකේම කියන්න හිතුවා.....


මම ජීවත් වෙන්නේ ශ්‍රී ලාංකික කියන කුලකයේ සින්හල කියන උප කුලකය ඇතුලේ තියෙන බෞද්ධ කියන තවත් උප කුලකයක ඇතුලේ ඉඳන්.. නමුත් ඒ සීමා මායිම් අත ඇරලා ශ්‍රීලාංකික කියන ඇහින් මම මේ ප්‍රශ්ණේ දිහා බලන්න නිතරම පුරුදු වෙලා හිතියා.. අදටත් බලන්නේ ඒ ඇහින්.. ඒ නිසා මම තරයේ විශ්වාස කරනවා අපි අදහන ආගමක් අනුන්ට කරදරයක් නොකරගෙන අදහන්න.. අපි නියෝජනය කරන ජාතියක් අනුන්ට කරදරයක් නොකරගෙන ජීවත් වෙන්න.. ඒ නිසා අපි සිංහල, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි කියන ජාතීන් නියෝජනය කිරීම මෙන්ම බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආගම් ඇදහීමද කිසිවෙකුට කරදරයක් නැතිව කරගෙන යා යුතුයි... ඒ වගේම තව අයෙක් අදේව වාදීද, එහෙම නැත්නම් අදහන්නේ සත්‍ය ශ්‍රී සායි බබාද, අර පහු ගිය දිනවල ගාල්ල පැත්තේ හිටපු මෛත්‍රී බුදු හාමුදුරුවෝද කියන ඒවා ගැන කිසිවෙක් විසින් කලබල විය යුතු නැත කියලයි මගේ පුද්ගලික හැගීම.. හැබැයි ඒකෙන් අනුන්ට කරදරයක් වෙනවානම් ඊට එරෙහි වන්නටත් අනෙක් අයට හැකියාව තිබිය යුතුයි.. මේ ගැන කියන්න හොඳම උදාහරණය තමයි බොදු බල සේනා විසින් නිකුත් කරපු මහරගම ප්‍රකාශය.. මම දන්න විදිහට එහි කරුණු හය පහත පරිදියි...   


1. ජමියතුල්ලා උලමා සංවිධානය මෑතකසිට සදාචාර විරොධී ලෙස සහ ප්‍රජාතන්ත්‍ර විරොධී ලෙස  භාන්ඩ සඳහා ඉස්ලාම් ආගමික සම්ප්‍රධායට අනුව යැයි පවසමින් හලාල් සහතික නිකුත්කරන අතර මෙවන් සහතික නිකුත් කිරිමට ලක් රජයට ලංකා ප්‍රමිති කාර්යංශය තිබෙන බැවින් උක්ත සහතික නිකුත් කිරිම වහාම නතර කරවීම

2. 2013 සිංහල අලුත් අවුරුද්ද වනවිට ආගමික බලහත්කාරයෙන් තොරවූ භාණ්ඩ නිදහසේ මිලදී ගැනිමට හැකිවන පරිදි වෙළඳ පොලට නිකුත් කළ යුතුය

3. හලාල් ඉස්ලාම් බැතිමතුන්ට පමණක් බලපාන්නාවු ආගමික ප්‍රමිතියක් වන බැවින් බෞද්ධ, හින්දු , කතෝලික හා ක්‍රිස්තියානි ජනතාව හලාල් බදු ගෙවිය යුතු නැති බැවින් එම භාන්ඩ මිලදිගැනිමෙන් ඔවුන් වැලකිය යුතුය 

4. මැදපෙරදිග ප්‍රමුඛව විදේශ රටවලින් පැමිණෙන මුදල් මගින් පල්ලි ඉදිකිරිම ව්‍යපාර අත්පත් කරගැනිම ඉඩම් මිලදි ගැනිම ඇතුළු රටේ ආරක්ෂාවට හා සංහිඳියාවට තර්ජනයක් වන්නාවු සියලූම ක්‍රියා වහා නතර කල යුතුය.මෙරටට ගලා එන උක්ත මුදල් පිළිඹඳ රාජ්‍ය නියාමනයක් කලයුතුය

5. සාමයට හා සංහිදියාවට බලපාන ආගමික මුලධර්ම වාදීන් සහ අන්තවාදි කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය පිළිබඳව සුවිශේෂී අවධානය යොමු කරමින් ඒවා තහනම් කල යුතු අතර නීතිය සැමට සමාන විය යුතුය යන මුලධර්මය උල්ලංඝනය කරමින් ආගමික හා ජනවාර්ගික පදනමින් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවල ක්‍රියාත්මක කරනා නිතී අහොසි කල යුතුය

6. මැදපෙරදිග ගෘහ සේවා සඳහා කාන්තාවන් යැවීම මේරට සමාජීය ගැටළු රාශියක් පැන නැගීමට හෙතුවන බැවින්ද අදාල කාන්තාවන් අනාරක්ෂිත තත්වයකට ඇදවැටෙන බැවින්ද මැදපෙරදිග සඳහා කාන්තාවන් යැවීම වහාම නතර කළ යුතුය.

 මෙය කියවූ ගමන් සිහියට එන්නේ මෙම ප්‍රකාශය තවත් එක් ආගමක් පදනම් කරගෙන ඊට එරෙහිව බිහිකල ප්‍රකාශයක් බවයි... මට හිතෙන ආකරයට තවත් වැකි මේ සඳහා ඇතුල් කල යුතුය.. ඒවා මෙන්න මේ ආකාරයේ වගන්ති විය යුතු යැයි මට නිකමට සිතේ...

* ඉපැරණි බෞද්ධ සිද්ධස්තාන වලට යන ගමන් මාර්ගයේ පිහිටුවා ගෙන තිබෙන මුදල්  ගැරීම අරමුණු කරගත් අහිකුන්ඨික ආගමික ස්ථාන ඉවත් කල යුතුය.. (උදාහරණ : ශ්‍රීපාදස්තානය)

* දැරිය නොහැකි තරමේ සත්ව හිංසාවක් ලෙස කෙරෙණ කෝවිල්වල බිලි පූජා වලට එරෙහි විය යුතුය...

* මුදල් ගෙවා, නේක උදව් පදව් කරමින් මිනිසුන් අසරණ වන වෙලාව බලා අන්‍ය ආගම්වලට ජනතාව බලෙන් හරවා ගැනීමට එරෙහි විය යුතුය...

මම ඔය උඩ කීවේ උදාහරණ තුනයි.. ඒවා කියවපු ගමන් තේරෙනවානේ හැමෝගෙම කිල්ලෝටවල හුණු ඩිංග ඩිංග තියෙනවා කියලා... හරි නැවතත් මහරගම ප්‍රකාශය දෙට හැරෙමු... පළමු කාරණය ගැන මම අවසානයේ කථා කරන්නම්... එහි අංක දෙක, තුන, හතර, හය කියන කරුණු ගැන මම එකඟ වෙන්නේ නැහැ... පස්වෙනි කරුණට එකඟයි... ඒ පහත හේතු නිසා...

2. මේක ප්‍රායෝගික කරුණක් කරන්න ව්‍යාපාරිකයින්ට කෙසේ හැකි වෙයිද කියලා අපි දන්නේ නෑ.. ඔවුන්ගේ ඇසුරුම් ආදී විවිධ ප්‍රායෝගික ගැටළු විසඳීම සඳහා විකල්ප, බොදු බල සේනාවට තිබේදැයි මම දන්නේ නෑ...

3. ඉස්ලාම් භක්තිකයින් හැර අනිත් අය හලාල් භාණ්ඩ ගැනීමෙන් වැලකිය යුතුය කියන එක හරි වැරදියි.. කැමති අය ගත්තාවේ.. අකමැති අය නොගත්තාවේ... ඒක ඒ මිනිසුන්ගේ කැමැත්ත..

4. තමන්ගේ මැට්ටම් තම් මැට්ටම්.. ඔවුන් හොයනවා.. ඔවුන් වියදම් කරනවා.. අපිත් හොයනවා අපිත් වියදම් කරනවා.. ඒ මොකටද කවද්ද කියන එක තීරණය කරන්නේ සල්ලි අතේ තිබෙන අය කියලයි මම විශ්වාස කරන්නේ...

5. මීට මම එකඟයි... මෙය විය යුතු දෙයක් කියා මට හිතෙනවා...

6. මේකනම් දුප්පත් ජනතාවට ආගම් භේදයක් නැතිව ගහපු කණේ පහරක්.. සිදුවීම් අතලොස්සක් නිසා බහුතරයක් දියුණු වන ගම් වාසීන් තවත් අගාධයට පත්වීම්ක් මෙයින් සිදුවෙන බව මට හැඟේ.. විසදුම නැවැත්වීම නොව රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් සොයා ගැනීම ලෙසයි මට හිතෙන්නේ...

දැන් පලවෙනි කාරණය ගැන කතා කරමු... මම මේකට එකඟ වෙනවා වර්තමාන පසුබිම තුල.. ඒ ඇත්තටම මෙම හලාල් සහතිකය යටින් දුවන තව භයානක සිදුවීම් රැසක සෙවනැලි දකින නිසාත්, එවැනි සහතිකයක් නිකුත් කිරීමට නීත්‍යානුකූල අයිතියක් නොමැති නිසාත්. නමුත් මම පළවෙනි වාක්‍යටත් එරෙහි වෙනවා හලාල් සහතිකය මෙන්න මේ පදනමෙන් නිකුත් කරනවානම්....

"අඩංගු ද්‍රව්‍ය ගැන පමනක් සලකා බලා වෙන කිසිදු කොන්දේසියක් මත නොපිහිටා මුදල් අය නොකර ලබාදෙන සහතිකයක් වුනානම්..."

ඒ වගේම ඊයේ මූණු පොතේ දුකා අයියාගේ ස්ටේටස් එකකට දාපු කමෙන්ට් එකකුත් මෙතන දැමිය යුතුයි කියලා මම හිතනවා...

කිසිවෙක් කිසිවෙක් මත යමක් බලෙන් පැටවිය යුතු නෑ.. බෞද්ධ පන්සල්වල පින් පෙට්ටි තියෙනවා.. ඒකට සල්ලි දමා යා යුතුමයි කියලා කිසිවෙක් ඔවුන්ට බල කරන්නේ නෑ... පින් පෙට්ටිය දිහා බලලා අහක බලන් යනවා.. ආගමට අධාර දෙන අයට ප්‍රමුඛතාවක් තියෙනවා තමයි.. කතරගම දෙවාලෙත් පූජාවට්ටිවල දාහේ කොල තිබ්බොත් තමයි ඉක්මනට ඇතුලට යවන්නේ.. නමුත් හැම පූජාවට්ටියක්ම ඇතුලට යනවා.. ඒක සාමාන්‍යයි...

ඒ වගේම කෑම කඩ.. අපි මස් නොකනවා කියලා ඒ කඩේට මස් උයන්න එපා කියනවානම් ඒක වැරදියි.. මස් මාලු නතුව එළවලු කෑම ඉල්ලන කොච්චර ඉන්නවද? එහෙමත් අවිශ්වාස අය සයිවර් කඩවලට යනවා.. තවත් අවිශ්වාසනම් මගුල් ගෙදරට යද්දිත් ගෙදරින් කෑම එකක් අරන් යනවා.. ඒක ඉතින් ඒ ඒ අයගේ කැමැත්ත...

ඒත් විරුද්ධ විය යුතු දේට විරුද්ධ විය යුතුයි...

මම මේ ලිපියේ ලිව්වේ මගේ පුද්ගලික අදහස.. අනෙක් අයගේ මතත් පහලින් සටහන් වේවි... ඉතා විනීතව අදහස් පවසනවානම් අගය කරනවා.. මොකද ඊයේ සෝඩා ගුනේ කිව්වා "තමන්ගේ හැරමිටිය වැනීමේ නිදහස අනෙකාගේ නහය කෙළවරින් අවසන් විය යුතුයි" කියලා 

48 comments:

  1. මොන 'ෂ' යන්නක්ද අයියා....

    අයියා අපි මරදානේ.... රෂ්ෂාව ඉවර කරලා ආතල් එකේ සූස්තියක් එහෙම දාලා ආවා ෂෑර් මේ පැත්තේ ටිකක් හිනා වෙන්න.

    ෂයන්න ඔයත් ලීලා තියෙන්නේ අලාල් ෂීන් එකක් නේ.....

    කැ.*. ෂ යන්න.

    ReplyDelete
    Replies
    1. උඹ කාලෙකින් මෙහෙට ගොඩ වුන එක ලොකු දෙයක් පුතා...

      Delete
    2. ඔන්න ඕකනේ කියන්නේ ඔයා කොචෝක් එක දානවා නේ ෂයන්න. අපි ෂද්දයක් දාලා නොගියට මෙ පෙත්තේ ගොඩ වෙනවා අයියා. :D

      Delete
    3. ශද්ධෙට ශද්ධෙනම් හරි මල්ලි... ඒත් ගඳට මොක්කද කරනවා...

      Delete
  2. හා හා මේකට හැමදාම කතා කරපු අඩවි තියනවා. ඒ ඇර මේ අතනින් මෙතනින් එන්නෙ ඔය එක එක කුලක දාගෙන තමාගේ හිට්ස් ගොඩ වැඩි කරගන්න බ්ලොග් ලියන හිගන්නො කිව්වොත් හරි.

    රටත් වැඩක් නැත්තං හලාලුත් වැඩක් නැත්තං දෙකටතමත් නැත්තං පැත්තකට වෙලා ඉන්න එක‍නේ...

    ///3. ඉස්ලාම් භක්තිකයින් හැර අනිත් අය හලාල් භාණ්ඩ ගැනීමෙන් වැලකිය යුතුය කියන එක හරි වැරදියි.. කැමති අය ගත්තාවේ.. අකමැති අය නොගත්තාවේ... ඒක ඒ මිනිසුන්ගේ කැමැත්ත..///

    හලාල් වලට උලමාලා නැත්තං මුස්ලිම් එවුන් එක කම්පැණියකට මිලියන 10ක් ගෙවලා හරි ඔය සහතිකේ දුන්නානම්?

    10% තවත් ඒ ව්‍යාපාරික ස්ථානයට ගත යුතු මුස්ලිම් සේවකයන්ගේ පඩි නඩිත් ඔය හලාල් බද්දට දාලා ඕනේ නම් එයාලගේ පවුල් වල වියදමුත් දාලා හලාල් ලකුණ සහිත භාණ්ඩයක් අනෙක් භාණ්ඩයක් මෙන් දෙගුණයකට වික්කත් ‍මොකද?

    උදා බිස්කට් පැකට් 30, හලාල් සහිතව 35යි නම් ඔකුන් ගනීද?

    HALAL SRI LANKA, ආඩම්බරද ලංකාවම හලාල් කලාම?

    ReplyDelete
    Replies
    1. එතකොට අප්‍රේල් වලින් පස්සෙ බඩු මිල බහිනවද? කොච්චරකින්ද?

      Delete
    2. ‍ගොන් ප්‍රශ්න අහන්න එපා බං... :D

      Delete
  3. හාමුදුරුවො හලාල්වලට මොකෝ විරුද්ධ ? ඒකෙන් සිංහල බෞද්ධයාට අගතියක් වෙයි කියලද ?

    ReplyDelete
  4. හලාල් එපා අයට හලාල් නොගෙන ඉන්න ලංකාවේ පුලුවන්ද ? ඔන්න ඔතනයි හලාල් ප්‍රශ්නය තියෙන

    ප.ලි- මොකද මේ ලිපියම ඇනෝනිමස් ආතල් බ්ලොග් එකෙත් තියෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. මට නම් අවංකවම ඒ ගැන සතුටුයි බුවා.. ඇනොනිමසයා කමෙන්ට් පල කරන්නේ පරක්කු වෙලා නේ...

      Delete
    2. හරි සිම්පල් ප්ලාන් එකක් නේ තියෙන්නේ
      අල්ලාහ් දෙවිදුන් විසින් හලාල් කර එවන ලද ආහාර කෑවොත් නොදිරෙයි නම් හෝ කන්න අකමැති නම් හරාම් වන දෙයක් එයට මිශ්‍ර කල විට ඒවා ස්වභාවයෙන්ම හරාම් වෙයි (හලාල් බාවය අහෝසි වෙයි ).
      උදාහරණයකට කෙසෙල් ගෙඩියක් අල්ලාහ් දෙවිදුන් විසින් ස්වභාවයෙන්ම හලාල් වශයෙන් පත්කර ඇත ,එය කෑමට අපහසු නම් එයට මද්‍යසාර තවරා ආහාරයට ගන්න එක නේ තියෙන්නේ

      Delete
    3. අම්ජඩ්ට ඕනෙමනම් අල්ලාහ්ගෙ කෙහෙල් ගෙඩිය කන්න... මධ්‍යසාර තවරලා.

      අපි මොකට කෙලින් අල්ලන තියන නහය ඔලුව වටේ කරකවලා අල්ලනේ...

      නෑ හලාල් වෙනම විකුණනවා අර කිව්වා වගේ හලාල් හැමදේම 10%-100% මිල වැඩි කරලා විකුනනවා. ඔය කියන සේවකයන් නඩත්තුවටයි. උලමාට ගෙවන්නයි. ඊට වඩා සිම්පල් නේ.

      බොලාට ඕනේ නම් හලාල් කියලා හිතාන කාපල්ලා. වැඩියෙන් ගෙවලා කාපල්ලා. නැත්තං නොකා හිටහල්ලා‍.

      Delete
    4. මේ මිස්ට හම්පඩ , තමන්ගේ මෝඩ කම පෙන්නනේ නැතුව ඉන්නවද .. !!!
      මිනිස්සුන්ට වෙන වැඩක් නැද්ද කසිප්පු වල ඔබ ඔබ කෑම කන්න ... ?

      ඔහෙලා දවසට පස් සැරයක් *ක උස්සන් හිටියට වෙන මිනිස්සුන්ට ආගමට අමතරව කරන්න වෙන වැඩ තියෙනවා

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. එතකොට මැරිච්ච ඌරෙක් වලදාපු වලක් උඩ හිටවපු කෙසෙල් ගහක හැදෙන කෙසෙල් ගෙඩිත් හලාල්ද?

      Delete
    7. අම්ජඩ්
      හලාල් කරන්නෙ අල්ලාහ් නං, අල්ලාහ් හලාල් කල දෙයක් හරාම් වෙන්න පුළුවන්කමක් තියනවද?(උදාහරණයක් විදියට කෙහෙල් ගෙඩියෙ මධ්‍යසාර ගෑව වගේ). එතකොට මධ්‍යසාර අල්ලාහ්ට වඩා බලවත්ද?

      අයියෝ සල්ලි! අල්ලාහ්ට කෙලින්නෙ උඹල වගේ ඇතුලෙ ඉන්න එවුන්ම තමයි බං.

      Delete
  5. අපි හැමෝම තේ බොනවා.. සමහරු සීනි වැඩිපුර දාලා බොනවා.. සමහරු අඩුවෙන් බොනවා.. අපිට ඕනා විදිහට තමයි තේ හදන කෙනා ඒක හදන්නේ.. නැතුව එක්කෙනෙක්ට සීනි අඩුවෙන් ඕනා කියලා හැමෝටම අඩු සීනි තේ දිලා හරියන්නෙ නෑනෙ.. ඒ වගේ නිෂ්පාදකයාට පුලුවං හලාල් දෙන්නම ඕනා නම් නිෂ්පාදනයෙන් 10%ක් වගේ නිකුත් කරන්න.අර හලාල් වියදමත් එකතු කරලා..

    මේක සිංහල රට. මුස්ලිම් රටක් නෙමෙයි.. ඉරානය මුස්ලිම් රටක්.. ඒ රට එයාලාගේ ආගමික නීති වලට අනුව පාලනය කරනවා නම් බහුතරයක් උන සිංහලයන්ට තමන්ගේ ර‍ට තමන්ට ඕනා විදිහට පාලනය කරන්න බැරි ඇයි? ඔබතුමා ඉතිහාසය දන්නවා නම් දන්නවා ඇති මේ රටට වින කෙරෙන ගැටලුවක් ආපු හැම වෙලාවකම ඍජුව හා වක්‍රාකාරව මේ රට බේරගත්තේ අපේ ගරුතර සංඝරත්නය.. මේ වෙලාවෙත් එහෙම තමයි.. තව දෙයක් තියෙනවා.. ඔබතුමා පොඩ්ඩක් මුස්ලිම් බහුතරය ඉන්න පැත්තකට ගිහින් බලන්න.. ඔය වගේ හැමෝටම සාධාරණයක් වෙන්න ඕනා වගේ කතාවක් කියලා බලන්න.. සිංහල මිනිස්සුන්ගේ මනුස්සකමිනුයි ‍ගොඩක් අන්තවාදීන් ප්‍රයෝජන ගන්නෙ.. ‍කොයි මුස්ලිම් මිනිහද කිවුවේ කුරගල බෞද්ධයන්ගේ කියලා?

    ReplyDelete
    Replies
    1. ආහාරයක් හලාල් වෙන්නේ ලේබලයෙන් නොවේ ,අඩංගු ද්‍රව්‍ය අනුවය ,හලාල් ලේබලයෙන් කෙරෙන්නේ අනුමත නොකරපු කිසිවක් නොමැති බව වගකියන ප්‍රකාශයක්

      හලාල් සදහා එක ingredient එකකුත් හලාල් නොමැති ඒවා සදහා තවත් ingredient වගයකුත් දාන්න බැහැනේ ,
      හැබැයි හලාල් කෑම වලට අකමැති නම් ෂෝක් ක්‍රමයක් තියෙනවා
      හලාල් ආහාරයකට හරාම් වන දෙයක් එයට මිශ්‍ර කල විට ඒවා ස්වභාවයෙන්ම හරාම් වෙයි (හලාල් බාවය අහෝසි වෙයි ).
      උදාහරණයකට කෙසෙල් ගෙඩියක් අල්ලාහ් දෙවිදුන් විසින් ස්වභාවයෙන්ම හලාල් වශයෙන් පත්කර ඇත ,එය කෑමට අපහසු නම් එයට මද්‍යසාර තවරා ආහාරයට ගත්තනම් හරිනේ

      Delete
    2. 10% කගේ අවශ්‍යතාවය වෙනුවෙන් 90% මිනිස්සුන්ට ඒක මේක තවරලා කෑම කන්න කියන්නේ ඔහේගේ ඔලුවේ තියෙන්නේ ඌරු අසුචිද ?

      ඇයි ඔහෙලට බැරිද ඕන ආහාරයක් මිලට අරගෙන ඔහේගේ දෙයියන්ට කැපකරලා සුද්ද කරගෙන කන්න ?

      මේ ලෝකේ විශ්වය , මිනිසා මවපු උන්නැහේට එහෙම දෙයක් කරන්න පුළුවන් කියල ඔහෙලට කියල දෙන්න බැරි උනාද ??

      Delete
    3. ලංකාව 3 පාරක් සාංඝිකව පූජා කරපු රටක්.. එතකොට මේ රටත් මුස්ලිම් කට්ටිටයට හරාම්...

      Delete
    4. එක්තරා රටක බොදුනුවෙක් සිටියේය. ඔහු විසින් තමන් සැදැහැවත් බොදුනුවෙකැයි සීතුවත් ඔහුගේ තුන් දොර සංවර කමක් නොමැති බැවින් ඔහු සැදැහැවත් බොදුනුවෙකැයි අපට පිලිගැනීමට අපහසුය. අන්‍ය ආගමිකයන්ට දු‍ටු තැන "උඹගෙ අම්මට @#$%" යනුවෙන් ඇමතීමත් සැමවිටම "අන්‍ය ආගමිකයන් භංගවේවා" යැයි සිතීමත් මෙයට හේතු ලෙස දැක්විය හැකිය. මෙසේ තැන් තැන් වල විසිල් ගැසුවත් බල්ටි නොගැසූ නිසාත් දිනකට දෙවරක් පංසල් ගිය නිසාත් මොහු කයින් බොදුනුවෙකු ලෙස සැලකිය හැකිය.

      දිනක් මොහුට දුර බැහැර පෙදෙසකට යන්නට සිදුවූයේ පුද්ගලික කටයුත්තක් නිමිති කරගෙනය. සවස් යාමය එලඹෙන විට ආයාසයෙන් පංසලක් සොයාගෙන මොහු එහි ගියේ තමන්ගේ දින චරියාවේ අංගයක් වන තෙරුවන් නැමදීමටය. එසේ පංසලේ මොහු වන්දනාමාන කරන අතරතුර පංසලේ ලොකු හිමිනම මොහු අසලට පැමිණ "පින්වත, ඔය සලු උනා දමන්නැයි" පැවසීය. එවිට "ඒ මන්ද හාමුදුවනේ" යැයි මොහු අසා සිටියේය. සිවුර ඔසවාගත් හිමියන් පිලිතුරු දුන්නේ "පින්වත මම ධාතු වඩම්මන්නයි යන්නේ" යනුවෙනි. හැඳි සලු උනා දැමූ කණියා සැදැහැ සිතින් සාදුකාර දුනි.

      Delete
    5. “හලාල් සදහා එක ingredient එකකුත් හලාල් නොමැති ඒවා සදහා තවත් ingredient වගයකුත් දාන්න බැහැනේ“ ශුවර්ද? එහෙනම් උබල හලාල් ලේබල් ගහගෙන දඟලන්නේ මොකටද?

      Delete
  6. මුලින්ම ඇනෝ කෙනෙක් වීම ගැන සමාවෙන්න.
    අපි හැම ආගමකටම ගරු කරන්න ඕනේ. ඒ ඒ ආගම් වල අවශ්‍යතා ඒ ආගමිකයන්ට ඒ ආකාරයෙන් සපුරා ගන්නත් ඉඩ දෙන්න ඕනේ. හැබැයි හුගක් වෙලාවට අපි කවුරුත් අපේ ආගමට ඇරෙන්න අනිත් ආගම් වලට ආධාර කරන්නේ නෑ. විශේෂයෙන්ම මූල්‍යමය ආධාර. එතකොට එක ආගමක් වක්‍රාකාරයෙන් අනිත් ආගමිකයන්ගෙන් තමන්ගේ ආගමට මූල්‍යමය ආධාර එකතුකරන එක කොච්චර සාධාරණද? සදාචාර සම්පන්නද? මම හලාල් දකින්නේ ඒ විදිහට. හලාල් හරහා මුස්ලිම් නොවන ජනතාව මුස්ලිම් ආගමේ උන්නතිය වෙනුවෙන් යම් මුදලක් වියදම් කරනවා. එන්න ඒක ආගමික සහජීවනයට බාධාවක්. හලාල් දෙන්නේ මුස්ලිමි මිනිසුන්ගේ යහපතට නම් ඇයි ඒ සංවිධාන වලට මේක නොමිලේ කරන්න බැරි?

    -සංහිද-

    ReplyDelete
    Replies
    1. මුලදී කුඩා සමාගම් වලට නොමිලේ ලබාදුන්නත් ,පසුව විශාල සමාගම් වල ඉල්ලුමට අනුව හලාල් පරීක්ෂණයන් සිදු කිරීම සදහා යන වියදම අය කළයුතුව තිබේ .ඒ සදහා එම භාණ්ඩ වලින් කිසිදු අයවීමක් සිදු නොවේ .
      උදාහරණයකට භාණ්ඩ වර්ග 5 කට අඩු සංක්‍යාවක් පමණක් නිෂ්පාදනය කරන ආයතනයකට හලාල් ගාස්තුව අයවෙන්නෙ RS.500 වැනි සුළු මුදලක්, හලාල් මගින් වෙළදපොල පුළුල් වෙන නිසා ඔවුන්ගේ ලාබය වැඩිවන නිසාත් එම මුදල නිෂ්පාදනය මගින් අයවෙන්නෙ නැත ,
      තවත් විදියකට ගතහොත් ඔවුන් මාසයකට නිෂ්පාදන 100000 නිෂ්පාදනය කල විට එකකට යන වියදම ශත 0.005 වැනි සුළු මුදලකි ,ඔවුන් මිට වඩා විශාල මුදලක් ආයතනයේ සාද ,වෙළද දැන්වීම් ,අනුග්‍රහ සදහා වියදම් කරන නිසා එම සුළු මුදල තම ලාභයෙන් අඩුකරගනී.
      ලකී ආයතනයේ යෝගට් සදහා හලාල් නැත ,නමුත් හලාල් යෝගට් එකකට වඩා එම යෝගට් එකේ මිලද වැඩිය ,හලාල් සහතිකය එම භාණ්ඩ වල මිලෙන් ස්වායත්ත වේ
      ප.ලි :-හලාල් සහතික දීමට පටන් ගත්තේ ආයතන වලින් ඉල්ලීමක් තිබු නිසාය- ACJU

      Delete
    2. සතයක් වත් මා පිළිකුල් කරන ආගමකට දිය යුත්තේ ඇයි ?

      Delete
    3. // එම සුළු මුදල තම ලාභයෙන් අඩුකරගනී.//

      දැන් මේ ලාභය සමාගම වෙත ලැබෙන්නේ පිටසක්වලින්ද නැත්නම් පාරිභෝගිකයාගේ පසුම්බියෙන්ද? ඒගාන එක පුද්ගලයෙකුට එහෙමත් නැත්නම් එක භාණ්ඩයකට ගණන් බැලුවොත් එහෙම බොහොම සුළු ගණනක් වෙයි. හැබැයි සතෙන් සතේ තමයි රැපියලක් වෙන්නේ. එහෙම වෙලා තමා මහා පරිමාණ සමාගමකින් අවුරුද්දකට ලක්ෂ 1-3 අතර ගාණක්, සුළු පරිමාණ සමාගමකින් වසරකට 20,000 - 30,000 විතර එකතු වෙන්නේ. මේ වක්‍රාකාරයෙන් අනිත් ආගම් වලින් ඔබේ ආගමට එකතු කරන මුදල්. පිට සක්වලින් එන මුදල් නෙමෙයි නේ.

      Delete
    4. හලාල් නොතිබුණ කාලේ මුස්ලිමුන් කෑවෙ පොලොවෙ පස් ද...?

      Delete
    5. ලකී පැණි යෝගට් එකයි අනිත් ඒවගේ වැනිලා යෝගට් එකයි සන්සන්දනය කරල කියන මෝඩ කතා මුස්ලිම් අය පිළිගත්තට සිංහල අය පිළිගන්නේ නෑ.

      Delete
  7. උඹ වගේ අමනයෙක්. උඹ මීමුරෙත් කන්ඩද හදන්නෙ. මේ ලංකාව විනාස කරන්නෙ නැතුව හිටපන්. වසලය

    ReplyDelete
  8. හලාල් ගැන මගේ පෞද්ගලික අදහස මගේ බ්ලොග් එකේ දැම්මා. ආපහු ඒ ගැන කියන්නෙ නෑ...
    බොදු බල සේනා සංවිදානය ගැන කියනව නම් ඒක ඇත්තෙන්ම හොඳයි, සංයමයෙන් කටයුතු කරනවා නම්.. මොකද අවිහිංසාවාදය ලෝකයේ වැඩිපුරම අගය කරපු බුදුන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටිනවා කියන සංවිධානයක් මේක. ඒත් සමහර වෙලාවට රැඩිකල් අදහස් වල උපරිමේටම යනවා. එයාලගෙ facebook fanpage නිල ප්‍රකාෂ දැක්කම ඇත්තෙන්ම පිළිකුල් සහගත කලකිරීමක් මට නම් එන්නේ..
    (මං keyboard බෞද්ධයෙකු නොවන බවත් ප්‍රතිපත්තිමය බෞද්ධයෙකු බව කරුණාවෙන් සලකන්න)

    ReplyDelete
    Replies
    1. හා හොද මාර්කටින් මහත්මයෙක්.

      Delete
    2. ඇඩ් එකකුත් දාගෙන

      Delete
  9. හයවෙනි එකනම් අම්බ ගොන් ප්‍රකාෂයක්. ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය ඒක. නිසි වැඩපිලිවලක් හා ඇගයීමක් යටතේ සිඳුවිය යුතු දෙයක් මිස. ඒක නවත්තලා ඒ මිනිස්සුන්ට හෙටක් හදලා දෙන්නේ පන්සලෙන්ද. එයාලට නම් ඔක්කෝම නිකන් හම්බ වෙනවා. බොදු බල සේනාවේ සමහර කරුණු නම් තලේබාන්ම තමයි. බුද්ධාගමට හා බුදු රජානන්වහන්සේටත් නිගාවක්.

    ReplyDelete
    Replies
    1. මාතලන් ඔබ විටින් විට කියන කතාවලින් ඔබ ප්‍රතිපත්තියක් නැත්තෙකු බව පෙනේ. එක රැයින් නැවැත්විය නොහැකි වුවද මැදපෙරදිග ගෘහ සේවයට කාන්තාවන් මෙන්ම පිරිමින් ද යැවීම නවතා දැමිය යුතුය. ශිෂ්ටාචාරගත නොවූ මැදපෙරදිග ගෝත්‍රික රටවලට ගොස් අබාධිතව, මියගොස් පැමිණෙන පිරිස මෙන්ම මිනියවත් සොයා ගත නොහැකිවන පිරිස ඉතා විශාල බව ඔබ දන්නවාද? රටක ජනතාවට අභිමානයෙන් යුතුව කිරීමට තම මවු රටේම රැකියාවක් ලබාදිය නොහැකිවීම රට කරවන්න්ගේ වරදක් මිස, බොදු බල සේනාවේ වරදක් නොවේ. මෙවැනි මානුශවාදී ප්‍රකාශයක් කල බොදුබල සේනාව තලේබාන් යැයි ඔබ කෙසේද? පදනමක් නැති චෝදනා කරමින් බුදුන්ටත් බුදු දහමටත් අපහාස කරන්නේ ඔබ නොවේද? කාන්තාවන් මැද පෙරදිග ගෘහසේවයට යැවීම ලංකාවටත් වඩා දිළිඳු ජනතාවක් සිටින බංගලාදේශය සහ ඉන්දියාව පසුගියදා සම්පූර්ණයෙන් නවතා දැමීය ඉතින් අපිට බෑ කියන්නේ කෙසේද? අපටත් කල හැක අවශ්‍ය වන්නේ පාලකයන්ගේ ආකල්පමය වෙනසක් සහ අවංක කැපවීමක් පමනි.

      Delete
    2. අමල් උබේ කතාව සහතික ඇත්ත බං..

      Delete
    3. මම මැද පෙරදිග සේවය කර ඇත්තෙක්මි. අඩු පාඩු ඇත්තේ අපගේ සහ අපේ රජයේයි. ලංකාවේ ප්‍රධාන ආධායම එක පාරට නවත්වන්න පුළුවන් නම් ළොකු දෙයක්. ඔබත් අපත් ජීවත් වන්නේ ඔවුන් එවනා මුදල්වලින් බව අමතක කරන්න එපා.

      Delete
  10. මාත් මේ ප්‍රශ්නේ දිහා මුල ඉඳන්ම මධ්‍යස්තව තමා බලන්න පුරුදු වුනේ.ඒත් මට හිතෙනවා අර ඉල්ලීම් සාධාරණයි කියලා.මොකද මුළු ශ්‍රී ලංකාවටම බලපෑමක් ඇති කරන්න එක ආගමකට දෙන්න බැහැ.හැබැයි මම ඒකට සියලුම මුස්ලිම්වරුන්ට දොස් කියන්නෙත් නැහැ එයාලා පිලිපදින්නේත් එයාලගේ ආගමික නායකයෝ ප්‍රකාශ කරන දේවල්.

    ReplyDelete
  11. මමනම් ඔය හම්බ විරෝධියෙක්...හැබැයි හැම හම්බයාම නෙවෙයි...

    ReplyDelete
  12. මම නම් කියන්නේ මේ ප්‍රශ්ණ ඔක්කෝටම මුල අපි ආගම අදහන්නේ නැති ඒක. ඒකටත් හේතුවක් තියෙනවා අපිට ආගමක් නෙවි තියෙන්නේ දර්ශණයක්. ඒක පස්සේ යන්නේ නැතිව (පාර පෙන්නල දීලත්) වෙන දේවල් කර කර ඉඳල මැරෙන්න යද්දී තක්බීර් වෙලා අඬනවා අයියෝ බැරි වුනා බැරි වුනා පින් කරන්න කියල. මොන මගුලක්ද? මුලින්ම අපි අපේ දර්ශනය පිලි පදිමු එතකොට මේ දේ නියමාකාරයෙන් සිද්ධවෙයි. මමත් මේ ගැන මගේ අත්දැකීම් අඩෙවියෙන් ලඟදීම කතා කරන්නම්. මේ වැඩ කටයුතු ටිකක් අහවර වුනාම.. :P ඉස්සෙල්ලාම බෞද්ධ වෙන්න. එතැන අනිත් ආගම් වලට යන්න එපා කියන්නේ නෑ. අපේ දේනිවැරදි කියල පෙන්නන්න. එතකොට නිකන්ම එයි මේ පැත්තට. ඒකත් කැමතිනම්.

    ReplyDelete
  13. 1 - I can't agree. If anyone wants to charge money and give a certificate they should be free to do so. If "Bodu bala sena" wants to issue a certificate saying these brands are non-halal (or bodu bala sena approved) they should be able to do so.
    2/3- This should be dictated by the market. If majority of the country (non-muslims) stopped buying halal food then companies will look at their sales statistics and make a decision on which way to go.
    4- Any illegal flow of foreign currency should be controlled. Otherthan that let the market control itself. If buddists don't want to sell their properties to muslims then they can't take them by force.
    5- Terrorism should be closely monitored and nipped in the bud.
    6- This should be stopped, but not immediately or legislation. Government should create more job opportunities in SL for people who are looking for a blue collar jobs. Garments are a good example. I know there are so many issues with garment industry, but it's way better than going to middle-east as a house maid. They are at least in SL where they have a support system of friends and relatives.

    ReplyDelete
  14. හලාල් එක්ක කිසිම අවුලක් නෑ.ඔය සහතිකේ නිකුත් කරන ක්‍රමේ ට නම් විරුද්ධයි.එයාලට හලාල් ඕනි නම් එයාලා දැනගන්න ඕනි සල්ලි ගෙවල ඒවා ලබා ගන්න.

    ReplyDelete
  15. හැරමිටිය වනන කොට නහයේ වදියිද දන්නේ නෑ. එත් ටිකක් සමාවෙලා කියවන්න. ඔබේ කුලක තර්කයෙන්ම ඔබ වැරදි මගක යන්නේ. පටන් ගැනීමම වැරදි නම් ඉතුරු ටික ගැන බලන්න දෙයක් නැහැනේ. ශ්‍රී ලංකික කියල ජාතියක් 1972 ට ඉස්සර වෙලා හිටියේ නැ. එක 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාණයක්. සිංහල කියන්නේ වචනාර්ථයෙන්ම මිශ්‍ර ජාතියක්.විවිධ රස තියෙන ජල ප්‍රවාහ මුහුදට එකතුවී එකම ලුණු රසය ගන්නවා වාගේ විවිධ ජන කොටස් සිංහල සමාජයට එකතුවී සිංහල අනන්‍යතාවය ගන්නවා. උදාහරණ ලෙස ගජබා රජු ගෙනා 12000 ක ජනයා පෙන්වන්න පුළුවන්. වර්තමාන ගැටලුව 14 සියවසේ පටන් පැමිණි මුස්ලිම් අයත්,16 සියවසේ පටන් පැමිණි දෙමල අයත් සිංහල අනන්‍යතාවයට ඇතුලත් නොවී තම අනන්‍යතාවයන් දිගටම ගෙනයාම කියලයි මම කියන්නේ.

    ReplyDelete
  16. මිනිස්සුන්ට ජීවත් වෙන්න කිසිම ආගමක් අවශ්‍ය නෑ. එහෙමනම් ආගමකින් ඉල්ලන දෙයක් මිනිස්සුන්ට අවශ්‍ය වෙන්න කිසිම හේතුවක් නෑ.

    මීට අවුරුදු 20 කට විතර කලින් මුස්ලිමුන් හලාල් නැතුව තුන්වේල කාලා හිටියනම් දැන් බැරි ඇයි...?

    ReplyDelete
  17. මහරගම ප්‍රකාශයේ කරුණු 6 ටම 100%ක් එකඟයි නැගෙමින් පවතින ඉස්ලාම් අන්තවාදයෙන් මේ රට මුදාගෙන සිංහල, දෙමල, මුස්ලිම් කාටත් නිදහසේ ඉස්සරහටත් මේ රටේ ඉන්න ඕනි නම් මෙම යෝජනා ක්‍රිත්මක කරවීමට සහාය දෙන එක සෑම පුරවැසියෙකුගේම යුතුකමක්.

    ReplyDelete
  18. බෞද්ධයන් ගේ පන්සිල් වල වැදගත් ම දේ වන්නේ මත්පැන් පානය නොකිරිමයි ලoකාවේ සුරාසැල් මේතරම් තියේද්දී ඇයි ඒක තහනම් කල යුතු බව කිසිවක් සදහන් කරේ නැත්තේ

    ReplyDelete
    Replies
    1. ඒ මුස්ලිම් හරකුන්ව නාස් ලණු දාල දැක්කුවට බෞද්ධයින්ට තමන් ගේ ජීවිතය තමන්ට අවශ්ය විදියට ජීවත් වෙන්න පුලුවන් කමක් තියෙන නිසා.

      Delete
  19. හලාල් විරෝධයට විතරක් සීමා වෙලා බෑ. සේරටම කලින් සිංහල ජනගහනය පසුබසින්නේ මොකදකියල බලල ඒකට විසඳුමක් හොයාගන්න වෙයි. මොකද හලාල් වර්ජනය උනත් කරන්න පුලුවන් වෙන්නේ අපේ ජනගහනය බහුතරය වනකල් විතරයි.

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...