Friday, December 26, 2014

තිස්ස අත්තනායක එළියට දාපු හොර ගිවිසුම රටට කෙසේ බලපාවිද?

පසුගියදා තිස්ස අත්තනායකයන් විසින් රටට හෙළි කරන ලද රනිල් සහ මෛත්‍රී අතර ඇති වුනා යැයි කියන ගිවිසුම බොරු එකක් යැයි, දැන් දැන් විපක්ශයේ පාර්ශ්ව විසින් හෙළි කරමින් යමින් සිටී. එසේ කලානම් තිස්ස කර ඇත්තේ ඉතා බරපතල වැරැද්දක් මෙන්ම පහත් පෙලේ කඩේ යාමක් බවද මම විශ්වාස කරමි. විපක්ෂය මේ පිළිබඳ විස්තර කරමින් මෙම ගිවිසුම බොරු එකක් බව ඔප්පු කරන අයුරු පිළිබඳව අපි සලකා බලමු.

1. අත්සන් ව්‍යාජ යැයි පැවසීම.
මෙය හොද ස්ථානයකි. අත්සන් වැරදිනම් ආයේ කතා කල යුතු දෙයක් නැත.

2. මෛත්‍රී නොවැම්බර් 1 වන විට මේක අත්සන් කරන්නේ කොහොමද යැයි පැවසීම.
  තර්කානුකූලව නිවැරදි නමුත්, පොදු අපේක්ෂකයා ලෙස පෙනී සිටීම සම්භන්දව එජාප කෘත්‍යාධිකරණ මණ්ඩලය තීරණය කරන්නට යම් සාධක අවශ්‍ය බව සිතේ.. අනෙක නම් ඊයේ එන්න කියා අද මෛත්‍රී ආවා යැයි විශ්වාස කිරීමට නොහැකි වුවත් මේ කාරණයේදී විපක්ශය ඉදිරිපත් කරන කාරනය බර වැඩිය.

3. රනිල් මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීම
 මේ තුලින් රනිල් නිර්දෝශී යැයි මහජනතාවට ප්‍රභල සාක්ෂියක් සපයයි...

4. රුපියල් මිලියන 2500ක් ඉල්ලා මෛත්‍රී තිස්සට විරුද්ධව එන්තර වාසියක් යැවීම.
 මේ තුලින් මෛත්‍රී නිර්දෝශී යැයි රටේ ජනතාවට ප්‍රභල සාක්ෂියක් සපයයි...

ඉහත කරුණු නිසා තිස්ස අත්තනායක කල හෙළි දරව්ව පිළිබඳව ප්‍රභල ගැටුමක් අද වන විට ඇති වී තිබේ... ඒ පිළිබඳව විමසීමේදී එතනින් එහා ගිය යමක් පිළිබඳව ඔබේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.

විපක්ශ වේදිකාවේදී තිස්ස අත්තනායකගේ මෙම ගිවිසුම බොරු යැයි පුන පුනා කියන ඔවුන් මෙහි සඳහන් කාරණයන් පිළිබඳව නිශ්ෂබ්ද වන්නේ ඇයි කියන කරුණ පිළිබඳව කිසිදු කතිකයෙකු කට නොඇරීම පිළිබඳව විස්මයට පත් විය යුතුය.. ඇරියත් ඒ පාඨලී රණවක හැර වෙන අයෙක් නෙවේ.. ඔහුද කට අරින්නේ මඳ වෙලාවකටය.. අපි එම කාරණය කරුණු වශයෙන් විමසා බලමු. මෙහි අනෙක් කරුණු අභ්‍යන්තර කරුනු නිසා 2.7 සිට විමසා බලමු.. ඇයිද යත් එය රටේ තිබෙන ජාතික ප්‍රශ්ණය නිසාවෙනි.

1. සියළු අධි ආරක්ෂිත කලාප ඉවත් කර එහි මුල් ඉඩම් අයිති කරුවන්ට ලබා දීමටද,

 මේ පිළිබඳව ප්‍රතිපත්ති ප්‍රකාශණයේදී මෙන්ම මැතිවරණ වේදිකාවේදීත් විපක්ශය කටක් අරින්නේ නැත.

2. දෙමළ ජනතාවගේ අභිලාශය ඉටුවන පරිද්දෙන් 13වන සංශෝධනයට එහා ගිය බලය බෙදීමක් සිදු කිරීමටද,

 මේ පිළිබඳවත් විපක්ශයේ කිසිවෙක් කට හොල්ලන්නේ නැත. ප්‍රතිපත්ති ප්‍රකාශණයේ සඳහනක්ද නැත.

3. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් යුධ අපරාධ සහ මානව හිමිකම් කඩ කිරීම සම්භන්ධයෙන් ශ්‍රී ලංකාවට කරන ලද නිර්දේශ සියල්ලම ක්‍රියාත්මක කිරීම සඳහා, ජාත්‍යාන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටද,

 මේ පිළිබඳව ලංකාවේදී කටක් අරින්නේ නැති නමුදු, ද හින්දු පුවත්පතට අදහස් ලබා දී තිබේ... ඒ යුධ අපරාධ සම්භන්ධයෙන් දේශීය පරීක්ෂනයක් ඇරඹීමට නියමිත බවය.

5. යුද්ධය අවසන් වී ඇති හෙයින් ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වැය කරන මුදල 40%කින් කපා හැර එම අරමුදල් උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු සඳහා යෙදවීමටද,

 මෙහි වරදක් නැත. ආරක්ශක හා නාගරික සංවර්ධන යන කොටස් දෙක වෙන් කලාට පසු ඉතිරි වෙන්නේ 60% වගේ ප්‍රමාණයක්ය.

6. රාජ්‍ය අංශයට බඳවා ගැනීම් මහා භාණ්ඩාගාරයට බරක් වී ඇති හෙයින්, රාජ්‍ය සේවයට අළුතින් බඳවා ගැනීම් වහාම අත් හිටුවා දේශපාලන වශයෙන් ලබා දුන් සියලු පත්වීම් සහ උසස්වීම් වහාම අවලංගු කිරීමටද,

 මේ සම්භන්ධවද කිසිදු වැකියක් ප්‍රකාශ වී නැත. ඒ පිළිබඳවද විපක්ෂ කතිකයන් මුනිවත රකී.

ගිවිසුම වැරදි නම් ඒ ගන්නා ක්‍රියා මාර්ග ගත යුතු සේම එහි අන්තර්ගතය පිළිබඳවත් ජනතාව දැනුවත් කිරීම වටිනා බව මගේ අදහසයි.. මේ කරුණු රටේ ජාතික ආරක්ෂාවට මෙන්ම රටේ අනාගතයටද සැබෑ ලෙස බලපාන කරුණු වේ.. ඒ නිසා මෙම කරුණු පිළිබඳව විපක්ෂයේ මතය දැන ගැනීමට රටේ ජනතාව බලා සිටින බව අපි හැමෝම දනිමු. එබැවින් එය ඉක්මණින් සිදුවන තරමට මෛත්‍රී පාර්ශ්වයට හිතකර බලාපොරොත්තුවක් ඇති කර ගත හැකියැයි මම සිතමි.

නමුත් වේදිකාව තුල මේ සම්භන්දයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමත්, ප්‍රතිපත්ති ප්‍රකාශණය තුලට මෙය ඇතුලත් නොකිරීමත්, දැනට ඔහු වටා රොක් වූ මුස්ලිම් කොන්ග්‍රසය, ටී එන් ඒ වැනි සංවිධානවල අරමුණු කෙරෙහිත් බැලූ කල මේ රටේ බුද්ධිමත් ඡන්ද දායකයාට මෛත්‍රීට විරුද්ධ වීමට එයම ප්‍රමාණවත් කරුණක් වනු ඇත. 

23 comments:

  1. ඔයා කතා කරල තියෙන දේවල් කොයිතරම් සිම්පල් එකට විසඳන්න පුලුවන්ද.හොරකම් දුෂන,වලින් නාස්ති කරන සල්ලි ඉතිරි කිරීම,අපේ අපනයන වලට ලැබුන පහසුකම් නැවත ලබාගැනීම,උගත් තරුන ස්‍රමය සංවර්දනයට දායක කරගැනීම,හැම දෙනාම ස්‍රීලාංකිකයන් ලෙස සැලකීම.මේ ටික විතරක්ම ඇති ඔය ලියල තියෙන ප්‍රස්න විසඳන්න.මහින්ද නොකරන්නෙම මේ දේවල් නෙ.

    ReplyDelete
    Replies
    1. 2005 ට කලින් කොටුවේ ස්ටේෂන් එක ලඟට, අධ්‍යාපන අමාත්‍යාංශේ ලඟට, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ලඟට එහෙම ගිහින් තිබුනානම් ඔබේ ඔය ප්‍රශ්ණ රාශියකට පිළිතුරු ලැබෙනවා..

      Delete
    2. එතකොට ඔයාට මතක නැද්ද චන්ද්‍රිකා, රනිල් එහෙම කරපු දේවල් ගැන. චන්ද්‍රිකා රට විකුණන් කෑවා. (සීනි කර්මාන්තශාලාව, ගෑස් සමාගම වගේ දේවල්) රනිල් හොර ගිවිසුම් ගැහුවා.ඒ වගේම රාජ්‍ය සේවකයෝ ලක්ෂ 3 ට අඩු කළා. එහෙම බැලුවම මහින්ද දාහෙන් සම්පතක්.

      Delete
  2. අපේ රටේ ඔය ගිවිසුම් , ප්‍රතිපත්ති ප්‍රකාශන ගැන හිතලා , කියවලා චන්දෙ දෙන ඒ ගැන අවබෝදයක් තිබෙන වැඩි දෙනා අද මොනා කීවත් මහින්ද එලවන්න තීරණය කරලා අවසානයි , මහින්දගේ මද ප්‍රචාර කොපමණ ආවත් වැඩක් නැහැ . අනික ඔය ගිවිසුම් , ප්‍රකාශන වල තියෙන දේවල් කව්ද ඉටුකරන්නේ , මහින්ද 2 පාරක් ව්‍යවස්ථාව සන්සොදනයකරනවා කියලා නොකර ලජ්ජා නැතිව 3 වෙනි වරටත් කරනවා කියනවා ,
    ඊ ලඟට 13 දෙනවාද නැද්ද කීමත් , දෙමල අයගේ ඉඩම් දෙනවා ද නැද්ද කීමත් මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න අවැසි නැහැ , මෙවර චන්දෙ ඉල්ලන්නේ විදායක ජනපතිගේ බලතල අඩුකර 17 ක්‍රියාත්මක කරන්න , අනිකුත් දේවල් ඊළඟ මහමැතිවරණ පොරොන්දු වලදී පුළුවන්. මේ චන්දෙන් 13 දීම හෝ නොදීම වෙන්නේ නැහැ ඊට වඩා කලයුතු දේවල් තිබෙනවා ,

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මෛත්‍රී දිනවිය යුත්තේ එකම එක පොරොන්දුවක් ඉටු කර ගැනීමට කියලද?

      Delete
    2. ඇයි 13 ගැනවත්, ඉඩම් බලතල ගැනවත් කියන්න ඕනේ නැත්තේ. එක රටට බලපාන ප්‍රධාන ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔයාට ඕනේ රට බෙදන්නද? (ඔය වගේ උන්ට තමයි දේශද්‍රෝහීන් කියන්නේ) නැත්නම් ඔයා කිසිදෙයක් නොදන්න, අනිත් අය කියන දේවල් නැවතත් කියන මෙලෝ රහක් නැති මිනිහෙක්. (13 සංශෝදනය, 17 සංශෝදනය, ඉඩම් බලතල ගැන ඔයා දන්නවද?)

      අනිත් එක විදායක බලතල ගැන දේශපාලකයෝ ඇරෙන්න සාමාන්‍ය මිනිස්සු කතාකරනවා ඇහිලා තියෙනවද?

      "මේ චන්දෙන් 13 දීම හෝ නොදීම වෙන්නේ නැහැ ඊට වඩා කලයුතු දේවල් තිබෙනවා"
      මේක තීරණය කරන්නේ ඡන්දය දෙන මිනිස්සු නෙමෙයි. පත්වෙන ජනාධිපති. මෝඩ කතා කියන්න එපා.

      "අනික ඔය ගිවිසුම් , ප්‍රකාශන වල තියෙන දේවල් කව්ද ඉටුකරන්නේ "
      ඒ කියන්නේ ඔයා පිලිගන්නවා මෛත්‍රී කියන දේවලුත් ඉටු වෙන්නේ නෑ කියලා. ඒකෙන්ම ඔයාගේ තර්කය කැඩෙනවනේ .

      Delete
  3. අපේ රටේ ඔය ගිවිසුම් , ප්‍රතිපත්ති ප්‍රකාශන ගැන හිතලා , කියවලා චන්දෙ දෙන ඒ ගැන අවබෝදයක් තිබෙන වැඩි දෙනා අද මොනා කීවත් මහින්ද එලවන්න තීරණය කරලා අවසානයි , මහින්දගේ මද ප්‍රචාර කොපමණ ආවත් වැඩක් නැහැ . අනික ඔය ගිවිසුම් , ප්‍රකාශන වල තියෙන දේවල් කව්ද ඉටුකරන්නේ , මහින්ද 2 පාරක් ව්‍යවස්ථාව සන්සොදනයකරනවා කියලා නොකර ලජ්ජා නැතිව 3 වෙනි වරටත් කරනවා කියනවා ,
    ඊ ලඟට 13 දෙනවාද නැද්ද කීමත් , දෙමල අයගේ ඉඩම් දෙනවා ද නැද්ද කීමත් මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න අවැසි නැහැ , මෙවර චන්දෙ ඉල්ලන්නේ විදායක ජනපතිගේ බලතල අඩුකර 17 ක්‍රියාත්මක කරන්න , අනිකුත් දේවල් ඊළඟ මහමැතිවරණ පොරොන්දු වලදී පුළුවන්. මේ චන්දෙන් 13 දීම හෝ නොදීම වෙන්නේ නැහැ ඊට වඩා කලයුතු දේවල් තිබෙනවා ,

    ReplyDelete
  4. ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න....
    හහ් හහ් හා.... මේ සියල්ල විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. හඳ පෙන්වපුහාම ඇඟිල්ල දිහා බැලීම නෙවෙයි වැදගත් වෙන්නේ..

      Delete
  5. මගේ අත්සන හොරට ගසා කව්රුහරි කෙල්ලෙකුට ලිව්මක් ලියනවා . මම කියනවා මේකේ අත්සන මගේ නොවෙයි මෙක බොරු ලියවිල්ලක් කියලා. එතකොට ඔයා අහනවා මේ ලිව්මේ තියන විදිහට ඔයා එයාට ආදරේද ? කියලා මේ මොන පිස්සුවක්ද ?

    ReplyDelete
    Replies
    1. පෙම් හසුනක කොන්දේසි තියෙනවද?

      Delete
    2. එතකොට ඔයා කියනවා නේද "නෑ. මේක ලියපු එකක් නෙමෙයි. මේකේ තියෙන විදිහට මම එයාට ආදරේ නෑ" කියල. ඔයා ඒක ප්‍රතික්ෂේප කරනවනේ. (එහෙම කලේ නැත්නම් ඒ කියන්නේ ඔයා ඇත්තටම ආදරෙයි.) ඒ උනාට මෙතන එහෙම ප්‍රතික්ෂේප කිරීමක් කරන්නේ නෑ. ඒ කියන්නේ එතන පිළිගැනීමකුත් තියෙනවා. නැත්නම් කෙලින්ම කියන්න පුළුවන්නේ අපි මෙහෙම කරන්නේ නෑ කියල.

      Delete
  6. තිස්ස අත්තනායක කිය කියා යන ඔය ගිවිසුම බොරු ලියවිල්ලක්නම් එහි අන්තර්ගතය ගැන කතා කිරීමට ඇති අවශ්‍යතාව මොකක්ද? ඔයාගෙ කතාවට ඉතින් ටිකක් නෙවෙයි ගොඩක්ම හිනා යනවා.

    ReplyDelete
    Replies
    1. ඒකේ තියෙන කරුණු ගැන කතා කරනවා නම් මුලක ඉදන් කතා කරනවනේ මිත්‍රයා.. නමුත් මම කතා කලේ රටට වැදගත් වන පොදු කරුණු කිහිපයක් ගැන... මෙම ගිවිසුමේ තිබුනත් නැතත් ඒ ගැන අවධානය යොමු විය යුතුයි...

      Delete
    2. තාම ඔප්පු කලේ නෑ මේක බොරුවක් කියලා. එතකන් හිනාව නවත්තගන්න.

      Delete
  7. මේ සිවිසුම කියන එක පටන් අරන් තියෙන්නෙ "2015 ජනවාරි මස පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ......... " කියල

    2015 ජනවාරි මාසයේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව 2014 නොවැම්බර් 01 වෙනිදා දැනගන්න විදිහක් නැහැනෙ. ජනාධිපතිවරණය කැඳෙව්වෙ නොවැම්බර් 21 ද කොහෙදො.

    ReplyDelete
    Replies
    1. මෛත්‍රී හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ මහ ලේකම් වෙලා කියලයි මට මතක...

      Delete
  8. මේ සිවිසුම කියන එක පටන් අරන් තියෙන්නෙ "2015 ජනවාරි මස පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ......... " කියල

    2015 ජනවාරි මාසයේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව 2014 නොවැම්බර් 01 වෙනිදා දැනගන්න විදිහක් නැහැනෙ. ජනාධිපතිවරණය කැඳෙව්වෙ නොවැම්බර් 21 ද කොහෙදො.

    ReplyDelete
  9. තිස්ස අත්තනායක අලි පාටියෙන් මහින්ද මහත්තයා ගාවට එන්නේ එයාට කිසිම දෙයක් කියන්නෙත් නෑ, කිසිම දේකට සහභාගි කර ගන්නෙත් නෑ. මෙළෝ දේකට මාව නෑ කියලා අඬාගෙන. එහෙම ආපු එකා ගාව දවස් පහකට විතර පස්සේ ගිවිසුමක් උස්සගෙන එනවා. මෙවට හිනායන්නේ පුකෙන්. අඩු ගානේ ඕක හදපු විමල්වත් මෙන්න බඩු කියලා ගෙනාවා නම් පිටපතේ සාර්ථක ගතියක් තියෙනවා. මේකේ පිටපත් ෆුල් අවුට්. ඕකට මිනිස්සු කියන්නේ "හොරු හදපු හොර ගිවිසුම" කියලා.

    ඒක උඹේ හෙඩින් එකෙත් තියෙනවා. අනික ඉතින් උඹ අපට කියන්නේ ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න කියලා නේ.. ඕන් ටිකක් නෙමෙයි.. අපි නම් පුකෙනුත් හිනා උනා...

    ReplyDelete
  10. මෙහෙමනේ තිස්ස හිටපු මහලේකම් නොවැ............. ඉතින් ඔන්න ඔහේ ගිවිසුමකුත් හදලා අත්සන් දෙකත් ගහන්න අැති... දැනුත් ඔය වගේ වැඩද දන්නෑ කරන්නේ..................

    ReplyDelete
  11. Mathalan kiyanaeka hariyatama hari.(Ranjan)

    ReplyDelete
  12. Hora hora hora .........

    ReplyDelete
  13. Hora hora hora...
    Abhiithage mooda choon...

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...