Monday, January 24, 2011

බ්ලොග් ලියන අපේ හිතවතුන් සති අන්තය ගත කරන හැටි...

බ්ලොග් ලියන එක සම්පූර්ණෙන්ම වගේ අමතක වෙලා ගිහිල්ලා... ඒ හිතේ තියෙන කරදර ගතිය නිසා... වැප් මල්ලිගෙ බ්ලොග් සතිය නිසා මටත් හිතුනා ඔන්න ඔහේ පොඩි සපෝට් එකක් දෙනවා කියලා.... අද ලිපිය එච්චර රසවත් වෙයිද කියන්න අමාරුයි.... මොකද හිතේ පීඩනය උපරිම වෙලා තියෙද්දි තමයි මේක ලියන්නේ.... මිනිස්සුන්ගෙ නරක කාල එනවා කියන්නේ මොන නැව ගිලුනත් බෑන්ඩ් චූන් වෙලා හිටපු මමත් මේ දවස්වල ටිකක් සලිත වෙලා ඉන්නේ..... ඔහ්...ආයෙ පිට.. මගේ පස්සෙන් එන කට්ටිය 152කට වැඩිවෙලා වගේම හිට්ස් 30000ට ලං වෙලා තියෙන නිසාත් මේ බ්ලොග් ලිවිල්ලනම් මොන හිතේ කරදර තිබ්බත් නවත්තන්නෙ නම් නෑ ඕං...



රස විඳින්න තියෙන කතා පස්සෙ දවසක ලියන්න හිතාගෙන පහුගිය සතියෙ බ්ලොග්කරුවෝ ආශ්‍රිතව සිදු වුන සිදුවීම් කිහිපයක් (කිහිපයක් කිව්වට දෙකයී) කියන්න තමයි මේ යන්නේ... මගේ ලෝකය ලියන රංග අයියා එයාගෙ 100වෙනි පෝස්ට් එකෙන් දැම්මනේ අපිට කෝල් කරලා ආතල් ගත්ත හැටි... ඒත් ඉතින් මිනිස්සුන්ගේ කරුම හැටියට පව් පල දෙනවා... මේක පල දුන්නේ දිට්ඨ ධම්ම අනුවේදනීය විදිහටද මන්දා.... ඔන්න ගිය සෙනසුරාදා අපි පොඩි ගමනක් යන්න සෙට් වෙලා මිනිහවත් එක්කගෙන යන්න හිතාගෙන පොරට කෝල් කලා....


 හලෝ... මේ මගේ ලෝකය ලියන රංගද?
       (පසුබිමින් ගාල ගෝට්ටි සද්ද)


 ඔව්... ඔයා ක.. ක. කවුද?


 මම ඔයාගෙ සමහර කතාවල චරිතයක්... උඹලා බ්ලොග් ලියලා අපිව සවුත්තු කරලා පොරවල් වෙනවා නේද?


 නෑ මම රංග නෙ.. නෙමෙයි.... උම්ම්ඹට වෙරදිල්ල්ල්ලා.. ම්මම ෆ්ෆ්ෆෝන් එක තියනවා දෙන්..... 


 xxxxxxxxxxxxxxxxxxxxx මහත්තයානේ....


 වොව් වොව් ක්.. කවුද බන් උඹ....?


 මමත් ඔයාගෙ කතාවල චරිතයක්.... ඔයාලා අපේ කාඩ් කුඩු කරනවා... අපිත් දෙනවා ගේමක් ලගදිම උඹට....


 හරී..ඊ.ඊ ... කරල්ල්ලා බල්ලපාන්.... අපිත් එත්තකොට්ට්ට්ට හැකි පම්මණින් කරන්වා මොනාඅරි... අප්පිටත් පුළුවන් දේවල් ත්තියෙනවා අරීද?


 ඇයි උඹ චන්ඩිද? 


 චන්ඩි නෙම්මෙයි... ඒත් මොක්කුත් බෙරි මින්ශ්ශුත් නෙවෙයි ආ..... උම්ම්ඹ නම කියපාන්.. නෙත්නම් මම ෆෝන් එක කට් කරනවා....


 මචන් .. මම අභීත.. කොහෙද බන් ඉන්නේ මේ.....


 අඩ්ඩෝ.. උම්ම්ම්ඹද? කිතුල්ගල ආවා බන් ඔෆිස් එක්කේ ශෙට් එකත් එක්ක.. කන පැලෙන්න ගහලා බන් ඉන්නේ.. මොක්කද්ද කතාකලේ....


 අපි හවස පොඩි ගමනක් යනවා.. උඹවත් සෙට් කරගෙන යමු කියන්න කතා කලේ.. හරි එහෙනම් කමක් නෑ මචන්.. අපි යනවා....


 එල්ල්ල්ල මච්චාන්.. මම ප්ෂ්ෂෙ දවෂක ෂෙට් වෙන්නම්.. බායි මචන්....


 හරි මචන්.. එහෙනම් තිබ්බා... අපි ගියා කොල්ලො...



ඔන්න ඔහොම එක සිද්ධියක් ඉවර උනා... දැන් හවස ගමන යන්න තියෙන්නෙ යක්කලට.. බ්ලොග් යාළුවෙක්ව මුණ ගැහෙන්න.. කාලෙක ඉඳන් ඔහු තමයි මගේ නිල ජ්‍යෝතිෂ උපදේශක... ඒ වගේ වැඩකට තමයි යන්නේ.. යන එකේ පොඩි විනෝදෙටත් එක්ක කට්ටිය එක්ක යන්න තමයි දැන් මේ වටේට කතා කරන්නේ... ඔන්න වැපා මල්ලිට කතා කලා..


වැපා මචන්, අභීත කතා කරන්නේ...


ආ මොකෝ... මම නිදි බන්...


යක්කල යනවා හවස.. යමුද? අරූව හම්බෙන්න යන්නේ...


එහෙනම් යන වෙලාවට කියපන්.. මම එන්නම් බියගම ට්‍රැෆික් ලයිට් ලඟට.... නොදකින් මගෙ නින්දත් කැඩුවා තෝ....


හරි හරි එහෙනම්... මුල ඉඳලා නිදා ගනින්....


වැපාගෙ කෝල් එක තියලා කතා කලේ මඟේ සඳ ලියන පසන් මල්ලිට...


මචන් පසා.. කොහෙද ඉන්නේ...


මම බොරැල්ලේ...


ආ... මොකෝ කරන්නේ... අද ක්ලාස් නේද?


ක්ලාස් ගියෙ නෑ අයියෙ මේ යාලුවෝ වගයක් සෙට් වෙලා... බීලා ඉන්නේ කණ පලෙන්න...


අහ්.. අපි යනවා අද යක්කල අරූව හම්බෙන්න. මමයි වැපයි යන්නේ.. උඹත් වරෙන් 5ට මාළඹේට. 


හරි අයියේ... දවලුත් බීලා රෑත් බොන්න බෑ... ඒත් මම එන්නම්... හරියට පහට මම මාළඹේ...


පසන්ගෙ කෝල් එක තියලා ගත්තා මගේ මරනය ලියන මරණෙට කෝල් එකක්...


ඒ මචන්.. අපි අද යක්කල එනවා...


එල කීයටද? මොකටද?


අර පොරව හම්බෙන්න එන්නෙ... මමයි වැපයි පසනයි එන්නෙ.. උබ මොකද කරන්නෙ මේ වෙලාවේ....


මම මේ ගම්පහ රෙස්ට් හවුස් එකේ බොනවා බන් යාලුවෝ කට්ටියක් එක්ක... හවස ෂුවර් නෑ..ඒත් බලන්නම් එන්න...


අන්තිමට මූණු පොතේ චැට් එකේ සෙට් උනේ ගෝල්ඩ්ෆිශ් බ්ලොග් එක ලියන ප්‍රසන්න මල්ලි.. මිනිහා තමයි කතාව පටන් ගත්තේ....


අභීත අයියා.. යක්කල යනවලු නේද?


ඔව් කවුද කීවේ...? උඹත් වරෙන්....


මට අරූ කිව්වේ උඹලා එනවා කිව්වා කියලා... මට එන්න වෙන්නෙ නෑ අයියා....


ආ.. ඒ මොකො...?


පානදුරේ සුමංගල බාලිකා එකේ විවිධ ප්‍රසංගයක් තියෙනවා.. ඒක බලන්න යන්න ඕන අයියා......


ඕන්න ඔහොම තමයි අපේ බ්ලොග් සහෘදයෝ තමන්ගෙ විවේකී සති අන්තය ගත කරන්නේ....


 ප.ලි. ලොමු ඩැහැගැන්වෙන සිනා උපදවන ත්‍රීරෝද රියක ගිය යක්කල ගමනේ විස්තර ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.....

24 comments:

  1. ඒ..පරක්කු වැඩියි බං..මම මෙ ඔළුව අල්ල ගත්ත ගමන්..සබන් වෙල පහම ගාගෙන...

    ReplyDelete
  2. සික් විවේකී සති අන්තේ මුන් නිදහසේ බොන්න දෙන්නෙත් නැහැ නේ :-D

    ReplyDelete
  3. අර අභීත අයියට කර ගන්න දෙයක් නැතුව රට ඉඳන් ආපු අයගෙන් හම්බෙලා තිබුන ටිකත් අරන් වෙන්නැ ගියේ.........

    ඉතුරු ටිකත් බලමුකෝ....... :D

    ReplyDelete
  4. අහ් එහෙනම් ඒකයි මේ උපදෙශක කුමාරයා දවස් විසි දෙකකට පස්සේ මොනාදෝ කොරලා උන්හිටි තැන් අමතක වෙලා ඉඳලා තියෙන්නෙ.

    ReplyDelete
  5. බලන් ගියාම මෙයාලා හැමවෙලේම බීගත්ත ගමන්නේ.. හික්z.. වැප්නම් දවසම දොයිය බබා වගේ..

    ReplyDelete
  6. මඩ බැරල් පිටින් එහේ මෙහේ වෙනවනේ මේ දවස් වල....

    ReplyDelete
  7. අපොයි එහෙම නැහැ හසී, මන් ඔය ගිය සතියටම බිව්වේ සෙනසුරාදා විතරයි :-)

    ReplyDelete
  8. හෙහ් හෙහ් හෙහ් :) ලොමුඩැහැගැන්වෙන ත්‍රීව්ල් කතාවත් ඉස්මනට දාන්ටෝ........

    ReplyDelete
  9. යකෝ, පුදුම බෙබාලා ටිකක් එක්කනෙ අපි බ්ලොග් ලියන්නෙ. හික් හික්!!

    අපි වගේ අහිංසක, පවිත්‍ර, නිකැලැල් විදිහට හැදියල්ලකො

    ReplyDelete
  10. එතකොට මම විතරයි නොබී ඉඳලා තියෙන්නේ... මල් හතයි කාටද ඉතින් ආඩම්බර.

    යකෝ සුමංගල බාලිකාවේ නෙවේ බං, පිරිමි එකේ...

    අර සිහාන් අයියා එහෙමත් ආවා.

    ReplyDelete
  11. කිව්වත් වගේ මේගොල්ලො ඔක්කොම බෙබේලනෙ,,,:D

    ReplyDelete
  12. දැන් ඔක්කොම බොන එවුන්..
    මම විතරක් හොඳ එකා...

    ReplyDelete
  13. ලාංකීය සිතුවිලි නැ නේද මොකද උනේ. අපිත් සිංඩි කාරයෝ තමයි ගිය සැරේ අපේ එකට කෙල වෙලා මට 66000 විතර ගියා නම කිව නොහැකි. සිංඩිය කැඩුනාම තියෙන දුක අපි දනි

    ReplyDelete
  14. අඩේ අභියා. අවුරුදු උත්සවේ දවසට හෙල්මට් දාගෙන වරෙන්

    ReplyDelete
  15. දැන් නේ තේරුනේ වීක් එන්ඩ් එකේ මාරයට මොකද උනේ කියල.අපරාදේ කියන්න බැහැ මාරය කියල තිබුන යාලුවෝ place එක අස් පස් කොරලත් ගිහින් තිබ්බ කියල.

    ReplyDelete
  16. ranga chandiya baya wela eth eyage thama hodama bloge. elagata oyage LOL

    yakune occhara bila bola marunoth api kage blogda kiyawanne api ganath hithapiyo

    ReplyDelete
  17. යන්තන් අපි බේරුනා උඹල අයි.ඩී.ඩී වලට බය නිසා...!

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. අප්පට සිරි. අභීත අයිය කට්ටියගෙම රෙදි ගලවල නේද. දැං ඉතිං කොහොමෙයි මාළුව ඇරෙන්න අනිත් උන් පාරක බැහැල යන්නෙ.

    ReplyDelete
  20. අපි ඔය මඩ වලට සැලෙන්නේ නැත.

    ReplyDelete
  21. අන්න මාර ගොයියා කොමෙන්ට් වලට රිප්ලයි කොරලා තියෙනවා කස්ටියගෙ වැඩ කිඩ ගැන....

    ReplyDelete
  22. හික්!! මුන් මඩ නාගන්න නම් උපන් හපන්නු. දැං ඉතිං ඔය ලොමු දැහැගැන්වෙන කතාවත් ඉක්මනටම කිවුවනං ආයිබෝං!!

    ReplyDelete
  23. හාපෝ.. වැඩිමනත් කට්ටිය වීක් එන්ඩ් එකේ බෝතලේ බදා ගෙන නේ ඉන්නේ

    ReplyDelete
  24. යකො මෙව්වො ඔක්කොමල බොන එකමනේ වැඩේ... මට නම් හරියන්නෙ නැහ බොලව.. අපෝ බේබද්දො හික් හික්... ඔන්න ඉතින් තව මාසෙකින් විතර යක්කල හරි මොන උලව්වෙ හරි ඔය වගේ වැඩකට යනවනම් අපිටත් දැනුම් දියන්..

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...