Meemure Jungle Resort

Tuesday, October 12, 2010

අන්සතු නොකල යුතු දේවල්......

මේ කතාව පටන් ගන්න කලින් කිව යුතු කාරනා කිහිපයක් තියෙනවා.... වැම්පයර් මල්ලිට හිස නමා ගරු කරලා මගේ ස්තූතිය මේ අයුරින් පුද කරන්න කැමතියි... රන්බණ්ඩා සෙනෙවිරත්නයන් පිළිබදව ලියන්න යැයි මම ඉල්ලපු ඉල්ලීමට කන් දීලා ඔහු ඉතාමත්ම වැදගත් ලිපි කිහිපයක් (එක, දෙක, තුන ආදී වශයෙන්) පල කරලා තිබ්බා.... තව පාරක් ස්තූතියි වැම්පයර් සහෝ...... ඒ එක්කම ඔහු විසින් රචිත The Harmonic Tunes of Premakeerthi De Alwis and Victor Rathnayaka – Episode 01| ප්‍රේමකීර්ති ද අල්විස් + වික්ටර් රත්නායක සුසංයෝගය - පළමු දිගහැරුම කියන ලිපිය පිළිබදවත් මගේ ස්තූතිය ඔහුට හිමි විය යුතුමයි....


ඊලග කාරනය තමයි මම බ්ලොග් ලියන්න පටන් අරන් දැන් මාස හතර හමාරක් පමන වෙනවා.. බ්ලොග් කවුන්ටරේ දාගත්තෙ ඊට මාස දෙකකට විතර පස්සෙ.. කම්පියුටර් වැඩ කෑලි වැඩිය දන්නෙ නැති නිසා ආගිය කතා ලියන හසිත මලයගෙන් අහගෙන තමයි ඒකත් දැන ගත්තෙ.. දැනට මගේ පස්සෙන් එන අය 86 දක්වා වැඩි වෙලා.. බ්ලොග් කවුන්ටරෙත් 3100 පාරකට වඩා කැරකිලා.. ඊටත් වඩා මේ වැඩෙන් මාරම ෆිට් යාලුවො වගයක් හම්බ උනා... ඊලග ලිපියෙන් ඒ ගැන ලියන්න හිතාගෙන ඉන්නෙ.... ඒ ඔක්කොටම ඒ වෙනුවෙන් උපරිම ස්තූතිය පිරිනමලා ඔන්න දැන් කතාව පටන් ගන්න යන්නෙ....



අපේ අප්පච්චි ගමේ පරම්පරාගතව හිටපු කෙනෙක්... ගමේ ඉස්කෝලෙ පටන් ගද්දිම ඒකෙ මුල්ගුරු තුමාගෙ ලොකු පුතා... අප්පච්චිත් ගුරුවරයෙක්... විශ්‍රාම ගියෙත් නියොජ්‍ය විදුහල්පතිවරයෙක් විදිහට... ආදි කාලෙ මුල්ගුරුවරුන්ට ගමක තිබ්බ සැලකිලි ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ... ඒ ගරුත්වයෙ සැලකිල්ල ගමේ තවමත් අපේ අප්පච්චිට හිමියි... අප්පච්චි ඉතා දැඩි ප්‍රතිපත්ති වල හිටියෙ... මට උනත් දඩුවම් කරන්න ගියාම ඒකෙ කිසිම සීමාවක් තිබ්බෙ නෑ... ඒ ගැන වෙනම පෝස්ට් එකකින් කියන්න පුලුවන්... ඒත් අප්පච්චිගෙ ශිෂ්‍ය ශිෂ්‍යාවො එක්ක හරිම ලෙන්ගතුයි... ඉතින් ඒ නිසා අප්පච්චිගෙ අවවාද අනුශාසනා වගේම ගුටි, වේවැල් පාරවලුත් ගෝල බාලයන්ට මදි නොකියන්න ලැබුනා...

දවසක් අප්පච්චි ගෙදර තියෙන වෑන් බූම් එක හදන්න ගෙවල් ගාව තිබ්බ ගැරේජ් එකට ගියෙ මාවත් අඩ ගහගෙන... අප්පච්චිගෙ ගෝලයෙකුත් ඇවිත් හිටියා බයික් එකේ රිම් එකක ඇද ඇරගන්න. කාලෙකින් මුණ ගැහුනු ගුරුතුමයි ගෝලයයි අතරෙ කතාව යනකොට මමත් පැත්තක ඉදගෙන අහගෙන හිටියා.... ගෝලයගෙ නම අමිල. අමිල ඉතින් අප්පච්චි ලගට ඇවිත් කතාව පටන් ගත්තා... සංවාදය පහත ආකාරයට තමයි ඕං යන්නෙ...

ආ සර්.. වෑන් එක හදන්න ආවද?

අමිල කොහොමද? ඔව්... මේ  වෑන් එකේ උඩට පොල් ගෙඩියක් වැටිලා.. ඒකෙ ඇද ඇරගන්න ආවා මේ නිශාන්තට කියලා....

ආ.. මමත් සර් මෙ බයික් එකේ රිම් එක ඇදවෙලා ඒක පොඩ්ඩක් කෙලින් කර ගන්න ආවා... යාලුවෙක් අරන් ගිහින් තාප්පෙක හප්පලා.. මිනිහත් ඉස්පිරිතාලෙ...

අමිල... යාලුවන්ට දෙන්න ඕන දේවලුයි එපා දේවලුයි දෙවර්ගයක් තියෙනවා... මොනවා දුන්නත් කමක් නෑ.. හතරක් තියෙනවා යාලුවන්ට තියා වෙන කාටවත් දෙන්න හොද නැති....

මොනව කරන්නද සර්... ඇවිත් ඉල්ලද්දි බෑ කියන්නත් බෑ.. මොනවද සර් අර හතර?

පලවෙනි එක තමයි අමිල තමන්ගෙ පෑන.. මම කියන්නෙ මේ බෝල්පොයින්ට් පෑන ගැන නෙමෙයි.. අර ඉස්සර තිබ්බ තින්ත පෑන්.. ඒව තමන් ලියන අකාරය අනුව තමයි හැඩ ගැහෙන්නෙ....

ආ... ෆවුන්ටන් පෑන් කියන ඒව නේද සර්...

අන්න ඔව්.. දෙවෙනි එක තමයි තමන්ගෙ පොත්... ඒවා ගත්තොත් වෙන කිසිම කෙනෙක් ගෙනත් දෙන්නෙ නෑ... ඒ නිසා පොතුත් තමන් ලගම තියාගන්න ඕන..

අප්පෝ.. ඔව් සර්... මගෙ පොත් නම් ගෙනිච්ච එකෙක්වත් ආපහු ගෙනත් දීලා නෑ... ඇත්තම තමයි කතාව...

තුන්වෙනි එක අමිල තමන්ගෙ වාහනේ.... ඒවා ටික කලක් යද්දි තමන්ගෙ ඇගට බද්ධ වෙනවනෙ.... දෙන්නෙක් හෝ කිහිප දෙනෙක් පාවිච්චි කරද්දි එහෙම වෙනවා අඩුයි...

ඒකත් ඇත්ත සර්.. ඒත් ඉල්ලද්දි බෑ කියන්නත් බෑනෙ... ඊට පස්සෙ උන් හිතන්නෙ අපි ලොකුකමට දුන්නෙ නෑ කියලනෙ.. මොකක්ද සර් ඉතුරු එක...

අන්තිම එක අමිල තමන්ගෙ ගෑනි... ඒකනම් ඉතින් ඔයාලා කොහොමත් කරන්නෙ නෑනෙ කියල අප්පච්චි පොඩි හිනාවකුත් දැම්මා...


අපෝ..සර් අන්තිම එක තමයි කරන්න අමාරුම එක ඔතනින්... අමිල කිව්වෙ වටෙ පිටේ හිටපු ඔක්කොම හිනා ගස්සවලා...

අප්පච්චිටත් හිනා ගියා... ඒ හිනාවෙන්ම අප්පච්චි ඇහුවා මොකද අමිල එහෙම කියන්නෙ...

ගෑනු අයෙ අමුතුවෙන් දෙන්න දෙයක් නෑනෙ සර්.. උන් අපිට හොරෙන් යනවනෙ.... 

අප්පච්චිගෙනුත් හිනාව එලියට පනින්න ගියෙ බොහොම අවම කාලයක්... ප්‍රධාන බාස් විනාඩි දෙකකට වඩා වැඩ නැවැත්තුවා හිනා වෙන්නම.

26 comments:

  1. හා........................ක් හක් හක්... පට්ට කතාව...

    ReplyDelete
  2. "ඔව්... මේ වෑන් එකේ උඩට පොල් ගෙඩියක් වැටිලා.. ඒකෙ ඇද ඇරගන්න ආවා මේ නිශාන්තට කියලා"

    පොල්ගෙඩියෙ මොනව ඇද අරින්නද . දෙකට පලල හිරමණෙන් ගා ගත්තනම් හරිනෙ

    ආ තව එකක්, තමන්ගෙ අවි ආයුධ වලටත් තමන්ගෙ බිරිඳට වගේ සළකන්න ඕනෙලු

    ReplyDelete
  3. හික් හික් හික්

    ReplyDelete
  4. හිකිස්..........
    ..............

    ReplyDelete
  5. අම්මප සහතිකෙන් ඇත්ත මේ කතාව..

    ReplyDelete
  6. නියමයි සහෝ! හික් හික්!!

    ReplyDelete
  7. ස්තුතියටත් ස්තුතියි...

    ReplyDelete
  8. (සිනා සෙමින්) එල................

    ReplyDelete
  9. හිකිස්..................

    එල එල

    ReplyDelete
  10. ඔන්න අකුරට පිළිපදිනවානම් ගුරුහරුකම්... හිනාවෙන්න නෙමෙයි...

    ReplyDelete
  11. මරු කතාව.ඒ වගේම තවත් ඔය කවුදෝ උත්තමයෙක් කියල තියනවලුනේ ගෑනුයි පොතුයි නිතර පාවිච්චිකරන්න කියලා,පාවිච්චි නොකර පොත් තිබ්බාම පිටු දිරනවා,අකුරු බොද වෙනවා..ඇයි "කාවො" කනවා.ඒ වගේම තමයි ගෑනුත්.

    ReplyDelete
  12. අර ශ්ලොකයක් තියෙන්නේ...
    "පුස්තකං වනිතාය රත්නම්... පර හස්තං ගතෝ ගතං" කියලා...ඕවට තමා

    තමන්ගේ පොත්, කාංතාව සහ ධනය වෙන අයෙක්ගේ අතට ගියොත් ගියාමයි තමා..

    ReplyDelete
  13. අම්මප සහතික ඇත්ත . .. . !!

    ReplyDelete
  14. හිකිස්... සිරිතක් තියෙනවා නේද අලුතෙන් වාහනයක් ගත්තම වාහන ගැන එක්ස්පර්ට් බාස් කෙනෙකුට කියලා එලවලා බලන...

    ReplyDelete
  15. අභීතයා,
    කියන්න දේවල් ගොඩක් හිතට ආවා. කිව්වා කියලා හිතාගනින්.:D
    සොරි. කොම්.
    .........................
    දුකා,
    ''අම්මපා සහකිත ඈත්ත'' කියන්නෙ මොකක් ගැනද!පෑන ගැනද! වාහනේ ගැනද! පොත් ගැනද!

    ReplyDelete
  16. ග්‍රේ අයියා කියපු කතාව මම අහලා තියෙන්නේ මේ විදිහට
    " ස්ත්‍රී රත්නම්
    පුස්තක රත්නම්
    පර හස්තම්
    ගතම් ගතම්"

    ස්ත්‍රී රත්නයක් හෝ පුස්තක රත්නයක් පිටස්තරයෙක්ගේ අතට ගියොත් ගියාමයි :)

    ReplyDelete
  17. @මකරා...

    ඒ කියන්නේ නිතර තෙල් එහෙම දාන්න ඔනද..?

    ReplyDelete
  18. මම නම් කියන්නේ.. පොත කියන එක මෙහෙම වෙනස් වෙන්න ඕනි.තමන් හිත් ගත් කෙනෙක්ට තමන් ගොඩක්ම කැමතිම පොතක් දෙන එක කිසිම වරදක් නැහැ... ඔය අනිත් ඒව ගැන නම් ඕන් මම දන්නේ නැහැ...

    ReplyDelete
  19. හික් හික් හික් අර කිව්වා වගේ පොත් නිතර නොකියව පාවිච්චි නොකර හිටියම පොතට උනත් පිට යන්න හිතෙනවා නොවැ... හික් හික්...

    පුතා : අපොයි බොල එහෙම සිරිතක් තියෙද.... හි හි

    ReplyDelete
  20. හික් හික් පට්ට කතාව

    ReplyDelete
  21. හැට්ස් ඕෆ් කිව්වලු ... හික් හික් ...

    ReplyDelete