Monday, January 31, 2011

අපි වෙනුවෙන් අපි.... නොදැකපු හදවත් වල බිහිවුන අධිෂ්ඨාන ලේ බැම්ම......


මම මේ කියන දේවල් ගැන දැනටත් හැමෝම දන්නවා.... බ්ලොග් ඇතුලෙ ඉස්සෙල්ලාම එළි දැක්කේ දුකා අයියාගේ පෝස්ට් එකකින්... අපි මේ ගැන කතා වුනේ විහාරමහාදේවී එකේ තිබ්බ අවුරුදු උත්සවය සම්භන්ධ පළවෙනි රැස්වීමේ... මගේ සඳ ලියන පසන් මල්ලි තමයි ආරංචිය ගෙනාවේ.... අද ඒ මාතෘකාව කරලියට ඇවිත්..... කාරණේට කෙළින්ම බහිමු අපි...


ඉලංදාරියා... එහෙම නැත්නම් දිලුම් දිසානායක... සිංහල බ්ලොග් ලෝකය තුල සොඳුරු නිමැවුම් කරපු, නොදැකපු තවත් එක් බ්ලොග් කරුවෙක්.. සොඳුරු තරුණයෙක්... මොහු ගැන අටුවා ටිකා අවශ්‍ය නෑ... සිංහල බ්ලොග් කියවන ඕන කෙනෙක් මොහුගේ සරල පද්‍ය වගේම අනෙකුත් ලිපි වලත් සුවය විඳින්න ඇති... අද ඔහු අසරණ වෙලා.... අපේ උදව් ඔහුට අවශ්‍ය වෙලා... අපේ එකෙක් වෙනුවෙන් අපි කඳුලැලි හෙලිය යුතු වෙලාව ඇවිත්.... වලට වැටුණු ඌව, වලෙන් ගොඩ අරගන්න අත දිය යුතු වෙලාව ඇවිත්... අද ඔහුට වූ දේ හෙට වෙන්නෙ අපට.... ස්වරූපය විතරක් පොඩ්ඩක් වෙනස් වෙයි... ජීවිතේ හැටි එහෙමයි... 


දෛවයට හරස් වෙන්න කාලය ඇවිත්.... ඉලංදාරියාට ශ්‍රවනය නැති වෙන්න දෙන්න බෑ... දැනටමත් මේ පිළිබඳව අපේ බ්ලොග් කරුවන් අරන් තියෙන පියවරයන් ඉතා ප්‍රශංසනීයයි... ඔබත් එකතු වෙන්න.... මේ මහඟු පිනට දායක වෙමු... කවදාවත් නොදැක්ක, කවදාවත් මුණ නොගසුනු හඬා වැටෙන හඳවතකට සිනා දෙන්න එන්න.... 


ටිකක් හිනාවෙන්න බ්ලොග් එක කියවන මාගේ දයාබර ප්‍රේක්ශකයිනි.... මම ඔබව තුටු කර ලිව්වා වූ පිනෙන් මා ලද කුසලකර්මයක් වේ නම් එය ඔහු සුව වීම වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න.... ඔබේ දෙනෙත් වහගෙන තත්පර 30ක් ඔහුට සුව ප්‍රාර්ථනා කරන්න... මගේ බ්ලොග් එකට පසසන මෙන්ම ගරහන ඔබත් ඔහු වෙනුවෙන් යමක් කරන්න..... ඔබට කල හැකි දේ ඇල්පෙනෙති තුඩක් තරම් කුඩා විය හැකි... ඒත් එය අපට මහ මෙරක්.... දිලුම්ගේ හදවතට පිඹින සිනා පොදක්...


ඉලංදාරියා කොල්ලෝ... සිංහල බ්ලොග් ලියන උඹේ සහෝදර සහෝදරියෝ අද උඹ වෙනුවෙන් අත්වැල් බැදගෙන... අපේ උන් ආතල් ගන්න හදපු සිහින උළෙලත් උඹ වෙනුවෙන් වෙන් කරලා.... උඹට ඇහෙන්න සලස්වන එක අපේ ඒකායන අරමුණයි.... අපි ඒ දේ උඹ වෙනුවෙන් කරනවා මචන්... අපි ඒ හීනෙ අඩිය දකිනවා... අපිත් එක්ක ගයලා අපිත් එක්ක හිනාවෙලා උඹ රඟන වේදිකාව වැඩි ඈතක නෙමෙයි  මචන්...


වැඩි විස්තර මෙතනින් ගන්න.... ඔබේ ඇසේ නැගුනු උණු කඳුළට වටිනාකමක් එක් කරන් අපිත් එක්ක පෙල ගැහෙන්න... ලාංකික අපේ හදවතේ ලබැඳියාව ලොවට කියන්නට එන්න.... දිලුම්ට සවන් යුග තිළිණ කර ආඩම්බරයෙන් ලොවට පිය නගන්න එකතු වෙන්න....  

8 comments:

  1. අපි කොහොමහරි අපේ ඉලංව ගොඩදාගමු....... :)

    " ඉලංදාරියෝ අපි ඔබසමගයි "

    ReplyDelete
  2. හොද වැඩක් කොතනද, පූසො ටික ඇති එතන

    ReplyDelete
  3. අභියා, ඔන්න මමත් පින්තූරෙ ගත්තා. අවුලක් නෑනෙ?

    ReplyDelete
  4. අපි හැමෝම ඉන්නවා........ ඒකේ වෙනසක් නැහැ.........

    ReplyDelete
  5. අපි ඉන්නවා ඉලන්දාරියෝ..උඹ බය නොවී ඉදපන්

    ReplyDelete
  6. අපිත් ඉන්නවා ඔහු වෙනුවෙන් අනිවාර්යයෙන්ම

    ReplyDelete
  7. අපිත් නුඹ සමගයි සහෝ....

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...