Wednesday, January 7, 2015

2015 මැතිවරණ අනාවැකිය, යහපාලනය ඇති කිරීම සහ පවත්වාගෙන යාම.. මෛත්‍රී වෙත ඡන්දය ප්‍රකාශ කරමුද?

අද දවසේ උණුසුම්ම මාතෘකාව හෙට පැවැත්වෙන ඡන්දයයි... යහපාලනය යන්න මෙම මැතිවරණ වේදිකාවේ ඉහලින්ම කියවෙන වචනයයි. එනිසා අපි යහපාලනය ඇති කිරීම සේම එය පවත්වාගෙන යාම පිළිබඳවත් කථා කරමු. මෙම මාතෘකාව ශ්‍රී ලංකික දේශපාලනය සඳහා කොයි තරම් අදාල වේදැයි අපි මොහොතකට සිතමු.

සේනානායකවරුන්, බණ්ඩාරණායක වරුන් සිටි කාලය මෙන් අද කිසිවකු සමාජ සේවය උදෙසා දේශපාලනයට එන්නේ නැත. දැන් දේශපාලනයේ යෙදෙන පක්ෂ විපක්ෂ සියළු මන්ත්‍රී වරුන්ට එය හුදෙක්ම රැකියාවක් මෙන්ම ව්‍යාපාරයක්ද වේ.. ලක්ෂ ගණන් සල්ලි විසි කර ඡන්දය දිනා කෝටි ගනන් ඉපයීමේ අරමුණ ඔවුන්ගේ සිත් තුල තිබෙන බවට කිසිදි සැකයක් අප සිත් තුල නැත. එම ප්‍රායෝගික සත්‍යයට අප මුවින් විරුද්ධ වුවත් මගේත් ඔබේත් හැමගේත් හදවත් ඒ පිළිබඳව එකඟ වෙනවා ඇත. උදාහරණ බලන්න. මහින්ද පාක්ශිකයින් මහින්දගේ සහ සහෝදරයින්ගේ ඉපයීම් ගැන දනිති.. මෛත්‍රී පාක්ශිකයින් මෛත්‍රීගේ මෙන්ම, සහෝදරයින්ගේ ඉපැයීම් ගැන දනිති.. නමුත් තමන් කැමති අපේක්ෂකයාගේ ඉපැයීම් නොදකිමින් අනෙක් පාර්ශ්වයේ ඉපැයීම් දකිති.

නමුත් "සාපේක්ෂ" නමින් වචනයක් සිංහල භාශාව තුල ඇත. 1979 සිට 2005 වන තෙක් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අඩු නැති ලංකාවක් අපට හිමිව තිබිණ.. 1988 මැතිවරණයේ සාධාරණත්වය කොතෙක්ද යත් ඡන්ද පෙට්ටි 72ක්ම ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට ආවේ එකදු ඡන්ද පත්‍රිකාවක්වත් නොමැතිව හිස් පෙට්ටි ලෙසිනි. 94 දී චන්ද්‍රිකා මැතිණියට රැල්ලක් තිබුණත් මැතිවරණ වංචා මෙන්ම ප්‍රචණ්ඩ ක්‍රියාද බොහෝ විය.. 2002 මැතිවරණ රාජකාරී වල යෙදුණු මම ගෙදර ආවේ දකුණු කණට ඉහලින් ප්ලාස්ටර් එකකුත් දමාගෙනය. ඒ අපේ ඉතිහාසයයි.. අද මෙවැනි ක්‍රියා ඉතිහාසයට "සාපේක්ෂව" අවම මට්ටමක පවතී.. ඉදිරි කාලයේ එය ශූන්‍ය කර ගැනීමට හැකිවෙතැයි නොසිතුවත් මීටත් වඩා අඩු මට්ටමකට ඒවි යැයි බලාපොරොත්තු වෙමි.

බෝම්බ වලින් ගහන ජීවිතය පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් අපට තිබිණි.. උදේ ගෙදරින් ගොස් හවස ගෙදර එනතුරු අපේ ජීවිතය පිළිබඳව අප විශ්වාස කලේ නැත. අද එසේ නැත. අපි සාමකාමීව බලාපොරොත්තු පොදි බඳිමි ජීවත් වෙමු. එදාට "සාපේක්ෂව" මෙදා අපි නිදහස සිතුසේ භුක්ති විඳිමි.

එකල මාධ්‍ය කරුවන්ට අත් වූ ඉරණම අපට මතකය. මාධ්‍යවේදීන්ගේ පෑන එසවෙත්ම ඔවුන් උණ්ඩයට බිලිවී තිබිණ. ප්‍රගීත් සහ ලසන්ත හැරුණු කොට වෙනත් මාධ්‍ය ඝාතනයක් පහුගිය අවුරුදු 10 පුරා අපට මතක් නොවෙන ගානය. අන්තර් ජාල මාධ්‍ය ඔස්සේ ඕනෑම අයෙක් ඕනෑම දෙයක් පවසයි.. ඔවුන්ට අත් වෙන මරණයක් නැත. සුදු වෑන් භීතිකාවක් තිබුනද, එහි චාරිකා කරන ල නිවැරදි කරුවෙක් පිළිබඳ මතකයක් නැත... එදාට "සාපේක්ෂව" මාධ්‍ය නිදහස අපි සිත් සේ භුක්ති විඳිමු. 

දේශපාලන රැකවරණ ලබන කොටි ගැනද කිව යුතුය.. අද මේ ආණ්ඩුවෙන් කේපී, කරුනා මෙන්ම පිල්ලෙයාන්ද දේශපාලන රැකවරණ ලබන බව විපක්ෂය පුන පුනා කියති. නමුත් නිල නොවන වශයෙන් කලින් පැවති සියළු ආණ්ඩු වලදී ප්‍රභාකරන් නමැති කොටි නායකයා මෙන්ම ඔවුන්ගේ ප්‍රභල ත්‍රස්ත අනුගාමිකයෝද රැකවරණය ලැබුවායැයි කියන්නට අපේ කට ගොළු වුවත්, හවත දනී.. එදාට "සාපේක්ශව" ආණ්ඩුවේ රැකවරණ ලබන ත්‍රස්තවාදීන් අද අපට නැත.

දූෂණ වංචා ගැන කියති. රට පුරා සැකසූ යටිතල පහසුකම් ගැන කතා නොකර ව්‍යාපෘති දහයක පමණ මහා පරිමාණ වංචා පිළිබඳව විපක්ශය කියති.. ඊට පිළිතුරු දෙන ආන්ඩු පක්ශ නිළධාරීන්ගේ වචන තඹයකට නොසලකා ඔවුන් දිගින් දිගටම වංචා වූවා යැයිද කියති. විවාද වලදීද ආණ්ඩු පක්ශය එම කාර්යයන් සාධරණය කරන්නට උත්සහ ගනිද්දී ඊට ඇහුම් කන් දෙන්නටවත් උත්සහ නොකර ඔවුන් දිගින් දිගටම එම වංචා ගැන කියති. වංචා සිදු වූයේ නැත කියන්නට මම අධම වන්නේ නැත. නමුත් මේ කියන තරම් යකා කළුදැයි මම ඔබෙන් අසමි. 

රජයේ ව්‍යාපෘතිවල ආදායම් මහ ජනතාවට නොලැබෙන බවට විපක්ෂය චෝදනා කරති. ඔවුන් මේ රවටන්නට උත්සහ කරන්නේ අපවය. දිගු කාලීන ආයෝජන වල ප්‍රතිලාභ මහ ජනතාවට ක්ෂණික නූඩ්ල්ස් සේ විනාඩි දෙකකින් ලැබේනම්, ආසියාවේ අශ්චර්යය කරා යන ගමනට අපට මෙතරම් නටන්නට වන්නේ නැත. ඒ යටි තල පහසුකම් නිසාම අද දවසේ ශ්‍රී ලංකාව අයෝජනයට කදිම තෝ තැන්නක් බව අන්තර්ජාතික ප්‍රජාව විශ්වාස කරති. අන්තර්ජාලය භාවිත කරන ඔබට මෙම කරුණු හොයා ගැනීමට වැඩි වෙනසක් දැරීමට සිදු වන්නේ නැත.

බෙදුම් වාදයද, අන්තවාදයද යුධමය වශයෙන් අද දින අප රට තුල නැත. නමුත් මතවාදීමය වශයෙන් ඇත. ජනපතිගේ වචනයට පිටින් නොයන 'බොදු බල සේනාව' අද ජනපති ලඟය. ඒ වචනය පසෙක ලා, මස් රාත්තලම ඉල්ලන අන්තවාදී සියළු දෙනා අද මෛත්‍රී ලඟය. "අපි ලඟ ගිවිසුම් නෑ. නමුත් ජයග්‍රහයෙන් පසුව අප අපේ ඉල්ලෙම් පිළිබඳව පොදු අපේක්ෂක සමඟ සාකච්ඡා කරනවා", දෙමල සන්ධානයේ බළලා මල්ලෙන් එළියට පැන්නේ එසේය.

මීගමුවේ ධීවර උද්ඝෝශණ, රතු පස්වල උද්ඝෝශණ වලදී මහ ජනතාව මිය ගියේය. පාසැල් ගිය සිසුවෙක්ද ගෙදර ආවේ මිනී පෙට්ටියකිනි. නමුත් ඊට එහා අතීතය අපට මතකය. උද්ඝෝෂණයකදී පොලීසිය අවම බලය වෙනුවට හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව, උපරිම බලය පාවිච්චි කල අවස්ථා එමටය. තම ඉල්ලීම් දිනා ගැන්මට ගොස් සමූහ වශයෙන් ඝාතනය වූ කාලයක් තිබිණ. උතුර නැගෙනහිර පෙදෙස්වල ලමුන් පාසැල් ගොස් නැවත ගෙදරට නොපැමිණීම එම දෙමාපියන්ට සාමාන්‍ය දෙයක් වී තිබිණ. ඇඹිලිපිටියේ දරුවන් දස දෙනෙක්ම පාසැල් ගොසින් හොර රහසේම සූරියකන්දේ මිහිදන් වී තිබිණ. ඒ අප තුල තිබෙන මතකයයි.. 2005 වසරට කළින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරි පිට ස්ථිර පලකයක් ඉදිව තිබුනේ රැකියා විරහිත උපාධිධාරීන්ට උපවාස කිරීමටය... අද එසේ නැත. එදාට "සාපේක්ෂව" අද දින උපදින අපේ දරුවාගේ හෙට දින සුරක්ෂිතය.

ඒ කාලයට "සාපේක්ෂව" මේ කාලයේ වෙනස මෙයයි. වෙනස ඇති වී ඇත. යහ පාලනයද ඇති වී ඇත. එබැවින් එය නන්නත්තාර කර ගන්නවාද? නැතිනම් එය තව දුරටත් පිළිවෙළක් කර ගන්නවාද? යන්න ඔබ විසින් තීරණය කල යුතුය. මැතිවරණ වේදිකාවේ තිබෙන ප්‍රධාන කරුණු කිහිපය මම කෙටියෙන් දැක්වීමි. මෙහි බේසික් එක නැත්නම් ප්‍රාථමික ස්වරූපය එලෙස යැයි අපි සැවොම දනිමු. නමුත් අපේ ඇසේ තිබෙන පාට කණ්ණාඩි නිසා අපි මේ කතා අපිට ඕන විදිහට වෙනස් කරගෙන සිටිමු. 

මෛත්‍රීපාල මැතිඳුන්ට පැමිණ යහපාලනයක් කියා ඇති කිරීමට දෙයක් නොමැත. ඔහුට ඇත්තේ "යහපාලනය" නමැති නිවසේ පදිංචි වීමය. ඕනනම් ඇටෑච් බාතෲම් සාදා, සිවිලිම් ගසා, වායු සමීකරණ සවි කිරීමට ඔහුට හැකිය. නමුත් දේශපාලන වශයෙන් දිගු කාලයක් අනාත වී සිටි ඇරියස් කාරයින් බොහෝ දෙනෙක් ඔහු වටේ සිටිති.. ඔවුන් මේ ඇරියස් කවර් කරන කල, ඔහුට "යහපාලන" නිවසේ වහලය, මෙන්ම දොර ජනෙල්ද ගලවා තෙමි තෙමි සිටින්නට සිදු වන්නේය.

මා දකින යහපාලනය මෙයයි.. ෆැන්ටසිය අත හැර පොළවට පය තැබිය යුතුය... එවිට මේ සියල්ල තේරුම් යනු ඇත. එසේ වූ කල මෛත්‍රීට ඡන්දය දිය යුතුද යන ගැටළුව ඔබ ඔබෙන්ම අසාවි. රටේ අවිනිශ්චිත  යහපාලනයක් ගැන සිතා මෛත්‍රීට ඡන්දය දී ඔබේ අයිතියේ වටිනාකම අඩු කරගන්නට ඔබ කැමතිදැයි මට ඔබෙන් අසන්නට සිත් වේ. බුද්ධියට මෙන්ම හදවතට ඉඩ දෙන්න... ඔබේ ඡන්දය නිවැරදිව පාවිච්චි කරන්න.

2015 අනාවැකිය.



53% - 56% ත් අතර ප්‍රතිශතයක් ඇතිව ශ්‍රී ලංකාවේ ජනාධිපති වරයා ලෙස තෙවන වරටත් පත් වීමේ වාර්තාව සමඟ මහින්ද රාජපක්ෂයන් නැවතත් ජනාධිපති වනවා ඇත. ඔහුට මඩ ගැසූ, ඔහුට විරුද්ධ අනේක විද හිරිහැර කල අය, 2015 ජනවාරි 9 වෙනිදාටත් කිසිදු හිරිහැරයක් නැතිව එලෙසින්ම සිටිනු ඇත. අන්තර ජාලයේ ෆේක් ප්‍රොෆයිල් රාශියකින් සර්වර් සියල්ල නිදහස් වනු ඇත. ගොසිප් සයිට් බොහොමයක් අප්‍රේල් වනතුරු දිගු නිවාඩුවක් ගත කරනු ඇත.

එහෙනම්, සුභ අනාගතයක් මිත්‍රවරුණි. "වසර හතරක තරම් කාලයක සිට ඇති වූ සැබෑ වෙනස" සමඟ මිස, "පරණ පන්නයේ අළුත් වෙනසක්" සමඟ දින දෙකකින් හමු නොවීමට අදිටන් කර ගනිමු.

22 comments:

  1. බොදු බලයට දී තිබෙන සහතිකයෙන්ම ඔබ කොතරම් සාදාරන පුද්ගලයෙක්ද කියා තේරුම් ගත හැක.
    දැන් BMICH එකේ හොර චන්ද ව්‍යාපාරයක තොරතුරු සැලවී හමාරය.
    ITN , රුපවාහිනි හැසිරෙන ආකාරයෙන් ම තේරෙනවා මහින්දගේ සදාචාරය.
    JR ගේ කාලයේ රජයට විරුද්දව තීන්දුවක් දුන්නා කියා විනිසුරුගේ ගෙට ගල් ගැසුවාලු , එකෙන් පෙනෙන්නේ එදා අදිකරණයේ තිබුන ස්වාදීන භාවයයි . අද ගල් ගසන්න උවමනා නැහැ විනිශ්චය දෙන්නේ රජයේ නායකයා විසින්මයි . නැතිනම් අග්රවිනිස්චය කරුත් ගෙදරයවල ඔහුව හිරේ යවන්න ක්‍රමවේද සකස්කරනවා .
    කොහම වෙතත් තව දින 2 කනේ බලමු මොකද වෙන්නේ කියලා ,

    ReplyDelete
    Replies
    1. AnonymousJanuary 7, 2015 at 6:50 PM

      නීති විරෝධී ඡන්ද පත්‍රිකා සහිත මලු ඇති බවට ලද තොරතුරක් මත පොදු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් ඊයේ (7දා) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට පැමිණ සෝදිසි මෙහෙයුමක නිරත වූහ. සම්මන්ත්‍රණ ශාලාවේ තිබූ මලු කිහිපයක් විවෘත කළ පසු එම මලුවල අනුරාධපුර සහ මඩකළපුව ප්‍රදේශවලට යැවීමට සූදානම් කර තිබූ හමුදා නිලධාරීන්ගේ ක්‍රීඩා ඇඳුම් තොගයක් පමණක් සොයා ගැනීමට හැකිවිය. මේ පිරික්සීම සඳහා අතුරලියේ රතන හිමි, කරු ජයසූරිය, රාජිත සේනාරත්න, රවී කරුණානායක, විජිත හේරත්, අර්ජුන රණතුංග යන මන්ත්‍රිවරුන් සහ නීතිඥ වැලිඅමුණ මහතාද සහභාගි වූහ. සම්මන්ත්‍රණ ශාලා අංක 2-204, 2-205, 211 හා 212 යන ශාලා සෝදිසි කළද ඒවායේත් කිසිදු දෙයක් සොයා ගැනීමට නොහැකි විය.

      Delete
  2. මගේ අදහස 50.* ගානකින් හෝ රී කවුන්ට් එකකින් මහින්ද දිනන බවයි. බලමුකෝ අනිද්දා උදේ වෙනකන් විතරයි නේ ගෙස් කිරිලි

    ReplyDelete
  3. "ඔහුට මඩ ගැසූ, ඔහුට විරුද්ධ අනේක විද හිරිහැර කල අය, 2015 ජනවාරි 9 වෙනිදාටත් කිසිදු හිරිහැරයක් නැතිව එලෙසින්ම සිටිනු ඇත."

    mama dakka lankawe Gen. Sarath Fonsekata chanden passe wechcha de oya dakala naththe ..... ane manda!!

    ReplyDelete
  4. "යුද්ධය හා ජාත්‍යන්තාර් කුමන්ත්‍රණ හැරුනු විට රාජපක්ෂලාගේ ලොකුම කයිවාරුව සංවර්ධනයයි. ඔව්න් මේ සඳහා අත දිගු කර පෙන්වන්නේ නැව් නැති වරායන්, ගුවන් යානා නැති ගුවන් තොට, නාට්‍ය නැති රඟහල්, මිනිසුන් හෝ ‍රැස්වීම් නැති සම්ම්න්ත්‍රණ ශාලා , පැයට කි.මී සීයටකටවත් යා නොහැකි අධිවේගී මාර්ග, හැදූ දා සිට අලුත් වැඩියා කරන මහාමාර්ග හා කිසිම කමකට නැති නෙලුම් කුළුණු ආදියයි.

    සංවර්ධනය යන්නෙන් අදහස් වෙන්නේ රටක ජනතාවට කෙටිකාලින හා දිගුකාලින ප්‍රතිලාභ ලබා දෙන්නා වූ ක්‍රියාවලියකි. එහෙත් රාජපක්ෂලාගේ ඉහත දැක් වූ සංවර්ධනයෙන් මෙරට අති මහත් බහුතරයක් වූ දුගී ජනතාවට අත් වී තිබෙන සෙත කවරේද?

    මෙම නිශ්පල ව්‍යාපෘති සඳහා ගිනි පොලියට ලබා ගන්නා ණය හා පොලී ගෙවීම සඳහා ඔවුන්ගේ කිරිපිටි ටිකෙන්, පැට්‍රල් හා භූමි තෙල් ලීටරයෙන් , සීනි 250න්, පරිප්පු සීයෙන් ගෙවීමට සිදු වීම හැර අන් කුමක්ද?

    රාජපක්ෂලාගේ ලොකුම ආඩම්බරය නගර අලංකරණයයෛ. මේ වෙනුවෙන් ඔවුන් පරම්පරා ගණනාවක් ජනයා ජීවත් වූ නිවාස වලින් පලවා හරිමින් සිටිති. තමන් සිටි නිවාසද අහිමි වූ ජනයා කුකුල් කූඩු බඳු තට්‍ටු නිවෙස් තුලට ගාල් කර ඒ වෙනුවෙන් මුදල් ගෙවීමටද බල කරනු ලබමින් සිටිති. රාජපක්ෂලාගේ සංවර්ධනය එයයි.

    රාජපක්ෂලා කොළඹ නගරය අලංකාර කරමින් සිටින අතර ඈත ගම් වල සිසු දරු දැරියන් වැල් පටවල එල්ලී ගංගා තරණය කරමින් වල් අලි ප්‍රහාර මැද පාසල් යති. ව්‍යායාම මං තීරු වලට රුපියල් කෝටි ගණන් වියදම් කරද්දී රජරට ගොවීන් වකුගඩු රෝගයෙන් පීඩා විඳිමින් ලේ පීරිසිදු කිරීමේ යන්ත්‍ර හිඟකම නිසා හා ඖෂධ නොමැතිකමෙන් මිය යති.

    රාජපක්ෂලාගේ අධිවේග මාර්ග හැදීමට හා නඩත්තුවට තම හාල් සේරුවෙන්, කිරි පිටි ටිකෙන්, අල ගෙඩියෙන්, පරීප්පු ටිකෙන් බදු ගෙවන දුප්පතුන්ට තම යතුරු පැදිය හෝ ත්‍රී රෝද රථය ඇතුලු කිරීමට අවසර නැති වීම රාජපක්ෂ සංවර්ධනයේ සැබෑව හෙලිදරව් කරයි.

    මෙවැනි නාස්තිකාර, ජනතාව පරම්පරා ගණනාවකට ණය කරුවන් කරන , පාලක කල්ලිය අති විශාල ලෙස කොමිස් ගසමින් මඩි තරකර ගන්නා ඊනියා සංවර්ධනයයට තව දුරටත් ඉඩ දෙනවා ද යන්න අප ජනවාරි අට වෙනිදාට තීරණය කළ යුතුව තිබේ."

    ReplyDelete
  5. මෙත්මල් පිබිදේවා...
    සිත් තුල,
    මෙත් මල් පිබිදේවා...!!!!

    මෛත්‍රීපාල සිරිසේන - 55% +

    ReplyDelete
  6. හෙට උදේ මෛත්‍රීගේ ජයග්‍රහණය සමරමු.

    ReplyDelete
  7. මට මේ අනාවැකිය දැකලා හිනා යනවා. මොකද මම ගම්පහ ප්‍රදේශයෙ ඉපදිලා වසර ගණනක ඉඳන් විදේශයක ජීවත් වුණත්, අපේ තාත්තා සන්ධානෙ බිම් මට්ටමේ ශාඛා සංවිධායකයෙක්. අපේ අම්මගෙ, තාත්තගෙ සියලු පරම්පරාවල් කැපුවත් නිල්, ශ්‍රී ලංකා කාරයො. ඒත් මට පුදුමෙ මේ පාර දෙසැම්බර් ලංකාවට ආවාම මේ සේරම මහින්ද විරෝධීන් වීම. අපේ පැත්තෙ බිම් මට්ටමේ කිසිම කෙනෙක් මහින්දට වැඩ කරන්නෙ නෑ (පාරම්පරික ශ්‍රී ලංකා කාරයො ) සමහරු එලි පිටම බණිනවා, සමහරු ඡන්දෙ දාන්න යන්නෙ නෑ. පෝලිම් බූත් එකට කට්ටිය හොයා ගන්න බෑ. මහින්දගෙ ප්‍රධාන රැස්වීම්වලට සෙනග අදින්න ලංගම බස් එනවා, ඒත් සෙනග ඉන්නෙ ටික දෙනයි, බහුතරය අර සමෘද්ධිකාරයො ටික විතරයි. පෝස්ටර් අලවන්න, කටවුට් ගහන්න නම් පිටින් කට්ටිය එනවා (මම හිතන්නෙ සල්ලි දීලා ගස්සන එවුන් )හැබැයි කැන්වසින් යන්න කවුරුත් නෑ. ඉතින් අර සමෘද්ධිකාරයො ටිකම තමා බලෙන් වගේ ගෙනි යන්නෙ. හැබැයි මේ කවුරුත් විපක්ෂෙට වැඩ නෑ. යූ ඇන් පී අයම තමයි මෛත්‍රීගෙ ඡන්ද වැඩ කරන්නෙ.
    ඔය සමීක්ෂණේ හැටියට සිංහල බෞද්ධ 67%ක් වැටුනොතින් තමයි දිනන්නෙ. ඒ කියන්නෙ 10 දෙන්ක්ගෙන් අඩුම 6ක් නැත්නම් 7 දෙනෙක්. ඒ කියන්නෙ ගිය පාර මහින්දට දාපු අය මේ පාර දැමිය යුතුමයි. අපේ නෑදෑයො, හිතවතුන් එකෙක් නෑ (ශ්‍රී ලංකා කාරයො ) මහින්දට ඡන්දෙ දෙන්න යන්න. ඉතින් කොහොමද මහින්ද දිනන්නෙ ? මම දන්නෙ නෑ ගමේ පැත්ත කොහොමද කියල, ගම්පහ තත්වෙ මෙහෙමයි. හැබැයි ගම්පහ කියන්නෙ ශ්‍රී ලංකා කාරයන්ගෙ නිජ බිම.

    ReplyDelete
  8. මහින්ද මහත්තයා ගේ විජයග්‍රහනය නියතය

    සුභ අනාගතයක්!

    ReplyDelete
  9. FAQ - Frequently Asked Questions
    ප්රශ්නය 1:
    යුද්දේ දිනුවගෙන් පස්සේ මහින්ද කරපු සංවර්ධනය මොකද්ද?
    උත්තරය
    ලොව එකම විශ්ව ගම්මානයකට (Global Village)පරිවර්තනය වන යුගයකදී රටක සංවර්ධනය කිරීමදී ප්රධාන වශයෙන් කල යුතු ප්රධාන සංවර්ධන කටයුතු 4ක් වෙනවා. මෙම කාර්යන් 4 ප්රධාන යටිතල පහසුකම් සකස් කිරීම යටතට වැටෙනවා. මෙම සංවර්දන කටයුතු වලින් තාවකාලික ප්රතිඵල දැකීමට හැකියාවක් නොමැති අතර මේවා ප්රාග්ධන ව්යපෘති ලෙස හඳුන්වනවා. මේවා නම්
    1. අධිවේගී මාර්ග හා මහා මාර්ග සංවර්ධනය කිරීම
    2. තොරතුරු තාක්ෂණ අධිවේගී මාර්ගය සකස් කිරීම
    3. භාන්ඩ හුවමාරුව සඳහා අවශ්ය වරාය හා ගුවන් තොටුපළවල් ඇති කිරීම
    4. දේශීය දරු පරපුර හැකියාව මත පදනම් වූ උසස් අද්යාපනය (Skill based Education) දක්වා යන අද්යාපන ක්රම වේදයක් සකස් කිරීම හා ක්රියාත්මක කිරීම
    "මේ සංවර්ධන කටයුතු 4 සම්පුර්ණ වූ රටක පෞද්ගලික අංශය විසින් රටේ සංවර්ධන කටයුතු කරනු ලබනවා" - මෙය නව ලොවට පොදු න්යායක්
    යුද්ධයෙන් පසු මේ සංවර්ධන කටයුතු හතරම ඉතාම සාර්ථක ලෙස කෙරමින් පවතිනවා.
    1. ඔබ දන්නවා කටුනායක අධිවේගී මාර්ගය 1972 – 77 රජය කාලයේදී ආරම්භ උනත් මහින්ද පාලනය දක්වාම කිරීමට නොහැකි උනා. නමුත් මේ වන විට ඇති විශාල අධිවෙගී මාර්ඝ රාශියක් නිමකර අවසන් කර තිබෙන අතර නුවර දක්වා වූ අධිවෙහි මාර්ගයත් යාපනය දක්වා වූ අධිවේගී මාර්ගයත් නිම වෙමින් පවතිනවා..අනෙකුත් සියලුම මාර්ග වගේ මේ වන විට කපට් දමා අවසන් කර තිබෙනවා. මෙම මාර්ඝ සංවර්ධනය ගම් නියංගම් ඇතුලත දක්වා විහිදෙනවා.
    2. තොරතුරු තාක්ෂන අධිවේගී මාර්ගය කොටස් දෙකකින් යුක්ත වෙනවා. 1. දත්ත සම්ප්රේෂණය හා 2. තොරතුර තාක්ෂණ හැකියාව ඇති වෘත්තිකයින් බිහි කිරීම. මේ වන විට ලංකාවේ සිට ඉන්දියානු මුහුද හරහා දත්ත සම්ප්රේණ කේබල් තව අවුරුදු 25 කට ඇතිවන පරිදි ඉන්දියාව හරහා ලෝකය වෙත සම්බන්ද කරමින් අන්තර්ජාලය හරහා පියෝ ටි වී පවා නැරබීමට අවස්ථාව සකස් කර තිබෙනවා. මීළඟට අවශ්යතාවය වන්නේ පුහුණු තොරතුරු තාක්ෂණ ශ්රම බලකායයි. මේ බලකාය ඇතිකිරීම සඳහා ගමින් ගමට නැණසල හා වෘත්තීය පුහුණු අධිකාරිය හරහා NVQ සුදුසුකම දක්වා ලබාගැනීමටත් හැකියාවත් ඒ තුල 4% ක් ව තිබු තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව 80% දක්වා ඉහල දමා තිබෙනවා
    3. සිහිනයක්ව තිබු හම්බන්තොට වරයා මේ වන විට අපේක්ෂිත සම්පුර්න ධාරිතාවයෙන් ක්රියාත්මක වෙනවා. විරුද්ධ පාක්ෂිකයින් කි ගලක් ඇති බව හෝ නැව් නොපැමිණෙන බව ගැන දැන් කිසිඳු කතාවක් නැ, ගුවන් තොටුපොල වැඩකටයුතු මේ වන විට අවසන් වී තිබෙන අතර එය ඉදිරි වසර 25 ක් ඇතුලතදී නියමිත ප්රතිලාභ ලැබීම පිණිස කරන ලද ආයෝජන ව්යාපෘතියක්. කොළඹ වරාය 1898 නිමකර එහි නියම ප්රතිලාභ ලැබීමට 1998 දක්වා කාලයක් ගතව තිබුනා. නමුත් එය තාවකාලික ලාභ නොලබන නිසා නොහදා තිබුනා නම් අද ඇතිවන තත්වය හිතා බලන්න.
    4. හැකියාව මත පදනම් වූ අද්යාපනය (Skill based Education). මෙම ක්රියාවලිය ඉතාම සාර්ථකව මේ වන විට ක්රියාත්මක කොට තිබෙනවා. UNIVOTECH විශ්ව විද්යාලය ඇතිකොට ඊට අනුබද්ධිත University Colleges 25 ක් මේ වසර තුලදී දිස්ත්රික්ක 24 තුල නිමවෙනවා. පසුගිය වසරේදී ඉන් 5 ක අද්යාපන කටයුතු අරම්භ කෙරුණා. වෘත්තීය පුහුණු අධිකාරිය, තරුණ සේවා සභාව, NITA ආයතනය, යොවුන් සේනාංකය තුල තරුණයන්ට ඉගෙනීමට තිබු පහසුකම් 20,000 සිට 80,000 දක්වා වර්ධනය කෙරුනා. මහින්දෝදය ව්යාපෘතිය යටතේ නවීන පාසැල් විද්යාගාර 1000 ඉදිකෙරෙමින් පවතිනවා. පසුගියවසරේ එම 1000 හෙම වැඩ ආරම්භ කෙරුණු අතර ඉන් 500 කට අධික ප්රමාණයක් වැඩ මේ වන විට අවසන් කොට තිබෙනවා. මෙම ක්රියාවලිය මගින් මෙතෙක් අඩුවක් ව තිබු විවිධ තාක්ෂණ හැකියාවන් තිබු ළමුන් සඳහා විශේෂ අද්යාපන ක්රමවේදයක් සකස් වෙමින් තිබෙනවා. මෙහි නියම ප්රතිඵල තව වසර 5 ක් ඇතුලත බලාගැනීමට හැකියාව ලැබෙනවා..
    මේ අයුරින් සියලුම අදාළ මුලික යටිතල පහසුකම් ඉදිරි වසර 25 කට ඇතිවන පරිදී සකස් කර අවසන්. මීට අමතර විශාල සංවර්ධන ව්යාසපෘති, උදාහරණ ලෙස නගර අලංකරණය වැනි දෑ කොතෙකුත් කර ඇතත් ඒවා ඉහත විස්තර කල කටයුතු වලට සාපේක්ෂව ඉතාම සුළුකොට තැකිය හැකි බැවින් මෙහිදී සඳහන් නොකිරීමට වග බලා ගන්නවා.

    ReplyDelete
  10. FAQ - Frequently Asked Questions
    ප්රශ්නය 2:
    දුටුගැමුණු යුද්ධයේ පෙරමුන ගත්තා. මහින්ද මොකද්ද කරපු සටන?
    උත්තරය:
    පෙර සටන් කිරිම ගැන ඔබ දන්නා ප්රරමාණය තව දුරටත් නිවැරදි කරගන්න. රජා මුලින්ම මෝඩයෙක් වගේ ඉස්සෙල්ල ම ගිහින් හරඹ කරන්නේ නැ. එය සිදුවන්නේ ප්රධානම ක්රම
    දෙකකින්
    1. මුලින් පිටුපසින් ඉඳන් සටන කලමනකරනය් කරනවා. හෙවයන්ට විධාන දෙනවා. අවසානයේ ප්රතිමල්ලවයගේ සියලු හේවා බල ඇණිය දුර්වල උනායින් පස්සේ විරුද්ධ පාර්ශවයේ රජාට අභියෝග කරනවා ද්වන්ධ සටනට.
    2. අනෙක් විදිය හේවායෝ කිසිවෙක් නොමරා මුලින්ම රජාට අභියෝග කරන අවස්ථාත් තියෙනවා. මේක කලාතුරකින් සිදු වෙන්නේ
    මේ ලින්ක් එක කියවලා ජනාධිපති තුමාගේ කාර්යභාරය තේරුම් ගන්න.
    https://www.facebook.com/heladiva.velusumana/posts/1547525452131577:0
    මේ ලින්ක් එකෙන් බලන්න ජනාධිපති තුමා කොහොමද පෙරමුණ ගත්තේ කියල නරබන්න..
    https://www.facebook.com/video.php?v=851179224934187

    ReplyDelete
  11. FAQ - Frequently Asked Questions
    ප්රශ්නය 3:
    දුෂණය වංචාව හැමතැනම
    පිළිතුර;
    ඔය කියන දුෂණ වංචා හෝ චෝදනා ගැන කියන කොට හොඳින් බලන්න පහත තියෙන කොටස් අන්තර්ගතද කියල
    1. තර්කය
    2. කරුණු
    3. දත්ත හා මුලාශ්රද සොයා ගත් තැන හා එහි විශ්වසනිත්වය තහවුරු කළහැකිද යන්න
    4. දත්ත මත පිළියෙළ කරන තොරතුරු නිවැරදිද යන්න
    මේ කොටස් ටික නැතුව කියන දේවල් පිළිගන්න බුද්ධිමත් ඔබ සුදානම්ද?
    මැතිවරණ ව්යාපාරය පුරාවටම ගිය තර්ක වල ඇති අවිශ්වාසය චම්පික ගේ KP/ලෙස්ටෙර් පින්තුරයෙන්ම තහවුරු උනා නේද?
    මතවාදීව හිතන බුද්ධිමත් තරුණ කැලක් වෙමු.

    ReplyDelete
  12. FAQ - Frequently Asked Questions
    ප්රශ්නය 4:
    පවුල් පාලනය
    පිළිතුර:
    පවුල් පාලනය රටකට සුදුසුද නැද්ද යන්න තුලනාත්මකව විචාරය කලයුත් මාතෘකාවකි. පවුල් පාලනය නිසා රටවල් සීග්ර සංවර්ධනය අත්පත් කරගත් අවස්ථා මෙන්ම විනාශයට ගිය අවස්ථා අතීතයෙන් හා වර්තමානයෙන් උදාහරණ සෙවිය හැකිය.
    අපට වැදගත් වන්නේ ශ්රී ලංකාවට එය කෙසේ බලපෑවද යන්නත් වර්තමාන ජනාධිපතිවරයාගේ පවුලේ අය නිසා රට කෙතරම් ආර්ථික සමාජයීය හා අද්යාත්මික වශයෙන් බලපෑමක් ඇතිකලාද යන්නයි.
    තවද ශ්රී ලංකාවට පවුලෙ අය දේශපාලනයට එක් වීම අලුත් දෙයක් නොවේ. සේනානායක පවුල ඩි එස් , ඩඩ්ලි, රුක්මන් දක්වා වෙයි. ජයවර්ධන පවුල ජේ ආර් රනිල්, රුවන් දක්වා වෙයි, බණ්ඩාරනායක පවුල එස් ඩබලිව් සිරිමා, අනුර,චන්ද්රිකා දක්වා වෙයි, ප්රේමදාස, සජිත් දක්වා වෙයි, ගාමිණී, ශ්රීමා, නවින්, මයන්ත දකවා වෙයි. තවත් රාශියක් උදාහරණ දැක්විය හැකිය. තවද ඇමරිකාව පවා ජෝර්ජ් එච් ඩබලිව් බුෂ් හා ජෝර්ජ් ඩබලිව් බුෂ් දේශපාලනය කල මහා පවුලක දෙදෙනෙක් පමණි.
    අපහට මේ වෙලාවේදී වැදගත් වන්නේ රාජපක්ෂ පවුල රටට කර ඇති සංවර්ධනය හෝ විනාශය සොයා බැලීමටය
    1. දොන් මැතිව් රාජපක්ෂ - රාජමන්ත්රකණ සභාව 1936 - රටේ පර සුද්දන් රාජ්යව කරන සමයේ රාජමන්ත්රණ සභාව තුල සිංහල හඬක් නැගු පුද්ගලයෙකි.
    2. ඩි ඒ රාජපක්ෂ - රජමන්ත්රපණ සභාව 1945 - නිතරඟයෙන් තේරුණා පුද්ගලයෙකි. එසේ වුයේ ඔහුගේ තිබු සමාජ සේවය නිසාවෙනි.
    3. ලක්ෂ්මන් රාජපක්ෂ - මන්ත්රි හම්බන්තොට 1945
    4. මහින්ද රාජපක්ෂ - 30 අවුරුදු යුද්ධය දිනවූ සෙන්පතියායි, රට වේගවත් සංවර්ධනයකට අවශ්ය යටිතල පහසුකම් සංවර්ධනය කල පුද්ගලයයායි
    5. චමල් රාජපක්ෂ - එතරම් හොඳ හෝ නොහොද ගැන කතා බහකට ලක් නොවෙන තමාගේ රාජකාරිය කරගෙන ප්රතිපත්ති ගරුක ලෙස සිටින පුද්ගලයෙකි.
    6. ගෝඨාබය රාජපක්ෂ - 30 අවුරුදු යුද්ධය දිනවූ ආරක්ෂක ලේකම් වරයායි. කොළඹ සංවර්ධය කරමින් ශ්රී ලංකාවේ අගනගරයට කිසිඳු කාලයකදී නොතිබුණු අලංකරණයක් ලබා දුන් පුද්ගලයෙකි. කිසිදු දුෂණ චෝදනාවක් මේ වන විට ඔහුට එරෙහිව නොමැත. කට කතා විරුද්ධ දේශපාලකයින් ප්රචාරය කරන අතර ඒ කිස්වෙකටත් දත්ත මුලාශ්ර හෝ තොරතුරු මුලාශ්ර හෝ නොමැත.
    7. ශෂින්ද්ර රාජපක්ෂ - ඌව මහා ඇමතිවරයායි. කිසිඳු දුෂණ චෝදනාවක් නැත. කට කතා විරුද්ධ දේශපාලකයින් ප්රචාරය කරන අතර ඒ කිස්වෙකටත් දත්ත මුලාශ්ර හෝ තොරතුරු මුලාශ්ර හෝ නොමැත.
    8. නාමල් රාජපක්ෂ - තරුණ මන්ත්රී වරයෙකි. රාජපක්ෂ පවුලේ සියලු දෙනා අතරින් කතා බහට ලක්වෙන පුද්ගලයි. එබැවින් ඔහු පිළිබඳව විශේෂ කොට කතා කල යුතුය. මොහුට ප්රබල චෝදනා කිහිපයකි.
    a. ලෑම්බෝගිනි කාර් ගෙන්වා රේස් පැදවීම
    b. දළදා මැදුර වටේ කාර් රේස් තැබීම නිසා සදාචාරය පිරිහීම හා අද්යාතමය පිරිහීම
    c. විශ්ව විද්යාලයට සුදුසුකම් ලබා විශ්ව විද්යාලයට අයදුම් කිරීම ප්රමාද මාද වීම හේතුවෙන් එම අවස්ථාව නැවත ලබාදිය හැකිදැයි කරන ලද විමසිම
    d. ජනාධිපතිවරණ ප්රචාරණ කටයුතු සඳහා සලමන් ඛාන් ව ගෙන්වීම
    මොහුට ඇති ප්රධාන ම චෝදනා 3 කි
    මෙම කරුණු සැලකිල්ලට ගැනීමේදී නාමල්ට ඇති චෝදනා රටේ ජනාධිපතිවරයා තේරීමේදී කොතරම් වැදගත් දැයි බුද්ධිමත් ඔබ තිරනය කල යුතුව ඇත.
    මේවා වැරදි ලෙස අනුමත කරන්නෙකුට අවශ්යයම නම් ඊළඟ මැතිවරණයේදී මොහුව පරාජය කිරීමට හැකියාව ඇත.
    මේ කරුණු හරි හැටි අවබෝධ කරගත් විට රාජපක්ෂ පවුල, සාපේක්ෂව අනෙකුත් සියලු පවුල් වලට වඩා කිසිවිටෙකත් සමාන කල නොහැකි සේවයක් කර ඇති බව පැහැදිලිව සාක්ෂි සහිතව දක්නට ඇත. එබැවින් රාජපක්ෂ පවුල හා සැලකීමේදී පවුල පිලිබඳ තර්කකය ජනාධිපතිවරණය සන්දහා අදාළ නොවේ.

    ReplyDelete
  13. FAQ - Frequently Asked Questions
    ප්රශ්නය 5:
    KP කරුණ ජනාධිපති සමග
    උත්තරය
    උබ ඔය කියන කතාව හේතු දෙකක් නිසා නතර කරපන්.
    1. යුධ උපක්රේම භාවිත කර සහ හමුදා බුද්ධි අංශ මගින් උන් දෙන්න කොටි සංවිධානය පාවා දෙන තත්වයට පත්කලා. එකෙන් අපේ මැරෙන තිබ්බ ජිවිත දහස් ගණනක් බේරුනා. උඹලට කොන්දක් හිනාව නම් උන්ගේ ඔලුවලට වෙඩි තියාපිය.
    2. K.P සහ කරුණා ඉන්නේ මහින්දගේ ඔඩොක්කුවේ නම් දැන් උබල ඉන්නේ මිස්ටර් ප්ර භාකරන් එක්ක. චන්ද්රිනකා - ප්රයභා සාම ගිවිසුම මුවාවෙන් "මිස්ටර් ප්රකභාකරන්" සමග මධුසමය ගත කල චන්ද්රිරකාගේ හු.... අස්සේ.
    උත්තරය 2:
    ලෝකය අනුගමනය කරන සුපිරිතම යුධ උපක්රොම (War Tactic) භාවිතාකර කරුණා අම්මාණ්ලා , කේ.පීලා වැනි ත්රයස්තවාදීන් ශ්රීමලංකාවේ හමුදාවේ බලල් අත් ලෙස යොදාගනිමින් උන්ගෙන් ලබාගන්න තොරතුරු උන්ටම එරෙහිව පාවිච්චි කරමින් අවුරුදු 100කට අධික කාලයක් ඔඩු දිවූ පිලිකාව යුධමය වශයෙන් මුලින් උපුටා දැමුවා, රට බෙදා ගැනීම මතවාදී වශයෙන් තාමත් උපුටා දමමින් සිටින මහින්දයට උබල අරින්න හදන එක අනුමත කරන්නෙ නෑ.
    1. උතුර වෙනම කොටසක් හැටියටත්,
    2. එහි එකම ජාතියක් වාසය කල යුතු බවටත්,
    3. ඉඩම්, පොලිස් හා පරිපාලන බලතල ඔවුන්තම අවශ්යද බවටත්
    4. ඉල්ලමින් බටහිර හා ඩයස්ෆොරවේ උදව් ඇතිව තවමත් යුද්ධය මතවාදීව කරගෙන යන බව තොපි තේරුම් ගනියව්,
    ලොව පතල යුධ උපක්ර මයක් වන"සතුරා පාවිච්ච් කර සතුරාවම විනාශ කිරීම" ලෝක යුධ ඉතිහාසයේ කොතෙකුත් අවස්ථාවල දක්නට ඇත.
    වැඩිපුර විස්තර මේ ලින්ක් එකෙන් බලන්න..
    https://www.facebook.com/heladiva.velusumana/photos/a.1546045972279525.1073741829.1545792805638175/1547412155476240/?type=1&theater
    මෙම උත්තර නොයෙක් අයගේ ප්රතිචාර වලින් උපුටා ගන්නා ලදී..

    ReplyDelete
  14. FAQ - Frequently Asked Questions
    ප්රශ්නය 6:
    යහපාලනයක් නැත්තේ මොකද?
    පිළිතුර :
    යහපාලනය ප්රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදා දැක්විය යුතුයි
    1. රාජ්ය සේවය
    2. ව්යවස්ථාදායකය
    3. විධායකය
    පසුගිය වසර 30 ක් පුරාවටම පැවති යුද්ධය නිසා රාජ්ය සේවයෙයේ යහපාලනය ගැන අවධානය යොමු කිරීමේ හැකියාව අඩුව තිබුනා. යහ පාලනය ගැන කතා කිරීමේදී පොලිස් සේවය ප්රමුකයි. පොලිස් සේවය උදාහරණයක් කොට ගැනීමන් රාජ්ය සේවයට අත්වි ඇති ඉරණම පැහැදිලි කොට ගත හැකියි. පොලිසියේ යහපාලනය නැත්තේ මන්දැයි සොයා බලමු.
    යුද්ධයට පෙර පොලිස් සේවයට බඳවා ගැනීමේදී අඩුම තරමේ වසර දෙකක මුලික පුහුණුවක් ලබා දීමේ ක්රමයක් තිබුනා. නමුත් යුද්ධය ආරම්භ වීමත් සමග මේ පුහුණුවීම් කාලය ටික ටික අඩුවෙමින් ගොස් අවසාන කාලය වන විට පොලිසියේ නිලධාරීන්ගේ පුහුණව මාස දෙකක අවි ආයුද පුහුණුව පමණක් දක්වා සිමා වන තත්වයට පත් උනා.
    අඩු තරමේ පැමිණිල්ලක් ලියා ගන්නා ආකාරයවත් පුහුණු කිරීමට අවස්ථාවක් නොමැති උනා. විනීත බව ක්රමානුකුල බව, අචාරශිලි බව යන පරාස වල කිසිඳු පුහුණුවක් දීමට අවස්ථාව නොමැති උනා. එම කාලයේදී උනේ තුවක්කුව පුහුණු කල වහාම ආරක්ෂක කටයුතු වලට යැවීමයි. මෙවැනි නුපුහුණු අයගෙන් ඔබ බලාපොරොත්තු වන යහපාලනය කුමක්ද?
    දැන් කියන්න පුළුවන් පසුගිය අවුදුරුදු 5 හ තුලදී පුහුණු කරන්න තිබුන කියල. පුළුවන් යම් ප්රමාණයකට සෙමෙන්. ඒකට ප්රධාන හේතුවක් තියෙනවා.
    පොලිසිය සඳහා පුහුණු කටයුතු කිරීමට පොලිස් ඇකඩමිය ආරම්භ කලේ 2008දී. ඔබ දන්නවා පොලිචියේ 850000 කට අධික පිරිසක් සේවයේ යෙදෙන බව.
    ඇකඩමියේ වසරකට 2000 ක් බැගින් පුහුණු කලත් වසර 40 ක් යනව මුලු පොලිසිය නැවත පුහුණු කිරීමට. දැන් කියාවි ඇකඩමිය ලොකු කරන්න තිබුන කියල. ඔව් පුළුවනි. කව්ද මේ ගොල්ලන්ව පුහුණු කරන්නේ. උදාහරණයක් විදියට දැනට සිටින පොලිස් අයි ජී පී (Inspector General of Police) පවා යුද්ධය පවතින කාලය තුලදී සේවයට බැඳුන කෙනෙක් (1982දී). ඔහුට පවා නියමිත කාලය පුහුණුව ලැබුනාද කියල සොයා බලන්න අවශ්යයි. පුහුණු කරන්න ඉන්න අය එහෙමනම් කොහොමද මේ කටයුත්ත අධි වේගී කරන්නේ?
    මේ එක උදාහරණයකින් විතරයි රජයේ සේවයේ ඇතිවුණු පසුගමිත්වය විස්තර කලේ. මෙහෙම තමයි අනෙකුත් සියලුම ක්ෂේස්ත්ර වල. මේක තමයි තිස් අවුරුදු යුද්ධයේ ශාපය.
    ව්යවස්ථාදායකයේ දුෂණය ගැන කතා කරනවානම් වරද පටවන්න ඕනේ චන්ද දායකයාටමයි. කුඩු එතනෝල් ගේනවා හොරකම් කරනවා කියන කොටම අහන්න තවත් ප්රශනයක් තියෙනවා. ඉතාම පැහැදිලි මනාප චන්ද ක්රමයක් තිබියෙදී මේ හොරුන් වංචා කරුවන්ට නියම දඬුවම දෙන්න දෙවන තුන්වන වතා වලට නැවතත් පාර්ලිමේන්තුවට යවන්නේ කව්ද? මේක හරිම සංකීර්ණ ප්රශ්නයක්. එතකොට මිනිස්සු මේ පාහරයන්ව පාරිලිමෙන්තුවට යවල උන් වැරදි කරනකොට ඒ වැරදි ජනාධිපති තුමාට පටවනවා. ජනාදිපති තුමාට තියෙන්නේ මිනිස්සු තෝරලා එවන නියෝජිතයෝත් එක්ක වැඩකරන්න. උන් හොරුන් නම් එලවන්න ඕනේ මහ ජනතාව. මෙවර ඔය හොරු එලවන්න සැවොම එකතු වෙමු.
    විධායක ජනාධිපති ධුරයේ ඇති අවශ්යතාවය ගැන පහතින් කියවන්න. එය නැවතත් විස්තර කිරීමට අවශ්ය නෑ.
    https://www.facebook.com/ekaneweimeka/posts/858010910917685?pnref=story

    ReplyDelete
  15. FAQ - Frequently Asked Questions
    1. ප්රශ්නය 7:
    මහින්දට බලතල තිබිලත් ඇයි වෙනස් විධායක බලතල වෙනස් නොකළේ
    උත්තරය: ... See More
    ප්රශ්නය 10:
    යුද්දේ දිනුවගෙන් පස්සේ මහින්ද කරපු සංවර්ධනය මොකද්ද?
    උත්තරය
    ලොව විශ්ව ගම්මානයකට පරිවර්තනය වන යුගයකදී රටක් සංවර්ධනය කිරීදී ප්රධාන වශයෙන් කල යුතු සංවර්ධන ව්යපෘති 4ක් වෙනවා. මෙම ව්යාපෘති 4 ප්රධාන යටිතල පහසුකම් සකස් කිරීම යටතට වැටෙනවා. මෙම සංවර්ධන කටයුතු වලින් තාවකාලික ප්රතිඵල දැකීමට හැකියාවක් නොමැති අතර මේවා ප්රාග්ධන ආයෝජන ලෙස හඳුන්වනවා.
    1. අධිවේගී මාර්ග හා මහා මාර්ග සංවර්ධනය කිරීම
    2. තොරතුරු තාක්ෂණ අධිවේගී මාර්ගය සකස් කිරීම(Information Highway)
    3. භාන්ධ හුවමාරුව සඳහා අවශ්ය වරාය හා ගුවන් තොටුපළවල් ඇති කිරීම
    4. දේශයේ අනාගත දරු පරපුර සඳහා "හැකියාව මත පදනම් වූ(Skill Based)" හා උසස් අද්යාපනය දක්වා යන අද්යාපන ක්රමවේදයක් සකස් කිරීම හා ක්රියාත්මක කිරීම
    "ප්රධාන වශයෙන් මේ සංවර්ධන කටයුතු 4 සම්පුර්ණ වූ විට පෞද්ගලික අංශය රටේ සංවර්ධන කටයුතු වලට අධිවේගයෙන් අවතීර්ණ වනු ලබනවා. මෑතකදී දියුනුවූ රටවල් අතුරින් කොරියාව, මැලේසියාව, සිංගප්පුරුව යන රටවල් මිට හොඳ නිදසුන් වේ.
    යුද්ධයෙන් පසු මේ සංවර්ධන කටයුතු හතරම ඉතාම සාර්ථක ලෙස කරමින් පවතිනවා.එම සංවර්ධන කටයුතු කර ඇති ආකාරය පහතින් විස්තර කෙරෙනවා.
    1. ඔබ දන්නවා කටුනායක අධිවේගී මාර්ගය 1972 – 77 රජය කාලයේදී ආරම්භ උනත් මහින්ද පාලනය දක්වාම නිම කිරීමට නොහැකි උනා. නමුත් මේ වන විට අති විශාල අධිවෙගී මාර්ඝ ප්රමාණයක් නිමකර අවසන් කර තිබෙන අතර නුවර දක්වා වූ අධිවෙහි මාර්ගයත් යාපනය දක්වා වූ අධිවේගී මාර්ගයත් නිම වෙමින් පවතිනවා. රට පුරා වූ අනෙකුත් සියලුම මාර්ග මේ වන විට කපට් දමා අවසන් කර තිබෙනවා. මෙම මාර්ඝ සංවර්ධනය ගම් නියංගම් ඇතුලත දක්වා විහිදෙනවා.
    2. තොරතුරු තාක්ෂන අධිවේගී මාර්ගය කොටස් දෙකකින් යුක්ත වෙනවා. 1. දත්ත සම්ප්රේබෂණය හා 2. තොරතුර තාක්ෂණ හැකියාව ඇති වෘත්තිකයින් බිහි කිරීම. මේ වන විට ලංකාවේ සිට ඉන්දියානු මුහුද හරහා දත්ත සම්ප්රේිෂණ කේබල් තව අවුරුදු 25 කට ඇතිවන පරිදි ඉන්දියාව හරහා ලෝකය වෙත සම්බන්ද කරමින් අන්තර්ජාලය හරහා පියෝ ටි වී පවා නැරබීමට අවස්ථාව සකස් කර තිබෙනවා. මීළඟට අවශ්ය වන්නේ පුහුණු ශ්රම බලකායයි. මේ බලකාය ඇතිකිරීම සඳහා ගමින් ගමට නැණසල හා වෘත්තීය පුහුණු අධිකාරිය හරහා NVQ සුදුසුකම දක්වා ලබාගැනීමටත් ඒ තුල 4% ක් ව තිබු තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව 80% දක්වා ඉහල දැමීමටත් හැකියාව ලැබී තිබෙනවා.
    3. සිහිනයක්ව තිබු හම්බන්තොට වරයා මේ වන විට සම්පුර්න පරිමාණයෙන් ක්රියාත්මක වෙනවා. විරුද්ධ පාක්ෂිකයින් කී ගලක් ඇති බව හෝ නැව් නොපැමිණෙන බව ගැන දැන් කිසිඳු කතාවක් නැ, ගුවන් තොටුපොල වැඩකටයුතු මේ වන විට අවසන් වී තිබෙන අතර එය ඉදිරි වසර 25 ක් ඇතුලතදී නියමිත ප්රතිලාභ ලැබීම පිණිස කරන ලද ව්යාපෘතියක්. කොළඹ වරාය 1898 නිමකර එහි නියම ප්රතිලාබ ලැබීමට 1998 දක්වා කාලයක් ගතව තිබුන. නමුත් එය තාවකාලික ලාභ නොලබන නිසා නොහදා තිබුනා නම් අද ඇතිවන තත්වය හිතා බලන්න.
    4. හැකියාව මත පදනම් වූ අද්යාපනය (Skill based Education). මෙම ක්රියාවලිය ඉතාම සාර්ථකව මේ වන විට ක්රියාත්මක කොට තිබෙනවා. Univoteck විශ්ව විද්යාලය ඇතිකොට ඊට අනුබද්ධිත University Colleges 25 ක් මේ වසර තුලදී ක්ක 24 තුල නිමවෙනවා. පසුගිය වසරේදී ඉන් 5 ක් වැඩ අරම්භ කෙරුණා. වෘත්තීය පුහුණු අධිකාරිය, තරුණ සේවා සභාව, NITA එක, යොවුන් සේනාංකය තුල දරුවන්ට ඉගෙනීමට තිබු පහසුකම් 20,000 සිට 80,000 දක්වා වර්ධනය කෙරුනා. මහින්දෝදය ව්යාපෘතිය යටතේ නවීන විද්යාගාර 1000 ඉදිකෙරෙමින් පවතිනවා. පසුගියවසරේ එම 1000 හෙම වැඩ ආරම්භ කෙරුණු අතර ඉන් 500 කට අධික ප්රමාණයක් වැඩ මේ වන විට අවසන් කොට අද්යාපනය ලබා දෙනවා. මෙම ක්රියාවලිය මගින් මෙතෙක් අඩුවක් ව තිබු විවිධ තාක්ෂණ හැකියාවන් තිබු ළමුන් සඳහා විශේෂ අද්යායාපන ක්රම වේදයක් සකස් වෙමින් තිබෙනවා. මෙහි නියම ප්රතිඵල තව වසර 5 ක් ඇතුලත බලාගැනීමට හැකියාව ලැබෙනවා..
    මේ අයුරින් සියලුම අදාළ මුලික යටිතල පහසුකම් ඉදිරි වසර 25 කට ඇතිවන පරිදී සකස් කර අවසන්. මීට අමතර විශාල සංර්ධන ව්යාසපෘති උදාහරණ ලෙස නගර අලංකරණය වැනි දෑ කොතෙකුත් කර ඇතත් ඒවා ඉහත විස්තර කල කටයුතු වලට සාපේක්ෂව ඉතාම සුළුකොට තැකිය හැකි බැවින් මෙහිදී සඳහන් නොකිරීමට වග බලා ගන්නවා.

    ReplyDelete
  16. FAQ 12 - Frequently Asked Questions
    ප්‍රශ්නය 12
    මහින්දගේ දූෂන වංචා
    උත්තරය
    දුෂණ වංචා පිලිබන්දව කතා කරන විරුද්ධ පාක්ෂිකයන්ගේ ප්‍රධානම මාතෘකාව වන්නේ අධිවේගී මාර්ග සංවර්ධනයේදී කරන ලද දුෂණයයි.
    රජයක් අධිවේගී මාර්ග සැලසුම් කිරීමේදී මුලික වශයෙන් අවධානය යොමු කෙරෙන කරුනු දෙකක් වෙනවා
    1. ජන ශුන්‍ය ගොඩබිම් හෝ වගුරු බිම් හරහා ඉදිකෙරෙන මාර්ග සංවර්ධනය
    2. වැඩි පුර වන්දී මුදල් ගෙවිය යුතු වන, ජනාකීර්ණ ජනාවාස හරහා ඉදි කරනු ලබන අධිවේගී මාර්ඝ සංවර්ධනය යනුවෙනුයි.
    ශ්‍රී ලංකාව කුඩා රටක් වීම තුල හා ලෝකයේ අනෙකුත් රටවලට සාපෙක්ෂාව ඉඩම්වල තක්සේරු වටිනාකම ඉතාම ඉහල මට්ටමක පැවතීම නිසා ඉහතකි ඉදි කිරීම් ක්‍රමවේදයන් දෙක සලකා බැලීමේදී වෙන කිසිඳු රටකදිවත් දැකිය නොහැකි තරම් අවාසිදායක තත්වයක් දෙකක් ඇතිවිය.
    එනම්:
    1. අධිවේගී මාර්ගයක් ඉදිකිරිම තරම් සුදුසු හිස් ගොඩ ඉඩම් රජය සතු නොවීම
    2. ඉඩම් අයිතිකරුවන් ගෙන් ඉඩම් අත්පත් කරගැනීමේදී ඔවුන් නීතිමය තහනම් නියෝග ගැනීමෙන් වලක්වා ගැනීම පිණිස රජයේ තක්සේරු මුදල මෙන් දෙගුනයේ සිට යම් අවස්ථා වලදී දස ගුණයක් දක්වා මුදල් ගෙවීමට සිදුවීම යන කරුණු දෙක ප්‍රධාන වේ.
    විරුද්ධ පාක්ෂිකයින් චෝදනා එල්ල කරන විට වියදම් සන්සන්දයන සඳහා තෝරා ගන්නේ විශාල රටවල පාලු ගොඩබිම් හරහා ඉදිවන අධිවේගී මාර්ඝයනට සකස් කරන ලද වියදම් ඇස්තමේන්තුය. එම මාර්ඝ ඉදි කිරීමේදී පස් දමා නැවත ගොඩ කල යුතු වූ ප්‍රමාණය අඩි 2කේ සිට උපරිම අඩි 10 දක්වා වේ.
    නමුත් ශ්‍රී ලංකාවේ ඉදි කර ඇති අධ්වේගී මාර්ඝ දෙස නෙත් යොමු කර බලන්න. මේ සියලුම අධිවේගී මාර්ග ඉදි කිරීමට සිදු වුයේ වගුරු බිම් හරහාමය. එම ඉඩම් නැවත පස් දමා ගොඩකලයුතු වූ ප්‍රමාණය අඩි 10 යේ සිට අඩි 100 දක්වා විය. යම් තැන් වලදී පොලව යට සිට අඩි 200 දක්වාද පස් පිරවීමට සිදුවූ අවස්ථාද ඇත.
    තවද වේගවත්ව ඉදිකිරීම් කටයුතු නිමකළ යුතුව තිබු බැවින් ඉඩකඩම් අහිමිවන ජනතාව නිතිය ඉදිරියට යාම වැළැක්වීම සඳහා අධික වන්දි මුදල් ගෙවීමට සිදුවිය.
    ප්‍රධාන කොට මේ කරුණු දෙක නිසා ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ඝ සඳහා වියදම් ඇස්තමේන්තු කිරීමේදී වෙනත් රටවලට සාපේක්ෂව වියදම 5 ගුණයක සිට 10 ගුණයක් දක්වා ඇස්තමේන්තු ගත කිරීමට සිදුවිය.
    දැන් යමෙකුට කියන්න පුළුවන් එහෙම නොකර නීතිමය වශයෙන් පවරා ගැනීමට තිබුන කියල. 72 - 77 සමයේ එසේ කිරීමට ගොස් කටුනායක මාර්ගය අවුරුදු 30 කින්වත් ඉදිකරගත නොහැකිව අත්හැර දැමු ආකාරය අවධානයට ගත යුතුය.
    ඔල මොට්ටලයිනි ...තොපේ ඇස් අන්තර්ජාලය හරහා වැහුවේ මෙහෙමයි ... තොපි නොදන්නාව උනාට උන් කලේ Cyber war එකක්. එහිදී තියෙන පලමුවෙනීම මුලධර්මය තමයි මනෝ විද්‍යාත්මකව (Psychologically) අන්තර්ජාලයේ සරණ මහජනතාව කාලයක් තිස්සේ මොළ ශෝධනයට (Cyber Brain Washing War Strategy) ලක් කිරීම.
    මේසඳහා ඔවුන් යොදා ගන්නේ මුලාශ්‍ර රහිත, පදනම් විරහිත තොරතුරු හා තර්ක පමණක් (Logical Arguments ) බව මතක තියා ගනිල්ලා... තොපිට අසන්නට ලැබුණු සියලුම කරුණු ගැන දැන් බුද්ධිමත්ව හිතාපල්ලා...
    බුද්ධිමත්ව චන්දය පාවිච්චි කරපියව්...රට බෙදා පාලනය් කල යුතු යයි කියන චන්ද්‍රිකා රනිල් භාහු TNA, MC නඩයකට රට පාවා නොදෙව්...

    ReplyDelete
    Replies
    1. You do not need to write this long to prove that you are an idiot. Hope you wake up at least tomorrow.

      Delete
    2. ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න

      Delete
  17. අනේ උබේ අනාවැකි හිනාවෙන්න ඇවිත් යන්න

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...