Thursday, October 6, 2011

හිට් ලක්ෂයක්, අළුත් බ්ලොග් දෙකක්, පුදුම කරුමයක්......

මෙලෝ සම්බන්ධයක් නැති වාක්‍ය ඛණ්ඩ තුනක් තියෙද්දි ඇත්තටම හිතුවා නේද මොකක්ද මේ කියන්න හදන්නේ කියලා.. මේ පොඩි පහේ කතන්දර තුනක් තමයි කියන්න යන්නේ.. ටිකක් හිනා යන්නේ ඉතින් අන්තිම කතාවට තමයි.. වැඩි විස්තර නැතුව බහිමුකො කථාවට....


ටිකක් හිනාවෙන්න බ්ලොග් එක පටන් ගන්න කලින් මම සිංහල බ්ලොග් කියවා කියවා හිටියා.. කතන්දර, මාරයා, දුකා ඒ කාලෙත් රජ පොරවල්.... හිට්ස් ලක්ශ ගනන්.... ෆලෝවර්ස්ලත් ගමකට... බ්ලොග් එක පටන් ගද්දි මම හිට් ගනන් ගත්තෙ නතුවට පස්සේ මටත් හිතුනා ෆලෝවර්ස්ලා 300ක් විතර ඉදලා හිට් එහෙම ලක්ශයක් පැන්නුවොත් මොන වගේ වෙයිද කියලා... ඔන්න දැන් දෙකම වෙලා.. අනේ කිසි වෙනසක් නෑ.. මේ තිබ්බ විදිහටම තියෙන්නේ.. ඒත් හිතට හරිම අපූරු සතුටක් දැනෙනවා මේ වගේ පියවරින් පියවර ඉදිරියට යද්දි.... ඔන ඉතින් හිට්ස් ලක්ශේ කතාව ඉවරයි.. කෝ කට කොනට ලාවට හිනාවක් ගන්න බලන්න කට්ටිය...



අළුත් බ්ලොග් දෙකක් කිව්වට මේක අළුත් බ්ලොග් දෙකක් නෙමෙයි....   මමම ගොඩක් කල් ඉදලා ලියන බ්ලොග් දෙකක්..... සුන්දර ලංකාවේ ඇවිදින ඔයාලට අත්වැලක් වෙන්න මම බ්ලොග්ස් දෙකක් කරනවා කියලා ඔයාලගෙන් බොහෝ දෙනෙක් දන්නවා... නමුත් ඒ බ්ලොග් දෙක ප්‍රමාණවත් තරම් ඔයාලගේ අතරට ගිහින් නෑ කියලා මට හිතුනා.. ඉතින් එහෙනම් ඒ බ්ලොග් දෙකට යන පාර... නරඹමු ශ්‍රී ලංකා එකට මෙතනින් යන්න.... එහිම ඉංග්‍රීසි පරිවර්ථනයට මෙතනින් යන්න..... මීට අමතරව ලංකාවේ සංචාරය කරන්නට අවශ්‍ය උපදෙස් එහි තිබෙන දුරකථන මාර්ග වලින් ඔබට නොමිලයේ ලබා ගන්න පුළුවන්.... ඔන්න එහෙනම් දෙවෙනි කථාවත් ඉවරයි.. එහෙනම් ආයෙත් ගන්න බලන්න කට්ටිය පොඩි හිනාවක් කට කොණට....


මේ තියෙන්නේ ශාන්තගේ වාහනේ...
තුන්වෙනි කතාවත් මගේ රැකියාව සම්භන්ධ එකක්.. හැමෝම දන්නවනේ මම විවිධ සවාරි සංවිධානය කරන එකෙක් කියලා... සිංහලෙන් කිව්වොත් ටුව(ර්) කෝඩිනේටර් කෙනෙක්නේ... ඉතින් ට්‍රිප් යන එක කාට විනෝදයක් වුනත්.. අනේ අම්මපා මටනම් දැන් ඒක මල වදයක් වෙලා තියෙන්නේ.. ඉතින් පුළුවන්තරම් උත්සහ කරන්නේ ගෝලයෝ යවලා වැඩේ ශේප් කර ගන්න.... මේ කියන්න යන්නෙත් ඒ වගේ කථාවක්.. යාල වනයේ බ්ලොක් 2 එකට යන්න තියෙන ගැලපෙනම වාහනේ තමයි ශාන්තගේ ඩිෆෙන්ඩර් එක.. මුළු තිස්ස සහ යාල කලාපයටම වින්ච් එකක් හයි කරපු ෆෝ වීල් රථයකට තියෙන්නෙ එච්චරයි... ඉතින් බ්ලොක් 2 එකේ යන්න හොඳම වාහනේ තමයි ඒක...



පරිසර වේදියෝ, පරිසර හිතකාමියෝ, වනජීවී ඡායාරූප ශිල්පියෝ ඔක්කොම මේකට එන අතරේ කොළඹ ඉදන් ලොකු ෆෝ වීල් වාහන වල වැඩ දාන්නත් කට්ටිය එනවා බ්ලොක් 2 එකට.. මේවාට ඒ මහත්තුරු කියන්නේ මඩ් ෆන් කියලා.. ඉතින් උදව්වට එක්ක යන්නේ ශාන්ත.. ශාන්ත දැන් අවුරුදු 22ක් තිස්සේ මඩ් ෆන් කරනවා.... දවසක් ශාන්ත මාත් එක්ක කතා කර කර ඉන්නවා.. පහත තියෙන්නේ කතාව...


ඉතින් ශාන්ත.. අද මොකද එලියේ....


අභීත මහත්තයෝ දවස් 5ක් ඇතුලේ හිටියේ.. අද තමයි එලියට ආවේ.. ආයේ හෙට බ්ලොක් ටූ...


මොකො ෆොටෝස් ගන්නවද?


මේ දවස්වලනම් අර ෆොටෝස් ගහන මහත්තයෙක් එක්ක හිටියේ.... හෙට එනවා මඩ් ෆන් සෙට් එකක්....


අහ්.. හෙට මඩ් ෆන් යනවද? මරු ආතල් වැඩේ නේද ශාන්ත....


ආතල්.... ආතල් නෙමෙයි මහත්තයෝ.. මේවා කරුම කරුම... සර්විස් ස්ටේශන් එකට යනකොටම කොල්ලො ටික හැංගෙනවා... හැමදාම කරවටක් වතුරෙ.. අඳින්න යට ඇදුමක් නෑ.. මුන්ට පිස්සුද මන් දන්නෙ නෑ මහත්තයෝ... ඇත්තටම මේවානම් මහ කරුම.....

34 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. //මේවාට ඒ මහත්තුරු කියන්නේ මස් ෆන් කියලා.. //

    මොකද්ද මචෝ ඔය කියන "මස් ෆන්" එක ????

    ප.ලි.
    ‍තෝ කොමෙන්ට්ස් 10ක්වත් වැටෙනකං වැ‍රැද්ද හැදුවොත් බලාගෙනයි

    ReplyDelete
  3. ඕන්න ඉතින් ලක්ශෙ පැන්නුවට මගෙන් සුභ පැතුම් ! මී පැණි උනත් හැමදාම කනකොට එපා වෙනව ඉතින් ! ඒත් මී පැණි මී පැණි මයි !

    ReplyDelete
  4. ලක්ෂෙට සුබ පැතුම්!

    අර මඩ් ෆන් එක දැක්කාම නම් බය හිතෙනවා...:)))

    ReplyDelete
  5. නියමයි අභීත....අපේත් සෙට් එකක් ඉන්නව ඔයවගේ වැඩ කරන හැබැ අර " මඩ් ෆන් " එවනම් නෙවී..අපිත් ඔය කැම්පින් වැඩ හයිකින් වැඩ කොරනව....
    ඔන් අපිටත් උදවු ඔන උනොතින් අනීවා අමතනව..මචො...

    ReplyDelete
  6. ඇත්තටම මොකද්ද ඔය මඩ්ෆන් කියන්නෙ.මඩේ බැහැල නටනවද :O

    ReplyDelete
  7. ලස්සෙට කොඩි දාපු අභීතයියට මගේ සුබ පැතුම්

    බ්ලොක් ටූ කියාවි , වින්චි කියාවි , මඩ ආතල් කියාවි අපි දන්නවැයි ඔවුවා !

    ReplyDelete
  8. ඔන්න එහෙනං මගෙනුත් සුබ පැතුම් අභීත අයියෙ!!!!

    ReplyDelete
  9. සුභ පැතුම් අභීත අයියෙ!

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. ඔන්න මගෙනුත් සුභ පැතුම් !!

    …නරඹමු ශ්‍රී ලංකා මම ගොඩාක් ආසාවෙන් කියවන එකක්. හරි ප්‍රයෝජනයි අපිට .. ජය පතනවා !!

    ReplyDelete
  12. ඇත්ත තමයි.අපි ගන්න ෆන් වලින් කීයක් නම් මිනිස්සු දුක් විදිනවද?.........
    ලක්ශෙට කොඩිය දැම්මා එහෙනම් ඈ?.

    නරඹමු ශ්‍රී ලංකා බ්ලොග් එක නම් මරු.
    ගොඩක් ට්‍රිප් යන්න කලින් අපි යන ස්ථානය ගැන තොරතුරු ටිකක් හොයාගෙන ගියාම තමයි ඒ යන ගමනින් නියම අර්ථයක් ලබන්න පුලුවන්!.
    දෙසැම්බර් මාසෙත් ලග එනවනේ. :-)

    ReplyDelete
  13. සුභ පැතුම් අභීත අයියේ...

    ReplyDelete
  14. ඇත්තෙන්ම ඔබගේ නරඹමු ශ්‍රී ලංකා ඉතා වටිනා බ්ලොග් එකක්, හිනා වෙන්න වුනාට හිනා යන් නැති බ්ලොග් එකත් අපූරුයි. ලක්ෂෙට ජය!!! දාහටම යන්න ලැබේවා.!!!

    ReplyDelete
  15. සුභ පැතුම් අභීත අයියේ.කට්ටිය සෙට් වෙලා යමුද ඔය වගේ ගමනක්?

    ReplyDelete
  16. කොන්ග්‍රැට්ස් මචෝ.. ඔය ෆීල්ඩ් එකේ ඉන්න අය මඩ් ෆන් වගේම මස් ෆන් ගන්නත් දස්සයෝයි කියන්නේ ඇත්තෙයි.

    ReplyDelete
  17. අහ්හ්හ් අබියා සුබ පැතුම් කිව්ව එහෙනම්.... ලක්ෂෙ පන්නපු එක අපි සමරන්න ඕනි අනිවා....

    ReplyDelete
  18. ලක්ෂෙට සුභපැතුම්. ජොබ් එකත් ටිකක් මඩවලට සම්බන්ධයි..:)

    ReplyDelete
  19. සුභ පැතුම් ලක්ෂෙට....

    ReplyDelete
  20. හප්පා .....මුල ඉදලා කියවගෙන එනකොට හිතුනේ ශාන්ත බුවත් හෙනට ආතල් එකක් ගන්නව ඇති කියලා මඩ එක්ක.....

    ReplyDelete
  21. ලස්සෙට සුබ පැතුම් අනිවා මෙක සමරන්න ඔනේ අහියො මොකද කියන්නෙ සෙට් වෙමුද ?

    ReplyDelete
  22. බොලේ ලස්සයක් හිට්ස් කියන්නෙ සෑහෙන්න බොන්න වෙන කේස් එකක්.
    All the best Abheetha ...!!!

    ReplyDelete
  23. දැන් දැක්කෙ, කාර් වල මීටර් කරකෝන එකා සුමානෙකට මෙහාට එවන්න බැරිද? සෑහෙන ගානක් හොයා ගත්තෑකි.

    ReplyDelete
  24. සුභ පැතුම් ලක්ෂෙට අභිත අයියේ..
    ඇත්ත තමයි කෙනෙකුට විනෝදයක් වෙන දෙයක් තව කෙනෙක්ට එපා වෙන්නත් පුළුවන්...

    ReplyDelete
  25. සුභ පැතුම් ලක්ෂයට..ආයේ යාල ගිහින් ඉවරයි..අර සුනිලත් එක්ක දැන් කී දෙනෙක් ඔරොප්පු වෙලා ඇද්ද..?

    ReplyDelete
  26. ලක්ෂෙ පැන්නුවට ඔන්න මගෙනුත් සුභ පැතුම්!

    ReplyDelete
  27. සුභ පැතුම්.මඩ වලින් පිරිච්ච අනාගතයක් වේවා...

    ReplyDelete
  28. සුභ පැතුම් අයියේ....අපිත් එන්නම් දවසක් අභීත අයියත් එක්ක යාල යන්න..අම්මප දකුණු පළාතේ මාතර හිටියට තාම යාල ගිහින් නෑනේ..:/
    ඔන්න බෑ කියන්නන නම් එපා හොදේ?
    වින්ච් එකයි මඩ් ෆන් එකයි පොඩ්ඩක් විස්තර කරනවද?? :)

    ReplyDelete
  29. ලක්ෂෙට සුභ පැතුම් , මඩ ෆන් නම් බ්ලොග් ලියන අයත් ගන්නේ

    ReplyDelete
  30. මට හිනා ගියේ මාරයගෙ කොමෙන්ට් එකට. කොහේ ඉන්න සුනිලෙක් ගැනද කියවන්නෙ..සුන්බුන් අස්සෙ ඉන්න සුනිලාද ?

    ලක්ෂෙට සුභ පැතුම්..

    ReplyDelete
  31. සුභ පැතුම් අභීත.... බලමු ආපු කාලෙක මඩෆන් එකක් ගන්න...

    ජය !!

    ReplyDelete
  32. සුබ පැතුම්.. ටිකක් හිනා වෙවිම ඉන්න ලැබේවා... හිකි හිකි

    ReplyDelete
  33. ෆන් එක උනත් හැමදාම ගනිද්දි ෆන් එක එපා වෙනවා කියනවනේ.... ඒ වගේ ඇති උන්ටත්...

    ReplyDelete
  34. මට බ්ලොග් එකක් හදන්න පුලුවන් උනෙ උඹ නිසා. අද මගෙ බ්ලොග් එක හදල ඉවර කලා. අබීත බොහොම ස්තුතියි.

    ඩිලන්ත

    http://antharawai.blogspot.com

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...