සනත් අයියා කියන්නේ බ්ලොග් අවකාශයට තව දුරටත් අමුත්තෙක් නෙවෙයි... සනත් අයියාගේ වියෝව දිනයේ ෆේස්බුක් නම් සමාජ ජාලයේ මෙන්ම සිංහල බ්ලොග් අවකාශය තුල තිබුණු අරුත් වැකි මෙන්ම බ්ලොග් ලිපි ඒ පිළිබඳව මොනවට සාක්ශි දරනවා.... අපි දන්නවා... ඊලඟට අපි ඔක්කොගේම හදවතේ තියෙන්නේ එක පැණයයි.. ඔබා වෙනුවෙන් අපි මොනාද කරන්නෙ කියන එකයි... මේ දිනවල මට ලැබෙන දුරකතන ඇමතුම් වලින් ඉතා විශාල පිරිසක් ඒ සඳහා ලක ලැහැස්ති වෙලා ඉන්නවා කියලා තේරෙනවා.... ඉදිරියේදී සාකච්ඡා කරලා අපි ඒ වෙනුවෙන් තීරණය කරගනිමු.... වර්තමාන තත්ත්වය පහත පරිදියි...
පහුගිය දවස් කිහිපයේ මාරයාත් මමත් ඇතුළු පිරිස ඔබාගේ පවුලේ ඥාතීන් හා දිගින් දිගටම සම්භන්ධ වුනා.. ඒ අනුව අලුත්ම තත්ත්වය වන්නේ එළඹෙන සිකුරාදා දින ඕස්ට්‍රේලියාවේදී ආදරණීය සනත් අයියා අපෙන් සමු ගන්නා බවයි.. එදිනම රාත්‍රී ඔහුගේ ගම්පහ නිවසේ සුමදුර ධර්ම දේශණාවක් පැවැත්වෙන අතර සෙනසුරාදා දහවල් සාංඝික දානයක් පිලිගැන්වීමට නියමිතයි..
එදිනට අපිට සහභාගී වීමට එනිවසින් ආරාධනා ලැබුණා.. ඒත් මගේ පුද්ගලික හැගීම නම් අපි සියල්ල එහිගොස් නිවැසියන්ට කරදරයක් වනවාට වඩා කිහිප දෙනෙක් එහි ගොස් ඒ සඳහා සහභාගී වීමටයි. ඉදිරි මාසය ඇතුලත ඔහු වෙනුවෙන් බ්ලොග් අවකශය නියෝජනය කරමින් මහා පින්කමක් සිදු කිරීමට කතිකා කර ගනිමු....
ඒ වගේම සයිබර් සිහිණ උළෙල සංවිධායක කමිටුවෙනුත් මම ඉතා කාරුණිකව ඉල්ලන්න කැමතියි එහි අනුග්‍රාහකයින්ගෙන් ලැබුනු මුදල් සනත් අයියා වෙනුවෙන් වැය කිරීමට කටයුතු කරන ලෙසට..
ඔබේ අදහස් අගයමි...
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Tuesday, May 15, 2012
Sunday, May 13, 2012
ආදරණීය සනත් අයියේ, උඹට සමු දෙන්න මගේ හිත හයිය නෑ අයියේ....
කොතනින් පටන් ගන්නද? කොතනින් ඉවර කරන්නද කියලා මට තවමත් හිතෙන්නේ නෑ.... ගිය අවුරුද්දේ ජනවාරි මාසයේ පළවෙනි සයිබර් සිහින උළෙල ගැන පෝස්ට් එකක් වැටෙනකොටම මගේ ස්කයිප් එකට රික්වෙස්ට් එකක් ආවා... ඒ ඕස්ට්‍රේලියාවේ පදිංචිය සදහන් කියලා සටහන් වුන සනත් විජේවර්ධන කියලා කෙනෙක්ගෙන්.. රික්වෙස්ට් එක පිළිගත්ත ගමන්ම වීඩියෝ කෝල් එකක් ආවා....මම ආන්සර් කලා.....
අහ් අභීත.. මම සනත්... දන්නවද දන්නේ නෑ.. ලාස්ට් රෝ එකේ ඔබ්සර්වර්...
අම්මට සිරි ඔබා අයියේ... තැන්ක් යූ රික්වෙස්ට් එකක් එව්වට....
එතැනින් ඇරඹුන කථාබහ පෙරේදා රෑ වෙනකනුත් ඉතා සුහදව ගෙවුනා.. ඔහුගේ අපේකම සංකේතවත් වුනේ මෙන්න මෙහෙමයි....
අභීත.. මම අප්‍රේල් ලංකාවට එනවා... උඹ කාර් රෙන්ට් කරනවනේ... මට එකක් දියන්.. වෙන උන්ට සල්ලි දෙනවට වඩා අපේ එකෙක්ට දෙන එක හොදයිනේ...
මේ තවත් දවසක්...
අභීත මගේ දුවලා ලංකාවට එනවා.. උන්ට ජෙට්වින් එකේ කියලා කියන ඩ්‍රයිවරයෙක් සෙට් වෙලා ඩොලර් 650ක් ඉල්ලනවා.. උඹට කරන්න පුළුවන්ද ඊට අඩුවෙන්.. පුළුවන්නම් කියපන්.. මම සෙට් කරන්නම්....
මෙහෙම හෘදයාංගම වෙච්ච සහෘදයින් මගේ ජීවිතේට මුණ ගැහිලා තියෙන්නේ අතලොස්සයි... මේ තවත් අත්දැකීමක්... පහුගිය අවුරුද්දේ අග භාගයේ මම දරුණු චෝදනා කිහිපයකට නිල නොලත් වශයෙන් මුහුණ දුන්නා මේ බ්ලොග් අවකාශේ.. ස්කයිප් කෝල් එකකින් මාව අමතපු ඔබා අයියගේ දෙබස තමයි මේ...
අභීත, උඹට මොකක්ද මේ දවස්වල වෙලා තියෙන්නේ...
පොඩි සල්ලි හිරවීමක් අයියා...
එකවුන්ට් නම්බෙර් එක එවපන්.. මම හෙට එකවුන්ට් එකට එවන්නම්... මම අප්‍රේල් 1 ලංකාවට එනවා.. එදාට දීපන්...
ඊට පහුවදා මගේ බැංකු ගිණුමේ ඇදහිය නොහැකි තරම් මුදලක් බැර වෙලා තිබ්බා...
ආදරණීය අයියේ.. මේවා කා එක්කවත් කියනවට උඹ කැමති වුනෙත් නෑ... ඒත් අදනම් නොකියම බෑ... කවුරු මොනවා කිව්වත් උඹේ මනුස්සකම හිර කරලා තියන්න මට බෑ...
ලංකාවට ආපු හැම වෙලේම පළමු දුරකථන ඇමතුම ගන්නේ මටනේ...
"මේ උඹ කොහෙද? මම එයාපෝට් එකේ..."
එතැනින් පස්සේ හමුවෙන හැම මොහොතක්ම සුංදරයි....
අවසානෙට මට ඔබාව මුණ ගැහුනේ මැයි පලවෙනිදා... ඒ මම ඒ මාසේ දුවන්නට ලබා දුන්න කාර් රථය ආපහු ගන්න ගිය වෙලාවේ.. ගියේ අන්තිම පේලියේ මාමයිට් මල්ලියි මමයි... බිරිඳට හොරෙන් ඔහු ඇහුවෙ මෙහෙමයි...
මම හෙට යනවා... ගේ ඇතුලේ පොඩ්ඩක් තියෙනවා... මොකද කියන්නේ.. ගහලා යනවද?
ඒත් අවාසනාවට ඒ දේ සිද්ද වුනේ නෑ....
අවුරුදු උත්සවේ ගැන කියන්න දෙයක් නෑනේ... ඔහු අපේ වියපත් බඹරා වුනා කිසිම අවුලක් නැතුව.... ඒ මිත්‍රත්වය ගැන එදා ආපු හැමෝම සාක්කි දරාවි...
කොහොමද මම මේ ලිපිය ඉවර කරන්නේ....
උඹට සමුදෙන්න මට වචන නෑ සනත් අයියේ.... අපි අතරටම නැවත ඇවිත් අපේම වෙලා ඉපදියන් අයියේ.....

Monday, May 7, 2012
මගේ ලෝකයේ රංගගේ විවාහයේ සැබෑ තතු.... සහ හවත් බ්ලොග් ගොසිප්ස්.....
| සුභ විවාහ ජීවිතයක් වේවා මචන්.....! |
එක පාරටම ෆේස්බුක් එක නැවැත්තුවා.. ඒ එක්කම බ්ලොග් එකත් නැවැත්තුවා... අපිට නිකම් ඔල්මොරොන්දම් වගේ මෙච්චර ෆිට් එකේ හිටපු එකා අපිටත් නොකියා මේ කරන වැඩ ගැන අපිටත් නිකන් චාටර් හැගීමක් ඇති වෙලා තිබ්බේ... ඉතින් ගත්තා දුරකථනෙට.. දෙබස මෙහෙමයි...
අඩෝ උඹට මොකද වෙලා තියෙන්නේ....?
මොකුත් නෑ බන්.. ටික දවසක් ෆ්‍රී එකේ ඉන්නවා බන්....
ඇත්ත කියහන් උඹට කෙල්ලෙක්වත් සෙට් උනාද?
නෑ බන්.. ගිය සතියේ මම බැන්දා..... (ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ දැනුනේ මට...)
ඈ...? උඹ කිව්වෙවත් නෑනේ කව්ද කෙල්ල...?
මොකද බන් කිව්වෙ නැත්තේ.. අපි අර අන්තිමට සෙට් වුන වෙලාවේ මම ලසියාට කිව්ව.. උඹ නිදි ඒ වෙලාවේ...
හරි හරි සුභ පැතුම් එහෙනම්...
හරි මචන්.... මේ දවස් ටිකේ රෑ 12 වෙනකම් ඔෆිස් එකේ වැඩ... එපා වෙලා ඉන්නේ..
හරි බන්.. අපි උඹට සෙට් වෙන්න කතා කරන්නේ නෑ.. භය නැතුව හිටු....
දැන් මූ බැන්දා කියන එක හරි... ඒත් මූ බැන්දෙ කවුද කියන එක තමයි ප්‍රශ්ණේ... දැන් ඉතින් මම දන්න උන්ට කතා කලා.. උන් දන්නේ නෑ.... අන්තිමට දවසක් ආවා අපි ටික සෙට් වෙන.. එදා දවසේ දුරකථන ඇමතුම තමයි මේ...
අසියා.. අද හවස සෙට් වෙමුද කොට්ටාවේ....
අද නම් අවුලක් නෑ කීයටද?
7ට විතර... අර ඇබ්සින්ත් එක ගහමු..
මම බියර් එකක් ගහන්නම් මචන්.. ඇබ්සින්ත් බෑ... වෙන කවුද එන්නේ.... (අම්මට සිරි.. මූ දැන් දෙන ටෝක්ස් සහ අහන ප්‍රශ්ණ... මට ඉතින් යටි සිතින් සිනා....)
මමයි, ලසියයි, පැට්ටයි තමයි.. පසනාට කතා කරන්නේ නෑ...ඌට මේ සෙනසුරාදා එක්සෑම්.. අරක බීලා මොනවා වෙයිද කියලා කවුද දන්නේ....
හරි මම එන්නම්.. හරියට 7 වෙද්දි මම උඹලගේ ගෙදර...
පුළුවන්නම් ගෑණිත් එක්ක වරෙන්.. නැත්නම් ෆොටෝස් හරි ගෙනෙන්...
හරි මචන්... මම කියලා බලන්නම්....
හවස 7 වුනා.. ත්‍රිරෝද රතයක් ආවා.. ඒකෙන් බැස්ස මුගෙ මනමාලි දැකලා මගේ ඇස් දෙක උඩ ගියා... මූට මේක කියන්න බැරි වුනානේ කියන තරහටම නොසරුප් වදන් පේලියක් මගේ මුවින් පිට වුනා... උන් දෙන්නා උන්ට නෙවේ වගේ අහගෙන හිටියා.... කොහොමත් සෙට් වෙච්ච ගෙදර කවුරුත් නොහිටපු නිසා මේ කෙල්ල අපිට උයලා බයිට් එහෙම හදලා දුන්නා.. අරූ බියර් කෑන් 8ක්ද කොහෙද ශීතකරණයට දැම්මා... පැට්ටා එන්න පරක්කු වෙච්ච නිසා මුගේ ප්‍රේම පුරාණය කිව්වා... මමත් ඉතින් අහගෙන හිටියා.. දවස් අටක් ඇතුලත යාළුවෙලා බැදලා ඔක්කොම ඉවරයි කියන්නේ... මෙන්න මෙතන ඉදන් තමයි සිංහයා බලු වුන කතාව පටන් ගන්නේ...
දැන් කොල්ලා බියර් බිබී හිටියා... නමුත් මූට ඇබ්සින්ත් එක බොන්නත් ඔන.. මූ හෙමීට ඇබ්සින්ත් එකට අත තිබ්බා..
ඒයි.. ඔයා බියර් නේද බොනවා කිව්වේ... දැන් මොකද ඔය කරන්නේ...?
වයිෆ් දිහා මූ බලපු අසරණ ඇස් දෙකේ දාහක් දේවල් ලියැවිලා තිබ්බ බවක් මමයි පැට්ටයි දැක්කා ..... :( :(
කථාව දිග වැඩි නිසා තවත් බ්ලොග් ගොසිප් එකක් කියන්නම්.. ගිය පාර සයිබරයේ සිහින උළෙල නිසා ඇන්ඩ්‍රොයිඩ් නයි ඇරියේ රංග... මේ පාරත් එහෙම පොරක් හිටියා.. ඒ වෙන කවුරුත් නෙවේ....අපේ ලියන්නා ලොක්කා.. ඔව් ඔව්.. අර බුරුසු රැවුල තියෙන පොර තමයි... කලින් දවසක් සෙට් වෙද්දි කවුරු හරි මෙහෙම ඇහුවා...
ලියන්නා අයියේ.. කීයක් වුනාද බන් ෆෝන් එක....
අනේ.... වැඩි ගානක් නෑ බන්.. පනස් දෙදා....හයි....
ඌ ඒක කියපු විදිහට අපි ඔක්කොටම හිනා ගියා... දෙවෙනි සිද්ධිය මේකයි... සිහිණ උළෙල දවසේ ඕනයා ඉස්පිරිතාලෙනේ... දැන් මේක ආරන්චි වුන එවුන් මගෙන් අහනවා විස්තර.. ඔන්න දහ දෙනෙක් විතර වට වෙලා මගෙන් විස්තර අහනවා...
ඒ අභීත අයියේ.. ඕනයාට කොහොමද බන්...
ඌට ටිකක් අමාරුයි බන්.. හොස්පිට්ල් ඇඩ්මිට් කරලා..
නෑ.. කොහෙද?
නාරාහේන්පිට ආසිරි එකේ බන්... කිරුළ පාරෙ එකේ....
කීයද අයියේ වෝඩ් එක...
307..
ඔක්කොම ඉස්සරහා සැම්සුංග් ෆෝන් එක ඇදපු ලියන්නා මෙහෙම ඇහුවා..
අභියා.. කීයද බන් වෝඩ් එක කිව්වේ.....
307 බන්....
ඒකේ පේන්ට් එක ඕපන් කරපු වෙනියා ඇගිල්ලෙන් 307 ඇදලා සේව් කර ගත්තා... සැනසුම් සුසුමක් හෙලලා මෙහෙම කිව්වා...
අද හවස යන්න ඕන බන් බලන්න ඌව...
අනිත් උන්ගේ කටින් පිට වුනේ මේ වගේ දෙයක්...
අම්මට සිරි.. කෝමද ලියන්න අයියගේ ෆෝන් නයි පාර....
Thursday, May 3, 2012
සෝ සෝ ගාන සුදේසීය සේවේ.....
මගෙ බ්ලොග් එකේ නම "ටිකක් හිනා යන්න" වුනාට මොකද පහුගිය ටිකේ අනන්මනන්, සමාජ සුභ සාධන කටයුතු, පිට කසා ගැනීම්, කඩේ යාම් වගේ දේවල් ලිව්වට පස්සේ මගේ තේමාවට අදාලව මොකුත් ලිව්වේ නැති නිසා මට හිතුනා මොනා හරි අටමගලයක් අදනම් ලියන්නම ඕන කියලා.. ගමේ කතා කිහිපයක්ම ඔයාල කියවපු නිසා තවත් එක් අපූරු චරිතයක් ගැන මම අද ලියන්නයි හිතුවේ...
මතකද අර උරුලෑවා කථාව.. ඒකෙදි මම කීවනේ අපේ ගමේ උඩහ සහ පහල ලෙස කොටස් දෙකක් තිබෙන බවත් ගමේ හැමෝම නැදෑයෝ වෙන බවත් මම කීවා.. වර්තමානයේ අඩු උනත් කුල බේදයත් මීට අවුරුදු 10කට විතර කලින් ටිකක් සැරට තිබ්බා.. ඒ වුනාට හැමෝටම කියන්න දුරින් උනත් ඕනම වෙලාවක නෑ කමක් තිබ්බා.. ප්‍රේමයේ නාමයෙන්... "අසිරිමත් වු දේකි මෙලොව ප්‍රේමය නමිනා.. " කියනවනේ... ඔන්න යනවා වටේ.. මෙන්න කථාව....
ලීලා කිරි අම්මයි කුඹල්පොල අත්තයි 55 පැනපු වයසක ජෝඩුවක් ඒ කාලේ... දරු මල්ලෝ නැතුව පොඩි ගෙදරක තමන්ගේ පාඩුවේ ජීවත් උනා... ඒ වුනාට කිරි අම්මානම් පට්ට ඕපෙ, ඒ වගේම මෝහෙ.. කෙල්ලෙක් පැනලා ගිය විස්තරේ අල්ලපු ගෙදර කණ නෑහෙන පියතිස්ස අත්තගේ කිරි අම්මට බෙරිහන් දීලා කියන ගමන් බල්ලෙක් හරි තමන්ගේ වත්තේ මායිමට එනවද කියලා ඇහැ දාගෙන ඉන්නේ... ගේ ඉස්සරහ වගේම වැටේ මායිමේ පුවක් ගස්වල හැදෙන පුවක් ඉතිවල තියෙන ගෙඩි ගනන ටක්කෙටම කිව්වැකි උන්දැට කණ්ණාඩි නොදාම.... කුඹල්පොල අත්තා වැඩි කරදරයක් නැති උන්දැ කියලා තමයි ගමේ වැඩිහිටියෝ කියන්නේ... උන්දෑ කරපු රස්සාවෙන් විශ්‍රාම ගිය ගමන්ම තමුන්ගේ වාහේ දාල ගිහින් මහණ වුනා... එදායින් පස්සේ කුඹල්පොල හිමි බලන්න නිතර යන එන එක ගමේ කාගෙත් පුරුද්දක් වුනා වගේම ලීලා කිරි අම්මාටත් හැකි ලෙස උදව් පදව් කරමින් ගම් වාසීන් ජීවත් වුනා...
ලීලා කිරි අම්මට දරුවෝ හිටියේ නෑ කියලා අපි කිව්වනේ.. සහෝදර සහෝදරියන්ගේ දරුවෝ තමයි සැලකුවේ.. ඇත්තම කියනවානම් හතර ලියද්දෙ හිටපු අක්කගේ දරුවෝ තමයි අදටත් වැඩියෙන් සලකන්නේ... ඉතින් මේ දරුවෝ අතරේ විදේශගත වෙලා හිටපු තිස්ස බාප්පා එයාගේ ගෙදරට අළුත් රූපවාහිනියක් ගෙනාපු නිසා ගෙදර තිබ්බ පරණ රූපවාහිනිය ලීලා කිරි අම්මට දුන්නේ ඇගේ පාළුව මකාගන්නටත් බණක් දහමක් ගෙදර ඉඳන් අසා ගන්නටත් රුකුලක් වේවි කියලා හිතුණු නිසා වෙන්න ඇති.... ලීලා කිරි අම්මත් බණ්ඩා මාමගේ ලොකු පුතා වෙච්ච කාන්චනයට කියලා මේකට ඇන්ටොනා එකක් එහෙම ගෙනත් අටෝගත්තා.. ඕන්න දැන් උන්දැ බලනවා ටැලිවිසොන්....
මේ අතරේ දවසක සමූපෙට යන්න ආපු ලීලා කිරි අම්මා අපේගෙදරට ගොඩ වෙලා තමන්ට සුපුරුදු කුස්සියේ පොඩි පුටුවෙන් ඉද ගත්තා.. එතනින් ඉද ගන්නේ කුස්සියේ වැඩ කරන ලුසියයි, අපේ අම්මයි එක්ක හොඳ ඕපයක් ගහගෙන තේ පොඩ්ඩක් බොන්න හම්බෙන එක නිසයි... දෙයියනේ කියලා අපේ අම්මාටත් බැරිම දේ තමයි ඔය ඕප වලට ඔළුව දාන එක. බත් මුට්ටිය රොස් වෙන සුවඳට අපි කාමරේ ඉඳන් කෑ ගැහුවේ නැත්නම් ලීලා කිරි අම්මා එන කවදාවත් අපට කන්න නම් වෙන්නේ නෑ.. සහතිකයි.... දැන් මෙන්න පටන් ගත්තා දෙබස...
දුවේ.. අර මාපලෑ ලොකු කෙලී අන්න චමිරයත් එක්ක පැනලා ගිහිල්ලු....
ඇත්තද පුංචි අම්මේ.. කවද්ද?
ඊයේ රෑ කියන්නේ.... ඇඳගෙන හිටපු ඇඳුම පිටින්ම ගිහිල්ලලු...
අනේ .. පව් නේද පුංචි අම්මේ.. අපේ කිරීගේ වයස... කිරීගේ පංතියේමයි මයෙ හිතේ....
අනේ නෝන මහත්තයා.. ඕවා ඔහොම තමයි.. මේ ගමේ කී දෙනෙක්නම් දැන් යනවද ඔහොම... ඒ ලුසියා...
අනේ හිටපන් ලුසියො... උඹලට පොඩි දේවල් උනාට මේවා හොඳ දේවල් නෙවේ.. නේද දුවේ.....
අනේ මන්දා පුංචි අම්මේ... උන්ට හොඳනම් අපෙ මොකෝ ඉතින්...
ඔන්න එතකොටම මම යනවා කුස්සිය මැදින්... පොල් ගෙඩියක් ලෙලි ගැසීමේ අම්මගේ අණට කීකරු වෙලා ක්‍රියාත්මක කරන්න තමයි මේ යන්නේ.... මාව දැක්ක කිරි අම්මගේ මාතෘකාව වෙනස් වුනා...
අනේ කසුන් පුතේ.. මම මේ උඹව හම්බෙන්නමයි ආවෙත්...
ආ.. මොකෝ කිරි අම්මේ....
තිස්ස පුතා ටැලිවිසොනයක් ගෙනත් දුන්නනේ...
අප්පා.. එහෙමද? මරුනේ... මොකක්ද කිරි අම්මේ වර්ගේ...
කළු සුදු එකක්... බන්ඩා පුතාලයෙ කාන්චනායාට කියලා ඇන්ටොනාවක් ඒම දාලා අටෝ ගත්තා... ඒත් ඒක සෝ සෝ ගානවනේ....
එහෙනම් හරියට ටියුන් වෙලා නැතුව ඇති කිරි අම්මේ....
ඒක තමයි.. උඹලට තේරෙන තරම් තෙරේනවය මේ ගමේ එකාලට.. අනේ වෙලාවක් තීන වෙලාවක වරෙන්කො මයෙ අම්මේ.. (කොහොමද කිරි අම්මගේ බටර් පාර.)
මම එන්නම්කො කිරි අම්මේ හවස දිහාට... මෙහෙම කිව්වට මමත් ඒ කාලේ දැකලා තිබ්බේ රූපවාහිණී 5යි. අපේ ගෙදර එක විතරයි ටියුන් කරන්න දන්නේ... ඒකත් ගෙදර එක නිසා... දැන් පලයන්කෝ මේක ටියුන් කරන්න... මේ කියන අවුරුද්ද 1994 වගේ.. හිතන්නකො මීට අවුරුදු 20කට විතර කලින් කුරුණෑගල ඩොටේ ගමක කොල්ලෙක් දන්න ටැලිවිසොන් ගැජමැටික් තත්වේ....
අනේ පුතේ ගිහින් ඕක හදලා දීලා එන්න...
හා අම්මේ... කිරි අම්මේ, මම ගිහින් බන්ඩා මාමලාගේ ගෙදර ගිහින් ක්‍රිකට් ගහනවා... කිරි අම්මා ඇවිත් කතා කරන්න...
හා පුතේ.. මම ඇවිත් කතා කරන්නම්....
ඔය ඉතින්... උඹට කිව්වේ කිරි අම්මගේ ටීවී එක හදලා දෙන්න කියලනේ... නැතුව ඉතින් කාන්චනලත් එක්ක නටන්ට කියලයැ.... අම්මා එහෙම කියනකොටත් මම ඒක ඇසෙන නෑසෙන දුරකට ගිහින් ඉවරයි....
කොහොමහරි සෙල්ලම් කර කර ඉන්න ගමන් කිරි අම්මා කතා කලා.. දැන් මමත් ගියා ලීලා කිරි අම්මගේ ගෙදර.. මුළු ගමටම පෙනුන සුවාදීනෙයි ජාතිකෙයි ලෙසටම පේනවා ඒ ටීවී එකේ... ඉතින් මේකේ වැරැද්ද මොකක්ද බොලේ....
මේ පේන්නේ කිරි අම්මේ අයිටීඑන් එකයි ජාතිකයි දෙකම.. මේකේ මොකුත් ප්‍රශ්ණයක් නෑනේ...
අනේ පුතෙ, ඕකේ සුදේසීය සේවෙයි වෙළඳ සේවෙයි අල්ලලා දීහන්කෝ.....
කෙළලා තියෙන්නේ... දැන් මේ කළු සුදු ටීවී එකට ටියුන් කරහන්කෝ ස්වදේශීය සේවෙයි, වෙළඳ සේවෙයි.... මුන්දැට කිව්වට තේරෙයිද මන්දා කියලා හිතුනත් ඔන්න ඔහේ කිව්වා....
කිරි අම්මේ... ස්වදේශීය සේවය අහුවෙන්නේ රේඩියෝ වලට.. වෙළඳ සේවෙත් එහෙමයි... ටීවී වලට අහුවෙන්නේ ජාතික එකයි අයිටීඑන් එකයි විතරයි.. අපේ ගෙදරත් එච්චරයි අහුවෙන්නේ....
අනේ පලයන්.. උඹලගේ ඉරිසියාව... අර පියතිස්ස මල්ලිගේ ගෑනි කිව්වේ ඕව මෙකට අහුවෙනවා කියලා....
කිරි අම්මේ, එහෙ තියෙන්නෙ රේඩියෝ එකක්නේ... ඉතින් ඒ රේඩියෝ එකට ඒවා අහුවෙනවා ඇති...
ඉතින් බන්, රේඩියෝවට අහුවෙනවානම් ටැලිවිසොන් එකට අහුවෙන්නෙ නැත්තෙ මොකොද? උඹ මාව රවට්ටන්න නේද හදන්නේ.....
කිරි අප්පට බල්ලො පැනපි... දැන් දීපල්ලකෝ උත්තර.. දන්න ශිල්ප දාලා එතැනින් බේරිලා ගෙදර ආවා අන්තිමට.
මෙතන ඉදන් තමයි විසිල් හා බල්ටි...
පහුවදා තමයි හොඳම ආතල් එක ආවේ... පාසැල් බස් රථයට මම නගින නැවතුමට පස්සේ නැවතුමෙන් තමයි කාන්චනයා බස් එකට නගින්නේ... මූ නැගලා දොර ලඟ ඉදන්ම මට බෙරිහන් දුන්නා...
අඩේ කසුනයා..., උඹ මොනාද අර ලීලා කිරි අම්මාට කලෙ ඊයේ....
මල හත්වලාමේ.. මේ මොකක්ද මේ කියන්නේ.. ඇරත් මුළු බස් එකටම ඇහෙන්න...
ඇයි බන්...
ඊයේ රෑ අපේ ගෙදරටත් ඇවිත් බැන්නා උඹට.. උඹ බොරු කියනවා කියලා ඉරිසියාවට....
නෑ බන්.. ටීවී එකට ස්වදේශීය සේවෙයි වෙළඳ සේවෙයි අල්ලලා දෙන්න කිව්වා.. මම කිව්වා ඒවා රේඩියෝ චැනල් කියලා.. පිළිගන්නේ නෑ බන්... මටත් බැන්න මම ඉරිසියාවටලු එහෙම කියන්නෙ කියලා....
ඉතින් බන්, උඹ ගියාට පස්සේ මම ටියුන් කරලා දුන්නා.. අන්න උදේ පාන්දරම පියතිස්ස අත්තගේ කිරි අම්ම එක්කලත් උඹට බනිනවා ගමටම ඇහෙන්න..
ඈ....? උඹ කොහොමද ටියුන් කලේ.....
නෑ බන්. මම එකටයි දෙකටයි ජාතිකේ ටියුන් කරලා තුනටයි හතරටයි අයිටීඑන් ටියුන් කලා...
ඉතින්....
ඊට පස්සේ කිව්වා දෙකේ යන්නේ ස්වදේශීය කියලා.. හතරේ යන්නේ වෙළඳ සේවේ කියලා....
ඉතින් බන් දෙකේම එකනේ යන්නේ...
ඔව් බන් මම කිව්වා ස්වාදීනෙයි වෙළඳ සේවෙයි එකම කොම්පැනියේ කියලා, ජාතිකෙයි ස්වදේශීයයිත් එකම කොම්පැනියෙ කිව්වා... ඒ හින්දා දෙකේම එකම පේන්නේ කියලා කිව්වා...
නෙද්දකින්.. උඹේ වැඩනම්....
ඇයි යකෝ නැත්නම් මටත් වෙන්නේ උඹට වගෙම ඉරිසියාකාරයා කියලා අහගන්නනේ.....
ඕන්න ඔහොමයි අපේ ලීලා කිරි අම්මා ස්වදේශීය සේවෙයි වෙළඳ සේවෙයි ටීවී එකෙන් බැලුවේ......
ප.ලි. : මොකුත් නැත...
උඩම පින්තූරේ මෙතනින්..
Tuesday, April 24, 2012
පරණ කුණුගොඩාක්, වැරදි නිවැරදි කිරීම හා සයිබරයේ සිහිණ උළෙල හා තවත් මඩ...
ඉහත මාතෘකාවේ ඇති කොටස් හතරම සම්පූර්ණ වෙන්න පෝස්ට් එකක් ලියන්න ලැබීම කෙනෙකුගේ වාසනාවක්ද? අවාසනාවක්ද? කියන එක මට තාමත් තේරෙන්නේ නෑ... නමුත් මම උනත් වැරදි දෙයක් කිව්වොත් ඒ වැරැද්ද මම ම නිවැරදි කරන්න ඕන... පහුගිය දෙසැම්බර් මාසයේ දිනෙක මම දාපු ලාංකීය බ්ලොග් අවකාශයේ පික්ෂු හැදෙන අනාවැකිය කියන පෝස්ට් එකෙන් මම අනාවැකියක් කිව්වා.. ඒ වගෙමයි ඒ අනාවැකිය බොරු වෙනවානම් මම ඔබෙන් එහි ලින්ක් එකත් දාලා සමාව ගන්න අමතක කරන්නේ නෑ කියන එකත් සඳහන් කලා එහි දෙවෙනි කොටසින්.. ගිය ඉරිදා රාජ් මල්ලි ඇතුළු පිරිසගේ වැඩේ නිසා මට ඒක අද පිළිගන්න වෙනවා... ඔන්න මිතුරනි.. සමාව භජනය කරත්වා....
ඒ වගේම එහිදී පොරොන්දු වුනා වගේම මේ සඳහා උපරිම සහයෝගයත් දීමට හැකිවීම ගැනත් ඉතාම සතුටු වෙනවා... මා විසින් ලබාදුන් දුරකථන ඇමතුමකට විතරක් සාර්ථක අදහසක් ලබා දීලා අපිට හයියක් ලබා දුන්න ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සමාන්‍යාධිකාරී (IP and Data Network) නිශාන්ත රත්නායක මහතාටත්, සමාන්‍යාධිකාරී (අලෙවි සංවර්ධන) ප්‍රභාත් දහනායක මහතාටත්, ප්‍රධාන අලෙවි නිළධාරී රොශාන් කලු ආරච්චි මහතාටත් මම ඉතාම ස්තූති වන්ත වෙනවා, අපි වෙත රුපියල් හැට දහසක අනුග්‍රාහකත්වයක් ලබා දීලා අපිට හයියක් වීම සම්භන්ධව.. නැවත වතාවක් ස්තූතියි මැතිතුමනි..
ඉතින් මේ කාර්යය සාර්ථක කරගන්නට අවශ්‍ය ලොකුම උදව්වත් ලබා දීමට හැකිවීම ගැන මගේ හිතේ තියෙන්නේ ආඩම්භරයක් මුසු වෙච්ච පුංචි සතුටක්.... දැන් හැරෙමු සයිබර් සිහිණ උළෙල දිහාවට....
ඇත්තටම මේ පාර සෙට් එක වැඩේ උපරිමේටම කරලා තිබ්බා... මුන් කලින් කරපු පිස්සු නිසා මේ වැඩේ සාර්ථකව වෙයිද නොවෙයිද කියලා හිටපු සැකේ පලවෙනි පැය යද්දිම හිතෙන් පහ වුනා.. ඇත්තටම නංගිලා මල්ලිලා උඹලා මේ පාර සුපිරියටම කලා... ඒකේ දෙකක් නෑ.. හැම දෙයක්ම පිළිවෙළින් මැනැවින් සිදු වුනා...
පරණ යාළුවෝ ගොඩාක් දෙනෙක් ආවා.. ගිය සැරේ සංවිධායක මණ්ඩලය ලෙසින් අති විශාල වගකීමක් අරගෙන දගලපු පරණ සංවිධායකයෝ හිතේ හැටියට මෙවර විනෝද වුනා... ගොඩාක් දෙනෙක් එකතු වෙලා විනෝද වුනත් තුශාර රවීන්ද්‍ර මල්ලි, කුශාන්, පුතා, දිල්ශාරා, ප්‍රියන්ත අයියා, රන්දිකා යුවල, ෆා, මාරයා, වගේ කට්ටිය නැතුව පිස්සු කෙලිද්දි හිතේ කොණක පොඩි අඩුවක් වගේ දැනුනා.. ඒත් අපි පැත්තකට වෙලා කරපු සතුටු සාමීචියේදි උඹලව අමතක කලේ නෑ මචන්.. උඹලගේ පංගුවත් එක්කම භුක්ති වින්දා....
ඒ වගේමයි ජෙරූශා දැරියගේ හා ඇයගේ දෙවුපියන්ගේ පැමිනීම ගැනත් සඳහන් කරන්න ඕන... ඇය කණා මුට්ටිය ගහන්න යද්දි නිවේදක කටයුතු කරපු දුලාන් මල්ලිගේ මුවින් පිට වුන වදන මම මෙතනත් සඳහන් කරන්න කැමතියි.... " මේ කණා මුට්ටිය ගහන්න යන්නේ අපේ චූටි දියණිය.... සයිබර් අවකාශයේ අපෙ කෙලි පොඩිත්ත..." ඇත්තටම ඇය අපේ... ඔබෙ සාර්ථකත්වය අපේ සතුටයි දියණියණි..
හවස් වරුවේ පොඩි සෙට් වීමකුත් තිබ්බා.... පරණ සංවිධායක මණ්ඩලේ අපි සෙට් වීම් මුල් කරගෙන වැඩ කලාට අලුත් උන් වැඩේ ඉවර වෙනකන් කටේ තිබ්බේ නෑ රහමෙර... අන්න මිනිස්සු... අර එකෙක්නම් ගෙදර හැමදාම මෙට්ටෙ නිදා ගන්නවා කියලා වෙනසකටත් එක්ක පොඩ්ඩක් සිමෙන්තියේ නිදා ගත්තා.... මට හැඟුණ විදිහට ඒ පරිච්ඡේදයත් කරදරයක් නැතුව අවසන් වුනා.. හවස ආතල් එක 75%ක් අඩුවෙනවා ඒ පරිච්ඡේදය නොතිබුනානම්... හරි මඩ.. මඩත් නෙමේ... ඕපදූප දිහාට හැරෙමු....
පවිත්‍ර නැත්නම් සුලැගිල්ලා.. අච්චර ටොයිලට් තිබ්බ පිට්ටනියේ ප්‍රසිද්ධියේ තාප්පෙකට චූ කරන්න ගිහින් වෙච්ච සන්තෑසියත්, පිට පිට දෙවෙනි වරටත් චොර වී වාර්ථාවක් තැබූ ආකාරයත් නොකියම බෑ....
මෙතෙක් කලක් මම විසින් බොහොම අමාරුවෙන් රැකගෙන සිටි රංග - රමීශා විවාහ ජීවිතය ප්‍රසිද්ධියට පත් කිරීම ගැන උන් දෙන්නට මගේ ස්තූතිය.... නැත්නම් තවත් කොහොමද බොල ඉවසගෙන ඉන්නෙ ඔය වගේ හොට් නිව්ස් එකක්.... (මඩ පහර පසුවට)
අනුරාධ මල්ලිගේ නානායක්කාර මිය පත් කිරීමේ උත්සාහය මෙවරත් ඉතාම ශෝචනීය අයුරින් අසාර්ථක වෙලා ගියා....
රංග - රමීශා පෙම් හබය සේම සැඟවී තිබූ තිසර - මුශ්ඨාක් පෙම් හබයත් ඉතාම හිරිකිත අයුරින් එදා මාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය වුනා...
ඩුබායි සිට අධික පිරිවැයක් දරා උළෙලට සහභාගී වූ රුචකගේ නටුම නරඹන්නන්ව මහත් ප්‍රීති ප්රමෝදයට පත් කල බවත් කිව යුතුයි...
ගිය වර අවුරුදු කුමරිය විනිශ්චයට සිටි දුකා හෙවත් සුභාශ් අයියා ගේ කුපාඩිකම් ඡායාරූප වලින් පසුව නදීශා අක්කාටම හෙලි වූ නිසා මෙවර ඇය දරුවාත් සමඟම පැමිණ සිටි අතර, මෙවර විනිශ්චය මණ්ඩලයට දුකා සහභාගී වන විට ඔහුගේ ඇකයේ පොඩි පුතා වාඩි කරවීමටද කටයුතු සලස්වා තිබුනා...
පොඩි මෑන් සුපුරුදු පරිදි ඔහුගේ පෙම්වතිය රැගෙන විත් ඉතා රස කට්ටක් ඇයට මෙවරත් ලබා දුන්නා සේම වටිනා එෆ් එම් මයික් එකක් වෙරි පිට පොළවේ ගැසූ බවක්ද මතකයේ ඇත...
මරණය විසින් අසේලව බදාගෙන "ඇයි මචන් උඹ බැන්දේ" කියා හඩා වැටුන අතර එවෙලෙහි ගත්ත පින්තූරයක් බුකිය පුරා සැරි සරණු දකින්නට ලැබිණ...
මම හොර කරමින් තරඟ වැදුන බව ගොඩාක් දෙනෙක් චෝදනා කරන අතර මා විසින් එය දැඩිව ප්‍රතික්ෂේප කරමි.. මම හොර කලේ මම ජයග්‍රහණය කරණ ලද අන්ධයාට කිරි කැවීමේ තරඟයේදී පමණි...
තිසර මධුවන්ත යන අය වගේම බිම්සර වලල්ලාවිට යන අයද අක්කලාගේ සුරතල්ලු බවට පත්ව මෙවරත් ආ ලෙසටම විසිර ගියොය...
මලිත් කුශාන්... ඔබ ගැන කියන්නට අප්පිරියාය.. පට්ට පජාතය.... ගන්න දෙයක් නැත.
එසෙනම් මිතුරු මිතුරියනි.. අත් උස්සන්න බලන්න දෙසැම්බර් ඉවෙන්ට් එකක් කරන්න භාරගන්න කට්ටිය...
ප.ලි. ඕනයා... උඹ නැති අඩුව පට්ට අවුල්ය.... ක්‍රීඩංගණයේ අල්ලපු වැටේ උඹ ඉද්දි අපි මෙහෙම විනෝද වීම උඹට අවුලක් නැති උනත් අපේ හිතට තදින් දැනුනා මචන්.. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මචන්...
Monday, April 16, 2012
සයිබරයේ සිහින බක් මහ උළෙල ඇත්තටම පිට කසා ගැනීමක්ද?
පසුගිය ජනවාරි මාසයේ අවසානයේ මම ලියපු බ්ලොග් ලිපියක මම කිව්වා ටිකක් මතවාදී කරුණක් මාසෙකට සැරයක්වත් ලියන්න බලාපොරොත්තු වෙනවා කියලා.. අද දවසේ "සයිබරයේ සිහින උළෙල" ගැන වෙනත් බ්ලොග් එකක තිබ්බ ලිපියක් දැකලා තමයි මට මෙහෙම ලිපියක් ලිවිය යුතුයි කියලා කල්පනාවට ආවේ... සමහර විට මගේ අදහස වැරදි ඇති... ඔබේ අදහසට කමෙන්ට් තීරුවේ ඉඩ හැමදාමත් වගේම අදත් තියෙනවා.. ඔබේ පෙලපත කෙලෙසා නොගෙන කමෙන්ට් කිරීම ඔබ සතු වගකීමක්...
අදාල ලේඛකයා කියු කරනු කරුණා වලට අමතරව එහි කමෙන්ට් කරපු ඇනොනිමසයන් කියා තිබෙන ආකාරයට සයිබරයේ සිහිණ උළෙළ එහෙමත් නැත්නම් වෙනත් බ්ලොග් කරුවන්ගේ සුහද හමුවීම් එකිනෙකාගේ පිට කසා ගැනීම් වගේම තමන්ගේ බ්ලොග් වල හිට්ස් වැඩි කරන කරුනක්.. එය ආරම්භ කරලා තියෙන්නේ ලසියලාගේ රචියලාගේ කල්ලිය විසින්.. ඊලඟට මම ඇතුළු පිරිසක්... අවසන් පුරුක ලෙස පොඩි මෑන් ඇතුළු පිරිසක්.. ඉතින් මේක ඇත්තද? ඒ වගේමයි දැන් බ්ලොග් අවකාශයේ වැදගත් බ්ලොග් අඩවි ඇත්තේ නැද්ද?
පළමු ප්‍රශ්ණය මගේ ඇහින් බලද්දි මට ඇත්තටම හිතෙනවා ඔවුන් යම් තරමකට හරි කියලා... නමුත් අපි සයිබර් සිහින සැනකෙලිය සංවිධානය කලේ දෑසින් නොදැකපු බොහෝ මිතුරන් පිරිසක් එකට එකතු කර ඔවුන්ගේ මිතුදම් තවත් ශක්තිමත් කිරීමටයි.. එහිදී අපි පොරක් උනා කියලා මටනම් තාමත් සිතෙන්නේ නෑ... ඒ වගේම මගේ බ්ලොග් එකට හිට් වැඩි උනා කියලත් මම හිතන්නේ නෑ... උදාහරනයක් ලෙස ආරම්භ කරපු දවසේ ඉඳන් හෙමින් හෙමින් වැඩි වුන හිට්ස් අහස උසට යන්න ගත්තේ ඔබ අපි හැමෝම කියවපු, සමහරු හොඳයි කියපු, සමහරු පලු යන්න බැනපු "ගෑනු පත්තිනි අම්මලා" කියන පෝස්ට් එකෙන්... අනිත් කාරණාව නම් මගේ බ්ලොග් එකට තාමත් ඔය කියන තරම් හිට් මහ ගොඩාක් නැති වීමයි... ඒ නිසා මම ඉතා තරයේ විශ්වාස කරනවා මේ සුහද හමු සංවිධානය කිරීම හා තමන් ජනප්‍රිය වීම අතර මේ කියන තරම් විශාල සම්භන්ධයක් නැති බව.. අනෙක් කාරණය ලෙස හුවා දක්වා තිබෙන කල්ලි ගැසීමත් එලෙසමයි... කල්ලිය තම තම මිතුරන්ගේ පිට කසනවා ඇති.. ඒත් හිට්ස් වැඩි කරගෙන තමන් ජනප්‍රිය එකෙකු බවට පත් කරන්න පුළුවන් යැයි කියන කල්ලියක් අඩු තරමේ කීදෙනෙක් සිටිය යුතු වෙනවාද? මෙයටත් උදාහරණයක් ගන්න පුළුවන්.. අපි කීප දෙනෙක් සෙට් වෙලා ඉන්නව.. අපි හිතමු ගාලු ගෙට්ටුව කියලා... ඒකට 60ක් පමණ සහභාගී වුනා... ඉතින් මේ 60 දෙනාට පුළුවන්ද බ්ලොග් එකක හිට්ස් සැලකිය යුතු ප්‍රමාණයක් වැඩි කරන්න... මම හිතන්නේ නෑ..
ඒ නිසා මම විශ්වාස කරන්නේ මේ කාරණයෙන් ඇත්ත 30%ක් වගේ ප්‍රමාණයක් විතර තමයි ඇත්ත කියලා...
දෙවෙනි කාරණය තමයි දැන් සිංහල බ්ලොග් අවකාශයේ වැදගත් බ්ලොග් අඩවි නැද්ද? කියවන්න දේවල් තියෙන බ්ලොග් අඩවි නැද්ද කියන මේ මහ විශාල මතය... ඇත්තටම මේ වගේ වැදගත් ලිපි කී දෙනෙක් කියවනවද කියන එක ප්‍රශ්ණයක් උනත් මෙන්න මේ පහළ ලින්ක් වල තියෙන බ්ලොග් අඩවි ගැන මේ අය දන්නේ නැද්ද? එහෙමත් නැත්නම් බලන්නේ නැද්ද කියන එක තමයි ප්‍රශ්ණේ.. මම දන්න විදිහට මම කියන්නේ, තවත් බ්ලොග් රාෂියක් ඇති මේ වගේ,,,,
දැනුම
මල් කැකුළු
ඩෝකින්ස්ගේ ඩෝ ඩෝ
සත් සමුදුර
ඉතිහාසය
රජස්
වෛද්‍ය
සොඳුරු සුව අසපුව
වෙද ගෙදර
සාහිත්‍ය
ලියන්නා
බීටල් ලියන අකුරු
හද ගී පොත
දේශපාලන (වැඩිය කියවන්නේ නැති නිසා දන්නෙත් දෙකයි )
බුවාගේ සිතිවිලි
ඇට මැස්සාගේ අඩවිය
විනෝදාස්වාද, ජනප්‍රිය
හිස් අහස
සයිබර් යාය
මාතලන්
විවිධ (මාතෘකා දාන්න නොතේරෙන.)
සිත් විනිවිද
සංසාරේ අපි
ආවාටය
තව ඉතින් මේ වගේ බ්ලොග් රාශියක් කියන්න පුළුවන්... මේ සමහර බ්ලොග් ලියන අයව මම දැකලවත් අද වෙනකන් කතා කරලවත් නෑ... ඉතින් හැමදාම "ටැබූ සබ්ජෙක්ට්", "බියොන්ඩ් ද ෆ්‍රේම්" වගේ අයව කරේ තියාගෙන අයියෝ එයාලා නෑ කිය කිය ඉන්නේ නැතිව ඔබටත් පුළුවන් ඒ අඩුව සම්පූර්ණ කරන්න පෙළඹෙන්න.. මම අදහස් කලේ එවැනි සාර්ථක බ්ලොග් අඩවියක් හරහා අපි අතරට එන්න.. ඉතින් ඇයි පරක්කු වෙන්නේ....
ඉතින් අවසාන වශයෙන් මම කියන්නේ මේ චෝදනා වල යම් පොඩි පහේ සත්‍යතාවක් තිබුනත් මේ කියන තරම් බලපෑමක් මේ වගේ නැති බවයි... ඔබෙ වැදගත් අදහස් ඉතාම අගය කරනවා පහල කමෙන්ට් තීරුවේ......
ප.ලි. අන්තිමටම කියන්න ඕන මේ සැරේ සිහිණ උළෙල ගැනත්.. වැල්ලවත්තේ කුරේ ක්‍රීඩාංගණයේ තියෙන්නට තිබෙන මේ උළෙල ගැන සියළු විස්තර දැන ගත්තැකි මෙන්න මෙතනින්.. බ්ලොග් ගැන ඇඩ් දාන්නත් පුළුවන් මගේ හිතේ,,,
Monday, April 2, 2012
බ්ලොග් කාරයෝ අන්‍යෝන්‍ය වශයෙන් පිට කසා ගැනීම... කියවන ඔබ සඳහාමයි.. 18+ නැත.
ඉස්සර ඉඳන්ම මට ලොකු චෝදනාවක් තිබ්බා මම එක එක බ්ලොග් කාරයන්ගේ පිටවල් කහනවා කියලා... අත මගෙනම් කහන්නේ මමනම් ඉතින් උඹට මොකෝ කියලා අහන්න ගියේ නෑ මම ඉතින්... මගේ ලෝකය කියලා ඒ කාලේ තිබ්බ බ්ලොග් එකක් ලියපු රංගයාගේ පිට සහ ඌ මගේ පිට දෙන්නා කථාවෙලා කසාගන්නවා කියලා කමෙන්ට් වැටුනත් එක්ක ගජරාමෙට.... දැන් ඉතින් ඌත් එකලාසයක් වෙලා බ්ලොග් එකත් වැහිච්ච එකේ වෙන උන් ටිකකගේ වත් පිට කහන්න මම තීරණය කලා... ඒත් මේ පිට කසා ගැනීමනම් ඔයාලට ඉතා වැදගත් පිට කසා ගැනීමක්... මම පිට කැසුවට ප්‍රයෝජනේ ඔයාලට... ඒක නිකන් අර "මොක්කුද මොනවද තලනකොට මොක්කුන්ටද මොනවද වගේ..." මොකද කියන්නේ කසමුද පිටවල් ටික එකසිය ගානට...
තාමත් ඔබට තේරෙන්නේ නෑ නේද මම මේ කියන හරුපේ මොකක්ද කියලා... බ්ලොග් කරුවන් අතරේ ඉන්නවා තමන්ගෙම කියලා ව්‍යාපාර කරගෙන, ජීවත් වෙන අය... සමහර ඒවා ලොකු ව්‍යාපාර, සමහර ඒවා මැද හරියේ, සමහර ඒවා ලඳරු අවදියේ... ඉතින් මේ කිහිපයක් ගැන ඔබව දැනුවත් කරන්න තමයි හදන්නේ.. ඉතින් ඒක නිසා මෙතනින් සම්භන්ධතාවය අරගෙන එයාලට කතා කරලා කියන්න.. අයියේ, අක්කේ, මම මෙහෙම කෙනෙක්.. බ්ලොග් වලින් තමයි ඔයා මෙහෙම කරනවා කියලා දැන ගත්තේ... ඔය අදී වශයෙන් චාටු බස් දොඩා පිට කසා වැඩේ ගොඩ දාගන්න වට්ටම් සහිතව....
හරි ඉස්සෙල්ලාම මගේ පිට කහ ගන්න එපැයි... මම කරන්නේ සංචාරක ව්‍යාපාරය හා සම්භන්ධ සේවාවන්... මොනාද කියලා කිව්වොත් ඉතින් හෝටල් වෙන්කිරීම්, වාහන කුලියට දීම්, උත්සව සංවිධාන කටයුතු, බැහැරගත පුහුණු වැඩසටහන් වගේ තවත් සේවා රාශියක් තමයි.. මේ තියෙන්නේ වෙබ් එක... මේ තියෙන්නේ සිංහල බ්ලොග් එක. දෙයියනේ කියලා බ්ලොග් වලින් සෙට් වෙච්ච පාරිභෝගිකයොත් ඉන්නවා ඕසෙට.
ඊලඟට මේ මෑත කාලෙකම තව පොඩි ඇකඩමියක් දැම්මේ අපේ කෙහෙල් කොටුවේ චූටි මහත්තයා... ඒ තමයි ස්ටාර් කිඩ් ඇකඩමිය... වෙන්නප්පුව අවට ඉන්න පුංචි පැංචියන්ට වගේම පුංචි පැංචන්ටත් අකුරු කරන්න, ඉංග්‍රීසි ඉගෙන ගන්න, චිත්‍ර අඳින්න, ගණන් හදන්න අපූරු තෝතැන්නක් තමයි මේ ස්ටාර් කිඩ් ඇකඩමි එක.. කෙහෙල්කොටුවේ රොබින් හුඩ් මාමයි, මැරියන් නැන්දයි එක්ක ගෙවන සොඳුරු ලමා කාලේ අපේ පොඩ්ඩන්ට ජීවිතේටම අමතක වෙන්නේ නැතිවෙයි.
zzzz..... මෙයාව මතකද? z අකුරු ගොඩාක් එක්ක සයිබර් අවකාශයේ මෙන්ම බ්ලොග් ලෝකයේත් සැරිසරන චරිතයක් තමයි.. කොන්ඩේ එහෙම වවලා, කොට කලිසමක් ඇඳගෙන කැමරාවකුත් අතේ තියාගෙන කොල්ලෙක් දැක්කොත් ඒ මූ තමයි.. නම ජේඩී... z ක්‍රියේෂන්ස් තමයි ව්‍යාපාරයේ නම.. මම දැකපු නිර්මාණශීලීම ග්‍රැෆික් ශිල්පියෙක්. ඔබට අවශ්‍ය සියළුම ග්‍රැෆික් වැඩ ඔහුගෙන් කරගන්න එක ඉතා සුළු දෙයක්.. හැබැයි මූව අල්ලන්න අමාරුයි.. ටිකක් කර්යබහුල චරිතයක්. මේ තියෙන්නේ දුරකථන අංකය 0756250669.
ඊලඟට තවත් ව්‍යාපාරයක් ගැන මේ කියන්න හදන්නේ... නිදහස් සිතිවිලි ලියන රන්දිකා සමඟ එයාගෙ මහත්තයා තමයි මේක ලියන්නේ... වෙබ් සයිට් එකක්, මූණුපොතේ පිටුවක් තියා අඩුම ගානේ නාම පුවරුවක් නැතිව ගෙදර ඉඳන්ම කරන බිස්නස් එකක් තමයි මේ.. මොනාද දන්නවද කරන්නේ...... ගෙවල් වල සැලසුම් ඇඳීම, අභ්‍යන්තර අලංකරණ කටයුතු වගේ ඔබේ සිහින නිවසට අවශ්‍ය සියළු අවශ්‍යතා කරලා දෙනවා.... සුපිරි වැඩ.. ආයේ ඒකේ දෙකක් නෑ..... මෙයාලව සම්භන්ධ කරගන්න අන්තර්ජාලයෙන් නොහැකි නිසා මෙන්න දානවා නොම්මරේ.... 0772920269
ඊලඟ ව්‍යාපාරය මේ ලඟදි බොහොම සැලසුම් සහගතව එලියට දාපු එකක්.. අපි කවුරුත් හොඳින් හදුනන දුකා තමයි මේ වැඩේ පටන් ගත්තේ එයාගේ භාර්යාව එක්ක එකතු වෙලා.. නම විරූස් ඩෙසයින්ස්. මේ තියෙන්නේ මූණු පොතේ ලින්ක් එක.. ගෑණු ලමයින්ට මේ ලින්ක් එක දිගේ ගියොත් හායි හූයි ගෑවෙන විලාසිතා ටිකක් බලාගන්න පුලුවන් වෙයි. මේක සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය හරහා වෙන ව්‍යාපාරයක්... තමන්ට අවශ්‍ය විදිහ කියලා තමන්ට අවශ්‍ය විඳිහට වැඩේ කරගන්න පුළුවන්...
ඊලඟ ව්යාපාරයාත් ජනප්‍රිය බ්ලොග් කරුවෙක්ගේ... සිතට දුකක් කරදරයක් දැනුන වෙලාවක අළුතින් වැඩක් පටන් ගන්න හඳන වෙලාවක හරි නැකතක් හදා ගන්න අපි කොච්චර දග දාන්න ඕන.. දුරකථනයෙන් වගේම ස්කයිප් හරහාද මේ ප්‍රවීන ජ්යෝතිශ්ඥ්ඥයාගේ සේවය ඔබට ලබා ගන්න පුලුවන්.. අපි කවුරුත් ඔහුව හඳුන්වන්නේ මාරයා කියලා... ඒත් ඔහුගේ ජ්‍යෝතිශය වෙනුවෙන්ම සැකසූ බ්ලොග් අඩවිය තමයි මේ.. හරි මෙතැනින්ම ගිහින් බලාගන්නකෝ විස්තර..
ඊලඟ ව්‍යාපාරිකයා අනන්තය ලියන අනුරාධ.. තමන්ගේ මිතුරන් ටිකක් වට කරගෙන දාලා තියෙන්නේ තින්ක් මීඩියා කියන ව්‍යාපාරය... මම මුගෙන් අහපුහාම මේකෙ මොනවාද කරන්නේ කියලා එවලා තිබ්බා මොනවාදෝ හෑලි වගයක්... මට මෙලෝ දෙයක් තෙරුනේ නෑ.. කොහොමහරි මාධ්‍යයට සම්භන්ධ දේවල් කරනවා කියලා තමයි හැඟුනේ... අනුරාධ උඹම යටින් කමෙන්ට් එකක් විදිහට දාහන්.. මට තෙරෙන්නෙ නෑ බන්.... :ඩී මේ තියෙන්නේ වෙබ් එක...
මේ තවත් දැවැන්ත ව්‍යාපාරිකයෙක් වගේම සමාජ සේවකයෙක්... නුගේගොඩ ඉඳලා පාගොඩ පාරේ යනකොට වම් පැත්තේ ලොකු බෝඩ් එකක් ගහලා තියෙනවා ඔයාලා දැකලා තියෙනවා නේද "නුගේගොඩ ආයුර්වේද රෝහල" කියලා.. දන්නවද ඒ කවුද කියලා.. වෛද්‍ය රෝහණ සුසන්ත මහතා තමයි එහි හිමිකරු... ආයුර්වේද පැත්තෙන් "වෙද ගෙදර බ්ලොග් එක ලියන මහ වෙදනා" කිව්වම තමයි කියවන ඔයාලා දන්නේ.. ප්රවීනත්වය දක්වන්නේ ගොඩාක් දෙනෙකුට අවශ්‍ය වෙන ඒත් හැමෝටම කියන්න ලැජ්ජා වෙන ක්ෂේත්රයක් ගැන.. මේ තියෙන්නේ වෙබ් අඩවිය... ගිහින් බලන්න...
ඊලඟට ගොඩාක් කාලෙකට කලින් බ්ලොග් ලිව්ව තව සිරා පොරක් ඉන්නවා... අර වටේ ගිය බයික් කවියේ නිර්මාතෲ.. සිතැඟි තමයි බ්ලොග් එකේ නම.. අයිති කාරයා කුශාන්... ඉතාම ලස්සන ඇහැක් තියෙන ඡායාරූප ශිල්පියෙක්... මේ තියෙන්නේ එයා ගහපු පොටෝ.. ලස්සනයි නේ.. ඔබගේ විවාහයට හොඳ ඡායාරූප අඩු මුදලකට ලස්සනට කරගන්න අමතන්න.. මෙන්න ආයෙත් ලින්ක් එක.... මේ තියෙන්නේ ඔහුගේ දුරකථන අංකය 0777655855
නිතරම එදිනෙදා අවශ්‍ය වෙන භාණ්ඩ සපයා දෙන කෙනෙක් තමයි ඊලඟට වේදිකාවට ගේන්නේ... ලාස්ට් රෝ එකේ ලිපි ලියන අවංක (අවලං) පැට්ට තමයි මේ.... ලංකාවේ ඉදිරියෙන්ම ඉන්න වැසිකිලි බඩු හා නාන කාමර බඩු ගෙන්නන ප්‍රමුඛයෝ තමයි.... නම කියූ සැනින් දන්නවනේ "අන්කොමන් හෝම්ස්" අයිතිකරුවා තමයි මේ... අළුතින් නාන කාමරයක් හදනවානම් එහෙමත් නැත්නම් ටොයිලට් එකක් හදනවානම් කතා කරන්න.. අවංක පැට්ටා කියන්න එපා.. 0772307570න් මුශ්ඨාක් ෆාරූක් අමතන්න.
පෝස්ට් එක දිඟ වැඩි නිසා මෙතනින් නවත්වනවා... මේක කියවන ඔබ, ඔබෙන් ලබාගත හැකි සේවාවන් පිළිබඳව පහළ කමෙන්ට් වලින් දැනුවත් කරන්න... ඉදලා හිටලා හිනාවෙන එක අත ඇරලා මේ වගේ ලිපියක් ලියන එක බ්ලොග් ලියන අපටත්, කියවන ඔබටත් ප්‍රයෝජනයි කියලා මම හිතනවා.. අවුරුද්දට කලින් මේකේ දෙවෙනි පරිච්ඡේදයත් ගේන්න තමයි බලාපොරොත්තුව.
ප.ලි. සයිබර් සිහින උළෙලට හැමෝම එන්න... මේ පාරත් වැඩේ ජයට යනවා... තාම එනවා කියලා කිව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියන්න... බොරුවට එනවා කියන්න එපා.... මතකනේ ගිය පාරත් වෙච්ච වැඩේ....

Subscribe to:
Posts (Atom)
ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.
අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...
-
මීට දවස් තුනකට කලින් මම ලිව්ව "ගෑනු ඔක්කොම පත්තිනි අම්මලා... පිරිමි අපි වලත්තයෝ" කියන ලිපිය නිසා මම මේ ලිපිය ලියන්න අදහස් කලේ.....
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
පහුගිය ලිපිය අවසානයේ කියවුන නුවර එලි ගමනේ දෙවෙනි කොටස ලියන්න වෙන්නේ නෑ.. දෙවෙනි දවසේ තියෙන රස මුසු සිද්ධි ලියන්න එපා කියාලා ඉතාම බැගෑපත් ඉල්...