කොතනින් පටන් ගන්නද? කොතනින් ඉවර කරන්නද කියලා මට තවමත් හිතෙන්නේ නෑ.... ගිය අවුරුද්දේ ජනවාරි මාසයේ පළවෙනි සයිබර් සිහින උළෙල ගැන පෝස්ට් එකක් වැටෙනකොටම මගේ ස්කයිප් එකට රික්වෙස්ට් එකක් ආවා... ඒ ඕස්ට්‍රේලියාවේ පදිංචිය සදහන් කියලා සටහන් වුන සනත් විජේවර්ධන කියලා කෙනෙක්ගෙන්.. රික්වෙස්ට් එක පිළිගත්ත ගමන්ම වීඩියෝ කෝල් එකක් ආවා....මම ආන්සර් කලා.....
අහ් අභීත.. මම සනත්... දන්නවද දන්නේ නෑ.. ලාස්ට් රෝ එකේ ඔබ්සර්වර්...
අම්මට සිරි ඔබා අයියේ... තැන්ක් යූ රික්වෙස්ට් එකක් එව්වට....
එතැනින් ඇරඹුන කථාබහ පෙරේදා රෑ වෙනකනුත් ඉතා සුහදව ගෙවුනා.. ඔහුගේ අපේකම සංකේතවත් වුනේ මෙන්න මෙහෙමයි....
අභීත.. මම අප්‍රේල් ලංකාවට එනවා... උඹ කාර් රෙන්ට් කරනවනේ... මට එකක් දියන්.. වෙන උන්ට සල්ලි දෙනවට වඩා අපේ එකෙක්ට දෙන එක හොදයිනේ...
මේ තවත් දවසක්...
අභීත මගේ දුවලා ලංකාවට එනවා.. උන්ට ජෙට්වින් එකේ කියලා කියන ඩ්‍රයිවරයෙක් සෙට් වෙලා ඩොලර් 650ක් ඉල්ලනවා.. උඹට කරන්න පුළුවන්ද ඊට අඩුවෙන්.. පුළුවන්නම් කියපන්.. මම සෙට් කරන්නම්....
මෙහෙම හෘදයාංගම වෙච්ච සහෘදයින් මගේ ජීවිතේට මුණ ගැහිලා තියෙන්නේ අතලොස්සයි... මේ තවත් අත්දැකීමක්... පහුගිය අවුරුද්දේ අග භාගයේ මම දරුණු චෝදනා කිහිපයකට නිල නොලත් වශයෙන් මුහුණ දුන්නා මේ බ්ලොග් අවකාශේ.. ස්කයිප් කෝල් එකකින් මාව අමතපු ඔබා අයියගේ දෙබස තමයි මේ...
අභීත, උඹට මොකක්ද මේ දවස්වල වෙලා තියෙන්නේ...
පොඩි සල්ලි හිරවීමක් අයියා...
එකවුන්ට් නම්බෙර් එක එවපන්.. මම හෙට එකවුන්ට් එකට එවන්නම්... මම අප්‍රේල් 1 ලංකාවට එනවා.. එදාට දීපන්...
ඊට පහුවදා මගේ බැංකු ගිණුමේ ඇදහිය නොහැකි තරම් මුදලක් බැර වෙලා තිබ්බා...
ආදරණීය අයියේ.. මේවා කා එක්කවත් කියනවට උඹ කැමති වුනෙත් නෑ... ඒත් අදනම් නොකියම බෑ... කවුරු මොනවා කිව්වත් උඹේ මනුස්සකම හිර කරලා තියන්න මට බෑ...
ලංකාවට ආපු හැම වෙලේම පළමු දුරකථන ඇමතුම ගන්නේ මටනේ...
"මේ උඹ කොහෙද? මම එයාපෝට් එකේ..."
එතැනින් පස්සේ හමුවෙන හැම මොහොතක්ම සුංදරයි....
අවසානෙට මට ඔබාව මුණ ගැහුනේ මැයි පලවෙනිදා... ඒ මම ඒ මාසේ දුවන්නට ලබා දුන්න කාර් රථය ආපහු ගන්න ගිය වෙලාවේ.. ගියේ අන්තිම පේලියේ මාමයිට් මල්ලියි මමයි... බිරිඳට හොරෙන් ඔහු ඇහුවෙ මෙහෙමයි...
මම හෙට යනවා... ගේ ඇතුලේ පොඩ්ඩක් තියෙනවා... මොකද කියන්නේ.. ගහලා යනවද?
ඒත් අවාසනාවට ඒ දේ සිද්ද වුනේ නෑ....
අවුරුදු උත්සවේ ගැන කියන්න දෙයක් නෑනේ... ඔහු අපේ වියපත් බඹරා වුනා කිසිම අවුලක් නැතුව.... ඒ මිත්‍රත්වය ගැන එදා ආපු හැමෝම සාක්කි දරාවි...
කොහොමද මම මේ ලිපිය ඉවර කරන්නේ....
උඹට සමුදෙන්න මට වචන නෑ සනත් අයියේ.... අපි අතරටම නැවත ඇවිත් අපේම වෙලා ඉපදියන් අයියේ.....
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?
දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
අනිවාර්යෙන්ම ඔබා මාම ආයෙත් අපි අතරේම ඉපදේවි. එහෙම නොකර ඉන්න ඔබා මාමටත් බැරි වේවි.
ReplyDeleteමිනිසුන් මැද දෙවියෙක්. ඔබා මාමේ ඔබට මොක් සුව.. මතු භවයේත් අප අතරම ඉපදේවා !
ReplyDeleteසදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා!!!
ReplyDeleteඅද උදේ සිට නෙත ගැටුණු මේ පුවත අනුව නම් එතුමා කවුරුත් ආදරය කළ ඉතාම සරළ සහ සුන්දර මිනිසෙක් බව හැඟුණා.
ReplyDelete"සුවඳැති මල් ඇයි මේ හැටි හනිකට පරවන්නේ"
නොදුටු සුහදයාණෙනි ඔබට සුබ රාත්‍රියක්.
බ්ලොග් අඩවියකට ලිපියක් කියවන්න ආවම ඔබ්සවර් නමින් කමෙන්ට් එකක් දාල තිබුනොත් ලිපිය කියවන්න කලින් කමෙන්ට් එකයි බැලෙන්නේ. අපක්ෂපාතී අව්‍යාජ මනුස්සයෙක්ගේ නික්ම යාම කදුළින් සනිටුහන් කරන්නෙමි!!!
ReplyDeleteඋදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..
ReplyDeleteඔබා මාමා වගේ කෙනෙක් මේ බ්ලොග් අවකාශයේ අපිට ආයෙම මුණ නොගැහේවි.. ඒ තරමටම ඔහු අපිට සමීපයි, ලෙංගතුයි..
ඔබට නිවන් සුව මාමේ..
අඩන්න එපා යකුනේ.ඔබා මාම දන්නවනම් අපි මෙහෙම අඩනවා කියලා එයාට ගොඩක් දුක හිතේවි.කරන්න තියන එකම දේ ඒ සුන්දර මනුස්සයා අපිට ඉතුරු කරලා ගිය මතක එක්ක සතුටින් ඔබා මාමා ඉක්මනටම අපි අතරේ ඉපදෙන්න කියලා ඉල්ලන එක විතරයි.මෙය නැවතුමක් නොවෙයි ඉසිබුවක් පමණයි.
ReplyDelete------ ඔබා මාමාට බුදුසරණයි ----------
සිංහල බ්ලෝග් අවකාශයේ සොඳුරුතම මිනිසා ජීවන ගමන නිමා කොට ඇත. දරු පැටියාගේ බෙහෙත් දීමට නිදිවර්ජිත රාත්‍රියන් සිනහවෙන් සනසාලූ
ReplyDeleteඔබා මාමේ ඔබට නිවන් සුව ලැබේවා..
ඔබා අයියා ඔහුට ලැබී තිබුණ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත්තා...
ReplyDeleteජීවත්වීම සදහා යුහුසුළු වෙමු.
පරිපූර්ණ ජීවිතයක් ගෙවා ඉක්මනින් නික්මගිය සොඳුරු මිතුරාණනි, ඔබට සුබ සැන්දෑවක්....
මේ ලිපි කියවන්න කියවන්න දුක වැඩිවෙනවා...
ReplyDeleteඔබා මාමේ ඔබට නිවන් සුව!!
අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............
ReplyDeleteතමා බ්ලොග් කියවීමට පටන්ගැනීම ගැනත්, බ්ලොග් නීරීක්‍ෂකයෙකු ලෙස සහ බ්ලොග් රචකයෙකු බ්ලොග් ලොව කල කාරයභාරය ගැනත්, බ්ලොග් ලෝකයේදී ඇතිකරගත් මිතුරු සමාජය ගැනත් සනත් ඉතා සතුටින් සිටි බව මට දැනගන්නට ලැබුණි.
ReplyDeleteසනත් අවසන් ගමන ගියේ ඒ මහත් සතුටින් යුතුව බව නොඅනුමානයි.
2012 සයිබර් ෆෙස්ටිවල් එකේදි හම්බ වෙලා හිනා උනාට අපිට වැඩි යමක් කතා කරගන්න බැරි උනා.
ReplyDeleteහැමදෙනාටම එකම නිර්ව්‍යාජ සිනහවකින් සංග්‍රහ කරපු ඔබා මමාට නිවන්සුව ලැබේවා... !
//මරණය දුකක් වන්නේ මිය යන්නට නොව
ReplyDeleteජීවත්වන්නාටය…//
සමුදෙන්ට අවශ්‍ය නෑ. ඔහු අපට කොහෝදී හරි නැවත හමුවේවි.
ඔහුට නිවන් සුව!!!
ඔබා මාමේ ඔබට නිවන් සුව!!
ReplyDeleteආදරනීය ඔබා මාමට නිවන් සුව අත්වේවා....
ReplyDeleteඇත්ත සමු දිය යුතුව තිබේ. කෙදිනක හෝ අපි ඔහු හමුවන තෙක්.
ReplyDeleteආදරනීය ඔබා මාමේ... ඔබට නිවන් සුව අත්වේවා....
ReplyDeleteජීවිතයේ අනියත බව පසක් කළ තවත් සිදුවීමක්...
ReplyDeleteඔබා මාමේ ඔබට නිවන් සුව අත්වේවා!
අභිය,
ReplyDeleteඔබාම වෙනුවෙන් අපිට මීට වඩා යමක් කරන්න බැරිද? සංඝ දානයක් ගැන නෙමෙයි මම කියන්නෙ. ඊට වඩා පලක් ඇති දෙයක්. පොඩි ඉස්කෝලෙකට හරි පන්සලකට හරි කරන උප්කාරයක් වගේ දෙයක්! මහ ලොකු සම්මාදම් පත්තරයක් නොදා සාමන්‍ය දැණුම් දීමක් වගේ කරානම් වඩා හොඳවෙයි. හිතල බලහන්.
හම්! ඔබා මාමා මාර පොරක්නේ!
ReplyDeleteඔබා මාමේ නුඔ වැනි සුන්දර මිනිසෙක් ලබන ආත්මෙදිවත් දැක ගන්නට ලැබේවා.
ReplyDeleteමම මේ දැනුයි මේ ගැන දැන ගත්තේ. හරිම දුක හිතුනා. ඔබා මාමගේ මතකය නම් කවදාවත් අපේ හිත් වලින් නම් මැරෙන එකක් නැහැ.
ReplyDeleteඔබා මාමාගේ සමුගැන්ම ගැන මෙතෙක් මම කියවපු සංවේඳීම පොස්ට් එක.කවදාවත් නොදැකපු කතා නොකරපු ඒ ඔබා මාමා වෙනුවෙන් ඇහැට කඳුලක් නැගුනා මේක කියවලා
ReplyDeleteඔබා මාමේ ඔබට අජරාමර නිවන් සුව
දැන් කරන්න ඕන තම තමන්ට හැකි පමණින්... ඔහු වෙනුවෙන් පින්කම් කිරීම තමා.
ReplyDeleteමේ සිදුවීම මම දැන ගත්තේ අද උදේ .ඔබා මාමා නැති වුණා කීවම හිතාගන්නවත් බැරිව මම මොහොතක් ගොලුවෙලා හිටියා . කර කර උන්න වැඩේ හනික අහවර කරලා ආපහු ගෙදර ආවේ ඔබා මාමා ගැන ලියැවිච්ච හැම පෝස්ට් එකක්ම බලන්න කියලා හිතාගෙනයි ..
ReplyDeleteඔබා මාම ජීවිතේ කියන දේ උපරිමයෙන්ම වින්ඳ මනුස්සයෙක් එයා බොහොම සතුටෙන් උන්නා . ආයේ ලබන්න දෙයක් නැති ගානට ජීවිතේ සාර්ථක කරගෙනත් තිබුන කෙනෙක් .
ඔබා මාමේ ඔබට නිවන් සුව අත් වේවා !!!
අද උදේ ඉඳන්ම ඔෆිස් එකේ වැඩක් කරන්න කිසිම මානසිකත්වයක් නැහැ.
ReplyDeleteපොඩ්ඩිගෙන් ආපු ඊමේල් එක දැක්කම ඔලුව උඩ අකුනක් පිපිරුවා වගේ.
දවසෙම කරේ දකින දකින බ්ලොග් වල "ඔබා මාමා" වෙනුවෙන් කමෙන්ට් කරන එක.මේකේ අභීත කියලා තියන විදියට කොච්චර නිහඬ සේවයක් කරපු මනුස්සයෙක්ද අපිට නැතිවුනේ කියලා හිතෙනවා. ඔහු මේ කෙටි කාලයට කොච්චර කොල්ලො කෙල්ලො ගානකගෙ හිත දිනා ගත්තද කියලා මේ වැටෙන කමෙන්ට්ස් වලින්ම හිතා ගන්න පුලුවන්.
අපි මේ ලියන හැම දේම ඔබා මාමා බලන් ඇති එයාගෙ අර ලස්සන හිනාවත් දාගෙන.
අභියා, අපේ යාළුවා වෙනුවෙන් පිංකමක් කරමු. රාජ් කිව්වා මොනව හරි කරමු කියලත්..
ReplyDeleteඔබා මාමාට (මිත්‍රයාට) නිවන් සුව.
අදනම් ටිකක් හිනාවෙන්න නෙවෙයි බං ආවේ.
ReplyDeletehenryblogwalker the Dude
ඔබට නිවන් සුව ඔබා මාෙම්...!
ReplyDeleteමමත් හිතේ කැකෑරුන වේදනාව යන්න ඊයෙම දැම්මා පෝස්ටුවක්..
ReplyDeleteආදරණීය ඔබා මාමේ..නිවන් සුව ලැබේවා ඔබට..!!
සැන්දෑව එළඹීමත් එක්කම විවේකයක් ගන්නට ඉඩ සැලසිලා......
ReplyDeleteරාත්‍රිය උදාවුණත් නැවතත් පසු දින හිරු පායාවි.
අලුත් දවසක් උදාවේවි.....
එතෙක් ඔබට සුභ රාත්‍රියක් ඔබා මාමේ....................
අභීත අයියේ, අදනම් ඔයාගෙ පෝස්ට් එක කියවලා මම ඇඩුවා..
ReplyDeleteඔබා..සුභ ගමන්!
ReplyDeleteහිත හොඳ මිනිස්සු අපිව දාල යනවා අභි අයියේ. ඔබා මාමේ ඔබට නිවන් සුව ලැබේවා කියල ගොඩක් බ්ලොග් වල මම දැම්මට අපි අතරම ඉපදෙන්න කියල ප්‍රාර්ථනා කරන්නේ කොහොමද නිවන් ගියාම. ඉතින් තව එක පාරක් ඇවිත් යන්න එන්න.
ReplyDeleteඇත්ත. මේ වගේ මිනිසුන් අප අතරම ඉපදෙන්නම ඕන..!
ReplyDelete