Thursday, January 1, 2015

පාඨලී ච්ම්පික රණවක මැතිතුමණි, මේ ඔබේ අවධානය පිණිසයි.......

ගරු මැතිතුමනි, ඔබට ප්‍රිය කරන ඔබේ හිතවතකු වූ මට, මීට දින පහකට පමණ කලින් ඔබව පෙනුණේ ඉතා නිවැරදි කරුණු කථා කරන, මහින්ද රාජපක්ෂයන්ගේ ඔබ කියන විදිහේ පාලනය දුරු කර, යහපත් රටක් මෙන්ම යහපාලනයක් උදෙසා රට කැන්දා ගෙන යාම සඳහා සැබෑ උත්සාහයක් දරන සොඳුරු මිනිසෙකු ලෙසයි. අප මහින්ද රාජපක්ෂ මහතාට පාක්ෂිකව සිටියත් ඔබේ කථා පිළිබඳ දෙතුන් වතාවක් කල්පනා කලෙමු. ඔබේ කථාවල තිබූ නිවැරදි බවත් ඔබේ සහජ කථිකත්වයත් නිසා මහින්ද රාජපක්ෂ මහතා වෙතම ඡන්දය දෙන්නට සිටි අප ද, යම් විචිකිච්ඡාවකට පත් වූ බව අපේ හදවත සාක්ෂි දරනවා ඇති.

ඔබ පරිසර අමාත්‍යාංශය දැරුවේය. දැව සංස්ථාව ලාභ ලැබුවේය. ඔබ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය දැරුවේය. විදුලි බල මණ්ඩලය ලාභ ලැබුවේය. ඔබ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය දැරුවේය. නැනෝ මධ්‍යස්ථානය ඇරඹුවා පමණක් නොව යල් පැන ගිය ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයට 4D ප්‍රක්ශේපණ යන්ත්‍රයක්ද සවිකර ඊට ද නව මුහුණුවරක් දුන්නේය.. ඔබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැවැන්ත මිනිසෙකි. විපක්ෂයේ අනෙක් සියළුම දෙනා අපගේ විවේචනයට ලක් වූ නමුත්, ඔබව විවේචනය කරන්නට අපට සිත් නොදුන්නේ එවන් හානියක් ඔබතුමාට කිරීම, හදවතට එකඟව කරන්නට අපහසු නිසාවෙනි.එබැවින් ගරු මැතිතුමනි, පහත කරුණු ඔබේ අවධානය සඳහා යොමු කරන්නට අදහස් කරන්නේ දේශයට ලැදි අපේ සිත් සතන් යම් අස්වැසිල්ලකට ලක් කිරීමේ අපේක්ෂාවෙනි.

හෙළ උරුමය සහ සරත් ෆොන්සේකා මැතිඳුන් හැර විපක්ෂයේ සිටින අනෙකුත් පාර්ශ්ව හතම යුද්ධය මෙන්ම ජනවාර්ගික ගැටළුව දෙස බැලුවේ කුමන පැත්තද යන්න පිළිබඳව ඔබතුමාට අවබෝධයක් ඇතැයි සිතමි. යුද්ධය ජයග්‍රහණය කිරීමට ප්‍රධාන දායකත්වය දුන් සේනාධිනායක සහ ආරක්ෂක ලේකම් විසිකර දමා, දැන් විපක්ෂය ඔබව හා සරත් ෆොන්සේකා මැතිතුමා පෙන්වමින් යුධ ජයග්‍රහණයේ අයිතිය ඔවුන් වෙත උදුරා ගැනීමට යත්න දරන බව ඔබතුමාට නොවැටහේ යැයි නොසිතමි. හෙළ උරුමය සහ සරත් ෆොන්සේකා නමැති මල් දෙක නොතලා ජාතිවාදී බලවේග රොන් ගනිමින් සිටින බව ඔබතුමාට නොතේරෙනවා නම් එය විස්මයට කරුණක් බව මට සිතේ. කොස් ඇට බාන බළලෙකුගේ තත්ත්වයට ඔබ පත් වනවාට, විපක්ෂයට විරුද්ධ බලවේගයේ සිටින අපද කැමති නැති බව ඔබතුමා වෙත පැවසිය යුතුය.

මෛත්‍රී වේදිකාවේ සිටින ප්‍රධාන කථිකයා ඔබයි. අනෙක් සියළු පාර්ශ්ව අභිබවා දේශහිතෛශී සියළුම ආගම්වල ජනතාව ඔබතුමා කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ඇත. දැනට තිබෙන සුළු අවස්ථාවෙන් හෝ වාසියක් වී, මෛත්‍රී පාර්ශ්වය ජය ගත හොත් ඔබතුමා දංගෙඩියට නියම වූවකුගේ තත්ත්වයට වැටෙන බව ඔබ පිළිගත යුතුය. උදාහරණයක් ලෙස එක කරුණක් ගෙන හැර දක්වන්නට අවසර පතමි. 2005 වසරේ උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹෙද්දී ඔබ සිටියේ මහින්ද රාජපක්ශයන්ගේ පිළේය. ඔබම කියන පරිදි හෙළ උරුමය මහින්ද රාජපක්ශයන්ට බලකර යුද්ධය කරා තල්ලු කරගෙන ගොස් එය ජයග්‍රාහීව නිමා කලේය. නමුත් දැන් ඔබ පවසන අයුරින් යම් දූශණයක් සිදුවී ඇත්නම් එම කතන්දර වලින් මෙහා පැත්තට මහින්ද රාජපක්ෂයන් තල්ලු කිරීමට නොහැකි විය. එක් පුද්ගලයෙක් යහ මගට ගන්නට නොහැකි වූ ඔබට සහ ඔබේ පක්ෂයට, පුද්ගලයින් 8 දෙනෙකු යහපාලනයක් වෙත තල්ලු කිරීමට ඔබට හැකි වේයැයි ඔබ සිතනවාද? "යහ පාලනය ඔසවා කර උඩ තැබුවහොත් ඔබට එය නිසි තැනට ගෙන ගොස් දෙන්නම්" කියා පැවසිය හැකි නමුත්, එය ඔබේ කර උඩට ඔසවා දීමට කෙනෙක් මේ විපක්ෂය තුල නොමැති බව මම ඔබට පෙන්වා දීම, ඔබට තරම් නොවන බව මගේ හැඟීමයි. එය පිළිබඳව මීට වඩා විමසිල්ලෙන් බලන ලෙස මම ඔබෙන් ගරු කටයුතුව ඉල්ලා සිටිමි.

පසුගිය ජනපතිවරණයේදී ඔබ හැර අන් සියළු අන්තගාමී බලවේග එදත් සිටියේ විපක්ශයේය. එදා ඔබ අතින් දැඩිව විවේචනය වූ පුද්ගලයින් සමන්න එක වේදිකාවකය. අරමුණ යහ පාලනයකි. අගනේය. එදත් තිබුනේ ඔය අරමුණමය. නමුත් ෆොන්සේකා මහතාට එදත් හරහට හිටියේ ඔය අන්තගාමී බලවේගමය. එදා ඔවුන්ව නිර්දය ලෙස විවේචනය කලේත් ඔබමය. අද ඔබ එතැනය. ජ.වි.පෙ. හෙමීට මඟ හැර ගොස් අත පිහදාගෙන තිබේ. ඔබ විමසිල්ලෙන් බැලූකල ඔබට නොපෙනෙනවායැයි නොසිතෙන කරුණක් පිළිබඳව කීමට කැමැත්තෙමි. ඒ එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ මැතිවරණ ක්‍රියාදාමය තාමත් බිම්මට්ටම දක්වාත් ගෙන ගොස් නොමැති බවය. මෙය දකින මා හට පෙනෙනුයේ ඔවුන්ද හෙමිහිට මාරු වී ගොස් ඇති සෙයකි. අවධානයෙන් පසු වන්න. ඔක්කොම කුණු බේරේ වැවට යැයි පැරණි කියමණක් තිබේ.

ආණ්ඩු පක්ශයේ ඉන්නා කල ඔබ අපට දෙමළ සංධානයේ අරමුණු පැහැදිලි කර දුන්නේය. අළුත්ගම සිද්ධියේදී සංහල ජනතාව මෙන්ම අන්තගාමී නොවූ මුස්ලිම් වරුන් වෙනුවෙන් නිවැරදිව පෙනී සිටියේය. හකීමව මෙන්ම බදුර්දීන්වද දැඩිව විවේචනය කලේය. රජයෙන් හකීම් ඉල්ලූ දේ කුමක්ද යන්න ලිඛිතව මාධ්‍ය වෙත නිකුත් වී තිබේ. එම ඉල්ලීම් රජය ප්‍රතික්ශේප කර තිබින. දැන් ඔවුන් මෛත්‍රී සමඟ එක් වූවේ එම අරමුණු හැර දමා යැයි විශ්වාස කරන ලෙසට ඔබතුමා අපට කියන්නේද? දින දෙකකට කලින් දෙමළ සන්ධානයද මාධ්‍ය ප්‍රකාශයක් කරණු ලැබින. උතුරේ දේශපාලන විසඳුමක් මෙන්ම හමුදා කඳවුරු ඉවත් කිරීම ගැන ද ඔවුන් කිසිවක් සාකච්ඡා කර නැතිලු. අවසානයේදී කීවේ " 9 වෙනිදායින් පසු අප ඒ ගැන සාකච්ඡා කරනවා" අන්න එතනදි නම බළලා මල්ලෙන් එළියට පැන්න බව ඔබතුමාට වැටහෙන්නට ඇතැයි සිතමි. මේ කාරණ දෙස බලන විට ලංකා දේශපාලනයේ ප්‍රතාපවත් චරිතයක් වූ ඔබවත් ඔවුන් විසින් රවටා ඇති බවක් පෙනේ. එසේ නැතිනම් ඔබ විසින් හිතා මතා රැවටීමට ලක්ව ඇති බවක් ඔබ දෙස බලා සිටින අපට හැඟේ.

දැන් ඔබට මතක් කර දෙන්නේ ඔබතුමාගේ දැඩි දැඩි අකමැත්තට මෙන්ම දැඩි විවේචනයට ලක්වූ පුද්ගලයෙක් ගැනයි. ඒ වික්‍රමභාහු කරුණාරත්න වේ. ඔහු පිළිබඳ ඔබේ මතය සක් සුදක් සේ පැහැදිලිය. නමුත් අද ඔබ එතැනය.

2005 සිට 2014 තෙක් ඔබ දැඩි විවේචනයට ලක් කල තවත් චරිතයකි. ඒ චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මැතිණියයි. ඔබ කියූ අයුරින් නම් ඇය "ලංකාව තුල හිටපු දූශිතම නායිකාවයි.අද ඔබ ඇය සමඟ එක වේදිකාවක සිටගෙන සිටියි. ගරු මැතිතුමණි. සිතින් විමසා බලන්න. අද ඔබටද කන්න ඕන වූ විට කබරයා තලගොයා වී ඇති සේය.

ගරු මැතිතුමනි, අද වන විට රායප්පු ජෝෂප් පූජක තුමන්ද ඔබේ පිළ හා එක්ව තිබේ.. ඔබේ පක්ෂයේ අතුරලියේ රතන ස්වාමීන් වහන්සේගේ අදහස් හා රතන හිමිගේ අදහස් අයිසින් කේක් සහ ලුණු මිරිස් වැනිය. සුළු හෝ අවස්ථාවකින් මෛත්‍රී මැතිතුමා දිනුවහොත්, මංජුල වෙඩිවර්ධනලාද, සුනන්ද දේශප්‍රියලාද නැවත ලංකාවට පැමිණෙනු ඇත. ඔවුන් සමඟද ඔබට සමීප ඇසුරක් පැවැත්වීමට සිදු වනු ඇත. විමසා බලන්න.. ඔබ සිටින්නේ කොහිද කියා...

ගරු මැතිතුමනි, ඔබේ මුව කෙසේ වෙතත් හදවත මේ වනවිට ගොළුවී ඇති බව අපි දනිමු. එනිසා පසුගිය දශකය තුල වීර ශ්‍රේශ්ඨ මෙන්ම පැහැදිලි දර්ශනයක් සහිත වූ ඔබතුමා , තව දුරටත් එසේම සිටීම අප බලාපොරොත්තු වන සත්‍යයකි. හොරු රැල වෙත වැටුණු ගිරා පෝතකයෙක් නොවීමට ඔබටද නොහැකි වන බව අපි දනිමු. මෙම කරුනු ඔබ නොදන්නවා යැයි මම නොසිතමි. නමුත් බැඳගත්ත බෙරේ ගැසිය යුතු බව  ඔබ මෙන්ම අතුරලියේ රතන හිමියන්ගේද විශ්වාසය වී ඇතැයි අප සිතමු.

ලිපියේ අවසානයට ලඟා වී ඇත. ඉහත සියළුම වැල්වටාරම් සත්‍ය බව ඔබ හොඳින්ම දන්නා බව මට විශ්වාසය. එම නිසා ඔබ ප්‍රමාද නොවී විකල්පයක් තෝරාගත යුතු බව මට හැඟේ. ඒ පිළිබඳව වූ මාගේ යෝජනාවන්ද පහතින් එක් කරමි.

01. මෛත්‍රී පාර්ශ්වය වෙනුවෙන් ඡන්දය දෙන්න හදන "ඒකීය රටක්" යන සංකල්පයේ සිටින සියළු ශ්‍රී ලාංකිකයින්ට ඔබ මේ අන්තවාදී ආගමනයන් පිළිබඳව සාධාරන මතයක් ඇති කල යුතුය. ඒ "අපේ මාවතට පැමිණියේ නැත්නම් ඔවුන්ට පැවැත්මක් නැත" යන ප්‍රාථමික කථා වලින් නොව ඔවුන්ගේ අන්තවාදී අදහස් හා මෛත්‍රී රජය ගැටෙන්නේ කෙසේද යන්න මෙන්ම එම අන්තගාමී අදහස් මෛත්‍රී රජය ජය ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ විස්තරාත්මකව පැහැදිලි කල යුතුය.

02. මේ අන්තගාමී බලවේගවල අදහස් ඡන්ද පදනම මත පිහිටා පිළි ගැනීම ඔබට තරම් නොවන බව මගේ හැඟීමයි. ඔබ සහ ඔබේ පක්ෂයේ සෘජු මතයන්ට ඔවුන් අනුකූල නොවේනම්, ඔබ ස්වාධීන විය යුතුය. ඔබ සහ ඔබේ පක්ෂය තරම් සෘජු ක්‍රියා පිළිවෙතක් නැති ජ.වි.පෙ. පවා අද ඔබට කලින්ම එම තීරණය අරගෙන ඇත. මෙම තත්ත්වයේ බරපතල බව කලින්ම දැනගත් ජ. වි.පෙ. ඇඟ බේර ගත්තා පමණක් නොව, තමන් ගත් දේශපාලන තීරණය සම්භන්ධයෙන් අද ඔවුන් ඉතා ප්‍රීතියට පත් වෙනවා ඇත.

03. මම මේ කියන කාරණාව ක්‍රියාත්මක කිරීමට ඔබට අපහසු බව මම දනිමි. නමුත් මම කල්පනා කරන ආකාරයට ඔබටත් ඔබේ පක්ෂයටත්, රටටත් වැඩිම යහපතක් ඇති වන්නේත් මෙම විකල්පය තුලින් බව මම සිතමි. ගරු මැතිතුමනි.. "ආපසු හැරෙන්න...". මේ වෙනකොට කිසිදු අන්තවාදී බලවේගයක් නැති මහින්ද රාජපක්ශ මහතා සහ එක්වන්න. මහින්ද රාජපක්ෂයන්ගේ ජය තහවුරු කර ඔබේ සටන ආණ්ඩුව ඇතුලේ සිට ඔබේ සටන මෙහෙය වන්න. මුළු ශරීරයකින් අල්ලා ආපසු හරවනවාට වඩා කණෙන් අල්ලා පසුපසට හැරවීම පහසු බව ඔබත් දන්නා කරුණකි. එසේනම් අපත් ඔබ සමඟ එක පෙළට සිට ගනට කිසිදු මැලි කමක් නොදක්වමු. කලින් පැවසූ කරුණු දෙකටම වඩා මම මේ විකල්පය ඉතා දැඩිව විශ්වාස කරමි.

ඔබටද අනෙක් බලවේග වලට සේම පුද්ගලික න්‍යාය පත්‍රයක් ඇත්නම් මෙම ලිපියෙන් සඳහන් එක් අකුරක් කෙරේවත් සලකා නොබැලීම කෙරෙහි මගේ කිසිදු අපැහැදීමක් නැත. එදා වගේම රටේ ඉදිරි ගමනය සඳහා ඔබේ කැපවීම, මම සේම ඔබා ආදරය කරන කවුරුත් බලාපොරොත්තුවෙන් සිටින බව ඔබට මතක් කර දෙමි.

ස්තූතියි,
අභීත එදිරිසිංහ.

41 comments:

  1. ඔබේ කතාව ඇත්තයැයි සිතමු. ඒත් මහින්ද රාජපක්ෂ පාලනය ප්‍රජාතන්ත්‍ර වීරෝධීවත් දෙමළ හා මුස්ලිම් ජාතිකයන්ගේ මානව අයිතිවාසිකම් වලට ගරු නොකරමින් සහ නීතියේ ආධිපත්‍යය කෙළෙසමින් රටේ නිෂ්පාදන ආර්ථිකය අඩාල කර සේවා ආර්ථිකයක් හරහා ගෙන යන මේ දුර්දාන්ත ක්‍රමය ගැන කළ යුතු කුමක්දැයි ඔබට යෝජනා කරන්න පුළුවනිද?

    ReplyDelete
    Replies
    1. අවසානයේදී මම කිය තියෙන ලෙසින්ම, මහින්දව බලයට පත් කර ඔහුව හරි පාරක් දිගේ ඇදගෙන යාම සඳහා විශාල බලවේගයක් නිර්මාණය කල යුතුයි... ඒ සඳහා සුදුසුම පුද්ගලයා පාඨලී රණවකයි.

      Delete
    2. මමත් මරාට චන්දය දුන් කෙනෙක්.ඔහු හම්බන්තොටට කළ මුදල් නාස්තියත් පවුලේ අයගේ සෙල්ලම් වැඩ වලට කරන මුදල් නාස්තියත් දැනගෙනයි.මේවා කරන්නේ රටම ණය කර බව දන්නවා.
      ඒත් මරා පරාජය වුනොත් රටට වෙන්නෙ ඊට වඩා හානියක්.දෙමළ සංධානය ඉතා බලවත් වෙනව.ඔය කියන දේශද්‍රෝහීන් ලංකාවට එනව.ඊට පස්සෙ රටේ අධිපති මතවාදය වෙන්නෙ ඊලාම් මතවාදයයි.

      Delete
    3. 2009 දෙසැම්බර් 08 වන දින ලංකාඊනිවුස් වෙබ් අඩවියේ පලවූ චම්පික රණවක මහතාගේ අසම්මත ලිංගික ජීවිතය පිළිබඳ අනාවරණය කරන ප්‍රදීප් එක්නැළිගොඩ මහතා විසින් අවසන් වරට ලියන ලද ලිපිය ඔබගේ දැනගැනීම සඳහා අපි නැවතත් පළ කරමු.

      ලංකාඊනිවුස් වෙබ් අඩවියේ අයිතිකරු වන ජඩ මාධ්‍යවේදී සඳරුවන් සේනාධීර මේ සම්බන්ධයෙන් දැන් ප්‍රකාශ කරන්නේ කුමක්ද යන්න පිළිබඳව ජනතාව අවධියෙන් සිටියි.

      එම ලිපිය පහතින්...


      පාඨලී චම්පික රණවක නම් “දේෂප්‍රේමීයා ” නිර්මලා වෙත ළං විය.

      මේ ලිපිය ලියා මාස කිහිපක ඇතුලත ඊ නිවුස් මාධ්යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සුදුවෑන් කල්ලිය විසින් පැහැරගෙන ගොස් මරා දමන ලද අතර ඊ නිවුස් කාර්යාලයද ආණ්ඩුවේ මැරයින් අතින් ගිනිබත් විය.. ඒ සැදැහැවත් රණකාමී තරුණ උපාසක ඇමැති තැන වූ කලී.. හොරණ තක්ෂිලා විදුහලේ දී නිර්මලා හා අරවින්ද අතර වූ ආදරය විදුහල්පතිට දන්වා අරවින්ද පාසලෙන් ඉවත් කිරීමට කේලම කීවේ අප මේ කියන්නට යන කථා නායකයා ය.

      ඒ අරවින්ද අද ක්‍රිඩා අමාත්‍යාංශයේ උසස් නිළදරුවකි. එදා අරවින්ද පාසලෙන් ඉවත් කළ පසු අප කථා නායකයා නොහොත් පාඨලී චම්පික රණවක නම් “දේෂප්‍රේමීයා” නිර්මලා වෙත ළං විය. නිර්මලා රැඩිකල් තරුණියක් සේ පෙනුනා ය. පසුව නිර්මලා 89 කැරැල්ලට හසුව සිරගතව සිටිනවා යැයි චම්පිකට ආරංචි විය. චම්පික වහා ඇය සොයා ගියේය. හමුවීම සිදුවූයේ කොල්ලූපිටියේ යටාරෝ කැෆිටේරියාවේ පවත්වාගෙන ගිය රැඳවුම් කඳවුරේදී ය. ඇය එ වන විට එක් විවාහයකින් වෙන්ව සිටියා ය. ඔහු ඇයට එදිනම බදින්නට යෝජනා කළේය. පසුව ඇය කෙරෙහි උපන් මහත් අනුකම්පාවෙන් කියා චම්පික රණවක නිර්මලාව විවාහ කර ගත්තේ ය. ඔහුගේ මහත් වූ අනුකම්පාවට ඇය රැවටුණායැයි ඇය එදා දැන සිටියේ නැත.

      ක්ෂණික විවාහයක් වූ එදින මංගල රත්‍රියේදීම නිර්මලාව නිරුවත් කරමින් චම්පික රණවක නම් ”දේෂප්‍රේමීයා” දිගට හරහට ඡායාරූප ගත්තේය. මේ ඇයි දැයි ඇය වික්ෂිප්ත වුවද චම්පිකගේ සතුටට අකුල් හෙළුවේ නැත. එතැන් පටන් ඔහුගේ ලිංගික සතුට වූයේ එය ය. සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කිරීමට චන්දනට නොහැකි බව දැන ගන්නා විට නිර්මලා පරක්කු වූවා වැඩිය. මේ මිනිසා කල් ඇතිව හදුනා ගන්නට බැරි වූ නිසා අසරණ වූ ඇය ඔහුට රිසි සේ ඉඩ දී වසර හතරක් කිසිදු කායික බැදීමක් නොමැතිව සිටියාය. බටහිර කාම චිත්‍රපට නැරඹීමෙන් ලිංගික මිථ්‍යා අශාවන්ට ගොදුරු වී සිටි චම්පිකගේ තත්ත්වය එන්න එන්නම අසාධ්‍ය විය. වරෙක ඇය නිරුවත් කර ලණුවලින් බැද සිරුරේ පාට තවරමින්ද, තවත් වරෙක පාට තවරමින් පහර දෙමින්ද ඔහු ආශ්වාද වින්දේය. බැරිම තැන ඇය ඔහුගේ රහසිගත මිතුරකු වූ ලෝහාන්ට මේපුවත් කීවාය. වැඩක් වූයේ නැත. ලොහාන් ද පාඨලී චම්පිකගේම කුලයේ තවත් එකෙකු බව පසුව හෙළි විය.

      Delete
    4. පාඨලී චම්පික දේශපාලනයට අතගසා තිබුනු අතර වසර 2000 දී චම්පික ගේ ගමන වෙනස් වූයේය. ඒ නිර්මලා බලෙන් ම ඔහු හා එක් වී පිළිසිද ගැනීමක් කර ගැනීම නිසාවෙනි. පසුව නිර්මලා පාඨලී චම්පික ට දාව දුවක වැදුවාය. නිර්මලා සිතුවේ දුවක සිටින තාත්තා කෙනෙකු ලෙස චම්පික නරක පුරුදු වලින් මිදී යහපත් වනු ඇති බවයි. එහෙත් දිනක් ඔහුගේ බෑගයේ තිබී තමාගේ නිරුවත් පිංතූර හා සී.ඩී. පට තොගයක් නිර්මලාට හමුවිය. ඇය ඒ ගැන ඇසූ විට ඔහු වැද වැටී යළි එසේ නොකරන බවට දහ අතේපොරොන්දු විය.................
      පසුව ඔහුගේ දේශපාලන ගමන සවිමත් වී කොළඹ 7 ට ද එහි බලය දැනෙන සමය උදාවිය. කොළඹ 7 පදිංචි විරාජිනී පීරිස් සහ බ්‍රිට්නි පියසේකර ඔහුට මුනගැසෙන්නේ මෙකල ය. ඒ දෙදනාද ඔහුටම කැපෙන ඒ ජාතියේම ගැහැණු වූහ. දෙදෙනාගෙන්ම නිර්මලාගෙන් ලබා ගත නොහැකි විකෘති කම් සුව ඔහුට ලැබිණ. ඔහුට මෙම දෙදෙන හරහා ලෝකයේ ඉහළම පෙළේ කාම වෙළදපොලට ඇතුළුවන්නට හැක විය. ගෙදරත් බිරිදත් දරුවනුත් අමතක විය. නිර්මලා කෙසේ හෝ පාඨලී චම්පික හා පවුල් ජීවිතයක් ගෙන යෑමේ අරමුණින් හෙතෙම ගෙදර ගෙන්වා ගත්තද ඒ හැම දිනකම ඔහු කෙළේ ඇයගේ යෝනි මගට බෝතල් ඇතුළු කර නැරඹීමයි, ඡායාරූප ගැනීමයි. මේ අතර පාඨලී චම්පිකට හෙල උරුමයේ පිහිටෙන් පාර්ලිමේන්තුවට ඇතුළු වීමට වාසනාව ලැබිණ.මාදිවෙල මන්ත්‍රි නිවාසවල චම්පික රණවක තනියම පදිංචි විය. දිනක එහි ගිය නිර්මලාට දකින්නට ලැබුණේ මුළු කාමරය පුරාම කාම සී.ඩී. පට තැන්පත් කර ඇති අන්දමය. නිර්මලා මේ ගැන ප්‍රශ්න කිරීම හේතුවෙන්ද අලූතින් ලැබී තිබුණු බලයෙන්ද ඔදවත් වූ පාඨලී චම්පික රණවක නම් පාපිෂ්ඨ මිනිසා නිර්මලාව ඇඳක බැද නිරුවත් කර පහර දුන්නේය. ලේ එන තුරු පියයුරු සපා කෑවේ ය. මෙතෙක් දේ සිදු වෙද්දී ලෝකය ඔහු ගැන කිසිවක් දැන නොසිටියහ. ඔහු ලෝකයා ඉදිරියේ පෙනී සිටියේ දේශප්‍රේමී උපාසකයෙකු ලෙසිනි.

      පරලෝ සැපත් ශ්‍රීමතාණන් කෙනෙකුගේ දියණියක වූ විමලා එදිරිසිංහ මහත්මිය, උසින් ද මහතින් ද හැඩ රුවින් ද තම පියා ට බොහෝ සෙයින් සමාන කම් ඇති මේ උපාසකයා ට රැවටී සිය පියාගේ උරුමය ගෙන යන ජන්ම අවතාරයයැයි සිතා ඔහුට කොළමින් වටිනා නිවසක්ද පරිත්යාකග කළාය. මෙම නිවස ලැබීමත් සමග ඔහුට නිර්මලාත් දරුවාත් එහි ගෙන එන්නට සිදු වූයේ සිය පක්ෂයේ බල කිරීම නිසාය. නමුත් ඔහුගේ අත් හළ නොහැකි පුරුදුවලින් මිදීමට ඔහුට නොහැකි විය. කිසිවක් කර කියා ගන්නට නොහැකි වූ නිර්මලා පසුව තම දරු පවුල වෙනුවෙන් ඔහුට ඕනෑ මගුලක් කර ගන්නට ඉඩ දී ඉවත බලා ගත්තාය. නමුත් ඒ වන විට ඔහු බොහෝ දුර ගොස් සිටි නිසා ඔහුට පවුල මදි විය. අවසන පාඨලී චම්පික රණවක සිය කාම අංගනාවන්ගෙන් අයෙක් වන පෙර සඳහන් කළ නාවල බ්‍රිට්නි පියසේකර සමග ඇයගේ නිවසේ පදිංචියට ගියේය. ආයු පිරිහී සිටි බ්‍රිට්නි පියසේකර අවසානයේ මිය ගියේ ඇගේ කෝටි 2 1/2 වටිනා මුළු දේපොල ම ඔහුට පවරා දීමෙනි.

      බ්‍රිට්න් කෙතරම් විවෘතව ඔහුට ද ඔහු කොතරම් ඇයට ද කාමාශක්ත වූයේද යත් පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුවට පත් වූ දා දිවුරුම් දෙන්නට ගියේ තම නීත්‍යානුකූල බිරිඳ කැටුව නොව බ්‍රිට්නි සමගය. සදාචාරවත් පවුල් කෑම ගැන රටට බන කියන හෙල උරුමයේ ශාස්තෘවරු නිහඬ වූහ. මේ 2000 දීය. එදින නිර්මලා තමන්ගේ අසරණ බව තේරුම් ගත්තාය. පක්ෂයේ ශාස්තෘවරුන්ට ද ඇය ඒ බව කීවාය. නමුත් කොළඹ 7 කතුන් සමග බුදියාගෙන වුවද බලය ලැබේ නම් එය ඉවසිය යුතු බව හෙල උරුමයේ ශාස්තෘවරුන්ගේ සම්යක්දෘෂ්ටික විය.

      බ්‍රිට්නි පියසේකර මිය යාමෙන් පසු ඔහු වඩාත් ප්‍රචණ්ඩ විය. ඒ ඔහුට ජීවිතයේ ප්‍රථම වරට දේපොලක් හිමි වී තිබීමෙන් ය. බ්‍රිට්නි මියගියේ කැනඩාවේදීය. ඉන් පසු නාවල පිහිටි බ්‍රිට්නි ගේ නිවස ඔහුගේ නිදහස් කාම ආරාමය වූයේය. බෞදධ ජාතික ව්යානපාරය තුළට වැදුණු රතිවතියෝ එහි විත් ඔහුට උමතු කාම සුවය ලබා දුන්නෝය. දිනෙක නිර්මලා එහි යන විට එවන් රතිවතියෝ 12 දෙනෙක් එහි වූහ. ඒ අතර 2007 දී මහින්ද රාජපක්ෂගේ අනුහසින් චම්පික රණවක වඩ වඩා බලවත් විය. කැබිනට් මණ්ඩලයටද හේ ඇතුළු විය. චම්පික විදුලිබල හා බලශක්ති ඇමති ලෙස දිවුරුම් දෙන දා නිර්මලාව උත්සවයට රැගෙන ගියේ බලයෙනි. බලය පෑමට ආවේ සසුන් ගත වූ ත්‍රස්තවාදී අම්මාන්ගේ සහචරයෙකි. ඇමති වූ පසු ඔහු ඇය අතැර නාවල නිවසට ගියේය. දෙමාපිය දබරයෙන් දරුවා හඩා වැටෙන විට දරුවාට තම බඳපටියෙන් මව් බලා සිටියදී ම පහර දීමට තරම් මේ පාපී පුද්ගලයා දරුණු විය.

      Delete
    5. සිය පියාගේ කාම විකෘතිය දරුවන්ට නොරහසක් විය. ඔහුගේ වැඩිමල් දියණිය තම පියා නරඹන කාම චිත්‍රපට ගැන පිළිකුල් සහගත කරුණු ගැන තම විදුහලේ ගුරුවරුන් සමග හෙළි කළේ ය. යුද්ධය ඇවිලී යද්දී යුද්ධ රසය සමග කාම යුද්ධ රසයක් ද ඔහුට ලැබුණේය. යුද්ධ හමුදාවේ සිටි තිරශ්චීන කාම උමතුවෙන් පෙළුණු ඔහු වැන්නන්ගෙන් ඔහුට අගනා කාම තෑගි ලැබුණේය. එවා අතර අල්ලා ගත් දෙමල කොටි සංවිධානයේ කාන්තා සෙබලියන් සමූහ වශයෙන් දූෂණය කරන සිද්ධීන් පටිගත කළ දර්ශණ ද විය. ඒවා දුටු නිර්මලා ඔහුට ශාප කළාය. ශාප කිරීමට දඩුවම් ලෙස ඔහු ඇයව ඔසවාගෙන ගොස් ඇදේ බැඳ නිරුවත් කර මදන රකුසෙකු සේ හැසිරුණේය. ඒ අතර වාරේ කතුන් දූෂණය කරන දසුන් ඇතුළත් සී ඩී පට ධාවනය කරමින් ඒවායේ හඩ වැඩිකරමින් උමතු වන්නට විය. මෙම බිහිසුණු විකාරය ඔහුගේ දියණිය සියැසින් ම දුටුවාය.

      එදින පටන් වැඩිමල් දියණිය පියා දුටු තැන මගහරින්නට වූවාය. එවිට ඔහු කළේ තමන් හා කතා කිරීමට දරුවන් ට බල කිරීමය. පහරදීමය. පසුව නිර්මලා දරුවන්ද රැගෙන ඇයට අයත් නිවසට ගියාය. පියාත් දරුවන් හා බිරිදත් දෙපොලක ජීවත්වීම ඇරඹුණේය. රෙදි මසා විකුණා මහන්සියෙන් ඉදිකළ හෝමාගම ජනතා මාවතේ නිර්මලාට අයත් නිවසට දිනක් රාත්‍රියේ පැමිණි ඇමති චම්පික රණවක සිය නිල රිවෝල්වරය ඇයගේ ගෙලට තබා බියවද්දා එම නිවස තමා නමට ලියා ගත්තේය. පසු දිනෙක තමන්ට හිතවත් හමුදා මිතුරන් ඇය ජීවත් වූ හෝමාගම නිවසට යවා ඇයව දූෂණය කරවා ඒවා වීඩියෝ පටිගත කර ගත්තේ නරුමයෙකුවක් නොකරන ආකාරයෙනි.

      පසුව ඇය වෙත පැමිණි චම්පික රණවක ඇමැත්තා එම පටිගත කර ගත් දර්ශණ ඇයට පෙන්වා දික්කසාදය ඉල්ලා සිටියේය. තවද ජ්යොඇතිෂ්යත හේතු මත තම ජීවිතයට ඇයගෙන් අපල ඇති බවද පුන පුනා කීවේය. ඇය එය ප්‍රතික්ෂේප කළ විට ඇයට අමානුෂික අන්දමින් පහර දුන්නේය. එම පහරදීම් හා බලහත්කාරකම් කලක් තිස්සේම සිදු කෙරිණ. ඇය පක‍ෂයේ ශාස්තෘවරුන්ගෙන් මේ ගැන යුක්තිය අයැද සිටියාය. ඔහුගේ සහචර බලවේග සියල්ලටම කියා සිටියාය. එහෙත් ඒ කිසිවෙක් ඇය වෙනුවෙන් කථා නොකළෝය.

      මේ අතර චම්පික රණවක සිය අමාත්‍යාංශයේ නිලතල වලට සිය කාම සහායකයන් පත් කර ගත්තේය. පක්ෂය ගොඩ නැගීමට ඇප කැප වූ අය මෙම විපිරියාසය දැක දැක නිහඩ වෙති. එහි රහස දන්නේ නිර්මලාය. කාම පිපාසිත මිතුරන් කැළ අමාත්‍යාංශයේ උපද්ශකයන් හා බලවතුන්වීම නිසා පක්ෂයේ උරුමකරුවන් ට කළ දෙයක් නොහැකිවීම ඊට හේතුවයි. දිනෙක අමාත්‍යාංශයට ගිය ඇයවද එළවා දැමීමට ක්‍රියා කළේ ඒ කාම මිත්‍යා සහචරයෝය.

      ඇයට මරණ තර්ජන වැඩිවිය. ඇගේ මව් පියන් කීවේ ඔය තිරිසනා අතැර දරුවන් දෙදෙනා ද සමග වෙන්වන ලෙසය. ඇය අවසානයේ එම ඉල්ලීමට එකඟ වූවාය. ඇය ඉල්ලා සිටියේ ඇය දුකසේ ඇදුම් මසා විකුණා උපයාගත් මුදලින් ගොඩනගා ගත් ඇගේම නිවස තම දරුවන් නමට ලියා දෙන මෙන්ය. නමුත් ඇයගෙන් කොල්ලකා ගත් එම නිවස පවා ඔහු දරුවන් ට ලියා දීමට අවසානයේ එකග වූයේ සිය ප්‍රාණ භුක්තියට යටත්වය. පාඨලී චම්පික ඇමැත්තෝ එතරම්ම බෞද්ධ මානව ප්‍රේමයෙන් ත්‍යාගශිලිත්වයෙන් ද යුක්ත වූහ. රටේ අවධානය ප්‍රභාකරන්ගේ මරණය වෙත යොමු වී තිබූ අවස්ථාවේ ඔහු දික්කසාදය ඉල්ලා අධිකරණයට නඩුවක් ගොණු කොට සිය බිරිද නිර්මලාගෙන් වෙන් වීම ලබා ගත්තේය. දැන් ඔහු ජයග්‍රහාහීය . ධනයත් නිදහසත් ඇත. අවල කෙළි කෙළින්නට බාධාවක් ද නැත. යුද්ධ ජය සමරා රටම කිරිබත් කද්දී ඔහු 16 වසරක් තමන්ව රැකගත් සිය බිරිදත් තම ජාන වලින් උපන් දරුවනුත් පන්නා දමා සිය ගහල දිවියට නිදහස උදාකර ගත්තේය.

      ඉතින් පින්වත්නි ධර්මරාජ්යික එක් පියවරක් එසේ අවසන් වූ වගයි..

      Delete
  2. තැන්කූ මචං අදත් ටිකක් නෙමෙයි, පුකෙන්ම හිනා උනා.. හිනා උනත් නෙමෙයි.. හිනා ගියා..

    ReplyDelete
  3. බ්ලොග් අවකාශයේ ප්‍රෝ-මහින්ද පිළ:

    1. අපේ මාරයා අයියා
    2. මීමුරේ ණය මාමා
    3. අමුමිරිස් රනා
    4. මහා කලු කපු දෙන්නා

    බ්ලොග් අවකාශයේ ප්‍රෝ-මෛත්‍රි පිළ:

    1. පැරායියා
    2. රාජයියා
    3. ඉන්දිකයියා
    4. රසිකයියා
    5. බුවායියා
    6. විචාරක මාමා

    නිගමනය: හොරුන්, දූෂිතයින් තමන් වැනිම හොරුන්ට හා දූෂිතයන්ට සහයෝගය දක්වන අතර හොඳ මිනිස්සු හොඳ මිනිසුන්ට සහයෝගය දක්වති.

    ReplyDelete
    Replies
    1. ඇනෝ ඇවිත් ඕන බයිලයක් ගහලා ගියැකි විතරක් නෙවෙයි... අඟුරු සුදු කරලත් ගියෑකි....

      Delete
    2. සින්හල බොග් අවකාසේ ලොක්කෙකු නොවුනාට මේ ස ර ස වන මම තුමා ද මහින්ද මහත්තයාටයි....

      අපි එතුමන් ලා හොරුන් හා දූශිතයන් බව දැනදැනම චන්දය දෙන අතර ඔබ වැන්නෝ කම්බා හොරුන් සහ වැල් රොබරි කාරයන් මහ රහතුන් වහන්සේ ලා සේ සිතා රැවටී චන්දය පාවිච්චි කර ඇන ගනිති!

      Delete
    3. සරස මටත් කියන්න තියෙන්නෙ ඒකයි.අපි මුන් හොරු බව දැනගෙන චන්දෙ දෙනව. යහපාලනය ගැන කියන එවුන් පල් හොරු බව නොදැන සමහරු චන්දෙ දෙනව.තනතුරු බලාගෙන ලියන අය ගැන නම් අවුලක් නෑ.යූඇන්පී කාලෙ එකෙක් හිටිය සමාජවාදය ගැන මානව හිතවාදෙ ගැන අඩ අඩ හිටපු එකෙක්.ඌ පත්තරේක කතෘ වෙලා පස්සෙ කතෘ මණ්ඩල අධ්‍යක්ෂ වෙලා නතර වුනේ

      Delete
    4. අපිත් ලොකු මිනිස්සු නොවුනට චන්දය රට දිනවන නායකයාට. ඔය උඩ පනින එවුනුත් හිතින් හිතල බලනවා .ඒත් කිය්න්න බයයි මොකද ජනප්‍රිය මතය නොවෙයිනෙ. උඹත් ජනප්‍රිය මතේට ගියානම් ණය මාමා නොවී අභීතය්යා වෙන්න තිබ්බා

      Delete
    5. @ සරස


      සරස ඔයාගේ සරම බිම නේද.

      යකෝ සූර වීර රට බේරාගත් සිහිනෙන් වත් පවු නොකරන ජනාදිපතිට නේද උබ හොර කියන්නේ?

      අවුරුදු නවයක් සිල් රෙද්ද පොරවාන හිටි ජනාදිපති හොරෙක්බව පිලිගන්න උන්නෑහේගේ ගෝලයන්ටම සිද්ද උනා නේ !

      ඔහොමයන් ඔහොමයන් !

      ඉතුරු හරියත් උබලම කියයි....................

      Delete
  4. WHY SO MUCH JEALOUS

    ReplyDelete
  5. ඔබගේ ලිපිය ඉතා අගය කරමි. මෙවර ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් කාට ඡන්දය දෙන්නේ දැයි දෙගිඩියාවක් ඇත වී තිබෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙහිම එකග විය නොහැකි කාරණා තිබෙන බැවිනි.

    ReplyDelete
    Replies
    1. සාපේක්ෂව කිරා මැන බලා සුදුසු තීරණයකට එන්න....

      Delete
  6. /* මෛත්‍රී මැතිතුමා දිනුවහොත්, මංජුල වෙඩිවර්ධනලාද, සුනන්ද දේශප්‍රියලාද නැවත ලංකාවට පැමිණෙනු ඇත. */

    වෙන කුමක් කියන්නද?

    ReplyDelete
    Replies
    1. ඇයි ආවොත් අවුල්ද?

      මුංට පිස්සුනේ රසික....

      සිංහල බෞද්ධ කුහකයෝ විතරද සිරි ලංකාවේ ඉංට ඕනේ? අම්මා ගහයි බැටි එකෙන්...

      Delete
    2. එන එකේ කිසිදු අවුලක් නෑ... ඇවිත් කරන කියන දේවල් ගැන ත් කිසිදු අවුලක් නෑ... ප්‍රගීත් එක්නැලිගොඩලා වගේ තව අය යළි උපදින එකේ කිසිදු අවුලක් නෑ... මේ ලිපියෙන් මම මතුකරපු පාඨලීගේ හා ඔවුන්ගේ සහසම්බන්දය කෙසේ වේදැයි කියන එකයි අවුල.

      Delete
    3. ඒ කියන්නේ එක්නැලිගොඩ මැරිලද? අබීතට sure ද?

      Delete
  7. .......මහින්දව බලයට පත් කර ඔහුව හරි පාරක් දිගේ ඇදගෙන යාම සඳහා විශාල බලවේගයක් නිර්මාණය කල යුතුයි... ඒ සඳහා සුදුසුම පුද්ගලයා පාඨලී රණවකයි...............
    ඕකට දඟලලා බැරි වුනු තැන නේද චම්පකල රතන හාමුදුරුවොලා එළියට බැස්සෙ.
    මමනං කියන්නෙ මහින්දත් මෛත්‍රී පිළට එකතු විය යුතුයි. මොකද දැන් බලනකොට එයාගෙ ප්‍රෝග්‍රෑම් එකත්
    වසරක් ඇතුළත ව්‍යවස්ථා සංශෝධනයක්
    ජනතාවගෙ අභිමතය පරිදි විධායකය වෙනස් කර රට දිනවීම
    ලංකාව පුරාම වයි ෆයි

    ඉතින් දෙන්නම කරන්න යන්නෙ එකමයි නේ?

    ReplyDelete
    Replies
    1. ඔව්. ප්‍රතිපත්තිමය වශයෙන් අපේක්ශක දෙපල ක්‍රියාත්මක වේ නම් හෙල උරුමය දැනටමත් ජයගෙන හමාර ය.

      Delete
  8. මම ටිකක් පැහැදිළි කරන්නම් ඒදා ඉදන් අද දක්වා ජාතික හෙළ උරැමයටම ඡන්දය දුන් කෙනෙක් විදියට මගේ මතය
    1)මරා යනු සැබැවින්ම සිංහල ජාතියට අාදරේ මිනිහෙක්වත් බවුද්ධ කමට ගරැ කරන මිනිහෙක්වත් නෙවෙයි ‍.......... තමන්ගෙ මැතිවරණ ජයග්‍රහනය උදෙසා පමණක් යුද්ධය විකුනන් කෑ මිනිහෙක්........ අනික මහින්ද 2005 අාවෙ යුද්ධ කදරන්න නෙවෙයි.... ඒ්ක ඔහුගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව දක්වල තියෙයි‍‍.....සමාජ බලවේග මගින් ඔහු යුද්ධය වෙත ගමන් කෙරෙව්වා..... ඉන්පසු යුද්ධයේදී ඔහු දුන් නායකත්වය අපි අගය කරනවා....ඒ්ක ඔහුගේ තනි ජයග්‍රහනයක් නෙවෙයි
    2) මරා යනු ඔභ ඔය කියනා හකීම්ට අධිකරණ අැමති දූරයද දී රටේ ශරියා අධිකරණ අැතිකරන තෙක් බලා සිටි නායකයෙකි....ඔහුගේ කාලයේ තරම් අන්තවාදී මුස්ලිම් බලවේග හිස ඒසවූ කාලයක් මටනම් ඉතිහාසයේ අසා නැත .... 2005 දී මෙන්ම 2010 දීද සිංහල බවුද්ධ බලවේගවලින් බලයට පත්වී හම්බයන්ට කඩේ ගිය ඒකෙකි..........මෙවරද කරැමෙකට හෝ ජනාධිපතිවරණය ජයගතහොත් අනිවා මහ මැතිවරණයේදි නැවතත් හකීම් හා බදියුදින් කරේ ඒල්ලාගන්නා බව සහසුද්දෙන්ම පැහැදිළිය‍.......ඒනිසා ඔහුට වඩා සැමදා සිංහල බවුද්ධ ජනතාව වෙනුවෙන් පෙනී සිටි පාඨලී මැතිතුමා රැකගත යුතුයැයි මම සිතමි.... ඒ් ඒක කාරනයක් මෙෙත්‍රීට දෙන්න මන් ඔය බොරැ බයිලා ගසන විමල් වීරවංශ අලුත්ගම සිද්ධියේදි සිටියේ කොහිදැයි මටනම් නොවැටහේ.........
    4)අැත්ත .... ද්‍රවිඩ ජාතික සන්ධානය හා මුස්ලිම් කොංග්‍රසය සතුව අන්තවාදී අදහස් අැති බව පි්ලිගනිමි.... ඒහෙත් මතක තබාගන්න අාණ්ඩුව දොඩවන අාකාරයට මෙෙත්‍රීපාල මහතා නිර්මාණය කලේ කොටි සංවිධානයවත් හකිම්වත් නෙවෙයි....පාඨලී රතන හිමියන් අැතුලු පිරිස.... පසුව අැතුලු වූ පිරිස තතමයි හකිම් හා සම්බන්ධන්‍‍‍‍......ඒ් නිසා දිනන පැත්තට හකිම් පැන්නාට අපි මැරෙන්නද????

    ReplyDelete
    Replies
    1. 1. යුද්ධය ඔහුගේ තනි ජයක් නොවන වග මම ලිපියේ සඳහන් කරලා තියෙනවා...

      2. මට කියන්න ශරියා අධිකරණයක් තියෙන තැනක්...

      3. ?

      4. දිනන පැත්තට පැන්නා කියලා මැරෙනවට වඩා විසඳුම් තියෙනවා.. ඒවා තමයි මම කියල තියෙන්නේ අවසානයේදී... නමුත් පැන්නා කියන එක නෙවෙයි වැදගත්.. පැන්නේ ඇයි කියන එක.

      Delete
    2. මේව සැළසුම් කරන්නෙ මෝඩයො නොවෙයි. හෙල උරුමෙන් පටන් අරන් ටී ඇන් ඒ එකෙන් ඉවර කරන්නෙ.බන්ඩාරනායකට වෙඩි තියන්න යොදා ගත්ත සෝමාරාම සඟ වෙද ගුරු කියන බලවේග තුනම නියෝජනය කල කෙනෙක්.භික්ෂුවක්,පිරිවෙන් ගුරුවරයෙක් හා ඇස් වෙදෙක්
      සැල්වදෝර් ඇලන්ඩේ ට එරෙහි කුමන්ත්‍රනය බලන්න.
      මුලින්ම හකීම් ල සම්බන්ධන්ල අරන් ගේම් ගහන්න ඇමරිකන්කාරය මෝඩ නෑ.

      Delete
  9. 5) කව්රැ මොන බයිලා ගැසුවත් ඒතනෝල කාරයන් හා කුඩුකාරයන් කිහිපදෙනා හැරැණු විට මෙෙත්‍රීපාල මහතා දිනූවිට නිදහස් සන්ධාන මන්ත්‍රීවරැන්ද ඔහුට ඒකතුවීම සිදුවේ.........ඒ් අනූව ඔලුගෙඩි පැත්තෙන් බැලුවත් සිංහල බවුද්ධ මන්ත්‍රීවරැද වැඩි අන් අයද කියලා පොඩ්ඩක් හිතලා බලන්න ඔබතුමා‍........පැරදුනු මහින්ද නොව මෙෙත්‍රීපාල මහනා නිදහස් පක්ෂයේ නායක කමට පත්වේ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍
    සාමාන්‍ය දේශපාලන දැනුමක් අැති අයෙක්ට උවත් ඒය පැහැදිලිය‍‍‍‍....2005 චන්ද්‍රිකාට උනෙත් ඒ්කයි
    6) තව අවුරැදු 8 ක් දළදා මාලිග/ාව ඉස්සරහ නයිට් රේස් පදිමින් මුස්ලිම් උන්ට කඩේ යමින් සිටිනා මහින්දට බලය දෙනවාද නැත්නම් පාඨලී ප්‍රමුඛ සිංහල බවුද්ධ බලවේගය මූලික කරගත් මෙෙත්‍රීපිල දිනවනවාද කියා සිතා බලන්න ඔබ............ මට හැගී ගිය අාකාරයෙන් ඔබ පාඨලී මැතිතුමා මේ ජනාධිපතිවරණය ගැන කියු වීඩියෝ නරඹල මදි ඔබ

    ReplyDelete
    Replies
    1. 5. මෛත්‍රී දිනන්නේ නැත. දිනුවොත් තම පැවැත්ම සඳහා කලින්ම එන්නේ දූශිතයන්ය..

      6. සියළු වීඩියෝ නරඹා ඇත. නමුත් වර්තමාන තත්ත්වය පිළිබඳව එතුමාගේ මුව ගොලුවීම පිළිබඳව විස්මයට පත්ව සිටිමි.

      Delete
    2. මිත්‍රයා ඔතන පාඨලී කියන්නෙ එක් පුද්ගලයෙක් විතරයි.ඔහුට ඔය සංධානයෙ කරන්න දෙයක් නෑ.හැබැයි මෛත්‍රී දිනුවොත් චන්ද්‍රිකා ශ්‍රීලනිප නායකත්වයට ඒවි.ඊලඟ චන්දෙන් යූ ඇන්පිය දිනන්නෙ.වෙන මොනම දෙයක්වත් වෙන්නෙ නැහ.චම්පිකල අනාගතයෙදි බටහිර පන්නයේ දූෂන විරෝධී පරිසරවාදී හරිත පක්ෂයක් වේවි.යූඇන්පියෙ දේශප්‍රේමී චන්ද නැහැ.ඔවුන්ට සම්බන්ධන් චම්පිකට වඩා වැදගත් .ඒක චම්පික නොදන්නව නොවේ.ඔහු ඉදිරියට ජාතික ව්‍යාපාරයෙ ඉන්නෙ නෑ.ඒ නිසා ඔහුට සම්බන්ධන් හෝ හකීම් තවදුරටත් ගැටළු නොවෙයි

      Delete
  10. අවසන් වශයෙන් මාතලන්ගේ බ්ලොග් කට්ටුවෙන් මේ ටික උපුටා දක්වන්නම් වැදගත් යැයි හැගෙන නිසා

    //ඒළ පවුසි ඇර අනික් ඔක්කෝටම මේ පැත්තට එන්න උනේ දිස්තිරික්ක කේස් නිසා නොවේ. උන් ආන්ඩුව එක්ක උන්නා නම් අම්පාරෙදි තියා ආයේ සංසාරේදිවත් මුස්ලිම් ඡන්ද හම්බ වෙන්නේ නැති නිසාය. කොටි මැරුවායින් පස්සේ ආන්ඩුව බයිට් එකට ගත්තේ මුස්ලිම් උන්ය. උනුත් ඉල්ලගෙනම කන ගේම් දෙන්න ගිය නිසා. නානසාරලාට ඉත්තෑපානලාට අනගාරික පාට් දාන්න ලැබුනේය.

    එතනින් නොනැවති 83 තුනේ ජාති ආලේ කොරන්න ගියත්, මැද පෙරදිගින් වෝනින් එන කොට වීරයෝ ඔක්කෝම හංගලා දැම්මේය. මුස්ලිම් එක චන්දයක් වත් ආන්ඩුවට වැටෙන්නේ නෑ කියලා දන්න අවස්ථාවාදි කාලකන්නි තම්බි දේශපාළකයෝ අනිත් පැත්තට පනින්නේ ඒ හේතුව නිසා මිස වෙන කිසිම හේතුවක් නිසා නොවේ. ෆොන්සේකලා, චම්පිකලා, සිරිසේනලා ඒක්ක ඒ සෙල්ලම් මහින්දටත් වඩා අමාරු කේස් වනවා බුදු ෂුවර්ය.

    ඉහළ කුලයේ දෙමළු ටිකටත් උනේ ඒ සැන්තෑසියමය. දෙමළ චන්ද එකක් වත් ආන්ඩුවට හම්බ වෙන්නේ නැතිය. රිසාල්ට් එක පලා බබාටත් වඩා ආන්ඩුවට බරපතලය. ඒ නිසා පාර්ලිමේන්තුවේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, විනාඩියෙන් කොටි උනේය. උන් කොටි නම්, නඩු දාලා හිරේ දාන්න ඕනාය. එහෙම නැත්නම් කේ පී ලාට වාගේ, ෆයිව් ඉස්ටාර් ෆැසිලිටීස් දීලා හුරතල් කරන්න ඕනාය. එහෙම නැත්නම් අර අලි පාටියේ ලේඛම්ගේ ගිවිසුම වගේ හොර ගිවිසුමක් ලියාගෙන අත්සන් එහෙම දාලා ජඩ මාද්දිය සාකච්ඡාවක් තියන්න ඕනාය. දේශමාමකයින්ගේ පුක චූන් වෙන්නේ ඒ වෙලාවටය.//

    ReplyDelete
    Replies
    1. මැතිවරණයෙන් පසු පාඨලී, ෆොන්සේකා විසිවී රනිල්, සිරිසේන, චන්ද්‍රිකා රජ වෙන බව නොතේරෙන්නේ කාටද?

      Delete
    2. මැතිවරණයෙන් පසු පාඨලී, ෆොන්සේකා විසිවී රනිල්, සිරිසේන, චන්ද්‍රිකා රජ වෙන බව නොතේරෙන්නේ කාටද?// ඊලඟට එන්නෙ රනිල් චන්ද්‍රිකා සම්බන්ධන් ආන්ඩුවක්.ජවිපෙට මෙහෙම දැක්මක් ඇති.ඊලඟ ආන්ඩුවට එන්න දෙනව.ඒ ආන්ඩුවෙ ජනතා විරෝධී හා ඊළාම්වාදී වැඩනිසා කලකිරෙන ජනයා එකතුකරගෙන ප්‍රධාන එජාප විරෝධී බලවේගය බවට පත්වෙනව.මේක විජේවීරටත් තිබුන හීනයක්

      Delete
    3. ///චන්ද්‍රිකා රජ වෙන බව///

      මොකක්ද මේ පිසිසු කතාව අභීත?

      චන්ද්‍රිකා රජ වෙන විදිහක් පෙන්වා දෙන්නකෝ.....

      Delete
    4. මෛත්‍රී දින්නම චන්ද්‍රිකා 2005 මහින්ද දින්නම බැසිල් කරපු දේ කරනවා.

      Delete
    5. මම හිතන්නෙ කෙළින්ම පාර්ලිමේන්තුවට එයි.විධායක අගමැතිකම ලබා ගනීවි.සිරිසේන කියන්නෙ තනි පුද්ගලයෙක්.ඔහුට චන්ද්‍රිකාගෙන් පිට හිතන්න බෑ.මේ චන්දෙ මහින්ද චන්ද්‍රිකා අතර චන්දයක්

      Delete
    6. දන්න බම්බුවක් කියපන් මධ්‍යස්ත මතධාරී හරකෝ ‍‍‍‍‍‍‍‍‍...

      Delete
  11. 9 දවල්ට බලමු.....................

    සුභ නව වසරක් වේවා........

    ReplyDelete
    Replies
    1. එසේම වේවා....! මොනා බලන්නද?මේ විදිහම තමා.....

      Delete
  12. Mahinda hondai ,naya arn polu thiyana ewunnta,(mahinda gaththu naya nam rate minissunta hari gewannawenawa)

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...