Friday, June 3, 2011

වසන්ත අයියගේ ඉල කැඩෙන කතා.... එකක් නම් වැඩිහිටියන්ට පමණයි... 18++

පෝස්ට් එකට කලින් කියන්න ඕන මගේ නරඹමු ශ්‍රී ලංකා බ්ලොග් අඩවිය ක්‍රියාකාරී වුනා.... ඔයාලට සංචාරය හා සම්භන්ධ ප්‍රශ්ණ කමෙන්ට් විදිහට සඳහන් කරන්නත් මම ලියන සංචාරක ලිපි කියවන්නත් පුළුවන්.... එහෙනම් මෙන්න මෙතනින් කියවන්න පටන් ගන්න මේ පුංචි ලංකාවේ සුන්දර තැන් ගැන... සිංහල තේරෙන්නෙ නැති අය මෙතනින් යන්න.... හරි එහෙනම් කථාවට යමු...


ගිය සතියේ පොඩි සාදයකට සහභාගී උනා.... වාද්දුවේ තියෙන හෝටලේකට තමයි ගියේ..... අපේ පාසැලේ ආදි ශිෂ්‍ය සංගමේ කොළඹ ශාඛාවේ කමිටු රැස්වීම තමයි තිබ්බේ.... ඒක මෙදා සැරේ පැවැත්වුනේ සුහද හමුවක් විදිහටයි.... අවුරුදු 60 ඉදන් අවුරුදු 25 වෙනකම් අයියලා මල්ලිලා සහ ඔවුන්ගේ පවුල්වල අය ඇවිදින් හරිම විනෝදමත් කාලයක් ගත කරලා තමයි ගියේ... මේකේ වෙච්ච දේවල් ටිකක් හිනාවෙන්න එකේ කියන්න ගියොත් මාස ගානක් ලියන්න පුළුවන්.... ඉදලා හිටලා එහෙම කතාත් ලියමු ඉතින්.....


වසන්ත අයියා අපිට වඩා ගොඩක් ජේෂ්ඨයෙක්..අර්ධ රාජ්‍ය ආයතනයක ඉහළම නිළධාරියෙක්.... අපිත් එක්ක සෙට් වුන මරුම චරිතය තමයි වසන්ත අයියා.... මම වාසගමත් එක්ක කිව්වොත් ඔක්කොම "ආ මේ මෙයාද?" කියලා කියන තරමට රටේ ප්‍රසිද්ධයි... ඒ නිසා එයා ගැන මේ ඇති.... දන්නවනේ ඉතින් ඔය වගේ වෙලාවට එක එක හැඩයේ, එක එක වර්ගේ, එක එක නම් තියෙන බෝතල් ඇරෙනවනේ..... මෙතනත් ඒකෙ වෙනසක් උනේ නෑ.. අපි කීප දෙනෙක් එකකට වග කියමින් ඉද්දි තමයි මේ වසන්ත අයියා එතනට ආවේ... දැන් අපියි වසන්ත අයියයි අතර යන දෙබස මෙහෙමයි.... 



ආ වසන්ත අයියා.... එන්න .. එන්න.... පොඩ්ඩක් බොමු.. ආ..ගන්න ගන්න..


අරක්කු එපා...ටිකක් වැඩියි වගේ.... ඒත් ප්ලේන්ටිත් එපා.....


ආ.. ප්ලේන්ටි එපා.. මොකක්ද අයියේ ප්ලේන්ටි කතාව.....


ඔන්න වසන්ත අයියා රැල් බුරුල් ඇරලා පටන් ගත්තා කථාව කියන්න....


නෑ මල්ලි ඒක වුනේ මෙහෙමයි.. අපි කැම්පස් ඉන්න කාලේ තමයි මේ සිද්ධිය උනේ.. අපි දවසක් කැන්ටිමට ගිහින් ප්ලේන්ටි හතරක් ඉල්ලුවා... ගෙනත් තියපු වේටර් කොල්ලා ඒ ප්ලේන්ටි හතර ගෙනාවේ උගෙ ඇඟිලි හතරම තේ කෝප්ප හතර ඇතුලට වැටෙන විදිහට අල්ලගෙන....


ඌට දෙන්න එපායැ කන පැලෙන්න අයියේ... අපෙනුත් නොයෙක් ඇඩ් ඉතින්....


ඔව් මල්ලී..අපිත් ඕක දැක්ක.. ඒ මදිවට මිනිහගේ එක ඇගිල්ලක දදයකුත් තිබ්බා... අපේ එකෙකුට තද වෙලා ඌත් එක්ක ගහගන්න ගියා... ඒකත් මරුම සිද්ධියක් මල්ලි... මෙන්න මෙහෙමයි උන් දෙන්නගේ රණ්ඩුව...


මේ ඕයි මොකක්ද මේ කරපු අර ජරා වැඩේ.... බලනවා අර තමුසෙගේ අතේ තියෙන දදේ.... ඒක මොකටද මේ ප්ලේන්ටියට දාගෙන ආවේ....


අනේ නෑ සර්... මම ඒකට දොස්තර මහත්තයෙක්ගෙන් බෙහෙත් ගත්තා.. ඒ මහත්තයා කිව්වා පුළුවන් හැමවෙලාවෙම රස්නේ තැනක ඇගිල්ල තියාගෙන ඉන්න වග බලාගන්න කියලා.....


ඉතින් ඕයි ඒකද තමුසේ අපේ තේ එකට ඇගිල්ල දැම්මේ..ඔච්චර රස්නෙයක් ඕනනම් ගහගන්නවකෝ උඹේ ඔය ඇඟිල්ල *කේ....


නෑ සර් එතන තමයි ගහගෙන හිටියේ.... ඒත් ඉතින් මුදලාලි කිව්වනේ මෙතනට ප්ලේන්ටි හතරක් ගෙනත් දෙන්න කියලා......


හරි නේ ඉතින්...... අපිට ඉතින් සංසාරෙත් එපා වුනා හිනාවෙලා.. ටික වෙලාවක් ගිහින් වසන්ත අයියා තව කථාවක් පටන් ගත්තා.... 



දවසක් මල්ලි මම වැඩට යනවා.. පාරට ගිහින් වාහනේ එනකන් ඉන්න අතරෙදි ඇහෙනවා එක මනුස්සයෙක් තව මනුස්සයෙක් එක්ක තමන්ගේ බල්ලගේ පුරාජේරුව... ඉතින් වාහනේ එනකන් මමත් කන් දුන්නා.. වෙලාවට වාහනේ එන්න කලින් මුළු සිද්ධියම බලා ගන්න මට පුලුවන් උනා... ඒකත් මරු සිද්ධිය මල්ලි......


කියන්නකො අයියේ ඒකත්... ඔන්න ඉතින් අපෙන් පොරේ....


නෑ මල්ලි උන් දෙන්න මෙහෙම තමයි කතා උනේ... මට නම් මතක නෑ.. අපි ගමුකො අසේලයි නිශාන්තයි වගේ නම් දෙකක්... දැන් නිශාන්තගේ බල්ලා තමයි මේ පුරුදු පුහුණු වෙලා ඉන්නේ... අසේලයා තමයි කතාව අහන්නේ.... දෙබස මෙහෙමයි...


මිස්ට අසේල, බලන්නකො මගේ බල්ලා බ්ලැකේ... මම ඌව හොඳට පුරුදු කරලා තියෙන්නේ.. දැනුත් මේ ඌව ඇරියේ කඩේට මාළු ගේන්න...


අහ් ඇත්තද මිස්ට නිශාන්ත... අපේ බල්ල රොකීගේන්නම් කිසි වැඩක් නෑ.... ඌවත් පුරුදු කරන්න ඕන...


ඔව් ඔව් මිස්ට අසේල... බල්ලෙක් උනාම හොදට පුරුදු කරන්න ඕන ඕනනම් දැන් බලන්නකො අපේ බ්ලැකේ එනකම්...


මමත් ඒ පැත්ත බැලුවා මල්ලී.. පිස්සු සීන් එකක් තමයි දැක්කේ... ලස්සන හැඩ නෝනා කෙනෙකුත් බැල්ලියක් පටියකින් අල්ලගෙන පාරේ... අර මාළු ගේන බල්ලා බැල්ලි දැක්ක විතරයි මූට ගෙදරට එන එක අමතකයි. ඌ ඉතින් ගිහින් අර බැල්ලිගේ පිටේ නැගලා... බැල්ලිත් දුවගෙන එනවා බල්ලවත් පිට උඩ තියාගෙන... ඒ අස්සේ බැල්ලිගේ පටියෙන් අල්ලගෙන ඉන්න නෝනත් දුවගෙන එනවා ඒත් එක්ක.... ඕක දැකපු අර අසේල කියන පොරට හෙනම සතුටුයි..ඇයි මිස්ට නිශාන්තගෙයි උගේ බල්ලගෙයි දෙන්නගෙම පටි රෝල්නේ ඉතින්.... අසේල මහා සවුත්තු හඩකින් නිශාන්තට මෙහෙම කිව්වා.....


අයියෝ මිස්ට නිශාන්ත, අර බලන්නකෝ ඔයාගේ ට්‍රේන් කරපු බල්ල කරන වැඩේ.. මාළු ගේන්න ගිහින් ගෑණියෙකුත් හොයාගෙන එනවද කොහෙද?


මිස්ට නිශාන්ත බැලුවා... දැන් ඉතින් වස ලැජ්ජාව... මිනිහා ස්ථානෝචිත ප්‍රඥ්ඤාව පාවිච්චි කරලා මෙහෙමයි කිව්වේ.....


අයියෝ මිස්ට අසේල.. මම එහෙම තමයි ඌව පුරුදු කරලා තියෙන්නේ... අර බලන්න ඌත් කෙල්ලෙක් සෙට් කරගෙන මටත් කෙල්ලෙක් අරන් එනවා.. අන්න බල්ලෝ....


කොහොමද වැඩේ...? අන්න බල්ලෝ....

ප.ලි. -  උඩින් කොච්චර 18+ කියලා දාලා තිබ්බත් පොඩි දරුවෝ කියවන නිසා උපරිමේටම සැර බාල කරලා ලිව්වේ.... මතකනේ ඉතින් අපේ ඒ කාලේ....

40 comments:

  1. නියම කතා සෙට් එක අභිත අයියා. කියවලා තාමත් හිනා. මේ වගේ මිනිස්සු ඉන්න තැන නියමයි ලේත් පිරිසිදු වෙනවනේ.

    ReplyDelete
  2. හැක් හැක් හැක්..
    :P

    ReplyDelete
  3. සිරාවට අන්න බල්ලෝ...ඔය බල්ලො පුරුදුකරන තැන අහල අහල බ්ලොග් එකේම දාන්නකො අභීත අයියේ... අපෙත් ගෙදර ඉනව පොඩි කුක්කෙක්... ඌවත් ඔය විදියට ට්‍රේනින් කරල ගත්තනම් එලම තමා...

    ReplyDelete
  4. මට පේන්නේ වටෙන් ගොඩන් එන්නේ... මටත් ඔය වගේ බල්ලෙක් හිටියනම් කියන තැනට වෙන්ටෑ...

    ReplyDelete
  5. මරු මරු අයියා.... තව මෙව්වා ඕනේ....

    ReplyDelete
  6. හක් හක්... 18+ කිවුවම මාත් මේ හරි දාගෙන කියෙවුවෙ... ඕකෙ කලින් කතාව මං 7 වසරෙදි අහල තියෙනව යාලුවෙක්ගෙන්.. 2වෙනි කතාව 10 වසරෙ විද්‍යාව පංතියෙ සර් කියා දීපු එකක්.. :D හැබැයි ඔය දෙකෙක්න් එකක්වත් අපි සැන්ඩි කොරල නෙවේ ඔන් ඇහුවෙ.. :P :P

    ReplyDelete
  7. හොද වෙලාවට...මම පොඩි එකා ඇස් දෙක වහගෙන කියෙව්වේ...

    ReplyDelete
  8. අසේලයි නිශාන්තයි කිව්වහම කාව හරි මතක් වෙනවා මතක් වෙනවා වගේනේ........... :D

    ReplyDelete
  9. හික්ස්. මොනාද අප්පා රංගට ඒකෙත් මඩක් ගහලනෙ. අසේල වගේ නමක් මොකට ගත්තද. හික්ස්.

    ReplyDelete
  10. හිහ්..හිහ්... ඔයා දැන් ඇඟට පතට නොදැනෙන්නත් මඩ ගහනවා නේද? කෙලින්ම මඩ ගහනවට වඩා ඒකෙත් පොඩි ගතියක් තියෙනවා.... :D

    ReplyDelete
  11. wasantha duklgannaraala da?

    ReplyDelete
  12. අයියෝ ........ හිනා කාලා පන යනවා .........
    තේ එක මාර රසට තියෙන්න ඇති නේ ..........
    මාලු එක පැත්තකින් තියලද දන්නෙ නැහැ බැල්ලිට අතවර කලේ ..

    ReplyDelete
  13. :D :D
    මාත් පුරැදු කරන්න ඕන ඔය වගේ බල්ලෙක්.

    ReplyDelete
  14. අන්න බල්ලෝ නේද අභිත අයියේ.....

    ReplyDelete
  15. නෑ සර් එතන තමයි ගහගෙන හිටියේ.... ඒත් ඉතින් මුදලාලි කිව්වනේ මෙතනට ප්ලේන්ටි හතරක් ගෙනත් දෙන්න කියලා......

    හිහි එල අරුන්ට ජීවිතේටම කැන්ටිමේ තේ එපාවෙනන ඇති....

    ReplyDelete
  16. නැද්ද ඔය කියන ජාතියේ බල්ලො ගන්න තැනක්?

    ReplyDelete
  17. කොහොමත් කැම්පස් කැන්ටින් වල තේ ඔහොම තමයි.....

    ReplyDelete
  18. අඩේ . . .ඒකද උඹ පහුගිය දවස් වල බලු කුක්කෙක් හොය හොයා හිටියෙ . . . ???

    ReplyDelete
  19. අපෝ නිසාන්තට ඔච්චර ස්ථානෝචිත ප්‍රඥාවක් නෑ ;)

    ReplyDelete
  20. බල්ලෙක් වුනත් හදන්න ඕනේ මේ විදිහට ස්වාමියාට හිතවත් විදිහට තමා :))

    ReplyDelete
  21. මට හිටපු බල්ලව කවුද බල්ලෙක් හොරකංකරගෙන ගිහිල්ලනේ !

    ඒකාලේ අපේ බල්ලා මම විසිකරන හැමදෙයක්ම අරගෙන එනවා .ඒවගේ බල්ලෙක් අහලගං අහතකවත් හිටියේ නෑ .අපි එහෙමයි බලෝ හැදුවේ .

    ReplyDelete
  22. එලම තමා....තාම හිනා....

    ReplyDelete
  23. මරු කතාව ...හෙහෙහෙ.....

    ReplyDelete
  24. බලු කතාවනම් නියමයි...

    ReplyDelete
  25. දැං කවුද ඔය මිස්ටර් "නිශාන්ත"යි මිස්ටර් "අසේල"යි . . . . ??? අපි අඳුනන දෙන්නෙක් වද්දැ ????

    ReplyDelete
  26. මමත් කියවන්ටද?

    ReplyDelete
  27. මාත් ඇවිත් හොරෙන් කියවලා යන්නත් හිතලා
    වැරදි වැඩක් නිසා සටහනක් තිබ්බා.හික්ස්.
    අයියලා ටික එකතු වෙලා කතාවෙන එව්වා.

    ReplyDelete
  28. චික් මේක බැලුවට පස්සේ ගෙදර හදන ප්ලේන්ටියත් එපා වුනා .මොකද මේක මතක් වෙලා ඉස්මොල්ලේ යයි කියල දැන් ඔයාලත් ප්ලේන්ටි බොන්නේ නැහැලු නේද.

    ඕකනේ කියන්නේ උන පුරුකේ දැම්මත් බල්ලාගේ ගති අරින්න බැහැ කියල.

    ReplyDelete
  29. මේ කතා දෙකම අහලා තියෙනවා. ඒ කියන්නෙ උඹ දන්න වසන්ත අයියා මටත් හම්බ වෙලා තියෙනවා කියන එකද ?

    ඔය වසන්ත අයියා ගොඩක් උස, මීඩියා වලට සම්භන්ධ පොරක්ද ?

    අර බල්ලගේ කතාවනම්, සැර බාල නොකර ලිව්වනම් තමයි අගේ වැඩි....!

    ReplyDelete
  30. වසන්ත අයියා, වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාළ ද?

    ReplyDelete
  31. මං ඇතිකරපු බල්ලා හැමෝටම නැතුව මට විතරයි බුරන්නේ.මං හිතන්නේ ආදරේට වෙන්න ඇති.

    ReplyDelete
  32. me katha dekama uputa ganeem
    api iskole yana kale kiwwa katha dekak

    ReplyDelete
  33. වසන්ත අයියා කියල තියෙන්නෙ ගොඩාක් පරණ කතා දෙකක්, එයා මුහුණ දීපු සිද්ධි හැටියට වෙනස් කරල.
    කමක් නැහැ දාපු එක හොඳයි අහල නැති අයට දැනගන්න.

    ReplyDelete
  34. එළකිරි සහ නල ජලය තමයි!!!

    ReplyDelete
  35. හිහ් හ්ඉහ් ඔන්න බල්ලෝ

    ReplyDelete
  36. එල එල අන්න බල්ලෝ

    ReplyDelete
  37. balloth ekka baaaaaa

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...