Wednesday, January 26, 2011

අද කියන්න හදන්නෙ ටිකක් අමුතු කතාවක්..... පිස්සු හැදෙන සිංදුවක්..

මම මීට කලිනුත් සින්දු ගැන ලියලා තියෙනවනේ.... අදත් ලියන්න හදන්නේ ඒ වගේ කතාවක්... මේක මගේ කතාවක් නෙවෙයි.. මම අහපු කතාවක්... මේක කිව්වේ ජයලාල් රෝහණ කියන ප්‍රවීණ නළුවා (මුතුමිණ). මතක හැටියට පුද්ගලික ගුවන් විදුලි නාලිකාවක ගිය "මා සිත් ගත් ගී" වගේ නමක් තියෙන වැඩසටහනක.... වැඩසටහන මෙහෙයවූයේ කැළුම් ශ්‍රීමාල් මහත්තයා වගේ තමයි මතක.. මතක නෙමෙයි ඔහු තමයි... දැන් ජයලාල් රෝහණ මහත්තයා තමයි ඔහු කැමති ගීත පවසන්නේ ඇයි ඔහු මේ ගීයට කැමති කියලා පවසන ගමන්.... පහතින් දැක්වෙන්නෙ ඔහු තෝරපු එක ගීයක් සහ කැමති හේතුව... ගීත කිහිපයක් තෝරලා ඔහු කැළුම්ට මෙහෙම කිව්වා....


කැලුම්.... මම සිංදුවකට ගොඩාක් ආස වෙන්නේ ඒ සිංදුව ලියන්න පාදක වෙච්ච හේතුවත් හොයලා බලලා... මම ඊලඟට කියන්න යන සිංදුවත් අන්න ඒ වගේ... ඒ ගීතය අපූරු මොහොතක ලිය උන ගීතයක්.... මෙන්න මෙහෙමයි ඒ සිංදුව ලියවුනේ....


දැන් ඔන්න සිද්ධිය....


අපි ඉස්සර නාට්ටි කරන කාලෙ අපේ එක නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් සිටියා හරිම ලජ්ජශීලී, කාටවත් කරදරයක් නැති විශිෂ්ඨ චරිතයක්.. ඔහුගෙ හැකියාව ගැන නම් කියලා වැඩක් නෑ... මට නම කියන්නෙ බෑ.. මේ සිංදුව ඇහුවට පස්සෙ සමහර දන්න කට්ටිය දැනගනියි... අපි නාට්‍ය පුහුණුවීම් වලදි පොඩි දෙපැත්ත කැපෙන කතාවක් කීවත් ඔහු බිම බලාගන්නවා... ඒ තරම්ම ලැජ්ජාශීලියි, අහිංසකයි හැබැයි හැකියාව අතින් අති විශිෂ්ඨයි... 


ඉතින් කැළුම්, මේ මහත්තයා කසාදයක් බැන්දා.. මධුසමයට ගියේ වැල්ලවත්තෙ හෝටලේකට... ගිහින් දැම්මෙ මමයි තවත් ප්‍රවීන මහාචාර්ය ගීත රචකයෙකුයි.. මේ ගීත රචකයගෙ කාර් එකේ තමයි අපි ගියේ... ඉතින් අපි මේ නව යුවලව හෝටලේට දාලා හවස වැල්ලවත්තේ මුහුදු වෙරලට ආවා ඉතින් පොඩි මධුවිතක් තොල ගාන්න හිතාගෙන... අපි ඉතින් අළුත් මනාල ජෝඩුව ගැනත් කතාවෙන ගමන් අපේ වැඩෙත් කරගෙන යනවා... ඔන්න එක පාරටම මාත් එක්ක හිටපු ගීත රචක තුමා මට මෙහෙම කිව්වා...


ජයේ.. අපට අමතක උනානේ.. අර මනුස්සයගේ ඇදුම් බෑග් එක මගේ කාර් එකේ ඩිකියෙනෙ... 


ඔන්න ඉතින් අපි මහ රෑම ආයෙ ගියා අර කාමරේට නැවතත්... බයෙන් වගේ දොරට තට්ටු කලා.... මොකද පැය හතරක් වගේ කාලයක් ගිහින්නෙ තිබුනේ... මනාලයා ඇවිත් දොර ඇරියා... අපි ඇදුම් බෑග් එක දුන්නා.... මනාලිය වේල් එක ගලවලා ඇඳ උඩ ඉඳගෙන හිටියා.... මනාලයා ටයි එක ගලවලා අත් දිග ෂර්ට් එකේ අත් දෙක නමලා ලොකු ඇඳි පුටුවක අතක කොලයක් තියාගෙන මොනාදෝ කුරුටු ගගා හිටියා.. 


ප්‍රවීන ගීත රචක තුමා දැක්ක ගමන් ඔහු ඒ කොලේ දීලා මෙහෙම කිව්වා....


මේක ගිහින් අමරදේව මහත්තයාට දෙන්න...


ඒ කොල කෑල්ලේ තිබ්බ සිංදුව තමයි කැළුම් මේ...... කියලා ඔහු කතාව අවසන් කලා..


දැන් සින්දුව මොකක්ද කියන එක නේද ප්‍රශ්නේ.... මෙන්න සින්දුව අහලා බලන්න.......


මම ආසම ගීයක්..... මේ සිද්ධියත් හිතේ තියාගෙන අහද්දි කොහොමද? ඇඬෙනවා නේද?


ප.ලි. අවුරුදු උත්සවේ ගැන කවුරුත් අමතක කරන්න එපා... දන්නවනේ තැන... තිඹිරිගස්යායෙ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනයේ අප්‍රේල් තුන් වෙනි ඉරිදා.....

14 comments:

  1. හපොයි, කොච්චර වටින සින්දුවකටද බොල උඹ මේ කයි කතන්දර හදන්නෙ... දැන් ඉතින් මේ සින්දුව අහන අහන පාරට මේක මතක් වෙනවනේ...!

    ReplyDelete
  2. අවුරුදු උත්සවේට එන අය කලින් confirm කරන්න ඕනෙද?

    ReplyDelete
  3. කතාව කියවල හොඳ කල්පනාවෙන් සින්දුව ඇහුව, තවත් වතාවක්..

    ReplyDelete
  4. දයානන්ද ගුණවර්ධන මහත්තය නේද බොල.. මතකෙ හැටියට සංගීතෙ සෝමදාස ඇල්විටිගල මහත්තය වෙන්න ඕන...හරිනෙ..:)

    මේ දවස් වල පට්ට බිසි බං.. තරහවෙන්නෙපා මුකුත් ලියන්නෙ නැතුවට.. හැමදාම ඇවිත් බලලා යනවා..!

    ReplyDelete
  5. එල එල මචං! ඒ වුණාට ඔය සින්දු ලිය ලිය ඉන්න ඕනෙ දවසක්ද මං අහන්නෙ?

    ReplyDelete
  6. ආ.දරරරරරරරර හැගුම්.... ලස්සන සින්දුව!!

    ReplyDelete
  7. ශා...මරු සින්දුව....ඔය මනාලිගෙ පැත්තෙන් සින්දුවක් ලිවුවනම් එහෙම කොහොම තියෙයිද?

    ReplyDelete
  8. හික්zzz.......

    අවුරුදු උත්සවේට නම් අනිවා එනවා මොන වැඩේ තිබ්බත් ඒක නම් මිස් කොරන්නේ නෑ :)

    ReplyDelete
  9. මේ සින්දුව ඉස්සර අනන්තවත් අහල තිබුනත් සටහන කියවල ඉවර වෙලා ආයෙමත් අහනකොට මට මේවගේ චිත්‍රයක් තමයි මැවුනෙ.

    ලා අඳුරක් වැ‍ටුන සුදුම සුදු බෙඩ්ෂීට් එකක් දාපු ඩබල් ඇඳේ ඇඳ ඉහපත්ත කෙළවරේ වාඩිවෙලා කොට්ටයක් උකුල උඩ තියාගෙන වැඩ දාපු මඟුල් සාරියෙ බෝඩරේ අල්ලල තියෙන මුතු ඇට ගනං කර කර නොඉවසිල්ලෙන් බලං ඉන්නව මහත්තය ඇවිල්ල සාරිය ගලවන්න උදව් වෙනකන්. ඒත් මහත්තයට සීහියක් නෑ. සැරින් සැරේ මනමාළි දිහා බල බල කොලේක කුරු‍ටු ගානව කට කෙළවරේ හීන් හිනාවකුත් එක්ක.

    දැං ඉතිං දුමී කිව්ව වගේ ආයෙමත් මේසින්දුව ඇහෙනකොට මේක හිතපුරාම ආයෙමත් ඇ‍ඳෙනවනෙ

    ReplyDelete
  10. පුදුමයි මනමාළිට තද වෙලා බුවාගෙ ඔළුව පැලුවෙ නැති එක.මේ කවි ලියන වෙලාවක්ද අම්මපා......

    ReplyDelete
  11. මේ කියලා තියෙන්නේ මේ දවස් වල ටෙලිවිශන් එකේ යන ටෙලිකොම් ඇඩ් එකේ ඉන්න ජොඩුව ගැන නෙමෙයි නෙද?.. උන් දෙන්නටත් වෙන වැඩ නැද්ද මංදා හම්බුන තෑගි බල බල ඉන්නේ. අම්මපා ඒක යන වෙලාවට මට මාර මල. ඇයි යකෝ ඕක උදේට බැලුවනම් මක්කා වෙනවද මං අහන්නේ.:D

    ReplyDelete
  12. යකෝ මෙහෙව් දවසක මොන කවි සින්දුද ? කාට කියන්නද හික් හික්... අර කිව්වත් වගේ පුදුමයි මනමාලි මනමාලයගෙ හිස නොපැලුව

    ReplyDelete
  13. aiyo mokakda a sinduva meke pennanne nane

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...