Sunday, March 10, 2013

ඇනෝනිමස් පෝස්ට් සහ ඒවට වැටෙන ඇනොනිමස් කමෙන්ට්........ කබ්බන්ට විශේෂයි...


මේක තමයි මේ කාලයේ ජනප්‍රියම මාතෘකාව... මම මේ ගැන නම් ලිපි ලියලා තියෙනවා ඕන තරම්... ඒත් ඒ කවදාවත් මේ මාතෘකාව අද තරම් ජනප්‍රිය වෙලා නෑ.. ඇනොනිමස් සයිට් ගොඩාක් මේ බ්ලොග් අවකාශෙට ඇවිත් ගියා.. ඉස්සර වෙලාම ආපු එක තමයි එදා සුපිරි ජනප්‍රිය බ්ලොග් එක වෙච්ච ඇනොනිමසයා කියන බ්ලොග් එක... ඒකේ තියෙන ගොඩාක් දේවල් වලට කට්ටිය බැන බැන හරි කමෙන්ට් කලා.. හැමෝම ආවා ගියා.. ඊට පස්සේ ඒ සයිට් එකේම වර්ශන් තුනක් ආවා.. ඒවත් ඒ ගමන්ම නැතිවෙලා ගියා... ඊට පස්සේ ආවා බ්ලොග් විචාරක, වෛෂ්යාවක් නොවේ, ලකෆ්‍රාන්ස්, දැන් මොකක්ද වර්ඩ්ප්‍රෙස්ස් එකකුත් ඇවිත්... ඉතින් මේ හැමෝම බ්ලොග් අවකාශය වෙනුවෙන් සේවයක් කරනවද නැද්ද කියන එක කියවන ඔයාලා දන්නවා... මේකටත් හරියන්නම දැන් ඇනෝ කමෙන්ට් කියන එකත් උපරිමේටම ඇවිත්.. අද මම කියන්න යන්නේ මගේ ඇනෝනිමස් අත් දැකීම් වලින් බිඳක්... 


දැන් මම බ්ලොග් ලියන්නේ මොකටද? කියලා ඇහුවොත් ඔයාලා අමුතු අමුතු උත්තර දෙයි.. නමින් එන අය කියයි ගොඩාක් කථා.. ඒත් ඇනෝ එන අය කියයි "තෝ බ්ලොග් ලියන්නේ xx xxxx පුතෝ කාව හරි අන්දලා ගානක් කඩා ගන්නනේ බොල කියලා..." මේක තමයි දැන් ඇනෝ ට්‍රෙන්ඩ් එක.. වැදගත් සංවාදයක් ඇනෝ හරහා ගොඩ නැගෙන්නේ නැත්තේ ඇයි කියන එක දැන් සිංහල බ්ලොග් අවකාශයෙන් අහලා වැඩක් නෑ.. ඒක අහන්න ඕන තම තම හිත් වලින් කියන එක තමයි මගේ මතය.. 

ප්‍රියන්ත වෙනිවැල්පිටිය (වෙනී) අයියා ලියලා තිබ්බා මේ ඇනෝ ගැන ලිපියක්.. ඇනෝනිමසයාත් ලියලා තිබ්බා... ඒ ගැන.. නමුත් අපි වර්තමානයේ එතනට තල්ලු වෙන්නේ ඇයි කියන හේතුව මොකක්ද? ඇත්තටම ඒ වෙන මොකුත් නිසා නෙවෙයි මම හිතන්නේ.. මීට අවුරුද්දකට කලින් බ්ලොග් කරුවෝ කියන්න ඕන දේ මූනට කිව්වා... එහෙම කියාගන්න බැරි තව සමහරුන් ඇනෝ වැරදියට පාවිච්චි කරලා කුණුහරපෙන්ම ඒක කියනවා.. ඒකට හේතුව මොකක්ද කියලා ඇහුවොත් මට කියන්න තියෙන්නේ ඒ කාලයේ අතීතය හා වර්තමානයට පුරුක් තිබ්බා.. මම ඒක උදාහරණයක් විදිහට මෙහෙම පැහැදිලි කරන්නම් පහළින්...

මම බ්ලොග් ලියන්න එනකොට කතන්දර, වැපා, රන්දිල්, තිස්ස අයියලා වගේ අය අපිට උපදෙස් දුන්නා... ඇනෝ දැම්මත් ඒකේ වගකීමක් අපේ හිත් වලට දැනුනා.. වර්තමානයේ ඒ පුරුක් සබඳතාවය බ්ලොග්කරුවන්ගෙන් ගිලිහිලා තියෙනවා.. ඇනෝ මොකක්ද? ඇනෝ පාවිච්චි කරන්නේ කොහොමද වගේ සංකල්ප පිළිබඳ දේවල් බ්ලොග් කරුවන්ගෙන් ගිලිහිලා තියෙනවා.. මෙන්න මෙතන තමයි ලොකුම අවුල කියලයි මට හිතෙන්නේ.. 

ඇනෝ කමෙන්ට් දාද්දි අපිටත් වැරදුනා.. උදාහරණයක් ලෙස මම එක්තරා පුද්ගලයෝ දෙන්නෙක් සම්භන්දයෙන් ගෲප් එකක දාන්න ගිය එකක් වැරදිලා ඇනෝ සයිට් එකක වැටුනා.. මම එසැනින් ඒ දෙන්නට මේල් එකක් යවලා සමාව ඉල්ලන්න කටයුතු කලා.. මේ වගේ වැඩ තව කොච්චරවත් වුනා ඒ දවස්වල.. වෛශ්‍යාවක් නොවේ ලියපු බ්ලොග් කාරියටත් බ්ලොග් විචාරක ලියපු බ්ලොග් කරුවාටත් මේ වැඩේම වුනා... මේකේ අළුත්ම අවුට් පුට් එක අපේ සෑම් මල්ලි.. එයා ලකෆ්‍රාන්ස් එකේ දාපු කමෙන්ට් එකක් නමෙන්ම පල වුනා..

මෙන්න මේ හේතුව නිසා උද්ගත වෙච්ච තත්ත්වය නිසා තමයි මම මේ බ්ලොග් පෝස්ට් එක ලියන්න හිතුවේ.... ඒකෙදි ඒ මල්ලි ගොඩාක් කරුණු කියලා තිබ්බා.. පළවෙනි එක තමයි "කවුද මේ ලකෆ්‍රාන්ස් බ්ලොග් එක ලියන්නේ කියලා එයාට හොයා ගන්න ඕන වුනා.." කියන එක... ලකෆ්‍රාන්ස් අදුන්වන විදිහට ඔහු කබ්බෙක්... නමුත් වටිනා බ්ලොග් එකක හිමි කරුවෙක්.. (බ්ලොග් අවකාශයේ සීනියර්ස්ලා ඉන්නවද? කබ්බෝ ඉන්නවද කියන එක චමිලගේ මෙන්න මේ පෝස්ට් එක කියවලා ඔබට තේරුම් ගන්න පුළුවන්...) ඒත් ඉතින් බ්ලොග් එකක් ලියන්නේ කවුද කියන එක හොයන එක ඔච්චරටම වැදගත්ද?

මීට අමතරව තව බ්ලොග් කරුවෙක් මගෙන් ඇහුවා මෙහෙම ඇනෝලා මට අම්බානට බනිද්දි කොහොමද මට නෙවේ වගේ ඉන්නේ කියලා... මම ඉතින් උත්තර දෙන්න කවුද බැන්නේ කියලා දන්නවයැ.... ඉතින් කොහොමද උත්තර දෙන්නේ...

ප්‍රධාන කාරණය.. ඉතින් මීට පස්සෙවත් ඇනොනිමස් දාද්දි අර ගුගල් දෙවියන් විසින් දීලා තියෙන ඇනොනිමස් ඔප්ෂන් එක සෙලෙක්ට් කරලා කමෙන්ට් එක දාන්න.. මම අත්දැකීමෙන් දන්නවා එක පාරයි වරදින්නේ.. ඒ වැරදීම අතීතයේදී නම් හදා ගන්න පුළුවන් බ්ලොග් කියන්නේ හෙන ආතල් දෙයක් නිසා.. ඒත් වර්තමානයේ බ්ලොග් කියන එක අපි ඉර පායන එක බහින එක වගේ වැදගත් දෙයක් නිසා ඒ වැරැද්ද හදා ගන්න අමාරුයි දරුවනේ...


මෙන්න මේ ටිකත් කියන්න ඕන.. දැන් මේ ලකෆ්‍රාන්ස් බ්ලොග් එක ලියන්නේ මම කියලා ලේබලේ අලවලා මගේ බිරිඳට දරුවට දෙමවුපියන්ට අම්බානක බනින්න ඇනෝලා පෙළ ගැහිලා ඉන්නවනේ... ඒ වගේම කෝල්ස් එහෙමත් දීලා මගෙන් ගොඩාක් කට්ටිය ඇහුවා උඹද මේක ලියන්නේ කියලා.. ඒ අයට දෙන්න ඕන උත්තරේ තමයි මම මේ පහළින් ලියන්නේ....

නිකමට හරි ඇත්තට හරි හිතපල්ලකෝ ලකෆ්‍රාන්ස් බ්ලොග් එක ලියන්නේ මම කියලා.... හරි.. දැන් උඹලා මට මොනවා කරන්නද? අනේ නිකන් යනවා මනුස්සයෝ වැඩක් බලාගෙන....

(ඇනොනිමස් ලියන්නේ චමිල කියලා ලේබලේ අලවලා තිබ්බ කාලෙක චමිලත් මේ විදිහටම කියලා තිබ්බ... ලින්ක් එක දාන්න පෝස්ට් එක හෙව්වට ලැබුනේ නැති නිසා චමිලට කෝල් කරලා තමයි හරි වචන පේලිය අහගත්තේ...)

ප.ලි. කුණුහරප නැති ඕනම ඇනෝ කමෙන්ට් පළවන බවත් කියන්න ඕන


37 comments:

  1. මෙහෙම දෙයක් ලියපු එක හොඳයි.. අපි බලමු මොකද වෙන්නේ කියලා...

    ReplyDelete
  2. මේ ලිපියට අදාලම නැති වුනත් මේ ටික කියන්නම්.මම 2009 පමණ සිට බ්ලොග් අවකාශයේ සරන්නෙක්.බ්ලොග් නොලියන,ඇනෝ කොමෙන්ට් පමණක් දමන කෙනෙක්.මම විශේෂයෙන්ම දේශපාලන අදහස් ඇති බ්ලොග් වලට ප්‍රිය කරන අතරම.ඒවායේ මගේ අදහස් ඉදිරිපත් කරමි.මට පරෝප්යිල් එකකින් එන්නට බයක් තියෙනවා.හේතුව මා නිල තුවක්කු කරුවෙකුව සිටි නිසාය.වර්තමාන දේශපාලන ප්‍රවාහය සමඟ පක්ෂ විපක්ෂ භේදයකින් තොරවම මට එකඟ විය නොහැකි බොහෝ දේවල් තියෙනවා.ඇනොවෙක් ලෙසින් මා මගේ එවන් අදහස් ප්‍රකාශ කරන බව කියන්න ඕන.යම්කිසි නමකින් පෙනීසිටිමින් මට මගේ අදහස් දක්වන්නට බියක් තිබෙනවා.ඒ ඇයිදැයි අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.මේ ගොරක දඩමස් වෙන යුගයක් නේ.බ්ලොග් ලියන විචාරක,ගයානී වෙදගේ වැනි අය තමන්ගේ අදහස් ඉදිරිපත් කරන ප්‍රවේසම ගැන සිතන්න.මටත් බොහෝදෙනා පොන්නයා,මානසික රෝගියා,ඇනෝහිවලා වැනි වදන් භාවිතා කරලා තියෙනවා.එත් මගේ සැබෑ තත්වය මේකයි.අනෝ වාරණය කල ඔබලා සියලු දෙනා අප වැනි මිනිසුන් ඇනෝ කොමෙන්ට් දමන්නේ නිකම් ගොන් ආතල් එකක් ගැනීමටම නොවන බව වටහා ගනු ඇතැයි සිතමි.

    ReplyDelete
  3. මේ දවස් වල ට්‍රෙන්ඩ් එක ඇනෝ වගේ....

    ReplyDelete
  4. ලකෆ්‍රෑන්ස් කව්රු ලිව්වත් ඒකෙන් පෙන්වන්නේ මිනිහෙක්ගේ හිතේ තියෙන කුහකකම,ඊර්ෂියාව දොරේ ගලන තැනක්.

    ReplyDelete
  5. මාර පොස්ට් එක. ඉස්සර වගේ මේකට කොමෙන්ට්ස් වැටෙන්නේ නැහැ නේද බං. පෙර වැරදි ද?.

    ReplyDelete
    Replies
    1. සෑම් රුන්නම උඹ කොළ කෑල්ලක් අරන් ආවේ බෙටි ටික අරන් දාන්නද???? බෙටි අස් කරාට වැඩක් නෑ බං තාම ගද තියනවා.

      Delete
    2. ඌ එහෙම කරලද? උඹ හොඳට දන්නවා නේ ගූ දැක්කම ඒ ගූ කාගේද කියල. රස්සව තොටළඟ සක්කිලිත් එක්කද?.

      Delete
    3. ඇයි යකෝ මේ පෝස්ට් එකවත් කියවලා නෙමේද උඹ කමෙන්ට් කරන්නෙ? මට අමතක උනා උඹ වගේ සක්කිලියෙක් කියවන්නවත් දන්නවද

      Delete
  6. ඔහොම තමා අභීත , කාටහරි බ්ලොග් කාරයෙක්ට ඇනෝල ගෙවල් වල ඉන්න උනුත් අල්ලගන කුණුහාරපෙන් බණිනකොට . අපහස කරනකොට , අපිට ගානක් නැ, ඔහේ නිකන් ඉන්නවා, (ඇයි ඉතින් අපිට නෙමෙයිනේ) ,

    තමන්ට වදිනකොට තමා රිදෙන්නේ, (වරදවා හිතන්න එපා මම මේක නං උඹව ඉලක්ක කරලා කියුවා නෙමෙයි)

    ඔයා ප්‍රවීනයෝ ගැන කියලා තියන එවා ගැන නං එකගවෙන්න බැ, බහුතරය අලුතින් එන උන්ට අත දෙනවා වෙනුවට අතට දෙන්ඩ තමයි හදන්නේ ,

    මමත් කුණුහාරප කමෙන්ට් දාලා තියනවා , හැබැයි මගේ නමින් , මම එහෙම කරේ අහිංසක කමට පාඩුවේ බ්ලොග් එක ලියාගන හිටපු මටත් නිරපරාදේ ඇනෝලා කරදර කරපු නිසා , මට කුණු හාරපෙන් බණිනකොට මම කුණුහාරපෙන් උත්තර නොදි මොනවා කරන්ඩද , (බල්ලන්ට ගහන්ඩ ඕන ගල් වලින් මිසක් මල් වලින් නෙමෙයි)

    ලිපියට කොහෙත්ම අදාල නැතුව , වැඩකට නැති . පුද්ගලික ඉරිසියාවල් , පලිගැනීම් වලට . ඇනෝ කමෙන්ට් භාවිතා කරනවා ඇර හරවත් යමක් කියන ඇනෝලා ඉන්නේ අතේ ඇගිලි ගානටත් අඩුවෙන් ,

    උඹත් කාලයක් එහෙම කමෙන්ට් වලට ඉඩ දුන්නා අභීත , එහෙම දවසක ආයේ උඹට කමෙන්ට් කරන් නැ කියලා හිතලා හැරිලා ගිය මම මේ මාස ගානකට පස්සේ කමෙන්ට් කරන්නේ අද

    මට තේරෙන්නේ නැ බං මෙන්න මේක , මිනිස්සු වැඩිපුර කියවන බ්ලොග් ලියන උන්ටම ඇයි ඇනෝලා අරින්නේ

    මොකද කියලා උඹ දන්නවද

    ReplyDelete
    Replies
    1. කබ්බෝ සෙට්එක නම් පජාතයි මචන්. උඹත් ඇතුළුව. ලකෆ්රාන්ස් එකේ අම්බානක් තිත්ත කුණුහරප ඇනෝ ගිහිල්ල වැපිරුවේ උඹල කියල අතේ කොර්ට් උනාට පස්සේ තවත් බබා පාර්ට් දාන්න එපා මචන්. අන්තිමේ උඹ ලකප්‍රාන්ස් එකේ දාපු ලින්ක් එක උඹම අරගෙන උඹේ බ්ලොග් එකේ දැම්ම එක කුණුහරපයක් ඇනෝ වැටුනේ නැත්තේ ඇයි??? උඹේ බ්ලොග් එකේ වැදගත් විදියට කොමෙන්ට් කරපු ඇනෝලට උඹම තිත්ත කුණුහරපෙන් බැනල උඹම බ්ලොග්පොස්ට් එක මකල දැම්ම... හද්ද චාටර් මචන්. එකපුලියේ. ගූ හතයි. වැදගත් විදියට තර්කයක් ගොඩනගන්න බැරි නම් අවම වශයෙන් කුණුහරප නොකිය හිටපන් මචන්. චියර්ස්....:D

      Delete
    2. නමින් දැම්මත් අසභ්‍ය වචන අඩංගු නිසා උඹේ කමෙන්ට් එක පබ්ලිශ් කරන්න බෑ අටම්.. සමාවෙයන්...

      Delete
    3. ඔයිට වඩා අපහාසාත්මක කමෙන්ට් , කුණුහරප, උඹ මීට කලින් පලකරලා තියනවා, ඒකට කමක් නැ, මේක උඹේ බ්ලොග් එකනේ,

      ඔය උඩ තියන කමෙන්ට් එකේ තියන එවා , මට ද්වේෂ සහගතව පලකරපු එවා , ෆෝපයිල් එකෙන් ගිහිලා කුණුහාරපෙන් බණින එක ඇරෙන්ඩ අනිත් චෝදනා සියල්ල බොරු , ඔය කමෙනට් එක පලකරන එක හරිද,

      Delete
    4. මීට කලින් පල කරලා තියෙනවා... ඉදිරියට පල කරන්නේ නෑ... ඒ මගේ බ්ලොග් එක ගැන තීරණ ගන්නේ මම නිසා...

      ඕවගේ සත්‍ය අසත්‍ය උඹේ හිත දන්නවානම් ගැටළුවක් නෑනේ මචන්...

      Delete
  7. අභීතයෝ, උඹ දන්නවද මම ජීවිතේටම ඇනෝ කමෙන්ට් එකක් දාලා නැති බව කිසිම තැනකදි? අඩුම ගානේ ඔය ගොසිප් සයිට් එකකවත්. මට කියන්න දෙයක් නැතිනම්, එහෙම නැතිනම් ඒ කියන්න හිතෙන දේ සැර වැඩියි කියලා හිතෙනවානම් මම යනවා යන්න.

    ReplyDelete
  8. ඇනෝවෙක් නැති බ්ලොග් අවකාශය පරිප්පු නැති හෝටලයක් වැනිය.

    ReplyDelete
  9. ඇනෝ කමෙන්ට් ගැන උඩින් ඇනෝ ලියලා තියෙන එකනම් ටිකක් සාධාරණ හේතුවක් වගේ..ඒත් ඊට මුවා වෙලා පිස්සු කෙලිනවනම් අනිවා පහර දිය යුතුයි!

    ReplyDelete
    Replies
    1. නාඩියා නාඩිරත්න කියන්නේ උඹේ උපැන්නේ තියෙන නමද බන්??

      Delete
  10. ඉන්දිකගේ සල්ලි අයියෝ සල්ලි

    ReplyDelete
  11. හත්තිලව්වයි..මමත් කොරන්නේ කොමෙන්ටි දාන එක විතරනේ..ලියන්ට ඔනි මක්කහරි..හිටපල්ලකො.. :)

    ReplyDelete
  12. හ්ම්.. .ඇනෝ ට්‍රෙන්ඩ් එකක් දැං තියෙනවා. මේ අහිංසක විදියට කොටාබාගෙන ඉන්න මගේ නම දාගෙන මගේම එකේ කමෙන්කටු දාල එහෙකුත් ඉන්නවා. ඒත් අවුලක් නෑ මටත් අල්ලන්නෙ නැත්තේ ඔය ඉරිසියාකාර අපහාසයයි. මමත් ඕන තරං උපහාස මගේ නමින් දානව ඒත් කාවවත් රිදවන්න නෙමෙයි පොඩි ආතල් එකකට විතරයි. ඒත් මම මුලදි මතක නැතිව ඇනෝ ගිහිං කමෙන්ට් දාලා තියෙනවා හැබැයි කුනුහරුප නෙමෙයි. ඒවා කල් යද්දි හරි ගියා. කොහේ ගියත් සීල් එක අරන් තමා දැන් යන්නේ.. ඇනෝලට කියන්න තියෙන්නේ, කාරුණිකව අපට උදව් කොරන්න කියල විතරයි, නිකං කුනුහරුප ඒ කියන්නේ අපි හැමෝම දන්න කුනුහරුප කිසි වැඩකට නැතිව බ්ලොග් වල දැම්මට අපිවත් ඉගෙන ගන්න එකක්යැ. අඩුගානේ අළුත් කුනු හරුප ටිකක් වත් හදලා දානවනං හොදා.. අඩුගානේ දැනගන්නවත්. හැබැයි හොද ඇනෝ හුගක් ඉන්නවා. කියවල යන කට්ටිය කොච්චර ඉන්නවද හ්ම් නැතිව... ඒක වටිනවා. මේක කරන්නේ ආතල් එකටයි ඔය කියල සිවිල් අවශයතා සදහාත් තමයි. ඒත් පොඩි හරි ඉදිරියක් තියෙන්න ඕන මේ කෙරුවාවෙත්. හැමදාම පල් වෙනවනං මොකටද මේක..අම්මප අතෑරල දානව. එක හාදයෙක්මේ දවස් වල මාතලං තනි කරන්න දත කනවා නෙව. මට කියන්න තියෙන්නේ ඔය මොකා දත කෑවත් මාතලං ගේ වල්ගෙවත් උන්ට අල්ලන්න බැරි බවයි..

    ReplyDelete
  13. කොටින්ම කිව්වොත් මම අනොලට විරුද්ධයි. හැබැයි මට කල්පනා වෙන්නේ දැන් මෙතන ඉන්න හොඳ අනොලගේ අදහස් අපිට හම්බ වෙන්නේ නැති එක ගැන මේ දෙකයි පනහයේ බලුකිරි කාරයෝ නිසා.

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ ඇනෝලට විරුද්ද උඹලයි ගොන්පාර්ට් ගෙඩිපිටින් මාට්ටු කරල දෙන නිසා ද???

      Delete
  14. ඇනෝනලා කෙලින්ම නෝනලා වගේ ජාතියක්

    ReplyDelete
  15. හපෝයි දෙයියනේ.......

    ReplyDelete
  16. මේ දවස්වල සිංහල බ්ලොග් ලොවේ වැඩියෙන්ම කතා බහ වන ගැටළු වලට ඔබ පිළිතුරු දන්නවාද?
    1)අභීත ඉන්දිකගේ නය සල්ලි දුන්නාද?
    2)මාරයා ඇත්තටම ඩොක්ට නලිනිව කසාද බැන්දාද?

    ReplyDelete
    Replies
    1. 01 ඉන්දික අභිතට සල්ලි දුන්නේ බ්ලොග් පොස්ට් එකක් දාල බ්ලොග් අවකාශේ දැනුවත් කරල ද??
      02 ගෑනියෙක් මිනිහෙක් කසාද බඳින එක මැජික් ද???

      Delete
  17. ඇනෝ ගැන කීවොත් කුණුහරුප සහ පුදගල අපහාසයන් නැතිව කොමෙන්ට් කරනවා නම් ඕන එකෙකුට කොමෙන්ට් කරන්න දෙන්න ඕනෙ. බ්ලොග් ලියන උන් කල්ලි ගැසුණොත් බ්ලොග්වලටත් අබ සරණං තමයි.

    ReplyDelete
  18. මගේ බ්ලොග් පෝස්ට් වලට ඇනෝලාගෙන් එහෙමට හිරිහැරයක් නැති වුනත් (ඊයෙ පෙරේදා කුනුහරප වගයක් ලියල තිබුන නිසා මමත් පටන්ගත්තා මොඩරේට් කරන්න.)මේ සමහර ඇනෝලා මම කියවන සමහර බ්ලොග් වලට දාන කමෙන්ට් දැක්කම මටත් තද වෙනවා.

    බ්ලොග් කියන්නේ නිකම්ම නිකම් කුරුටු ගෑමක් විතරක් කියල හිතුවත්, පිසුණා වාචා වේරමණී කියල එකක් තියනවනෙ. බ්ලොග් හරහා පහුගිය කාලයේ සිදු වී තිබෙන සමාජ මෙහෙවර කාබාසිනියා කරන්න තමයි සමහර ඇනෝල කටයුතු කරන්නෙ.

    අකමැත්තෙන් වුනත් කමෙන්ට් මොඩරේට් කරනවා ඇරෙන්න වෙන විසඳුමක් නැහැ. ඒත් ඒක හරිම කරදරයක්. ලේසිම වැඩේ ඇනෝ වාරණයයි. ඒ ගැන කණගාටුයි.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් හරහා සමාජ මෙහෙවර වල්??? අනේ එකක් දෙකක් කියපන්කො බලන්න...

      Delete
  19. දැන් බ්ලොග් අවකාශයේ ඇනෝ සයිට් සහ ඇනෝ ප්‍රහාර වැඩිවෙලා,

    මාතලන්ගේ බ්ලොග් පොස්ට් ඒකට දාපු කමෙන්ට් එකම මෙතනටත් අදාලා වෙන නිසා ඔන්න එක මෙතනත් මම දානවා ,

    ඇනෝ කමෙන්ට් තියෙන්නත් ඕනේ. සමහර පොස්ට් වලට තමන්ගේ ප්‍රොපයිල් එකෙන් ඇවිත් අදහස් දක්වන්න අපහසුනම් (ලැජ්ජාවක් හො පෞද්ගලික හේතුවක් මත ) එහෙම අයට ඇනොනිමස් පහසුකම වටිනවා අදහස් දක්වන්න, හරිනම් වෙන්න ඕනෙත් ඒකයි , ඒත් දැන් ගොඩක් අය ඇනෝ යොදාගන්නේ තමන්ගේ අශිෂ්ට ගතිය ප්‍රදර්ශනය කරන්නනේ. දිහින් දිගටම එහෙම වෙනවනම් ඇනෝ නවත්තන්න වෙනවා , ඒ විදිහේ වැඩ කරන්නේ කොන්ද පන නැති ඈයෝ නෙවැ, මම නම් ඇනෝ කමෙන්ට් දාන්න කැමති නැහැ, ඒක නිකන් ලජ්ජා නැති වැඩක් වගේ හිතෙනවා ප්‍රොපයිල් එකෙන් අදහස් දක්වන්න බැරි පොස්ට් එකක්නම් කිසිම කමෙන්ට් එකක් නොදා වෙන එකක් කියවන්න යනවා අනන්‍යතාවයක් නැති ඇනෝ කමෙන්ට් එකකට වඩා මුකුත් නොදා ඉන්න එක නම්බුකාරයි .

    ReplyDelete
  20. මේ කොම්මෙන්ට් එකත් බලලාම කට්ටිය තීරණය කොරන්ඩ.
    http://upashantha.blogspot.ae/2013/03/blog-post.html?showComment=1363162445361#c1252495704711440790

    ReplyDelete
  21. මේ කොම්මෙන්ට් එකත් බලලාම කට්ටිය තීරණය කොරන්ඩ.
    http://upashantha.blogspot.ae/2013/03/blog-post.html?showComment=1363162445361#c1252495704711440790

    ReplyDelete
  22. අපි වගේ ඇනෝලා නිසා තමා උඹලා කාගේ කාගෙත් හොර එලි වෙන්නේ.

    ReplyDelete
  23. Looks like Abeetha from boys college

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...