Tuesday, June 7, 2011

මටත් බලපාන නැන්දම්මා ලේලි සහ නෑනලා නෑනලා අර්බුදේ.....

ඊයේ දවස වෙද්දි මගේ විවාහ ජීවිතේට අවුරුදු හතරක් පිරුනා... කිසිම රන්ඩු සරුවල් නැතුව ගහ මරාගැනීම් නැතුව ගෙවුන මේ වසර හතරේ මට පොඩ්ඩක් හරි අනියමින් හරි බලපාපු ගැටළුවකට තිබ්බේ මේ නැන්දම්මා ලේලි ගැටළුව.... එහෙම නැත්නම් අපේ අක්කලා තුන් දෙනයි මගේ බිරිඳයි අතරෙ තිබ්බ සම්භන්ධතාවය පිළිබඳ ගැටලුවයි....


මම මෙහෙම ලිපි කීපයක් දැනට ලියලා තියෙනවා.... කීපයක් කීවට දෙකයි...එක තමයි


කසාදයක් බදිනවද? බුදු අම්මෝ මටනම් බෑ..... කියන එක...


අනික තමයි....


නවම් මචන්, ආයෙ ලියන්න එපා බන් මේ වගේ කතා... මේ කතාව ටිකක් හිනාවෙන්න නෙවෙයි.. කියන කතාව...


ඔය ඉහත කියන කතා දෙකේම දෙපැත්තක් තියෙනවා.... දෙවෙනි කතාවේ කමෙන්ට් එකක් විදිහට මුහුදු කොල්ලකාරයා මෙන්න මෙහෙම දාලා තියෙනවා...


අභීත - ඔතන තියෙන්නෙ එහා ඉවුරෙ තණකොළ කොළ පාටයි කතාව නේද? අපි හැමෝම හිතන්නෙ අපිට නැති දේ හොඳයි කියල. ගමේ ඉන්න අය කල්පනා කරන්නෙ නගරෙට එන්ඩ. නගරේ ඉන්න අය කල්පනා කරන්නෙ ගම ඊට හොඳයි කියල. අපි වගේ රටින් පිට ඉන්න එවුන් කල්පනා කරන්නෙ ලංකාව කොච්චර හොඳද කියල. නමුත් සැබෑ තත්වෙ කියන්නෙ නගරෙට ඇවිල්ල ලබාගන්න දේවල් ගමේ ඉඳන් ලබා ගන්නත් බෑ, රට ඇවිල්ල ලබා ගන්න දේවල් ලංකාවෙ ඉඳන් ලබාගන්නත් බෑ (බොහෝ වෙලාවට). නමුත් ඒ දේවල් ලබා ගත්තට පස්සේ අපිට තේරෙනව ඒවායේ හිතපු තරම් සතුටක් නෑ කියල. ඊට පස්සේ ඒ වෙනුවෙන් කරපු කැප කිරීම් ගැන දුක් වෙනව. උදේට නැගිටිද්දී රේඩියෝ එකේ පිරිත් යනව අහන්ඩ, අම්මගේ අතින් හදපු කෑම 3 වේලටම කන්ඩ, කිලෝ ගණන් රෙදි පොරවගන්නෙ නැතිව සැහැල්ලුවෙන් එලියට බැහැල ඇවිදගෙන යන්ඩ පෙරුම් පුරන තරම දන්නෙ අපි විතරයි. එත් ඉතින් ඒක තමා අපි ලබාගන්න දේවල් වෙනුවෙන් ගෙවන වන්දිය. අනේ මන්ද, කොමෙන්ට් ඒක පොස්ට් එකක් තරං ලොකු උනා. අභීත බොක්කට වැදෙන්ඩ ලියල තියෙනව. කියවපු ගමන් මටත් සිතිවිලි ගලාගෙන ආව.



ඉතින් ඔය උඩින් කියපු මාතෘකාවේ තියෙන සිද්ධිය සම්භන්ධ අත්දැකීමෙනුත් මට තියෙන්නෙ ඔන්න ඔය වගේ සිද්ධියක්....


මොකද දන්නවද? අපේ අම්මයි මගේ බිරිඳයි දෙන්නා හරිම එකතුයි.... දෙන්නා එකතු වෙන තැනදි මම තමයි තුන්වෙනි පාර්ශ්වය... ඉතින් හැම බැනුමක්ම, නෝන්ඩියක්ම, සවුත්තුවක්ම, අවවාදයක්ම, අනුශාසනාවක්ම මට තමයි... අන්න ඒ වෙලාවට මට හිතෙන්නේ අනේ බොහොමයක් තැන් වලදි වගේ මේ දෙන්නාට දෙන්නා මල පැනගෙන කෙහෙවලු පටලවාගෙන හිටියානම් කොච්චර ශෝයිද කියලා.....


අක්කලා සම්භන්ධෙනුත් මේ තත්වේ එහෙමමයි... අක්කලා තුන් දෙනයි මගේ බිරිඳයි එකතු උනාම නොකිය යුතු දේවලුත් කියනවනේ.. අන්න එතනදි තමයි ලෝක පූජිත මඩයටත් කට උත්තර නැතිවෙන්න මඩ පාරවල් දීලා සිංහයෙක් වගේ ඉන්න මමත්, බලු නොවටින ගානට වටින්නේ....  මම පොඩි කාලේ කරපු චාටර් වැඩ සහ තවත් අනන්මනන් සිද්ධි අක්කලා බිරිඳට කියනවා.. ඒ ඉතින් මෙයා ඒවා ආයුදයක් කර ගන්නෙ නැති බව දන්න නිසා... අම්මපා.. කවදහරි ඒවා ආයුදයක් කර ගත්තොත්... අන්න එදාට තමයි ඔයාලගෙ ටිකක් හිනාවෙන එකත් නවතින්නේ.....


දැන් මේ වැල් වටාරම් කිව්වේ වෙන මොකුත් කියන්න නෙමෙයි.... නැන්දම්මා හා ලේලි අතර පවතින අර්බුදය හා නෑනලා නෑනලා අතර පවතින අර්බුදෙත් දිගුකල් දිනේවා කියලා කියන්නයි.... අනේ මන්දා මටත් හිතෙන දේවල්......

42 comments:

  1. සුභ පැතුම් අභියයියේ!

    ReplyDelete
  2. හික්ස් බලනකොට අර්බුද තියන එකත් ..හොඳයි නෙව

    ReplyDelete
  3. ඔන්න මගෙන් උණුසුම් සුබ පැතුම් මුලින්ම ..........

    වාසනාවන්තයි කිසි කේස් එකක් නැතුව දවස් 365 ඒවා හතරක් නැන්දම්මා,ලේලි, සහෝදරියෝ එක්ක ගෙවිච්ච එක ......

    මමත් ඔය ගැන ලිපි කීපයක්ම දැම්මා ......
    වෙලා තිබුනොත් ඇවිත් බලන්නකෝ ....

    http://pansalhandiya.blogspot.com/2011/03/blog-post.html

    http://pansalhandiya.blogspot.com/2011/03/blog-post_14.html

    http://pansalhandiya.blogspot.com/2011/06/blog-post.html

    ReplyDelete
  4. මචෝ . . . උඹේ හාමිනේට අලුතින් නැන්දම්ම සහ නෑනල එක්ක වලි දාගන්න ඕනෙ නෑනෙ . . . . ඒ මනුස්සය උඹත් එක්ක අවුරුදු වලිංම 4ක් ගෙවපු පව ඇති බුදුන් දැක නිවන් දකින්නම . . . . සමහරවිට උඹේ අම්මයි අක්කලයි ඔය සීන් එක දන්නව ඇති හොඳටම . . . . ඉතිං එයාල උඹේ හාමිනේට අනුකම්පාකරනව ඇති . . . . . හික්ෂ් . . .

    මචෝ . . . . ලොකු වචන වලිං කියවෙන ඇනිවර්සරි කීපයක්ම සතුටින් සමරන්න ලැබේවායි පතනව . . . . . සුභ අනාගතයක් . . . තුම්පත් රෑනටම . . .

    ReplyDelete
  5. බොරු කියන්න එපා යකෝ..මේ ලිපියේ අන්තර් ගතය එහෙමම පිටින්ම බොරුවක්..

    උඹ මේ ලගකදී මං කියන සිද්දියට අදාල පොටෝ එක උඹේ මුණුපොතේ ඇල්බම් එකෙන් මකලා තිබ්බා..ඒත් මට තාම මතකයි ඒක..තොට මුලින්ම බිරින්දෑ පහර දුන්නේ බොලාගේ හනිමූන් එකේදී..ඒකට සාක්කියක් හැටියට තිබුන අර කොට්ටේ දෑත බදලා තොට දීලා අදින පොටෝව මැකුවේ ඇයි..?
    එහෙම තියෙද්දී නේද මේ බොරු කියන්නේ කිසිම "ගහ මරා ගැනීමක් නැතිව" කියලා...

    ඊ ළග බොරුව තමා
    "අන්න එතනදි තමයි ලෝක පූජිත මඩයටත් කට උත්තර නැතිවෙන්න මඩ පාරවල් දීලා සිංහයෙක් වගේ ඉන්න මමත්"

    අනේ බං දැන් උඹ තනියම දිනුම දී ගත්තද උඹටම..හිතේ ඇති..එව්වා හදේ තමා..තාම මඩයා සිංහ සෙයියාවෙන් වැඩ ඉන්නවා මට පේන විදියටනං...

    හරි හරි ඒවා වැඩක් නැහැ..දැන් කියඤ්ඤංකෝ..උඹ බොරු හැටක් විතර ලියාගෙන ආවත් මොනවා උනත් උඹලගේ විවාහයේ 4 වෙනි සංවත්සරේ නෙව...ආන්න ඒකට මගේ උණුසුම් සුභ පැතුම්..!

    අනික තමා බොලාගේ බිරින්දෑට විශේෂ ස්තූතියක් කරන්න කැමතියි මේ ගමන්ම...ලොකු දෙයක් නංගියේ මෙහෙම නරි වෙදෙක්ව ඔහොමවත් පරිපාලනය කොරගෙන ඉන්න එකට...

    (මං දන්නවා මං දන්නවා උඹ කැමති නැහැ මං මේ උඹේ බ්ලොග් එකේ කොමෙන්ට් කොරනවට..ඒත් මෙහෙම ඒවා දැක්කම කොහොමද බොල මං කට පියාගෙන ඉන්නේ...හැක් හැක්...)

    ReplyDelete
  6. සුභ වේවා සහෝදරයා..!! ගැටුම සැමදා දිනේවා කියා පතනවා..!! :)

    ReplyDelete
  7. @ඕනයා...
    අනේ මංදා බං..අන්න අභිතයා උඹවයි මාවයි මඩයවයි මේ කොමෙන්ට් වලින් අහක් කරලා තියන්න මොනවා හරි ගැජට් එකක් තියේද කියලා හොයනවළු..

    ReplyDelete
  8. අම්මෝ නැන්දම්මගෙයි ලේලිගෙයි අවුල රජ කාලේ ඉදන්ම එන එකක් නේ.

    ReplyDelete
  9. විවාහ දිවියට සුභ පැතුම් අයියේ

    ReplyDelete
  10. එහෙනං.... දිගුකල් නෙවේ චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!!

    මටත් ඉතින් අදාළව තිබ්බා කාලයක් මලේ... දැන් අවුරුද්දකට කලින් නැත්තටම නැති වුනානෙ ඔය අර්බුදේ...

    http://thanojar.blogspot.com/2011/06/blog-post.html

    අර්බුද නැති වුනාම දැනෙනව මලේ ඒ අර්බුද තිබ්බානම් කියලා..

    ReplyDelete
  11. 4 වෙනි සංවත්සරේට මෙන්න මගෙනුත් උණුසුම් සුභපැතුම්... ජයවේවා!!!!!

    ReplyDelete
  12. මේ වගේම ඉදිරියටත් අක්කටයි අයියටයි මල්ලි බබාටයි සතුටින් ඉන්න කියලා සුභ පතනවා......!!!!!!

    ReplyDelete
  13. සුභපැතුම් අයියේ. කොච්චර වාසනාවක්ද අර්බුධය මෙහෙම වෙලා තියෙන එක.

    ReplyDelete
  14. සුබ අනාගතයක්.... (අනේ අද රෑට රංජුලා අක්කා මේක දැකපිය)

    ReplyDelete
  15. අනේ මන්දා පුදුම ප්‍රාර්ථනාවක් තමයි අන්තිමට කරලා තියෙන්නේ..:-(

    ReplyDelete
  16. සුබ පැතුම් අයියේ.. පුංචි පවුලට බුදු සරණයි..!

    ReplyDelete
  17. නැන්දම්මා + ලේලි = අපි සුනේ සුං

    ....අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.....

    විවාහ සංවත්සරයට මගෙනුත් උණුසුම් සුභ පැතුම්.....

    ReplyDelete
  18. උඹ හරි වාසනාවන්තයි බං, මම මේ දවස්වල රස්සාව කරන්නෙත් අමාරැවෙන් හිත හදා‍ගෙන නැන්දම්මා ලේලි ගැටළු වලදී අපි අසරණ වෙනවා පැත්තක් ගන්න බෑනේ. අනේ මන්දා පිරිමි 1000 ක් එකට හිටියත් ගෑනු දෙන්නෙක=ට එකට ඉන්න බැරි හැටි. ‍

    ReplyDelete
  19. තවම හතරයි නේ....තව තියේ...අපිට වාර්ථාමය චිත්තර පටියක් හදන්න පුලුවන්.....

    ReplyDelete
  20. අහ් හැපි ඇනිවසරියක් වේවා අභියෝ . . .

    අපොයි උඹේ ලිපියේ කරුනු කියෝපුවාම තේරුනේ වහාම ක්‍රියාත්මක වන පරිදි දෙගොල්ලෝ කෙටවීමේ සූක්ශම වියාපාරයක් දැන්මම පටන් ගන්න ඕන . . .

    තැන්කූ ඈ උපදෙස් වලට

    ReplyDelete
  21. සුභ පැතුම් !!!!...

    නැන්දම්මා හා ලේලි අතර පවතින අර්බුදය හා නෑනලා නෑනලා අතර පවතින අර්බුදෙත් දිගුකල් දිනේවා

    ReplyDelete
  22. සුබ පස්වෙනි වසරක් වේවා !(හතර ඉවරයිනේ)අපේ නැන්දම්මා නම් බොහොම හොඳයි.. ඒ මොකද මන් ඉතින් එයත් එක්ක ඕපාදුප කය්ය ගහනවනේ.. එයාගේ දුවත් කරන්නේ නැහැ ඒක. ඉතින් ඕනෑම දෙයකදී අපේ නැන්දම්මා ඉන්නේ මගේ පැත්තේ.. හැබැයි අපි ඉතින් ගෙදර ඉන්නේ අවුරුද්දකට මාසයක් විතරයිනේ.. ඉතින් කොහොමද වලි යන්නේ ? අපේ අම්ම නම් ජීවත්ව ඉන්නකොට මගේ හාමිනේට බොහොම ආදරෙන් හිටියේ.. දැන් ඉතින් එයාට නැන්දම්මෙක් නැහැ..

    ReplyDelete
  23. ඔයාලගේ 4 වෙනි විවාහ ස්ංවත්සරයට සුභ පැතුම් මල්ලී නංගී ඔය දෙන්නටම!!!!!!

    නදීෂා අක්කා

    ReplyDelete
  24. සුභ අනාගතයක්....!!!

    ReplyDelete
  25. හෙහ්! හෙහ්! අභීතට එහා ඉවුරමයි පේන්නෙ නේද? හැබැයි මේ කාරණයෙදි නම් පහුගිය අවුරුදු 4 වගේ තව චිරාත් කාලයක් මෙහා ඉවුරේම ඉන්නට ලැබේවා කියල ප්‍රර්ථනා කරනව.!සාර්ථක යුග දිවියකට සුබ පැතුම්!

    ReplyDelete
  26. @හා පැටික්කි (MS)

    "අක්කටයි අයියටයි මල්ලි බබාටයි" මොකක්ද හලෝ ඒ නෑ කම

    @අභීත

    ඔයාලගේ 4 වෙනි විවාහ ස්ංවත්සරයට සුභ පැතුම්

    ReplyDelete
  27. අභියෝ, උඹේ හතරට මගෙන් උණුසුම් සුභ පැතුම්....! ඔය නැන්දම්මා ලේලි ගැටළු මටත් නෑ නොවැ..... මොකද බැඳලා වැඩි කාලයක් යන්න කලියෙන් අපි දෙන්නා අර හැමෝම පතනවා වගේ අපේම ලොවක එහෙම නැතිනම් ගිණි පුපුරු ගහන වාලුකා කතරේ තනි වෙලානෙ ඉන්නෙ...!

    ReplyDelete
  28. විවාහ සංවත්සරයට සුභ පැතුම්. නැන්දම්මලා, ලේලිලා, මාමලා, බෑණලා දිගුකල් දිනේවා.

    ReplyDelete
  29. ඉවරයි ඉවරයි.. විනාසයිනෙව දැං. හපෙ අප්පෝ මේකෙ එවුන්ග ඇස්වහ කටවහ වැදිල අද උඹ ගෙදර යනකොට බලහංකො උන්දැ වැට පොල්ලකුත් තියං බලාන ඉන්න අපූරුව.

    සන්තෝසයි අභීත. හැමදාටම සන්තෝසෙ පිරිච්ච ජීවිතයක්ම උඹලට ලැබේවා !

    ReplyDelete
  30. විවාහ දිවියට සුභ පැතුම් අයියේ පුංචි පවුල රත්තරන්ලුනේ...

    මේ සාර්තක දිවියේ රහස.. මාමා රංජුලා අක්කාට අතිශය කීකරු වීමද?

    ReplyDelete
  31. @ සුදු හංසි: සාමාන්‍යයෙන් සාර්ථක විවාහ දිවියක රහස, යමක් ගැන දෙදෙනා විරුද්ධ අදහස් දරනකොට, හැමවෙලේම එක්කෙනෙක් අනිකාට ඉඩ දීලා නිහඬ වීමලු- 'එක්කෙනා' අභීතලු.

    ReplyDelete
  32. @ mahima
    ආ ඒක අළුත්ම නෑදකම. අංකල් කිව්වොත් ගුටි කන්න වෙන නිසා අයියා කිව්වා. එච්චරයි. හික්ස්.......

    @ නලිනි අක්කා

    හික්ස්...... අක්කත් කියන්නේ මරු කතා.......

    ReplyDelete
  33. "කකුළුව දිය කෙලියේ"

    ReplyDelete
  34. අඩේ අභිත අයියා අයියාගෙ අක්කලාටයි අම්මටයි නෝනාටයි බ්ලොග් ලියන්න එන්න කියන්නකෝ එතකොට 6 දෙනෙක් (මඩයත් එක්ක) ඉන්නවා අභීයට මඩ ගහන්න.... එහෙම වුනොත් ඉතින් උබ ඔලුව උස්සන් ඉදලා හමාරයි...

    ReplyDelete
  35. සුබ පැතුම්.
    ගුටි නොකා තව කාලයක් ඉන්න ලැබේවා!!

    ReplyDelete
  36. මට පේන්නෙ මේ පවුලත් අර ලෝක පවුල් විසේසඥයො හොයගත්තු සකච්චා සම්මුති ක්‍රමේ අනුගමනය කරන, හොඳ සාර්ථක පවුලක්. අවුරුදු හතරක් ගහ මරා ගන්නෙ නැතුව ගෙවිල තියෙන්නෙ ඒකයි....

    ක්‍රමේ මේකයි....

    නෝනට මොකක් හරි දෙයක් කරන්න ඕනනම් අභීත එක්ක සාකච්චා කරල නෝන කැමති විදිහට කරන්න සම්මුතියකට එනව...

    අභීතට මොකක් හරි තීරනයක් ගන්න ඕනනම් නෝන එක්ක සාකච්චා කරල නෝන කැමති විදිහට කරන්න සම්මුතියකට එනව...

    ආප් දෝනෝ සදා සුඛී රහෝ !!!

    ReplyDelete
  37. හපේ.... ගෑටුම් තිබ්බනම් සහෝට මෙහෙම ටිකක් හිනා වෙවී හිටිත හෑකි වේද ???

    හිකිස්

    මෙන්න මගෙනුත් සුබ පෑතුම්... වසර 4 ට ~!!!!!

    ReplyDelete
  38. Happy Anniversary Abeetha & Ranju...(1000 times agreed with Onaya)

    ReplyDelete
  39. ඔහොම සන්තෝසෙන් ඉන්නවානම් ඉතින් ආයේ මොනවද ?

    හැබැයි ඉතින් මෙයා අපි ඉස්සරහා මෙහෙම කීවට සත්‍ය සිදුවීම වසන් කරාද මන්දා ? දන්නෝ දනිති නැද්ද මචං ..

    මචං අයියේ අපි දැන් අනිත් පැත්තෙනුත් කතා කරලා බලමු නැන්දම්මගෙයි උඹගෙයි අතර ගුටි බැට හුවමාරු එහෙම ඇතිවෙන්නේ නැද්ද ?

    ඔයාගේ බිරින්දෑයි බිරින්දෑගේ අම්මයි එකතුවෙච්ච තැනදී උඹ කීවෙනි පාර්ශ්වයද බං ?

    ReplyDelete
  40. සුභ පැතුම් කිව්වා ජෝඩුවටම සහ මින්හස් පැංචට..අභී අක්කට ජයවේවා.

    ReplyDelete
  41. විවාහ සංවත්සරයට මගෙනුත් සුභ පැතුම්... හැමදාම ඔහොම සතුටෙන් සමාදානෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....

    ReplyDelete
  42. හැප්පි හැප්පි ඇනිවසරි අයියා.... පඩිපේලියෙ පළවෙනි පඩිය විතරනෙ තාම තව 10-12ක් හැදුවම අපි ආයෙත් සුභ පතන්නම් .... තෑගි අරගෙන එන්න මේල් ත්‍රේඩ් එකක්වත් දාන්නම් අපේ එවුන් මරා ගනියි බොලාට තෑගි ගේන්න පොර කාලා.

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...