Thursday, July 28, 2011

ටෙලි නාට්‍ය නිළියන් පාරට වැටෙන හේතුව දන්නවද? මේ ගැන ලියනවද නැද්ද?

පහුගිය දවසක පුවත්පත් වල වගේම සෑම මාධ්‍යයකම උනු කැවුම් වගේ අලෙවි වෙච්ච ප්‍රවෘත්තියක් ගියා හැමෝටම මතක ඇති... ඒ තමයි ටෙලි නාට්‍ය නිළියන් අයථා හැසිරීම් නිසා අත් අඩංගුවට පත්වීම... මගේ සංචාරක ව්‍යාපාරය කියන ක්ශේත්‍රයේදී ඕක බොහොම ඉහලින් කියැවෙන ක්ශේෂ්ත්‍රයක්... අපේ බ්ලොග් කියවන සමහරුත් මගෙන් ඔය ගැන කෝල් කරලා ඇහුවා.. ඉතින් මම හිතුවා මේ ගැන ලිපියක් ලිව්වොත් හොඳයි කියලා...


ගණිකා ව්‍යාපාරයට වඩා ඉතා සූක්ෂම ව්‍යාපාරයක් විදිහට තමයි මෙම ව්‍යාපාරය පැවැත්වෙන්නේ... ආධුනික නිළියන් පොඩි පොඩි හෝටල් වලට ගියත් වටිනාකමින් වැඩි ජනප්‍රිය නිළියන් මේ සඳහා තෝර ගන්නේ තරු පහේ නැත්නම් තරු හතරේ හෝටල් පමණයි... මේවා ලියලා මාව පොලිසියට ගෙනියයිද මංදා.... ඒත් ඉතින් දන්න දේවල් කියන්න ඕනනේ... ඉතින් මේ ව්‍යාපාරය යන්නේ පහත විදිහටයි...


එක් තරැව් කරුවෙක් මගින් තමයි නිළියන් 20ක් 25ක් සම්භන්ධීකරනය වෙන්නේ... එක් එක් නිළියන් කෙරෙහි වන මූල්‍යමය අගය වෙනස් වෙනවා... රුපියල් තුන්දාහක සිට රුපියල් විසිපන්දහස දක්වා මිල වෙනස්වන මොවුන්ව ලබා ගැනීම සඳහා පාරිභෝගිකයෝ ඕන තරම්..... පාරිභෝගිකයාට අවශ්‍ය වෙලාවට ගනිකාවක් ලඟට යන එක නොවී, ඇයට හැකි වේලාවක් ලබා දී පාරිභෝගිකයා තමන් ලඟට ගෙන්වා ගැනීම තමයි මෙතනදි සිද්ද වෙන්නේ.... 


මේ ලමයි ඇයි මෙහෙම හැසිරෙන්නේ කියලා හොයලා බැලුවොත් අනේ මන්දන්නේ නෑ ඒකටත් වැරැද්දක් කියන්න පුළුවන්ද කියලා.. එයාල කියන්නේ ජනප්‍රිය නිළියක් උනහම එයාල ගැන මිනිස්සු අවධානෙන් බලනවා.. උත්සව ගොඩකට ආරාධනා කරනවා... ලඟට ඇවිත් කතා කරනවා.. ඉතින් මේ වගේ හේතූන් නිසා අපි ලස්සනට අඳින්න අපේ තත්ත්වය පවත්වාගන්න අපිට හරිම ලොකු වියදමක් යනවා.... ඉතින් අපි ක්ශේෂ්ත්‍රයේ හම්බ කරන මුදල ඒ වැඩ වලට හොදටම මදි... ඉතින් ඒක තමයි අර්ධ කාලීන රැකියාවක් හැටියට අපි මේ රැකියාවෙ නියැලෙන්නෙ කියලා.... 



තව මේ ගැන කරුණු ගොඩාක් ලිවීමට තිබ්බත් ලිවිය හැකි කරුණු සීමිත නිසා මෙතනින් නවතිනවා... එක එක මානසික අසහන නිසා කුණුහරපෙන් කමෙන්ට් කරන්නෙ නැතුව වියත් සංවාදයක් ලෙස වෙනවානම් හොඳයි... මේ ලිපියෙදි නම් මම කමෙන්ට් වලට පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා... ඇනෝ කමෙන්ට් නැතිව නමින් ලියන ලෙසත් ඉල්ලා සිටිනවා.... මොකද එක් බ්ලොග් පෝස්ට් එකක් නිසා මගේ බ්ලොග් එක කැත කර ගන්න අකමැති නිසා.... මේ ටික ලිව්වේ ගොසිප් සයිට් වල කමෙන්ට් ලෙස තියෙන කුනුහරප දැක බියෙන් බවත් පැවසිය යුතුයි....


ප.ලි. මෙයත් ටිකක් හිනාවෙන්න නෙවෙයි.. සමාජයේ තවත් පැත්තක් ගැන මම දන්න දේ ලිවීමක් පමණයි.....

56 comments:

  1. මේ කියවෙන විදිහට මේ අය සමාජ තත්වය පවත්වා ගැනීමට පතිවත උකස් කරනවාට වඩා ඒ සමාජයෙන් අයින් වීම හොඳ නැද්ද?

    හැම නිළියක්ම එහෙමද?

    මට හිතට ආපු ප්‍රශ්ණ

    ReplyDelete
  2. හැම නිලියක්ම එහෙම නැතුව ඇති. සල්ලි හම්බ කරන්න වගේම විශේෂයෙන්ම මේ ක්ෂේත්‍රයේ රැඳී සිටීමටත් මේක කරන්න වෙනවා. වැඩි වැඩියෙන් චරිත ලැබෙන්න, වැඩසටහන් ලැබෙන්න ඔවුන් කියන කියන විදිහට ඉන්න වෙනවා. නොහිටියොත් දමලා ගහලා යන්න වෙනවා. අනේ මන්දා මානුෂික පැත්තක් නැතුව නෙමෙයි. ඒත් මේක දැන් පිළිලයක් වෙලා වගේ සමාජයේ.

    ReplyDelete
  3. එක එක මානසික අසහන නිසා කුණුහරපෙන් කමෙන්ට් කරන්නෙ නැතුව වියත් සංවාදයක් ලෙස වෙනවානම් හොඳයි..

    අනේ ඔව්.......... සහතික ඇත්ත.......... හා හරි අපි වියත් සංවාදයක් ගොඩ නගමු. කෝ ගන්න බලන්න මාතෘකාව.....

    ReplyDelete
  4. මුලින්ම කීවොත් මෙවැනි ගැහැනුන් ගැන ඇතිවෙන්නේ අනුකම්පාවක්. තමන්ගේ රැකියාවට සරිලන වැටුපක් මොවුන්ට නොලැබීමත්, ක්ෂේත්‍රයේ තමන්ට හිමි තැන රැකගැනීමට කරන මොවුන් කරන වෑයමත්, ඇත්තටම කණගාටුට කාරනයක්. මෙවැනි තත්වයකට යටත් නොවී ඉන්ට ක්‍රමයක් මොවුන්ට ඇත්තේම නැද්ද?

    අනිත් අතට බලනවිට සැපයුමක් ඇතිවෙන්නේ ඉල්ලුමක් නිසා නේද? ගැහැනියක වෙනුවෙන් රු.25,000 වැය කිරීමට තරම් අසහනයක් තියන සමාජයක මීටත් වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද?

    කාලීන මාතෘකාවක් යටතේ ලියැවුනු හොඳ ලිපියක් අභීත...නම අභීතනේ ඒ හන්දා කාටවත් බයවෙන්ට අවශ්‍ය නෑ......:)

    ReplyDelete
  5. මුදල් හම්බකරන ප්‍රරමාණය මදිය.ඒ නිසා මේව කරනවාය කියන දේට නං මට එකගවෙන්න අමාරුයි. මොකද මේ දේවල් නොකර හොදනමක් තියාගෙන ඉන්න අයත් අදටත් එහෙමම සමාජයේ වජබෙනවා. ඒ කතාව තමුන්ගෙ වාසියට හදාගත්තු එකක් විදියටයි මටනං පේන්නෙ.

    ReplyDelete
  6. අනේ මන්ද ඔව්වා නම්..මේ අය්යා ඔය සබ්ජෙක්ට් ඒක ගැන රිසර්ච් එකක් වත් කරාද..

    ReplyDelete
  7. යකෝ ඉතින් උන්ට නිළියක් වුනාම ඔච්චර වියදම් නම් මොකට තවත් ලැගලා ඉන්නවද? අයින් වෙලා වෙන ජොබක් හොයා ගත්තනම් ඉවරනේ.ඒක නෙමේ ඔතන ඇත්ත කතාව.උන්ගෙ ඇගෙයි හිතෙයි තියෙන වේසකම තමා හේතුව.නැත්තන් නළුවොත් තමන්ට වියදම් වැඩී කියලා වැල්ලවත්තට ගිහින් දෙකට නැමිලා ඉන්න එපැයි කීයක් හරි හම්බ කර ගන්න.මොක වුනත් කූඩැල්ලා මෙට්ටෙ උඩ ඉන්නෑ කියලත් කතාවකුත් තියෙනවා මයෙ හිතේ.
    අනික 25000ක් වියදම් කරන්න තරම් ඕකුන්ගෙ තියෙන අමුතු දේ මොකක්ද? මටනම් විකාරයි මේ විහිළු ඇහෙද්දිත්..
    මේ බිලොගේට කොමෙන්ටුවක් දාන පළවෙනි වතාවද කොහෙද? සැර වැඩිද මන්දා?

    ReplyDelete
  8. මුලින්ම මාතෘකාව ගැන ගැටළුවක් තියේ. ඔතැන "පාරට වැටෙනවා" කියන කතාව සාධාරණ නෑ. මේ නිළියො කවුරුත් පාරට වැටිල නෑ. ඔවුන් කරන්නෙ වෙන හැම කෙනෙක්ම වගේ තමන්ගෙ රැකියාව. ඒ ඇරුණහම මෙතැන වංචාවක් හොර බොරුවක් නෑ. දෙපාර්ශ්වයේම කැමැත්තෙන්, දෙපාර්ශ්වයටම සතුටු වෙන්න පුළුවන් විදියෙ ගණුදෙනුවක් මෙතැන වෙන්නෙ. අනික ඔය නිළියො උදේ ඉඳන් රෑ වෙනකල් මිනිස්සු එක්ක යන්නෙ නෑ. තමන්ට පහසු වෙලාවට වැය කරන ශ්‍රමය වෙනුවෙන් යම් මුදලක් ලබනවා. එච්චරයි. ඒ වගේම ඔය කවුරුත් මෙතැන ඉහළ කමෙන්ට් කරපු අය හිතෙන විදියට අවාසනාවන්ත නෑ. ඔවුන් ඉන්නෙ තමන්ගෙ වෘත්තිය ගැන කළකිරීමකින් නෙවෙයි. ඔවුන් බොහෝ දෙනකුට මේක ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් අපි මොකටද ප්‍රශ්නයක් කර ගන්නෙ?

    අනෙක් අතට මිනිස්සුන්ගෙ පැත්ත බැලුවොත් වයස්ගත ධනවත් පුද්ගලයින් තමන්ගෙ (බොහෝවිට මැදිවියේ හෝ වයසක) බිරිඳගෙන් ලබා ගන්න බැරි යමක් මේ තරුණ නිළියන්ගෙන් ලබා ගන්නවා. නැත්නම් ඒ මිනිස්සු ඒ වගේ සුවයක් ලබා ගන්නෙ මැරුණයින් පස්සෙද? අනික අපට මොකද? ඉරිසියා නම් තමනුත් සල්ලි ටිකක් හොයා ගන්න බලන්න.

    (ඇනෝනිමස් ලිව්වට සමාවෙන්න. නෑ නෑ මම රංග නෙවෙයි.)

    ReplyDelete
  9. මම නම් මේකෙ වැරැද්දක් දකින්නෙ නෑ... සරල ව්‍යාපාරයක්... ගැනුම්කරුවයි සැපයුම්කරුවයි කැමතිනම් ඩීල් එක වෙනව... ඕකෙන් වටපි‍ට ඉන්න උන්ට පාඩුවක් නෑනෙ... අපේ ඉන්න පොලිස් කාරයින්ට නඩුවක් හොයාගන්නයි, අනිත් අසහනකාරයින්ටයි කතාකරකර ඉන්න දේවලුයි ඕන වෙලා තියෙන නිසා තමයි මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ...

    ReplyDelete
  10. මාතෘකාව: ගණිකාව, තහනම් වචනය: ගණිකාව ???

    ReplyDelete
  11. මාතෘකාව: ගණිකාව, තහනම් වචනය: බඩු ගැසීම???

    ReplyDelete
  12. මම දන්නෙ මෙච්චරයි. නිළියන් "පාරට දාන්නෙ" පිරිමියා තුල පවතින "මම අහවල් නිළියට ... කලා" කියන්න පිරිමින් තුල ඇති කැමැත්ත මිසක් වෙන දෙයක් නෙවේ. මොකද කොයි නිළිය ගාවත් තියෙන්නෙ අනෙක් ගෑනු ලග තියන ඒවම තමා.මේකෙ සාධාරනේ අසාධාරනේ ගැන ඕන තරම් තර්ක කරන්න පුළුවන් වුනත් ලංකාවෙ නීතියෙ හැටියට ගණිකා ව්‍යාපාරය දැනට තහනම්.

    ReplyDelete
  13. මෙතන ඉල්ලුම තියෙනවා සැපයුම තියෙනවා, මාකට් ප්ලේස් එක ඉබේම ඇතිවෙනවා.

    එකම අවුල අපේ නීතියෙන් මේ වෙළඳපොල තහනම් කරලා තිබීමයි. ඒකෙන් කළුකඩයක් ඇතිවෙලා බඩු මිල අනවශ්‍ය පරිදි ඉහල යනවා.

    වෙළඳ පොල නීතී ගත කරලා නිවරදිව කරන්න ඉඩ දුන්නොත් කඩවසම් නළුවන්ටත් ඉල්ලුමක් තියේවී කාන්තා පක්‍ෂයෙන්.

    ReplyDelete
  14. 1. රස්සාවක් නොකරන ගෑනියෙක් රස්සාවක් කරන මිනිහෙක් එක්ක විවාහ වෙනවා. අර මිනිහා මේ ගෑනිට කන්න බොන්න අඳින්න ඉන්න හිටින්න දෙන්න මාසෙකට රුපියල් 25,000ක් වියදම් කරනවා.

    2. තවත් ගෑනියෙක් විවාහ නොවී මිනිස්සු කීපදෙනෙක් එක්ක ඉඳලා රුපියල් 25,000ක් මාසෙට හොයනවා. ඒ ගෑනි ඒ සල්ලි කෑමට, බීමට හා ඉන්න හිටින්න වියදම් කරනවා.

    මොකද්ද මේ දෙකේ වෙනස? ගෑනු දෙන්නම ඇඳට නඟින්නෙ සල්ලි වලට නෙවෙයිද?

    ReplyDelete
  15. අන්න අන්තිම ඇනෝ නියම කතාවක් කියල තියෙනව... මම මේ පෝස්ට් එක කියවල ඊළඟට දාන්න හිතුවෙත් ඕක..

    පුංචි වරදක් තියෙන්නෙ ගෑණු දෙන්නම ඕක කරන්නෙ සල්ලි වලට නෙමෙයි... තමන්ගෙ පැවැත්මයි, අවශ්‍යතාවයනුයි වෙනුවෙන්...

    ReplyDelete
  16. අභීත සයිඩ් බිස්නස් එකක් පටන් ගන්න එහෙම නෙමේ නේද?

    ReplyDelete
  17. නිලියක් පාරට "වැටෙනව"ද . . . ??? හිතන්න ඕනෙ කාරනයක් . . . . . හරි අපි හිතමු නිලියක් පාරට වැටෙනව කියක . . . ඒත් ඒ නිලිය වෙන කවුරු හරි විසින් පාරට දානවද . . .??? නැත්නම් එයා විසින්ම පාරට බහිනවද . . . ??? මේ සිද්දියෙදි ඔය දෙකම වෙනව හරි හරියට . . . නමුත් වැඩියෙන්ම සිද්ද වෙන්නෙ පාරට තමන් විසින්ම බහින එක නේද . . ???
    ඇයි නිලියෙක් පාරට බහින්නෙ . . . ??? මෙතනදි අපි බලන්න ඕනෙ පලවෙනි කාරනේ තමයි මොන විදියෙ නිලියොද පාරට බහින්නෙ කියල . . . . මෙගා එකක පොඩි චරිත දෙකක් විතර කරපු නිලියො තමයි හරියටම බැලුවොත් මේ සබ්ජෙක්ට් එකට බැහැල තියෙන්නෙ.
    හේතුව සරලයි . . . . . "හාන්සි වී ඉහලට යාම" කියන තියරිය පාවිච්චි කරන්න යාම තමයි මෙතන "එක" මූලික හේතුවක් වෙලා තියෙන්නෙ. දක්ෂතාවක් නැති අය . . . කෙසේ හෝ රඟපාන්න උත්සාහ කරද්දි මුලින්ම ඒ ක්ෂේත්‍රයට සම්බන්ද අයගෙ මනදොල සපුරාලීම මෙතනදි අත්යාවශ්්‍යම සාධකයක් වෙලා තියනව. හොඳම උදාහරනය . . . . මේ දවස් වල අලුතින්ම විකාශනය වන මෙගාවක ප්‍රදාන නිලිය ටෙලි තිරයට එන්න අවස්තාව ලබාගන්නෙ එක් අධ්්‍යක්ෂ වරයෙක් සමග යහන් ගතවීමෙන්. අද වනවිට මේ නිලිය එම අධ්්‍යක්ෂක වරයාගේ නවතම මෙගා ටෙලියෙ ප්‍රධාන නිලිය . . . . මේ ටෙලියෙ තිර රචනයට සම්බන්ද මගෙ ඥාතී සොහොයුරෙක් මට කිවුවෙ . . . . "මේ ***ට රඟපාන්න පුලුවං වෙන්න කතාව ලියන්න ගියාම . . . . ලිවිල්ල එපා වෙනව බං" කියල . . . . ඔන්න සිද්දිය . . .

    මේ පාරට බැහීමෙදි ගොඩාක් වෙලාවට සිදුවෙන්නෙ මෙගා එකක සීන් දෙකක විතර රඟපාපුවාම ඒ නිලිය කොහොමත් ටෙලියට සම්බන්ද අයගෙ අටින් අත යැවිල ඉවරවීම තමයි මුලින්ම . . . ඊට පස්සෙ මේ නිලිය (සීන් දෙකක හිටියත් නිලියක් නෙ) තමන් වාසය කරන සමාජය ආශ්‍රිතව නිලියක් විදියට ජීවත් විය යුතු වෙනව . . . එතනදි මෙයාට තමන් නිලියක් ලෙස ගොඩනගාගත්ත ප්‍රතිරූපය ආරක්ශා කරගන්න සතියකට දෙතුන්න්වතාවක් වත් රූපලාවන්්‍ය ආයතන වලට යන්න වෙනව . . . . ගමන බිමන තමන්ගෙම වාහනයක් නැතිනම් අඩුම ගානෙ ත්‍රී වීල් එකකවත් යන්න වෙනව . . . . ටිකක් මිල අධික ඇඳුම් ආයිත්තම් පලඳින්න වෙනව . . . . ඔන්න ඔය වගේ කැපී පෙනෙන වැඩ වලට කොහොම හරි මිල මුදල් ඕනෙ වෙනව . . .
    දැන් බලමු මේ නිලියට මෙගා එකක රඟපෑඅමෙන් කොපමන මිලක් ලැබෙනවද කියල . . . . දවසට රුපියල් 2000ක්. . . .??? ටෙලියෙ අධ්්‍යක්ෂක වරය කොහොම හරි මේ සුලු චරිත රඟපාන නිලිය ඉන්න සීන් ඔක්කොම දවසෙන් නැත්නම් දෙකෙන් කරල ඉවර කරනව . . . නිලියට අතට ලැබෙන්නෙ . . . රුපියල් 4000ක් විතර . . . ඉතින් ඕකෙන් පුලුවන්ද අර කලින් කියපු ඔක්කොම කරන්න . . . ??? එතනදි මේ කියන නිලියට ඉතුරු වෙන්නෙ එකම එක මගක් විතරයි . . . ඒ "මහ මග" . . . .

    දැන් කෙනෙක් කියයි මොකටද ඔය ජරා රස්සාවට බහින්නෙ . . . ගෙදරට වෙලා වෙන වැඩක් බලාගෙන ඉන්න පුලුවන් නෙ කියල . . . . ඒක තමයි කරුමෙ . . . අද දවසෙ කෙල්ලො කොල්ලො කීදෙනෙක් නම් ඉන්නවද ටෙලියක . . චිත්‍රපටියක රඟපාන්න සුලු හෝ අවස්තාවක් ලබාගන්න "ඕනෙම" කැපකිරීමක් කරන්න බලාගෙන . . . එහෙම අය පලවෙනි සීන් එක ලබාගන්න අර කැප කිරීම කරද්දිම එයා "පාරට බැහැල" ඉවරයි . . . ඊට පස්සෙ ඔය කවුරුවත් ආපහු යන්නෙ නෑ . . . . ඒක තමයි "අසීමිත නිදහසේ" සහ "සල්ලි"වල රස . . .

    තව කවුරු හරි කියයි "හරි නිලියො පාරට බහිනවම කියමුකො . . . කවුද යකෝ උන්ට විසි පන්දාහ තිස් දාහ වියදම් කරන ගොනා . . . ??? ඒ ගාන වියදම් කරන්න ඕකියන්ගෙ අහවල් එක රත්තරන්ද . . ???" කියල . .
    ඇත්ත .. . . හිතන්න ඕනෙ කාරනයක් . . . මෙතනදි හිතන්න ඕනෙ කාරනා දෙකයි තියෙන්නෙ . . .

    පලවෙනි එක . . . ලංකාවෙ අපි දන්නව හෝ නොදන්නව උනාට එක මොහොතකට "ඕනෑම මුදලක්" වියදම් කරන්න පුලුවන් මිනිස්සු ඉන්නව . . . ඒක විහිලුවක් වත් . . බොරුවක්වත් නෙමේ . . .

    දෙවනි එක . . . ගෑනු තමන් එක්ක නිදාගත් අය ගැන කියවන්න යන්නෙ නැති උනාට . . පිරිමි බහුතරයක් ඒක බරටම කියවනව . . . "අඩෝ . . . මම අරකට ගහල තියනව" . . . ඔන්න ඔය වදන් ටික කියාගන්න ගොඩක් මිනිස්සු දත කනව . .

    ඔන්න ඔය කාරනා දෙක එක ලඟ තියල බැලුවාම . . . . අර කියපු විදියෙ ගානක් වියදම් කරන්න පුලුවන් නේද . . . ??? ඒ විදියට වියදම් කරන්න පුලුවන් මිනිස්සු තමන් ටෙලි නිලියක් කියන ප්‍රසිද්ද චරිතයක් සමග යහන් ගතවුනාය කියල තමන්ගෙ යාලුවන්ට ගහන පම්පෝරිය ඒ අයට අර මුදලට වඩා වටිනව . . .

    තව කියන්න දේවල් නම් බොහෝයි . . . ඒත් මීට වඩා කියන්න ගියොත් මේක කොමෙන්ට් එකක් නොවී පෝස්ට් එකක් වෙලා තමයි නවතින්නෙ . . . .

    ReplyDelete
  18. ඕනෙගේ පිළිතුරත් එක්ක සම්පූරණයෙන්ම එකඟයි..

    ඕක නීතිගත කරලා එහෙම කරන අයගෙන ආදායම් බදු අය කර ගන්න ඕන... ආදායම් බදු වලින් මිදිලා කරන්න්න පුළුවන් හොඳම රස්සාව ඕකයි කියලයි කියන්නේ... ටෙලියක රඟපාලා තියෙනවා නම්, හෙනට ඩිමාන්ඩ් කරන්න පුලුවන්නේ.. ගැනුම් කාරයෝද නැත්තේ ලංකාවේ...

    ReplyDelete
  19. ඕක සමාජ තත්වය පවත්වාගෙන යන්න කරන දෙයක් නෙමෙයි ජීවත් වෙන්න කරන දෙයක්.

    ඇයි කවුරුත් මේ කෙල්ලො රවට්ටල නිළියො කරනව කියල උස්සල කෙළල පොඩි හිටගෙන ඉන්න කෑල්ලක රඟපාන්න දීල නිළි බෝඩ් ගහපු වේස ගෑණු පාරට දාන පරයො ගැන කතා නොකරන්නෙ?

    උගත්කමක් නැති ඒත් පෙනුම ඇති උන්ට නිළියෙක් හැටියට බැරිනං ලේසියෙන් හොඳ ගානක් හම්බ කරන්න පුළුවන් හොඳම මග මේක. ඉතින් තල්ලු කරාට පස්සෙ ඒ මගේම යනව ඇර උන්ට වෙන විකල්පයක් නෑ!

    මෙතනත් කතා කරන්නෙ නිළියො ගණිකාවො වෙන එක ගැන විතරයි, මොකද තමන් ආදරේ කරන නිළිය එහෙමයි කියන්න තීන අකමැත්ත සහ ටී වී එකේ දැක්ක විට "අපෝ ඕක බඩුවනෙ" කීමට ඇති කුහක කම ඒ.

    මේක දිගට කියන්න පුළුවන් මාතෘකාවක්. ඒත් ඔන්න ඔහෙ ඕන්නෑ!

    ReplyDelete
  20. @ ඔබාමා අයියා...

    මාත් කල්පනා කලේ ඒක තමා...

    ReplyDelete
  21. මට නම් මෙතන කිසිම අසහනයක් පේන්න නෑ.... Sex කියන්නේ අසහනයක්ද ?? මනුස්සයකුට ලිංගික අවශ්ශතාවයක් ඇතිවෙනවා... අවශ්ෂතාවය ඉටු කරගන්න නිලියක් වෙනුවෙන් රු 25,000 ක් වියදම් කරන්න ඒ මනුස්සයට පුළුවන්... ඉල්ලුම හරි... ඒ ඉල්ලුමට හරියන්න සැපයුමත් තියනවා... ඉතින් මොකද්ද අවුල...???
    අපේ රටේ තනිඋන පිරිමි, ගෑනු කොච්චර ඉන්නවද?? මේ අයට ලිංගික අවශ්ශතා නැද්ද...? මට නම් හිතෙන්නේ මේ අයගේ ලිංගික අවශ්ෂතා ඉටු කරගන්න විදිමත් ක්‍රමයක් තිබ්බ නම් ළමා අපචාර, ස්ත්‍රී දුෂණ... ටිකක් හරි අඩුවෙයි කියල.
    මෙතන තියන එකම අවුල මේක නීතියෙන් තහනම් කරල තියන එක විතරයි.... වැඩේ නීතිගත කරල විදිමත්ව කරගෙන යන්න ඉඩ දුන්න නම් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ..... ලෝකේ පරණම වුර්තිය නීති දාල තහනම් කරන්න පුළුවන් කියල හිතනවා නම් ඒ තරම් විහිළුවක් තවත් නෑ......
    මට නම් හිතෙන විදියට මෙතන අසහනය තියෙන්නේ නිලියක් වෙනුවෙන් රු 25,000 ක් වැය කරන පිරිමියටවත් රු 25,000 කට තමන්ගේ ඇඟ විකුණන නිලියටවත් නෙමේ... මේ සිද්දි වලට අනවශ්ෂ ප්‍රචාරයක් දෙන සත්ගුණවත් ප්‍රජාවට...
    අනික සුදු ඇදුම ඇදගෙන, ටයි කොට දාගෙන, සිවුරු පෙරෝගෙන.... තමන්ගේ රට ජාතිය විකුණනවට වඩා තමන්ගේ ඇඟ විකුණලා කියක් හරි හොයාගන්න එක නම්බුකාරයි නේද??????

    ReplyDelete
  22. මමත් එකඟ වෙනවා සාතන් සමග...
    හැමෝම [ ගැහැණු පිරිමි දෙගොල්ලම] තම තමන්ගෙ පැවැත්ම සඳහා තමයි හැම දේම කරන්නෙ..
    ඒක කාටවත් හානියක් නොකර කරගන්නවනම් අනිත් අයට මොකද ...?

    ReplyDelete
  23. අර කිව්වත් වගේ ඉස්සරහට නළුවොත් වැල්ලවත්තේ දෙකට නැමීගන ඉදීද දන්නේ නෑ.

    ReplyDelete
  24. මට හිතෙන්නේ අහු වුනාට පස්සෙ නිදහසට කියන කතා ඒවා. ඇග විකුනලා ලෝකෙට පෙන්න ඇදලා යාන වාහන අරගෙන හිතට එකගව ජීවත් වෙනන පුලුවන්ද.

    ReplyDelete
  25. අර ජිප්සීස් සුනිල් පෙරේරගෙන් පක්සෙ මොකක්ද කියල ඇහුවොත් කියන්නේ ස්ත්‍රී පක්ෂෙ කියල; මාත් සුනිල්ගේ පක්ෂෙ, කවදාවත් ගෑනුන්ට නම් දොසක් කියන්නේ නෑ මේ සම්බන්ධව.

    හොර උපාසකයින්ගේ රෙදි ගලවන ඒ ලඳුනට ජයවේවා!

    ReplyDelete
  26. මට ආචාර්ය මර්වින් සිල්ව අර ගස් බැඳපු සිද්දිය වෙලාවෙ කියපු කතාවක් මතක් වුණා..

    " නයා කාපු එකාටත් අමාරුවක් නැත්නම්, නයාටත් අමාරුවක් නැත්නම් අහක ඉන්න පනික්කියන්ට තියෙන අමාරුව මොකක්ද ?"

    මට පේන්නෙ හුඟාක් අදහස් පලකරල තියෙන්නෙ මේ ලයින් එකේ..

    එහෙමනම්..

    සෝමෙ අයිය ලඟ සල්ලි තියනව නම් ලතා අක්ක ලඟ කසිප්පු තීයෙනවනම් බිස්නස් එක කරන්න අරිමුද ?

    එතකොට ගංජ,හෙරොයින්, ඒවත් එහෙමම නෙමෙයිද ?..

    මට හිතෙන හැටියට.. මෙන්න මේක හරි..

    "Keeping prostitution illegal is much like keeping suicide illegal; it's not that we want to send suicidal people to jail, it's that we want to be able to help them even when they won't help themselves."

    ReplyDelete
  27. අනේ මන්ද බන් මම ඉන්න රටේ නම් ඕක නීතිගතයි.
    පත්තරේ ලුහුඬු දැන්වීම් තීරුවෙ හි‍ටු කියල නම් පෝලිමක්ම තියනව ටෙලිපෝන් නොම්බර එක්ක. කැමති කෙනෙක්ට කතා කරල ඔය ගනුදෙනුව කොරගන්ට පුලුවන්.
    කිසිම ලිංගික අසහනයක් තියන පාටක් නම් පේන්නවත් නැහැ. පට්ටම කලාතුරකින් තමයි ඔය රේප් කේස් එකක් නිවුස්වලට දකින්නෙ.
    අපේ බයිල සදාචාරෙනෙ බන්. ඔය පොරටෝක් දෙන ඕන එකෙක් නිලියක් අහුවුනොත් නොගහ ඉඳියි.

    සෝඩා ගුනේ සමග 100% එකගයි.

    ReplyDelete
  28. මම අමුත්තෙක් වගෙ මගෙ අදහස කියන්නන්. මම ඕගොල්ලන්ට අමුත්තෙක් උනාට ඔයගොල්ලො මට අමුත්ට්තො නෙවෙයි. මම හොරෙන් හොරෙන් ජනේල වලින් ඔලුව දාල ඔයගොල්ලො දිහා බලනවා. ඒත් මාර වැඩේ අනේ අර දුමියට වගෙ කසන්න ගත්තනෙ අප්ප. බඩු බනිස් - අතේ කෝට්. ඔය නිලියන්ගෙ ප්රඅශ්නෙ..... මේ system එක අතුලෙ කන්තාවො ශාරීරීක, මානසික හෝ ආර්තික අහේතු මත ඕකට පෙල ඹෙනවා. මුදල මූලික වෙච්ච සමාජ ක්රyමයක ඕක සාමන්ය දෙයක්. මේ එක අතුලෙ ආදරය කියන දේත් කුස්සියෙ දොර ගලෝගෙන පැනල දුවනවනේ. මෙතන මට පේන්නෙ පිරිමි මේක ගැන කේන්ති ගන්නෙ ලින්ගික කුහකත්වය නිසා. අනිත් එක පුරුශෝත්තම වාදය. නිලියට බනිනව ඒත් ඒ නිලිය එක්ක නිදාගන්න පිරිමියා, සමහර විට ලමයි ඉන්න තත්ත කෙනෙක් වෙන්න අති. එතකොට එතනට ඔය සදාචාර අනන් මනන් නැද්ද ?

    X porter

    ReplyDelete
  29. අප්පා කියන්න ගොඩාක් දේවල් තිබ්බත් එවා මෙතන අය කියලානේ.(දුක මුහුන)

    ReplyDelete
  30. ගණිකා ව්‍යාපාරය ලෝකෙ මුල්ම ජොබ් වලින් එකක්. නිලියො නෙමෙයි කවුරුත් ඔය ජොබ් එක කැමැත්තෙන්ම කරන්නේ නැහැ. හැබැයි මේ සමාජ අවශ්‍යතා කියන මල තොන්ඩුව අපි කවුරුත් බෙල්ලේ දාගෙන ඉන්නේ. බලන්න අපි හැම වෙලේම දුක් විදින්නේ ඇයි?
    අපේ අතෘප්තිකර ආශාවන් නිසා. ඉතිං මේයාලත් ඒක මාකට් කරනවා. පිරිමින්ගේ ආශාවන් ඉෂ්ට කිරීම ජොබ් එකක් කර ගන්නවා. අපි ඒක කරේ තියන් දඟලනවා. ඒ නිසා මටත් හිතෙනවා සමජය දියුණු වෙනකොට මේවගේ දෙවල් වැඩියෙන් පැතිරෙනවා. ඇයි?
    මිනිසා අතෘප්තිකර සත්වයෙක් නිසා. මෙහි තිබෙන බොහෝ කමෙන්ටු වලට මාත් එකඟයි. ලිපිය හොඳයි. කාලීන මාතෘකාවක්.

    ReplyDelete
  31. සෝඩා ගු‍ණේ කියපු දේම තමයි මටත් කියන්න තියෙන්නෙ!

    ReplyDelete
  32. මමනං හිතන්නේ මේක කවුරු කොහොම කිව්වත් පෞද්ගලිකත්වය මත පදනම්වූ දෙයක් කියලයි.

    ලංකාව තුල නීතිගත නොකලත් ගණිකා ව්‍යාපාරය ජයටම කෙරෙන බව නොරහසක්නේ.

    ඉල්ලුම ඇති තැනක් නිසයි , සැපයුමක් ලැබෙන්නේ.ඉල්ලුම ඇති වෙන්න හේතුව , ලංකාවත් අනෙත් රටවල් වල වගේම හැඟීම්,දැනීම ඇති , ආසාවන් තියෙන මිනිස්සු කොට්ඨාශයක් ජීවත් වෙන රටක් වීම.

    අනේ මංදා,මට හිතෙන්නේ එහෙමයි ඉතිං!

    ReplyDelete
  33. "සෝමෙ අයිය ලඟ සල්ලි තියනව නම් ලතා අක්ක ලඟ කසිප්පු තීයෙනවනම් බිස්නස් එක කරන්න අරිමුද ?

    එතකොට ගංජ,හෙරොයින්, ඒවත් එහෙමම නෙමෙයිද ?.."

    ඔව් හරියට හරි.. ඔය හැම දෙයක්ම නීතිගත කරන්න ඕනේ, ගණිකා ව්ර්‍තියත් ඇතුලත්ව.
    අවුරුදු 18ට වැඩි කෙනෙක්ට තමන්ට කැමතිනම් ගංජා, හෙරොයින්, බඩු ගැහුවට කාටවත් තියන අමාරුව මොකක්ද?

    ReplyDelete
  34. සල්ලි තියෙනවනම් ඕනෙ දෙයක් කරන එක හරිද?
    සල්ලි ලබා ගන්න ඕනෙ දෙයක් කරන එක හරිද?
    එහෙම නැත්තන් මට ඕනෙ හින්දනෙ කරන්නෙ එහෙම කරන එකෙන් තොට කසනවද කියලා අහලා මිනිස්සු පාරෙ හෙළුවෙන් යන්න පටන් ගත්තොත් ඒක හරිද?
    මෙතැන තියෙන්නෙ සමස්ත මනුශ්‍ය සංහතියේම සභ්‍යත්වය පිළිබද ගැටළුවක්. ලිංගික කුහකත්වය කියන කාරණය මෙතනට අදාල වෙන්න විදියක් නෑ මං දන්න හැටියට නම්..
    තවත් දෙයක්, තමන්ගෙ මිනිහගෙ අතේ සල්ලි තිබුනට ඌ ගිහින් නීළියක් එක්ක බුදියලා එනවට බහුතරයක් ගෑනු කැමති නෑ මයෙ හිතේ.. කැමති එවුනුත් ඇති..(එවැන්නියන්ට කියනා නම මා නොදනී) ඒ වගෙම තමයි තමන්ගෙ ගෑනිට අතට සල්ලි ඕන වුනාම පාරෙ යන මොකෙක් එක්ක හරි බුදියලා රු 500ක් 1000ක් (ඊට වඩා ගානක් සොයා ගැනීමට නම් මාකට් එකට බැසීමට පෙර ටෙලියකට මූණ දමා ගත යුතුය.) හොයා ගන්නවටත් බහුතරයක් පිරිමි කැමති නැතුව ඇති.. කැමති වුනුත් සිටිය හැක.. (එවුන්ට කියනා නම නම් මා දනී..)

    සමාජ පිළලයන් සහමුළින් විනාශ කළ නොහැකි බව මගේ මතයයි. එහෙත් ඒවා පාලනය කිරීම කළ යුතුම වන්නේය. දුටු තැන හෙලා දැකිය යුතුම වන්නේය. ඒවාට උඩ ගෙඩි දීමෙන් වැළකිය යුතුම වන්නේය. නැතිනම් ඒවායේ ඊළග ගොදුර ඔබ විය හැක.. නැතිනම් ඔබේ මව,පියා,සහෝදරිය,සහෝදරයා,පෙම්වතී,පෙම්වතා,බිරිද,සැමියා,මිතුරිය,මිතුරා හෝ ඥාතියෙක් විය හැක....

    ReplyDelete
  35. අද ලංකාවේ හැමදේම මුදල් මත තීරණය වෙන හින්දා ගොඩක් අය මුදලට මුල් තැන දෙනවා.
    එහෙම මුදල් පස්සේ හබා යන නළු නිළියෝ තමා මට හිතෙන්නේ ඔය වගේ වැඩ කරන්නේ....
    කොහෙමත් ගුණාත්මක ටෙලි නාට්‍ය සෑහෙන්න අඩුයිනේ රූපවාහිනියේ....ඉන්න ඒවගේ රඟ පාන්නෙත් අර සල්ලි වලට රඟ පාන මිනිස්සු මිසක් නළු නිළියෝ නෙවේ..

    ReplyDelete
  36. අම්මෝ අපි ගියා මෙතනින්...

    ReplyDelete
  37. මේ ලිපියෙන් කතා කරන්නෙ ‍'ටෙලි නිළියන්' ගණිකා වෘත්තියේ යෙදෙන එක ගැන නිසා සමස්ථ ගණිකා වෘත්තිය අමතක කරමුකො ටිකකට.

    ඉල්ලුමට සැපයුමත් හරියි කියමුකො.

    අධ්‍යක්ෂක එක්ක බුදියගන්න කැමති නිළිය ප්‍රධාන චරිතය රඟපාන, ඒ නිළියට රඟපාන්න පුළුවන් විදියට පිටපත ලියැවෙන නාට්‍යයක්, කට ඇරගෙන බලං ඉන්න ප්‍රේක්ෂ්ක‍යො වෙච්ච අපිට ‍මොකද වෙන්නෙ? නාට්‍ය කලාවට මොකද වෙන්නෙ? එයා දෙනවා. මෙයා ගන්නවා. මේ දෙගොල්ලොම නාට්‍ය කලාව කඩේ යවනවා. මේක ඔය කියන 'ගනුදෙනු'වට වඩා බරපතල ප්‍රශ්නයක්!

    (ගණිකාවන්ව මෙගා නාට්‍ය කඩමාලුවලට රිංගවලා, නිළියො කරවලා, ඊට පස්සෙ 'මාකට්' එක වැඩිකරගැනීමේ අලුත් 'සංකල්පයක්' ගැන විස්තරයක් කොහේදෝ තියෙනවා දැක්කා)

    ReplyDelete
  38. කියන්න ඕන හැම දේම උඩ අය කියලානේ.... ඇත්තටම සදාචාරේ රකින්න කියලා කරන වැඩ වලින් තව දුරටත් ඒක නැති වෙනවා කියලා මටත් හිතෙනවා.....

    ReplyDelete
  39. @සපතෙරු මේක තමයි පට්ටම කතාව
    "නයා කාපු එකාටත් අමාරුවක් නැත්නම්, නයාටත් අමාරුවක් නැත්නම් අහක ඉන්න පනික්කියන්ට තියෙන අමාරුව මොකක්ද"

    ReplyDelete
  40. eyalath mnissu.eyalata be pare bus wala yanna, siwer kadekin kanna, pare magin adum ganna.ithin hambakarana gana madi.dawasak shooting ekakata 2k wage denne.
    tawa ayage hubi ne.podi balal ekka taniyama inne(ex:name kiyanna beri actress kenek mata dan masa dekatakta kalin cl karal kiyanawa "tibba anthima salli walin babata kiri pkt ekak gatte malli" kiyala)
    okai samahara yage tatwe.lami international dala.gewanna salli ne.
    mamath ehema aya athi taram asuru karala athi.
    pettah,anuradapure baduwak ahu unata gossip lanka danne ne ne.
    eyala famous nisai news watenne. famous kenek mata kiwa malli man oya allala, law kiyathmaka karawana aya ekkath nida gatta.ai me apiwama allala daduwam denna yanne kiyala.okai tatwe

    ReplyDelete
  41. @ Anonymous - 10:28 PM

    OUT OF CONTEXT !!

    ReplyDelete
  42. "මේ ලිපියෙදි නම් මම කමෙන්ට් වලට පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා..."

    මගේ කොමෙන්ට් එකට නං උත්තර ඕනෙ නැහැ, මං හිතන්නෙ මාරයත් උත්තර බලාපොරොත්තු නැතුව ඇති. හැබය් අභීත, අනිත් කෂ්ටියට වෙන වෙනම ලියන උත්තර කියවන්න මං නං දත මැදගෙන ඉන්නෙ. (මලා වැරදිලා දත් තියෙනව කියල කියවුනේ.)

    ReplyDelete
  43. blogග‍ඩොල් කියනවා වගේ සෝඩා ගු‍ණේ කියපු දේම තමයි මටත් කියන්න තියෙන්නෙ! මොකද මේක සඟවන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒවගේම මම නම් හිතන්නේ මේ නිළියන් කරන්නේ යම් සේවයක් මොකද කවුරුහරි කෙනෙක් මුදලට හරි සතුටක් ලබනවා ඒකෙන්වත්. ඔබම සිතන්න මෙම නිළියෝ හරි නළුවෝ වුනත් අද රඟපාන්නේ මොනවගේ නිර්මාණවලද? කිසිදු හරයක් නැති, කුඩා දරුවන් නොමග යන ටෙලිනාට්‍ය වල. ඒ දේ කරල සමාජයේ කුඩා දරුවන්ගේ සිත් දූශ්‍ය කරන එකට වඩා හොර රහසේ මුදලට හරි අවශ්‍ය කෙනාට අව්‍යශ දේ ලබා දෙන එක ඊටත් වඩා සේවයක්. කොහොමවුනත් නළු නිළියෝ බහුතරයක් ප්‍රේක්‍ෂක ජනප්‍රසාදය දිනාගත්තවට පස්සේ අනියම් ආකාරයෙන් ගණිකා සේවයක යෙදෙනවා ඒ දේශපාලනය වෙනුවෙන් කඩේ යාම. මමත් එක් වරක් අපේ රටේ නළු නිළියෝ ක්‍රීඩකයෝ හා ගායකයෝ ගැන ලිපියක් ලිවුවා. ඔවුන් කීයෙන් කී දෙනාද සමාජයට යහපතක් ඉටුකරලා තියෙන්නේ...

    ReplyDelete
  44. මට කියන්න දෙයක් ඉතුරුවෙලා නෑ. ඒත් අයියේ ගොඩක් දෙනා කියනවා වගේ... මේක නවත්තන්න ඈහැක් එකෙක් ඉන්නව නම් ඌ පිරිමියෙක්වත් ගැහැණියෙක්වත් නෙමෙයි... දෙකටම නැති වෙන මොකෙද්ද එකෙක්....

    ReplyDelete
  45. ලංකාවේ මේ දේවල් නිල නොවන මට්ටමෙන් නීතිගතයි. නිකමට වගේ මේක කියවලා බලන්නකෝ. මේ අද පත්තරෙන් http://www.divaina.com/2011/07/30/news23.html
    නීති විරෝධී නම් මෙහෙම දේවල් වෙන්නෙ කොහොමද? ඇයි එයාලව අත්අඩංගුවට ගන්නෙ නැත්තේ.
    මේ නිලියන් අත්අඩංගුවට ගැනිමත් ආණ්ඩුව පැත්තට ලකුණු දාගන්න කරපු ප්‍රෝඩාවක්. ගමේ ගොඩේ ගෑණු කතාවෙනවනේ බලන්න ආණ්ඩුව කොච්චර හොඳද නිලියක් කියල බලන්නෙවත් නැතුව අර වේ*ව අල්ලගත්තනේ කියලා. කාටද ඉතින් ලකුණු.

    ReplyDelete
  46. ඇහ්තට මොකද නීතියෙන් ඕක තහනම් කරල තියෙන්නෙ.... තමන් කැමති වෙලාවක ත්න්ගෙ දේපල විකුනල ආදායමක් ගන්නව වගේ ඇයි ඕකට ඉඩක් නැත්තෙ... ඕක නීතිගත කරන එක ලංකාව වගේ බෞද්ධ රටකට තරම් නෑ කියල ඕකට නීති දාන එකෙන් වෙන්නෙ රටේ අපරාද වැඩි වෙන එක... ඇයි ටිහින් මිනිස්සුන්ට ඕනෙ එපාකම් කරගන්න විදියක් නෑ හොරෙන්නෙ කරගන්න වෙලා තියෙන්නෙ...

    ReplyDelete
  47. නිලියො, ගණිකාවො, ගැහැණු, පිරිමි, කොල්ලො, කෙල්ලො කවුරු උනත්.. මේ දුවන්නෙ නිමා නොවන ආශාවන් පසු පස්සෙ කියන එකයි.. මේ ආශාවන් ආයිමත්,ආයිමත්,ආයිමත් පැන නගිනවා කියන එකයි..කොච්චර දැඟලුවත් ආශාවන් තෘප්තිමත් කරන්න බැහැයි කියන එකයි තේරුම් ගිය දවසක...

    ReplyDelete
  48. ඕක අදක ඊයෙක පටන්ගනිපු දෙයක් නෙමෙයි, නිළියක් නොවුනට අම්බපාලිත් කලේ ඕකමයි. ඒත් අදට වඩා එදා සචාචාරයට තිබුනෙ වෙනත් අර්ථදැක්වීමක්. වර්ථමානයේ ඇතිවෙලා තියෙන්නෙ පුදුමාකාර සදාචාරවත් සමාජයක් නෙ. ඒකයි මේ. වැරදිලාවත් අද තියෙන තත්වය මීට අවුරුදු සීයකට හමාරකට කලින් තිබුනනම් කුඹුරුකොටනකොට අඳින අමුඩෙත් තහනම් කරයි.

    අඩුවෙන් ගෙවන නිසා තත්වය පවත්වාගන්න විකිනෙනෙව කියන එක ටොම් පචයක්, ඒ හේතුව සතිඅන්ත පත්තරේකත් කවුද මංදා ලියල තිබුන.

    සේවය සපයන්නත් ඒ සේවය ලබාගන්නත් කැමති අය ඉන්නවනම්, පාරවල් වල ප්‍රසිද්ධියේ නැතුව ඕන මඟුලක් කරාම අනිත් එවුන්ට මොකද? ඔය අල්ලන්න යන එවුනුත් අල්ලන්න නියෝග කරන එවුනුත් ඔය වැඩේ කරලම නැද්ද? හැබෑවටම නැතත් අඩුම ගානෙ හීනෙන්වත් ?

    ඇත්තටම මොකක්ද ඔය වැඩේ තියන වැ‍රැද්ද? [සමාජ රෝග හදාගන්නෙ නැතුව]

    මුදල පැත්තක තියන්න, දෙදෙනෙක් එකිනෙකාට කැමැත්තෙන් ලිංගිකව එක්වීම වැ‍රැද්දක්ද? කැමැත්තේ ඩිග්‍රී එක අර්ථදක්වන්නේ කොහොමද? [නීතිය ගැන දන්න කෙනෙක් කිව්වනම්?]

    ReplyDelete
  49. තව එකක්, ඇයි කවුරුවත් නළුවො බඩුකාරයන් වීම ගැන ලියන්නෙ, කියවන්නෙ නැත්ත?

    ReplyDelete
  50. අර කිව්ව වගේ මේව බුදු හාමුදුරුවොන්ගේ කාලෙත් තිබිච්ච.. සිද්ධාර්තට ගිහි ගේ එපාම උනේ ඕක නිසා.. (ඕනෑම දෙයක් ඕනාවට වඩා ඕනෑම නැත.) සමාන්‍යයෙන් නිලියක් ලෙස ළෝකෙම ප්‍රසිද්ද අයත් කරන්නේ ඕය දේම තමයි. බටහිර සමාජයේ අති උසස් තත්වයක් මේ අයට තියෙන්නෙ මෙහෙත් එහෙමම තමයි. තව කොටසක් තමයි මොඩල්ස් ලා ලංකාවෙත් මොඩල්ස්ලගේ ආදායම ටෙලි නිලියන්ට වඩා වැඩියි.. අනික මේක ළෝකේ ප්‍රථම රැකියාව, කාටවත්ම නවත්වන්න බෑ, සවුදියෙත් තියෙනව.

    ප්‍රශ්නේ ඒක නෙමෙයි කීයක් හරි දීල මෙයාලත් එක්ක යහන් ගත් වෙන්න බැරි උන් සහ තුන නැති උන් මේක මහා දෙයක් ලෙස පෙන්නල ස්වයං වින්දනයේ යෙදෙන එකයි. දියුණු තාක්ශනික මෙවලමක් වන පරිගනකය හා බ්ලොග් හා වෙබ් හරහාත් ඔවුන් පෙන්වන්නේ ගල් යුගයටත් එහා ගිය කාළකන්නි ලෝකයක ඔවුන් ජීවත් වන බවයි. ලස්සනම වැඩේ ඕක නෙමෙයි ඔය කාලකන්නියෝ රංබන්ඩාගේ ළඳුනේ ගීතය අගය කරළ විචාර ලියල අනේ අපොයි කියල අනෙක් පැත්තෙන් ටෙලි නිලියො ගොන්නු කියල මුල් පිටුවලම දාන එකයි.. මහ කුහක සමාජයක්..

    හොඳම හිනාව ඒක නෙමෙයි සති අග පත්තරේක අනර්කලියි, සේමිනියි, නයනා කුමාරියි පලු යන්න දීලා ට්‍රේඩ් එකේ නම කැත කරනව කියල.

    ReplyDelete
  51. බොහොම හොඳයි මේවා මෙහෙම කතා කරන එක . මන් නම් ඔය ගොසිප් කතන්දර බලන්න කැමතියි. මහා කතා විදියට අපහාස කරන්නේ . මට මතක විදියට ''ඉර මැදියම '' චිත්‍රපටයේ ප්‍රසන්න පෙන්වනවා ඕක ලස්සනට . අය්ය ගණිකා නිවාසෙකට යද්දී නංගි එතන . හොඳයි නිළිය නරකයිම කියමු ,. දැන් එතකොට එයා එක්ක යන පිරිමි . නිලියට ගල් ගහන කොට ඒ පිරිමින්ටත් වදින්න ගහනවා නම් හොඳයි . ඕව ඉතින් සදාකාලික ප්‍රශ්න . නීතිගත කරන එකත් හරියට මරණ දඬුවම නීතිගත කරනවා වගේ තමයි. හොඳයි නරකයි දෙකම . ලස්සන ජිවිතයක් ගත කරන්න ඕනෑම ගැහැනියක් ආසයි. විවිධ හේතු නිසා එය අහිමි වෙන සහ කැමැත්තෙන් හරි නොදැනුවත්ව හරි බලෙන් හරි ඔව්වට යොමු වෙන කෙල්ලෝ ගැන විවේචනය කරන්න අපිට අයිතියක් නම් නැහැ . ඔන්න එයාල පිරිමින්ව බලෙන් පහර ගෙන යන්න පටන් ගත්තු දවසට පිරිමි සේරම උන්ට ගල් ගැහුවට කමක් නැහැ . එතකම් තම තමන් යහපත්ව ඉන්න කම් ප්‍රශ්නයක් නැහැ මගෙ හිතේ.

    අනික් අතට

    මාස දෙකේ තුනේ කිරිදරුවන් දුෂණය වෙන ..ළමයෙක් පාසල් වෑන් එකක යවන්න බය ..ආච්චියෙක්ට වත් බස් එකේ කරදරයක් නැතුව යන්න බැරි ..අපේ දහම් දිවයිනේ නිලියන් පාරට වැටීම එච්චර ලොකු දෙයක් නෙමේ . ඒ අපේ සහෝදරි නෙමේ නම් දුව නෙමේ නම් එච්චරයි . දියහැලියේ ඉන්න කකුළුවෝ වගේ නට නට විතරක් නෙමේ ඒ කෙල්ලන්ට හු කියා කියා ඉන්නත් අපිට පුළුවන්.

    ReplyDelete
  52. අප්පේ උඩ කමෙන්ට් එකේ ''ගොසිප් කතා වලට අකමැතියි '' කියල නිවැරදි වෙන්න ඕන . කමෙන්ට් බොක්ස් එක හිර වෙලා මන් අයිතිකාරයට ඊ පතකුත් යැව්වා . දැන් හරි

    ReplyDelete
  53. මේ ඔක්කොම හරි වෙන්න පුලුවන්...නමුත් කව්දො කියලා තිබ්බා නිලියක් සහ බිරින්දක් මේ දෙගොල්ලොම යහන් ගත වෙන්නෙ සල්ලි වලට කියල....ඒ කතාවට නම් එකග වෙන්න අමාරුයි...ගනිකාවකට තම්න් නිදා ගන්න පුද්ගලයා ගෑන වගකීමක් නෑ,,,,නිදා ගත්තා සල්ල්ය් ගත්තා තව ක්නෙක් ලගට ගියා...ඊත් බිරින්දක් එහෙම නෑ...එතන බෑදීමක් තියනව,,,වගකීමක් තියනවා.. සමහර ගෑහනු අය ඔය තත්වෙට වෑටෙන එකට මානුශික හෙතු තිබ්බත්...අනික් උන්ට නම් තනිකර තියන්නේ වනචර කම...
    අනික මොන තරම් දුප්පත් උනත්,,හෑගීම් ..ආශාවන් තිබ්බත් නම්බු කාර විදියට ඉන්න ගෑනු අපේ රටේ ඔන්න තරම්...
    මිනිස්සු විදියට අපි සන්වර වෙන්න ඔන..

    ReplyDelete
  54. "
    "සෝමෙ අයිය ලඟ සල්ලි තියනව නම් ලතා අක්ක ලඟ කසිප්පු තීයෙනවනම් බිස්නස් එක කරන්න අරිමුද ?

    එතකොට ගංජ,හෙරොයින්, ඒවත් එහෙමම නෙමෙයිද ?.."

    ඔව් හරියට හරි.. ඔය හැම දෙයක්ම නීතිගත කරන්න ඕනේ, ගණිකා ව්ර්‍තියත් ඇතුලත්ව.
    අවුරුදු 18ට වැඩි කෙනෙක්ට තමන්ට කැමතිනම් ගංජා, හෙරොයින්, බඩු ගැහුවට කාටවත් තියන අමාරුව මොකක්ද?
    "

    මේක කියවද්දි මට හිතුනේ... ගංජා, හෙරොයින්, බඩු ගැහුවා කියමුකෝ..සමාජ රෝග කියලා ජාතියක් තියෙනවා....ගංජා, හෙරොයින්,ගහලා ඉස්පිරිතාල වල ඉන්න අයත් මම හිතනවා දැකල ඇති කියලා....ඕවට දෙන බේත් නිකන් ලංකාවට දෙන්නේ නෑ...අනික ලෙඩ හැදුනු කන්ඩායමකට රටක ආර්තිකයක් බාර ගන්න බෑ...

    තවත් කියනවා නම් මගෙ නංගිවත් මගෙ අක්කවත් මගෙ ගර්ල් ෆ්රෙනඩ්වත් මේ වගේ දෙයක් කරනවාට මම ඇත්තටම කැමති නෑ..එහෙනම් මෙතන ඉන්න අයියලාට කොහොමද පුලුවන් උනේ තමන්ගේ අක්ක නංගි එහෙම වෙනවට කැමත් නැතිව වෙන කෙනෙක් දිහා ඒ විදියට බලන්න...ඒ කෙනා ඕපපාතික නිසාද??ඒ කෙනාට ආදරේ කරන අය නැති නිසාද???

    ඉල්ලුමක් තිබ්බුනු පලියට ඒකට සැපයමකුත් තිබුනු පලියට ඒක පස්සෙන් යන එක හරිද??පොඩ්ඩක් මොලේ කල්පනා කරලා බලලා වැඩක් කරද්දි කරන්න..කට්ටිය කරන පලියට නොකර...

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...