Meemure Jungle Resort

Thursday, February 17, 2011

සොඳුරු දැවැන්තයෙකුගේ රසබර මතක කතා..... (මඩ කථා)

ටිකක් හිනා වෙන්න බ්ලොග් එක දැන් මඩ බ්ලොග් එකක් වෙන්න යනවද මන්ද...? ඒත් මඩ නැතුව හිනා යනවද නේද? රත්ගමයා කියනවා වගේ කුප්ප කුජීත මඩ ගහනවට වඩා සුන්දර මඩක් ගහලා ටිකක් හිනාවෙන එක ලස්සනයි නේ... ඉතින් අපි කතාවට බහිමුකො... පහුගිය දවස් ටිකේ අන්වර්ථ නාම වලින් බ්ලොග් ලියන කට්ටිය මුණ ගැහෙන්න අවස්ථාව සැලසුනා.... ඒ අතරෙ දුකා, පිස්සා, ඕනයා, පිටස්තරයා, ලිශ්විශ්නිරහංකාර අහිංසකාවි, මුචලින්ද, ආදී ගොඩාක් දෙනෙක් හමු වුනා.... පිස්සා ලියලා තිබ්බා වගේ ඒ හමුවීම්නම් ඉතා සොඳුරු සිහිවටනයක් උනා.... මගේ ලෝකය ලියන රංග අයියාට නම් රහමෙර නවත්තන තරමට ඒ මොහොත සොඳුරු වුනා... (ඒ කතාව කොටස් වශයෙන් ඉදිරියෙදී බලාපොරොත්තු වන්න..) ඊයෙ හමු උනේ තවත් සුන්දර මිනිසෙක්..... කවුද ඔහු? 



බ්ලොග්කරනයේ  රසවත් කථාවක් වෙච්ච මගේ කථාව ලියන්නෙ ඔහු.... මූණු පොත පුරාම කටු සටහන් අඳින්නෙත් ඔහු... ලංකාවේ ඡායාරූපකරණයේ ප්‍රබල පුරුකක් වූයෙත් ඔහු..... තව මොහු ගැන ලියන්න ගියොත් අද පෝස්ට් එක ලියන්න වෙන්නෙ නෑ.... එච්චරටම පුළුල් පරාසයක් තුල ජීවත් වෙන චරිතයක්.... දැන් නම් දන්නෝ දන්නවා කවුද ඒ කියලා... ඔහු නමින් ඉන්ද්‍රනාථ තේනුවර.....


ඉතින් ඊයෙ රෑ මතුගම තුඩුගල ඇල්ල ගාවදි අපි මුණ ගැහුනා.. ඔහුත් එක්ක රස කවිකාරයින් කිහිපදෙනෙක්ම හිටියා.. ඒ හැමෝම ලොවින් එකෙක් එක දේකට වෙයි සමත කියන කතාව බොරු කල අය... ඡායාරූපකරණයට, කවි සංකල්පනා වලට, ග්‍රැෆික් වැඩ ආදී නොයෙකුත් හැකියාවන් තුල පරතෙරට ගිය උදවිය.... චින්තක අබේරත්නයන්, දීපාල් ගෝමස්, සුභාශ් ගුනවර්ධන, දුමින්ද අලහකෝන්, එරංග පාලතිරත්න, චිරන්ත ජයසේන සහ තවත් ගොඩ දෙනෙක් මෙහිදී මුණ ගහුනා.. සංවිදානය කරලා තිබ්බේ චින්තක අබේරත්න අයියා... සංගීතය, වාද විවාද, රසකතා, රස මසවුළු, සැර බීම, සිසිල් බීම, රාත්‍රී අහාර ආදී සියලු දේ එහි අඩුවක් නැතුව තිබ්බා.... හරි වටේ පිටේ විස්තර ඉවරයි... දැන් යන්නේ කතාවට...



මම ඉතින් අසුන් ගත්තේ දුකා අයියා ලඟිනුයි ඉන්ද්‍රනාත අයියා ලඟිනුයි... දැවැන්තයෙක් එක්ක සම අසුන් ගනිද්දි එනවනෙ කාගෙත් හිතට පොඩි විචිකිච්චාවක්.... ඒත් ඒ දැවැන්ත කම පැත්තකට දාලා හිනාව දෝරෙ ගලා යන්න වැඩි වෙලාවක් ගියේ නෑ... ඉතින් ඒ හෝරා කිහිපය තුල ඉන්ද්‍රනාත් අයියා කියපු කතා මගේ, ටිකක් හිනා වෙන්න බ්ලොග් එකේ දාන්න අවසරත් අරගෙනමයි අපි පිටත් උනෙත්... මෙන්න ඒ කතා කිහිපය......


ටිකක් වෙලා යද්දි කණ්ඩායම් සංගීතය අනුව කට්ටිය සිංදු කියන්න පටන් ගත්තා..... ටිකක් වෙලා යද්දි චින්තක අයියගෙන් ආරාධනාව ආවේ ඉන්ද්‍රනාථ අයියට... මෙන්න ඔහුගෙ පිළිතුර....


මචන්. මට පොඩි අවුලක් තියෙනවා.. අද සිංදු කියන්න බෑ... 


ආ.. මොකක්ද?


මගේ දකුනු කකුලෙ සුලැගිල්ලෙ නියපොත්ත පොඩ්ඩක් තුවාල වෙලා මචන්... හඬ හරියට එන්නෙ නෑ ඒ නිසා....


ඉතින් ඔය වගේ කතා යන අතරෙ තමන්ගේ බිරින්දෑවරුන් ගැන කතාව... සාදයකදි හමු වුන ප්‍රවීන ගේය පද රචකයෙකුට ඉන්ද්‍රනාත අයියා දවසක් මෙහෙම කිව්වලු..


අදනම් ඉක්මනට ගෙදර යන්න ඕන මචන්.... වයිෆ් මාත් එක්ක දැන් මාසෙක විතර ඉඳන් කතා කරන්නෙ නෑ...


නෑ... මරුනේ.... ඒ මටත් කියලා දියන්කො ඕක කොහොමද කර ගත්තෙ කියලා....



අපි ඉතින් පවුල් වල තොරතුරු කතා කර කර ඉන්න තරෙ දරු මල්ලො ගැනත් කතාව ගියා.... ඕව අහගෙන ඉඳලා ඉන්ද්‍රනාත් අයියා මෙහෙම කිව්වා...


මල්ලි දන්නවද? හැත්තෑ ගනන්වල පොඩි ඇඩ් එකක් ගියා ඔය ගැන....


නෑනෙ අයියෙ.. මොකක්ද?


නැනති දනා... 
පමන දැනා....
දරු සුරතල් බලනු මැනා...
ගොනා.....


ඕක අහපු ගමන් දුකා අයියා මහා සුසුමක් හෙලුවා.. අනේ මම දන්නෙ නෑ ඒ මොකද කියලා... නදීශා අක්කගෙන්වත් අහලා බලන්න ඕන මොකද කියලා..... 



අවසන් කතාව... කවි ගැන...එක්තරා ජනප්‍රියම කවියෙකුට හොද පුෂ්ඨිමත් ගැහැනියකගෙන් අභියෝගයක් එල්ල වුනාලු හිටිවන කවියක් කියන්න.. ඒ කවියේ නීති මෙහෙමයි... 


කවියට පේලි හතරයි....
පේලියකට එක වචනයයි....
වචනෙට අකුරු දෙකයි.....


ඒ කියන්නෙ අකුරු දෙකේ වචන හතරකින් කවිය ඉවරයි... අභියෝගය භාරගත්ත කවියා කියපු කවිය තමයි මේ පහල තියෙන්නේ.....


අනේ....
පනේ....
තනේ.... 
වැනේ....


හරි නේද? කාන්තාව ගිය තැන අදටත් හොයා ගන්න නෑ කියලයි කියන්නේ....


ප.ලි. චින්තක අයියගේ කතාත් කටු සටහනක් ගසා ඇත... ඒවාත් ලඟදීම එළි දැක්වීමට බලාපොරොත්තු වෙමි..... :D

13 comments:

  1. දැවැන්තයෙක් කිවුවම මම හිතුවෙ අලියෙක් කියලා

    ReplyDelete
  2. ලොල්..ඕං බලාපල්ලා ඉන්ද්‍රනාත මාමා වහබොනවා :P :D :D

    ReplyDelete
  3. හික් හික්!!! පට්ටම කතාව කිව්වෙ මකරා තමයි

    ReplyDelete
  4. වහ ටිකක් බොන්න හිතාන ඒක අරක්කු වීදුරුවට දාගෙන ඉන්දිද්දි මෙන්න මුන් ටික ඒක බීල...!!!

    ReplyDelete
  5. ඔය කවියට තව කොන්දේසියක් තියනව උඹ කියපු කොන්දේසි තුනට අමතරව . . . "එලිසමය තියෙන්නත් ඕනෙ"
    අනික මේ කියන කවිය කියපු කවිය තමයි "මුනිදාස කුමාරතුන්ගයන්" එතුමගෙ ජීවිත කතාවෙ ඔය වගේ රස බර සිදුවීම් ගොඩක් තියනව. උඹ දන්නවද තවමත් ගොඩක් සිංහල වියතුන් සහ හෙල හවුලට සම්භන්ද ගොඩක් අය "ඇදේ" (ඒකියන්නෙ මම ඔය අ යන්නට හේත්තු කරල තියන එක) බරපතල විදිහට පාවිච්චි කරනවනෙ . .. . . ඉතිං දවසක් හෙන ‍රැස්වීමකදි ගෑනු කෙනෙක් එතුමගෙන් ඇහුවලු "ඔය ඇදපිල්ල පාවිච්චි කරන්නෙ නැතුවම බැරිද ?" කියල. එතුම එකපාරටම අර මනුස්සයගෙන් ඇහුවලු
    ඔය නෝනට පුලුවන්ද ඇදේ නැතුව "මම වැල්ල අතගාමි" කියල කියන්න ? කියල. ලැබුන උත්තරේ නං මම දන්නෙ නෑ

    ප.ලි. : ඔය කතා ඇත්තමද කියන්න මම දන්නෙ නෑ . . . .

    ReplyDelete
  6. honda welawata ahindaas gana madak gahala naha.. wade maru abeethayo.. suba pathum..

    ReplyDelete
  7. කට්ටිය එක දිගට සැට් වෙනවා වගේ... අර කවිය තමයි පට්ට... හික් හික්

    ReplyDelete
  8. ගියා ගියා ඒ ලින්ක් එක දිගේ. ඒක පුස්තකයක්නෙ. හැබැයි මාරයි. ටිකයි කියෙව්වෙ. කියවපු ටිකනම් වෙඩි වගෙ තමයි. ස්තුතියි අභියා ලින්ක් එකට.

    අපේ ඕනයා දැවැන්තයෙක් නෙවෙයිද බං.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඕනයාගේ එකයි දැවැන්ත....

      Delete