පොඩි පොඩි සිද්ධි නිසා සමහරු ඕනවට වඩා පිම්බෙනවා... සමාජමය හා විවිධ ලොකුකම් අරන් පිස්සු කෙලින පොරවල් මේ ලෝකෙ ඕන තරම්. අද මම කියන්න යන්නෙ ඒ වගේ කතාවක්... එල්ටීටීඊය පරදවපු මේ කාලෙ ජාත්යාලෙන් ඔද වැටිච්ච පොරවල් අනන්තවත් මේ රටේ හිටියනේ... යුද්ධෙට දශෙමෙකින්වත් හිතින් උදව් නොකරපු මිනිස්සු අන්තිමේ දිනපු පිලට හෝයියා කියලා යුධ ජයග්රහන සැමරුවා කියලා ඔයාලා කවුරුත් දන්නවනේ... මම මේ කියන්න හදන්නෙ එහෙම ඔද වැඩිලා චොර වෙච්ච පොරකගෙ කතාවක්.... එහෙනම් ඔන්න කතාව..... මම මේ කියන කතාවෙ ප්රධාන චරිතය වැප්නි සාන්ත ලොක්කා එහෙම නෙමෙයි.... මොකද ඔය කියන මනුස්සයගේ පිටින්නෙ මේ කතා ඔක්කොම යන්නෙ දැන්....
මේක පොඩිම පොඩි කතාවක්.. මේ කියන මනුස්සයත් සෑහෙන ජාත්යාලයෙන් ඔද වැඩිලා ඒක දෙගොඩ තලා පිරිලා උතුරලා ඔකඳ වෙලා හිටපු මනුස්සයෙක්.... ඉතින් මේ පොර ටව්න්හෝල් එකෙන් 120 බස් එකට නැග්ගා.... සෙනඟ පිරුනු බස් එකේ මේ මනුස්සයාට ඉඳගන්න තැනක් තිබ්බේ නෑ.... ඉතින් ඒක දැක්ක පොර මිනිස්සුන්ට මේ විදිහට ටෝක් එක දෙනවා......
යකෝ අපි සිංහ පැටව්.. කෝ මේකෙ අපිට සීට් නැද්ද? හරි කමක් නෑ.. අපි සිංහ පැටව්.... වෙන එකෙකුටවත් බෑ යකෝ අපිව යටත් කර ගන්න... අපි සිංහ පැටව්.... උඹලා දන්නවද? අපි සිංහ පැටව් යකෝ.... අපිට පුළුවන් හිටගෙන යන්න මොකද අපි සිංහ පැටව් බන්....
ඔහොම කියනකොට පිටිපස්සෙ හිටියා අපේ බස් එකේ ගැන්සිය වගේ නසරාණි කොල්ලො කෙල්ලො සෙට් එකක්.... උන් දැන් මූව ආතල් එකට අරගෙන බයිට් කරනවා... ඒක දැකපු අර පොර මුන්ටත් බනිනවා පොරි හැලෙන්න මෙහෙම....
අඩෝ උඹලා හිනාවෙන්නෙ මොකද? අපි සිංහ පැටව් ඩෝ... උඹලා මොකද හිනා වෙන්නෙ.... අපි සිංහ පැටව්.... අපිට හිනා වෙන්න බෑ මෙලෝ එකෙකුට.. මොකද අපි සිංහ පැටව්.... තොපි මේ කෙල්ලොත් එක්ක තුරුලු වෙලා අපේ උන්ට හිනා වෙන්නෙ මොකෝ.. අපි සිංහ පැටව් ඩෝ....
දැන් ඔන්න අපේ උන්ටත් මල පැන්නා.. අපිත් එක්ක හිටපු රාජගුරු උගෙන් මෙහෙම ඇහුවා...
හරි අයියෙ.. අයියා සිංහ පැටියෙක් තමයි... ඒත් පොඩි ප්රශ්ණයක් තියෙනවා.... මම අයියගෙන් ඇහුවට කමක් නැද්ද?
අඩෝ ඕන ප්රශ්ණයක් අහපන් ඩෝ.. අපි සිංහ පැටව් අරිද? අපි භය නෑ ඩෝ.. අහපන් ඕන ප්රශ්ණයක්.... අපි සිංහ පැටව් ඩෝ.....
අරූගෙ ප්රශ්ණේ මේකයි.....
අයියෙ... අපිට දැනගන්න ඕන අයියගේ අම්මා කැලේට ගියාද? නැත්නම් සිංහයා ගෙදර ආවද කියලා?
ඉතිරි ටික හිතා ගන්න දෙයක් නෑනේ.. අනේ අර සිංහ පැටියා ඊලඟ හෝල්ට් එකේ ඉඳන් කොහෙ ගියාද කියලා හොයාගන්න ලැබුනේ වත් නෑ....
ප.ලි. මේ කතාව සැර වැඩි ඇති.. ඒත් බොරු ලකුණු දා ගන්න දඟලන උන්ට එහෙම කියවෙන එක හොඳයි කියලයි මගේ පුද්ගලික අදහස....
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?
දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...
එළ එළ
ReplyDeleteපට්ට කතාව...........
ජය වේවා
ආ ඒ කියන්නේ බස් ගැන්සිය නසරාණියෝ..?? :-))
ReplyDeleteඅම්මට සිරි ...දුං විසි වෙනවා...
ReplyDeleteනියමයි ...ටිකක් නෙවේ පැලෙන්න හිනා උනා ...
ජය වේවා !!
ඕක ඇම්ඩගෙ කතාවක්. ඔක 18+ කිව්වට මුතුහර සඟරාවෙත් තිබ්බලු. මෙතනත් තියෙන්න.
ReplyDeletehttp://www.thelastrow.net/archives/871
එක නෙවේ. උඹ මලියදෙව නේද?
හික් හික් හික් ෆට්ටයි ඇ............. ;D
ReplyDeleteහික් හික්!! ලොවෙත් නෑ
ReplyDeleteහයියෝ..... හිනා ලොකෙයයි.... පට්ට කතාව අභී අයියේ.....
ReplyDeleteකතාවත් මරු. ලියල තියෙන විදිය මරේ මරු.
ReplyDeleteපොර ටිකක් වෙන්න අනුමත වෙලා ඉන්න ඇත්තේ නේද?
ReplyDeleteඔක්කොමත් හරි, ඇයි කියපන් අහිංසක වැපාව මේකට ගෑව්වේ?
ReplyDeleteනියම වැඩේ මචන් ඔය වගේ උන්ට....
ReplyDeleteසිංහයගෙ කේසර හැලෙන්න ඇති
ReplyDeleteමේක මම කොහේදි හරි අහ් හරි.. ඔය කස්ස දාපු තැනින් තමා බලල තියෙනවා... හැබයි ආයෙ රස විඳින්න පුලුවන් සිරා පහර.
ReplyDeleteඑහෙනං පොර "සිංහබාහු" වගේ පොරක් . . . .
ReplyDeleteකලින් අහල තියනව වාගෙ මතකයි...හික්....එල කතාව.
ReplyDeleteඅන්තිමට සැර වැඩියිද කියල ඇහුවට ඕකෙ ඇති සැර වැඩියක් නෑ. අපි සේරම ඔය සිංහබාහුගෙ තාත්තගෙන් පැවතෙනව කියලනෙ කතාවට කියන්නෙ. හැබෑටම දැං ඔය කතාව වැඩිය කියවෙන්නෙ නෑ නේද? මං කිව්වෙ මේ සිංහබාහුගෙ කතාව........
ReplyDeleteඅහල තියෙන පරන කතාවක්
ReplyDeleteමම මේ තාම අර 18+ වැඩි අයට සුදුසු කෑල්ල හොයනවා. හම්බ උනේ නෑනේ!
ReplyDeleteලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ සිංහයා බස් එකෙත් නෑ. හික් එලම කතාව මැක්සා
ReplyDeleteසැර වැඩි නෑ ඔහොම වෙලා මදි... පොඩි කුමාරිහාමි කිව්වා වගේ කොහෙද අභී අයියේ මේකේ 18+ කෑල්ල තියෙන්නේ???? මම ඒ කෑල්ල අයින් කරලා කියවන්න කියල ඇහුවේ :)
ReplyDeleteඅපි සිංහ වංශයේ...... ඔබ :))
ReplyDeleteමැක්සා!සිංහයා සුටුස් ගාලා පූසා වෙන්න ඇති....ලොවෙත් නෑ....
ReplyDelete