Sunday, January 19, 2014

නිසංසල තැනක්.. වෙනස් අත්දැකීමක්.. එන්න විඳලා බලන්න...

හැමදාම හිනා යන කථාම ලියන්න ඕන නෑනේ.. ඇනෝ නැතිව කෑමත් නෑ වගේ නිසා ඔන්න ආයෙත් ඇනෝ ඇරියා.... අද ලියන්න යන්නේ මගේ අභිවෘද්ධිය පිණිස ලියැවෙන පෝස්ට් එකක්.. ඔයාල හැමෝම කැමතිනේ විනෝද චාරිකා යන්න.. මම අද කියන්න හදන්නේ වෙනස් සංචාරක අත්දැකීමක් ගැන... හැමෝම ලංකාව වටේ ගිහින් හෝටලයක නැවතිලා අසිරිය විඳලා එනවනේ.. මෙන්න ඒ වෙනස් අත්දැකීම ගැන, වටේ යන්නේ නැතිව කෙටියෙන්...

මේක ඇත්තටම මගේ සැබෑවෙච්ච හීනයක්... පොඩි කාලේ ඉඳලම බාලදක්ශ ව්‍යාපාරයේ හිටපු නිසාත් සංචාරක කර්මාන්තය වෘත්තියක් විදිහට කරන නිසාත් මගේ පොඩි හීනයක් තිබ්බා කාටවත් කරදරයක් නැතිව විනෝද වෙන්න පුළුවන් ටිකක් අමුතු විදිහේ තැනක් නිර්මාණය කරන එක ගැන... ඒක දැන් වෙලා ඉවරයි ඔන්න.. අපි මේ තැන ගැන කොනක ඉඳන් කතා කරමු...

ගම තමයි සුන්දර මී මුරේ ගම්මානය.. බටදඬු කැලේ එහෙම නැත්නම් නකල්ස් එහෙමත් නැත්නම් සුන්දර දුම්බර මිටියාවතේ තමයි මේ ගම්මානය තියෙන්නේ.. කොල පාටින් පිරිච්ච කඳුවලින් වටවුන පහත් බිමක තියෙන මේ ගම්මානය සුන්දරත්වයෙන් අති පොහොසත්.. නුවරින් තෙල්දෙනිය හරහා හුන්නස්ගිරිය නගරයට ඇවිත් එතනින් වමට හැරිලා කිලෝමීටර් 36ක් ගමන් කලාම තමයි මී මුරේ ගම්මානය මුණ ගැහෙන්නේ... මේ තියෙන්නේ ගමේ ඡායාරූප...











නවාතැන මෙන්න මෙහෙම තැනක්.. මේකේ තනිකරම තියෙන්නේ කූඩාරම්.. කූඩාරම සම්පූර්ණයෙන්ම මෙට්ට කොට්ට ඇඳ ඇතිරිලි වලින් සමවිතයි... ඔබේ අවශ්‍යථාවය අනුව දෙදෙනෙක්, සිව් දෙනෙක් සහ පස් දෙනෙක් ඉන්න පුළුවන් කූඩාරම් අපෙන් ඉල්ලුම් කරන්න පුළුවන්... අපි එය සූදානම් කරලා දෙනවා... ඒ වගේමයි මෙහි අලෝකකරණයත් ඉතාමත් සම්ප්‍රදායානූකූල විදිහට තමයි තියෙන්නේ.. අඩි පහක් විතර උස පන්දම් රාශියකින් සහ යෝධ ගිණිමැලයකින් කඳවුර රාත්‍රිය පුරා එලිය කරනවා.. කූඩාරම් වල පාවිච්චිය උදෙසා අපි එක කූඩාරමකට එක විදුලි පන්දම බැගින් ලබා දෙනවා.. මේ තියෙන්නේ ඒ කඳවුරු භූමිය පේන හැටි...



කෑම බීම නේ ඊලඟ ප්‍රශ්ණය... නගරයේදී ඔබට කෑමට දුර්ලභ ගමේ කෑම ජාති භුක්ති විඳින්න පුළුවන් තැනක් තමයි ඒ... මොනවද කියලා බලාගන්න වෙන්නෙ නම් එතනට ඇවිල්ලම තමයි... රාත්‍රියට විතරක් පොඩි වෙනසකට බටහිර පන්නයේ ආහාර වේලක් ඔබට ලැබේවි... හැබැයි මතක තියාගන්න.. මේ කෑම වලට කිසිදු රසායනික රස කාරකයක් අපි දාන්නේ නෑ.. නැවුම් ආහාර වල රසය නැවුම් රසයෙන්ම ඔබට විඳින්න පුළුවන් වේවි... මේ තියෙන්නේ ඡා‍යාරූප කිහිපයක්... බලන්නකෝ කොහොමද කියලා...



දැන් මීමුරේ ගිහින් අපි මොනවද කරන්නේ කියන ප්‍රශ්ණයනේ තියෙන්නේ.. ඔබට හිතේ හැටියට ඇවිදින්න පුළුවන්... දොල පහරේ එබිලා ඇති වෙනකන් නාන්න පුළුවන්.. ජංගම දුරකථන අන්තර්ජාල සංඥා නැති නිසා කිසි කෙනෙක් නෑ ඔබට බාධා කරන්න.. ඊට අමතරව අපිත් එක්ක කැලේ යන්න පුළුවන්.. දිය ඇලි බලන්න, ගල් ලෙන් බලන්න.. මේ වගේ නොයෙකුත් ක්‍රියා තියෙනවා කරන්න.. ත්‍රාසජනක ක්‍රියා වලට කැමතිනම් ඒවත් කරන්න පුළුවන්... ගල් මත ලිස්සා යන්න පුළුවන්.. ගැබුරු දිය වලවල් වලට පැනලා බලන්න පුළුවන්.. දිය ඇලි දිගේ ලිස්සා පහළට එන්න පුළුවන්.. මෙහෙම කිව්වට තේරෙනවා අඩුයිනේ.. මේ තියෙන්නේ ඡායාරූප කිහිපයක්...










ඕනනම් ඉතාම නැවුම් කිතුල් රා පොල්කට්ටක රස බලන්නත් පුළුවන් වේවි...


මේ තියෙන්නේ මගේ කඳවුරු බිමට ආපු මල්ලිලා වගයක් හදපු වීඩියෝ එක.. ඒකත් බලන්නකො...


දැන් ප්‍රශ්ණේ වියදම නේද.. අපි අවම 8 දෙනෙක් බලාපොරොත්තු වෙනවා එක කණ්ඩායමකට.. එක රාත්‍රියක් සහ දින දෙකක් සඳහා මේ සියළුම පහසුකම් එක්ක ඔබට වැයවෙන්නේ එක්කෙනෙකුට රුපියල් 3500.00ක් පමණයි.. රාත්‍රී දෙකක් සහ දින තුනක් සඳහා ඔබට වැය වෙන්නේ රුපියල් 4800.00ක් පමණයි..

ඊලගට ආරක්ෂාව.. අපි ඔබට හතර දෙනෙක් ගෙන් යුත් කාර්‍ය මණ්ඩලයක් ලබා දෙනවා.. ආරක්ශකයෙක්, කෝකියෙක්, ජීවිතාරක්ශකයෙක් සහ පහසුකම් සලසන්නෙක් විඳිහට.. මේ හතර දෙනා ඔබේ ආරක්ෂාව පිළිබඳව 100%ක් බලාගනීවි.. ඒ වගේමයි සනීපාරක්ෂක පහසුකම් සියල්ලත් අපි සලසලා තියෙන්නේ... අවුරුදු දෙකකට වැඩි ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් ඉන්න පුළුවන් වාතාවරණයක් අපි එතන නිර්මාණය කරලා අවසන්..

ඉතින් අපි ඔබේ පැමිණීම අපේක්ෂාවෙන් ඉන්නවා.. වෙන්කිරීම් කරන්න අවශ්‍ය දුරකතන අංක පහත පරිදියි... වැඩි විස්තර ඕනෑම එකක් සාකච්ඡා කර ගත හැකියි..

0714449162 සහ 0815678578 අභීත

ප.ලි. - ඡායාරූප වල අයිතිය එම හිමිකරුවන් සතුවන බව කාරුණිකව සලකන්න...

31 comments:

  1. වැඩේ නම් හොඳයි වගේ. කැම්පස් එකේ සෙට් එක එකතු කර ගත්තොත් මරු!

    ReplyDelete
    Replies
    1. මීමුරේ ගැන ආයි ඉතින් කියන්නන දෙයක් නැහැ! අපිත් ගිය අවුරුද්දේ ගිහින් කූඩාරම් අටෝගෙන නාලා කාලා හෙනම ආතල් එකක් ගත්තා... මේ වගේ පහසුකමක් තියෙන නිසා , දැන් ඕනි කෙනෙකුට යන්න පුළුවන් වෙයි... හොඳ වැඩක්!

      Delete
  2. යන තැන කක්කා කරලා එන ලංකාවෙ කාලකන්ණින්ගෙන් මේ පරිසරය අපවිත්‍ර වෙන එක, අරක්කු බෝතල් කුඩුකරලා එන එක වළක්වන්නත් වැඩපිළිවෙලක් ඇති කියලා හිතනවා. ඒ වගේම හොර බොරු නැති හොඳ ව්යාපාරික අනාගතයකට සුභ පතනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ ගැන කියන්න අමතක වුනා... ප්ලාස්ටික් පොලිතීන් භාවිතය අවමයි අපේ භූමියේ.. යන අයට අපි දාන කොන්දේසි හතරක් තියෙනවා... ඒවා මෙහෙමයි...

      1. ඕන තරම් විනෝද වෙන්න පුලුවන්.. කෑ ගහලා සින්දු කියන්න පුළුවන්.. නමුත් අසභ්‍ය වචන සපුරා තහනම්.

      2. ගම්වාසීන් ඔබත් සමඟ හිනා වෙන්නේ අව්‍යාජව.. ඒ සිනහව සමච්චලයට ලක් කරන්න ඔබට තහනම්..

      3. කඳවුරු භූමියේ සිතු සේ ඉන්න ඔබට පුලුවන්.. නමුත් ගමේ ඇවිදිද්දි සහ නෑමේදී ඔබ ඊට ගැලපෙන ඇඳුමකින් සැරසී සිටිය යුතුයි..

      4. ප්ලාස්ටික්, පොලිතීන්, හිස් වීදුරු බෝතල් එක තැනකට දමන්න.. අපි විසින් නිසි පරිදි අපහරණය කරන්නට වග බලා ගන්නවා..

      ස්තූතියි ඇනෝ, මේ ටික මතක් කලාට..

      Delete
    2. 1. යන අයට ආරම්භයෙදිම ලොකු පොලිතින් උර කිහිපයක් දෙන්න. දහනය වෙන අපද්‍රවය, ප්ලාස්ටික්, වීදුරු කටු වෙන වෙනම ඒවට දමන්න කියන්න. (යෝජනාවක් පමණි )

      2. නොඉඳුල් පරිසරයක් නිසා විශාල ශබ්ද නැගීමත් නොකරනවානම් තමයි හොඳ. කැලේ සත්තුත් නිදහසේ ඉන්න එපායැ.

      3. කෙනෙකුගෙ අව්යාජ සිනහව සමච්චලයට ලක්කිරීම තහනම් කිරීම නම් ගොඩක් හොඳයි.

      Delete
    3. ස්තූතියි ඇනෝ... මේ අදහස් තමයි මට ඉතාමත්ම වටින්නේ....

      Delete
  3. උඹ ලස්සනට ලියලා අපිව ගෙන්නගෙන පොකට් එකටත් කෙලලා..... අපේ ගෑනු ටිකටත් වැඩේ දීලා..... අපිටත් අරින්ඩ වගේ ප්ලෑන් එක....

    ReplyDelete
    Replies
    1. "උඹ ලස්සනට ලියලා" මේක විතරයි අදාල... ඒ කියන්නේ මම ලස්සනට ලියලා...

      Delete
    2. උඹ ඔය පොයින්ට් එක අල්ලනවා කියලා මම දන්නවා... උඹ මිනිස්සුන්ව අන්දන්නම ඉපදිච්ච එකෙක් නේ..... ඒක නිසා ලියවිල්ල ගැන කථා නෑ.....

      බලන එවුන්ට කියන්න තියෙන්නේ කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය කියලා තමා....

      Delete
    3. ඕක මචන් ලියන්නා කෙසේ ලීවත් කියවන්නා සිහි බුද්ධියෙන් තේරුම් ගත යුතුයි කියලා නිවැරදි වෙන්න ඕන...

      Delete
    4. adoooo maawa allaganna epaa owwata..mama ano enne nae..

      Delete
    5. adoo maawa alla ganna epaa owwata..

      Delete
  4. පට්ට..!!!
    අනිවා එන්න ඕන..

    ReplyDelete
  5. කණ්ඩායමක උපරිමය කී දෙනෙක් විය යුතුද? අවුට් බවුන්ඩ් ට්‍රේනින්ග් වගේ දෙයක් මෙතන කරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒ සඳහා සියළු පහසුකම් අපි මෙහි සලසලා තියෙනවා....

      සාමාන්‍ය කණ්ඩායමක් නම් උපරිමය 40ක් වූවාට කමක් නැහැ.. නමුත් බැහැරගත පුහුණු වැඩමුළුවක් සඳහා සහභාගී වෙනවානම් එය උපරිම 30 දෙනෙකුට සීමා විය යුතු වෙනවා..

      අපේ බැහැර ගත පුහුණු වැඩමුළුව එම ක්‍රියාකාරකම් සේම මෙඩිටේශන් සහ මියුසික් තෙරපි වැනි අංගයන්ද ඇතුලත්.. මුදල සාකච්ඡා කර ගත හැකියි ඔබේ අවශ්‍යතාවය පරිදි..

      Delete
  6. උබේ වැඩේට සුභ පතනවා,,ඒ වගේම ඔය පරිසරය ආරක්ශා කරපන් අභීතයියේ,,,අපේ මිනිස්සු මොන තරාතිරමක මිනිස්සු උනත් පරිසරය විනාශකරන එක පුරුද්දක් විදිහට කරනවා..

    ReplyDelete
    Replies
    1. අනිවා ඩිලා... අනික උඹ ලංකාවට ආපු ගමන් මම මීමුරේදි හමුවෙයි කියලා හිතනවා...

      Delete
  7. අගය කලයුතු වැඩක් මචෝ..කවදහරි එනවමයි..

    ReplyDelete
  8. ලංකාවේ හිටියනම් එනවා .. මම දන්නා අයට කියන්නම්.. අර ඩිලාන් කිව්වා වගේ ඔය පළාත රකින එක නම් ලොකු වගකීමක්. ඒක හරියට කලේ නැත්නම් ඉතින් සල්ලි කොච්චර ඕකෙන් හම්බ කලත් වැඩක් නෑ... එන අයගේ සහයට ඉන්න කීප දෙනාට හොඳට ඉගැන්නුවනම් හරි ඇවිල්ල පිස්සු කෙලින් උන්ට හොම්බට ඇනල හරි හරියට ඔතන ඉන්න උගන්නන්න.. ජය

    ReplyDelete
    Replies
    1. අනිවා පැතුම්.. එහෙම කරන අයට අපි විසින් හොම්බට දෙන්න දෙයක් නෑ.. ගමේ මිනිස්සු විසින්ම ඒක කරලා දෙනවා... අපිට තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි.. එක පාරක් එකෙක් ඇවිත් ඔය ලඟ බෝතලයක් කුඩු කරලා කට්ටෙන් කට්ට ඇහින්දෙව්වා ඌ ලව්වම...

      Delete
  9. අපිටත් කනක් ඇහෙන්න නැතුව දකින දකින සැරේට මීමුරේ වරෙන්, මීමුරේ වරෙන් කියලා කනක් ඇහෙන්න නැති නිසා අපිත් ඔන්න දවසක් ගියා මීමුරේ. අභියා කියන්නෙ සත පහකට සුවර් නැති කටේ දිවේ ගෑවෙන්නේ නැතුව බොරු කියන එකානේ. ඒ හින්දම අපි ගෑස් ලිපක්, හැලි වලන්, පැදුරු කඩමලු එහෙම දාගෙන ගියේ. මූ කියන කුඩාරම්, කෑම බීම මොනව නැති උනත් අපිට ගහක් යට ගලක් උඩ හරි නිදාගන්න පුලුවන්නේ කියල හිත හදාගෙන. හැබැයි අපිට හිතාගන්නත් බැරි උනා ගියාට පස්සේ. අභියා වචනෙන් කියපු දෙයක් හැබැහින් දකින්න පුලුවන් වුනා. කීවත් වගේ බොහොම සැහැල්ලු, නැවුම්, සුන්දර අත්දැකීම් ටිකක් ලැබුවා. හරියට මේ ඔහේ දුවන ජිවිතේ දවස් තුනක් තිස්සේ නැවැතුනා වගේ.

    යන අයට නම් කියන්න තියෙන්නේ ඒ සුන්දර පරිසරයටත්, ඒ පරිසරයට අයිති හැමදනාටමත් ගරු සරු ඇතුව ගන්න ආතල් එකක් අරගන්න කියලා.

    ReplyDelete
  10. Mee mure ayyagen pravesam wenu!

    ReplyDelete
  11. සුභ පැතුම් අභිත/පරිසරය රැපන්.මුලිකම දෙ එක.

    ReplyDelete
  12. කෑම බීම නං මාර රහයි බං.
    නාපු, වතුරට පැනපු, දිය ඇලි දිගේ ලිස්සල ගියපු පොට් ටික ලිවුවට කියවන එවුන්ට තේරෙයියැ. ගිහින්ම බලපල්ල කියල කියන්න තීන්නෙ.
    නිදාගන්නත් උඹේ කෑම්ප් සයිට් එක නං සුපිරි. ඔයේ සද්දෙත් එක්ක සුපිරියට නින්ද යනවා (උදේම නැගිට්ටන එක පැත්තකට දාමු ;) . උදේම නැගිට්ටෙ නැත්තං ලකේගලත් එක්ක සුන්දරම දර්ශන ටිකක් මිස් වෙනවා)
    උඹ පරිසරේ රකින්න ගන්න ක්‍රියාමාර්ග ටිකත් ඇහින්ම දැක්කනේ. ඒක නිසා පරිසරෙත් රැකගෙන වැඩේ කරනව කියල කියන්න පුලුවන්.
    මොනව උනත් වැඩේ නං සුපිරි. ජයවේවා!!

    ReplyDelete
  13. අනිවා මචං දවසක එනවා ළගදිම...

    ReplyDelete
  14. මගේ ගමන් බිමන් වලින් දවසක එන්න බලාපොරොත්තු වෙනවා..

    http://sulakkhana.blogspot.com/search/label/%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A

    ReplyDelete
  15. Ennama oni, family trip ekak aulak ne neda. me parisaraye swabawikathwaya parissam karagenama me wede karana eka tha hoda..

    ReplyDelete
  16. *** for your information
    menna mara seen akak

    අපට වාර්තාවන හැටියට මෙහි හිමිකරුවා කොට්‌ටාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අභීත නම් අන්වර්ථ නාමයෙන් ඔහු පෙනී සිටී. අප මීමුරෙන් එන ගමනේදී එවන් එක්‌ කඳවුරුකරුවකු කැමරාවට ග්‍රහණය කරගන්නටද අපට හැකිවිය. ඕනෑනම් උඩදුම්බර ප්‍රාදේශීය ලේකම්වරයාට, උඩදුම්බර පොලිසියට, පරිසර පොලිසියට හෝ වෙනත් කුමන හෝ බලවතකුට ඔහුගෙන් ප්‍රශ්න කළ හැකිය.

    http://www.divaina.com/2014/06/10/feature02.html

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...