Thursday, September 29, 2011

පොඩි ප්‍රශ්ණ කීපයක්, චණ්ඩි ඉන්නවානම් උත්තර දෙන්න....

මේ මාසේ ටිකක් වැඩිපුර පෝස්ට් දානවා කියලා හිතුවට දැම්මේ දාන්න පුළුවන් වුනේ පෝස්ට් මේකත් එක්කම දොලහයි.. අනේ මංදා දවසට එක ගානේ දාන අය කොහොම දානවද කියලා... මේ පෝස්ට් එකට වස්තු බීජය දුන්නේ යසිත නුවන් ද සිල්වා මල්ලි.. ගොඩාක් දෙනෙක් දන්නේ පිස්සු දඟයා කියලා.. පොර චන්ඩියා වගේ අපෙන් ප්‍රශ්ණ ටිකක් ඇහුවා.. ඒ බ්ලොග් අවකාශයේ මිතුරෝ එකේ ගෲප් චැට් එකේ..... මම පස්සේ පොරට කථා කරලා ඇහුවා, මල්ලි මම මේ ප්‍රශ්ණ ටික මගේ බ්ලොග් එකේ දැම්මට කමක් නැද්ද කියලා... මිනිහත් ගත් කටටම හා කිව්වා....


ඉතින් ඊට පස්සේ මම කිව්වා අනේ මල්ලි, පුළුවන්නම් මට ඔය ප්‍රශ්ණ ටික මේල් එකක් දාන්න කියලා... අනේ ඒ මල්ලි කොච්චර හොඳද කියන්නේ විනාඩියෙන් එව්වානෙ මේල් එක.. බලද්දි ඒක එයාටත් ආපු මේල් එකක්.. අයියෝ සල්ලි.... :D :D


හරි, සමහරවිට ඔයාලටත් මේ මේල් එක ඇවිත් ඇති.. ආපු නැති අයට තමයි මේ ප්‍රශ්ණ වැල... බලන්න මේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න පුළුවන්ද කියලා....  



ප්‍රශ්ණ අංක 1.  


ඔබට දිය යටදී අඬන්න පුළුවන්ද? 
(මේක අහපුහම ගීතික දිල්රුක් මල්ලි කිව්වේ එයාට ඔලුවෙන් හිටගෙන කන්න පුළුවන් කියලා.... ඉතින් ඇයි මල්ලි නිකන් දුක් විඳින්නේ කකුල් දෙකක් තියාගෙන?)


ප්‍රශ්ණ අංක 2.


මාළුවන්ට වතුර තිබහා හැඳෙන්නෙ නැද්ද?
(මේක ප්‍රසන්න කරුණාරත්නට.. මේ නම දන්නෙ නැද්ද? සරලව කිව්වොත් ගෝල්ඩ් ලීෆ් මාළුවා..)


ප්‍රශ්ණ අංක 3.


ඇයි කුරුල්ලන්ට ගහ උඩ නින්ද ගියාම බිමට වැටෙන්නේ නැත්තේ?
(ගිනි කුරුල්ලා මල්ලි දන්නවද හේතුව...?)


ප්‍රශ්ණ අංක 4.


ඇයි බිල්ඩිමක් හදලා ඉවර උනාට පස්සෙත් ඒකට Building කියන්නේ...?
(නිසූගේ කතා ලියන නිසූපාවත් දන්නවද?)


ප්‍රශ්ණ අංක 5.


ඇයි රවුම් පීසා හතරැස් පෙට්ටිවල එන්නේ.....?
(මේකනම් ලේසියි නේද?)


ප්‍රශ්ණ අංක 6.


ඇයි ගම්. ඒවා දාලා තියෙන බෝතල්වල නොඇලෙන්නේ....?


ප්‍රශ්ණ අංක 7.


මම ඔයාට ආදරෙයි (I love you) කියන එක ප්‍රශ්ණයක් නොවුණත් ඇයි ඒකට උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ..?


අනේ මංදන්නේ නෑ මේකට ඔයාලා මොනවා කියයිද කියලා... සමහර ඒව ටිකක් ලාමක වගෙයි තේරුනාට කල්පනා කරන්න දේකුත් නැතුවා නොවෙයි.... හරි දෙන්න බලන්න එහෙනම් උත්තර, කට්ටිය පෝලිමේ....


ප.ලි. මතකනේ අද රෑ කතා බස් තුලින් ඔබ හමුවට එන්නේ මාරයාතුමා.... එක්වෙන්න ඔක්කොම රත්‍රී 8.30 වෙද්දි බස් රේඩියෝ වටේ..... 


ප.ප.ලි. ප්‍රශ්ණ වල අයිතිය, හිමිකම හා ගරුත්වය එහි නිර්මාණකරුවන් සතුය...

49 comments:

  1. පිස්සු දඟයම තමයි

    ReplyDelete
  2. kaala warenko ehenam kiwwalu :D

    ReplyDelete
  3. මම නම් ඔයා කල්පනා කරලා උත්තර හොයන්න තියන වැඩවලට හරිම කම්මැලියි .....

    දන්න අය කියමුකෝ බලන්න .....

    ReplyDelete
  4. සැහෙන්න බීල විසඳන්න ඔනේ ප්‍රශ්න ටිකක් ?... දන්න අය ඉන්නවනම් කියන්නකො බලන්න

    ReplyDelete
  5. ශික්.. මෙවා සරල වැඩියි.. මෙව්වා ප්‍රශ්ණද ? අහන්න මීට සංකිර්ණ එව්වා.. මට මෙහෙම මොන්ටිසොරී ප්‍රශ්න වලට උත්තර දෙන්න බැහැ..! :P

    උද්දච්ච හාවා෴

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. අනෙ මන්දන්නෑ මට තේරෙන්නෙ නෑ මොනවා කියන්නද කියල
    අනිත් එක මෙකට උත්තර දුන්නොතින් අපි චන්ඩි ගානට වැටෙනවා. කාටද පුලුවන් නිකන් ගුටිකන්න

    ReplyDelete
  8. ආයි ආයි පහේ ශිශ්යත්ව ප්‍රශ්ණ පත්තරේ අවුට් වෙලා...

    හත්වෙනි ප්‍රශ්නෙ සාමාන්ය පෙළ හා උසස් පෙළ...
    ඕකට උත්තර කියන්න බෑ මගෙ පරණ චැට් සටහන් බලල කියන්නම්.

    ReplyDelete
  9. ඉතින් අනේ ඔය ප්‍රශ්න හදපු අය ගාව උත්තර නැද්ද

    ReplyDelete
  10. අපි චන්ඩි නෙමේ! ඒක නිසා මේවට උත්තර දෙන එක ප්‍රතික්ෂේප කරනව!!!

    ReplyDelete
  11. උත්තර ටික හොයාගෙන මටත් කියන්නකෝ... :D

    ReplyDelete
  12. නොදනී අයියේ....ඔය දැන ගත්තොත් අපිටත් කියන්න. :D

    ReplyDelete
  13. සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්න ටිකක්..බීලා, හිතලා, බලලා, කියන්නම් !

    ReplyDelete
  14. ඔන්න මම නම් දන්නෙම නෑ. අර පීසා කතාව ඔබ්සවර් අංකල්ගෙන් ඇහුවනම් තමා හරි. එයා දන්නවැති

    ReplyDelete
  15. 1. අඬනවා කියන එක අර්ථ දක්වලා තියන විදියට මේකෙ උත්තරේ වෙනස් වෙනවා. සරලව, අඬන්න පුළුවනි. කඳුළු නිපදවෙන ග්‍රන්ථි වැඩ නෑ.
    2. ඔව්. සමහර මාළුන් ගේ හම හරහාත්, ආහාර ගන්නාවිටත් ජලය ලබාගන්නවා. මුහුදු මාළුන් ගේ අමතර ග්‍රන්ථි විශේෂයක් හෝ මොකක් හරි ගැජට් එකක් තියනවා ලුණු ‍ෆිල්ටර් කරන්නත්.
    3. මිනිස්සුන්ගෙ අත පයයි, ගොඩක් කුරුල්ලොන්ගෙ කකුල් අතරෙයි වෙනසක් තියෙනවා :) මම මෙහෙම කිව්වොත්, නිකං කුරුලු කකුල් ඔටෝමැටික් ලොක් වගේ. උන් ඇත්තටම අත්ත අල්ලන් ඉන්නෙ නෑ අත්ත ඇල නැත්තං. උගේ බරට ඔටෝමැටික් කකුල ලොක් වෙනවා! ඉගිලෙන්නයි ඌට උත්සාහ කරන්න ඕන!
    4. බිල්ඩිං කියන්නෙ නාම පදයකුයි ක්‍රියා පදයකුයි යන දෙ ආකාරයටම බාවිතා කරන ඉංගිරිස් කෑල්ලක්
    5. රවුං පෙට්ටි හදන්න අමාරු නිසා කාඩ්බෝඩ් වලිං. රවුං පීසා පෙට්ටි තියනවා ශීතකරණ වල දාල කල් තියාගනිද්දි පාවිච්චි කරන, ප්ලාස්ටික් හෝ පොලි එතීන් වලිං හදාපු.
    6. ගම් සවි වෙන්න වාතය අවශ්‍යයි නෙ බොල.
    7. හිකිස්!

    ReplyDelete
  16. මෙන්න උත්තර ටික ලැබිලා හැබැයි ඕනිම එකට උත්තරේ නෑනේ

    ReplyDelete
  17. අන්තිම එකට උත්තරේ.... කුප්පකම
    ජීව්.

    ReplyDelete
  18. 1. පුළුවන් ඒත් දිය යට යන්න බෑනෙ! (ඇත්තටම යට යන්න පුළුවන් උඩ එන්න තමයි බැරී)

    2. හැදෙනව වගේම බොනව. ඇයි දැකල නෑ උන් හැම තිස්සෙම කට ඇර ඇර බොනව?

    3. භයානක හීන පේන්නෙ නැති නිසා.

    4. කොච්චර කරත් ස්නැගින් ඉවර වෙන්නෙ නැති නිසා. ( කරල කරල එපා වෙලා අතෑරල දානව මිස කවදාවත් ඉවර වෙන්නෙ නෑ නෙ )

    5. මොටර්සයිකල් කාරයගෙ පෙට්ටිය හතරැස් නිසා.

    6. පියන වහල නිසා.

    7. උත්තර නොදුන්නොත් වෙන ප්‍රශ්න ඇතිවෙන නිසා.

    ReplyDelete
  19. 1.අපි වතුර යට යනකොට ඔක්සිජන් ටැංකියක් බැඳන් බට දාගෙන යන්නෙ..ඕක අස්සෙ කුස් කුස් ගගා අඬන්න ගියොත් ඉතින් බටේ ගැලවිලා..වැඩේ කේෂ් වෙනව

    2.මාලුව බොනව ඇති..ටික කාලයක් ගියෑම මාලු ටැංකිවල වතුර අඩු වෙනව මං දැකල තියෙනව..

    3.කුරුල්ලො නිදාගන්නකොට පෙරලෙන්නෙ නෑ...නිදි පොෂිෂන් එකයි තියෙන්නෙ..අපිට නිදි පොෂිසන් ගානක් තියෙන වනේ..

    4.සිකේ යකෝ බොඩි බිල්ඩර් උනා කියල උන් එක්සයිස් නවත්තනවද නෑනෙ..ඒත් උණ් බොඩි බිල්ඩින් කරනව..ඒ වගේ ඇති අනික් බිල්ඩිනුත්..

    5.ඔය පෙට්ටියට හරියන්න කොටු පීස හැදුව කියල හිතමු...එතකොට සමහරු කියයි රවුං නැති නිසා ඒක පීස නෙමෙ කියල..ඒ නිසා කවදාවත් කොටු පීස හැදෙන එකක් නෑ..

    6.දහමෙ හැටියට දෙයකට ඇලීම කියන්නෙ ඒකට කැමති වීම..දැං මනුස්ස සරීරෙ ගමු ඇතුලෙ තියන අක්මාවට පිත්තාසෙට කැමතිවෙලා ලව් කරපු කෙල්ලො කොල්ලො ඉන්නවද නෑනෙ..කැමති වෙන්නෙ පිටින් පේන..මුණ, තන්,පපුව,කකුල් වගේ දේවල් වලට..ඒකියන්නෙ ඇතුලෙ තියෙන දේවල් වලට වඩා පිට තියෙන දේවල් ඇලෙනව .වැඩි..ගම් උනත් ඇතුලෙ බබා වගේ හිටියට එලියට ආවම බලන්න එපාය ඇලෙන ලස්සන..

    7.මාලුකාරය මාලු මාලු කියනව මිසක්ක..මාලඟ මාලු තිබේ..අගනා මාලුය..මෙතරම් හොඳ මාලු වෙන තැනක නැත..ගන්න මේ මාලු..ඔබ මේ මාලු ගන්නවද.?? කියල අහන්නෙ නෑනෙ..ඒ වගේ මුල් කාලෙ මං ඔහේට ලව්..ඔහේ මට ලව්ද කියල දිග දෙබසක් තිබුන..දැං අර කාලෙත් එක්ක මනුස්සයගෙ නැට්ට හැලුන වගේ පස්සෙ ඔහේ මට ලව්ද කියන කෑල්ල හැලිල ඒ කෑල්ල ඇස් කන් නාසා වලින් අහනව..
    ඒ තමයි වර්ථමාන බාසාවෙ හැටි...

    ReplyDelete
  20. උත්තර ලැබිල තියෙන්නෙ..ආයි ට්‍රයි කරන එකේ තේරුමක් නෑනේ

    ReplyDelete
  21. අන්තිම එක නම් බොහොම දරුණු ප්‍රකාශයක්! ඕක කියාගන්න බැරුව අපේ උන් කොච්චර දුක් විඳිනවද? කෙල්ලො නම් කොයි වෙලේ ඕක කියාවිද කියලා බලාගෙන ඉන්නවා....

    ReplyDelete
  22. 1..අඬනකොට ඉහි ඉහි කියද්දී වතුර ඉස්පොල්ලේ ගිහින් මැරෙයිනේ. එතකොට ගොඩ ඉන්න යට අඬන්න වෙයි.

    2.නැතුව ඇති . ඕනෑතරම් තියෙද්දී තිබහ වෙන්න බැහැනේ

    3. උන් නිදා ගන්නේ හොරට

    4. ඒක නම් සුද්දට වැරදිලා

    5. රවුම් පෙට්ටි හදන්න වියදම වැඩි ඇති. ප්‍රවාහනයටත් ලේසි හතරැස් එව්වා

    6. වැප්ගේ උත්තරේම තමයි මන් හිතන්නේ

    7.ඉන්දිකගේ උත්තරේ ෂෝක්. ගනු -දෙනු නිසා

    මේ අපි චන්ඩි නම් නෙමේ ..හරි අහිංසකයි හොඳේ .

    ReplyDelete
  23. අන්තිම ප්‍රශ්නේ නම් දැවෙන ප්‍රශ්නයක්... අවංකවම මමනම් උත්තර දන්නේ නෑ...........

    ReplyDelete
  24. පොඩි අතුරු ප්‍රශ්ණයක්... හතරැස් පෙට්ටියේ පීට්සා දෙනව වගේම පීට්ස එක මැද්දෙ සුදු පාට පුංචි සෙල්ලම් මේසයක් වගේ එකක් තියෙනව නේද... ඒකෙ දෙන්නෙ මොකටද..?

    ReplyDelete
  25. සැහ්... ගම කෑවනේ... මම වෙන ගෘප් එකක Gimhani ගෙන් මේ ටික ඇහුව වැඩකරු වගේ....

    ReplyDelete
  26. හරි උත්තර ටික හෙට දාපුවම පෝස්ට් 13යි :) ආව් ආව්

    ReplyDelete
  27. හික්..ඔය තියෙන්නේ උත්තර ඇති පදං..
    (අනික මං චන්ඩියෙක් නෙවෙයිනේ..හී)

    ReplyDelete
  28. "ලෝකෙ කාල වතුර බීපු එකා" කියන බුකි ප්‍රොෆයිල හිමිකරු සහ මේ ප්‍රශ්න පත්තරේ අතරේ ඇති සම්භන්ධය කිම ?

    ReplyDelete
  29. මෙන්න තවත් මැටි ප්‍රශ්න ටිකක්.

    1. ශීතකරණය ඇතුලේ විදුලි පහනක් තිබුනට අධිශීතකරණය තුල විදුලි පහනක් නැත්තෙ ඇයි?

    2. ස්වභාවික මූලාශ්‍ර වලින් ලබාගන්නා, සියවස් ගණනක් පැරණි ජලය, බෝතල් කළ විට කල් ඉකුත් වීමේ දිනයක් ඇත්තේ ඇයි?

    3. කෑමට ගැත නොහැකි තරමට කර කළ හැකි ලෙස, සැකසුම් සැකසිය හැකි වන පරිදි ටෝස්ටරය නිශ්පාදනය කරන්නේ ඇයි?

    4. නාරිවේද වෛද්‍යවරයා ඔබ ඇඳුම් ගලවනතුරු ඉවත්ව යන්නේ ඇයි??

    5. මිනිහෙක් කැලේක ඇවිදිනවනම්, කිසිම ගෑනුකෙනෙක් ඒ මිනහව ඇහෙන මානයේ නැත්නම් ඒ මිනිහා තාමත් වැරදිද? (මේ ප්‍රශ්නෙ නම් ගෑනු අයට තේරෙන එකක් නැහැ :-p )

    6. කවුරුහරි අපිට විශ්වයේ තරු කෝටි ගාණක් තියනවා කිව්වම අපි විස්වාස කළාට කවුරුහරි අපිට තීන්ත තාම වේලිලා නෑ කිව්වම අපිට අල්ලලා බලනකන් විස්වාස නැත්තේ ඇයි?

    7. ගිලන් රියක් කවුරුහරි බේරගන්න යන අතර මගදි වෙන කෙනෙක්ව ඒකෙ හැපුනොත් එයාව බේරගන්න නවත්තනවද? මේ කියන්නෙ අර හදිසි වෛද්‍ය ප්‍රතිකාර කණ්ඩායම් එක්ක යන ඒව ගැන.

    8. වෙලාව අහනකොට මැණික්කටුව පෙන්නුවට වැසිකිළිය ගැන අහනකොට අදාල ප්‍රදේශයට ඇඟිල්ල දික්කරන්නෙ නැත්තේ ඇයි?

    9. හම්ටි ඩම්ටි බිත්තරයක් කියල ඒ සින්දුවේ තියෙන්නේ කොතනද?

    10. මරණ දඬුවම් දෙන්න පාවිච්චිකරන විශ එන්නත් කටුව ජීවානුහරණය කරන්නේ ඇයි?

    11. ඩොනල්ඩ් ඩක් (කාටූන් චරිතය) සාමාන්‍යයෙන් යටට ඇඳන් නොහිටියට නාන කාමරෙන් එළියට එනකොට තුවාය ඇඳන් එන්නෙ ඇයි?

    12. දුරස්ථපාලකයේ බැටරි බැහැපු බව දැන දැනම අපි ඒකෙ බොත්තම් තවත් තදින් ඔබන්නේ ඇයි?

    13. දිගු වචන වලට බය මානසික රෝගය hippopotomonstrosesquipedaliophobia වුනේ කොහොමද?

    14. ගුවන් යානාවල හැම සීට් එකක් යටම පැරෂූට් එකක් වෙනුවට පාවෙන උපාංගයක් තියෙන්නේ ඇයි?

    15. කමකාසි (kamakaze) නියමුවන් හෙල්මට් දාන්නේ ඇයි?

    16. විකිරණශීලී පූසෙක්ට අර්ධ-ආයුකාල 18ක් තියනවද? (මේකට නම් මකරට තමයි උත්තර දෙන්න වෙන්නේ)

    17. වෛද්‍යවරු බෙහෙත් දෙන එකට ප්‍රැක්ටිස් කරනවා කියන්නෙ ඇයි?

    18. වඳවීයන සතෙක් වඳවීයන ශාකයක් කන්න හදනවනම් මොකද කරන්නේ?

    19. මිනී පෙට්ටවලට ලයිෆ්ටයිම් ගැරන්ටීයක් තියනවද?

    20. ෆෝන් එකේ නොම්මර උඩ ඉඳන් යටට තිබුනට කැල්කියුලේටරයේ යට ඉඳන් උඩට තියෙන්නේ ඇයි?

    21. අතේ තියන රෝම වල අග පැලෙන්නෙ නැත්තේ ඇයි?

    22. පීනට් පැකට් එක ඇතුලෙ තියන කන්න එපා කියල ගහල තියන පුංචි පැකට් එක කන්නම හිතෙන්නේ ඇයි?

    23. මීයොන්ට බය වුනාට මිකීට (කාටූන් චරිතය) ආදරේ ඇයි?

    24. මුද්දර දිවේ ගැවම චොකලට් රස එන්න හදන්න බැරි ඇයි?

    25. මට මේ වගේ මැටි ප්‍රශ්න ටිකක් මෙතන දාන්න හිතුනේ ඇයි?

    සමහර ප්‍රශ්න මැටි කිව්වට මැටිම නෑ.

    ReplyDelete
  30. 16 . පූසන්ට සමස්ථානික නෑ .

    20 . හැබැවටම ඇයි ඒ ?

    ReplyDelete
  31. මාස ගනනක් බොන්න වෙනවා මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න..

    ReplyDelete
  32. 26. වැප් ඇවිල්ලා උත්තර දෙනකන් ඉන්නෙ නැතුව, කොහොමද Bindi වගේ අපිත් වැප්ගෙ හිතේ තියන උත්තරේ දැනගන්නේ?

    -කාංචන

    ReplyDelete
  33. @සපතේරු උන්නැහේ
    පීට්ස එක තියල තියන මේසෙ ඉඩ මදි වුනොත් ඒ පුංචි මේසෙ උඩ තියාගෙන පීට්ස කන්න පුළුවන්නේ.

    @මකරා
    ඒක තමයි ඇයි ඒ??

    -කාංචන

    ReplyDelete
  34. දෙන්නම් කුඩු වෙන්න

    1 බෑ

    2.නෑ

    3.නෑ උන් වැටෙනවා ආයෙත් ගහට නගිනවා පට ගාලා

    4. බිල්ඩිමට බිල්ඩිම නොකියා අහවල් එකක් කියන්නැයි ?

    5.කඩාගන්න ලේසි වෙන්න

    6.ගම් වලින් බෝතල් අලවන්න බැරි නිසා

    7.අයිලවුයූ කීවම අනික් කෙනත් කියන්නේ ඒකමයි නේ ? ඉතින් කොහෙද උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ ? ප්‍රශ්නයක් නෙව බලාපොරොත්තු වෙන්න ඕන

    ආව මෙතන

    ReplyDelete
  35. @කාංචන, ඔබ ඉංජිනේරුවෙක් වුනාට ඔය එකක්වත් තේරෙන්නේ නැත්තේ ඇයි?

    ReplyDelete
  36. අය්යෝ වැරදිලා වැප් නෙමේ වැම්පයර් ගේ උත්තරේ ...වැප් ගේ හිතේ තියෙන එව්වා දැනගන්න බස් අහන්නම වෙනවා .සොරි හොඳේ

    ReplyDelete
  37. ඔව්වට උත්තර නං දන්නෑ. මටත් ඔය වගේ ප්‍රශ්නයක් තියෙනවා. මේක මතුවුනේ අපේ හාදයකුට පාඩං කර කර ඉද්දි ඇහිච්චි සද්දෙකින් :P

    සී ප්ලේන් මූදට ගොඩ බස්සන්න පුලුවන්ද කියලයි ඇහුවෙ

    ReplyDelete
  38. අනේ අම්මෝ මං නම් දන්නේ නැතෝ.....

    ReplyDelete
  39. 27. මේකේ කමෙන්ට් කියවලා මගේ නම තියනවා දැකලා මට පිස්සු හැදුනද නැත්නම් තියන පිස්සුව වැඩි උනාද :DDDD

    ReplyDelete
  40. Why do telephone keypads count from the top down, while calculators count from the bottom up?


    http://www.straightdope.com/columns/read/2019/why-do-telephone-keypads-count-from-the-top-down-while-calculators-count-from-the-bottom-up

    ReplyDelete
  41. සීෂා එක වැඩකරනව වගේ . . . .

    ReplyDelete
  42. මම මේ ටික කියවන්න ආවේ ඇයි?

    එල එල සිරා ප්‍රශ්නටික.........

    ReplyDelete
  43. උත්තර අංක එක:

    ඔව් මට නම් පුළුවන්, ෂුවර් නැත්නම් වරෙන්.

    උත්තර අංක දෙක:

    ගෝල්ඩ් ‍ෆිෂ් කෝ..... ? [ඌට බියර් තිබහ නං හැදෙනව]

    උත්තර අංක තුන

    ඇයි උඹල අපි ඇඳේ නිදාගත්තම බිම වැටෙන්නෙ නැත්තෙ?

    උත්තර අංක හතර

    හදලා අහවර කරපු බිල්ඩිමක් තියන තැනක් කිව්වනං, හැමදාම හැම බිල්ඩිමකම පොඩි පොඩි වැඩ තියෙන්නෙ.

    උත්තර අංක පහ

    රවුම් පෙට්ටියක් තාම හදල නෑ මයෙ හිතේ. ඔන්න කරනවන වැඩ

    උත්තර අංක හය

    ඒ බෝතල අලවන ගම් නෙමෙයි නිසා

    උත්තර අංක හත

    කඩේට සල්ලි දීල බඩු ගන්නෙ නැතුව යන මිනිස්සු ඉන්නෙ කොහේද?

    ReplyDelete
  44. මගේ ප්‍රශ්නය ගෝල්ඩ් ෆිෂ් වෙතය්.
    මාළු නිදා ගන්නවද?

    ReplyDelete
  45. කුරුලු ආරක්ෂක හේතූන්මත එම ප්‍රෂ්ණයට පිලිතුරු දීමට නොහැක.. :D

    ReplyDelete
  46. එල මරු පුරස්න ටික

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...