Monday, December 15, 2014

හිරුණිකා, දිගම්බරන්, රාධක්‍රිශ්ණන් සහ තිස්ස, කැටගොඩ, ගම්මන්පිල...

දේශපාලන පිල් මාරු සම්භන්ධයෙන් පසුගිය දිනවල තිබුණේ දැඩි උද්වේගකර තත්ත්වයකි. මෙහි ආරම්භය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ රාජිත සේනාරත්න මැතිතුමා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන පිරිසක්, එම සන්ධානය කඩාගෙන විත් එක්සත් ජනතා පක්ෂය ප්‍රධාන සන්ධානය හා එක්ව පොදු අපේක්ෂක චරිතයට පණ පෙවීමය. අතුරලියේ රතන ස්වාමීන්වහන්සේගේ "පිවිතුරු හෙටක්" කාර්‍ය්භාරය නිසාවෙන් හෙළ උරුමයද තම තනතුරු අතහැර ඒකාබද්ධ පොදි විපක්ෂය හා එක්විය. නමුත් හෙළ උරුමයේ ප්‍රධාන සංඝටක දෙක වූ පාඨලී චම්පික රණවක ඇමතිතුමා සහ උදය ප්‍රභාත් ගම්මන්පිල මන්ත්‍රීතුමා මේ පිළිබඳව එතරම් හිතකර අදහස් නොදැක් වූ නමුත් අතුරලියේ රතන හිමි නිසා උද්ගත වූ තත්ත්වය හේතුවෙන් රජයෙන් එළියට ඒම හැර ඔවුන්ට වෙනත් විකල්පයක් නොවිණ.. ඉහත සඳහන් පිල් මාරු තරමක් පැරණි හෙයින් අපි මෑත පිල්මාරු පිළිබඳව විමසා බලමු. 


නාම යෝජනා දුන් දිනයේදී ආණ්ඩුව විපක්ෂයේ ප්‍රභල සමාජිකයෙක් මෙන්ම එහි මහලේකම් වූ තිස්ස අත්තනායක නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තම ග්‍රහණයට ගත්තේය. ඒ සමඟ ජයන්ත කැටගොඩ නම් ප්‍රජාන්ත්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායකද විය. ජයන්ත කැටගොඩ යනු සරත් ෆොන්සේකා ගෙන් හිස් වූ අසුනට පාර්ලිමේන්තු පැමිණියෙකි. එබැවින් ඔහුගේ පැමිණීම "ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායක" නමැති ටැග් එක හැර ගත යුත්තක් නැති බව මගේ හැඟීමයි. ඔහුට මේ පිම්මෙන් ලොකු වාසියක් අත් වුවද, එක්සත් ජනතා නිදහස් සන්ධානයට මම පෙර කිවූ ටැග් එක හැර වෙනත් වාසියක් නැත.


නමුත් තිස්ස අත්තනායක යනු සුළුකොට තැකිය නොහැකි දේශපාලඥ්ඥයෙකි. මේ පිල් මාරුව නිසා මෛත්‍රී පාක්ෂිකයින් ඔහුව සුළුකොට තැබුවද, ඔහුගේ ප්‍රභලතාවය පෙන්වා දීම වටී යැයි මට හැඟෙයි. එක්සත් ජාතික පක්ෂයේ මෑත කාලීන පරාජයන් වලින් පසුව පැවැත් වූ මාධ්‍ය සාකච්ඡා පිළිබඳව ඔබට මතක ඇති. තනියම මාධ්‍යයන්ට මුහුණ දෙමින් ආණ්ඩුවේ ජය අවතක්සේරු කර, විපක්ශයේ පරාජය සාධාරණය කරන්නට ඔහු තනිව ප්‍රභල වෑයමක යෙදුනේය. පක්ෂය තුල ඇති වූ මතභේදයන් දුරු කරලන්නට ප්‍රභල කාර්‍යභාරයක් කල පුද්ගලයෙක් ලෙස තිස්සව අපට පෙන්වා දිය හැක. තම නායක රනිල් වික්‍රමසිංහයන් ප්‍රශ්ණ වලට මුහුණ පෑ සෑම වෙලාවකදීම ඔහු කුමක් හෝ කරමින් නැවතත් ඔහුව රජ කරවන්නට දර දිය ඇද්දේය. ඉතාම මෑත කාලයේ උදාහරණයක් ගමු. ඌව පළාත් සභා ඡන්දයේදී එක්සත් ජනතා පක්ෂය යම් නැගිටීමක් පල කර බව අප සියළු දෙනා පිළිගත යුතු තරම් වූ සත්‍යයකි. එයට හේතුව ලෙස හැමෝම දැක්කේ හරීන්ගේ සාර්ථකත්වය වගේම රනිල්-සජිත් දෙපලගේ එකමුතුකමය. මේ එකමුතුකමේ පාළම වූයේ තිස්ස අත්තනායකයි. එවැනි කාර්‍යභාරයක් කල මහ ලේකම් වරයාව බාල්දු කර කථා කිරීම නොවටිනා බව ඔබත් මමත් පිළිගත යුතුව ඇත. තිස්සගේ දේශපාලන ඉතිහාසය ගැනද යමක් පැවසිය යුතුය. විශ්ව විද්‍යාල කාලයේ සිටම ඔහු එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෙකි. 1989 වසරේ සිට 2010 වන තුරුම ඔහු මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජයග්‍රහණ වාර්ථා කර පාර්ලිමේන්තු පැමිණියෙකි. නමුත් 2010 වසරේදී ඔහුට හිමි වූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීදූරයකි. ඒ ඇයිද කියා විමසා බැලීමත් වටී.. එම මැතිවරණයේදී සුළු ජාතික අපේක්ෂකයින් රාෂියක් එක්සත් ජාතික පක්ෂය වටා රැඳිණ. සුළු ජාතික අපේක්ෂකත්වයකට ඉඩ දීම පිණිස තිස්ස අත්තනායකයන්ට තම මැතිවරණ ප්‍රවේශ පත්‍රය කැප කරන්නට සිදු වූ බව එක්සත් ජාතික පාක්ෂිකයාට අමතක වීමට තරම් කාලයක් නොවේ යැයි හැඟේ... මෙවන් ඔහුට ඡන්ද පදනමක් නැත කියන්නට තරම් මෛත්‍රී පාක්ෂිකයින් ලඳ බොළඳ වීම පිළිබඳව විස්මයට පත්වීම විනා වෙන කල හැක්කක් නොමැත.


මීට සමගාමීව එක්සත් ජාතික පක්ෂයද දැවැන්ත පහරක් එල්ල කලේය. ඒ මනාප විශාල සංඛ‍යාවකින් බස්ණාහිර පළාත් සභාව ජයග්‍රහණය කල හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නම් වූ පළාත් සභා මන්ත්‍රීවරියව තම පාර්ශ්වය වෙත ඇද ගනිමිනි. හිරුණිකාගේ සිරිකොත ආගමනය නිවැරදිය, සංවේදීය. තම පෞද්ගලික තරහකරුවන් සමඟ එක මේසයේ වාඩිවී කෑම ගත නොහැකි බවත්, ඒ නිසා මානුශීය පැත්තෙන් ඒ පිළිබඳව කිසිදු දොසක් නැඟිය නොහැකි බවත්, මේ ලිපිය ලියන මමත් පිළිගත් සත්‍යයක් බව කිව යුතුය. ඇයගේ දේශපාලනය ගැනත් යමක් කිව යුතුය. ඇය්ගේ දේශපාලනයට හොඳම පූර්වාදර්ෂයක් චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණියගෙන් ගත හැකිය. චන්ද්‍රිකා මැතිණිය විජය කුමාරණතුංග නම් මානව හිතවාදියාගේ දේහය මතින් මහ ඇමති පුටුව කරා පැමිණියේය. අන්තුරුව ජනපති පුටුව කරා පැමිණීමටද ඇයට අවශ්‍ය වටපිටාව සිරිමාවෝ මැතිණිය විසින් එකල පැවති පවුල් වාදය හරහා අවස්ථාව උදා කර දෙනු ලැබින. හිරුණිකාත් එසේමය. භාරත් ලක්ෂ්මන් නම් මානව හිතවාදියාගේ මරණයත් සමඟ වූ අනුකම්පා ඡන්ද විශාල ප්‍රමාණයක් ඇය වෙනුවෙන් මනාප පෙට්ටියට වැටිණ. ජයග්‍රාහී පක්ෂයක් තුලින් ඡන්දය ඉල්ලීම නිසාත්, එක්පුද්ගලයෙකුට මනාප තුනක් ලබා ද්ය හැකි නිසාත් හිරුණිකාගේ මනාප අංකයට, ඡන්ද දායකයාගේ ප්‍රමුඛත්වය නොවුනත් දෙවන හෝ තෙවන මනාපය හිමිවීම තුළින් ඇය මේ ජයග්‍රහණය ලැබූ බව පැවසිය හැක. නමුත් ඇගේ ඡ්න්ද දායකයා ඇය පසුපස මෛත්‍රී කරා ඒයැයි සිතිය හැකිද යන්න අප අපගේම මනසින් විමසා බැලිය යුතුය. නමුත් වර්තමාන දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි ඉදිරියේදී මෛත්‍රී, පාඨලී හවුලෙන් ඇරඹෙන නව දේශපාලන පක්ෂයකට හිරුණිකාද එක් වුවහොත් ඇයගේ ඡන්ද පදනම පිළිබඳව යම් අදහසක් ඇති කර ගැනීම ඔබ වෙතටම බාර කරමි.


දිගම්බරන් සහ රාධාක්‍රිශ්නන් ගැනද කතා කල යුතුය. ඔවුන් අප පෙර කී පුද්ගලයින් තරම් වැදගත් නොවෙතත් ඔවුන්ගේ එජාප ආගමනය නිසා කුමක් සිදුවේද යන්න වාක්‍ය කිහිපයකින් කිව හැක. මේ දෙදෙනාගේම රාජධානිය නුවර එළිය දිස්ත්‍රික්කයයි. මොවුන් දෙදෙනාම මහින්ද රාජපක්ෂයන්ගේ කර පිටින් දේශපාලනයේ යම් තැනකට පැමිණි දෙදෙනෙකි. නමුත් වතුකරය නියෝජනය කරන තොන්ඩමන් සහ චන්ද්‍රසේකරන් තවමත් මහින්ද රාජපක්ෂ සමඟිනි. මෙය උදාහරණයකින් පැහැදිලි කලොත් තරාදියක එක් පැත්තකට වට්ටක්කා ගෙඩියක් සහ ලබු ගෙඩියක් දමා අනෙක් පැත්තට නෙල්ලි ගෙඩියක් හා ලොවි ගෙඩියක් දමා ඇති සේය. පාක්ෂිකත්වය නිසා මේසේ නොපෙණීමට ඉඩ ඇති අතර ඒ පිළිබඳව මැදහත් සිතින් බලන ලෙස ඉල්ලා සිටිමි.


මේ සම්භන්ධ අවසාන සාමාජිකයා උදය ප්‍රභාත් ගම්මන්පිල වේ. ඔහුගේ එහෙට පැන මෙහෙට පැනීම ගැන අපි සමබර මනසින් විමසා බලමු. උදය ප්‍රභාත් ගම්මන්පිල නම් හිටපු පළාත් සභා ඇමති වරයාගේ අතීතය දෙස බලන කල, රටට අහිතකර මෙන්ම තම ආත්මාර්ථය වෙනුවෙන් ගත් තීරණයන් පිළිබඳ මතකයක් නැත. අවංකවම කිවහොත් හෙළ උරුමයද එවන් දේශපාලන තීරණ පිළිබඳව ඇත්තේ අල්ප මතකයකි. ඔහු සති කිහිපයකට කලින් පක්ෂයත් සමඟ එක්ව රටේ යහපාලනය උදෙසා වෙනත් මඟක ගමන් කිරීමට තීරණය කලේය.  නමුත් ඔහුගේ මනසට ඒ දීගය රිස්සා නැත. ඔහු එය දුටුවේ රට කබලෙන් ලිපට ඇද දැමීමක් ලෙසයි. එහි ආසන්නතම උදාහරණයක් ලෙස ජ.වි.පෙ. කිසිවෙකුට සහය නොදීමට ගත් තීරණයද සැලකිය හැක. ජවිපෙට මෙන්ම ගම්මන්පිලටද මෛත්‍රී පාර්ශ්වයේ ඉදිරි දැක්ම පිළිබඳව පැහැදිලි විශ්වාසයක් නැත. සාපේක්ෂව නිවැරදි යැයි හැඟෙන තීරණයක් වෙත ගම්මන්පිල පැමිණ ඇත. පෝස්ටර් බැනර් වලින් තොර 100%ක් පරිසර හිතකාමී මෙන්ම විනිවිද භාවයෙන් යුක්ත මැතිවරණ ව්‍යාපාරයක් තුළින් ජනතා මනාප තුනක ප්‍රමුඛත්වය හිමි කරගත් ගම්මන්පිලගේ පුනරාගමනයේ වැඩි වාසිය හිමිවන්නේ මහින්දටද? මෛත්‍රීටද? යන්න තර්ක කල යුතු දෙයක් නොවන බව හැඟේ..

ඉතින් මේ පිල්මාරු ගැන මට හැඟෙන දේ මෙසේය. එයින් වැඩි වාසි අත් වෙන්නේ කාටදැයි මම විසින් නොපවසන අතර එය තීරණය කිරීම ඔබ වෙත භාර කරමි. මෙම කරුණු සියල්ල විවාදයට විවෘත වන අතර එම විවාදය තුලදී ඔබේ සභ්‍යත්වය ආරක්ෂා කර ගන්නා ලෙසද ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි...

14 comments:

  1. මේ පාර මහින්ද දිනන්නෙ වැඩි චන්ද ලක්ෂ 25කින්

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නෑ... මගේ ගාන ලක්ශ 9ත් 11ත් අතර ගාණක්..

      Delete
  2. ලිපිය අතිශයෝක්තියෙන් ලියන ලද්දකි.පුදගල ආගමනයන් මොරාල් අප් කිරීමට මිස වෙන කිසිම වැදගත්කමක් නැත.නමුත් මෛත්‍රී ඇතුළු පිරිසගේ ආගමනයෙන් රැල්ලක් නිර්මාණය වී ඇත.ඊට හේතුව ඒ හරහා පක්ෂ කිහිපයක්ද එක් වීමයි.2010 මහින්ද ලබාගත් වැඩි චන්ද ලක්ෂ 19 මෙවර ලක්ෂ දෙකකට පමන බසිනු ඇත.බොහෝ විට 2005 ප්‍රතිපලය ට සමාන වනු ඇත.

    ReplyDelete
    Replies
    1. රැල්ලක් නිර්මාණය වූ බව ඇත්තයි... නමුත් ඒ රැල්ල තවමත් එලෙසින්ම තියෙනවද කියන එක ගැන තව පාරක් සිතිය යුතු වෙනවා...

      Delete
  3. 2010 දි තිස්ස දාන්නැතුව නුවරට ගොඩක් සුළු ජාතික අපේක්ෂකයන් දැම්මා.......... මනෝ ගනේෂනුත් ඒක්කෙනෙක්.. ඒයා මල්ලිට කොළඹ අපේක්ෂක කම දීලා නුවරට ගියා..... දෙන්නම ගොඩ යන්න හිතාගෙන.. ඒත් මල්ලි තේරුණා... නුවරින් මනෝටවත් ඒන්න බැරිවුණා....

    ඒකේ ලස්සනම වැඩේ තමයි මල්ලි සතියකින් විතර අාණ්ඩුවට සෙට් වුණා... පක්ෂය අතහැරලා...........

    ReplyDelete
  4. මගේ අදහස නං මහින්ද රාජපක්ෂ මහතා පරදිනවා. මයිත්‍රීපාල සිරිසේන 53% ක් ලබා ගනීවි.

    මේකට හේතු කරනා වෙනම විග්‍රහ කරන්න ඕනි. එකක් තමයි මගේ පියා ශ්‍රීලනිපයේ ආසන සංවිධායකවරයෙක්. කුඩා කල ඉදම දේශපාලන පසුබිමක හැදුන නිසා මම මේ පාර වෙනසක් දකිනවා.
    ඇමතිවරු,ඔවුන්ගේ පවුලේ උදවිය සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරු (පළාත් සභාද ඇතුළුව) සමග මම කතාබහ කරන නිසා දන්නවා. ඔවුන් බොහෝ දෙනෙක්ට රාජපක්ෂ ජනාධිපතිපතිවරයාගේ පාලනය තිත්ත වී තිබෙන්නේ. මාධ්‍යය ඉදිරියේ කුමක් කීවත්,ඔවුන් සමග පෞද්ගලික කතාබහක නිරත වෙද්දී ඔවුන් මෙම පාලනයට හොද හැටි කුනුහුරුපත් සමගයි බැන වදින්නේ. මයිත්‍රීපාල පොදු අපේක්ෂකයකයා ලෙස පැමිණෙනවා යයි කියා පැවසූ දිනයේ මම හොදටම දැක්කා ඇමතිවරුන්ගේ තිබුන සතුට. ඔවුන් මටම කියා තිබෙනවා මෙවර ඔවුන් ජන්දය දෙන්නේ මයිත්‍රීට කියා.

    ආණ්ඩුවේ ඇමතිවරු ගම්බිම් වල කිසිම සංවිධායක කටයුත්තක් කරන්නේ නෑ. මට නං පෙන්නේ මහින්දව හොදහැටි අන්දා ඇති ඔහු වටේ සිටිනා පිරිසක්, ඔහුව මේ තරගයට තල්ලු කොට මුදල් ගසා කෑමේ වැඩපිළිවෙලක් පටන් ගෙන ඇති බවයි. උදාහරණයක්‌ විදියට ප්‍රචාරක කටයුතු සදහා ලබා දී මුදල් බොහොමයක් සාක්කුවේ දාගෙන ප්‍රාදේශීය මට්ටමේ දේශපාලකයන් නිහඩව සිටින්නේ.

    අද තියෙන තත්වය අනුවත් මයිත්‍රී දිනනවා.

    ReplyDelete
    Replies
    1. ගම්වල මිනිස්සු තමයි මහින්දගේ හයියට ඉන්නේ... මෛත්‍රීට 53%ක් කියන්නේ නම් තනිකරම හීනයක්...

      Delete
  5. මේ වෙලාවේ මට පේන්න තියෙන විදියට ගමේ මිනිස්සුන්ටත් යම් වෙනසක් ඕන වෙලා තියෙනවා, ඒත් මේ වෙලාවේ මහින්දට එරෙහිව පෙළ ගැහිලා තියෙන සෙට් එක දැක්කම වෙනස ඕන මිනිස්සුන්ටත් තියෙන්නේ තමන් චන්දය පාවිච්චි කරනවද නැද්ද කියන එක ගැන දෙගිඩියාවක්. ඒ චන්ද බොහෝ විට පාවිච්චි නොවෙන්න වගේම නොදන්න දෙයියට වඩා දන්නා යකා හොදයි තියරියෙන් පාවිච්චි වෙන්නත් ඉඩ තියෙනවා,

    මොකද ගමේ යු ඇන් පි කාරයාට ඕනේ යු ඇන් පි ආණ්ඩුවක් මිසක් නිදහස් පක්ෂයේ ලේඛම්ගේ ආණ්ඩුවක් නෙවෙයි, ගමේ මනුස්සයාට රනිල් ගැන විස්වාසයක් නෑ, මිනිස්සු මහින්දට බනිනවා. ඒත් මේ වෙලාවේ තියෙන තත්වේ හැටියට ඔය උඩ ඉන්න ගෙම්බෝ කොහෙට කොහෙට පැන්නත් තමන්ගේ චන්ද පදනම් ගැන මොන බයිලාව ගැහුවත් ගමේ මනුස්සයා ඉන්නේ තවමත් දෙගිඩියාවෙන්

    ඒත් මහින්දට චන්දය පාවිච්චි කරන්න පෙළගැහිලා ඉන්න අය ඉන්නේ කොහොමහරි මහින්ද දිනවන චේතනාවෙන්, එයාලට දෙගිඩියාවක් නෑ,

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. දෙගිඩියාව සහ විශ්වාසය අතර ලොකු දෙයක් තියෙනවා....

      Delete
  6. සිළුමිණේ ආටිකල් එකක් කියෙව්වා වගේ හැගීමක් දැනෙන්නේ මොකද මන්දා

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්.... පාට කණ්ණාඩි...

      Delete
  7. Matanam hithenne....
    "Mahinda dinaida??"

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ
      "මහින්ද දිනයි..."

      Delete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...