රථ වාහන පදවන ඔබ සැමට ගොඩාක් වෙලාවට අධිකරණය හමුවට යන්න ඕන වෙනවා... වර්ථමාන පොලීසියේ මහත්තුරු ගොඩාක් අල්ලස ගැන නොහිත ලෙසටම දඩ ගහන හා නඩු දාන පිරිසක් බවට පත් වෙලා තියෙනවා... සුළුතරයක් තාම කලින් වගේම ඇති.... නමුත් රට පුරා කරක් ගහන මටනම් මේක ඇත්තටම දැනිලා තියෙනවා... ඉස්සර කොච්චර බේරිලා ගියත් දැන්නම් කළාතුරකින් තමයි බේරිලා යන්නේ.... ඉතින් ජංගම දුරකථනයෙන් කථා කරපු වරදට මටත් නඩුවක් වැටුනා... අදාල නඩු දිනයට ගියේ නැති නිසා මෝසමක් ඉදිරිපත් කරන්න බලාගෙන මමත් ගියා අධිකරනයට ඊයේ.. මෙන්න මෙහෙමයි සෙල්ලම පටන් ගත්තේ...
අධිකරණයට පිටිපස්සේ මේසෙක වාඩිවෙලා කලුකෝට් නීතීඥ මහත්තුරු කීප දෙනෙක් ඉන්නවා.. යන අයගෙන් අහන්නේ මෙහෙමයි, මොකටද ආවේ... මේක අහන්නේ සැර වොයිස් එකකින්... නඩුවක් නම් මේ මැඩම් එක්ක යන්න, මේ සර් එක්ක යන්න වගේ කියලා එක එක නීතීඥ කෙනාට භාරදීලා සල්ලි අරගෙන නඩුව කතා කරනවා... ට්‍රැෆික් නඩු කථා කරන එක තමයි නීතීඥ මහත්තුරුන්ට ලාභම වැඩේ... මොකද වැරදි කරු ස්වාමීනී කිව්වා.. දඩේ ගැහුවා.... ගාස්තුව ගෙව්වා.. ලයිසන් එක ගත්තා.. ගෙදර ගියා.... .1%ක් වගේ තමා මේ විදිහෙන් වෙනස් වෙන්නේ.... හරි දැන් මම කියන්න යන්නේ මට වෙච්ච දේ.....
මමත් ගියා.. මේ විදිහටම මගෙන් ඇහුවා.... මේ තියෙන්නේ දෙබස...
මොකටද ආවේ....?
නඩුවක්.... ට්‍රැෆික්...
මේ මහත්තයා එක්ක යන්න.....
දැන් ඒ මහත්තයාත් එක්ක යනවා.... මෙන්න ඒ දෙබස... කොහොමත් මම කලින් පොලිසියේ යාළුවෙක්ගෙන මේ ගැන අහගෙන අවබෝධයක් ඇතුව ගියේ....
මොකක්ද කේස් එක...
ෆෝන් එක කණේ ගහගෙන එළවලා...
කෝ දෙන්න බලන්න ටෙම්පරිය.... අහ්... මේක පරණ එකක් නේ....
ඔව්... මොශන් එකක් දාන්න වෙනවා නේද? දඩේ කීයක් විතර ගහයිද?
පරණ එකක්නේ.. 5000ක් වත් ගෙවන්න වෙයි... (ඒත් මම දැනගෙන හිටියා 1000යි උපරිම කියලා..)
අප්ප..... එච්චර ගෙනාවේ නෑනේ.... 2500යි අතේම තියෙන්නේ....
පොලිසියෙන් අවුලක් නෑ නේද?
නෑ... ඇයි?
එහෙනම් ගැටළුවක් වෙන එකක් නෑ.. 2500 දෙන්නකො එහෙනම්...
අපොයි, 2500 දීලා බෑ.. එතකොට ගෙදර යන්නවත් සල්ලි නෑ... 2000කට කරමු..
හරි 1000ක් දඩේ ගැහුවොත් ඒ ගානට කරමු මචන්.. ඊට වඩා ගැහුවොත් ගෙවපන් ඈ......
ආ හරි හරි... මොකද කරන්න ඕන මම...
එහෙනම් ගිහින් 2ට විතර එන්න... මෝශන් දාන්නේ ඒ වෙලාවට තමයි...
හරි.. මම ගියා...
දැන් අධිකරණයේ පිටිපස්සෙම ලී බංකුවකට වෙලා අහගෙන ඉන්නවා අධිකරණ තීන්දු දිහා.. අපරාදේ කියන්න බෑ මහේස්ත්‍රාත් තුමා සාධාරණව හා මානුශිකත්වය මුසුකොට ඉතා සාධාරණ තීන්දු ලබා දුන්නා... පොලිසි නිළධාරීන්, නීතීඥයින්, මහ ජනතාව කියා වෙනසක් නැතුව වැරදි පැත්තට දොස් කියන්න එතුමා අමතක කලේ නෑ....
බීමතින් රිය පදවලා අහුවුන අයටනම් ඒ වෙලාවේ කික් එක අමතක වෙනවා තීන්දුව අහනකොටම... දැන් අවම වශයෙන් රියදුරු බලපත්‍රය මාස තුනකට තහනම් කරනවා... ඒකනම් හොඳ නිවැරදි තීරණයක්.. මතකනේ අපේ පොරකට බීලා එලවන්න ගිහින් වෙච්ච වැඩේ.....
අන්තිමේදි ඉඳලා ඉඳලා මගේ වාරේ උදා වුනා... තෝල්ක තැන මගේ නමයි වැරැද්දයි කිව්වා... මම දිව්වා විත්ති කූඩුවට... නීතීඥ තුමා නැගිට්ටෙත් නෑ.. තෝල්ක තුමා වැරදි කරුද නිවැරදි කරුද කියලා අහනකොටත් මම මග.. මම එතැන ඉඳන්ම කිව්වා වැරදිකරු ස්වාමීනී... ඊලඟ අඩිය තියන්නත් කලින්ම රුපියල් 1000.00ක දඩයක් නියම කරනවා කිව්වා.. එතන හිටපු බන්ධනාගාර නිලධාරී මාව යැව්වා කූඩුවට.... නීතිඥ තුමා ඇවිත් අර 2000.00න් 1000.00ක් මගේ අතට දීලා ගියා... මම දඩේ ගෙවලා ලයිසමත් අරන් ගෙදර ආවා..... අනේ අරූට දුන්න 1000.00 කියලා හිතෙන් බැන බැන....... ඒත් ඉතින් 5000.00ක් ගෙවන්න තියෙන එකනේ 1000.00න් ශේප් වුනේ කියලා හිත හදාගත්තා.... කකාගේ අර පිංතූරෙත් මතක් උනා බුද්ධි ඇඳපු...
අතර මඟදි මෙහෙම සිද්ධියකුත් වුනා,,, මම දැන් උසාවියේ හිටගෙන නඩු අහන දිහා බලන් ඉන්නවා... නිකන් නොසැලකිලිමත්ව ඇදගත්ත මැදිවියේ මනුස්සයෙක් මම ලඟට ආවා... දෙබස මෙහෙමයි....
මල්ලි නඩුවකට ආවද?
ඔව්.....
මමත් නඩුවකට ආවේ.. දඩේ ගෙවාගන්න සල්ලි නෑ.. රුපියල් 150ක් දෙනවද පුලුවන්නම්...
කීයද දඩේ....
1750යි....
හරි.. කෝ ඉතිරි සල්ලි ටික.....
ආ.. මේ... මේ.... අර පොලිසියේ මහත්තයා ගාව...
මම ලඟ සල්ලි නෑ.. තරහ වෙන්න එපා...
ඔන්න ඔහොම පොරවලුත් ඉන්නවා උසාවියේ.....
මම මේ කථාව ලිව්වේ ඔයාලට එක දෙයක් කියන්න.. රථ වාහන වැරදි කරන්න නම් එපා මේ ලංකාවේ... ඒ දඩේ නිසා නෙමෙයි... කන්න වෙන චාටර් එකනම් කියලා වැඩක් නෑ.. ඒ වගේද පොලිස් කට්ටියගේ කතා.. අපිව බල්ලට දාලනේ කතාව... හදිසියේවත් උසාවි යන්න උනොත් පේනවනේ විස්තරේ... දවසක් ඉවරයි.... ඒ නිසා බොහොම කල්පනාවෙන් රිය පදවන්න... මම නම් දැන් එහෙමයි...
ප.ලි/ අර අවුරුදු උත්සවේ සංවිධානය කරන්න කට්ටිය එන්න කියලා පෝස්ට් එකක් දාල තිබ්බනේ... කෝ මේ පොඩි කොල්ලො කෙල්ලො ටික.. වැඩ බැරිද එහෙම නැත්නම් ලැජ්ජයිද?
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Wednesday, March 7, 2012
Friday, March 2, 2012
කියවන ලියන ඔයාලට මතකද මේ පිස්සු දවස....
ගිය අවුරුද්දෙ දවසක ගොඩාක් දෙනෙක් කියවපු ලියපු එක මාතෘකාවක් තිබ්බා.... ඒ ගැන පොඩි මතක් කිරීමක් කරන්න තමයි මම හදන්නේ... ඒත් මේ ලිපියේ වැදගත්ම වෙන්නේ අන්තිම වාක්‍යය.. දැන් ඉතින් උඩ ටික කියවන්නෙ නැතිව එක පාරටම යටට යන්න එපා... කට්ටියටම තේරෙනවනේ මම කියන්න යන්නේ මොකක්ද කියන එක ගැන... වෙන මොකුත් නෙමේ අනේ ගිය අවුරුද්දේ සයිබරයේ සිහිණ උළෙල ගැන.... මේ තියෙන්නේ ඒ ගැන එක එක කට්ටිය කියපු ඒවා...
මේ තියෙන්නේ රංග ලිව්ව එක...
ගේට්ටුවේ රස්සාව වැපා සහ මරණේට භාර දුන්නත් අන්තිමට ගේට්ටුවේ ඉන්නට උනේ වැපාට සහ මටය. අපි ලෙසටම රාජකාරිය කලෙමු. කොච්චර සිරාවට කරාද කියල කියනව නම් වැපා ආරධිත අමුත්තෙක් ගෙන් ( ඉන්ද්‍රනාත් තේනුවර අය්යා) රුපියල් සීයක් ගන්නට ගොස් චාටර් නොවී බේරුනේ 99 යෙනි.
මේක මාරයාගෙන්....
මේ තියෙන්නේ රංග ලිව්ව එක...
ගේට්ටුවේ රස්සාව වැපා සහ මරණේට භාර දුන්නත් අන්තිමට ගේට්ටුවේ ඉන්නට උනේ වැපාට සහ මටය. අපි ලෙසටම රාජකාරිය කලෙමු. කොච්චර සිරාවට කරාද කියල කියනව නම් වැපා ආරධිත අමුත්තෙක් ගෙන් ( ඉන්ද්‍රනාත් තේනුවර අය්යා) රුපියල් සීයක් ගන්නට ගොස් චාටර් නොවී බේරුනේ 99 යෙනි.
මේක මාරයාගෙන්....
මෙන්න බොලේ ඒත් එක්කම විසිල් පාරක් ඇහුනා..මම ගණන් ගත්තේ නැහැ..ඒත් මට පෙනුනා මෙන්න මගේ දෙපැත්තේ හිටිය උන් ආත බූත කඩාගෙන දුවනවා..මල හත්ඉලව්වයි උං දුවනවා..මම ඉන්නවා..
මට හිත හිත ඉන්න ඒ හැටි වෙලාවක් තිබුනේ නැහැ..ඒ හින්දා මමත් සෑහෙන පහුවෙලා හරි දුවන්න තිබාගත්තා...
ඕනේ එකක් කියලා දිව්වා, කනා මුට්ටිය ගහන්න කියලා ගියත් මට කලින් දිනුවා, තොප්පි දාන්න ගිහිල්ලා තොප්පිය වැටුනා
අලියට ඇහැ තියන්න ගිහිල්ලා මම කොහේද මන්දා ගියා ( ලැජ්ජාවේ බෑ ), සැගවුනු අමුත්තා නම් තාම හෙන්රි පේද්‍රිරිස් එකේ හැoගිලා , තාම දන්නේ නෑ කවුද කියලා, මට දීපු බැලුම කොච්චර පිබ්මුවත් පිපිරුනේ නෑ
අලියට ඇහැ තියන්න ගිහිල්ලා මම කොහේද මන්දා ගියා ( ලැජ්ජාවේ බෑ ), සැගවුනු අමුත්තා නම් තාම හෙන්රි පේද්‍රිරිස් එකේ හැoගිලා , තාම දන්නේ නෑ කවුද කියලා, මට දීපු බැලුම කොච්චර පිබ්මුවත් පිපිරුනේ නෑ
පස්සේ ගුරුප් ෆොටෝ හැටක් විතර ගත්තා. අවුලක් නෑ වැඩි හොඳටනේ… මොකක් හරි එකක මං නැතත්, මගේ දත් කුට්ටම හරි ඇතිනේ… මං කලුයි කියලා හිතාන උන්නට අක්ක කෙනෙක් නම් කිව්වා, ඔයා දැන් හිටියට වැඩිය සුදුයි කියලා… අපරාදේ මගේ අතේ මාරු කාසි තිබුනේ නැහැනේ… නැත්තං ඔබනවා කටේ…
මේ ලිපිය කියෙව්වාට පසු බොහෝ අය මාවත් මා මුලින් කිව් බැලැක් ලිස්ට් එකට දමා ගන්නවාට සැකයක් නැති බව මා දන්නා නමුත් කිව යුත්ත කෙලින් කියනවා විනා මොකටද මේ යාලුවෝ තරහා කරගන්නේ කියා නිහඬව සිටීමට මට නොහැකිය. සර්ව සම්පූර්ණ මිනිසුන් මේ ලොව කොහේවත් නැත.
ගියාට පස්සෙයි තේරුණෙ .. මම දන්නා කියන එකම යාලුවෙක්වත් එතන නැති බව. ඒ වුනාට කමක් නෑනෙ.. කියල මමත් ගිහින් කොණක තිබුණ පුටුවක වාඩි වුණා... මට ඕන වුනේ මෙය නැරඹීම සහ සහභාගි වීමයි. සහභාගිවීම කෙසේ වෙතත් නැරඹීම නම් අකුරටම කළා ...
සිහින උලෙල හමාර උනා නේ..එක එක්කෙනා අදුර ගත්තා..කට්ටිය පුදුම උනා.. 'අම්මට සිරි..අඩෝ මේ උඹද" කියලා නොකියපු එකෙක් නැති තරම්.ඉතින් මම මේ දැන් කියන්න යන්නේ රත්ගමයා බක් මහා උලෙලට ආවම එක එකාට මගේ ගැන ඇති උන හැගීම්..
අන්තිමේදි රසම රස කේක් කෑලි දෙක තුනකත් රහ එහෙම බලලා කට්ටියම කවල් සංගීතෙට නටන්න පටන්ගත්තා. දාපු සින්දු මොනවද කියල උන්ටවත් මටවත් තේරුනා කියල නම් මම හිතන් නෑ. එකිනෙකා හදුන්වා දීම තමයි මේ අවුරුදු උළෙලේ මම මුහුණ දීපු ඇග කිළිපොලා යන අවස්තාව
උත්සවයේ අරමුණ බ්ලොග් කරුවන් එකතුකර 'ආතල්' එකක් දැමීමය. පසුව ඊට දිලුම්ගේ අවශ්‍යතාවයද එකතු වුන බැවින් ඒ පිලිඹඳව සලකා බැලීම්ද සිදුවිය. එනිසා මෙහි මුල් අරමුණු සහ දිලුම්ව පටලවා ගැනීම සඳහා යමෙකුට අවශ්‍ය නම් එයද දැන් සුන් වී අවසානය. දිලුම් හුදෙක් අවුරුදු උත්සවයේ ද්විතීයක ලෙස එලි පැමිණි අරමුණකි. අවුරුදු උත්සවය ආරම්හ වන්නේ බ්ලොග් කරුවන් සඳහා නියම ගැදරින් එකක් අවශ්‍ය නිසාය.
හා. හා පුරා කියල මුලින්ම ගියා බැලුම් පුම්බන්න.මොන........ ඒවාට අවුරුද්දක් තිස්සේ ප්‍රැක්ටිස් කරලා ඇවිල්ලද කොහෙද එකෙක් බැලුම ගත්ත ගමන්ම පිපිරෙවුව.මට නම් හිතාගන්නත් බැරි වුණා.ශේප් එකේ අගිල්ලෙනුත් ඇන්න. ඒත් මගේ එක පිපිරුනේ නැ.අන්තිමේදී බැලුම සංවිධායක උතුමන්ටම දීල ආයි ඇවිල්ල වාඩි වුණා.
කොපි පේස්ට් බෑනේ ඒකෙන්... චැක්...
හී.. හී.. අපේ අම්මනම් දැන් පුල්ම වර්චස්.... පණුවාගේ ඉල්ලීම පරිදි සිහින කුමරියට ඉදිරිපත් වීම සහ ඩී ජේ එකේදී නැටීම (වගේ එකක් කිරීම) නිසා.... මගේ ඉතිරිව තිබුණු ලකුණු කැපී ඇත... ඊලග අවුරුද්ද වෙද්දි මහත්තයෙක් හම්බ උනොත් ගොඩ නැත්නම් ආයේ අම්මා එක්ක එනවා නම් බොරු....
ඉතින් ඒ විදිහට දැන් මේ නැටුම් තරඟය වෙලාවෙත් මාව පරල වෙන්නම එනවා. යන්තම් පාසල්ගේ කටේ බලේට තමයි පියවි සිහියෙන් නැටුවේ. අනේ ඉතින් මේක කිව්වට තරහ වෙන්න එපා. නටන්න දාපු DJ එකනම් හරි නැහැ. සිංදු දෙක තුනයි දැම්මේ හොඳට නටන්න පුලුවන්. අනිත් ඒව වලට ස්ලෝ මෝශන් නැටුම් තමයි දාන්න වෙන්නේ. ඉතින් මගේ හුලන් බැස්සා ඒ සිංදු ඇහිලා.
අර තිවුවයි කිවුව සයිබර් සිහින උළෙල ගැනනේ මේ දවස් වල කාගේත් කතාව.. ඒ වගේමයි පින්තූර ටැග් වෙනවා.. කමෙන්ට් වැටෙනවා මඩ වදිනවා.. වීඩියෝ කලාට ඒ සේරම අප්ලෝඩ් කරන්න බෑ. විශේෂයෙන් මාරයා ඉන්න එවුවට ගෙවන්න කිවුවත්නේ :). මේකත් Hi Quality තමා හැදුවේ අන්තිමට සයිස් එක 690MB උනා. ඉතිං Video සයිස් අඩු කරල අන්තිමට Quality බස්සල මේ ගාණට අරගෙන අප්ලෝඩ් කරා..
(මේකේනම් කට්ටියගේ පටි රෝල් වෙලා වගේ...)
ප්‍රසිද්ධ අය වටේ කට්ටිය පිරිලා ඉන්න එක සාමාන්‍ය දෙයක්. ඒ අතරේ හරි ගිහින් තමන් කැමති ඒ බ්ලොග් කරුවත් එක්ක වචනයක් දෙකක් කතා කරන එක තමන්ගේ වැඩක්. ඔන්න ඊළඟ සැරේ අපි එකතු වුනාම හැමෝත් එක්කම වගේ වචනයක් හරි කතා කරන්න හොඳේ.
මේ ලියන්න යන්නේ අපේ සිහිනය ගැන..ඒ කියන්නේ අපේ සිහින බක්මහ උළෙල ගැන..මේකනම් මාරම ෆන්..බ්ලොග් කෙරුවාවට අලුත් මට මේකෙන් අපේ බ්ලොග් ලියන සෙට් එකම අදුරගන්න පුළුවන් උනා...
අපි මොන තරම් දේවල් වලට සාදාරණ විසඳුම් හොයනවද? ඒත් ඊයේ අවුරුදු උත්සවේ තිබ්බ හේතුවට තර්කාණුකූල පදනම මොකක්ද? කෙනෙක්ගේ කන් දෙක සුවපත් කරා කියලා අපිට ලැබෙන දේ මොකක්ද? ඒ උනත් ඊයේ අපි හැමෝම මොන තරම් සතුටු උනාද?
පටන් ගත්තු සංතෝසෙන්ම ඒක ඉවරයක් දැකීමත් හොඳ පාඩමක් කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕනැ කියලා මං හිතන්නැත. ඉතිං මෙහෙම බලාගෙන යනකොට 2011 සිහින සයිබර් සැණකෙලිය තනිකර පාඩම් මාලාවක් නොවේදැයි අන්තිමේට මම අහන්න කැමතිය.
දුවන්න කිව්වා විතරයි, අලි ටික පෙරළෙනවා වගේ කට්ටිය දුවන් දුවන් ආවා. අම්මා තාත්තාට කවාගෙන කවාගෙන යනවා. එතකොට මට? ම්හ්.......... කමක් නැහැ, මං පස්සේ බලාගන්නම්කෝ කියලා මං හිත හදා ගත්තා. ඊට පස්සේ කලා ඉවර වෙලා ආපහු දුවනවා.
ලොකු දූත් සංගීත තොප්පි, අලියාට ඇස තැබීම ඒවට සහභාගී කෙරෙව්වා... චූටිට නම් පස්සෙ වෙලාවක යෝගට් කවන්න ගෙනල්ල ඉතිරි වෙච්ච යොගට් කවුරු හරි කකා ඉන්නව දැකල ආසා ආවා... හෙ හෙ...
සයිබරය නම් වූ මඟුල් සක්වල....... අප්පා මෙහෙම සයිබරයෙන් ගොඩ යෑමක්.... සයිබර් කපල් ගමකට ඇවිත් හිටියා...ඉතින් මේ ඔක්කොම ඇවිත් සතුටු වෙලා අනිත් උන්ට පණිවිඩයක් දීලා ගියා කියලා තමයි මට හිතෙන්නේ.. එහෙම හිතුනෙත් වැප්නි සාන්ත මල්ලි කියපු කතාවකින්... යකෝ මුන් ඔක්කොම ගොඩ යන එකේ අපිත් ඉන්ටනෙට් එකෙන්වත් එකක් හොයා ගන්න ඕන...
සිහිනයක් වෙච්ච සයිබර් සිහින උළෙල සාර්ථක කරගන්න රට වටේ ඉන්න ජාල කරුවන් පමණක් නෙමෙයි ලෝකේ පුරා විසිර සිටින මිත්රයනුත් එකතු උනා. සල්ලි පමණක් හෝ සංවිධායකයන් පමණක් හෝ සහභාගි වන්නන් පමණක් හෝ සිටිමෙන් මෙය සාර්ථක කරගත නොහැක. නමුත් ඉහත කී සියලු දෙනාගේම සාමූහික ප්‍රයතනයක් ලෙස පහුගිය 3 වෙනිදා එම උලෙළ අපිට දැනෙන විදිහට සාර්ථකව අවසන් උනා. එහි සංවිධානයේ සාර්ථකත්වයට හේතූ වූ කරුණු ටිකක් මට දැනෙන විදිහට හොයාගන්න පුලුවන් උනා
ඉතින් ඔන්න ඔහොම තමයි කට්ටිය ඒ ගැන ලිව්වේ.... මේ පාරත් ඔහොමම ලියවෙයි.... මේ පාර සයිබර් උළෙල තියෙන්නේ අප්‍රේල් 22 වැල්ලවත්ත කුරේ එකේලු.... ඉතින් එදට හම්බෙමු.....
ප.ලි. මේ ඔක්කොම එකතු කරලා තිබ්බ වැප් මල්ලිට මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.... අනික් එක මේ කට්ටියගේ බ්ලොග් වලින් උපුටා ගත්ත ඒවා නිසා අවසර නොගෙන පල කරපු නිසාත් සමාව දෙන්න කියලත් ඉල්ලා සිටිනවා....
Tuesday, February 21, 2012
කොල්ලෙක්ගේ තනපට කඩා වැටුනොත් කුමක් වෙයිද?
මේ සිද්ධිය මතක් වුනේ මගේ බ්ලොග් එකම ආයෙත් කියව කියවා ඉද්දී... මතකනේ පංසලේ තිබ්බ වෙන්දේසිය... මේ සිද්ධියෙන් පස්සේ ආයෙත් පංසලේ වෙන්දේසි තියන්න උනේ නෑ කාලයක් යනකම්.. ඒ නිසා ගමේ පොදු වැඩ සඳහා අරමුදල් රැස් කරන්න තිබ්බ සියළු සල්පිල් වෙන්දේසි අරවා මේවා ඔක්කෝම තිබ්බේ ගමේ ඉස්කෝලේ පිට්ටනියේ.. පොල් තොරන් අරවා මේවාත් එක්ක සැරටම යන වෙන්දේසියේ අළුත්ම අංගය වුනේ ඈත ගමක නාට්ටි කණ්ඩායමක් ගෙනල්ලා නාට්ටි පෙන්නන එක.. මට දැන් මතක නෑ මේවාගේ නම්...ඒත් අල්ලපු ගමේ එකා වෙච්ච අපේ ඕනමැන්ටල් කොලුවා යටින් කමෙන්ට් එකක් දායි ඔය ගැන කියලා....
අහ්.. කථාව... ඉතින් එක්තරා සල්පිලක් දවස උදා වුනා.. පොල් තොරන වෙන්දේසිය තමයි මුලින්ම තියෙන්නේ... මොකද මල්වට්ටි නෑනේ ඉස්කෝල පිට්ටනියේ.. පොල් තොරන කියන්නෙද? අපේ ගම කුරුණෑගල ආශ්රිත නිසා ගමේ හැමෝගේම වත්තේ එක පොල් ගහක් හරි තියෙනවා.. ඉතින් මේ හැමෝම ස්වේච්ඡාවෙන් දෙන පොල්ගෙඩි කීපය එකතු කරලා පොල් වලින් ගහනවා විශාල තොරනක් වගේ එකක්.... ඒකේ පොල් ගෙඩි 2000කට වැඩි උනත් අඩු වෙන්නේ නෑ... ඉතින් ගමේ මුදලාලිලා මේ පොල් තොරන මිලට ගන්න දඟ දානවා.. ඒ අතරේ අනිත් මිනිස්සුත් ලංසුව උස්සලා තමන්ට අයිති කරගන්න බලනවා... ඒ අයිති කරගත්තත් අන්තිමට දෙන්න වෙන්නෙ අර පොල් මුදලාලිටම තමයි....
ආයෙත් කතාව පිට... ඉතින් මේ පොල් තොරණ වෙන්දේසියේ උච්ඡතම අවස්ථාව වෙද්දි සංවිධායකයෝ වේන්දේසිය මඳකට අත් හිටවනවා.... හරියට අර රියැලිටි ශෝවල "මේ විරාමයෙන් පසුවයි" කියලා කියනවා වගේ... එතනින් පස්සේ තමයි අර නාට්ටි කණ්ඩායම එලියට එන්නේ....
"රුගද් තාං" වගේ බෙර සද්දයි මීයෝ කාපු වගේ රවිකිඥ්ඥ සද්දෙයි එක්ක තමයි මේ නාට්ටිය පටන් ගන්නේ.. ටීටරුත් නොවූ, නාට්ටිත් නොවූ අමුතු තාලේ කතා රැගත් මේ නාට්ටි පෙන්නනකොට අපිට චූන් වෙච්ච හැටි තාම මතකයි.... නිළියෝ සබයට එද්දි කොල්ලෝ දෙන විසිල් පාර ගම දෙවනත් කරනවා.... සටන් ජවනිකා යද්දි "ඕකට ගැහු ගැහු" කිය කිය හුරේ දාන උන්ව දැන් මතක් වෙද්දි හිනාත් යනවා.. පෙම් කතාව දුක්බර අවසානයකින් ඉවර වෙද්දි ගමේ ආච්චි අම්මලාගේ ඉදන් පොඩි කෙල්ලෝ වෙනකම්ම ඔක්කොම දෙනා හොටු හූර හූර අඳිනවා උඩට දුකේ බැරුව...
ඊට පස්සෙ නාට්ටිය ඉවර වුනාම ආයේ පුරුදු පරිදි සල්පිල යනවා... දැන් දවසක් මේ නාට්ටි පෙන්නනවා... නිලියක් ආවා සිංදුවකට නටාගෙන.... ආයේ කියලා වැඩක් නෑ.. සුපිරි එකේ හොඳම එක.. ඇඳලා හිටියේ හැට්ටෙයි චීත්තෙයි ටිකක් බුරිය එහෙම පේන විදිහට.... ආයේ ඉතින් නටාගෙන එනකොට කොල්ලන්ගේ චියර් එක මුහුද ගොඩ ගලන්නා වගේ.... ඉතින් මෙහෙම නටාගෙන ඇවිල්ලා සිංදුව ඉවර වෙද්දිම, අර අපි දුන්න නමනවා කියලා ශරීරය පස්සට නමන්නේ.. එහෙම නැමෙන්න ගත්ත විතරයි "ජරස්" ගාලා සද්දයක් ආවා...
හයියෝ සල්ලි... කෙල්ලගේ හැට්ටේ හරි මැදින් දෙකට පැලිලා.... හැට්ටේ අස්සෙන් පොදි දෙකක් බිමට වැටුනා.. ඔක්කොගෙම විසිල් නැවතුනා... මීයට පිම්බා වගේ නිශ්ශබ්ද උනා... ඔක්කොම බැලුවේ කෙල්ලගේ හැට්ටේ අස්සෙන් වැටුනේ මොකක්ද කියලා... මේ තියෙන්නේ රෙදි පොට්ටනි දෙකක්ම බිම.... මේ වෙලාව වෙද්දිත් ප්‍රේක්ෂකයෝ තුෂ්නිම්භූතයි... ඉක්මනටම කට ඇරුනෙ වසන්ත මාමගේ... ඒ මෙන්න මෙහෙම...
"නෙද්දකින් විතරක්.. මේකි කොල්ලෙක්නේ යකෝ....."
මීයට පිම්බා වගේ නිශ්ශබ්ද වෙලා තිබ්බ පිට්ටනිය අන්තිම කෙලවරටත් ඒක ඇහුනේ ශබ්ද විකාශන යන්ත්‍රයකින් කිව්ව වගේ.... වික්ශිප්ත වෙලා වැහිලා තිබ්බ කටවල් හූ හඩින් පිරිලා ඉතිරිලා ගියා.. නිලි කොල්ල වේදිකාවේ පස්සටත් වසන්ත මාමා ගෙදරටත් දිව්වේ විදුලි වේගෙන්.. වෙන්දේසිය පටන් ගන්න හූ හඬ නවතිනකන් සෑහෙන්න වෙලා ඉවසන්න වුනා සංවිධායක මණ්ඩලේට....
එදායින් පස්සේ වසන්ත මාමා පාරේ යද්දි කොල්ලො කියන්නෙ මෙච්චරයි...
නෙද්දක්..............
කියන්න වෙන්නේ මෙච්චරයි. ඉතිරි ටික තියෙන හොඳම හරුපෙන් කියන්නේ වසන්ත මාමමයි.....
ප.ලි. අපේ පොඩි උන් හොඳ වැඩක් කරලා එහි අවසන් පියවරට ඇවිත් තියෙනවා.. ඔයාලගෙ පුංචි සහයෝගයක් ලැබුනොත් මේ වැඩේ නියමිත දවසට ඉවරයක් කරගෙන සාර්තකත්වයක් දකින්න පුළුවන් වේවි.. මෙතනින් යන්න....
Friday, February 17, 2012
තව කුමකටද රටකට මේ මහ පුටුකම්....
පැට්රල්, භූමි තෙල්, ඩීසල් ගසන්නේ.....
මහජනයා නෙවෙද මහතුනි කියන්නේ....
ඒවා අහස වෙත යන විට බොලන්නේ.....
බිම අපි ඇට උලා කන්නද කියන්නේ......
ලෝකයේ ලොකුම වනචර තිරිසනුන් කැල....
වනසපු ලක්බිමේ මේ රණවිරුවො කැල...
ධීවර සහෝදරයෙක් වෙත පත්තු කල....
උණ්ඩය කෙරෙහි මොන අනුකම්පාවක්ද බොල.....
දෙදරු පියතුමෙක් ඇත උඩුකුරුව නිදා.....
ඔහුගේ ඔලුවේ පසුපස ඇත සිදුර විදා.....
ඉන්ධන ගැලුම් ගත්තත් සයුරම පරදා......
එය වටිනවද මිනිසත් දිවියක් පරදා.....
තෙල් මිල පාලනය කරනටවත් බැරිනම්......
බස් සල්ලියත් ගැමුනුට ඕනෑ හැටිනම්......
විදුලිය බිලත් වැඩිවෙනු නවතනු බැරිනම්....
තව කුමකටද රටකට මේ මහ පුටුකම්....
මිහිඳු මැතිතුමනි පුර සාරම් දොඩන.....
අපගේ මනාපෙත් ඔබ වෙතටයි දුන්න......
අනිත් පැත්තෙ උන් පුක පෙන්නනා කල......
සිහිකල යුත්තේ කාවද පවසනු මැනව...
අපි මෙහේ ඉඳන් කර කුට්ටන් වී යද්දේන්.....
ආශ්චර්ය අපෙ කර මත පැටවෙද්දෙන්.....
තියෙන සියළු බර අපගෙන් අය වෙද්දෙන්...
මැතිඳුනි ඔබ සදාකල් මෙහි වැජඹිද්දෙන්....
මොහු මිය ගියා වැසියට අමතක වේවී....
වැඩි සද්දයක් දැම්මොත් උස්සමු පේවී....
අපි මේ නරාවල තුල සිට ගූ කාවී.....
රජිඳුණි සදාකල් ඔබ මෙහි වැජඹේවී.....
ඇනෝනිමස් ආතල් එකට ලියූ කමෙන්ට් එක ලිපියක් ලෙස පල කෙරුවෙමි.. හිතේ දුක තිබෙන්නේ අපේ ඡන්දය අයාලේ යන නිසාය.... මිනිස් ජීවිතයකට වඩා වැඩි වටිනාකමක් තිබෙන තවත් යමක් ඇත්ද? මොහුගේ මිය යාමෙන් රටටවත් මහජනතාවටවත් පලක් ඇතිද සරුසාර හෙටකට.....?
ජීවිත හානි අවසන් එක මෙය වේවා....
පව්කරුවන්ට කවදා හෝ පල දේවා.....
මිනිසුන් සැවොම එක් පිලකට පැමිණේවා.....
මගෙ රට දිනු දැයක් වී මතු වැජඹේවා.....
Wednesday, February 15, 2012
කෙල්ලන්ව/ කාන්තාවන්ව ආශ්‍රය කරන්නේ කෙසේද? හික්..
මේ ප්‍රශ්ණය මගේ පුංචි කාලයේ ඉඳලම හිතට වද දුන්න ප්‍රශ්ණයක්.... මේ ප්‍රශ්ණෙට උත්තරයක් හොයා ගත්ත කවුරුත් මෙය කියවන පාඨකයින් අතර ඉඳියි කියලා මටනම් හිතෙන්නෙත් නෑ.. හය හතර නොතේරෙන පොඩි එකා සංදියේත්, ගෙදරට ස්ත්‍රී පාර්ශ්වයක් ආපුහාම දුවලා ගිහින් හැංගෙන පුරුද්දක් මට තිබ්බා කියලා තමයි තතු දන්න වැඩිහිටියෝ කියන්නේ.. ඔවුන් කියන්නේ මම ඒ කාලෙත් ගෑණුන්ට බයයි කියලා.. ඒත් මට හිතෙන්නේ ඒ කාලෙත් මට ඔවුන්ව තේරුම් ගන්න බැරි නිසා මම හැංගෙන්න ඇති කියලයි... මට ඉන්නෙත් අක්කලාම තුන් දෙනෙක් නොවැ.. හප්පේ උන්ට නම් මම තවම බයයි... :D :D
ඊට පස්සේ 1 වසරේ ඉඳලා 13 වසරට යනකන්ම ගියේ පිරිමි ලමයි විතරක් යන පාසලකටනේ.. ඒ කියන්නේ කුරුණෑගල මලියදේව විද්යාලයටනේ... කෙල්ලෙක් කිව්වොත් ඔන්න මැජික්.. 7, 8, 9 වසර වලදි අම්මෝ කෙල්ලෙක් කිව්වොත් ඉතින් ඊට එහා දෙයක් නෑ... කෑම්ප් වලට එහෙම ගිහින් ඒවගේ ඉන්න බාලදක්ෂිකාවන් ගාවින් හෙල්ලෙන්නෙ නෑ ඉතින්.. පැණි ගඟයි... ඒත් 11,12 වසර වලට එද්දි කෙල්ලො එච්චර මැජික් උනේ නෑ.... ඒත් වානිජ දිනය, සිංහල සාහිත්‍ය දින අරවට මේවට සහභාගි වෙන්න ගෑණු ලමයි ආපුහාම මේන් හෝල් එක වටේ ගැවසෙන එකනම් පුරුද්දක් විදිහටම තිබුනා... හැබැයි මේ කාලේ මගේ තිබ්බ නරකම පුරුද්දක් තමයි කෙල්ලෙක් කිව්වොත් ඉතින් ඕන දෙයක් කරන එක... ක්ලාස් වල කෙල්ලො මාව රවට්ටගෙන ලොකු අයියලාගේ විස්තර එහෙම අහගත්තා මට අද වගේ මතකයි... උසස් පෙළ කරලා, බාලදක්ශවල ජේෂ්ඨයෝ වෙලා, ශිෂ්‍ය නායකයෝ වෙලා පාසලේ පොඩ්ඩක් විතර කැපී පෙනෙන චරිත උනාට පස්සෙනම් කෙල්ලො නිකන් ටොයිස් උනා... යන හැමතැනම ගෑණු ලමයින්ගේ අවධානය දිනා ගන්න වෙනදට වඩා පුළුවන් වෙනකොට අපි හිතාගෙන හිටියේ අපි පොරවල් කියලා... දැන් මතක් වෙනකොට හිනාත් යනවා අප්පා...
කොහොම හරි මේ කාලෙදි තමයි මගේ මුල්ම ප්‍රේම සම්භන්ධය ඇති වුනේ... අප්පා.. ඒ කාලේ ලව් එකක් කියපුහාම කොච්චර බයානකද? ඒ ගැන අපිට වඩ පරන අයත් පහලින් කමෙන්ට් කරයි.. නිකන් වහ බෝතලයක් දිවේ තියාගෙන වගේ... සයනයිඩ් කරලක් බෙල්ලෙ එල්ලාගෙන වගේ... හැබැයි දැන් වගේ එළිපිට ලව් නොකර හැංගිලා ලව් කරන එකේ තියෙන්නේ වචනයෙන් කිව නොහැකි තරම් වෙච්ච සුපිරි ආතල් එකක්.. ප්‍රේම සම්භන්ධ කීපයක්ම තිබුනත් මට සුදුසුම හා ගැලපෙනම බිරිඳ හොයලා දෙන්න තරම් දෛවය මට කාරුණික වුනා...
මේ කාලයේම අපේ ජ්‍යේෂ්ඨයෝ අපේ ඔලුවට කවපු එක දෙයක් තිබ්බා... ඒ කෙල්ලෝ කියන්නේ මේ ලෝකයේ ජීවත් වෙන තවත් එක ජන කොට්ඨාශයක් විතරයි කියන එක.. ඒ වගේම වැදගත් න්‍යායක් කියලා දුන්නා.. කෙල්ලෙක් වෙනුවෙන් කොල්ලොත් එක්ක ගහ ගන්න යන්න එපා.. දෙමවුපියන්ට කරදර කරන්න එපා.... කියලා. හැම කෙල්ලම එහෙම නොවුනත් හුඟක් කෙල්ලො එහෙමයි කියලා තමයි ඔවුන් කිව්වේ.. ජීවිතේ ටික ටික වයසට යද්දි මේ කතාවේ සත්‍යය කොච්චරද, අසත්‍යය කොච්චරද කියන එකත් අපේ මොලෙට වැටහුනා... අපි ඇතුලේ තියෙන සමහර රහසිගත දේවල් එලියට ගියාම ඔවුන් කිව්වේ
" නිකම් බඩු වලට ## දෙන්න යන්න එපා යකෝ..."
ඒවා මතක් වෙද්දි තාවම හිනා යනවා.. අනතුරුව වෘත්තීය පුහුනු වලදීත්, රැකියාවේදීත්, අහ්.. මේ බ්ලොග් අවකාශයේදීත් කාන්තාවන්ව හමු වුනා... දැන් නම් අවබෝධයෙන් ඉන්න නිසා ගැටළු අඩුයි.. ඒ වගේ මම වර්තමානයේ කරන ඉවෙන්ට් මැනේජ්මන්ට් (Event Management) වලදි තමයි කාන්තාවන් ගැන අධ්‍යයනය කරන්නට හැකි විවිධ විවිධ කාන්තා චරිත හමු වෙන්නේ.....
"සෑම සාර්ථක පිරිමියෙක් පසු පසම ගැහැණියක් ඇත" කියලාත් කථාවක් තියෙනවනේ.... අන්න ඒක මටනම් ඇත්ත... ඒත් සමහරුන්ට ඕක වහ කඳුරු වගේ වෙන්නත් පුළුවන්.. හරියට ජ්‍යෝතිශය වගේ.... සමහර අය පිලිගන්නවා.. සමහරු පිලි ගන්නේ නෑ... සමහර පිරිමින්ට කසාද බිරිඳ ඇණයක් වෙද්දි සමහර පිරිමින්ට ඇය ඉෂ්ඨ දේවතාවියක් වෙනවා... මේවා වෙන්නේ ඇයි කියන්න අතීතයේදීත් වර්තමනයේදීත් හරියටම කියුවේ නෑ වගේම අනාගතයේදීත් කියන්න පුළුවන් ජගතෙක් නැති වෙයි...
දැන් මම ලිපිය අවසන් කරන්න විදිහක් නැතුව ඉන්නේ.. අර ඉහලින් දුන්න අවවාද මතකනේ කියවන අයට.. කෙල්ලෙක් නිසා කොල්ලෙක් තරහ කර ගන්නවත් දෙමවුපියෝ තරහ කරගන්නවත් යන්න එපා... මට හිතෙන්නේ ඒ කතාවේ යම් ඇත්තක් තියෙනව කියලා... ඒත් කියවන සමහර අයටනම් ඉතා දැඩිව කියන්න තියෙන්නේ දෙවෙනි අවවාදේ.. මෙන්න තියෙනවා ඒකට කෑල්ලකුත් එකතු කරලම...
නිකම් බඩු වලට ## දෙන්න යන්න එපා බන්..... :D. දීලා හිතවතුන් අතරේ චාටර් වෙන්නත් එපා බන්....
Monday, February 13, 2012
තමන්ගේ බ්ලොග් එකෙන් වෙන උන්ට කෙලීම... කවුද මේ රංග....?
මේ දවස් වල මේක ජයට යන නිසා මේ ගැන ලිපියක් දාන්නමයි හිතුනේ... මගේ බ්ලොග් එක පටන් ගත්ත දවසේ ඉඳන් ගියේ මඩ හා සම්භන්ධ දේවල් නිසා නිතරම මගේ යහළුවෙකුට මඩ පාරක් වදින එක සාමාන්‍ය දෙයක් උනා.. බෝඩිමේ කථාවල පොඩ්ඩා, බාලදක්ෂ කථාවල උපුල්, වගේ භාහිර ලෝකයේ චරිතත්, බොන කථා වල මගේ ලෝකයේ රංගත්, වෙනත් බ්ලොග් ලෝකයේ චන්ඩි කිහිපදෙනෙකුත් එකවර ඉලක්ක වුන බ්ලොග් පෝස්ට් කිහිපයකුත් මගේ බ්ලොග් එකේ අනන්තවත් සටහන් වෙලා තියෙනවා...
ඒ වගේමයි මාව ඉලක්ක වුන බ්ලොග් පෝස්ට් ගමකට තියෙනවා.. ඒ අතරින් ගොඩාක් පෝස්ට් තිබ්බේ මගේ ලෝකය බ්ලොග් එකේ කියලා තමයි මට මතක.. ඒ වගේම මේ ලඟකදි සූස්ති ගුනේ කියලා එක්කෙනෙක් දීලා තිබ්බා අසේලට ඇඩ්රස් නැති වෙන්න... මෙහෙම මඩ ගහ ගහ යන ලෝකේ මම අද උදෙ තමයි මරුම කථාව දැක්කේ.. ඒ ගැන කියන්න කලින් තවත් කාරණා කීපයක් තියෙනවා කියන්න....
ඇනොනිමස් ඔරිජිනල් සයිට් එකේ පැවැත්ම තියෙන්නෙත් අනිත් බ්ලොග්කරුවන්ගේ උර මත.. ඒ අතරින් මාරයා හා කතන්දර විශෙශයි... ඇනෝ පෝස්ට් කීපකටෙම මාරයා වස්තු බීජ උනා වගෙම කතන්දරගේ බ්ලොග් එකට පට්ට පබ්ලිසිටියක් දීමටද ඇනොනිමසයා වග බලා ගන්නවා....
ඒ වගේමයි පහු ගිය මාසේ දවසක අනුන්ට කෙලින්න ගිහින් ඒක වලියක් වෙලා බ්ලොග් වහලා අරවා මේවා වෙලා වෙච්ච දේවල් එක්ක බලපුහාම හිතෙන්නේ මොකට කෙලියද කියලා.... තව පොඩ්ඩෙන් අම්මා තාත්තා බිරිඳලා දරුවො පවා ගෑවෙනවා.. ඒකත් ඉතින් එක සංසිද්ධියක්නේ කියලා වැඩේ ඉවර වුනා....
දැන් තමයි මේ ගැන කියන්න තියෙන මරුම කතාව කියන්න වෙන්නේ.. ලඟදි ඉඳන් සමාජයේ කළු පැතිකඩවල් ගැන කථා කරන බ්ලොග් කිහිපයක් බිහි වුනා.. වෛශ්‍යාවක් නොවේ, රමීශා ලියන මගේ ජොයින්ට් එක, ඒත් එක්කම අලුතින්ම එකතු වෙච්ච එක තමයි නිරුවතින් ඇවිද යමු කියන බ්ලොග් එක... ඒකේ තියෙන කථාවේ තුන් වෙනි කොටස අවසානයේ මෙන්න මෙහෙම වාක්‍යයක් තියෙනවා....
'' අන්න රංගය කන පාත් වෙන්න බීල කිරුලපන හන්දියේ ටෙක්ලාව හොයනවලු ' ......................."
ඒ කවුද බන් මේ රංග ........
ප.ලි. - දැන් ඉතින් මෙතන පහලින් නිරුවතින් ඇවිද යමු ලියන්නේ අභීතනේ කියලා මෝඩ චූන් දෙන්න හදන්න එපා දරුවනි...
ඒ වගේමයි මාව ඉලක්ක වුන බ්ලොග් පෝස්ට් ගමකට තියෙනවා.. ඒ අතරින් ගොඩාක් පෝස්ට් තිබ්බේ මගේ ලෝකය බ්ලොග් එකේ කියලා තමයි මට මතක.. ඒ වගේම මේ ලඟකදි සූස්ති ගුනේ කියලා එක්කෙනෙක් දීලා තිබ්බා අසේලට ඇඩ්රස් නැති වෙන්න... මෙහෙම මඩ ගහ ගහ යන ලෝකේ මම අද උදෙ තමයි මරුම කථාව දැක්කේ.. ඒ ගැන කියන්න කලින් තවත් කාරණා කීපයක් තියෙනවා කියන්න....
ඇනොනිමස් ඔරිජිනල් සයිට් එකේ පැවැත්ම තියෙන්නෙත් අනිත් බ්ලොග්කරුවන්ගේ උර මත.. ඒ අතරින් මාරයා හා කතන්දර විශෙශයි... ඇනෝ පෝස්ට් කීපකටෙම මාරයා වස්තු බීජ උනා වගෙම කතන්දරගේ බ්ලොග් එකට පට්ට පබ්ලිසිටියක් දීමටද ඇනොනිමසයා වග බලා ගන්නවා....
ඒ වගේමයි පහු ගිය මාසේ දවසක අනුන්ට කෙලින්න ගිහින් ඒක වලියක් වෙලා බ්ලොග් වහලා අරවා මේවා වෙලා වෙච්ච දේවල් එක්ක බලපුහාම හිතෙන්නේ මොකට කෙලියද කියලා.... තව පොඩ්ඩෙන් අම්මා තාත්තා බිරිඳලා දරුවො පවා ගෑවෙනවා.. ඒකත් ඉතින් එක සංසිද්ධියක්නේ කියලා වැඩේ ඉවර වුනා....
දැන් තමයි මේ ගැන කියන්න තියෙන මරුම කතාව කියන්න වෙන්නේ.. ලඟදි ඉඳන් සමාජයේ කළු පැතිකඩවල් ගැන කථා කරන බ්ලොග් කිහිපයක් බිහි වුනා.. වෛශ්‍යාවක් නොවේ, රමීශා ලියන මගේ ජොයින්ට් එක, ඒත් එක්කම අලුතින්ම එකතු වෙච්ච එක තමයි නිරුවතින් ඇවිද යමු කියන බ්ලොග් එක... ඒකේ තියෙන කථාවේ තුන් වෙනි කොටස අවසානයේ මෙන්න මෙහෙම වාක්‍යයක් තියෙනවා....
'' අන්න රංගය කන පාත් වෙන්න බීල කිරුලපන හන්දියේ ටෙක්ලාව හොයනවලු ' ......................."
ඒ කවුද බන් මේ රංග ........
ප.ලි. - දැන් ඉතින් මෙතන පහලින් නිරුවතින් ඇවිද යමු ලියන්නේ අභීතනේ කියලා මෝඩ චූන් දෙන්න හදන්න එපා දරුවනි...
Wednesday, February 8, 2012
මගේ රස්සාවද? මිනිස්සුන්ට ආතල් දෙන එකයි මිනිස්සුන්ව හිනස්සන එකයි මචන්....
ගොඩාක් අය ජීවිතේ රැකියාවක් කරන්නේ ජීවිතය සරි කරගන්න... මෙය කියවන ඔබ මෙන්ම මෙය ලියන මමද එහෙමයි.... ඒ නිසා රැකියාවෙන් ජීවිතය සරි කිරීම කොච්චර අසීරු උනත් අපේ අය අනන්තවත් පෙළඹෙනව මේ ලැබෙන වැටුපෙන් යම් ඉතිරියක් කරගෙන ජීවත් වෙන්න.... ඒත් ඉතින් එහෙම කරගෙන යන අයනම් මට කීප දෙනයි හමු වෙලා තියෙන්නේ..... ඒ ඔවුන්ට අති විශාල වැටුපක් ලැබෙන නිසා.. නැත්නම් දෙමවුපියන් ඉතිරි කරගත් සෑහෙන ආදායමක් ඔවුනට තියෙන නිසා... සමහර දේශපාලකයින්ගේ දරුවෝ දිහා බලපුහාම හිතෙන්නේ අනේ උන්ට ගිය කල කියලා.. අල්ලපු ඩෙස්ක් එකේ ඉඳල සාමාන්‍ය පෙලත් අසමත් වෙලා අපට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්න මගේ යාලුවෝ බොහොමයි. (උඹ මගේ බ්ලොග කියවනවා කියලා මම දන්නවා මචන්.. උඹට තමයි කිව්වෙ... අපි හැමදාමත් කථා කරන දේ නිසා උඹට මේක අමුත්තක් නෑනේ මචන්... :D)
ඒ කාර්ය බහුල ජීවිතේට මඳ විරාමයක් දීලා තමන්ගේ නිවාඩුව උපරිමෙන් ගත කරන්න සහය ලබාගන්න තමයි ගොඩාක් දෙනෙක් මගේ සහය ලබා ගන්නේ.. නමුත් උපදෙස් දීම මම පුදුම සතුටකින් කරන්නේ.. ඒ වගේමයි දැන හඳුනන කෙනෙක් මගෙන් සේවය ලබාගද්දි මගේ දෙයක් හරි එයාලට දීලා වැඩේ කරලා දෙන්න තමයි හදන්නේ.. ඒත් ඒකෙන්නම් ගොඩාක් පාඩු සහ හිත් නොහොදකම්ද මන්දා ඇති වෙලා තියෙන්නේ.. වැඩි හොඳ දබරෙට කියනවනේ....
අප්පා පදුරු වටේ තලන ගමන් පොඩි මාකටිං පාරක් දී ගත්තා.... හැමෝම මෙහෙම කරන ජීවිකාව වෙනකෙක් පහත් කරලා කතා කරන එක ඒ මනුස්සයාගේ හිතට කොච්චර වදිනවද? මට මතකයි මාරයාත් මේකට හොඳ උත්තරයක් දීලා තිබ්බා දවසක්... හම්බ කරන් කන රස්සාවට, වාහනේට අනන්මනන් කියපුහාම කරපුහාම ඒ අදාල පුද්ගලයින්ගෙ හිත හොඳටම නැතත් පොඩ්ඩක් හරි රිදෙනවා....
ලංකාවේ මාධ්‍යවේදියෙකුයි ගායන ශිල්පී සුනිල් පෙරේරායි අතරේ ගිය සාකච්ඡාවක් තමයි මේ පහල තියෙන්නේ....
ඔබේ ගීත සංස්කෘතියට පටහැනියි නේද?
ඔව්...
ඔබේ ගීත වලින් සමාජයට කිසියම් පණිවිඩයක් දීමක්වත් කෙරෙන්නෙ නැහැ නේද?
නැහැ.. කොහෙත්ම නැහැ...
ඔබේ ගීතවලදි කෙරෙන සමහර රැඟුම් ටිකක් අසභ්‍යයි නේද?
ටිකක් නෙවෙයි... හොඳටම අසභ්‍යයි...
හිතා ගන්න පුලුවන්නේ අර මනුස්සයාට වෙච්ච දේ.... ඉතින් මේ වගේ පසුගිය මාසෙදි මගේ ඥාතියෙක් කට කොනට හිනාවෙලා මගෙන් ප්‍රශ්ණ කීපයක් ඇහුවා.. ඔහු මේ විදිහයි කියලා කලින් දැනගෙන හිටපු නිසා එවෙලෙහි ඔහු වෙනුවෙන්ම සැකසූ උත්තර වගයක් තමයි දුන්නේ....
ආ අභීත... දැන් කොහොමද? බිස්නස් සරුද?
ඔව්.. වරදක් නෑ..
දැන් අර ටාසන් වැඩ එහෙම කරනවද? (මේ කිව්වේ මගේ ත්‍රාසජනක ක්‍රියා විශයයට..)
ඔව්.. සති ගනන් ඉන්නවා කඹවල එල්ලිලා....
ඔයාලා මොනාද ඔය මිනිස්සු අරන් ගිහින් කැලෑ ගානෙ රිංගවගෙන කරන්නේ...?
ආ... මිනිස්සුන්ට ආතල් දෙන එකයි මිනිස්සුන්ව හිනස්සන එකයි තමයි ඉතින්....
කතාව එතැනින් ඉවරයි.... මිනිහා මගෙන් ඉවත් උනේ විදුලි වේගෙන්... බලාගෙන ගියාම වැරැද්දකුත් නෑ... මේකනේ ඇත්ත....
ඒ කාර්ය බහුල ජීවිතේට මඳ විරාමයක් දීලා තමන්ගේ නිවාඩුව උපරිමෙන් ගත කරන්න සහය ලබාගන්න තමයි ගොඩාක් දෙනෙක් මගේ සහය ලබා ගන්නේ.. නමුත් උපදෙස් දීම මම පුදුම සතුටකින් කරන්නේ.. ඒ වගේමයි දැන හඳුනන කෙනෙක් මගෙන් සේවය ලබාගද්දි මගේ දෙයක් හරි එයාලට දීලා වැඩේ කරලා දෙන්න තමයි හදන්නේ.. ඒත් ඒකෙන්නම් ගොඩාක් පාඩු සහ හිත් නොහොදකම්ද මන්දා ඇති වෙලා තියෙන්නේ.. වැඩි හොඳ දබරෙට කියනවනේ....
අප්පා පදුරු වටේ තලන ගමන් පොඩි මාකටිං පාරක් දී ගත්තා.... හැමෝම මෙහෙම කරන ජීවිකාව වෙනකෙක් පහත් කරලා කතා කරන එක ඒ මනුස්සයාගේ හිතට කොච්චර වදිනවද? මට මතකයි මාරයාත් මේකට හොඳ උත්තරයක් දීලා තිබ්බා දවසක්... හම්බ කරන් කන රස්සාවට, වාහනේට අනන්මනන් කියපුහාම කරපුහාම ඒ අදාල පුද්ගලයින්ගෙ හිත හොඳටම නැතත් පොඩ්ඩක් හරි රිදෙනවා....
ලංකාවේ මාධ්‍යවේදියෙකුයි ගායන ශිල්පී සුනිල් පෙරේරායි අතරේ ගිය සාකච්ඡාවක් තමයි මේ පහල තියෙන්නේ....
ඔබේ ගීත සංස්කෘතියට පටහැනියි නේද?
ඔව්...
ඔබේ ගීත වලින් සමාජයට කිසියම් පණිවිඩයක් දීමක්වත් කෙරෙන්නෙ නැහැ නේද?
නැහැ.. කොහෙත්ම නැහැ...
ඔබේ ගීතවලදි කෙරෙන සමහර රැඟුම් ටිකක් අසභ්‍යයි නේද?
ටිකක් නෙවෙයි... හොඳටම අසභ්‍යයි...
හිතා ගන්න පුලුවන්නේ අර මනුස්සයාට වෙච්ච දේ.... ඉතින් මේ වගේ පසුගිය මාසෙදි මගේ ඥාතියෙක් කට කොනට හිනාවෙලා මගෙන් ප්‍රශ්ණ කීපයක් ඇහුවා.. ඔහු මේ විදිහයි කියලා කලින් දැනගෙන හිටපු නිසා එවෙලෙහි ඔහු වෙනුවෙන්ම සැකසූ උත්තර වගයක් තමයි දුන්නේ....
ආ අභීත... දැන් කොහොමද? බිස්නස් සරුද?
ඔව්.. වරදක් නෑ..
දැන් අර ටාසන් වැඩ එහෙම කරනවද? (මේ කිව්වේ මගේ ත්‍රාසජනක ක්‍රියා විශයයට..)
ඔව්.. සති ගනන් ඉන්නවා කඹවල එල්ලිලා....
ඔයාලා මොනාද ඔය මිනිස්සු අරන් ගිහින් කැලෑ ගානෙ රිංගවගෙන කරන්නේ...?
ආ... මිනිස්සුන්ට ආතල් දෙන එකයි මිනිස්සුන්ව හිනස්සන එකයි තමයි ඉතින්....
කතාව එතැනින් ඉවරයි.... මිනිහා මගෙන් ඉවත් උනේ විදුලි වේගෙන්... බලාගෙන ගියාම වැරැද්දකුත් නෑ... මේකනේ ඇත්ත....
Subscribe to:
Posts (Atom)
ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.
අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...
-
මීට දවස් තුනකට කලින් මම ලිව්ව "ගෑනු ඔක්කොම පත්තිනි අම්මලා... පිරිමි අපි වලත්තයෝ" කියන ලිපිය නිසා මම මේ ලිපිය ලියන්න අදහස් කලේ.....
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
පහුගිය ලිපිය අවසානයේ කියවුන නුවර එලි ගමනේ දෙවෙනි කොටස ලියන්න වෙන්නේ නෑ.. දෙවෙනි දවසේ තියෙන රස මුසු සිද්ධි ලියන්න එපා කියාලා ඉතාම බැගෑපත් ඉල්...






