Friday, December 19, 2014

මෛත්‍රී මැතිතුමනි, ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව ඔබේම අවධානය පිණිස ලියමි...

ගරු මැතිතුමණි, මීට සති දෙකකට පමණ පෙර ඔබ වෙත ලිවූ පරිදි නැවතද ඔබව අමතන්නට සිතුවෙමි. කාර්‍ය බහුල ජීවිතයක් ගත කරනවා වුනාට සුවෙන් ඇතැයි සිතමි. කලින් ලිපිය මෙතනින් බලාගත හැකිය. 

ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි, ඔබතුමාත් මමත් දන්නා පරිදි නව ජනපතිවරණ අපේක්ෂකයෙකුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් යනු, රටේ වෙනසක් බලාපොරොත්තු වන ජනතාවගේ හද ගැස්මයි. එය හුදෙක් බලාපොරොත්තු වලින් පිරි ලියැවිල්ලක් වනවාට වඩා, රටේ ඉදිරි ගමන පිළිබඳ යහපත් චිත්‍රයක් මැවෙන වෙනස් අත්දැකීමක් සමඟ එන ප්‍රකාශනයක් නම්, එය එම මැතිවරණ ව්‍යාපාරයට යහපත් අඩිතාලමක් වනු නො අනුමානයි.. ඉතින් ඉහත කරුණ සිහියේ තබාගෙන අපි ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ මදක් සාකච්ඡා කරමු.


ඔබතුමාගේ ප්‍රකාශනයේ පිළිවෙලින්ම, අපි පටන් ගමු මැතිතුමනි,

දැක්ම.

මේ දැක්ම ඉතා යහපත්ය. රට ගොඩ නැංවීම ප්‍රධාන අරමුණ කරගත් ඔබතුමාගේ දැක්ම අගය කල යුතුය. ඒ සමගාමීව පෙරලෙන ඊලඟ පිටු දෙකෙහි ඉතා සාර්ථක ගමනක් පිළිබඳව ඔබ විසින් විස්තර කර ඇත. සැබැවින්ම එය අපූරුය. ආස්වාදජනකය. මේ රට තුල විය යුත්තේ එයයි. මේ කරුණු වලට එකඟ නොවෙන කිසිවෙකුත් නැත. මහ ජනතාව බලාපොරොත්තු වන ශ්‍රී ලංකාව එළෙසින් බිහි විය යුතු බව මමද තදින් විශ්වාස කරමි.

නමුත් නමවන පිටුවේ අවසන් ඡේදයේදී බළලා හොරෙන්ම මල්ලෙන් එළියට පැමිණ ඇත. ඒ "ජනාධිපති ධූරයට පත් වී වසර හයක් තුල මම මගේ කාර්‍ය අවසන් කරමි" යන වැකියෙනි. ගරු මැතිතුමනි. දින සියයක් තුල කලයුතු ප්‍රධානතම කාර්යය ඔබතුමාට මඟ හැරී ඇත. පොදු ජනතාවගේ බලාපොරොත්තු අහස උසට නංවමින්, පොදු අපේක්ශකය ලෙස වාඩිවී, උත්තරීතර ධම්ම පදයේ ගාථා දෙකක් පවසමින්, ඔබතුමා අපට දුන්න පළමුවෙනි හා පාරිශුද්ධ පොරොන්දුවට ඔබතුමා මේ කලේ කුමක්ද? රනිල් පරදා අතුරලියේ රතන හිමි පෙරට පැමිණ ඇත. ඔබව කරේ තියන් යන ප්‍රධානතම බලවේගය වූ එක්සත් ජාතික පාක්ශිකයා පැත්තකට විසි වී හෙළ උරුමය නම් බෞද්ධ හිතෛශී පක්ෂය පෙරට පැමිණ ඇත. ඔබ නිතරම පුන පුනා කියන, ඉතාම ඓතිහාසික කැපකිරීමක් කල රනිල් වික්‍රමසිංහයන් පරදා, දෙපැත්තට කකුල තියාගෙන හිටපු, අවසන් මොහොතේ කල හැක්කක් නොමැති නිසාවෙන් ඔබ වෙත පැමිණි, පාඨලී චම්පික රණවකයන් ඉදිරියට පැමිණ ඇත. ඔබට ලැබෙන ඡන්දයෙන් 80%කටත් වඩා නියෝජනය කරන කරන එක්සත් ජාතික පාක්ශිකයාට මැතිවරණයට පෙරම ඔබදුන් නත්තල් තෑග්ග නිසා ඔවුන් හෙට දින වීදි බැස ප්‍රීති ගෝශා කරනු ඇතැයි ඔබට සිතෙනවාද මැතිතුමනි?

මීලඟට අනෙක් පරිච්ඡේද වලට යාමට කලින් මම වෙනත් පැත්තක් වෙත ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. ඒ ව්‍යවස්ථාව, අධ්‍යාපනය, සෞඛ්‍යය, බලශක්තිය, රජයේ සේවය හා පරිසර පද්ධතිය වැනි මාතෘකා වලට සාපේක්ශව ඊට වඩා වැදගත් කරුණක් වන අපේ රටේ වාර්ගික අර්බුධය පිළිබඳවය. ඡන්ද දායකයා ඔබ ඇතුළු සියළු අපේක්ෂකයින්ගෙන් බලාපොරොත්තු වන ප්‍රධානම කටයුත්ත, මේ එකට කල මතෲ භූමිය නැවත දෙකඩ වන්නට ඉඩක් තිබේද නැද්ද යන්නයි.  ඒ හේතුව නිසාම ඔවුන් දමිල සන්ධාණය හා මුස්ලිම් කොන්ග්‍රසය ගන්නා තීරණ පිළිබඳව දෑස් දල්වා බලා සිටියි. ඊට කලින් ඔබ ඒ පිළිබඳව දක්වන ආකල්පය කෙසේද යන්න පිළිබඳව මහ ජනතාව ඉතා දැඩි උනන්දුවකින් මෙන්ම විමසිල්ලෙන් බලා සිටි බව ඔබතුමාට රහසක් යැයි මම නොසිතමි.

ඉතින් මැතිතුමනි, ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ කිසිදු තැනක මේ පිළිබඳව සටහන් නොවීම පිළිබඳව මම විමතියට පත් වීමි. මෙය ඔබතුමාට මඟ හැරුණු බවක් නම් මට කිසිසේත්ම විශ්වාස කරන්නට නොහැකි බව මම ඔබතුමා වෙත ඉතා දැඩිව අවධාරණය කරන්නෙමි. ආණ්ඩු පක්ශය, චන්ද්‍රිකා මැතිණිය ප්‍රමුඛ ඔබගේ කණ්ඩායම වෙත දිගින් දිගටම එල්ල කරන "ඩොලර් කුට්ටි" චෝදනාව සාධාරණ යැයි සිතන්නට, ඔබතුමාම පාර කපාවි යැයි මම සිහිනෙනුදු නොසිතුවෙමි. ඉදින්, මෙය මඟ හැරීම තුළින් අපට ගම්‍ය වන්නේ කුමක්ද? පුද්ගලිකව මටනම් සිතෙන්නේ ඔබතුමා සිතා මතාම "කොලේ වහලා ගසා ඇති" බවයි. දහතුන් වන සංශෝධනය පිළිබඳව ඔබේ අවධානය යොමු කරද්දී, උතුරු පළාත් සභා මහ ඇමතිගේ ක්‍රියා කලාපය දේශ මාමක ජනතාවගේ කථා බහට දැඩිව බදුන් වෙද්දී, දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියා කලාපයන් පිළිබඳ රටේ ජනතාවගේ සිත් සතන් මහා පරිමාණයෙන් කලබද්දී, ජනපතිවරණ අපේක්ෂකයෙක් වූ ඔබතුමාගේ මනසින් මෙය ඉවත් වුනේ කෙසේද? අතුරලියේ රතන හාමුදුරුවන් වගේම පාඨලී චම්පික රණවක මැතිතුමන් ඔබ අසල සිටිද්දී මේ පරිච්ඡේදය ඔබතුමන්ගෙන් ගිලිහී ගියේ කෙසේද?

ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි, ඇත්ත කියන්න. අපි තරහ වෙන්නේ නෑ. ඔබතුමා ඔබේ ඡන්ද දායකයාට කොළේ වහලා ගැහුවා නේද? දේශපාලනික වශයෙන් පිරිසිදු චරිතයක් වූ ඔබතුමාව, වටේ සිටින අය විසින් බිත්තියට හේත්තු කලා නේද? ඔබතුමා තනිව හේත්තු වූවානම් අපට අහක බලාගන්නට තිබුනා මැතිතුමනි. සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ මෙන්ම පිවිතුරු හෙටක් ජාතික සභාවේ නිර්මාතෲ වරුන් වූ, පූජනීය වන්දනීය මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේත්, මාවිල් ආරු සොරොව්ව ක්‍රියාන්විතයේ පුරෝගාමියා වූ අතුරලිය රතන ස්වාමීන් වහන්සේත්, එද මෙදාතුර සාධාරණය හා යුක්තිය වෙනුවෙන් පෙනී සිට ජනතා හදවත්වල මහත් ප්‍රසාදයක් හිමි කරගත් පාඨලී චම්පික රණවක මැතිතුමාත් ඔබත් සමඟ බිත්තියට හේත්තු වී කර කියාගත දෙයක් නොමැතිව සිටින බව මේ රටේ ජනතාවට නොතේරෙයි කියා ඔබ සිතනවා නම්, එය හුදෙක් විහිළුවක් පමණයි ගරු මැතිතුමනි. මේ කාරණය එතරම් සුළුකොට තකනවා නම් තවත් කවර කතාද මැතිතුමනි?  

ඔබේ ඊලඟ ඡේදය ව්‍යවස්ථාව පිළිබඳවයි. මේ ගැන නම් කථා කිරීමට කිසිම දෙයක් ඔබතුමා ඉතිරි කර නැත. කලින් කියූ පරිදිම ඔබතුමාගේ පළමු මෙන්ම පිවිතුරු මැතිවරණ පොරොන්දුව වූ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම කුඩු පට්ටම් වී ගොස් ඇත. ඊලඟට ආපු විධායක අගමැති පොරොන්දුවද කොහි ගියාදැයි නැත. මෑතදී ආ උප අගමැති කථාවද හොයා ගත නොහේ. ඔබතුමා හදවතින්ම පැවසූ ඇමති මණ්ඩලය 30කට සීමා කිරීමේ බලාපොරොත්තුවද නන්නත්තාර වී ඇත. හිතවත් මැතිතුමනි, ව්‍යවස්ථාව පිළිබඳව ඔබ දුන් පොරොන්දු සටහන් වී නැති ලේඛනයක සටහන්ව ඇති, නොදුන් පොරොන්දු පිළිබඳව අපි කෙසේ විශ්වාස කරන්නද?

ඊලඟට මම ඔබතුමන්ගේ අවධානය යොමු කරන්නේ රජයේ සේවකයන්ට ඔබතුමා දී ඇති පොරොන්දු පිළිබඳවයි. ඔවුන්ගේ වැටුප රුපියල් 10000.00 කින් වැඩි කිරීම, ඔවුන්ට ලබා දුන් යතුරු පැදි වල වල ණය වාරික කපා හැර, අය කරපු 50000.00 ක මුදල ආපසු ගෙවීමටත් ඔබතුමා රජයේ සේවකයින්ට පොරොන්දු වී ඇත. මේ ගැන යමක් කියන්න කලින් ඔබතුමාට අතීතය මතක් කර දීමට කැමැත්තෙමි. පහුගිය සැරෙත් මේ රුපිල් 10000.00 වැඩිවීම ගැන කියා, විපක්ශය තැපල් ඡන්ද ඉහළින්ම පැරදුන බව ඔබට මතක ඇතැයි සිතමි. රජයේ සේවකයා වනා හී බුද්ධි මට්ටමෙන් අඩු කොටසක් නෙමෙයි මැතිතුමනි. රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබෙන රජයේ සේවකයාට පොරොන්දුව ඇහෙද්දී දැනෙනවා, මේ ඔවුන්ට ලැබෙන දෙයක්ද? නැත්නම් තැපැල් ඡන්ද ගුන්ඩුවක්ද කියන එක. ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි, රජයේ සේවකයා පිළිබඳව ඔබ තුල ඇති මේ පටු ආකල්පය ඉවත් කර ගන්න ලෙස ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිමි.

විශ්‍රාම වැටුප 3500 කින් වැඩි කිරීම, ඉන්ධන බදු කෝටි 4000ක් අහෝසි කර ජනතාව වෙත සහන සැල්සීම, පිං පඩිය 1500 කින් වැඩි කිරීම සමෘද්ධිය දෙගුණයකින් වැඩි කිරීම වැනි ආර්ථිකමය පොරොන්දු ඉටු කල පසු, මේ රට කොතනට ගමන් කරයිද කියන එක තාර්කිකව සිතන බුද්ධිමත් ශ්‍රී ලාංකිකයාට බලවත් ගැටළුවක් මැතිතුමනි.

ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි, තවත් අසන්න බොහෝ කරුණු තිබුණත් මම මෙතැනින් නවතිමි. හිතේ දැවෙන වැදගත්ම ගැටළු ටික පමණක් ඔබෙන් ඇසුවෙමි.  මට මෙන්ම ඔබටද මේ ගැටළු වලට උත්තර නැතැයි සිතමි. 

අවසන් වශයෙන් ඔබතුමා වෙත කරුණු දෙකක් පැවසීමට  ඉතා කාරුණිකව අවසර පතමි.

1. මිනිසුන් සුරංගනා කථා ඇසීමට රුචිකත්වයක් දක්වන්නේ බාල කාලයේදී මිස ඡන්ද අයිතිය ලැබන වයසට පැමිණීමෙන් පසු නොවේය කියන කාරණය

2. ඔබතුමාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලියූ පුද්ගලයා හෝ මෙම කණ්ඩායම, ඉතා දැඩි මහින්ද රාජපක්ෂ පාක්ශිකයෙක් හෝ පාක්ෂිකයෝ යැයි මගේ සිතේ ප්‍රභල කුකුසක් නැඟී ඇති බව.

අදට නවතිමි මැතිතුමනි. නොසිතා හෝ යම් වැරැද්දක් සිදු වූවානම් ඉතා කාරුණිකව සමාව අයැද සිටිමි.

සුභ පැතුම්,
අභීත.

15 comments:

  1. රනිල් පරදා අතුරලියේ රතන හිමි පෙරට පැමිණ ඇත
    නැත.. ජනතාවට අවැසි.. විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම නොව එහි ඇති අසීමාන්තික බලතල අහෝසි කිරීමයි.. වැදගත් වන්නේ රනිල් ට හෝ රතන හිමි ට අවැසි කුමක්ද යන්න නොව ජනතාවට අවැසි තැනයි.. එනිසා ඔබ ගේ මෙම තර්කය පුස්සකි..

    ඒ වගේ ම වසර හයකින් තවත් දීර්ඝයක් නොගෙන විශ්‍රාම යෑමට බලාපොරොත්තු වීම මෛත්‍රී බලයට අසීමිතව කෑදර නොවන බව පෙන්වයි.. ඒ ගැන ජනතාවට සතුටු විය හැක..

    සුළු ජාතීන් වන දමිල හා මුස්ලිම් ජනයාට ඇතැයි කියන ප්‍රශ්න ගැන අවධානයක් යොමු නොකළා නම් එය වරදකි.. අඩු තරමේ ඒ පිළිබඳ ප්‍රතිපත්තිය කුමක් දැයි යම් පමණකටවත් ඉදිරිපත් කළ යුතුව තිබුණි.. එහෙත් එහි ඇත්තේ ඩොලර් කුට්ටි පිළිබඳ ප්‍රශ්නයක් බවට ඔබ වරදවා වටහාගෙන ඇත.. ඇතැම් විට අපරටෙහි ඇත්තේ ජනවාර්ගික ප්‍රශ්නයක් නොව.. මානුෂික හැසිරීම් පිළිබඳ ප්‍රශ්නයක් බව අවබෝධයෙන් දැන.. ඒ පිළිබඳ කිසිවක් නොලිය සිටියා විය හැක.. එහෙත් ඒ ගැන සරල වාක්‍යයක් වත් තිබුණා නම්.. හොඳ බව මගේ විශ්වාසයයි..

    ජනපති ක්‍රමය අහෝසි කිරීම.. විධායක අගමැති ක්‍රමය... ආදිය පැහැදිලි එකඟතාවකට පැමිණීමට පෙර එක එක්කෙනා පැවසූ අදහස් අතුරින් මතු වූ දෑ ය. සැබෑ අවශ්යතාවය මත හා.. කාරණා පෙළගැසෙන ආකාරයට කළ යුතු දේ.. ඉතා නිවැරදිව තීරණය කර ඇති බව පෙනේ..

    ඇමති මණ්ඩලය 30 ට බස්සන කතාව මුල දී කියවුනද.. පසුව ඒ ගැන වැඩිපුර කතාබහක් තිබුණේ නැත.. 120ක් විතර තිබුණු එකක් එකපාරට 30 ට බස්සන්ට හැකි නම්.. මෛත්‍රී දෙයියෙකි.. 60 ට බස්ස ගත්තොත්... ඒකත් දැනට ඇති බව හඟිමි..

    ගියපාර 10000 දෙන්නම් කිවාම ලොක්කා කීවෙ.. මට එහෙම දෙන්න බැරි ගනං කියන්න බෑ මට පුලුවං ගාන 2500යි .. ඒක දෙන්නම් කියා ය.. ඒත් ඒක දුන්නේ.. ඊයේ පෙරේදා ය.. ලොක්කාගේ ගුලිය ගැන ජනතාව මේ පාර රහටම දන්න නිසා.. ගියපාර ගොංකම කරන එකක් නැත..

    ආදායම අඩු කර.. වියදම වැඩි කර ගැනීම අය වැය හිඟය තියෙනවාටවත් වඩා වැඩි වීමට හේතුවක් බව බැලු බැල්මට පෙනේ.. වියදම අඩු කර .. ආදායම වැඩි කර ගන්නා ක්‍රමවේදයන් ගැන ද කතා කිරීම අවැසි ම දෙයකි..

    නාස්තිය හා දූෂණය පිටු දැකීම හරහා.. සැලකිය යුතු වියදම් අඩු කිරීමක් කළ හැකි වුවත්.. එය ප්‍රායෝගිකව ප්‍රමාණවත් වේ යැයි සිතිය නොහැක්කේ.. මේ තරම්ම නොවුණා ට .. සුළුවෙන් හෝ නාස්තිය දූෂණය ඊළඟ ආණ්ඩුවක ද තිබීම වැලැක්වීම උගහට නිසා ය..

    ආදායම වැඩි කිරීම සඳහා යෝජනා කර තිබූ එක් ක්ෂේත්‍රයක් වන සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම ගැන බලාපොරොත්තු තැබිය හැක..

    නව රැකියා අවස්ථා බිහි කිරීමට කටයුතු කරන බවත්.. සුළු පරිමාණ දේශීය ව්‍යාපාර ගොඩනැඟීමේ බලාපොරොත්තුවක් ඇති බවත් පෙනෙන නිසා.. සිහිනය තවත් ලං වන බව පෙනේ..

    මේවා මේ විදිහට ම නොවුණත්.. මින් හරි අඩක් ඉටු කළත්.. හොඳටම ප්‍රමාණවත් වන්නේ.. ඔහුගේ ප්‍රතිවාදියාට .. මෙයින් දහයෙන් පංගුවක්වත් ඉටු කරන්නට බැරි බව ඔප්පු කරපෙන්වා තිබෙන නිසා ය..

    ReplyDelete
    Replies
    1. පෙරලෙන පිට හොඳයි කීම අදටත් ජනතාව අතර තියෙන පරණ පුරුද්දක්...

      Delete
  2. දැන් මහින්ද මාමාගෙ එක ගැනත් මේ වගේම ලියන්වද? එහෙම නැතිනම් අපිට හිතන්න වෙන්නෙ තවත් ක‍ටු කන කුක්කෙක් කියල විතරයි. මාමා ලක්ශ දෙකේ මෝටර් සයිකල් පනස්දාහට දන්දෙනකොට වියදම් කරන්නෙ එයාගෙ සාක්කුවෙන්ද?

    ReplyDelete
  3. මෙවර මෛත්‍රීට චන්දය දෙන වැඩිම පිරිසක් චන්දය දෙන්නේ මහින්දව එලවා , වියවස්තවේ තිබෙන ඒකාධිපති ස්වභාවය වෙනස්කරගනීමටවේ , එය යම් ආකාරයකින් ඉටුවන බව සහතිකය , එසේ නොකර සිටීමට තරම් මෛත්රීද බලවත් නොවේ , රනිල්ට දෙන්නේ මොනවාද , චම්පික, රතන හාමුදුරෝ දෙන්නේ මොනාද , පඩිය 10,000 කින් වැඩි කරන්නේ කොහමද කියා මෙතන ගැටළුවක් නැත , අපේ රටේ මිනිසුන් චන්දය දෙන්නේ දෙන පොරොන්දු වලට නොවේ දුන් පොරොන්දු ඉටු නොකළ එකා එලවා දාමීමටවේ .

    ReplyDelete
    Replies
    1. නෑ.. සාමාන්‍ය ජනතාවට ගොඩාක් පොරොන්දු ඉටු කරපු කෙනෙක් මහින්ද කියන්නේ.. බුකියේ අපිට නෙවේ... ඒකයි මිනිස්සු මේ ගැන හිතන්නේ... ඒත් මේ ජනවාර්ගික අර්බුධය ගැන කමෙන්ට් කරපු අය ලේසියෙන් අත හැරිය වගේ ජනතාව ඔය පොයින්ට් එක අත අරින්නේ නෑ...

      Delete
  4. MAHINDATA KADE YANA EKEK

    ReplyDelete
    Replies
    1. මම කඩේ යනවා කියලා කියන්න ඔබේ හේතුව "මම මගේ මතය ප්‍රකාශ කිරීම" නම්.... එළකිරි ආ.....

      Delete
  5. අපේ මෛත්‍රී මාම අපට කන්න නැතත් ෆ්‍රී වයි ෆයි දෙනවලු. ඔව්වත් පුරස්නද? මාමිගේ ෆ්‍රී වයි පයි අරගෙන අපි දවසෙම බුකි එනවා ^_^

    ReplyDelete
  6. අනේ මන්දා මටනං මේ ලිවිල්ල දැක්කම හිතෙන්නේ හොරුන්ට හොරු එකතු වෙන එක ඇත්ත තමයි නේද කියල. මහාහොරා රකින්න පොඩි හොරු එකතු වෙනවා.

    ඔත්තුවක්- පහුගිය දවස් වල මීමුරේ යන්න විස්තර අහලා කෙනෙක් ප්‍රසිද්ධ ඔන්ලයින් ෆෝරමයක ත්‍රෙඩ් එකක් දාලා තිබුනා. එකේ තිබුන රිප්ලයි ටික දැකලා මට තදින් හිනා. බලං ගියාම සේරම දෙනා දන්නවා හොරුන්ගේ හැටි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ කියන එකවුන්ට් එකෙන් ඇවිත් ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කියන්න පුළුවනි... නමුත් රස බලා දැන ගැනීම තමයි වැදගත්...

      Delete
  7. දැන් හැමතැනම සල්ලි දීලා ඡන්දය ගන්න තැනට අැවිල්ලා... ඒ් මදිවට දැන් ඒවා ප්‍රතිපත්ති ප්‍රකාශවලින් සහ බජට් වලින් අමු අමුවේ පගා දෙන තැනට අැවිල්ලා......... රට යකාට ගිහිල්ලා.............. වැඩි පුරම පගා දෙන ඒකාට ඡන්දය දෙමුද???

    ReplyDelete
    Replies
    1. පගාවම දුන්නම මිනිස්සු ඒක ලෙහෙසියෙන් බැහැර කරනවා.. නමුත් මහින්දගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මීට වඩා සමබර ගතියක් ගත්තොත් මිනිස්සු ඒක වැළඳ ගන්න එක විශ්වාසයි...

      Delete
  8. මහාහොරා රකින්න පොඩි හොරු එකතු වෙනවා.

    ReplyDelete
  9. පට්ට post එක, ඒත් සම(හරක්ට) මේවා තේරෙන්නේ නෑ.

    ReplyDelete
  10. ඇත්තම කතාව මේකයි

    1. චන්ද පදනම හොදට තියෙන එව්න් ඉන්නේ සිරිසේනයි, දුමින්ද දිසානයකයි,රිසාඩ් බදුයදීනුයි විතරයි. අනික් එව්න් ඔක්කොම හැලපයෝ.

    2. කන්තලේ ගුනවර්දන කියලා එකෙක් පැන්නා ඌ පාර්ලිමේන්තු ආවේ මහින්දගේ කීර්තිය විකුන් කාලා

    3.රජිව් විජේසිංහ ට ඇති ජනපදනමක් කොහෙත්ම නැත

    4. රාජිතයට ගමට යන්න බෑ මිනිස්සු ගහන්න බලාගෙන ඉන්නවා

    5. රිසාද් බදුයදීන් නියෝජනය කරන මන්නාරම කොහොමත් මහින්ද පරදිනවා

    6. මහින්දට නුවර එලියෙන් ගිය පාර පරාදයි, මේ පාර පරාද උනත් වෙන්නේ අඩු චන්ද ගානකින්.සමහර විට දිනන්නත් පුලුවන්

    7. නැගෙනහිර පලාත් සභා නායක කියලා හැලපයෙක් ඊයේ සිරාට උදව්වට ගියා, ඌත් ගියේ ගුණවර්දන ලොක්ක ගියා වගේ තමා.ඌ දිනුවෙත් මහින්දට පිනිසිද්දවෙන්න.ඌ ගිය එකම හේතුව අලුත් කොල්ලෙක් ඇවිත් ඉන්නවා ඌට කොල්ලො ටික ඇදිලා යනවා.ඒකේ තරහට ඌ ගියා.උට ඇති චන්ද පදනමක් නෑ

    8. ගිය එව්න් ඔක්කොම චන්ද පදනමක් නැති මහ වැලේ වැල් නැති එව්න්.ඔන්න කෙහෙලියලා,ජී.එල් ලා ,විමල් ලා, සුසිල් ප්‍රේමජයන්තලා,අනුර ප්‍රිය දර්ශනයාපලා වගේ පැන්නනම් මහින්දට ඇප නෑ

    9. චම්පිකට චන්දේ දුන්නේ ශ්‍රීලංකා කාරයෝ බව උට අමතක උනා.ඌත් ඉවරයි උගේ පක්ෂෙත් ඉවරයි.

    10. කොලඹ පරිගණක ආශ්‍රිත රස්සා කරන යූ.එන්.පී , ජේ.වී.පී සෙට් එකක් ෆෝම් වෙලා දගලනවා.ඔය සෙට් එකම තමා ගිය පාරත් ෆොන්සේකාට හිටියෙ.උන් ගෙනුත් සමහර එව්න් යාලුවෝ ඉස්සරහ මහින්දට බනිනවා, ගමේ ඇවිත් මහින්දට චන්දේ දානවා.

    1. ලප කුමාරයා ෆේස් බුක් එකේ ජනාදිපති කරෙත් ඔය සෙට් එක.ගම් වලට ගියාම සිරිසේනෙක් තියා උගෙ බල්ලෙක්වත් නෑ.ගම් වල එව්න් දන්නේ රනිලුයි,චන්ද්‍රිකායි විතරයි.සිරිසේන කිව්වාම උන් දන්නෙත් නෑ

    12. උන් ඒක හින්දා ගම් වල එව්න්ට කියන්නේ මෝඩයෝ කියලා.ගම් වල එව්න් උන්ට කියන්නේ මෝඩයෝ කියලා.ෆොන්සේකාට මීට වඩා රැල්ලක් තිබ්බා ගම් වල. සිරාට ඒකෙන් බාගයක්වත් නෑ.අද අයි.ටී දියුනු නිසා එකම සෙට් එකක් කියන ප්‍රවෘත්ති වගයක් හැම තැනම හැම විටම ප්‍රචාරය වෙනවා.ඉතින් හිතන්නේ හෙන ජනතා නැගිටීමක් කියලා.ඒකනේ චන්දෙ ඉවර උනාම උන්ම රැවටෙන්නේ හොර චන්දේ දාලා කියලා.

    13. කොලඹ ඉන්නේ ඇවිත් රස්සා කරන්නේ ගම් වලින් ආපු එව්න් කියලා මුන්ට තේරෙන්නේ නෑ.ඔය කොල්ලෝ කෙල්ලෝ සෙට් එක නියෝජනය කරන ගම් වලින් සමහර විත ඌ හරි ඒකි හරි විතරයි සිරාට චන්දෙ දෙන්නේ.උන් ඔක්කොම කොලඹට එක් වුනාම එතන ලොකු බලයක් වගේ පේනවා. ඔය වගේම නෙවේ ඔයිටත් වැඩිය ෆොන්සේකා ඉල්ලනකොට තිබ්බා.

    14. මිනිස්සු චන්දේ දෙන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයට නෙවේ මහින්දට.ඒක තේරෙන්නේ නෑ මේ බූරුවන්ට. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කට්ටිය ගියා කියලා පොඩී බල පෑමක් තියෙයි එච්චරයි.ඒකයි අනික් එව්න් පැන්නේ නැත්තේ.

    15. මේ රටේ එව්න් බෝම්බ ගහනකොට කෑලි කෑලි වලට කුඩු වෙලා යද්දි බොරුවට කිබුල් කදුලු හෙලලා තමුන්ගේ බලේ රැක ගත්ත රොත්තක් එක්ක සිරා සෙට් උනා කියලා මිනිස්සු උට චන්දේ දෙන්නෙ නෑ

    16. හමුදාවේ චන්ද මේ පාර මහින්දට අඩු වෙනවා. ඒක ස්වභාවිකයි.මොකද ඔච්චර ලොකු හමුදාවක් නඩත්තු කරන්න මේ රටට සල්ලි නෑ.උන්ගෙන් වැඩ ගන්න වෙනවා.උන්ට ඒකට මල පැන්න කියලා ඉතින් අනික් එව්න්ට කරන්න දෙයක් නෑ.යුද්දෙට ගිය එව්න්ගෙන් වැඩ ගන්නෙ නෑ.යුද්දේ ඉවර වෙලා නිකන් ඉදන් පඩි ගන්න හිතා ගෙන හමුදාවට ගිය එව්න්ට වෙලා තියෙන්නේ බේරෙ වැවේ කුණු අදින්න.ඒක ඉතින් කරන්න දෙයක් නෑ.මොකෝ උන් ගෙදර හිටියා කියලා කරණ ඉටි ගෙඩියකුත් නෑනෙ. ඒක එහෙමයි කියලා රටේ අනික් එව්න්ට ඔක්කොම අමතක කරලා වැඩ කරන්න බෑනෙ

    17. සිරාට කඩේ යන ආචාර්‍ය නඩේ ගැන මම මොකුත් කියන්නේ නෑ.උන් ඔක්කොටම තියෙන පිස්සුව මොක්ද කියලා දන්න්වනේ.කලා කරුවො කියන එව්නුත් එහෙමයි.අර ඉන්ද්‍රචාප කියන පිස්සයි, කසුන් කල්හාර කියන බේබද්දයි, සමනලී ෆොන්සේකා කියන ගණිකාවයි පස්සෙන් යනවා.මේවා අපි නෙවේ කියන්නේ උන්මයි.

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...