Saturday, January 29, 2011

කබල්ලෑවගෙයි කළවැද්දාගෙයි වෙනස දන්න කවුරු හරි ඉන්නවද?

පොඩ්ඩක් ජනප්‍රිය කථාවක් මගේ එකක් වගේ කියන්න ගිහින් ඊයේ නා ගත්තද මන්දා... ඒත් ඉතින් අහපු නැති අයත් ඉන්න ඇතිනේ කියාගෙන හිත හදා ගත්තා ඕං... මේ ටික ලියනකොටත් අද ලියන කතාව මොකක්ද කියලා හිතලා නෑ...  වැපාගෙ බ්ලොග් බස් සතිය කෑවා අපිව.... මල ඉලව්ව... ඒත් ඉතින් මොනවාහරි ලියන්නත් ඕන නිසා අපේ ගමේ සිද්ධ වෙච්ච කබල්ලෑ අර්බුදේ ගැන කියමු....


කුරුණෑගල නගරේ ඉඳලා කිලෝමීටර් 8ක් විතර දුරින් තමයි මගේ මහ ගෙවල් පිහිටලා තියෙන්නේ.. සමාජමය හා ආර්ථික අවශ්‍යතා නිසා කොළොම්පුරේ රැදුනට හිතනම් තියෙන්නේ කොතෙකුත් ගමේ.. ඊයෙ ගමේ ගිහින් ආපු නිසා තමයි මේ කතාව මතක් උනේ.... ඇළ දොළ කෙත්වතුවලින් වගේම කඳුහෙල් වලින්ද පොහොසත් අපේ ගමේ හැමෝම වගේ නෑදෑයෝ.... හැමෝම හිත් යටින් එකිනෙකත් එක්ක තරහ උනත්, මතුපිටින් දිවෙන් දිව ගාගෙන ඉන්නේ... දන්නවනේ ඉතින් ගම්වල හැටි.. අද මරා ගන්න උන් හෙට මෙන්න එකට යනවා කරට අතකුත් දාගෙන.... ඔහ් කතාවට යමු....


ඉතින් ගමේ උඩහ කෙළවරේ තියෙන්නෙ පලාගල කියන කන්ද.. මේක රක්ෂිත වනයක්.... අපි ඉතින් නේක කෙළි කලා ඕකෙ... ඒ ගැන පෝස්ට් දහයක් උනත් ලියන්න පුළුවන්... ඉතින් ඒ කඳු කිට්ටුව ජීවත් උන ටිකක් වයසක චරිත දෙකක් තමයි තිලකා කිරිඅම්මයි, ටිකිරි කිරිඅම්මයි.... අල්ලපු ගෙවල් දෙකේ තමයි වාසය කලේ... ඊට පහල කඩේ විපුල මාමගේ... ඒ ලඟ ගෙදරක තමයි බණ්ඩා මාමයි එයාගෙ බිරිඳයි පුතාලා දෙන්නයි හිටියෙ... ලොකු පුතා කාන්චන.. පොඩි පුතා පුබුදු... මම මේ ගැන කිව්වේ, මෙයාල තමයි මේ නාට්ටියේ චරිත...

මම මේ කියන කාලෙ අපේ ගමේ වල් ඌරෝ කළවැද්දෝ නරි වගේ කැලෑ සතුන්ගෙන් කිසි අඩුවක් තිබ්බේ නෑ.. ඈයා, කබල්ලෑවා, ඉත්තෑවා වගේ උන් දකින්න දුර්වල උනත් නිතර ගම්මැද පාරවල් වල ගවසුනා... වල් ඌරා, ඉත්තෑවා, කළවැද්දා වගේ උන් ගමේ මිනිස්සු නොදකින තරමට හොඳයි.... අහම්බෙන් වත් දැක්කොත් පිරිමි සියළු තරහා මරහා පැත්තක තියලා එකතු වෙන්නේ ඌව නිවන් යන්න... ඒ වැඩේ ඉවර වෙලා ආයෙත් මිනිස්සු ටික මරාගන්නේ ඌව බෙදා ගන්න... ඔහ්.. ඔන්න ආයෙත් කතාව යනවා වෙන පැත්තක... හරි ඉතින් මේ කළවැද්දයි කබල්ලෑවයි දෙන්න ටිකක් සමානයි... ඒක නිසා දැක්ක ගමන් එක පාරට අඳුර ගන්න බෑ.. කබල්ලෑවාගේ පොතු තියෙනවා.. කළවැද්දාගේ නෑ... උඩ පිංතූරෙ ඉන්නෙ කබල්ලෑවා.. පින්තූරෙට වඩා කබල්ලෑවා ටිකක් අදුරු පාටයි.... ... යට පිංතූරේ ඉන්නේ කළවැද්දා......


දැන් ඔන්න දවසක තිලකා කිරි අම්මාගේ දර මඩුවේ කළවැද්දෙක් ඉඳලා.. හැබැයි දැකලා තියෙන්නේ ටිකිරි කිරි අම්මා... මේ දෙන්නා දැන් බය වෙලා කෑ ගහනවා කබල්ලෑවෙක් ඉන්නවා එලවන්න කවුරු හරි එන්නෝ.. කිය කියා.... ඉස්සෙල්ලාම ඔතනට ගියේ කාංචන.. ඔව් ඔව්.. බණ්ඩා මාමාගේ ලොකු පුතා තමා... ඒ අතරෙ කඩේ හිටපු විපුල මාමාත් දුවගෙන ආවා... පොර ආයෙ හිටගෙන බොරු දෙන්නේ... ඉතින් මනුස්සයා කාංචනටත් ඇහැක් ගහලා මෙහෙම කිව්වා...


අම්මෝ මෙහෙම කබල්ලෑවෙක්... සූ එකට දුන්නොත් හොඳ ගානක් හොයා ගත්තෑකි.... ඔවුන් අරන් මහන්සි වෙන්න බෑ කාංචන.. ඔය කැලේට ගිහින් දාමු....


කොහොම හරි දෙන්න ලං වෙලා බලපුහාම කළවැද්දා තුවාල වෙච්ච එකෙක්... තඩි පොහොර උරේකට දාගෙන ගිහින් කැලේට අත ඇරලා දන්න විදිහට උට බේතුත් කරලා ඇවිත්.... මෙතන ඉඳන් තමයි විසිල් බල්ටි තියෙන්නෙ මේ නාට්ටියේ....


පහුවදා උදේ කාංචනයි පුබුදුයි පන්ති ගියා කුරුණෑගල... විපුල මාමගෙ කඩේ ලඟ නැවතිලා කළවැද්දා සීන් එක ගැනත් කතා කරලා හිනාවෙලා තමයි මුන් දෙන්න ගියේ....


ඔන්න ටිකක් දවල් වෙලා තිලකා කිරි අම්මා එනවා විපුල් මාමගෙ කඩේට... බඩු ටික දීලා ඉවර වෙලා විපුල් මාමා දෙනවා ගිනි ගෙඩියක් ගානට මෙහෙම....


තිලකම්මා දන්නවද කාංචනයා කරලා තියෙන වැඩේ....


මොකක්ද පුතේ.. මට ආරංචියක් ආවේ නෑනේ...


අර කබල්ලෑවා...


ඔව් ඔව්...


දෙහිවල සත්තු වත්තට අරන් ගියානෙ අද උදේ.... ඊයේ හන්දියට ගිහින් ටැලිපෝන් කරාම කිව්වලු 20000.00ක් දෙන්නම් කියලා.. (97 විතර 20000.00ක් කිව්වම හිතා ගන්න පුලුවන්නෙ...)


නෑ.. මූව මරන්න එපැයි පුතේ... මගේ වත්තේ හිටපු කබල්ලෑවා ඌ කොහොමද විකුණන්නේ....


ඔන්න දෙන දෙයියෝ උඩ පැන පැන දෙනවා වගේ ටිකිරි කිරි අම්මත් එනවා කඩේට.... ටිකිරි කිරි අම්මා දැක්ක ගමන් තිලකා කිරි අම්මා මෙහෙම කිව්වා...


බලපන් නංගියේ අර නොසංඩාලයා කරලා තියෙන වැඩේ.. අර මගේ දර මඩුවෙ හිටපු කබල්ලෑවා සත්තු වත්තට විකුනලාලුනෙ 20000.00කට...


මෙන්න ටිකිරි කිරි අම්මාගේ උත්තරේ...


නෑ...?! අක්කේ... උඹේ දර මඩුවේ හිටියට මමයි ඉස්සෙල්ලාම දැක්කේ... එහෙනම් ඒකෙන් කොටහක් මටත් අයිතියි.... ඇත්තද විපුල පුතේ මේ කියන කතාව....


මේ පොර දැන් තව පත්තු කරනවා.....


අනේ නැන්දේ මාව හවුල් කරගන්න එපා ඕවට.... ඌ ඔන්න පාන්දරම අරගෙන ගියෙ එහෙම කියලා තමයි.... කඩේට ඇවිත් මටත් කියලා ගියේ.. පුබුදුත් ගියේ තනිවට කියලා....


දැන් කිරි අම්මලා දෙන්නා යකා නටනවා කඩේ ඇතුලේ..... අන්තිමට දෙන්නගේ තීරණය උනේ බණ්ඩා මාමගේ ගෙදර ගිහින් මේ ගැන අහන්න.... ඔන්න ඒ ගෙදර ඇති වුන දෙබස..... කිරි අම්මලා දෙන්නා දැන් මාරවේෂ වෙලා ඉන්නේ...


බණ්ඩා පුතේ.... බණ්ඩා පුතේ....


ආ මොකෝ නැන්දේ බෙරිහන් දෙන්නේ...


බෙරිහන්... බෙරිහන් නෙමෙයි දෙන්න ඕන... කෝ කාන්චන පුතා....


ඌට අද පංති නොවැ... උදේම පංති ගියා....


හහ්... හරි පංති.. කෝ එහෙනම් පුබුදුව....


උටත් පංති නොවැ.... ඌත් ගියා.....


අනේ බණ්ඩා පුතේ මේ... අපිව රවට්ටන්න හදන්න එපා උඹ... අපි දන්නවා උන් දෙන්න ගියේ සත්තු වත්තට.... ආවදෙන්කො ඔවුන්...


බණ්ඩා මාම දන්නෙ නෑනෙ මේ මෙලෝ දෙයක්... පොරට හිතා ගන්නවත් බෑ දැන් මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා...


මොකක්ද නැන්දේ මේ හතර බීරි කතාව...


මේ බණ්ඩා පුතේ.. උඹ හදන්නේ අපිව රවට්ටන්න.... අපේ වත්තෙ හිටපු කබල්ලෑවා ඌ කොහොමද විකුනන්නේ.... ආවදෙන්කො ඕකා මම බලා ගන්න...


ඔන්න දැන් බණ්ඩා මාමටත් මල පනිනවා...


නැන්දෙ මේ.... දැන් ඉතින් මටත් යකා නගිනවා... කබල්ලෑවෙක් බැරිනම් බූරු පැටියෙක් හරි කමක් නෑ... ඌ ගෙනිච්චානම් උගෙත් එක්ක බලා ගන්න... මම දන්න ඉටි රෙද්දක් නෑ... ආයෙ ඔය ගැන කටක් ඇරියොත් නැන්ද කියලා බලන්නෙ නෑ ඕන්....


හරි එහෙනම් අපි ඕකා ආපුහාම බලාගන්නම්කෝ.... කියලා බවලත්තු දෙන්න ගෙවල් වලට ගියා... දැන් දෙන්නගෙ අරමුණ අරූ එනකොට බෙල්ලෙන්ම අල්ලගන්න.... ඒ අතරෙ විපුලා මාමගෙ කඩේ හරහා මේ සන්තෑසිය ගමේ කොල්ලො ටික අතරෙ පැතිරිලා.... තිලකා කිරි අම්මගෙ කට නිසා කොල්ලොත් බලන් හිටියේ බයිට් එකට ගන්න චාන්ස් එකක් එනකන්.... ඒ කටේ කතා ගැනත් වෙනම බ්ලොග් එකක් ලිව්වෑකි...



දැන් අපිත් එතන පාරේ විකට් කණු ටිකක් හිටවගෙන ක්‍රිකට් ගහනවා අරූ එන වෙලාවට..... ඔන්න හවස 5.30ට විතර පුබුදුයි කාංචනයි එනවා ක්ලාස් ඇරිලා... අපි ඉතින් අර ගෙවල් දෙකට ඇහෙන්න කෑ ගහනවා.. 


පුබුදු ඔහොමම බෑග් එක තියලා වරෙන්... කාංචන උඹ වරෙන් බැට් කරන්න... පුබුදු උඹ රැකපන්....


ඔය ටික ඇහෙන කොටම ගෙවල් දෙකේ දොරවල් ඇරිලා කිරි අම්මලා දෙන්නා එනවා නිකන් රොකට් වගේ.... ආපු ගමන් තිලකා කිරි අම්මා අරුට කතා කලා... විපුල මාමත් කවදාවත් නැතුව අපිත් එක්ක ක්‍රිකට් ගහනවා සීන් එක බලන්න.... දැන් තිලකා කිරි අම්මයි ඌයි අතරෙ යන දෙබස මෙහෙමයි...


ඒයි කාංචනයෝ මෙහෙ වරෙන්.... උඹ කොහෙද අද ගියේ...


ආ කිරි අම්මා... මොකෝ මේ ක්‍රිකට් ගහනවා බලනවද? මම පංති ගියා....


ඇත්ත කියපන් උඹ කොළඹ නේද ගියේ....


මොන කොළඹද? මට අද දවසම පංති...


දැන් කොල්ලො ක්‍රිකට් ගැහිල්ල නවත්තලා සීන් එක නරඹනවා කොයි වෙලේ හූ තියන්න වෙයිද දන්නේ නෑනෙ ඉතින්..... ඊලඟට ගේමට බැස්සෙ ටිකිරි කිරි අම්මා....


අනේ කංචන පුතේ... උඹගෙ ගොරක මදි මාව තම්බන්න.... කෝ අර ඊයෙ තිලකක්කාගේ දර මඩුවේ හිටපු කබල්ලෑවා....


ඇයි ඌ මමයි විපුල් මාමයි කන්දට ගිහින් දැම්මනේ... අනික ඌ කළවැද්දෙක්.....


ආ.. ඇත්තද? එතකොට උඹ බෑග් එකේ දාගෙන අරගෙන ගියේ ඒ කළවැද්දද?



මොන බැග් එකක්ද? ජයන්ත මහත්තලාගෙ ගෙදරට පොල් ගෙඩි වගයක් නම් මම ගිහින් දුන්නා බෑග් එකේ දාගෙන...


මේ ඒවයින් වැඩක් නෑ... උඹ කබල්ලෑවා 20000ට විකුනුවානම් 15000ක් දියන් අපි දෙන්නට.... නැත්නම් අපි යනවා පොලීසි...


කවුද කිරි අම්මට ඔය කතාව කිව්වේ....


ඇයි අර විපුල පුතා කිව්වේ උඹයි මලයයි දෙන්නා කොළඹ ගියා කියලා... පුතේ අපි නරක මිනිස්සු කියන්න එපා හරිද?


දැන් කාංචනයට තේරුනා විපුල මාමා අඹරලා තමා කියලා ලස්සනට.... මුටත් කර ගන්න දෙයක් නෑ... අපිටත් හිනා.. මුටත් හිනා.... කිරි අම්මලාටත් දැන් ලාවට වගේ වැටහෙමින් තිබ්බේ විපුල මාම ඇන්දුවා කියලා.... අන්තිමට කාංචන අයියා කිරි අම්මලාගෙන් මෙහෙම ඇහුවා....

හරි දැන් මම කොහේ ගියා කියලද කිව්වේ....


උඹ සත්තු වත්තට කබල්ලෑවා අරන් ගිහින් 20000ක් ගත්ත කිව්වේ....


කොහෙද කොළඹ සත්තු වත්තට....? (ඒ කාලෙ අපි හිතන් හිටියෙ දෙහිවල කියන්නේ කොළඹ කියල..)


නැත්නම් කුරුණෑගල තියෙනවද සත්තු වත්තක්....


කිරි අම්මේ.. උදේ 6ට ගිහින් හවස 5 වෙද්දි කබල්ලෑවෙකුත් උස්සාන කොළඹ ගිහින් එන්න පුලුවන්ද?


ඔන්න දෙන්නට තේරුනා කෑවා තමයි කියලා.. දෙන්නම විපුල මාමා දිහාට හැරුනේ එකටමයි... ඒත් හැමදාමත් වගේ ඉස්සර උනේ තිලකා කිරි අම්මගේ කට....


විපුල පුතේ.... උඹ අහුවෙන්න එපා ආයෙ මට... කෙළිනවා ගල් ගෙඩියකින් ඔළුව කුඩු වෙන්න.....


කොල්ලො ටික කරපු දේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ....


 ප.ලි.... හෙට (2011.01.30) හවස 06.00ට අවුරුදු උත්සවේ නිල බ්ලොග් අඩවිය නරඹන්න.....

21 comments:

  1. අභියා, ඇත්ත කියපන්... උඹ විකුණුව නේද කලවැද්දව ?

    අපරාදේ ඉබ්බෙක් නම් ලිඳේ හරි දාන්න තිබ්බා...!

    ReplyDelete
  2. ගම්වල අනන්තවත් වෙනවා ඕවගේ සිද්ධි. හික් හික්. අපේ පැත්තෙත් කැලැවල් වල ඔය සත්තු ජාති දෙකම ඉන්නවා. ඒත් මිනිස්සුන්ගේ වැඩ හින්දා උන් දැන් නම් දකින්න ගොඩක් අමාරැයි. සමහරු කියනවා ඔය ඈයා කියන්නෙත් කබල්ලැවා කියන්නතේ දෙන්නම එකම සතාටලු. සමහරු කියනවා සත්තු දෙන්නෙක්ලු. මං හිතන් නම් දෙන්නම එකෙක් වෙන්න ඇති.කලවැද්දා කියන්නේ නම් ඔය වගේම හෝතඹයා, මුගටියා වගේ වගේ සතෙක්ට

    ReplyDelete
  3. හෙහ් හෙහ්........... මැක්xxx

    ReplyDelete
  4. හකෝ හකෝ...... අනේ ඉතින් ආච්චිලා ඔහොම තමා... නියම කතාව

    ReplyDelete
  5. හෆොයි ඉස්සර අපේ ආච්චි අම්මලගෙ ගෙදර හා කො‍ටුවක් තිබුනා.ඒ දවස් වල කලවැද්දො එහෙ පදිංචි වෙලා හිටියෙ.කිව්වත් වාගෙ මතක් උනානම් සත්තු වත්තට දෙන්න තිබුනා..හික්.....එහෙනම් මටත් ඔය බබා තමයි......

    ReplyDelete
  6. කබැල්ලෑව = ඈයා නේද අයියා??????


    මදෑ 15000ක් ඉල්ල ගන්න පොර කෑවා...... හෆොයි..........

    ReplyDelete
  7. කාන්චනයයි මලයයි එදා කළවැද්දා මල්ලක දාං කැලේට යනකොට කවුද එකෙක් උන්දෙන්නට නොදැනෙන්න ගෝනියකුත් අරං හිමීට පස්සෙන් ගියා, අනේ අර තුවාලවෙච්ච කළවැද්දා අතෑරියට වැඩි දුරක් යන්න හම්බු උනේ නෑ. අර පිටිපස්සෙන් ආපු එකා පැනපු ගමන් ගෝනියට දාගත්ත ඌව. එදා හැන්දෑවෙම ගෝනියක් කර තියං කොළඹ බස් හෝල්ට් කවුද එකෙක් ඉන්නව කට්ටිය දැකල තිබුන.

    ReplyDelete
  8. එතකොට අර චන්දෙ කාලේ ඇමෙරිකාවෙන් ආපු එකා? ඌ මොකාද?

    ReplyDelete
  9. අඩේ උඹේ කබල්ලෑව බලල කලවැද්දව බලන්න යන්න එපෑ බං කුරුනෑගල ඉදල ගල්ගමුව දිහෑට . . . . .
    මගෙ මහ ගෙවල් තියෙන්නෙත් කුරුනෑගල ඉදල කිලෝ මීටර් 8ක් 10ක් දුරින් තමා . . . .

    ReplyDelete
  10. ගමක් ගිනි තැබූ කබල්ලෑ හබය

    ReplyDelete
  11. ඈ බං අයියේ ඒ දවස් වල උන් හරි වටිනවානේ :D

    ReplyDelete
  12. හික් හික්.. කාලෙකිං හොඳ කතාවක් කියෙව්වා :D

    ReplyDelete
  13. ඉඳලා ඉඳලා මරේ මරු කතාවක් කියෙව්වා... ඵල ඵල !!

    ReplyDelete
  14. අභීත අයියේ .....
    කෝ ඔයාගේ අණ්ඩපාල රෝල් එක?
    මේ කතා යන හැටියට ඔයා හරී හොඳ ලමයෙක් නේ....
    ගමේ උන තරමක් සීන් වල අභීත අයියා මේන් පාට් එක කලා කියලයි අපිට නම් ආරන්චි

    ReplyDelete
  15. "හරි ඉතින් මේ කළවැද්දයි කබල්ලෑවයි දෙන්න ටිකක් සමානයි..."
    මේක නම් හරියට අභිෂේක් භච්චනුයි, ෂරුක් ඛානුයි එකවගේ කීවා වගේ වැඩක්. එහෙම සමාන කමක් මට නම් කොහෙත්ම පෙනෙන්ටනෑ.

    දන්නැති අය බලාගන්න පහලින් ඉන්නේ ෂාරුක් ඛාන්. (දිනේෂ් මල්ලි ඔයාට නෙමේ කීවේ හොඳේ )

    ReplyDelete
  16. නියම කතාව අභීත.

    ReplyDelete
  17. අම්මපා මරු කතාව..

    ඒක නෙවෙ දිනේශ් අර කුමරි හාමි ඇහුවත් වගෙ උඹ මොන අළුගුත්තෙරු කමක් කළාටද අර ශරුක් කොලුව උඹට ඇගිල්ල උරුක් කරගෙන ඉන්නෙ...

    ReplyDelete
  18. මූ නම් අද වගේමයි එදත්

    ReplyDelete
  19. හි හි මරු කතාව :D :D

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...