කලින් වෙච්ච කථාවට තිබ්බ ප්‍රථිචාර වැඩි වුනත් ලියන්න වෙලාවක් තිබ්බේ නැති නිසා දෙවෙනි කොටස දාන්න පරක්කු වුනා.... ඔන්න පොරොන්දු වෙච්ච විදිහටම ඒ කොටසත් අරන් මම ආවා.. දැන් වෙලාව 11යි.. පාරිභෝගිකයා දැන්ම ස්කයිප් කලොත් මේක ලියන එක හෙටට කල් යනවා.. ඒත් ඉතින් කවදහරි ලියන්න ඕන නිසා මම ලියන්න ඉඳ ගත්තා....
නැවැත්තුවේ මඟුල් දිනයේ හෝටලේට එන හරියෙන්නේ... දැන් දමියා බැහැලා දොර ඇරියා.... බෙර ගහනවා.. වෙස් නටනවා.. කැරකෙනවා.. පෙරලෙනවා... වැඩ කෝටියයි.... දැන් මේ පිටි පස්සේ ඉන්න දමියගෙයි ජනාගෙයි කතා....
අම්මපා.. මූටත් ගහනවනේ මේ බෙර.. මුගෙ චරිතෙ දන්නවනම් මුන්....
ඔව් ජනා අයියේ.. එහෙනම් මූට බෙර ගහගෙන අරුන් එක්ක යන්න වෙන්නේ....
එක දවසට ඕන දෙයක් කියාගනියව් කියලා මම සද්දෙ වහලා හිටියා... මුන්ගෙ කටවල් නවත්තන්න පුළුවනෑ මොනවා කෙරුවත්...
පෝරුව ගාවට යද්දි තමයි ලොකුම ප්‍රශ්ණේ... චූ බර... ඉවසන්න බෑ.. අහ්.. පහුගිය ලිපියේ ගොඩ දෙනෙක් අහලා තිබ්බා මුළු ඇදුම ඇන්දහම කොහොමද වැසිකිලි කැසිකිලි පහසුකම් කියලා.. ඔබ ඇන්දේ නියමම මුළු ඇදුමක්නම් මේ කාර්යය ඉතා පහසුයි.. නමුත් දැන් ගොඩාක් තියෙන්නේ මංගල උත්සව සඳහා අඳින්න විතරනේ.. ඒ නිසා ඒ වගේ පොඩි පොඩි අවුල් තියෙන්න පුළුවන්.. ඔන්න ආයෙත් කතාවට... පෝරුවට නගින්න තියෙන්නේ විනාඩි දෙකක් විතරයි... අශ්ඨක කියන්න ආපු තරුණ මහතා ලඟට කිට්ටු වෙලා මෙහෙම ඇහුවා...
අයියේ.. ටොයිලට් එකට යන්න වෙලාව ඉතුරුද? අමාරුයි ඉන්න....
අපොයි දරුවෝ... තව විනාඩියනේ.. පොඩ්ඩක් ඉවසන් ඉන්න.. කොහොමත් විනාඩි විස්සනේ....
බෑ කියන්නද ඉතින්.. ඔන්න දෙපැත්තේ වැඩිහිටියෝ එකතුවෙලා අපිව සුභ පොහොතින් පෝරු මස්තකාප්‍රාප්ත කලා... දැන් පෝරුවට නැගලා ගල් ගිල්ලා වගේ ඉන්නයැ.. බිරිදගේ කණට ලංවෙලා මෙහෙම කිව්වා වෙන කාටවත් ඇහෙන්නේ නැතිවෙන්න...
රංජු.. කණ පැලෙන්න චූ බරයි හලෝ.....
වටේ උන් බැලුවේ පෝරුව උඩ හිටපු මනමාලිට හිනාව පැන්නේ මොකද කියලා බලන්න වෙන්ටැ....
දැන් ඉතින් පෝරුවේ වැඩ යනවා... එක පාරටම මගේ ඔලුව හරියේ තිබ්බ දෙයක් ඇග ඇතුලෙන් බිමට වැටෙනවා වගේ දැනුනා... හිතා ගන්න බෑ මොකක්ද කියලා... වැටුනෙත් මගෙන් පිටි පස්සට.... පොඩ්ඩක් බලද්දි දමියයි ජනකයි හොරෙන් පහක් දා ගත්තා මම දැක්කා... මම බලනවා දැකලා ජනා පහත් හඩින් මෙහෙම කිව්වා...
මේ ඕයි... අන්න ලක්බිම බිම.. වස විලි ලැජ්ජාවයි....
මට තෙරුන් නෑ ඌ කියාපු හරුපේ.. මම ආයෙත් ඇහෙන් ඇහුවා මොකක්ද මචන් කියලා..
උරහිසට ඔබපු පත්තරේ.. අර ලක්බිම පිටුව.... ඔන්න බිමට වැටුනා.. උඹේ නෙමෙයි වගේ ඉදපන් ඉතින් දැන්....
හයියෝ හත්වලාමේ... මගේ කෘෂ ශරීරය මහතයි වගේ පෙන්නන්න ගිහින් වෙච්ච අලකලංචියක තරම... දෙයියො මූණ බලපු නිසා පිටිපස්සට වැටුනේ.. කොහොමද ඉස්සරහට වැටුනනම්....
ඊට පස්සේ ජය මංගල ගාථා.. ඉටිකිරිස් ගෑණු ලමයි ටිකක් බඩවල් පේන්න ලමාසාරි ඇදගෙන ඇවිත් කිව්වා ඒ ගාථා ටික.. වහලේ උළු ගැන ගැන හිටියා.. ඇයි උන් දිහා බැලුවානම් හිනා යනවනේ.. ඒත් තනියම ඕවා බලන්න හොද නැතිනිසා බිරිදටනම් පෙන්නුවා කොහොමද අර බඩවල් ටික කියලා...
කොහොම කොහොම හරි ඒ වැඩ ඉවර කරලා ඉක්මනට දුවලා ගිහින් චූත් කරලා ඇවිත් වදින්න පටන් ගත්තා... අර කිට් එක ගහගෙන වදිනවා කියන්නේ හොද පණ ගියා.. ඒ අතරෙ ඡායාරූප ශිල්පියා නෑ.. ජනායි දමියයි ඌව එක්ක ගිහින් බොන්න.. ගෝලයෙක් මෙහෙ ෆොටෝ ගන්නවා.. අයියෝ එහෙම විකාරයක් නම් එදා.... මුළු ඇදුම ඇදන් හිටපු මාව දැකලා අපේ ඔෆිස් එකේ උන් දුන්න කාඩ් එකේ මෙහෙම ලියලා තිබ්බා....
අභියාගේ පස්ස නිකන් නාකි අලියෙක්ගේ වගේ.....
කොහොම හරි පිරිවර ගිහින් ඇඳුම් මාරුකරගෙන ආවා.. රෑ 12ට තුප්පොට්ටිය ඇදපු මට 3.00 වෙනකම්ම ඒක ඇදගෙන හිටියා... පිරිත් එහෙම කියලා අන්දපු හින්දා මස් මාළුවත් කන්න හොද නෑ නොවැ... ඉතින් ඉවසගෙන හිටියා.. සමුගන්න මොහොතත් ආවා...
මම කලින් ලිපිවලත් කියලා තියෙනවනේ.. අපේ අප්පච්චිට ඉක්මනට තරහ යනවා කියලා... හෝටලෙන් එලියට යද්දි අපිට විදින්න ගෙනත් තිබ්බා ස්නෝස්ප්‍රේ එකක්.. දෙයියනේ කියලා ජනකයා වෙරි පිටම මාව මග ඇරලා අපේ අප්පච්චිගේ මූණ පුරා විද්දා... එතනින් එහාටනම් තත්වය සෝචනීයයි.. හොඳම වැඩේ කැමරාමන්... අපි දෙන්නා කාර් එකට නැගලා ඉද්දි ඒකේ හොඳ ෆොටෝ එකක් ගන්න කැමරාමන් කට්ටියට කෑ ගහනවා...
කෝ බායි කියන්න.. බායි කියන්න....
කට්ටිය බායි කියනවා.. අපි දෙන්නත් බායි කියනවා.. ඒත් ෆොටෝ එක නෑ.. බලද්දි කැමරාව තනි අතින් අල්ලන් කැමරාමනුත් අපි දෙන්නට බායි කියනවා... අනේ සංසාරේ....
මේ කිව්වට වඩා නොකිව්ව දාහක් වද විදලා පළවෙනි දවස නිමා කරලා අපි මධුසමයට පිටත් වුනා...
ප.ලි. : ඉතිරිය ඊලඟ කොටසින්...
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?
දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
හරි හරි, උඹේ වෙඩිමට ඇවිල්ලා කැමරාමන් බායි කියන්න හරි සිහියෙන් හිටපු එකට සන්තෝස වෙයන්.....!
ReplyDeleteමොනා උනත් ඒ කෑල්ලට නම් බඩ කොර උනා....!
ඔන්න ඊලඟට තමයි මම බලාගෙන හිටපු, විසිල් කරණම් එක්ක යන්න තියෙන කොටහ එන්නෙ....!
++++++++++++++++++++++++++ ;)
Deleteඒ ලඟ කොටස කිව්වේ මධු සමයෙ ඒවත් ලියනවැයි? :D
ReplyDeletelolll
Deleteමෙව්ව අහද්දි තමයි අයියෙ වැඩින් ඕනෙ නෑ කියලා හිතෙන්නෙ...විනාඩි විස්සක් ඉවසගෙන ඉන්න පුලුවන් වෙච්ච එක හොදයි. නැත්තම් ජයමන්ගල ගාථා ටික අතර මැද, "දැන් කෙටි විරාමයක්" කියල නවත්තන්නයි වෙන්නෙ!
ReplyDeleteකලින් එකෙත් කිව්ව වගේ මම නම් හොද කට්ටක් කෑව. උදේ 4 ඉදලා චූ කරද්දි දවල් 11යි.
Deleteතව ටිකක් හිටියනම් පංචිකාවත්තෙන් bladders හොයන්න තමා වෙන්නේ :D
Delete//ඉටිකිරිස් ගෑණු ලමයි ටිකක් බඩවල් පේන්න ලමාසාරි ඇදගෙන ඇවිත් කිව්වා ඒ ගාථා ටික.. //
ReplyDeleteඉ..කේයිය...වෙලෙත්තෙයා....
කට්ටිය බායි කියනවා.. අපි දෙන්නත් බායි කියනවා.. ඒත් ෆොටෝ එක නෑ.. බලද්දි කැමරාව තනි අතින් අල්ලන් කැමරාමනුත් අපි දෙන්නට බායි කියනවා... අනේ සංසාරේ....
ReplyDeleteහිනා වෙලා කඳුලුත් ආවා අභි අයියේ ... :)
පව් දෙයියනේ කැමරාමන්.. :D
ReplyDeleteමේක කියවලා මම තාමත් හිනාවෙනවා....
කැමරාමන් බායි කියපු සීන් එත තමා සෝයිම.. මට මැවිලා පෙනුනා..........හිනා යනවෝ කමෙන්ට් ටයිප් කරන්න බැරියෝ
ReplyDeleteමනමාල ජෝඩුව නම් මාර ලස්සනයි.
ReplyDeleteඊලඟ විස්තර ටික එනකල් ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඔය මඟුල් ඇඳුම් මාරු කරගෙන නේද ගියේ? :D:D:D
ස්නෝ ස්ප්‍රේ වලට අදාළ ඔය වගේ සීන් ගොඩක් තියනවා.. මධුසමේ සීං එහෙම ලියනවා නෙමේ ඕං... එහෙම උනොත් එහෙම අපි වගේ පොඩි උන්ට මේ පැත්තේ එන්න හම්බෙන්නේ නෑ..
ReplyDeleteඒකත් ලියන්න අයියා... 18+ දාලා ලියන්න.
Deleteහුරේ හොඳම හරියෙන් අදත් නවත්තගා.. ඔවු අති බිහිසුනු සටන් ජවනිකා රැගත් යුගයේ වෙඩින් අන්දරයේ හොඳම කොටස.. මීළඟට බලාපොරොත්තු වන්න..
ReplyDelete(අවවාදයයි : ඇඟ කිලි පොලා යන කඩු පයිට් / දරුණු ලේ වැගිරීම් තිබිය හැක. අත දරුවන් මීළඟ කොටස බැලීමෙන් වලකින්න)
+++++++++++++
Deleteමොන කඩු පයිට් ද මල්ලි . . . . ලී කෙලි නං තියෙන්න ඇති . . . හිතාගන්න බැරිද මොඩල් දෙක දිහා බලපු ගමංම
Deleteලී කෙලි ???? යකෝ කැමරාමන්ගෙ සීන් එකට වඩා හිනා ගියේ ඕනයගෙ කමෙන්ට් එකට...
Deleteහික් හික් හික්.... ලී කෙළි....!
Deleteඅප්පට සිරි...ඊළඟ කොටස තමයි බලන්නම ඕනි..ඒකෙ ෆොටෝ එහෙමත් තියේ නම් දාපන් අභියො..අර එක කාලයක් ඩොකෙක්ගෙ කියලා ෆොටෝ ටිකක් ගියේ හැම තැනම..එහෙම එකේ ඉතින්...
ReplyDelete:P
Deleteහයියෝ....අර කැමරාමන්ගේ සීන් එක තමා නියම......හික්ස්.....
ReplyDeleteඋස ඇති වෙන්න හදන්න කිව්වත්, අපේ වෙඩිමේ පෝරුව හදපු පණ්ඩිතයා ඒක හදල තිබ්බේ උස මදි වෙන්න. ඔළුව නමාගෙනාවත් ඉන්න බැරිව, පෝරුවේ ගැට්ටේ ඉන්න වුනේ මට ඔළුව එලියට දාගෙන.
ReplyDeleteකැමරාමන් නම් එළ බුවෙක්.. :) :)
එහෙනම් ඊළගට මදු සමය ගැන ලෙක්චර් එක නේද...? එහෙනම් ඉක්මනට දාපන් අයියේ..
ReplyDeleteහයියෝ පිස්සු හැදෙනව..හිනා කාල පණ යනව....
ReplyDeleteමම ජීවිතේ දැකපු මාර ම පට්ට පෝරුවක් දැක්කෙ ගම්පොල මගුලකට ගිහිල්ලයි. කපල් එක හිටගත්තා ම දෙන්න මැද්දෙන් මූණ ළඟින් ම තඩි කුකුළෙක් හිටියනෙ...!!
ReplyDeleteමොකද ගම්පොල පැත්තෙ දේසපාලු අවලමාගෙ ලකුණ තමයි කුකුළා. (පොරත් ඒ වගේමයි) ඡන්දෙ කිටට්ටුව තිබ්බ හැම වහන්තරාවෙ ම මේ කුකුල් රූලෙ ගැහෙන හින්ද, මේ පෝරුව හදපු වතු දමිළයාත් පෝරුව ලස්සන (?) වෙන්න කුකුලෙක් හදල හයි කරල...!!!
තවමත් හිනා...
ReplyDeleteහැක හැක හැක පට්ට............................................
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅහිංසකම අහිංසක .. නිර්මල .. සුපිරිසිදු .. පවිත්‍ර .. කුල කුමරවෙකුගේ .. කුමර බඹසර පනස් වෙනි වතාවටත් බිදුන හැටි.. දැනගන්න .. ඊ ලග කොටස බලන්න ...(අවවාදයයි .. මාරාන්තික සටන් , සංවෙධි දසුන් ඇති නිසා කුඩා ළමුන්ට නොසුදුසු විය හැක)
ReplyDeleteඅර මනමාලිට හිනාව පැන්න වෙලාවෙ ගත්ත ෆොටෝ නැද්ද ? ලස්සනට ඇති ඒවා .
ReplyDeleteහරි රසවත් විස්තරයක් .
හපොයි මෙහෙමත් දුකක්
ReplyDeleteහපොයි ඊළඟ කොටස බයි පාස් කරන්න වෙයිද මන්දා... :D
ReplyDeleteහික්ස්.:D :D :D
ReplyDeleteකොටස් දෙකම කියෙව්වේ දැන්.මේවා දැනගෙන ඉන්න එක අපිටත් හොදයි වගේ..
එල... ඊළඟ කොටසත් දාපන් මචං...
ReplyDeleteපෝරුවට වෙලත් අයියා කරලා තියෙන්නේ මරු වැඩනේ.. ඊළග කොටසත් බලමුකෝ එහෙනම්..
ReplyDeleteෆොටෝ සීන් එක තමයි නියම.. :)
හේ හේ
ReplyDeleteහික් හික් මදෑ ඔයිං ගියා....
ReplyDeleteහපෝයි මේ තරම් කටු කන්න ඕනේද අප්පා කසාදයක් බඳින්න මම හිතුවා පෝරුවේ නැගලා හනිමුං ගියාම වැඩේ ඉවරයි කියලා... හම්මෝ මම නං ඔය තරම් පත ඇඳුමක් අඳින්නේ නෑ කවුරු කිව්වත් මාත් උඩරට තමා ඒත් ඔය ඇඳුම අඳින්නැ නෑ නෑමයි...
ReplyDeleteහද පානේ ගියානම් ඔක්කොම හරිනේ
ReplyDeleteරු 1200යි ඕන වෙන්නේ....
ඊළග කෑල්ල නං මරු එකට තියෙන්න ඇති නේ! බලමු බලමු!
ReplyDeleteමධුසමයේ ඒව කොටු එක්ක දාපං මචෝ..
ReplyDeleteසිරා... බදින එකේ ආතල් එකකුත් තියෙනව නොවැ..
හී හී මෙහෙමත් මගුල්.... අනිත් කොටසත් ඉක්මනට දාන්නකෝ
ReplyDeleteකපල් එකනම් මාර ගති ඇස්වහක් කටවහක් නෑ තු:හ්
ReplyDeleteඉතිරි කොටහ දැම්මාම බලමු ..
යකෝ, ඔහොමත් වැඩ කරනවද... තුහ් කියලා කෙල ගැහුවේ.....?
Deleteබලන් ගියාම අභි අයියගේ වෙඩිම තමයි වෙඩිම. ඊළඟ කොටස් රැඟුම් පාලක මණ්ඩලෙන් අනුමතයි නේද අයියේ. ?
ReplyDeleteඇවිල්ලා ගියා.. අදත් නෑ...
ReplyDeleteඅභීතයා, මොකක්ද යකෝ මේ දාලා තියෙන මාතෘකාව? "විවාහ දින මතක සටහන්". හරි ඒකෙ අවුලක් නෑ. "2 කෝ" කියන්නෙ මොකක්ද බං? ඒක එන්න ඕනෙ හෝටලේට ගියාට පස්සෙනෙ! උඹලා අපිව නිකං මුලා කරනවා බං.
ReplyDeletehenryblogwalker the Dude
ඒ වෙනකොටත් ඒ දැරිවි ඒක දන්නවා ඇති හෙන්රි ඒ නිසා මේ වෙන කතාවක් වෙන්න ඇති..:-D
Deleteඅපිටත් මෙව්වා හොද පාඩම්
ReplyDeleteහපුච්චියේ......ඕව ලිවුවටනම් කමක් නෑ...දැන් ඉතින් ඔය මධුසමයෙදි කරපුවත් ලියන්නද හදන්නේ.......
ReplyDeleteහික් හික්
ReplyDeleteඊලග කොටස XXX
ReplyDeleteඊළඟ කොටස බලන්න හොඳ ද මන්දා :D
ReplyDelete