Tuesday, February 21, 2012

කොල්ලෙක්ගේ තනපට කඩා වැටුනොත් කුමක් වෙයිද?


මේ සිද්ධිය මතක් වුනේ මගේ බ්ලොග් එකම ආයෙත් කියව කියවා ඉද්දී... මතකනේ පංසලේ තිබ්බ වෙන්දේසිය... මේ සිද්ධියෙන් පස්සේ ආයෙත් පංසලේ වෙන්දේසි තියන්න උනේ නෑ කාලයක් යනකම්.. ඒ නිසා ගමේ පොදු වැඩ සඳහා අරමුදල් රැස් කරන්න තිබ්බ සියළු සල්පිල් වෙන්දේසි අරවා මේවා ඔක්කෝම තිබ්බේ ගමේ ඉස්කෝලේ පිට්ටනියේ.. පොල් තොරන් අරවා මේවාත් එක්ක සැරටම යන වෙන්දේසියේ අළුත්ම අංගය වුනේ ඈත ගමක නාට්ටි කණ්ඩායමක් ගෙනල්ලා නාට්ටි පෙන්නන එක.. මට දැන් මතක නෑ මේවාගේ නම්...ඒත් අල්ලපු ගමේ එකා වෙච්ච අපේ ඕනමැන්ටල් කොලුවා යටින් කමෙන්ට් එකක් දායි ඔය ගැන කියලා....


අහ්.. කථාව... ඉතින් එක්තරා සල්පිලක් දව උදා වුනා.. පොල් තොරන වෙන්දේසිය තමයි මුලින්ම තියෙන්නේ... මොකද මල්වට්ටි නෑනේ ඉස්කෝල පිට්ටනියේ.. පොල් තොරන කියන්නෙද? අපේ ගම කුරුණෑගල  ශ්‍රිත නිසා ගමේ හැමෝගේම වත්තේ එක පොල් ගහක් හරි තියෙනවා.. ඉතින් මේ හැමෝම ස්වේච්ඡාවෙන් දෙන පොල්ගෙඩි කීපය එකතු කරලා පොල් වලින් ගහනවා විශාල තොරනක් වගේ එකක්.... ඒකේ පොල් ගෙඩි 2000කට වැඩි උනත් අඩු වෙන්නේ නෑ... ඉතින් ගමේ මුදලාලිලා මේ පොල් තොරන මිලට ගන්න දඟ දානවා.. ඒ අතරේ අනිත් මිනිස්සුත් ලංසුව උස්සලා තමන්ට අයිති කරගන්න බලනවා... ඒ අයිති කරගත්තත් අන්තිමට දෙන්න වෙන්නෙ අර පොල් මුදලාලිටම තමයි....


ආයෙත් කතාව පිට... ඉතින් මේ පොල් තොරණ වෙන්දේසියේ උච්ඡතම අවස්ථාව වෙද්දි සංවිධායකයෝ වේන්දේසිය මඳකට අත් හිටවනවා.... හරියට අර රියැලිටි ශෝවල "මේ විරාමයෙන් පසුවයි" කියලා කියනවා වගේ... එතනින් පස්සේ තමයි අර නාට්ටි කණ්ඩායම එලියට එන්නේ....


"රුගද් තාං" වගේ බෙර සද්දයි මීයෝ කාපු වගේ රවිකිඥ්ඥ සද්දෙයි එක්ක තමයි මේ නාට්ටිය පටන් ගන්නේ.. ටීටරුත් නොවූ, නාට්ටිත් නොවූ අමුතු තාලේ කතා රැගත් මේ නාට්ටි පෙන්නනකොට අපිට චූන් වෙච්ච හැටි තාම මතකයි.... නිළියෝ සබයට එද්දි කොල්ලෝ දෙන විසිල් පාර ගම දෙවනත් කරනවා.... සටන් ජවනිකා යද්දි "ඕකට ගැහු ගැහු" කිය කිය හුරේ දාන උන්ව දැන් මතක් වෙද්දි හිනාත් යනවා.. පෙම් කතාව දුක්බර අවසානයකින් ඉවර වෙද්දි ගමේ ආච්චි අම්මලාගේ ඉදන් පොඩි කෙල්ලෝ වෙනකම්ම ඔක්කොම දෙනා හොටු හූර හූර අඳිනවා උඩට දුකේ බැරුව...


ඊට පස්සෙ නාට්ටිය ඉවර වුනාම ආයේ පුරුදු පරිදි සල්පිල යනවා... දැන් දවසක් මේ නාට්ටි පෙන්නනවා... නිලියක් ආවා සිංදුවකට නටාගෙන.... ආයේ කියලා වැඩක් නෑ.. සුපිරි එකේ හොඳම එක.. ඇඳලා හිටියේ හැට්ටෙයි චීත්තෙයි ටිකක් බුරිය එහෙම පේන විදිහට.... ආයේ ඉතින් නටාගෙන එනකොට කොල්ලන්ගේ චියර් එක මුහුද ගොඩ ගලන්නා වගේ.... ඉතින් මෙහෙම නටාගෙන ඇවිල්ලා සිංදුව ඉවර වෙද්දිම, අර අපි දුන්න නමනවා කියලා ශරීරය පස්සට නමන්නේ.. එහෙම නැමෙන්න ගත්ත විතරයි "ජරස්" ගාලා සද්දයක් ආවා...


හයියෝ සල්ලි... කෙල්ලගේ හැට්ටේ හරි මැදින් දෙකට පැලිලා.... හැට්ටේ අස්සෙන් පොදි දෙකක් බිමට වැටුනා.. ඔක්කොගෙම විසිල් නැවතුනා... මීයට පිම්බා වගේ නිශ්ශබ්ද උනා... ඔක්කොම බැලුවේ කෙල්ලගේ හැට්ටේ අස්සෙන් වැටුනේ මොකක්ද කියලා... මේ තියෙන්නේ රෙදි පොට්ටනි දෙකක්ම බිම.... මේ වෙලාව වෙද්දිත් ප්‍රේක්ෂකයෝ තුෂ්නිම්භූතයි... ඉක්මනටම කට ඇරුනෙ වසන්ත මාමගේ... ඒ මෙන්න මෙහෙම...


"නෙද්දකින් විතරක්.. මේකි කොල්ලෙක්නේ යකෝ....."


මීයට පිම්බා වගේ නිශ්බ්ද වෙලා තිබ්බ පිට්ටනිය අන්තිම කෙලවරටත් ඒක ඇහුනේ ශබ්ද විකාශන යන්ත්‍රයකින් කිව්ව වගේ.... වික්ශිප්ත වෙලා වැහිලා තිබ්බ කටවල් හූ හඩින් පිරිලා ඉතිරිලා ගියා.. නිලි කොල්ල වේදිකාවේ පස්සටත් වසන්ත මාමා ගෙදරටත් දිව්වේ විදුලි වේගෙන්.. වෙන්දේසිය පටන් ගන්න හූ හඬ නවතිනකන් සෑහෙන්න වෙලා ඉවසන්න වුනා සංවිධායක මණ්ඩලේට....


එදායින් පස්සේ වසන්ත මාමා පාරේ යද්දි කොල්ලො කියන්නෙ මෙච්චරයි...


නෙද්දක්..............


කියන්න වෙන්නේ මෙච්චරයි. ඉතිරි ටික තියෙන හොඳම හරුපෙන් කියන්නේ වසන්ත මාමමයි.....




ප.ලි. අපේ පොඩි උන් හොඳ වැඩක් කරලා එහි අවසන් පියවරට ඇවිත් තියෙනවා.. ඔයාලගෙ පුංචි සහයෝගයක් ලැබුනොත් මේ වැඩේ නියමිත දවසට ඉවරයක් කරගෙන සාර්තකත්වයක් දකින්න පුළුවන් වේවි.. මෙතනින් යන්න.... 

50 comments:

  1. අයියෝ වසන්ත මාමා හූඌඋ..
    //ඒ අර පින්තූරෙ නම් අජූවයි.

    ReplyDelete
  2. චික්.. අපේ ලැජ්ජ බය දෙකම නැතිවෙනවා යකෝ මේ ෆොටෝ බලල.

    ෆට්ට සීන් එක...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ. ලැජ්ජ නැති වෙලා බය ඇති වෙනවා

      Delete
  3. අයියෝ වසන්ත මාමා :D
    මට ඕක කියද්දි ෆිල්ම් 2-3 ක්ම මතක් උනා :D :D

    ReplyDelete
  4. හයියූ සල්ලි ;) ෆවු අෆ්ෆා වචන්ත මාමි හික් හික් :D

    ReplyDelete
  5. නෙද්දකින් විතරක්.. :D :D

    ReplyDelete
  6. ලිපිය නම් නියමයි කොල්ලො ...
    හැබැයි පොටෝ එක නම් කක්ක ....

    ReplyDelete
  7. නෙද්දකින් විතරක්.. :D

    ReplyDelete
  8. මොකද්ද බං මේ දාල තියන පිංතූරෙ ???? කොච්චරනං තියනවද තනපටේ ඉරාගත්ත ගෑනු ළමයිංගෙ පිංතූර ජාලෙ ඇතුලෙ . . . දාන්න එපැයි ඒකක්

    ප.ලි.
    ඔය නාට්ටි කන්ඩායම අපේ ගමටත් ඇවිල්ල තියනව බං . . . මට දැං ඒකෙ නම මතක නෑ

    ReplyDelete
    Replies
    1. කැඩපත් වෙහෙර නාට්ටි කන්ඩායමද?

      Delete
    2. එළකිරි කස්සා.... හරියටම හරි.... මට මතක තිබ්බේ සඳකඩ වෙහෙර කියලා.. ඒක දැම්මානම් බඩු හරිනේ....

      Delete
  9. කොල්ලන්ට තියෙන්නෙ තනපට නෙවෙයි තණපට

    ReplyDelete
  10. කැඩුනොත් කැඩෙන්නෙ අමුඩෙනෙ.

    ReplyDelete
  11. මට මතක හැටියට ඕකට කියන්නේ "ජහුටා" කියලා..... අපේ පලාතෙත් ඕවා කරනවා... වෙල් මැද්දේ... කමතේ... රෑට පට්ට තමයි ඉතිං....

    සුන්දර මතකයක් අවදිවෙනවා....

    ReplyDelete
    Replies
    1. නෑ බං . . මේ කියන කන්ඩායමට ලස්සන නමක් තිබ්බ

      Delete
  12. අපොයි දෙයියනේ දාලා තියන පොටෝ එක

    ReplyDelete
  13. කමක් නෑ ඉතින්... කොල්ලටත් ආස හිතෙන්න ඇති ඉඳල හිටලා පොඩි වෙනස් චරිතයක් රඟ පාන්න .. සිද්දිය නම් චාටර් හැබැයි.

    ReplyDelete
  14. හාල් සීන් එක අපේ ගමේ සොකරි පෙන්නන්ඩ ඇවිදින් උන්නු හිච්චි මහත්තයා කියලා කෙනෙකු කාන්තාවක් නාලා කොන්ඩේ පීරන අංගයක් රඟද්දී කොන්ඩේ ගැලවිලා ඇවිදින් පනාවේ පැටළුනා . එතන උන්නු අපේ එකෙක් ඔය වගේ හූවක් එකෙක් තිවුවා ගම දෙවනත් වෙන්ඩ .. මොහොතකට පස්සේ සෙමෙන් සෙමෙන් සංවිධානය වූ සංවිධායක මන්ඩලේ ඇත්තො ඌට දුන්නා හූ නොකියන්ඩ ආයෙමත්

    මේක කියවද්දී සොකරි තමා මට සුටුස් ගාලා මතකෙට එන්නේ

    ReplyDelete
  15. මොනවා උනත් මරු සිද්දිය.. ඔක්කොමත් හරි අර පින්තූරේ..

    ReplyDelete
  16. මේන් ඔහොම නාට්ටියක රඟපාන්න ගොහින් වෙච්චි කතාවක්
    http://maathalan.blogspot.com/2010/06/vesak-drama-festival.html

    ReplyDelete
  17. නෙද්දකින් විතරක්....:D

    ReplyDelete
  18. නෙදකින් විතරක් අර දාපු පින්තූරෙ :D

    ReplyDelete
  19. හික්..හික්..හික්... මට මැවිල පෙනුන වැඩේ.... පව් අනේ නිලි කොල්ලා....

    ReplyDelete
  20. අපේ ඉස්කෝලෙත් ඔහොම තමයි! තනිකර බාලක පාසලක් වෙච්චි නිසා කොල්ලොන්ව තමයි අන්දන්නේ ගෑනු ලමයින්ට! හැබැයි එහෙම එව්වට ගන්න උන් ඇත්ත කෙල්ලොන්ට වඩා හැඩයි!දැක්කම සඳ මෝදු වෙනවා ;D

    ReplyDelete
  21. යකෝ උඹලත් ‍රැව‍ටුනාද?

    ReplyDelete
  22. අපෝ...පින්තූරෙ කැත..

    ඉස්සර ඉතිං කොහොමත් ඔය වගේ නාට්‍ය වලට කෙල්ලො වෙනුවට ගත්තෙ කොල්ලොනෙ..

    ReplyDelete
  23. වෙලාව හොඳ නිසා තනපටේ කැඩුනෙ..කොහොමද චීත්තෙ කඩා වැටුන නම් එහෙම..

    ReplyDelete
  24. හොදි ඕන්නෑ!
    ඇත්තටම අභීත උඹට වෙන පින්තූරයක් තිබුනෙම නැත්ද දාන්න?

    henryblogwalker the Dude

    ReplyDelete
  25. ඔව්ව ඔක්කම බොරු කතා මමත් ඔය ගමේම කොල්ලෙක්. මෙවා ලියන්න්නේ ආතල් එකටද නෑත්නම් අපිව ගොනාට අන්දවන්නද?

    ReplyDelete
    Replies
    1. උඹට මොකටද? (මූ ද කොහෙද කොල්ල!)

      Delete
    2. යකෝ.. මූ ගමේ එකෙක් වෙලත් ඇනෝ එනවනේ.. නෑදෑයෙක්නේ ගමේනම් අනිවා... පිළිගන්නවා බ්ලොග් එකට ආදරෙන්. මගෙ බ්ලොග් කියවන්න අඩු වෙලා හිටියේ ගමේ එකෙක් විතරයි... :D

      Delete
  26. වසන්ත මාමා මෙව්වා එකේ මෙව්වා දිහා බලන ඉන්න ඇති :D

    ReplyDelete
  27. කොල්ලෙක් කියලා කෙල්ලොන්ට මම රැවටිලා තියෙනවා හි හි අපේ ඉස්කෝලේ ඔහොම නාට්ටියක නටපු අයියා කෙනෙක් දෝතින්ම තමන්ගේ ගෞරවේ රැකගන්න ගිහින් අපේ ප්‍රින්සිපල් බැනලා තිබුනා නැහැදිච්ච කෙල්ලෝ කියලා හි හි

    ReplyDelete
  28. සෑහෙන කාලයක් ගමේ මිනිස්සුන්ට කතා වෙන්න මාතෘකාවක් !

    ReplyDelete
  29. නෙදක්කිං. මාත් හිතුව පට්ට සැපක් කියලා.. :)))

    ReplyDelete
  30. ඈ බොල අභීත අයියේ මාත් උදේ පාන්දර කට ඇරගන බැලුවේ ෆොටෝ එකෙ මොකක්ද කියල සික්කේ....

    ReplyDelete
  31. අභීත අයියේ වසන්ත මාමා දුරින් නෑයො වෙනවද? :D

    ReplyDelete
  32. හප්පෝ මමත් හිතුවේ පොදි දෙක පැනලා කියලා එළියට...බැලින්නං කොලු නළුවෙක් නේ....

    ReplyDelete
  33. ශික් විතරක් දාල තියෙන පින්තුරෙ, පෝස්ට් එකත් කියවන්න එපා වෙනව.....

    ReplyDelete
  34. නොදකින් උලව්ව ! මදැයි කෙලං ආව කියවන්න. අර දඬු ගෑණි දකිද්දි වෙවුලල යනව බං

    ReplyDelete
  35. අයියද දන්නෙ නෑ නිලි කොල්ලට හිටියේ....

    ReplyDelete
  36. පව් අනේ වසන්ත මාමා :ඩි

    ReplyDelete
  37. උන්ට පොඩි උන් කියන්න උඔ මහ එකාද කුජීත පදිරිසින්හ?

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඔයාට ගොඩාක් චූන්ද ඇනෝ....

      Delete
  38. ඉස්සර කාලේ නම් ගොඩක් නාට්ටිවල රඟපෑවේ පිරිමි අය කියලා තමයි ඒවා බලපු අය කියන්නේ..ඒත් දැන් නම් එහෙම නෑ නේද..ඔයා කියපු සල්පිල වගේ එකක් බලන්න ආසයි...මම ඔය පොල් තොරනක් බලන්න ආසයි..මම එහෙම එකක් දැකලම නෑ..

    ReplyDelete
  39. පට්ට පදිරියි. වෙන නම් කියන්න දෙයක් හිතට එන්නෑ හිනාව නවතිනකම්. එළ එළ ඈ.

    ReplyDelete
  40. විලි ලැජ්ජයි එකයි දෙකයි :P

    ReplyDelete
  41. එලකිරි කතාව

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...