Sunday, May 13, 2012

ආදරණීය සනත් අයියේ, උඹට සමු දෙන්න මගේ හිත හයිය නෑ අයියේ....

කොතනින් පටන් ගන්නද? කොතනින් ඉවර කරන්නද කියලා මට තවමත් හිතෙන්නේ නෑ....  ගිය අවුරුද්දේ ජනවාරි මාසයේ පළවෙනි සයිබර් සිහින උළෙල ගැන පෝස්ට් එකක් වැටෙනකොටම මගේ ස්කයිප් එකට රික්වෙස්ට් එකක් ආවා... ඒ ඕස්ට්‍රේලියාවේ පදිංචිය සදහන් කියලා සටහන් වුන සනත් විජේවර්ධන කියලා කෙනෙක්ගෙන්.. රික්වෙස්ට් එක පිළිගත්ත ගමන්ම වීඩියෝ කෝල් එකක් ආවා....මම ආන්සර් කලා.....


අහ් අභීත.. මම සනත්... දන්නවද දන්නේ නෑ.. ලාස්ට් රෝ එකේ ඔබ්සර්වර්...


අම්මට සිරි ඔබා අයියේ... තැන්ක් යූ රික්වෙස්ට් එකක් එව්වට....


එතැනින් ඇරඹුන කථාබහ පෙරේදා රෑ වෙනකනුත් ඉතා සුහදව ගෙවුනා.. ඔහුගේ අපේකම සංකේතවත් වුනේ මෙන්න මෙහෙමයි....


අභීත.. මම අප්‍රේල් ලංකාවට එනවා... උඹ කාර් රෙන්ට් කරනවනේ... මට එකක් දියන්.. වෙන උන්ට සල්ලි දෙනවට වඩා අපේ එකෙක්ට දෙන එක හොදයිනේ...


මේ තවත් දවසක්...


අභීත මගේ දුවලා ලංකාවට එනවා.. උන්ට ජෙට්වින් එකේ කියලා කියන ඩ්‍රයිවරයෙක් සෙට් වෙලා ඩොලර් 650ක් ඉල්ලනවා.. උඹට කරන්න පුළුවන්ද ඊට අඩුවෙන්.. පුළුවන්නම් කියපන්.. මම සෙට් කරන්නම්....


මෙහෙම හෘදයාංගම වෙච්ච සහෘදයින් මගේ ජීවිතේට මුණ ගැහිලා තියෙන්නේ අතලොස්සයි... මේ තවත් අත්දැකීමක්... පහුගිය අවුරුද්දේ අග භාගයේ මම දරුණු චෝදනා කිහිපයකට නිල නොලත් වශයෙන් මුහුණ දුන්නා මේ බ්ලොග් අවකාශේ.. ස්කයිප් කෝල් එකකින් මාව අමතපු ඔබා අයියගේ දෙබස තමයි මේ...


අභීත, උඹට මොකක්ද මේ දවස්වල වෙලා තියෙන්නේ...


පොඩි සල්ලි හිරවීමක් අයියා...


කවුන්ට් නම්බෙර් එක එවපන්.. මම හෙට එකවුන්ට් එකට එවන්නම්... මම අප්‍රේල් 1 ලංකාවට එනවා.. එදාට දීපන්...


ඊට පහුවදා මගේ බැංකු ගිණුමේ ඇදහිය නොහැකි තරම් මුදලක් බැර වෙලා තිබ්බා...


ආදරණීය අයියේ.. මේවා කා එක්කවත් කියනවට උඹ කැමති වුනෙත් නෑ... ඒත් අදනම් නොකියම බෑ... කවුරු මොනවා කිව්වත් උඹේ මනුස්සකම හිර කරලා තියන්න මට බෑ...


ලංකාවට ආපු හැම වෙලේම පළමු දුරකථන ඇමතුම ගන්නේ මටනේ...


"මේ උඹ කොහෙද? මම එයාපෝට් එකේ..."


එතැනින් පස්සේ හමුවෙන හැම මොහොතක්ම සුංදරයි....


අවසානෙට මට ඔබාව මුණ ගැහුනේ මැයි පලවෙනිදා... ඒ මම ඒ මාසේ දුවන්නට ලබා දුන්න කාර් රථය ආපහු ගන්න ගිය වෙලාවේ.. ගියේ අන්තිම පේලියේ මාමයිට් මල්ලියි මමයි... බිරිඳට හොරෙන් ඔහු ඇහුවෙ මෙහෙමයි...


මම හෙට යනවා... ගේ ඇතුලේ පොඩ්ඩක් තියෙනවා... මොකද කියන්නේ.. ගහලා යනවද? 
ඒත් අවාසනාවට ඒ දේ සිද්ද වුනේ නෑ....



අවුරුදු උත්සවේ ගැන කියන්න දෙයක් නෑනේ... ඔහු අපේ වියපත් බඹරා වුනා කිසිම අවුලක් නැතුව.... ඒ මිත්‍රත්වය ගැන එදා ආපු හැමෝම සාක්කි දරාවි...


කොහොමද මම මේ ලිපිය ඉවර කරන්නේ....


උඹට සමුදෙන්න මට වචන නෑ සනත් අයියේ.... අපි අතරටම නැවත ඇවිත් අපේම වෙලා ඉපදියන් අයියේ.....

36 comments:

  1. අනිවාර්යෙන්ම ඔබා මාම ආයෙත් අපි අතරේම ඉපදේවි. එහෙම නොකර ඉන්න ඔබා මාමටත් බැරි වේවි.

    ReplyDelete
  2. මිනිසුන් මැද දෙවියෙක්. ඔබා මාමේ ඔබට මොක් සුව.. මතු භවයේත් අප අතරම ඉපදේවා !

    ReplyDelete
  3. සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා!!!

    ReplyDelete
  4. අද උදේ සිට නෙත ගැටුණු මේ පුවත අනුව නම් එතුමා කවුරුත් ආදරය කළ ඉතාම සරළ සහ සුන්දර මිනිසෙක් බව හැඟුණා.

    "සුවඳැති මල් ඇයි මේ හැටි හනිකට පරවන්නේ"

    නොදුටු සුහදයාණෙනි ඔබට සුබ රාත්‍රියක්.

    ReplyDelete
  5. බ්ලොග් අඩවියකට ලිපියක් කියවන්න ආවම ඔබ්සවර් නමින් කමෙන්ට් එකක් දාල තිබුනොත් ලිපිය කියවන්න කලින් කමෙන්ට් එකයි බැලෙන්නේ. අපක්ෂපාතී අව්‍යාජ මනුස්සයෙක්ගේ නික්ම යාම කදුළින් සනිටුහන් කරන්නෙමි!!!

    ReplyDelete
  6. උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..

    ඔබා මාමා වගේ කෙනෙක් මේ බ්ලොග් අවකාශයේ අපිට ආයෙම මුණ නොගැහේවි.. ඒ තරමටම ඔහු අපිට සමීපයි, ලෙංගතුයි..

    ඔබට නිවන් සුව මාමේ..

    ReplyDelete
  7. අඩන්න එපා යකුනේ.ඔබා මාම දන්නවනම් අපි මෙහෙම අඩනවා කියලා එයාට ගොඩක් දුක හිතේවි.කරන්න තියන එකම දේ ඒ සුන්දර මනුස්සයා අපිට ඉතුරු කරලා ගිය මතක එක්ක සතුටින් ඔබා මාමා ඉක්මනටම අපි අතරේ ඉපදෙන්න කියලා ඉල්ලන එක විතරයි.මෙය නැවතුමක් නොවෙයි ඉසිබුවක්‌ පමණයි.

    ------ ඔබා මාමාට බුදුසරණයි ----------

    ReplyDelete
  8. සිංහල බ්ලෝග් අවකාශයේ සොඳුරුතම මිනිසා ජීවන ගමන නිමා කොට ඇත. දරු පැටියාගේ බෙහෙත් දීමට නිදිවර්ජිත රාත්‍රියන් සිනහවෙන් සනසාලූ
    ඔබා මාමේ ඔබට නිවන් සුව ලැබේවා..

    ReplyDelete
  9. ඔබා අයියා ඔහුට ලැබී තිබුණ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත්තා...
    ජීවත්වීම සදහා යුහුසුළු වෙමු.

    පරිපූර්ණ ජීවිතයක් ගෙවා ඉක්මනින් නික්මගිය සොඳුරු මිතුරාණනි, ඔබට සුබ සැන්දෑවක්....

    ReplyDelete
  10. මේ ලිපි කියවන්න කියවන්න දුක වැඩිවෙනවා...

    ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  11. අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............

    ReplyDelete
  12. තමා බ්ලොග් කියවීමට පටන්ගැනීම ගැනත්, බ්ලොග් නීරීක්‍ෂකයෙකු ලෙස සහ බ්ලොග් රචකයෙකු බ්ලොග් ලොව කල කාරයභාරය ගැනත්, බ්ලොග් ලෝකයේදී ඇතිකරගත් මිතුරු සමාජය ගැනත් සනත් ඉතා සතුටින් සිටි බව මට දැනගන්නට ලැබුණි.

    සනත් අවසන් ගමන ගියේ ඒ මහත් සතුටින් යුතුව බව නොඅනුමානයි.

    ReplyDelete
  13. 2012 සයිබර් ෆෙස්ටිවල් එකේදි හම්බ වෙලා හිනා උනාට අපිට වැඩි යමක් කතා කරගන්න බැරි උනා.

    හැමදෙනාටම එකම නිර්ව්‍යාජ සිනහවකින් සංග්‍රහ කරපු ඔබා මමාට නිවන්සුව ලැබේවා... !

    ReplyDelete
  14. //මරණය දුකක් වන්නේ මිය යන්නට නොව
    ජීවත්වන්නාටය…//

    සමුදෙන්ට අවශ්‍ය නෑ. ඔහු අපට කොහෝදී හරි නැවත හමුවේවි.
    ඔහුට නිවන් සුව!!!

    ReplyDelete
  15. ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  16. ආදරනීය ඔබා මාමට නිවන් සුව අත්වේවා....

    ReplyDelete
  17. ඇත්ත සමු දිය යුතුව තිබේ. කෙදිනක හෝ අපි ඔහු හමුවන තෙක්.

    ReplyDelete
  18. ආදරනීය ඔබා මාමේ... ඔබට නිවන් සුව අත්වේවා....

    ReplyDelete
  19. ජීවිතයේ අනියත බව පසක් කළ තවත් සිදුවීමක්...
    ඔබා මාමේ ඔබට නිවන් සුව අත්වේවා!

    ReplyDelete
  20. අභිය,

    ඔබාම වෙනුවෙන් අපිට මීට වඩා යමක් කරන්න බැරිද? සංඝ දානයක් ගැන නෙමෙයි මම කියන්නෙ. ඊට වඩා පලක් ඇති දෙයක්. පොඩි ඉස්කෝලෙකට හරි පන්සලකට හරි කරන උප්කාරයක් වගේ දෙයක්! මහ ලොකු සම්මාදම් පත්තරයක් නොදා සාමන්‍ය දැණුම් දීමක් වගේ කරානම් වඩා හොඳවෙයි. හිතල බලහන්.

    ReplyDelete
  21. හම්! ඔබා මාමා මාර පොරක්නේ!

    ReplyDelete
  22. ඔබා මාමේ නුඔ වැනි සුන්දර මිනිසෙක් ලබන ආත්මෙදිවත් දැක ගන්නට ලැබේවා.

    ReplyDelete
  23. මම මේ දැනුයි මේ ගැන දැන ගත්තේ. හරිම දුක හිතුනා. ඔබා මාමගේ මතකය නම් කවදාවත් අපේ හිත් වලින් නම් මැරෙන එකක් නැහැ.

    ReplyDelete
  24. ඔබා මාමාගේ සමුගැන්ම ගැන මෙතෙක් මම කියවපු සංවේඳීම පොස්ට් එක.කවදාවත් නොදැකපු කතා නොකරපු ඒ ඔබා මාමා වෙනුවෙන් ඇහැට කඳුලක් නැගුනා මේක කියවලා

    ඔබා මාමේ ඔබට අජරාමර නිවන් සුව

    ReplyDelete
  25. දැන් කරන්න ඕන තම තමන්ට හැකි පමණින්... ඔහු වෙනුවෙන් පින්කම් කිරීම තමා.

    ReplyDelete
  26. මේ සිදුවීම මම දැන ගත්තේ අද උදේ .ඔබා මාමා නැති වුණා කීවම හිතාගන්නවත් බැරිව මම මොහොතක් ගොලුවෙලා හිටියා . කර කර උන්න වැඩේ හනික අහවර කරලා ආපහු ගෙදර ආවේ ඔබා මාමා ගැන ලියැවිච්ච හැම පෝස්ට් එකක්ම බලන්න කියලා හිතාගෙනයි ..

    ඔබා මාම ජීවිතේ කියන දේ උපරිමයෙන්ම වින්ඳ මනුස්සයෙක් එයා බොහොම සතුටෙන් උන්නා . ආයේ ලබන්න දෙයක් නැති ගානට ජීවිතේ සාර්ථක කරගෙනත් තිබුන කෙනෙක් .

    ඔබා මාමේ ඔබට නිවන් සුව අත් වේවා !!!

    ReplyDelete
  27. අද උදේ ඉඳන්ම ඔෆිස් එකේ වැඩක් කරන්න කිසිම මානසිකත්වයක් නැහැ.
    පොඩ්ඩිගෙන් ආපු ඊමේල් එක දැක්කම ඔලුව උඩ අකුනක් පිපිරුවා වගේ.
    දවසෙම කරේ දකින දකින බ්ලොග් වල "ඔබා මාමා" වෙනුවෙන් කමෙන්ට් කරන එක.මේකේ අභීත කියලා තියන විදියට කොච්චර නිහඬ සේවයක් කරපු මනුස්සයෙක්ද අපිට නැතිවුනේ කියලා හිතෙනවා. ඔහු මේ කෙටි කාල‍යට කොච්චර කොල්ලො කෙල්ලො ගානකගෙ හිත දිනා ගත්තද කියලා මේ වැටෙන කමෙන්ට්ස් වලින්ම හිතා ගන්න පුලුවන්.

    අපි මේ ලියන හැම දේම ඔබා මාමා බලන් ඇති එයාගෙ අර ලස්සන හිනාවත් දාගෙන.

    ReplyDelete
  28. අභියා, අපේ යාළුවා වෙනුවෙන් පිංකමක් කරමු. රාජ් කිව්වා මොනව හරි කරමු කියලත්..

    ඔබා මාමාට (මිත්‍රයාට) නිවන් සුව.

    ReplyDelete
  29. අදනම් ටිකක් හිනාවෙන්න නෙවෙයි බං ආවේ.

    henryblogwalker the Dude

    ReplyDelete
  30. ඔබට නිවන් සුව ඔබා මාෙම්...!

    ReplyDelete
  31. මමත් හිතේ කැකෑරුන වේදනාව යන්න ඊයෙම දැම්මා පෝස්ටුවක්..

    ආදරණීය ඔබා මාමේ..නිවන් සුව ලැබේවා ඔබට..!!

    ReplyDelete
  32. සැන්දෑව එළඹීමත් එක්කම විවේකයක් ගන්නට ඉඩ සැලසිලා......
    රාත්‍රිය උදාවුණත් නැවතත් පසු දින හිරු පායාවි.
    අලුත් දවසක් උදාවේවි.....
    එතෙක් ඔබට සුභ රාත්‍රියක් ඔබා මාමේ....................

    ReplyDelete
  33. අභීත අයියේ, අදනම් ඔයාගෙ පෝස්ට් එක කියවලා මම ඇඩුවා..

    ReplyDelete
  34. ඔබා..සුභ ගමන්!

    ReplyDelete
  35. හිත හොඳ මිනිස්සු අපිව දාල යනවා අභි අයියේ. ඔබා මාමේ ඔබට නිවන් සුව ලැබේවා කියල ගොඩක් බ්ලොග් වල මම දැම්මට අපි අතරම ඉපදෙන්න කියල ප්‍රාර්ථනා කරන්නේ කොහොමද නිවන් ගියාම. ඉතින් තව එක පාරක් ඇවිත් යන්න එන්න.

    ReplyDelete
  36. ඇත්ත. මේ වගේ මිනිසුන් අප අතරම ඉපදෙන්නම ඕන..!

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...