Friday, February 7, 2014

නොදන්නා බ්ලොග් පාඨකය නුඹට ස්තූතියි....

මේ බ්ලොග් ජීවිතේ පෝස්ට් 251ක් පුරාවට මීට කලින් මම ස්තූති කලේ නම දන්න බ්ලොග් කරුවන්ට විතරයි.. එකම එක බ්ලොග් ලිපියක ඇනෝටත් ස්තූති කලා මතකයි.. ඇනෝ කිව්වට ඉතින් අපි හොඳින් දන්න අපේ වටේම ඉන්න අයනේ.. ඒක නිසා ඇනෝවරුන්ට ස්තූති කලාට අපේම අයට තමයි ස්තූති කරලා ඇත්තේ.. අද මේ හෘද්‍යාංගම ස්තූතිය පිරි නමන්නේ වෙනම කවුද කියලා හිතා ගන්නවත් බැරි මගේම ආදරණීය බ්ලොග් පාඨකයෙකුට.. කතාව මෙහෙමයි...


පහුගිය සතියක මම දැම්මනේ මගේ මීමුරේ කඳවුරු භූමිය ගැන බ්ලොග් ලිපියක් සියළු විස්තර ඇතිව.. එය අද වෙනකොට විශාල හිට් ගොඩක් කරා ගිහින් තියෙන්නේ.. ඊටත් වඩා කාරණය තමයි මේ බ්ලොග් එක කියවන කවුරු හෝ මේ ලිපිය කොපි කරලා මේල් බොඩි එකට පේස්ට් කරලා තමන් දන්න අඳුරන හැමෝටම යවලා තියෙනවා.. අන්තිමේ කොච්චර දුරක් ගියාද කියනවානම් මම ලඟට තුන් පාරක්ම ආවා.. ඒකෙන් වෙච්ච ප්‍රථිපල පහත පරිදියි.. මම ලොකු අමාරුවක වැටුනත් අනාගතය උදෙසා ඒක ලොකු ශක්තියක්.. ඒ නිසා නැවතත් කවුදැයි කියා නොදන්නා නුඹට මහ මෙරක් තරම් ස්තූතියි... අහ්.. ප්‍රථිපල කියන්න අමතක වෙනවා තව පොඩ්ඩෙන්...  

1. මීමුරේ කඳවුරු බිමකට සීමා වෙච්ච මට මී මුරේ කඳවුරු බිම් තුනක් ඉතා කඩිමුඩියේ සකසන්න සිදුවීම

2. මාර්තු අවසන් වන තෙක් මගේ ප්‍රධාන කඳවුරු භූමියේ සියළු සති අන්තයන් වෙන්වී අවසන් වීම

3. පෙබරවාරි 14,15,16 කියන දීර්ඝ සති අන්තයේ ප්‍රථම වතාවට කණ්ඩායම් පහක් හැසිරවිය යුතු වීම..

4. අප්‍රේල් මාසය පුරාවට දින 30ම තාවකාලික වෙන් කිරීම් වලින් දින පොත පිරී යාම..

මේ ආදී තවත් විස්තර තිබ්බත් මගේ බ්ලොග් ලිපිය යැවීම නිසා ඔබට පින් අත් වන ලොකුම ක්‍රියාවලිය මෙයයි..

අසරණ මීමුරේ ගම්වාසීන් 20 දෙනෙක් විතර එක දිගට මගේ කඳවුරු භූමියේ සේවයේ නිරත වෙලා ඉන්නවා.. ඔබ දුන්න ඒ හයිය නිසා අපි අපේ ප්‍රධාන කඳවුරු භූමිය ඉතා සුව පහසු කඳවුරු භූමියක් බවට දින 10ක් ඇතුලත පත් කලා.. ඒ මිනිසුන් ගන්න සතයක් ගානේ ඔබට අත් වෙන්නේ මහා කුසලයක් හිතවතාණණි..

එසේනම් බ්ලොග් පාඨක හැමටත් මීමුරේ විඳින්න අරාධනා කරමින් මම නැවතත් එම මේල් එක යවපු හිතවතාට මාගේ හෘද්‍යාංගම ස්තූතිය පිරිනමනවා..

අළුත් කඳවුරු භූමියේ නව ඡා‍යාරූප ලබන සතියේ බලාපොරොත්තු වෙන්න..

14 comments:

  1. ඒ කියන්නේ ගොඩේ ගොඩ , දැන් සමහරක් විට හැමදාම ඔහොම වැඩේ අල්ලලා යයි

    ReplyDelete
  2. :D
    ඔය කියපු කඳවුරු 3න් එකක් අපිටම වෙන් කරල තියනව කියල දැනෙනකොටත් හිතට දැනෙන සන්තෝසේ!!!! :D

    ReplyDelete
  3. මගෙනුත් සුබ පැතුම්, ඒ වගේ හොද දේවලුත් වෙනවනම් කොච්චර හොදද. ලංකාවට ආවම අපිත් එන්නම්කෝ අයියේ ,

    ReplyDelete
  4. මේ කියාපු කෑම්ප් සයිට් තුනෙන් එකක් අපි වෙනුවෙන් වෙන්වෙලා තියනව කියල දැනෙනකොට හිතට දැනෙන සන්තෝ...සේ.....!!! :D

    කලින් දාපු කමෙන්ට් එක වැටුනද කියල ශුවර් නැති නිසා ;)

    ReplyDelete
  5. ඔය බිස්නස් වලින් හම්බුවෙන සල්ලි වලින්වත් අර පොලු තියපුවා ගොඩ දාපන්...

    ReplyDelete
  6. සුභ පතනව අභිත.දවසක එන්නම්

    ReplyDelete
  7. ඒ කියන්නේ දැන් අභීතට බිස්නස් හොඳයි. හොඳ ලාබෙකුත් තියෙයි. එහෙව් එකේ දැන්වත් අර ඉන්දිකගෙ ණය ටික ගෙවලා දැම්ම නම් නේද හොඳ වැල් බයිලා නොගහ????

    ReplyDelete
  8. We are coming on next weekend. 14,15, 16 :D

    ReplyDelete
  9. සුබ පැතුම් බොක්කෙන්ම..

    ReplyDelete
  10. මාත් බුක් කරන්න කතා කලා දෙවතාවක්ම ඔබව සම්බන්ධ කරගන්න බැරි වුණා

    ReplyDelete
  11. අපිත් එනවා ලගදීම...

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...