Thursday, January 27, 2011

සිංහ පැටව්...... පොඩි උන්ට යෝග්‍ය නැත... පොඩ්ඩක් විතර 18)+......

පොඩි පොඩි සිද්ධි නිසා සමහරු ඕනවට වඩා පිම්බෙනවා... සමාජමය හා විවිධ ලොකුකම් අරන් පිස්සු කෙලින පොරවල් මේ ලෝකෙ ඕන තරම්. අද මම කියන්න යන්නෙ ඒ වගේ කතාවක්... එල්ටීටීඊය පරදවපු මේ කාලෙ ජාත්‍යාලෙන් ඔද වැටිච්ච පොරවල් අනන්තවත් මේ රටේ හිටියනේ... යුද්ධෙට දශෙමෙකින්වත් හිතින් උදව් නොකරපු මිනිස්සු අන්තිමේ දිනපු පිලට හෝයියා කියලා යුධ ජයග්‍රහන සැමරුවා කියලා ඔයාලා කවුරුත් දන්නවනේ... මම මේ කියන්න හදන්නෙ එහෙම ඔද වැඩිලා චොර වෙච්ච පොරකගෙ කතාවක්.... එහෙනම් ඔන්න කතාව..... මම මේ කියන කතාවෙ ප්‍රධාන චරිතය වැප්නි සාන්ත ලොක්කා එහෙම නෙමෙයි.... මොකද ඔය කියන මනුස්සයගේ පිටින්නෙ මේ කතා ඔක්කොම යන්නෙ දැන්....


මේක පොඩිම පොඩි කතාවක්.. මේ කියන මනුස්සයත් සෑහෙන ජාත්‍යාලයෙන් ඔද වැඩිලා ඒක දෙගොඩ තලා පිරිලා උතුරලා ඔකඳ වෙලා හිටපු මනුස්සයෙක්.... ඉතින් මේ පොර ටව්න්හෝල් එකෙන් 120 බස් එකට නැග්ගා.... සෙනඟ පිරුනු බස් එකේ මේ මනුස්සයාට ඉඳගන්න තැනක් තිබ්බේ නෑ....  ඉතින් ඒක දැක්ක පොර මිනිස්සුන්ට මේ විදිහට ටෝක් එක දෙනවා......


යකෝ අපි සිංහ පැටව්.. කෝ මේකෙ අපිට සීට් නැද්ද? හරි කමක් නෑ.. අපි සිංහ පැටව්.... වෙන එකෙකුටවත් බෑ යකෝ අපිව යටත් කර ගන්න... අපි සිංහ පැටව්.... උඹලා දන්නවද? අපි සිංහ පැටව් යකෝ.... අපිට පුළුවන් හිටගෙන යන්න මොකද අපි සිංහ පැටව් බන්.... 


ඔහොම කියනකොට පිටිපස්සෙ හිටියා අපේ බස් එකේ ගැන්සිය වගේ නසරාණි කොල්ලො කෙල්ලො සෙට් එකක්.... උන් දැන් මූව ආතල් එකට අරගෙන බයිට් කරනවා... ඒක දැකපු අර පොර මුන්ටත් බනිනවා පොරි හැලෙන්න මෙහෙම....



අඩෝ උඹලා හිනාවෙන්නෙ මොකද? අපි සිංහ පැටව් ඩෝ... උඹලා මොකද හිනා වෙන්නෙ.... අපි සිංහ පැටව්.... අපිට හිනා වෙන්න බෑ මෙලෝ එකෙකුට.. මොකද අපි සිංහ පැටව්.... තොපි මේ කෙල්ලොත් එක්ක තුරුලු වෙලා අපේ උන්ට හිනා වෙන්නෙ මොකෝ.. අපි සිංහ පැටව් ඩෝ....


දැන් ඔන්න අපේ උන්ටත් මල පැන්නා.. අපිත් එක්ක හිටපු රාජගුරු උගෙන් මෙහෙම ඇහුවා...


හරි අයියෙ.. අයියා සිංහ පැටියෙක් තමයි... ඒත් පොඩි ප්‍රශ්ණයක් තියෙනවා.... මම අයියගෙන් ඇහුවට කමක් නැද්ද?


අඩෝ ඕන ප්‍රශ්ණයක් අහපන් ඩෝ.. අපි සිංහ පැටව් අරිද? අපි භය නෑ ඩෝ.. අහපන් ඕන ප්‍රශ්ණයක්.... අපි සිංහ පැටව් ඩෝ.....


අරූගෙ ප්‍රශ්ණේ මේකයි.....


අයියෙ... අපිට දැනගන්න ඕන අයියගේ අම්මා කැලේට ගියාද? නැත්නම් සිංහයා ගෙදර ආවද කියලා? 



ඉතිරි ටික හිතා ගන්න දෙයක් නෑනේ.. අනේ අර සිංහ පැටියා ඊලඟ හෝල්ට් එකේ  ඉඳන් කොහෙ ගියාද කියලා හොයාගන්න ලැබුනේ වත් නෑ....


ප.ලි. මේ කතාව සැර වැඩි ඇති.. ඒත් බොරු ලකුණු දා ගන්න දඟලන උන්ට එහෙම කියවෙන එක හොඳයි කියලයි මගේ පුද්ගලික අදහස....

22 comments:

  1. එළ එළ
    පට්ට කතාව...........
    ජය වේවා

    ReplyDelete
  2. ආ ඒ කියන්නේ බස් ගැන්සිය නසරාණියෝ..?? :-))

    ReplyDelete
  3. අම්මට සිරි ...දුං විසි වෙනවා...

    නියමයි ...ටිකක් නෙවේ පැලෙන්න හිනා උනා ...

    ජය වේවා !!

    ReplyDelete
  4. ඕක ඇම්ඩගෙ කතාවක්. ඔක 18+ කිව්වට මුතුහර සඟරාවෙත් තිබ්බලු. මෙතනත් තියෙන්න.
    http://www.thelastrow.net/archives/871
    එක නෙවේ. උඹ මලියදෙව නේද?

    ReplyDelete
  5. හික් හික් හික් ෆට්ටයි ඇ............. ;D

    ReplyDelete
  6. හික් හික්!! ලොවෙත් නෑ

    ReplyDelete
  7. හයියෝ..... හිනා ලොකෙයයි.... පට්ට කතාව අභී අයියේ.....

    ReplyDelete
  8. කතාවත් මරු. ලියල තියෙන විදිය මරේ මරු.

    ReplyDelete
  9. පොර ටිකක් වෙන්න අනුමත වෙලා ඉන්න ඇත්තේ නේද?

    ReplyDelete
  10. ඔක්කොමත් හරි, ඇයි කියපන් අහිංසක වැපාව මේකට ගෑව්වේ?

    ReplyDelete
  11. නියම වැඩේ මචන් ඔය වගේ උන්ට....

    ReplyDelete
  12. සිංහයගෙ කේසර හැලෙන්න ඇති

    ReplyDelete
  13. මේක මම කොහේදි හරි අහ් හරි.. ඔය කස්ස දාපු තැනින් තමා බලල තියෙනවා... හැබයි ආයෙ රස විඳින්න පුලුවන් සිරා පහර.

    ReplyDelete
  14. එහෙනං පොර "සිංහබාහු" වගේ පොරක් . . . .

    ReplyDelete
  15. කලින් අහල තියනව වාගෙ මතකයි...හික්....එල කතාව.

    ReplyDelete
  16. අන්තිමට සැර වැඩියිද කියල ඇහුවට ඕකෙ ඇති සැර වැඩියක් නෑ. අපි සේරම ඔය සිංහබාහුගෙ තාත්තගෙන් පැවතෙනව කියලනෙ කතාවට කියන්නෙ. හැබෑටම දැං ඔය කතාව වැඩිය කියවෙන්නෙ නෑ නේද? මං කිව්වෙ මේ සිංහබාහුගෙ කතාව........

    ReplyDelete
  17. අහල තියෙන පරන කතාවක්

    ReplyDelete
  18. මම මේ තාම අර 18+ වැඩි අයට සුදුසු කෑල්ල හොයනවා. හම්බ උනේ නෑනේ!

    ReplyDelete
  19. ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ සිංහයා බස් එකෙත් නෑ. හික් එලම කතාව මැක්සා

    ReplyDelete
  20. සැර වැඩි නෑ ඔහොම වෙලා මදි... පොඩි කුමාරිහාමි කිව්වා වගේ කොහෙද අභී අයියේ මේකේ 18+ කෑල්ල තියෙන්නේ???? මම ඒ කෑල්ල අයින් කරලා කියවන්න කියල ඇහුවේ :)

    ReplyDelete
  21. අපි සිංහ වංශයේ...... ඔබ :))

    ReplyDelete
  22. මැක්සා!සිංහයා සුටුස් ගාලා පූසා වෙන්න ඇති....ලොවෙත් නෑ....

    ReplyDelete

ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.

  අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...