ඔන්න බූලා සර් ගැන කතා මාලාවේ අංක දෙක හෙවත් අවසාන කතාව තමයි ලියන්න යන්නෙ.... එක කියවපු නැති කට්ටිය මෙතනින් ගිහින් කියවන්න.... ඒ පෝස්ට් එකේදිත් මම කිව්වා සර් හිත හොද මනුස්සයෙක් වගේම වැරැද්ද දැක්කොත් මාරයා නගිනවා කියලත්... ඒත් කොලු වයස ගැන අවබෝධයකුත් තිබුනා... එක්තරා සිදුවීමකදි තමා මට හිතුනෙ සර්ගෙත් පාසැල් කාලේ ගැන සර් ට තවමත් අමතක වෙලා නෑ කියලා.... දැන් කියන්න යන්නෙ ඒ සිද්දිය....
මේකත් ස්පෝට් මීට් කතාවක්... ස්පෝට් මීට් එකට කලින් දවසෙ රෑ අපි අපේ හට් හැදීමෙ නිරත වෙලා ඉන්නවා... සර් මේන් හෝල් එක අයිනෙ ඉදන් පිට්ටනිය දිහා බලාගෙන ඉන්නවා.... මම කොහෙ හරි යන ගමන් සර්ට මාට්ටු උනා... සර් මාත් එක්ක ඉතා සුහදව හෙට වැඩ සටහන ගැන කතා කර කර හිටියා.... ඔන්න එක පාරටම විදුලිය විසන්ධි උනා.... ඔන්න එතකොට තමයි මට තරු පෙනුනෙ... පිට්ටනියෙ අහු මුලු ගානෙ පුංචි පුංචි රතු පාට එලි නිවි නිවි පත්තු වෙනවා... හැමෝටම තේරෙනවනෙ ඉතින් ඒ මොනාද කියලා....
මට දැන් දාඩියත් දාලා.. එතකොටත් මම ශිෂ්‍ය නායකයෙක්... බැරිවෙලාවත් සර් කිව්වොත් එහෙම ගිහින් එක්ක එනවා අරුන් ඔක්කොම කියලා... ඉවරනෙ ඔක්කොම.... ඒත් සර් ගෙ මුවගට හීනි හිනාවක් ආවේ.... පොඩ්ඩක් සද්දෙනුත් හිනා වෙච්ච බූලා සර් මට මෙහෙම කිව්වා..
හහ්.. එදිරිසිංහ...හහ්.. හහ්... අපේ කාලේ වගේමයි අයිසෙ තාමත්......
එහෙම කියපු සර් මාත් එක්කම ප්‍රධාන ශාලාව පැත්තට ඇවිදගෙන ආවා.....
මම, බෝයා, ටශියා සහ තාමා හතර දෙනා එකම පංතියේ හිටපු ශිෂ්‍ය නායකයෝ.. අපෙ ඉස්කෝලෙ ප්‍රධාන ශාලාවෙ තියෙන හුඩ් එක යටට වෙලා අපි ඉන්නවා ලොකු කතාවක... ප්‍රධාන ශාලාවේ උඩ තට්ටුවෙ තියෙන්නෙ විදුහල්පතිතුමාගෙ කාර්යාලය බූලා සර්ගෙ සහ අනිකුත් නියෝජ්‍ය විදුහල්පතිතුමන්ගෙ කාර්යාල.... අපි හතරදෙනා ඉන්න තැනට වගේම උඩ තට්ටුවේ ඉන්න අයටත් ප්‍රධාන ගේට්ටුව හොදින් පේනවා... ඉතින් අපි හතර දෙනා ඔතන ඉන්නකොට අපේම පන්තියේ යාළුවෝ හතර දෙනෙක් ප්‍රධාන ගේටුව ලගට ආවා.. ආපු විදිහෙන්ම අපි දැන ගත්තා මුන් ආවෙ ගේට්ටුවෙන් පනින්න කියලා.. මොනවා උනත් පන්තියෙ කොල්ලොනෙ කියලා අපි අහක බලා ගත්තා... ගේට්ටුව ලොක් කරලා නිසා තාප්පෙන් පැනපු කොල්ලො ටික පාසලෙන් නික්මිලා ගියා.. මෙතන ඉදන් තමයි කතාව....
එක පාරට බූලා සර් උඩ තට්ටුවෙන් එඹිලා අපිට මෙහෙම කිව්වා...
ඕයි.. එනවා පොඩ්ඩක් මෙහාට....
අපි හතර දෙනා දැනගත්තා ටොපිය හම්බ වෙන්න තමයි යන්නෙ කියලා. දැන් අපි හතර දෙනා අපිටම ඇගිල්ල දික් කරගෙන මටද සර් කියලා අහනවා.. සර් කිව්වෙ මෙහෙමයි..
හතර දෙනාම එනව උඩට......
අනේ ඊලග පියවරේ වෙන දේ පැහැදිලියි.... ඒ නිසා අපි හතරදෙනා උඩ තට්ටුවට පියමන් කලා... සර් කතා කරන්නෙ ව්‍යාකරණානුකූලව කියලා මම කලින් කතාවෙ කිව්වනෙ.. සිද්ධිය ගැන අදහස් දක්වපු බූල සර් අපිට බැන්නෙ මෙහෙමයි....
අ.... අයිසෙ බෝයා.. තමුසෙලාගෙ ශිෂ්‍ය නායක පදක්කම් වලින් වැඩක් නෑ ඕයි...
ඇයි සර්...?
ඇයි?.... අයිසෙ.. තමුසෙලා බලාගෙන ඉද්දි ශිෂ්‍යයින් හතර දෙනෙක් පිළිවෙළින් එක දෙක තුන හා හතර යන ආකාරයට තාප්පෙන් පැන ගියා....
අපි හතර දෙනාට හිනා ගියෙ නැත්තෙ බයට... ඒත් නඩුව ඉවර වෙලා ශිෂ්‍ය නායක කාමරේට ආවෙත් හොදටම හිනාවෙවී....
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?
දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
එල එල...අපිත් ඔය වගේ නැහැදිච්ච් වැඩ කොරා නෙව..මට එව්වා මතක් උනා කියවගෙන යනකොට........
ReplyDeleteමොනවා වුනත් සර් නියම ටෝක් දෙන කෙනෙක් වගේ........
ReplyDeleteඑළ එළ...Devans කොල්ලෙක් නේද මේ....
ReplyDeleteහක් හක් හක්...
පැහැදිලිවම එදිරිසිංහ තමුසෙට පිස්සු.
ReplyDeleteඅපේ ඉස්කොලේත් හිටියා ඔය වගේ පොරක්. මිනිහට අපි කිව්වෙ ''ජගුවර්'' කියලා. මිනිහගේ වොයිස් එක එච්චර ප්‍රබලයි!
ReplyDeletehikz..මරු..මරු!
ReplyDeleteඅපෝ ඒකට අපේ ඉස්කෝලේ හිටපු සරා ගොයියා,ලමයින්ට කැපිල්ලමයි දැම්මේ
ReplyDeleteඔය කතන්දරේ තාමත් මට මතකයි. මුළු ස්කෝලෙම ඔය බුලගේ කතා ප්‍රසිද්ධයි. බූලගේ කතා නම් නැවක් තියනවා. ඉස්සර පරක්කු වෙලා ආවහම බූලා දෙන ටෝක් තාමත් මතකයි. මේවා ඇහෙද්දි ආයේ ඉස්කෝලේ යන්න හිතෙනවා මචං........
ReplyDeleteඅපේ කාලේ ඉස්කෝලෙ sound system එකෙන්ම කිව්වෙ නැතෑ "ශිෂ්‍යයින් පස් දෙනෙක් පිළිවෙළින් එක දෙක තුන හතර හා පහ යන ආකාරයට පිටුපස තාප්පෙන් පැන ගියා ගොස් ඇත" කියලා.
ReplyDeleteඉතින් ඉස්කෝලෙම හිනා සාගරයක.
අනික් කතාවනම් ඉතින් මෙතන කියන එක හරිද මන්ද.
දවසක් prefectsලට බූලා කතාකරල කියනවාළු.
"අයිසෙ සෙකියුරිටි කොල්ල ඉස්කෝලෙට පහුගිය දවසක බඩුවක් ගෙනල්ලා කියලා ආරංචියක් තියෙනවා.අපේ හොස්ටල් එකේ කොල්ලෙකුත් ගිහින් තියෙනවළු.ඌව ඉක්මනටම හොයා ගන්න ඕනෑ.නැත්තම් ලෙඩක් එහෙම තිබ්බනම් තව ටික දවසකින් හොස්ටල් එකේ කොල්ලො ඔක්කොටොම බෝවෙයි..." කියලා.