Meemure Jungle Resort

Saturday, November 30, 2013

ඔබේ බිරිඳත් ඔබ බොනවට අකමැතිද? මෙන්න මෙහෙම වෙලා තියෙනවද?



මේකට තියෙන්නේ ඉතා සරල උත්තරයක්.. 

කොයි බිරිඳද තමන්ගේ මිනිහා බොනවට කැමති.. 

ඉතින් බීලා ආපු දවසට ගෙදර තියෙන අඬහැරවල නිමක් නෑ ගොඩාක් ස්වාමිපුරුශයන්ට.. ගොඩාක් ස්වාමි පුරුෂයෝ බිරිඳගේ චුරු චුරුව අහන්න බැරි නිසාම කසාඳ බැන්ද ගමන් බීම නවත්තනවා... ඇයි බොන එක නැවැත්තුවේ කියලා බිරිඳ අහපුහාම...

 "ඔයාට තියෙන ආදරේට අනේ මම බොන එක නැවැත්තුවේ.." 

කියලා තව ලකුණකුත් දාගන්නවා.. ඔන්න ඔහොමයි රටේ තත්වේ... බීපු ස්වාමි පුරුශයොයි නොබීපු බිරිඳයි අතර ඇති වෙන නොහොඳ නෝක්කඩු ගොඩාක් සාමන්‍ය සිදුවීමක්.. ඔය දේ මටත් පොදුයි.. ඒත් මම ඉතා කලාතුරකින් මත්පැන් පානය කරන ගොඩට අයිති වෙන නිසා, එච්චර නෙවෙයි කොහොමත් අවුලක් වෙලා නෑ තවම...   

අද ඉතින් කියන්න යන්නේ ඒ වගේ සිදුවීම් කිහිපයක්.. අද මේ කතාවේ ප්‍රධාන චරිත තුන හමුවෙලා සොඳුරු මොහොතක් ගත කල නිසා මේ අතීත සිද්ධි මතක් උනා.. වටේ නොයා පඳුරු නොතලා කථාවට යමු නේද?

ධනායි මායි සමුද්‍රයි කියන්නේ පාසැල් කාලයේ ඉඳලම යාළුවෝ.. එක ශිෂ්‍ය නායක මණ්ඩලයේ සිටීම නිසා ඒ බැඳීම දෙගුන තෙගුන වුනා.. ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෝ වෙද්දි, ධනෙයා ප්‍රධාන ශිෂ්‍ය නායකයා වුනා.. ඉතින් ඌ යටතේ අපිත් වැඩ කරගෙන ගියා.. මේ ටික සහ ඉදිරියේ ටික මම කියන්නේ අපි තුන්දෙනා ගැන කියවන ඔයාලට වටහා ගැනීම පිණිස.. ධනෙයා අපි ගන්න ආතල්ම ගත්තේ හරිම මොලේ ඇති විදිහට.. ඌත් කරන්න තියෙන ඔක්කොම නොසන්ඩාලකම් ටික කලා.. ඒත් කවදාවත් මාට්ටු වුනේ නෑ.. සමුවයි මමයි එහෙම නෑ.. උපරිම ආතල් අරගෙන හත්පොලේ ගා ගෙන තමයි වැඩ කලේ.. මොනව වුනත්, වෙන්න තිබ්බත් අපිට ඒකේ වගක් තිබ්බේ නෑ.. අද ධනෙයා රජයේ ප්‍රධාන බැංකුවක නීතිමය පැත්තේ ටිකක් තදයෙක්.. සමුද්‍ර පුද්ගලික ආයතනයක විධායක නිළධාරියෙක්.. මම ගැන ඉතින් ඔයාල දන්නවනේ.. පාසැල් ජීවිතෙන් පස්සේ අපි තුන් දෙනාම එක බෝඩිමේ හිටියේ.. එකම කාලෙක විවාහ උනේ.. ඒත් අද මුණ ගැහුනේ අවුරුදු 2කට විතර පස්සේ.. හරි දැන් කථාව..

අපි තුන් දෙනා එකට ඉන්නකොට පොඩි මධුවිතකින් දෙතොල තෙමන්න අපි අමතක කලේ නෑ.. විවාහයෙන් පස්සේ උනත් අපි ඒ පුරුද්ද අත ඇරියේ නෑ..    මමයි රන්ජුයි විවාහයෙන් පස්සේ පුංචි ඇනෙක්ස් එකක පදිංචි වුනා.. මට කලින් ධනෙයා විවාහ වෙලා හිටියේ.. ඉතින් මමයි රංජුයි කතා වුනා මුන් ටිකට පොඩි සාදයක් පවත්වන්න අපේ ඇනෙක්ස් එකේ.. සාදයට පස් දෙනයි.. කෑම බීම අපිත් ගොඩාක් ගෙනත් තිබ්බා.. මුන් තුන් දෙනත් තව ගෙනත් තිබ්බා.. ඊට අමතරව මුන්  දෙන්නා අපි ප්‍රියකරනම වර්ගයේ මත් පැන් බෝතලේකුත් අරගෙන ආවා.. එයාලට බැරි වෙලාවත් බැරි වුනොත් කියලා, මමත් ඒ වර්ගෙන්ම භාගයක් ගෙනත් තිබ්බේ.. දැන් සාදය යනවා.. නොයෙකුත් විහිළු තහළු, අනාගත ජීවිත සැලසුම්, මඩ ගහ ගැනීම් ආදී විවිධ මාතෘකා ඔස්සේ කථාව යද්දි කෑම වර්ගත් එක එක මේසෙට ආවා.. නිසි වෙලාව එද්දි අර බෝතලෙත් ආව අනෙක් විච්චූරණ ටිකත් එක්ක... ධනෙයගේ බිරිඳගේ මූණ ඇබුල් වුනත් අපට විරුද්ධ වෙලා තේරුමක් නැති නිසා කට පියාගෙන හිටියා ඔන්න ඔහේ... බෝතලේ භාගේ සීමාව පනිද්දි ඔන්න ධනෙයගේ බිරිඳගේ කමෙන්ට් ටික ටික මතු වෙනවා...

මේ ඇති නේද දැන් බීවා....

දැන් නම් මෙයාලට හොඳටම වෙරි වගේ.. නේද රංජුලා...

ඔහොම බොන්න එපා මනුස්සයෝ...

අපි තුන් දෙනාගේ කටවලුත් ටිකක් හොඳ නිසා උන්ඩ ටික වලකාගෙන බෝතලේම හිස් වුනා... මේ ඊට පස්සේ අපේ වචන...

අභියා.. මදි වගේ නේද?

තව භාගයක් නම් තියෙනවා.. ඔන්න ඔහෙ එකත් ගහමුද?

අනේ ගෙනෙන් බන්.. මොකෝ අපි හැමදාම බොනවයැ..?

හිටහන් මන් අරන් එන්නම්..

ඒ එක්කම ධනෙයගේ බිරිඳගේ කට...

මේ බීවා ඇති දැන් ඔයාලා...

මොකටද ඔහොම බොන්නේ...

ඔය බීපු ටික ඇතිනේ....

වැඩේ ටිකක් නැගලා යනවා... මම කොහොම හරි භාගේ ගෙනත් තිබ්බා මේසේ උඩින්... තිබ්බ ගමන් ධනෙයගේ බිරිඳ ඒක උදුරගෙන දිව්ව කුස්සියට...

අපි ඉතින් සීරියස් ගත්තෙ නෑ... 

ඒත් පරක්කුයි කියලා දැනෙද්දි අපිත් දිව්ව මොකද මේ කරන්නේ බලන්න.. අපේ පපුව සීතල වෙලා ගියා දැක්ක දසුනට.. අනේ අර භාගේ හච හච ගාලා මෙයා සින්ක් එකට හලනවා... අයියෝ සල්ලි කියලා හිතුනා.. ඒ වෙලාවේ නිකන් දුකයි වගේ දැනුනත් මදි නොවුන නිසයි හලපු එකත් සාධාරන නිසත් අපි ඒක විහිලුවෙන්ම අමතක කරලා දැම්මා..

අද මුණ ගැහුනම ධනෙයා අළුත් ආරන්චියක් කීවා..

මම බොන එක නැවැත්තුවා මචන්... දැන් අවුරුද්දක් විතර ඇති..

මගෙයි සමුවගෙයි දෙන්නගෙම කටින් එක පාරටම පැන්නේ එකම වාක්‍යයක්..

ඔව් ඉතින් සල්ලි දීලා ගෙනත් සින්ක් එකට හලනවට වඩා ඒක හොඳයි මචන්...

ධනෙයගේ බිරින්ඳගේ මූන ලැජ්ජවෙන් පිරෙනවා මම ඇහේ කොනින් දැක්කා...

දෙවෙනි කථාවට ඉඩ මදි වගේ... ඒක දාන්නම් පස්සේ.. තව දවස් දෙකක් දෙන්නකො....

ප.ලි. :ඔය උඩ පින්තූරේ තියෙන්නේ අපි ඒ කාලෙ ආසම බ්‍රෑන්ඩ් එක තමයි...

Wednesday, November 27, 2013

මොන මගුලකටද බන් මේ සයිබර් ගෙට් ටුගෙදර්......

ඡායාරූප අයිතිය වැපා සතු වන අතර නිර්මාණීය අයිතිය රන්දිකා සතුය...
දැන් මේ බ්ලොග් අවකාශෙ ඇතිවෙලා තියෙන අළුත්ම හා හූව තමයි ඊලඟ 21 වෙනිදා තියෙන බ්ලොග් සුහද හමුව.. මටත් කීප දෙනෙක් කථා කලා... ඒත් සති අන්ත ගොඩාක් ගෙවෙන්නේ මීමුරේ නිසා තවමත් සැකයි එන්න පුළුවන්ද බැරි වෙයිද කියලා.. මම අද කියන්න කතා කලේ ඇයි මේ ගෙට් ටුගෙදට් සංවිධානය කරන්නේ කියලා.. මෙලෝ වැඩකට නැති වැඩක් මේක... මොන කරුමෙකට මේවා සංවිධානය කරනවද මන්දා.. කාලා බීලා ජොලි කරලා නටලා ගෙදර ගිහින් ෆොටෝ ටිකක් දාලා.. අනේ මන්දා ඉතුරු ටික නම් ඉතින්... 

මතකද මේ බ්ලොග් සෙට් වීම් වල සුල මුල...

මේ තියෙන්නේ ඒ ඡායාරූප....

මේ තියෙන්නේ පළවෙනියටම මම සෙට් වුන බ්ලොග් කට්ටිය... මේ 2010 සැප්තැම්බර් මාසේ පොත් ප්‍රදර්ශනේ...

මෙන්න පින්තූර ටික... පේන්නේ නැති අය වැප් නිශාන්ත මල්ලිට මිතුරු ඉල්ලීමක් කරන්න....

මේ තියෙන්නේ දෙවෙනි එක... වැද්දයි වැද්දියි කොළඹ ආපු එක අපි සැමරුවේ මෙන්න මෙහෙම.... 

මෙතන තියෙනවා ඔන්න පින්තූර ටික....

මේ තියෙන්නේ පළවෙනි සුහඳ හමුව... මෙතනත් ඉන්නෙත් බ්ලොග් කියන කන්සෙප්ට් එක කණපිට හරවපු සෙට් එකක්.. මේ තැන නම් හොඳට හුරු පුරුදු තැනක් මගේ හිතේ...

මෙන්න ඒකේ පින්තූර ටික...

මේ ගෙට් වල අවසන් ප්‍රතිපලය උනේ වයික්න් බස් එකක් පුරෝලා 15ක් විතර ට්‍රිප් එකක් ගිය එකයි.. මට දත් දොස්තර කියලා කාඩ් එකක් වැදිච්ච එකයි.. මේ තියෙන්නේ ඒ සොඳුරු ගමනේ පින්තූර..

මෙතනින් බලන්න..

ඊට පස්සේ ඉතින් සයිබර් ෆෙස්ටිවල්.. විවිධ හමුවීම් ආවනේ ඔයාල දන්න.. ඒවා මම මෙතන කියලා වැඩක් නෑනේ...

එහෙනම්.. කට්ටිය සෙට් වෙන්න 21 වෙනිදට.. වැඩි විස්තර සංවිධායකයන්ගෙන් අහගන්න... මමත් ඉඩක් ලැබුනොත් අනිවාර්යයෙන් එනවා...

එහෙනම් ජය වේවා කිව්වා... මොනවා වුනත් සයිබර් හමුවීම් හරිම සුන්දරයි....

Monday, November 25, 2013

ඉස්කෝලෙදි බත් එක කාපු හැටි මතක අය ඉන්නවද?


මට මේක ලියන්න මතක් වුනේ හර්ශන මල්ලිගේ පෝස්ට් එකක් කියවමින් ඉද්දි... පාසැල් කාලය ගැන මම ගොඩාක් ලිව්වත් අමතක වෙලා තිබ්බ එක සීරීස් එකක් තමයි අපි ඉස්කෝලෙදි බත් කාපු හැටි.. කියවන හැම කෙනාටම පොදු හින්දද කොහෙද මේක ගැන ලියවෙලාම නැති තරම්.. ඒත් මේක හරිම සුන්දර මාතෘකාවක්.. බත් පතට පොර කාපු නැති කවුරුත් බ්ලොග් අවකාශෙ ඉන්නවද කියලත් මට සැකයි...

එක වසරෙ ඉදන් පහ වසරට එනකන් මේ මාතෘකාවෙදි අපි හරිම විනීතයි.. අම්මලා ගෙදරින් ගෙනත් දෙන බත් පැකට් එක කාලා ඒක අයෙත් ඔතාගෙන ගෙදර ගියා.. පහ වසරෙන් පස්සෙ බාලදක්ෂ, පැසි පන්දු වගේ ඒවා නිසා ටිකක් අසංවර වුනාට ලොකු බලපෑමක් උනේ නෑ.. 9 හා 10 වසරට එද්දි මතකද අපි පන්තියේ අනිත් උන්ගේ කෑම එකට එබුනා අපි කන්න කැමති කෑම තියෙනවද බලන්න.. හාල් මැස්සෝ කන්න කොච්චර කැමති වුනාද කියනවානම් මට හාල් මැස්සා කියලා කාඩ් එකකුත් වැටුනා ඒ කාලේ.. අන්තිමට මොකෙක් හරි හාල්මැස්සෝ ගෙනාවොත් මට ගෙනත් දෙන ප්‍රවනාතාවකුත් ඇති වුනා.. අප්ප.. 11 වසර.. ඒ ගැනනම් කතා කරලා වැඩක් නෑ.. තත්ත්වේ වඩා බර පතල වුනේ උසස් පෙළදි.. කතා එනවා මතකෙට හෝ ගාලා.. ඒකෙන් කිහිපයක් තෝරා ගන්න එක තරම් අමාරු වැඩක්.. මතකෙට එන පිළිවෙලට ඔන්න ලියනවා ඔන මල ඉලව්වක් කියලා...

ඉස්සර, ඒ කියන්නේ 10,11 වසරෙදි මගේ බත් එක පන්තියේ තිබ්බ හොඳමබත් කිහිපයට අයත් වෙච්ච එකක්.. බාලදක්ශ කාමරයට, ශිෂ්‍ය භට කාමරයට ගිහින් එන පමාවට ඒක අතුරුදන් වෙලා තිබ්බා.. හප්පා.. බත් එක නෑ කියලා දැනෙනකොට පනින මල ගැන නම් කියලා වැඩක් නෑ.. අම්මත් ඉස්කෝලෙම හිටපු නිසා වැඩි කල් නොගොස්ම විකල්පයක් හොයා ගත්තා,, ඉන්ටවල් එකට ගිහින් අම්මගෙන් බත් එක අරන් ඇවිත් කනවා.. එතකොට බත් එක ආරක්ෂා වෙනවනේ.. දවසක් ඉන්ටවල් දෙනකොට මම බාලදක්ෂ කාමරේ.. එතන ඉඳන් ගුරු විවේකාගාරෙට එන්න මට පොඩි වෙලාවක් ගත වුනා.. මේ මමයි අම්මයි අතරේ වුන දෙබස..

මැඩම්.. බත් එක... (ඉස්කෝලෙදි මම අම්මට කතා කලේ මැඩම් කියලා.. )

එක අරන් ගියානේ කමල්..

ඈ.....?

ඔයා ස්කවුට් රූම් එකේ ඉන්නව කියලා බත් එක අරන් එන්න කියලා කිව්ව

දැන් ඉතින් මොකේදැයි දන්වලදන්නේ.. අරූව පාවලා දෙන්නත් බෑනේ..

අහ්.. මට අමතක වුනා මැඩම්.. මම එතනට ගිහින් බලන්නම්...

මම කෙලින්ම ගියේ පන්තියට.. ඔය කට්ටිය වට වෙලා දෙන්නේ අපූරුවට.. මම පන්තියෙන් ඇතුලට යනවා දැක්ක ගමන් අවදි වුනේ කමල් ගේ කට..

මචන්, උඹ පරක්කු වෙන නිසා මම ගිහින් උඹලගේ අම්මගෙන් කෑම එක අරන් ආවා.. උඹටත් ඕනනම් ඉක්මනට වරෙන්.. තව එක කටක් ඉතුරුයි..

අනේ උඹේ.. $%^#&##***#... මම ආපහු හැරිලා කැන්ටින් එකට ගියා..

මහේශ්.. (ලොම්බා..) අපේ උසස්පෙළ පන්තියේ හිටපු සිරාම චරිතයක්.. ඒ ලෙවල් කරද්දි අපි බත් ගෙනාවෙම නෑ.. ඒත් මූ විතරක් ගේනවා.. මූට බත් එක පරිස්සම් කරන්න වෙන්නේ ඉතාමත් කලාතුරකින් දවසක.. හැබැයි අනිවා බිත්තරයක් තියෙනවා.. මේකට විසදුමක් නැති තැන මූ පොඩි බෑග් එකක දාගෙන ඌ යන යන තැන අරන් යනවා.. කන වෙලාව වෙද්දි කොල්ලෝ ටික උගේ පස්සෙන් කඨින පෙරහැර වගේ.. දැන් මේකත් මූට අරිම වදයක්.. බත් එක දිග ඇරපු ගමන් අත් දහයක් විතර එනවා.. කලින්ම අත දාපු එකා බිත්තරේටමයි ශොට් එක දෙන්නේ..

මේකට පිළියමක් විදිහට මූ කලේ බත් එක ඇරපු ගමන් බිත්තරේ අරගෙන කට ඇතුලට දාලා ආපහු එළියෙන් තියන එක.. එකෙක්වත් බිත්තරේට අත දාන්නේ නෑ.. අපේ උන්ට ඉතින් මලේ උපරිම ඒ වෙලාවට...

එදත් සුපුරුදු පරිදි ලොම්බා බිත්තරේ කටේ දාලා ආපහු තිබ්බා.... මලේ උපරිම හිටපු කෝට්ටයා කලේ ඒ බිත්තරේ අරගෙන ඌත් කටේ දාලා පැත්තකින් තියපු එක...

ඔන්න ඕකෙන් පස්සෙ තමයි අපේ පන්තියේ තිබ්බ අන්තිම කෑම පර්සලෙත් අපට අහිමි වුනේ...

ප.ලි. මට හිතෙන්නේ මේ කෑම පිළිබඳ අත්දැකීම් බොහොම දෙනෙකුට ඇති... කමෙන්ට් වැටෙයි මම හිතන්නේ ඒ ගැන කියලා...

ප.ප.ලි : ඇනෝ ඩිසේබල් කලා.. දැන් ගහපල්ලකෝ පිනුම්..... :D :D :D

Friday, November 22, 2013

නමේ හැටියටද වැඩ.. අපරාදේ බුද්ධ කාලේ ඉඳන් පැවතගෙන එන ශ්‍රේෂ්ඨ චරිතේ....

ජීවිතේ හරිම පුදුමාකරයි... ඒක විශ්මයජනකයි... ගොඩාක් වෙලාවට අපි අතින් ගොඩාක් වැරදි වෙනවා.. ඊට වඩා අපි අතින් හොඳ දේවල් වෙනවා... ඒත් නරක හොඳ වලට වඩා ඉස්මතු කරලා ගන්නවා අපේම යාළුවෝ වෙලා හිටපු අය... මම අද කියන්න හදන්නේ කතා තුනක්.. හිනා වෙන්න නොවුනත් මේ කතාව තමයි මට ජීවිතේ ගොඩක් පාඩම් උගන්නපු කථාව... අද දවසේ උදේම මම අහපු කතාවකින් මගේ සිතේ විශ්මයක් ඇති උනා කිව්වොත් තමයි හරි... මේ තියෙන්නේ ප්‍රසිද්ධ බ්ලොග් කාරයෙක් එක්ක අද උදේ ඇති වුන දුරකථන සංවාදය

මචන්.. ගුඩ් මෝනින්ග්...

ගුඩ් මෝනින්ග් පුතා..

උඹ දැක්කද ****ගේ ස්ටේටස්...

නෑ.. ඌ මාව බ්ලොක් කරලා.. ඌ වැඩක් නෑනේ බන් මටත්.. 

උඹ ගාව කවුරුහරි බ්ලොග් ලියන එකෙක් වැඩද?

ඔව්.. **** මල්ලි මම ලඟ වැඩ...

ආ.. ඒක තමයි.. ඌ මෙහෙම ස්ටෙටස් එකක් දාලා...

අනේ බන්.. මම දෙන පඩිය ඌට දෙන්න පුලුවන්නම් ඌට අපි ඌ ලඟට ගන්න කියමු...

මෙන්න මෙහෙමයි මිනිස්සු හැසිරෙන්නේ... බ්ලොග් කාරයෝ කීප දෙනෙක් එකතු වෙලා මාව මේකෙන් එලියට දාන්න හදනවා... ඇනෝ ඇවිත් උඩ පැන පැන නටන්න හදනවා.. නමුත් බහුතරයක් බ්ලොග් කරුවෝ මම කවුද කියලා දැනගෙන මාත් එක්ක එදා වගේම ඉන්නවා.. ඒත් අවුල තියෙන්නේ පරන කුණු ගොඩවල් අවුස්සලා හීනි ආතල් ගන්න තරම් පටු ආකල්ප වලින් හෙබි මිනිස්සු මමත් විනශ කරගෙන මමත් එක්ක ඉන්න අනිත් උනුත් විනාශ කරගෙන යන්නයි හදන්නේ... ඒත් එයාල දන්නේ නෑ තමන් හෙන පොරක් වගේ ලොකු ටෝක්ස් දුන්නට ඒ ටෝක් වලින් අදාල උන්ගෙ මයිලකටවත් දනෙන්නේ නෑ කියන එක..

මම ඒත් මේකට හේතුව කල්පනා කලා කාලයක් තිස්සේ.. පහුගිය දවසක එකම පොලීසියේ හතර දෙනෙක් අත් අඩංගුවට ගත්ත කතාවේ ඇතුල හොයන්න ගියාම මගෙ ඔලුවට ආවා යම් පමණකින් ඇයි මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ කියලා.. ඉන්න මම කථාවකින්ම පැහැදිලි කරන්නම්.. වඩා පැහැදිලි කරන්න බ්ලොග් කියන වචනෙත් සම්භන්ධ කරගන්නම්...

ඔන්න එක මනුස්සයෙක් ඉන්නවා නිකම් එදා වේල ටුවර්ස් රස්සාවක් කරගෙන.. කොහෙන් හරි ලැප් එකකුයි ඩොන්ගල් එකකුයි අරගෙන බ්ලොග් එකකුත් ලියනවා.. සිංහල බ්ලොග් එකක්ම කියමුකො.. මේක කියවන බ්ලොග් රසිකයෝ ඔහු පස්සෙන් වැටෙනවා.. අනේ අයියේ කියාගෙන ඉතින් මිනිහා පස්සෙන් සෙනගක් එකතු වෙනවා... දැන් මූට මැජික්...  එදා මෙදා තුර අත්දැක නැති සමාජ තත්වය බ්ලොග් හරහා ගොඩ නැගෙනවා.. ඊට පස්සේ තමන්ට විතරක් අනන්‍ය ක්ශේෂ්ත්‍රයක් හරහා මිනිහා තවත් මේ රසිකාවියො වට කරගෙන දැන් පොරක් වෙනවා.. අර සමහරු මට කියනවා වගේම බ්ලොග් හරහා ලිංගික වාසි, හිත මිතුරන්, විදේශීය මිතුරන් සුරුට්ටුවේ ඉඳන් තෑගි බෝග මේ නොයෙක් දේවල් වරප්‍රසාද හැටියට මනුස්සයාට ලැබෙනවා.. ඒවා නොපෙනෙන්න වැහෙන්න අනිත් උන්ගේ පොඩි සිද්ධි අල්ලගෙන උන් එහෙම කරනවා කිය කිය චෝදනා කර කර උන්ව හොරු කරනවා.. ඒ අතරේ පොර හින්දා අදාල ක්ශේශ්ත්‍රයේ කාන්තාවන් අතර ගැටුම් හට ගන්නවා.. ඔහු වෙනුවෙන් වලි දාගන්නවා... මේ තත්ත්වය ඔහුව මුසපත් කරන්නට සමත් වෙනවා.. අවසානයේ හොඳ වෘත්තියක් කරන කෙනෙකුගේ පිහිටෙන් ඔහු වෘත්තිමය ජීවිතයක ඉදිරිය පිළිබඳවත් සාර්ථකත්වක් තියන්න සූදානම් වෙනවා... දැන් මනුස්සයාට හිතෙන්නේ තමන් බ්ලොග් ලෝකේ "පොරක්",, ඉතින් මේ හැම දෙයක්ම ඔහු නිසා වෙනවානම් ඔහු අවංකවම "පොරක්" විය යුතුයි... ඔහුගේ අතීතය කෙසේ උවත් ඔහු ඉතා හොඳ වෘත්තීය මට්ටමකට පැමිනීම නිසා ඔහු ඇත්තට "පොරක්" ලෙස හැඳින්විය යුතුමයි...

නමුත් ගැටළුව තියෙන්නේ "ඔහු ඒ පොරත්වය පවත්වාගෙන යන ආකාරයයි...." එය නිසි මනසින් පවත්ගන්නට බැරිව පිස්සු කෙලිනකොට ඔහුගේ හිතේ පැලපදියම් වෙච්ච පටු ආකල්ප ලෝකයාට පේන්න පටන් ගන්නවා... කොච්චර වෘත්තීය පැත්තට බර උනත්  මේ වගේ එක සිද්ධියකින් ඒ සියළු දේ වෙනස් වෙන්න පුළුවන්...

මෙන්න මේ සිද්ධිය මතකද ඔයාලට.. ජොනී විල්කින්සන් 2003 රග්බි අවසන් තරගයේ අවසන් මිනිත්තුවේ එල්ල කල ඩ්‍රොප් කික් එක..


මේ ලෝක කුසලානෙන් පස්සේ ජොනීගේ ජනප්‍රියත්වය ඉතා ඉහල ගියා.. ඒ ආපු හදිසි ජනප්‍රියත්වය ගැන එන්ගලන්ත පාපන්දු පිලේ නයකත්වය දරපු ඩේවිඩ් බෙකම් පැවසුවේ මෙහෙම දෙයක්..

"ජොනී කියන්නේ විශිෂ්ඨ ක්‍රීඩකයෙක්.. ඔහුගේ ජනප්‍රියත්වය ඔහුට හිමි ලැබිය යුතු දෙයක්.. නමුත් මේ ජනප්‍රියත්වය නිසි විදිහට පවත්වා ගන්න අපි ඔහු පුහුණු කල යුතුයි.. අපි ඔහුට උදව් කල යුතුයි" 

මේ රග්බි පාපන්දු වචනේ අයින් කරලා බ්ලොග් කියන වචනේ දාපුහාම මටත් ඒ වගේ පුද්ගලයෝ ගැන කියන්න තියෙන්නේ ඒ වගේ දෙයක්..

මම මීට කලිනුත් මෙන්න මේ ලිපියෙන් ඒ හා අදාල දෙයක් කිව්ව.. මම බලා පොරොත්තු වෙනවා මීට පස්සෙ මේ වගේ ලිපි නොලියන්න... මෙතනින් එහාට ඒ ගැන ලියනවනන් ඉතින් කියවන ඔබට පැහැදිලි වෙන්න ස්ක්‍රීන් ශොට් එහෙමත් දාලම ලියන්න වෙනවා... 

දැන් මම හොරෙක් අරකෙක් මේකෙක් කියන අය ඉන්නවනේ.. මම එහෙමමයි කියලත් කියමුකො, ඒත් ඒ කියන එයාලගේ නම බෝදිසත්වද, අජාසත්තතද, සුද්ධෝදනද එහෙමත් නැත්නම් මාරයාද කියන එක නෙවෙයි අදාල... නිකන් පජාත වැඩ කරන්න ගියාම බුද්ධ කාලේ ඉදන් එන ශ්‍රේශ්ඨ නමුත් පජාත වෙලා යනවා.... ඒක නිකන්  ඉඳිකට්ටකට යුද්ධ ටැන්කියක් කියනවා වගේ වැඩක්...

ප.ලි. පුද්ගල නාම, අපහාස සහ අසභ්‍ය වචන නැති කමෙන්ට් විතරක් පලවන බව සලකන්න..

Tuesday, November 19, 2013

බ්ලොග් එක පාලුවට යන එක වැලැක්වීම පිණිස....

ගොඩාක් අය ගොඩාක් කථා මම ගැන කියනවා... ඒකට දෙන්න තියෙන සරලම උත්තරය මට හම්බ වුනේ අද... නමින් කියන්න කොන්ද පණ නැති අය වගේම නමින් කියන අය කමෙන්ට් බොක්ස් එකේ ලියන සටහනුත් මම ඉතාම අගය කරනවා... ගොඩාක් අය මගෙන් ඇහුවා පහුගිය අවුරුද්ද පුරාම මිනිස්සු මෙච්චර අනන් මනන් කියද්දි උඹ කොහොමද උඹට නෙවේ වගේ ඉන්නේ කියලා... මේ තියෙන්නේ උත්තරේ,,,




ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්.. නමුත් අපි යන්නේ අපේ ගමන... ඒක එච්චරයි....