Wednesday, June 1, 2011

මඩ ගැසීම නවතමි.. ඒත් ඉතින් කොහොමද එහෙම කරන්නේ..... දමින්ද මල්ලිගේ කථා ටිකත් කියන්න ඕනනේ......

ගිය සතියේ මම, මගේ ලෝකය ලියන රංග එහෙම නැත්නම් අසේල ගැන ලියපු ලිපියෙන් පස්සේ මිනිහා බොහෝම සිත් වේදනාවෙන් ඉන්නේ.. අඩුම ගානේ ඒ පෝස්ට් එක දැක්කා නොදැක්කා ගානට තමයි ඉන්නේ.... වෙනද මගේ පෝස්ට්වලට උඩ පැනගෙන කමෙන්ට් දාපු අසේල අයියා ඒ පෝස්ට් එක විතරක් දැක්කද නොදැක්කද කියලවත් හිතා ගන්න බෑ...ඒත් ඉතින් අසේල අයියගේ ඊයේ පෝස්ට් එක බැළුවම මට හිතුනා ඒ අයියා මේක බලලා කියලා.... ඉතින් මේ වගේ හේතු නිසා මට හිතුනා ආයෙ කිසිවෙකුට මඩ ගැසීම මේ බ්ලොග් එක හරහා නොකරමි කියලා.... ඔන්න ඔය වෙලාවේ තමයි අපේ දමින්ද මල්ලි මගේ කාර්යාලය පැත්තේ ඇවිත් තමන්ගේ අතීත කතා ටිකක් මට මතක් කරලම දීලා ගියේ.. ඉතින් කොහොමද මේවා ටයිප් නොකර ඉන්නේ.. අනිත් පැත්තට ඉතින් මඩක් නැති හිනාවත් දුර්ලභයි නොවැ..ඒක නිසා දමින්දගේ කතා ටිකත් ඔන්න ඔහෙ ලියලා දානවා කියලා හිතුවා.....


මම දන්නවා.... දැන් ඔයාලට ප්‍රශ්ණේ තියෙන්නේ කවුද මේ දමින්ද කියලනේ.... මෙයත් මාත් එක්ක ඉස්කෝලෙ බාලදක්ෂ කරපු මල්ලි කෙනෙක්... අර කලින් කතා සීරීස් එකකම හිටපු ජීවන්ත මල්ලි වගේ මෙයත් මගෙම මල්ලි කෙනෙක් වගේ... දුකට සැපට නිතර ඉන්න කොල්ලෙක්..ඒත් මඩක් ගහන්න තියෙනවනම් කොච්චර දුකට සැපට හිටියත් මොකද නේද? අර හෝටල් ගානේ එක්ක ගිහින් නිකන් කන්න බොන්න දීලා වෙරි වැඩි උනහම ගෙවල්වලටත් ගිහින් දාන අයියලාත් අපිට මෙහෙම සලකනකොට... නැද්ද මම අහන්නේ හා.......? හික් හික්...



කතා දෙකක් එක පාර දාන්නම්... නැත්නම් මට ලියන්න වෙන්නෙ මෙයා ගැන විතරයි.... දමින්දගේ පළවෙනි කතාව බොන කතාවක්..... 


තැන කුලියාපිටියේ නගරයේ තියෙන ප්‍රසිද්ධ මිශ්‍ර පාසැලක්.... මම අර රජයේ අමාත්‍යාංශෙක වැඩ කරන කාලේ අදාල අමාත්‍යාංශයෙන් සංවිධානය කරපු ප්‍රදර්ශනයක් සහ සැනකෙලියක් තිබ්බා.... අපි ඒකෙ රාජකාරි කරන අතරෙම දමින්ද මල්ලිලා ප්‍රදර්ශන කුටියක් කලා පරිසර හිතකාමීත්වය ගැන... හවසට මම කාර්යාල හිතවතුන් එක්ක පොඩි අඩියක් ගහන්න සෙට් වෙනවා... දමින්දත් ඉතින් ඕකට සෙට් වෙනවා... ඒත් දමින්ද අපේ කර්යාලවල ඉන්න මිනිස්සු තරම්ම බොන්න පුරුදු මිනිහෙක් නෙවෙයි..අදටත් එහෙමයි... ඉතින් අර ගල් අරක්කු කියන එක පානය නොකර අපි දෙන්නා ජින් කියලා බීමක් ගෙන්න ගත්තා... මූ ගැන දන්න නිසා දෙන්නටම ගෙනාවෙ කාල්ක් විතර.... ඒක බීලා පොඩි කික් එක ආවට පස්සේ මුට දැන් තවත් බොන්න හිත.... අර කාර්යාල මිතුරන් ගෙනාපු ගල් බෝතල් කිහිපයෙනුත් සට සට ගාල නැමුවා... මට තේරෙනවා මූට හොඳ ගනන්...ඒ අතරෙ අපි පොඩි කතාවකුත් දාගෙන ඉද්දි ගෑනු ලමයෙක් ගැනත් කිය වුනා.... ඒ ඉනෝකා කියලා අපේ කාර්යාලයේ වැඩ කරපු පොඩි ගැහැනු දැරිවියක්..දමින්ද දැකලා තිබුනෙත් එක දවසයි.... ඉතින් ඔහොම කතා කරලා බීමත් බීලා අපි සංගීත සංදර්ශනේ බලන්න ඇවිත් පඩි පෙලක උඩම පඩියේ ඉද ගත්තා....



ටිකකින් මට පේනවා කොල්ල බම්ප් වෙනවා වගේ.. මට තේරුනා මෙයා කාපු බීපුවා කටින්ම එලියට දාන්න හදන්නේ කියලා.... මෙයා ඒක එවෙලේ දැම්මානම් පහල පඩිවල හිටපු ඔක්කොගෙන්ම කන්නයි වෙන්නේ අමතක නොවෙන්න.. මම පට් ගාලා මිනිහාව වත්තන් කරගෙන පැත්තකට ගියා.... ගියා කිව්වට යන්න ලැබුනේ නෑ.... එත්නම තිබුනු අන්දර වැටට අමුතුම පැහැයක් එක් කරන්න ඔහු සමත් වුනා.... ඊට පස්සේ අදාල විදුහලේ ප්‍රධාන ශාලාවේ කොරිඩෝව දිගේ මම දමින්දව එක්ක ගියේ ඔවුන්ගේ වෙළඳ කුටිය දිහාවට.... ප්‍රධාන ශාලාවේ ප්‍රධාන දොරටුව ඉස්සරහත් දමින්ද, අපූරු පා පිස්සක් නිර්මානය කලේ කටින්මයි... උපයෝගී කර ගත්තෙ ඒ වෙලාවේ ඔහුගේ බඩේ තිබුන දේවල්.. බලන්න ලස්සනේ බෑ.. පාට පාට.....


අන්තිමට ඉතින් ඔවුන්ගේ කුටියට යද්දි දොර වහලා.... දැන් දමියාට තියෙන අමාරුවට කකුල් දෙක අස්සෙ ඔළුව ගහගෙන බිම ඉඳගෙනම දානවා.... මම ඉතින් පිට අත ගගා මිනිහගේ තනිවට ඉන්නවා..ඒ අතරේ අපි දෙන්නගේ දෙබස මෙහෙමයි......


දමියා...


ම්ම්ම්ම්ම්........


මොකෝ බන් මෙච්චර බිව්වේ.....


දැ.. දැ.. දැක්ක්ක්කේ න්න්න්නෑ..අයියේ......ද් දවස්.සටම.. ඕ........ක්....


මොකක්ද බන් දැක්කෙ නැත්තේ...


අර..ක්..ක්... කෙල්ල්ල්ල්ල්ල්ල කෙල්ල බ්..බන්...  ඕ...ක්.....


මේ මොන හතර බීරි කථාවක්ද? මට පිස්සු වගේ... ඇයි මූට මම දන්න කාලෙක කෙල්ලෙක් ඉඳල නෑ.....


මොන කෙල්ලද බන්... මම නොදන්න...


ඇයි බ්..බන්.. ඉන්.. නෝක්.... ඉනෝකා බන්.....


කිරි අප්පට බල්ලො පැනපි.. මූ බීලා තියෙන්නේ ජීවිතේටම එක පාරක් දැක්කෙ නැති කෙල්ලෙක් අද දැක්කෙ නෑ කියලනේ.. මේ සිද්ධිය නිසා කොල්ල අදටත් බයිට්....



දෙවෙනි කථාවත් ඒකෙම දෙවෙනි කොටසෙමයි... දමින්ද සහ පිරිස නිදාගත්තේ කුටිය ඇතුලෙ ගහපු කූඩාරමක... ඇතුලේ කොට්ට මෙට්ට ඔක්කොම තිබ්බා... ඉතින් මිනිහා එදා අර බැරි බැරි ගාතේ කූඩාරම ඇතුලට රිංගවලා මමත් ඉතින් මිනිහගේ තනියට ඒකෙම නිදා ගත්තා... මම පහුවදා උදේම නැගිටලා යනකොට මිනිහවත් අවදි කරලා ගියේ... ඒත් මනුස්සයා නැගිටලා තියෙන්නෙ පරක්කු වෙලා... කොහොමහරි මිනිහා ඇඳුම් අඳින්න කූඩාරම ඇතුලට ගිහින් එලියට එන ටිකට අදාල පාසලෙන් ඒ කුටියේ කටයුතු සඳහා ලබාදුන්න ගෑණු ලමයි දෙන්නෙකුත් ඇවිත්.. ඒ වෙලාවෙම තමයි මිනිහට මොකද වෙලා තියෙන්නෙ බලන්න මමත් එතනට ආවේ... දැන් නංගිලයි මගෙයි අතරෙ කතාබහා මෙහෙමයි යන්නේ....


ආ...අභීත අයියේ ගුඩ් මෝනින්ග්...


ගුඩ් මෝනින්ග් නංගි.. මොකද මේ එලියේ..... කෝ දමින්ද අයියා නැද්ද?


අනේ මන්දා අයියේ දමින්ද අයියා ටෙන්ට් එක ඇතුලේ වින්කලයක් දාලද කොහෙද? (කැකිරි සිනා)


අහ්.. ඒ මොකද?


දන්නේ නෑ..ඒක ඇතුලෙන් හුලං ගහන සද්දයක් එනවා... මොනවා කරනවද දන්නේ නැති නිසා අපි ඇතුලට ගියේ නෑ....


ඒ පාර මොන හෙන ගෙඩියක්ද කියලා මම ගියා බලන්න.. බලපුහාම මූ මුගේ සුවඳ විලවුන් බෝතලේ අරගෙන දෙනවා මුළු ටෙන්ට් එකෙ හැමතැනටම.. නැත්නම් කෙල්ලන්ට වමනේ ගඳ නෝන්ඩි වෙනවනේ....


අදටත් දමියා සුවඳ විලවුන් බෝතලයක් අපි ඉන්න තැන අතට ගත්තොත් ඉතින් බඩුම තමයි.......  


ප.ලි. - ස්තූතියි දමියා... උඹෙන් ඒ ලබපු කටු කෑමේ පන්නරයෙන් මම ගිය මාර්තු මාසෙත් ඒ වගේ සිදුවීමකට නොබියව මුහුන දුන්නා....

31 comments:

  1. අන්න නියමයි අභීත අයියේ... නහී වේරේන වේරානි කියනවනෙ... මමනම් හිතුවෙ රංගට තව විරිදුවක් කියවෙයි කියල.... ඒත් වැඩේ හොදයි...

    ReplyDelete
  2. මාර්තු මාසෙ වෙච්ච සීන් එකත් ලියමුද?

    ReplyDelete
  3. මාත් හිතුවෙ රංගයා අද දීපු එකට රිටර්න් මඩක් කියලා... කොහොම වුනත් එලටම කියල තියනවා....

    ReplyDelete
  4. මාර්තු මාසෙ සින් එක නැත්නම් වැඩක් නෑ....

    ReplyDelete
  5. ඇයි බං ගල් බීවේ නැත්තේ මම ආසම කරන සහ මගේ සාක්කුවට නියමෙට ගැලපෙන පානය තමයි ගල්

    ටිකක් විතර හිනහා ගියා කතාව නම් එල .මාර්තු මාසේ කතාවත් අද හෙටම ලියුවානම් තමයි හොඳ

    ReplyDelete
  6. මාර්තු කතාව ලියුවා මං හිතන්නෙ.. හිකිස්.. අනේද කියන්නෙ මේකෙ අබි අයියා නිසා අනිත් අය කාපු කටු ගැන ලියලා නෑ ණේ...

    ReplyDelete
  7. අනිවාර්යෙන්.. ඒ මාර්තු මාසේ අපි ලබපු භයානක ත්‍රාසජනක අත්දැකීම නිසා තමයි දැන් එකෙක් සද්ද නැතුව ඉන්නෙ මඩ ගැහුවට.

    ReplyDelete
  8. හික්ස් මේවට කියන්නෙ මඩ කටු ද? කටු මඩ ද...? :D

    ReplyDelete
  9. ඔය කියන්නේ සංවස්තරයට තිබුණු උස්සවයද සෙන්ට්‍රල් එකේ?

    ReplyDelete
  10. මරු අභිත අයියේ....හිනා වෙලා මැරෙනවා...බීපුවම කරන දේවල් කියලා උන්ව මරුවට නෝන්ඩි කරන්න පුළුවන්.මොකද අපි බොන්නේ නෑ‍ නේ...

    ReplyDelete
  11. මම මේ කතාවල ආසම පොර වමනේ දාපු හැටි විස්තර කරලා තියෙන විදියට. මාර ආතල් සහ නිර්මාණාත්මකයි ඒක. මම 2 පාරක්ම ඒක කියෙව්වා!!

    ReplyDelete
  12. හැකි පමන ඉක්මනින් මාර්තු මාසේ සිදුවීම බලාපොරොත්තුවෙන් සිටිම්. ස්තූති

    ReplyDelete
  13. රවීන් එක්ක එකඟයි.... එක මරැ.. හොඳ අත්දැකීම් සහිත විස්තරයක්.. කියවනකොටත් නිකං අයේ නම් බොන්නෑ කියලා හිතෙනවා..

    ReplyDelete
  14. අර හෝටල් ගානේ එක්ක ගිහින් නිකන් කන්න බොන්න දීලා වෙරි වැඩි උනහම ගෙවල්වලටත් ගිහින් දාන අයියලාත් අපිට මෙහෙම සලකනකොට... නැද්ද මම අහන්නේ හා.......? හික් හික්...

    ජීවිතේට මෙහෙම දේවල් ලියන්න එපා. සාටර්නෙ.

    ReplyDelete
  15. කවුද මේ ඇනා ***වත්ද?

    ReplyDelete
  16. අභියටත් කාට හරි මඩක් විසි කලේ නැත්තන් අර බල්ලන්ට මොනවද නොකෑව වගේ......

    ReplyDelete
  17. මේ කතාවෙන් ගත හැකි ආදර්ශ ලියන්න.

    මුල්ම එක මම ලියන්නම්

    අබේපාල මාමා නොහොත් එදිරි නොහොත් ලේන්පාල ?? යන නම්වලින් හැඳින්වෙන පුද්ගලයා සමඟ කතාබහ කිරීම, ගමන් බිමන් යෑම වැනි දෑ කිරීමේදී අතිශය ප්‍රවේශම් වන්න :))

    ReplyDelete
  18. අබීත අයියලගෙම මල්ලිලා නෙව... අනෙ උනුත් බ්ලොග් ලියන්න ගත්තෝත් මෙයාගේ ටිකත් අහගන්න පුළුවන්...

    ReplyDelete
  19. ටිකක් හිනාවෙන්න එන්න කියලා අපිව ගෙන්න ගෙන ගොඩක් හිනාගස්සන එක හරිද මo අහන්නේ?................:D

    ReplyDelete
  20. අර කියන්නෑහේ මාර්තු මාසේ එකත් ලියමු අයියේ....

    ReplyDelete
  21. මඩ නම් මඩ...මෙන්න මඩ...අත දිඟ ඇරලම දීල..පව් කොල්ල....
    අනුන්ගේ දුකේදි හිනා වෙන්න හොඳ නෑලූ..ඒත් හිනා ගියා...

    ReplyDelete
  22. මොනවා උනත් ගිදක් හිතේ දුකෙන් ඉදපු කොල්ලෙක් අබි අයියේ.පව්.

    ReplyDelete
  23. "ප්‍රධාන ශාලාවේ ප්‍රධාන දොරටුව ඉස්සරහත් දමින්ද, අපූරු පා පිස්සක් නිර්මානය කලේ කටින්මයි"
    අපොයි හිනා වෙලා පණ නෑ..

    ReplyDelete
  24. අයිය ඔය කියන්නෙ කුලියාපිටිය සෙන්ට්‍රල් 1කේ තිබ්බ techno lanka exhibition 1 ගැනද?(දැනට අවුරුදු 5කට වගේ කලින්).ඔය කියල තියන තැන්වල හැටියට සෙන්ට්‍රල් 1 වෙන්න ඔන.
    මමත් exhibition 1නම් බලන්න ගියා.(මමත් සෙන්ට්‍රල් 1කේ තමයි )

    සජී

    ReplyDelete
  25. අර මාර්තු කතාවත් ලියමු බලන්න...

    ReplyDelete
  26. මාර නිර්මාණ කාරයෙක් නේ..... මාර්තු කතාවත් ඒ වගෙද ?....ඕ...ක්....

    ReplyDelete
  27. මාර්තු කතාවත් ලියමු නේද? මං හිතන්නේ මං ඒක දන්නවා....:D

    ReplyDelete
  28. ශික් විතරක් අභියා . . . උඹල වගේ බේබද්දො . . . . දන්නවනං කලිං . . . මම තියා මගෙ බල්ලටවත් දෙන්නෙ නෑ උඹල වගේ එවුං ආස්සරේ කරන්න . . . .
    බීල චොර වෙනවටත් එහා මූ අනුන්ට මඩ ගහන කැත . . . . හෙනගහනව යකෝ මෙවුවට . . . .

    ReplyDelete
  29. අෆෙ අෆ්ෆෝ... දමින්ද අයියා දන්නවද මේවා....

    ReplyDelete
  30. බොන්නත් පුලුවන්, බීලා වමනේ යනකොට තමා බීම එපා වෙන්නෙ ....
    මොකද උනේ දමින්දට ඉනෝකව සෙට් උනාද ......

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...