ඊයෙ රෑ මමයි තව මගෙ ගාල්ලේ යාළුවෙකුයි දෙන්නා අපේ ගෙදරට වෙලා කතා කර කර හිටියේ අපි ගමේ ඉඳලා කොළඹ ඇවිත් කර ගත්තු වින්නැහියක තරම.... ඒ කතා කරලා උදේ වෙද්දි මෙන්න නවම් මාවත කොල්ලා උදේම ඒ ගැන පෝස්ට් එකක් දාලා... පොල් බඩ කෙසේ වුවත් ගම දාලා ආපු එකනම් පට්ටම පට්ට පට්ටපල් මෝඩකමක් කියලා මටනම් හිතෙන්නේ.... ඒ ගැන කෙටියෙන් කියනවානම් මෙහෙමයි....
ගමේ කුඹුරු ඉපැනැල්ලකයි ලෝකෙ ඕනෑම හෝටලේක සුව පහසු යහන් මතයි අපිට අත පය විදා සැනසිල්ලේ නිදා ගන්න ඕනවටත් වඩා හැකියාව තියෙනවා... ඒත් කුඹුරු ඉපනැල්ලේ තියෙන මිහිර, අර කියන විසල් සයනයේ නෑ කියලත් අපිට හිතෙනවා නේද? ඒ හැකියාව ගැන විශ්වාසය තියලා අපි කොළඹ ආවේ ඇයි? අපි කොළඹ ඇවිත් මොනාද කරගෙන තියෙන්නේ.. මම ගොඩාක් දේවල් ගැන ධනාත්මකව හිතන්නේ.. ඒත් මොන හේතුවටද මන්දා මේ ගැන හිතද්දි මම හරිම සෘනාත්මකයි.... වෙල් ඉපනැල්ලේ සරුංගල් යවලා, අල්ලපු ගම්වල කොල්ලොත් එක්ක ඔට්ටුවට ක්‍රිකට් ගහලා, රෑ එලි වෙනකන් ගොයම් පාගලා, පංසලේ කඨින චීවරේ එක්ක ගම වටේ ඇවිදපු අපි, දැන් ඒ මොකුත් නැති ගන්ධබ්බයෝ වගේ වෙලාද අප්පා....
ඉස්සර ගමේ මිනිස්සු අපිට කතා කලේ පුතා කියලා.. අපේ වයසෙ උන් නම කිවුවා... මල්ලි, අයියෙ කියලා කතා කරපු ඔක්කොම දැන් මට මහත්තයා කියනවා... මොන මගුලක්ද ඒ... එහෙම කතා කරද්දි අපි ඉන්නේ හැතප්ම ගානක් ඈතින් වගේ.. එකට පිස්සු කෙලපු උනුත් මහත්තයා කියද්දි, ඒත් අපිට වඩා උන් සරලව සුගමව ජීවිතය ගෙවනවා දකිද්දි මට ඇතිවෙන්නෙ දුකක්ද, ඉරිසියාවක්ද එහෙම නැත්නම් කළකිරීමක්ද කියලා මට තවමත් හිතා ගන්න බෑ... ඒ මිනිස්සුන්ගෙ අවශ්‍යතා සීමිතයි... ගමේ කඩේ ප්‍රමාණවත්, ගමේ රෝහල ප්‍රමාණවත්... සණස බැංකුව ඉහටත් උඩින්... තැපැල් කන්තෝරුවේ දුරකථනය ගමටම ප්‍රමාණවත්.. ඒත් දැන් ජංගම දුරකථන වගේම ස්ථාවර දුරකථන තිබ්බත්, වටේටම සංඥා නැතුව අඩපන වූ රූපවාහිනී සේවා සඳහා විකල්පයක් ලෙස ලබාගෙන තියෙන ඩයලොග් සැටලයිට් ගමේ බොහොමයක් ගෙවල් සතුව තිබ්බත් ඔවුන්ගේ සරල බව.. නිදහස් බව.. හිතකාමී බව.. ප්‍රසන්න බව කියන මේ කිසිවකින් ඔවුන් දශමයක් වෙනස් වෙලා නෑ.... ඒ වගේම යටින් ගේම් ගැහිලි, නූල් සූත්තර, ආදී ඔවුන් සතුව තිබෙන අහිංසක වැරදි වලත් අඩු වැඩියක් පේන්න නෑ...
උදේට එළියට බහිද්දි හිනාවක් නැති මූණු, මඩ වළක් ගාවින්වත් වේගය අඩු නොකර අපටම රවාගෙන යන රියැදුරෝ, හදිස්සියට අසනීපෙට මඟුලට මරණෙට නැති අසල්වැසියෝ, මූනිච්ඡාවට හිනාවෙන වෙළෙන්දො, අපිත් එක්ක යන්න වගේ ඉඳලා යන්නේ නැති වෙළඳ සහායිකාවො, සල්ලි දෙනකම් කොර ගහලා සල්ලි දුන්නම පිඹගෙන යන හිඟන්නෝ, ජීවිතේට දැකලා නැති ප්‍රාදේශීය දේශපාලකයෝ, මේ ආදී නොයෙක් මිනිස්සු අපිට හුරු පුරුදු උනත් උන් අපිට හරි ඈතයි..... උන්ගෙ හිනාව අපිට හරි යන්නෙ නෑ..දැනෙනවා ඒ හිනාව කෘතිමයි කියලා...
ගමෙන් ආවෙ ඇයි අපි? හොඳට ඉගෙන ගෙන මහත්තයෙක් වෙන්න.. ආඩම්බරෙන් ගමට යන්න... අම්මලාට අපි ගැන ආඩම්බරෙන් රටට කියන්න පුළුවන් චරිතයක් වෙන්න... ඒ ඔක්කොම වෙලාද? ඔව්..වෙලා... අපි මහත්තුරු වෙලා... හිත යටින් වැලපි වැලපි ආඩම්බරෙන් ගමට යනවා... අම්මලා අප්පච්චිලා අපි ගැන ආඩම්බරෙන් කතා කරනවා.. ගමේ හැමෝම අපි ගැන තෘප්තිමත්... තමන්ගෙ දරුවන්ට අපිව පෙන්නලා අපි වගේ හැදෙන්න කියන්න තරම් ඔවුන් අපි ගැන තෘප්තිමත්. ඒත් අපි...?
ගමේ මළ ගෙදරකට ගිහින් ඉද ගද්දි අපේ වයසෙ උන් රන්චු ගැහිලා අපිව අමතක කරලා කාඩ් කුට්ටම අනද්දි අපි කොච්චර අසරණද? අපි කාඩ් කුට්ටමට සෙට් වෙලා සරම කැහැපොට ගහ්ගෙන ඉදගද්දි උන්ගෙ ඇස් වල තියෙන විචිකිච්චාව දකිද්දි මම කොච්චර හිතෙන් විදලා ඇත්ද? විට තට්ටුව අරන් විටක් කන්න පුවක් ගෙඩියක් කපන්න ගිරෙ අතට ගද්දි, ඒක ගමේ මනුස්සයෙක් උදුරගෙන කපලා දෙන්න තරම් අපි පිට මිනිස්සු උනේ කොහොමද? මේ ගැන හිතද්දිත් පුදුම දුකක් හිතට එන්නේ.... ඒ කාලේ හිනා වෙලා කතා කරපු එකට පන්සලේ සිල් ගත්තු ළමිස්සියෝ අද අපි දැක්කම දාන ආගන්තුක හිනාව.... අපි කතා කරනකොට ලමයවත් උකුලෙ ගහගෙන කරන ආගන්තුක කතාව.... මොන මගුලක්ද දන්නෑ අප්පා... අපි හරියට අඟහරු ලෝකෙන් ඇවිත් වගේ....
කපුගේගෙ දවසක් පැල නැති හේනේ අහද්දි, ක්ලැරන්ස්ගේ ගමෙන් ලිවුමක් ඇවිල්ලා අහද්දි, අමරසිරි පීරිස්ගෙ ගමට එන්න කුරුළු පිහාටුවක් එවන්න අහද්දි, රෑ පැල් රකින කුරහන් පැහේනා හේනේ ඇහෙද්දි, තව තව ගොඩාක් සින්දු ඇහෙද්දි අපි හිතින් ගමට යනවා.... ඊට පස්සෙ ගංජා ගහපු එකෙක් වගේ සුන්දර සිතිවිලි යායක තනිවෙලා නොසෑහෙන වෙලාවක් ඉන්නවා තනියෙන් හිනා වෙවී...
නගරයෙන් මට උනේ එකම හොඳ දෙයයි... ඒ මේ ලෝකෙ ඉන්න හොඳම බිරිඳ මටම මුන ගස්සපු එක විතරමයි... වෙන කියන්න කොච්චර හේතු කල්පනා කලත් මගෙ හිතට එන්නෙ නෑ.... ඒ කියන්නෙ ඒක විතරයි හොඳකට වෙලා තියෙන්නේ... නගරේ තියෙන්නෙ සල්ලියි වැදගත්කමයි.... ගමේ තියෙන්නෙ මනුස්සකමයි, අපේකමයි... ගමේ උන්ට හිතෙන්නේ සල්ලියි වැදගත්කමයි තමයි අවශ්‍ය කියලා.. නගරෙ උන්ට හිතෙන්නෙ මනුස්සකමයි අපේ කමයි වැදගත් කියලා... මේ හතරම එකට යන එක මැච් වෙන්නෙ නැද්ද මන්දා...? මේ හතරම තියාගෙන ජීවත් වෙන්න නම් පට්ටම අමාරු වැඩක් ඉතින්..
සමහර වෙලාවට මම මගෙ හිතෙන් මෙහෙම අහනවා.....
මොන මඟුලකට කොළඹට ආවද බන් උඹ...?
උත්තරයක් නැති තැන මෙහෙම හිතලා හිත හදා ගන්නවා...
අපිට මෙහෙමනම් රට ගිය උන්ට කොහොම ඇත්ද?
මොන මඟුලකට කොළඹට ආවද බන් උඹ...?
ReplyDeleteමාත් අහන්නේ ඒකම තමයි.
උත්තර ඔනනං පෞද්ගලිකව අමතන්න..
වෙන මොකටද ඉතින් අපිට වද දෙන්න තමයි. :D
ReplyDeleteමේකටනම් හිනා යන්නේ නෑ අයියේ. බොක්කෙන්ම ලියලා තියනවා ෆට්ටයි
ReplyDeleteඋඹ ඔහොම හිතනවා අභීත. අපට ඔය දෙකම නෑ. අපි ගමෙත් නෙවේ. දැන් බැලුවම නගරෙත් නෙවේ.
ReplyDeleteඅර සින්දු ටික ගැන නම් කියන්න දෙයක් නෑ. අද ඔය ටිකත් අහලයි නිදියන්නේ....
මොනා කියනවද බන්...මටත් ඔය අත්දැකීම්නම් එහෙමපිටින්ම තියනවා...
ReplyDeleteගමේ උන් දන්නවනම් අපි මේ කොන්ක්‍රීට් වනාන්තරේට ඇවිල්ලා කරගත්ත එකම දේ විවේකයක් නැතිව, මැශින් වගේ වැඩ කරන එක විතරයි කියලා... හැමදාම එකම කාලසටහනකට වැඩකරලා කීයක් හරි හොයාගන්න දඟලන මිනිස්සු ටිකක් උනා විතරයි විතරයි කියලා....අනේ උන්ට කවදා තේරෙයිද ඒවා....:P
"අපිට මෙහෙමනම් රට ගිය උන්ට කොහොම ඇත්ද?"....
ReplyDeleteපිළිතුර:
http://jeew-jeew.blogspot.com/2011/01/blog-post.html
මට හිනා එනවා. හිනා යනවා. මෙක කියවපුහාම. කොල් කරපු වෙලාවකම කියන්නම් :D
ReplyDeleteසිරාවට අය්යේ එක ගෙන නම් කියල වැඩක් නෑ...රට ගිහින් අපි ලක්ශ ගනන් හම්බ කරල
ReplyDeleteලක්ශ ගනන් විය්දම් කරල ඉතුරුවකුත් නෑති, සෑනසීමකුත් නෑති ජීවිතයක් මොකටද කියල හිතෙනවා වෙලාවකට....
ආයෙත් අහලා අභී අයියා සිරාවට මේ නගරෙ ගෙවන ජීවිතේනම් වැඩක් නැ..........
ReplyDeletesira kathawa massina
ReplyDeleteපිහියෙන් ඇන්නා වගේ තමයි ඔය අන්තිම පේළිය... කරුමෙ තමයි අප්පා.
ReplyDeleteඅයි දෙයියනේ මම කොලඹ එන්න කොච්චර ආසද ? මට නම් ගමක හිටිය ඇති ..ලිඳේ හිටිය හොඳටම ඇති . මම තව ටික දව්සකින් කොහොමහරි නිදහස් වෙනවා ..
ReplyDeleteඕක මටත් හිතට වද දෙන ප්‍රස්නයක් අභී ලොක්කා,,එපා වෙනවා හිතද්දිත්,මාත් ගමක ඉදලා රට පැනපු එකෙක් හැටියට.....
ReplyDeleteඅභීත - ඔතන තියෙන්නෙ එහා ඉවුරෙ තණකොළ කොළ පාටයි කතාව නේද? අපි හැමෝම හිතන්නෙ අපිට නැති දේ හොඳයි කියල. ගමේ ඉන්න අය කල්පනා කරන්නෙ නගරෙට එන්ඩ. නගරේ ඉන්න අය කල්පනා කරන්නෙ ගම ඊට හොඳයි කියල. අපි වගේ රටින් පිට ඉන්න එවුන් කල්පනා කරන්නෙ ලංකාව කොච්චර හොඳද කියල. නමුත් සැබෑ තත්වෙ කියන්නෙ නගරෙට ඇවිල්ල ලබාගන්න දේවල් ගමේ ඉඳන් ලබා ගන්නත් බෑ, රට ඇවිල්ල ලබා ගන්න දේවල් ලංකාවෙ ඉඳන් ලබාගන්නත් බෑ (බොහෝ වෙලාවට). නමුත් ඒ දේවල් ලබා ගත්තට පස්සේ අපිට තේරෙනව ඒවායේ හිතපු තරම් සතුටක් නෑ කියල. ඊට පස්සේ ඒ වෙනුවෙන් කරපු කැප කිරීම් ගැන දුක් වෙනව. උදේට නැගිටිද්දී රේඩියෝ එකේ පිරිත් යනව අහන්ඩ, අම්මගේ අතින් හදපු කෑම 3 වේලටම කන්ඩ, කිලෝ ගණන් රෙදි පොරවගන්නෙ නැතිව සැහැල්ලුවෙන් එලියට බැහැල ඇවිදගෙන යන්ඩ පෙරුම් පුරන තරම දන්නෙ අපි විතරයි. එත් ඉතින් ඒක තමා අපි ලබාගන්න දේවල් වෙනුවෙන් ගෙවන වන්දිය. අනේ මන්ද, කොමෙන්ට් ඒක පොස්ට් එකක් තරං ලොකු උනා. අභීත බොක්කට වැදෙන්ඩ ලියල තියෙනව. කියවපු ගමන් මටත් සිතිවිලි ගලාගෙන ආව.
ReplyDeletesahathika aththa machan.....
ReplyDeleteමේව දැකල පසුතැවෙන්න සිද්ද නොවෙන එක කොච්චර දෙයක් ද කියල මට හිතුනා...ලෝකෙ අනිත් කෙළවරෙ ඉඳල ගියත් මම තාම ගමට අයිතියි... ඔයා කියනව වගෙම මොබයිල් ෆෝන් වගෙ වෙනස්කම් ටිකක් ඇරුනම ගම වෙනස් වෙලත් නෑ... කොහොමහරි මේ පාර අවුරුද්දකින් ගෙදර ගියාමත් මම නිකන් ඊයෙත් ගෙදර හිටිය කියල හිතෙන තරම්...
ReplyDeleteවැඩක් නෑ අභීත අයියා, ගම ගැන කියවලා... ඉස්සර කජු ගස් ගානේ එහාට මෙහාට පැනපු මට, දැන් ඉනිමගක් තියලවත් ගහකට නගින්න බෑ බං.
ReplyDeleteනවම් කෙසේ වෙතත් උඹනම් ආයේ මේ වගේ ඇස් වලට කඳුළු පිරෙන සීන් දාන්න එපා මචං... මා මාර දුකයි, මොන මගුලට මාත් මෙහෙට ආවද කියලා. අපි ගමේ හිටියනම්.. සෑහෙන්න සතුටින් ඉන්නේ... ඇත්තම කියන්න අයියේ මං දැන් ගමේ යන්න ආසම නැහැ බං. එහේ එවුන්ගේ වෙනස්කම් වලට මං ඔරොත්තු දෙන්නේ නෑ...
නගරෙට ඇවිල්ලා හම්බ වෙච්ච එක මදැයි ඉතින් ජීවිත කාලෙටම :)
ReplyDeleteමටත් අර රවාට වගේ හිනා යන සිද්ධියකුත් තියනවා. පස්සෙ කියන්නං.
හරි.. විහිළු ඇති.
මෙහෙමයි ඉතින්, ගමේ හරි නගරේ හරි කොහේ හරි හිටියත් හිතට සතුට ලැබෙන විදිහ තීරණය කරන්නෙ අපි.
එහෙම නෙවෙයිද අයියෙ?
දෙයක් නැති වෙන්න ඕනි ඒකේ අගේ තේරෙන්න !
ReplyDeleteගමේ ඉදන් නගරෙට ගියත් නගරෙ ඉදන් ගමට ගියත් ඔය හා සමාන සිතුවිලි ඇතිවෙයි :)
wishishtai. takak andenna liyala thiyanawa macho
ReplyDeleteසිරාවටම අපි ගමේ ඉඳන් කොළඹ ආවෙ මොන මගුලකටද බං
ReplyDeleteමුහුදු කොල්ලකරු ගේ පලවෙනි වාක්‍යයේ සිටම එකඟ වෙනව.
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Nostalgia
ReplyDeleteඇත්ත මුහුදු කොල්ලෙකාරයා හරි. ඕක තමයි අපිට වෙලා තියෙන්නෙ. සමහර දවස් වලට ගමේ යන්න බස් එකේ නගින්නෙ හරි ලොකු එකෙක් වගේ ආඩම්බරයකින් හිත පුරවං. ගමේ හන්දියෙ කොමියුනිකෙෂන් එකේ ටයිප් සෙටින් කරන ඉස්කෝලෙ එකට ඉඳපු යාළුවට වැඩිය මං ඉස්සරහට ගිහිල්ලනේ. එකට වල බැහැල එක සිගරට් එක බෙදං ගහපු යාළුව තවම බස් ස්ටෑන්ඩ් එකේ චාටර් වෙනකොට මං ඌට වැඩිය ඉස්සරහට ගිහින් නේ.
ReplyDeleteආපහු ගාල්ලෙන් බස් එකෙන් බහිනකොට උන් තවමමත් ඒ දාල එනකොට උන්න තැනමයි. මට උන් දැක්කම එන සන්තෝසෙ...
ආ මචං උඹ මේ ගමේ එන ගමන්ද?
ඔවු මචන්..
අපි මේ සී බාත් යන්න කියල, එහෙනං අපි යන්නං. කියාගෙන උන් මට පිටුපාල යනව. උන් හිතෙනව ඇති මං කොළඹ ගිහිල්ල ලිකු මිනිහෙක් වෙලා කියල, ස්විමිං පූල් වල පීනන ඌට සීබාත් මොන එකකටද කියල හිතෙනව ඇති. ඒත් උන් නොදන්නව ඇති මට පීනන්න බෑ කියල.
මට පීනන්න බෑ යකුනේ. බොලා යන තැනට මාවත් එක්කපලයල්ල කියල කියන්න හිත් දෙන්නෙත් නෑ.
මං ආයෙම හෙටම කොළඹ එන්න හිතාගෙන ගෙදර යන්න කරාපිටිය බස්ට්කට නගිනව.
හැමෝටම ගමේ ඉන්නත් බෑ, හැමෝටම ටවුමෙ ඉන්නත් බෑ.
ReplyDeleteගමේ ජොලිය දැනෙන්නේ ඉඳල හිටල ගමට යන හින්ද වෙන් ඇති.
අනික ඔය අභීත ඉන්න ටවුම මේ ඊයේ පෙරේදා ගමක් වෙන්න ඇති.
තමන් ඉන්න තැන හොඳ නරක එන්නේ එතන ඉන්න අපි හැසිරෙන විදියටයි. ඒකයි මගේ මොටෝ එක.
කතාව නං පට්ටපල් ඇත්ත . . .
ReplyDeletea/l කරන කාලෙ අවුරුදු 4කින් විතර ගමේ යන්න බැරි උනා (අවුරුදු 4ක් 5ක් කියන්නෙ මහ කාලයක් නෙමේනෙ) දම්බොක්කෙං බැහැල පයිංම මහ ගෙදරට බඩගාද්දි ඉස්සර ගමේ ඉස්කොලෙ එකට බඩ බැඳගෙන හිටපු රෝහනයයි, මේනකයයි තෝරවතුරෙ ලකී අයියගෙ පරන විංකලේ තිබුනු තැන (ජයසිරියගෙ ගෙදරට හැරෙන තැන) ඉන්නව . . . . . . මම ටිකක් වෙලා කතා කර කර හිටිය . . . උං මට "මචං" කියන්නෙ නැ . . . හෙන ගරුවට නම කියල කතාකරනව . . . . . මට කෑගහල කියන්න හිතුන
"අඩේ . . . මම තොපිත් එක්ක තිරගම ඉස්කෝලෙ එකට හිටපු . . . . ගජයම තමයි යකෝ . . ." කියන්න.
ඒ වචන උගුරට ආවට ඒකෙං එලියට ආවෙ නැ . . . .
අපි සෙට් එක තමයි ඉස්කෝලෙදි . . .
ජයසිරියට පහල පංතියෙ හිටපු **ට බහින්න උදවු කරල සීලවතී ටීචගෙං පු* හම කෝට්ටට එනකං ගුටි කෑවෙ . . .
අපි සෙට් එක තමයි ඉස්කෝලෙ ඉස්සරහ තම්බිගෙ කඩෙං අයිස් පැකට් හොරෙං කෑවෙ . . .
අපි සෙට් එක තමයි පාලම ලග කිරා මුදලාලිගෙ කඩෙං බනිස් හොරෙං කෑවෙ . . .
උං ගමේ හිටිය . . . මම කොලම ආව . . . අන්තිමට එක කදේ හිටපු උංගෙයි මගෙයි අතරෙ දුර කොලඹ ඉදල කුරුනැගලට තියන දුරටත් වඩා දුර වෙලා . . .
මමනම් නිවඩුවක ලෑබුන ගමන් ගමේ යනව. සමහර සතිවල සතියෙ මෑද එන නිවාඩුවටත් යනව. යාලුවො නම් හිතනව ඈති මුට පිස්සු කියල. ඒත් කොටුවට ගිහින් ගාලු බස් 1කට නෑගල ගාල්ලෙන් බහිනකොට එතනින් ගමටයන බස් එකේ නෑගල ගෙදර ලගින් බහින කොට හිතට දෑනෙනෙ සතුට එකට ගමෙ හෑදිච්ච උන් දකිද්දි එන සතුට කොළඹදි කවදාවත් ලබාගන්න බෑ.
ReplyDeleteමටත් ඕකම තමා කියන්න තියෙන්නෙ.. ඒ කාලෙ නුවර ඉඳන් කොළඹ එන්න හරිම උණක් තමයි තිබ්බෙ...
ReplyDeleteඅපොයි .. කොළඹ ඇවිත් අපි නිකම් ණය කාරයො බවට පත් වුනා ...
මම නම් නගරෙම ඉපදුන නිසා ඔය වගේ වෙනසක් තේරුම් ගන්න බැහැ. ඒත් ගමක ඉපදුනානම් කොච්චර හොදද කියලා හිතෙන්නේ මේ වගේ පෝස්ට් කියවද්දි.
ReplyDeleteමම 100 % ක් එකගවෙනවා ... මේ හෑම දේමත් එක්කම ..අනිවා!
ReplyDeleteඋබට ඔහොම නම් මට කොහොම හිතෙනවද තේරෙනවනේ... ඔය ලිව්ව ඔක්කොම සහතික ඇත්ත මචන්... ඔය වෙනස මට අම්බානෙක දැනෙනවා බන්.. දැන් හොඳටම.
ReplyDeleteසිරාම පෝස්ට් එකක් අයියා.....අනර්ඝම ලිපියක්....අනේ මන්දා...
ReplyDeleteඅපිත් දැන් වාණිජකරනය වෙලාද මන්ද?
sahathika eththa abiya..mpna karumekata rata awada manda...
ReplyDeletemehe kathawak thiyanawa sepa widinna pin karala nethi darunuma paw karapu ayata Aus enna visa wadinawalu...apitath ehema wenna ethi...
Abeethayata gamen nagareta witharak enna une tikak paw karapu hinda wenna ethi...
ube wachanayen kiyanawanam pattama post eka..
saththai es walata kandulu awa..
කොමෙන්ට් ටික බැලුවෙ දැන් අබියා.. බුහුදු කොල්ල කරු එක්ක එකඟයි 100%.
ReplyDeleteකැස් කිව්ව එකත් හරි.. වීස වදින්නෙ පවට වෙන්න ඕනි.
හැම දෙම සාපෙක්ශයි කියලයි මට හිතෙන්නෙ... මචන් මම කොලබ කිට්‍ටුව උනාට අපි පොඩිකාලෙ එක දෙකටම නැ... දැන් නගරෙ ලක්ශන වැඩිවෙලා තියනව.. මොනව උනත් මගෙ ගෙදර නිසා මම ආසම එහෙට.. නියම ගමක් දකින්නෙ ඉතින් නිවාඩුවකට කොහෙහරි ගියොත් තමයි.. අපෙ ගම කියල තමයි මම තාමත් මගෙ ගෙ තියන දිහාවට කියන්නෙ... තාම කුලියට අපු අය ඇරුනම පොඩිකාලෙ ඉදල දන්න කියන අය ඉන්නව.... කොළන උනත් කට පුරා මාම කියල කතාකරන පොඩි ලමයි තාම ඉන්නව.. මම අංකල් කියුවට මට මාම කියන පොඩිඋන් ඉන්නව... මට මංගැන ලැජ්ජ හිතෙන්න ඔන... එත් ලෙන්ගතුකම එහෙමමයි... ක.සු. කියන 1කත් හරි... මම ඉන්නෙ පිටරටකනෙ... මෙ රටෙත් සිංහල කමට කටපුරා මාම කියල කතාකරන දරුවො ඉන්නව... උන් ඉගෙන ගන්නෙ ඉංග්‍රිසියෙන් හොඩියෙ ඉදල.. උන්ට හොදට සිංහල පුලුවන්.. හැම අතින්ම ලාංකික... සමහර ලමයි ඉන්නව ඇවිල්ල තියෙන්නෙ වයස අවුරුඩු 16 දි වගෙ... උන්ට සිංහල කතාකරන්න බැ.. සමහර උන්ගෙ අම්මලට වත් සිංහල හරියට බැ. අස්සරය කරන්නෙත් ලංකවෙ පවුල් විතරයි.... ඉන්නෙ ගෙදර... හැබැයි හොදම හරිය මුන්ට ඉංග්‍රිසිත් හරියට බැරි 1ක...
ReplyDeleteමම ත් හිතාගෙන ඉන්න්නෙ හැකි ඉක්මනින් ලංකාවට එන්න... මම එකට ඉඩමක් හොයනව කොහෙහරි ගමකින්... මෙපාර නිවාඩුව ගතකරන්නෙ එකට... මට හිතිල තියෙන්නෙ මෙ රස්සාවල් අතෑරල ඉඩම්හිමි වැවිලි කරුවෙක් වෙන්න.. නිවාඩුවට බ්ලොග් යාලුවොත් බලන්න යන්න ඔන.... තව ගොඩක් දෙවල් තියනව... මට හිතෙන්නෙ මම දැන් පැහිගෙන (පරිනත) එනවද කොහෙද?
සුභ දවසක්..
හිතට දැනුනා ........
ReplyDeleteමට මගේ පුංචි කාලේ මතක් වුනා, එදා අපි පැනපු ඇල දොල, එදා සෙල්ලං කරපු ගස් කොලං, දං කඩන්න කන්දෙ ගිය හැටි, ටිකක් ලොකු වෙන කොට ඇල ඉහලා මාලු අල්ලං කාපු හැටි, ඒවා කිසිම දවසක අපේ දරුවන්ට ලැබෙන අත්දැකීම් නෙමේ කියලා හිතෙන කොට මාරම දුකක් හිතට එනවා ........
kiyala wadak na ayya,rata awilla windina duka danne api witharai,mona magulakata aawada kiyala hithena waara ganana ananthai,apramaanai ayye...............
ReplyDeletekiyala wadak na ayya,rata awilla windina duka danne api witharai,mona magulakata aawada kiyala hithena waara ganana ananthai,apramaanai ayye...............
ReplyDeleteශෝක් පොස්ට් එක..!
ReplyDeleteNo words aiye....
ReplyDeleteගමේ එවුන් නගරෙට දත නියවනවා...නගරේ එවුන් ගමට යන්ඩ දත කනවා..මේ කතා දෙක අතර තියෙන්නේ මොකද්ද...? දැන් තියෙන තත්වේ උඩ ගමයි නගරෙයි දෙකම නැතුව බෑ වගේ..හැබැ නිදහසේ උස්මක් ගන්ඩ නම් ගමට යන්ඩම වෙනවා
ReplyDeleteගමේ එවුන් නගරෙට දත නියවනවා...නගරේ එවුන් ගමට යන්ඩ දත කනවා..මේ කතා දෙක අතර තියෙන්නේ මොකද්ද...? දැන් තියෙන තත්වේ උඩ ගමයි නගරෙයි දෙකම නැතුව බෑ වගේ..හැබැ නිදහසේ උස්මක් ගන්ඩ නම් ගමට යන්ඩම වෙනවා
ReplyDeleteගමේ එවුන් නගරෙට දත නියවනවා..නගරේ එවුන් ගමේ යන්ඩ දත කනවා..ම් ගමයි නගරේ දෙකම නැතුව බෑ වගේ නේද..? මොකද්ද මේ දෙක අතර සිද්ද වෙන්නේ...?මොනව උනත් නිදහසේ හුස්මක් ගන්ඩ ගමේ යන්ඩම වෙනවා...
ReplyDeleteමොනවා කියන්නද කියල හිතා ගන්න බෑ..
ReplyDeleteපට්ටම දුකයි .....ගමේ ඉදල ජීවිතේ හොදම කලේ රට ඇවිත් ඔය දුකම ඔඉටත් වැඩිය විදිනවා...:(
අපිට මෙහෙමනම් රට ගිය උන්ට කොහොම ඇත්ද? මේක ගෙනනම් කියල වැඩක් නෑ රට ආපු ගොන් කම කියල හිතෙනවා
ReplyDelete//නගරයෙන් මට උනේ එකම හොඳ දෙයයි... ඒ මේ ලෝකෙ ඉන්න හොඳම බිරිඳ මටම මුන ගස්සපු එක විතරමයි...// මෙන්න මේක විතරයි මටත් ඉතිරි වුනේ. කොළඹ හදුනා වැදුන අපේ බිරිඳගේ අය අතර ගමේ යාලුවෝ එක්ක තිබ්බ සමීප බව නැහැ.මම ගදර අවම ගමේ ගිහින් ගොයම් කපන්න සෙට් වෙනකොට අපි ඉස්සර දුන්න හෙල්ප් එක දෙන්න වෙන්නේ නැහැ.
ReplyDeleteඅනික අපි එහෙම ලං වෙලා වැඩ කරන්න යනකොට කලින් වගේ අපිට හැඟීමක් එන්නෙත් නැහැ. මිනිස්සු හිතන්නේ වෙනස් විදියට.කියන්න දේවල් නම් ගොඩයි.හරියටම හිතට දැනෙන දේ එහෙමම්ම අභීත කියල තියනව....මේ ලඟදි මට බිරිඳට කියල දෙන්න උනා පිරිත් කොටුවක් ගහල, වියන බැඳලා පිරිත් කළේ ගොක් කොළ වලින් හදල පිරිතක් කියන්නේ ළමයින්ට මෙහෙම දේවල් තියනවා කියල පෙනන්න කියල.කොළඹ හදුනා ඒ අයගේ දෙමවුපියන් එක නොකළ නිසා එයාල දන්නෙත් නැහැ...