Saturday, October 8, 2011

හෙණ ගහපිය ලංකාවේ දේශපාලනයට.......... තුහ් නොදකින් ලංකාවේ දේශපාලනේ.....



හිතේ තියෙන පුදුම වෛරයකින් මේක ලියන්නේ..... මේ රටෙ දේශපාලනයේදී මිනීමරු ඡන්ද කාලයෙන් අපි සමු ගත්තා යැයි මෑත කාලයේ සිතුවද භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රයන්ගේ මිය යෑමෙන් සහ දුමින්ද සිල්වාගේ සිද්ධියෙන් අපට තාමත් ගම්‍ය වෙන්නේ ලංකාවේ  නොදෝමකින් සම්මත දෙකේ පංතියේ ගූ වැඩ වල මානසිකත්වය දෝංකාර දෙන බවය..............


යකෝ.. අපිට තොපේ දේශපාලන අටමඟලෙන් වැඩක් නැත... හිතේ කහටක් නැතුව ජීවත් වීමට පමණැක් උවමනාය.... මරා ගන්නේ නැතුව ගසා කාපියව්.. අපේ රීරි මාංශයම උරා බීපියව්.. ඒත් අඹ ඇටයක් තරම්වත් වටිනා ජීවිතයක්වත් විනාශ කිරීම නවත්තපියව්...


තුහ් නොදකින් ලංකාවේ දේශපාලනේ..... 



අපි ලංකාවේ දේශපාලනය සම්භන්ධ පොරවල් නොවෙමු.. නමුත් පක්ශ විපක්ශ මිනිස්සුන්ගේ ජීවිතවල අගය දන්නෙමු..... එකෙකුගේ බලය වෙනුවෙන් සටන් වදින මිනිසුනේ.. ඔබ හෙට දිනයේ ඔහුගේ හව් හරනය නොමැතිව මඟට බැසිය යුතු වේ.... ඔබට වැටහේවි.... ඔබ ඇද්දේ පාපියෙකුගේ මල මූත්‍රා රාශියක් බව.... නැවතත් කියන්නේ...


තුහ් නොදකින් ලංකාවේ දේශපාලනේ........



උඹත් මමත් ඔහුත් ඇයත් ලංකා මාතාවගේම පුරවැසියෝය.... අහවල් මල ඉලව්වක් හිංදාද බොලව් වෙඩි තියාගත්තේ..... රටට ඔහුගෙන් වැඩක් නැති වුවත් කුටුම්භයට පියෙක්, ස්වාමි පුරුශයෙක්, සහෝදරයෙක් හෝ වෙන හත් ඉලව්වෙක් නැති වෙන බව තොපිට හිතුනේ නැද්ද බොලව්...  වෙඩි තැබූ ඔබ හිරේ යන විට බලපියව්කෝ උඹ වටේ හිටපු මිනිස්සු උඹත් එක්ක ඉදීද කියලා.. නොදකින් මෝඩ හරක්..... අපිත් ඉපදුනානේ මේ ලංකාවේ තොපිත් එක්ක ජීවත් වෙන්න...


තුහ් නොදකින් ලංකාවේ දේශපාලනේ.... 
ප.ලි.. කලකට පසු හිතේ කැකෑරෙන වෛරයෙන් ලියූවක් මිස කාටවත් කඩේ යෑමක් නොවේ.... මම අදහන දෙයනම් කවුරුන් කෙසේ මිය ගියද ඔහු අපේ එකෙකි.... එයට මහින්දද රනිල්ද කියා වෙනසක් නොමැත...

52 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. කාට කියන්නද මේවා...

    ReplyDelete
  3. දුකා said... අබියා උබේ ඔලුව කොහේ හරි වැදුනද?

    මෙච්චර කල් ආස්චරියේ හීනේ දැක දැක හිටපු උඹ මොකෝ මේ හදිසියේ ඇහැරුනේ . .

    මොකු අයියේ,, මේ ඔයා කරපු කමෙන්ට් එක.... මතක තියාගන්න.... මම රාජපාක්ෂිකයෙක් නෙමෙයි බොල

    ReplyDelete
  4. අවි ගත්තෝ අවියෙන්ම නසිති කියා කියමනක් ඇත , මිය ගියේ කුඩු ගෙන ආ "කාඩ්බෝඩ් චණ්ඩියා " නම් , රටට සිදුවුයේ යහපපතක් ලෙස සැලකිය හැක , කණ්ගාටුවට කරුණ සාපේක්ෂව වඩාත් හොඳ එකා මිය යාමයි .මූන් දෙගොල්ලන් මේ ගැටුම චන්දයට පෙර දිනයේ කලා නම් වඩා අගනේය

    ReplyDelete
  5. මචං මම සදා යූ.ඇන්.පී. චන්දයක් තමයි . . . .ඒත් මම ගොඩක් ගරු කරන පුද්ගලයෙක් තමයි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර කියන්නෙ . .. . . එතුමාට නිවන් සුව . . . .!!

    ReplyDelete
  6. @ඕනයා - භාරත ලක්ෂ්මන් ට නිවන් සුව ලැබේවිද? , දුමින්ද සිල්වාටද වෙඩි තබා ඇත්නම් එය එසේ වේද ?

    ReplyDelete
  7. සිද්දිය වෙද්දිම නිවුස් එක නම් ආව... දෙපැත්තෙන්ම පොඩි ඉංගිරිස් ෆිල්ම් එකක් රඟපාපු කේස් එකක් තියෙන්නෙ... අපිට ගැලරියෙ ඉඳන් බලන් ඉන්නව ඇරෙන්න කරන්න දෙයක් නෑ අභීත අයිය... :(

    ReplyDelete
  8. තුහ් නොදකින් බැල්ලිගෙ පුතාලා.. කොපි එකා එකා කාගෙන ඉවරවුණ දවසට තමයි මේ රට ආයෙත් නිදහස් වෙන්නේ....අපිට සේවය කොරන්න වෙන්නැති එක එකා කා ගන්නේ..

    ReplyDelete
  9. කියන්න වදන් නෑ..ශික්.

    ReplyDelete
  10. කතා කරලා වැඩක් නෑ. එදත් අදත් හෙටත් මෙහෙම්ම වේවි!

    ReplyDelete
  11. අසාධාරනේ දැක දැක බඩගෙඩිය ගැන හිත හිතා අරුන්ට වඩා මුන් හොඳයි ඒ නිසා මුන් මොනවා කලත් කමක් නෑ කියලා හිතපු හිතන අපිට මීට වඩා හොඳක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද . . .

    දුක් වෙන්න "දේසපාලනේට හෙන ගහපිය" කියලා බයිලා ගහන්න වැඩක් නෑ. .

    මේ අපි වපුරදේ . . .

    ඉතිං අස්වැන්න අපිම බෙදා ගමු . .

    මක්කටයි කේන්ති ගන්නේ .

    ReplyDelete
  12. තවත් වසර 10කට පසු ප්‍රවෘත්තියක් : ඝාතන චෝදනාවලට ලක්වුඅ දුමින්ද සිල්වා දීර්ග නඩු විභාගයකට පසු ප්‍රමානවත් සාක්ෂි නොමැති නිසා නිදහස් කරනු ලැබීය!
    නුවර රත්වත්තලා අතින් මැරුනු කොල්ලො 10 දෙනාගේ නඩුවට මොකද උනේ?ඇසින් දුටු සාක්ෂි තියෙද්දිත් ඇපීල් කලාම කවුද දින්නේ?අන්තිමට උන් මැරුනා මරපු එකෙක් නෑ!චන්දන කස්ත්‍රීආරච්චිගේ මිනී මැරුම් චෝදනාවලට මොකද උනේ?සාධාරනයක් වේ කියල බලාපොර්තු වෙන්න පුලුවන්ද?

    ReplyDelete
  13. ආරක්ශක අධීක්ශකය කම්කරු උපදේශකයව මරල. බලමු දැන් ආඩම්බර තාත්ත යුක්තිය පසඳින අපූරුව කොහොමද කියල.

    මෙන්න මෙහෙම කිව්ව කියල මතක තියා ගනිල්ල. මළ එකා කාටත් අමතක වෙනකොට ජීවත් වෙන එකා හිමීට එළියට එයි. එතකල් විතරක් දැඩි සත්කාරෙ සැප ගනියි.

    ReplyDelete
  14. @දුකා අයියා : අපි කාගෙවත් එහම අවුලක් නෑ අයියා..... අපි කඩේ ගිය උන් නෙවෙයි.... මම දන්නේ නෑ.. උඹට ඕන දෙයක් කියපන් දුකා අයියා....

    ReplyDelete
  15. මිනිස්සු කපා ගන්නෙ තමන් වපුරපු දේවල් තමයි. හොඳ , නරක කෙසේ වෙතත්. මනුස්සයෙක් මැරුනා , මැරුවා කියල ඇහෙන කොට මගේ නම් ගිත තවමත් හෙල්ලෙනවා.. ඒ මැරුනෙ මම කැමති මිනිහෙක්ද නැත්නම් අකමැති මිනිහෙක්ද කියන එක එතකොට ඔලුවට, හිතට එන්නෙ නැහැ..

    ReplyDelete
  16. අනේ මන්ද මේකට මොනවා කියන්නද ?
    මේකද දෙශපාලනය කියන්නේ?
    මුන්ද අපිව පාලනය කරන්නේ?
    අපි ඒතරම්ම අසරනද?
    මේකෙ නැද්ද එකෙක්වත් හරියටම මේ රට පාලනය කරන්න එකෙක්වත්?
    අනේ මන්ද මට නම් තේරෙන් නැහැ.
    මරාගෙන මරාගෙන කවද හරි මේ ගොන් ජනයාට තේරෙයි. මේ හැම දේකටම වගකියන්න ඕනෙ මේ රටේ මෝඩම මෝඩ ජහමනයා. එන එන එකාට පුදනවා. අන්තිමට තමන්ට වෙන්න ඕනෙ හරිය වුනාම හූල්ලනවා. මුන්ට මොනවා වෙලාද ?

    ReplyDelete
  17. දුකා,
    මේ අපි වපුරදේ . . . කියලා උඔ කියන්නෙ කොහොමද? ඡන්දෙ එක පක්ෂයකටවත් නොදා මේ කුණු ගොඩවල් වලට එකතු නොවුන පිරිසකුත් ඉන්නවා කියලා මතක තියා ගනින්. සමහර විට අභීතයත් කුනු ගාගත්තු නැති එකෙක් වෙන්න ඇති.

    උඔ වපුරපු දේවල් උඔට නෙලා ගන්න උනාට ඒකට හැමොවම ගාවගන්න එක හරිමදි නේද......!

    කුෂාන් කියනවා වගේ මුං එක එකා මරාගෙන ඉවරයක් වෙන්නම ඹ්නේ මේක පින් බිමක් වෙන්න නම්....

    ReplyDelete
  18. ටිකක් හිනා වුනෙමි..! :)

    ReplyDelete
  19. ඇත්තම කතාව , අද ලංකාවේ මිනිස් ජීවිත තුට්‍ටුවට ගිහින් ඇති බවයි. හිඟන්නන්ගේ ඔලුව පොඩි කර මරා දැමුවද, අපරාධකාරයින් ආයුධ පෙන්නීමට ගොස් පොලිස් වෙඩි පාහරින් මිය ගියද එහි වෙනසක් නැත. අවාසනාව එය අද සමාජ සම්මතයක් ලෙස පිලිගැනීමයි. මේවා ගැන කතා කිරීම, සුදු වෑන් එකේ රවුමක් යෑමේ වරප්‍රසාදයක් හෝ දේශ/ජාති ද්‍රෝහියකු වීමක් යැයි සැලෙකෙනතාක් කල් මේ විශම චක්‍රයෙන් අපට ගැලවීමක් නැත.

    වරද කාගේද කොතනද කියා මා දන්නේ නැත. එය අවුරුදු තිහක යුධ මානසිකත්වයද, අපේ දුෂිත දේශපාලනයද මා දන්නේ නැත. ඒත් එක් දෙයක් නම් පැහැදිලිය, ලෝකෙන් උතුම් රට, වසර 2500 ක සංස්කෘතිය ගැන උදම් ඇනුවාට, අපේ සමාජය ඇතුලතින් කුණුවෙන බවය. මුන්ට මං ඉන්නා කැලෑවට සුදුවෑන් එවන්ට බැරිනිසා, ඕනෙනං මං ජාතිද්‍රෝහියෙක්, කාඩ්බෝඩ් වීරයෙක් කියලා බැනපල්ලා, ඒත් මෙහෙම හරි මේ ගැන විරෝධය පෑමේ අවදානම බාරගත්ත අයට බනින්න එපා.

    ReplyDelete
  20. ඔය ප්‍රශ්ණෙට මරැ උත්තරයක් දුන්නා කෙහෙළිය ගොයියා පහුගිය දවසක මාධ්‍ය හමුවකදී...
    අර මැර මෝයියා තමන්ගේ වන්දිභට්ටයොත් එක්ක ගිහින් කැළණියේ ධර්මාලෝකේ ඉස්සරහා මනුස්සයෙකුට තඩිබාපු එක ගැන මාධ්‍යසේදියෙක් ප්‍රශ්ණ කරපු වෙලාවේ කෙහෙළිය කිව්වේ "ඔය වගේ මිනිස්සුන්ව ලක්ෂ ගනන් මනාප ගහලා පත්කරන්නේ තමුන්මනේ" කියලා... කථාව ඇත්ත.. ඒත් ගනන් කරද්දී මනාප ලක්ෂ ගනන් උනාව ඒවා වැටුනේ කොහොමද කියලා හොයන්නේ නැති එකයි ප්‍රශ්ණේ..
    අපේ ජාති‍යේ තියන ප්‍රධානම වැරැද්ද අමතක වීමය.. ඒක දැන් මහා ගැටළුවක් බවට පත්වී ඇත...කොයිතරම් බැන්නද ඡන්දය ලංවෙනකොට බැන්න බව වත් මතක නැත...
    අනිත් කරනේ මේ තරමට ගහමරාගෙන... වියදම් කරගෙන... වන්දිභට්ටයන්ට කන්න බොන්න දීගෙන යන්නේ අපිට සේවය කරන්නටය...
    පැරණි කියමනක් ඇත "සිංහළයා මෝඩයා... කැව්ම් කන්න යෝදයා" ඒක අදටත් වලංගුය...

    ReplyDelete
  21. මේ නොදන්න කමටයි අහන්නේ. දැන් මොකක්ද වෙලා තියෙන්නේ.

    ReplyDelete
  22. සෑර් , මේ වගේ ගොං කතා ලියන්නෙ නැතුව දන්න බ්ලොග් එක කරං හිටිය නං නරකද? මරා ගන්න කොට විතරක් නූල, ඉර ගහල දෙකේ පංතියේ ගූ වැඩ කියල ඇඟ බේරගන්ඩ බැහැ සෑර්. අනික දේශපාලනේ කියන්නේ චන්දේ දවසේ වෙන දේ විතරක් නෙවෙයි. දේශපාලනේ දෙකේ පංතියේ ගූ ගොඩක් වෙලා දශක ගානක්. මේවල වගකීම මේ රටේ චන්දෙ දාඅපු නොදාපු හැම පුර වැසියෙක්ම බාරගන්ඩ ඕනේ. මර්වින්, දුමින්ද සහ තවත් මජර කාඩ සෑර්ලා කවුන්සිලේට යැවුවේ මේ රටේ මිනිස්සු.

    ReplyDelete
  23. මොනවා කියන්නද මන්දා.....

    ReplyDelete
  24. @බුවා:
    මැරයෙක් විදියට නිවන් සැප නෙමේ වෙන මොන සැපක්වත් ලැබේවිද සැකයි. හැබැයි මම ඒ ප්‍රාර්තනාව කලේ ලකී අයිය කියන මැරයට නෙමේ . . . . එයා තුල හිටපු මනුස්සයට. එහෙම කියද්දි හිතන්න එපා මම ලකීට කඩේ යනව කියල. . . . මට ලකීගෙන් ගොඩක් පල ප්‍රයෝජන ලබාගන්න තිබුන ඒත් මම ඒදේ කලේ නෑ . . . හේතුව මම මගෙ හැකියාව මතම ජීවත්වෙන මිනිහෙක් නිසා.

    මම ලකී අයියව අවුරුදු 15කට වඩා කාලයක් කිට්‍ටුවෙන්ම දන්නව. ඊටත් වඩා කාලයක් දුමින්දව දන්නව. දුමින්ද කියන්නෙ නුගේගොඩ පරන කැස්බෑව පාරෙ ඉන්න කාලෙ අපිත් එක්ක සෙල්ලං කරපු එකෙක් (දැං සනත් නන්දසිරිගෙ ගෙදර වත්තෙ).

    මම ඔය දෙන්නවම දේශපාලකයො විදියට වඩා පුද්ගලිකව දන්නව. ඒනිසා මම හොඳටම දන්නව කවුරු ඇතුලෙද මනුස්සයෙක් ජීවත් උනේ කියල . . . . . මම ඔයා කියපු දේම මතක් කරන්නම් . . . ඒක තමයි මමත් විශ්වාස කරන ඇත්ත . . .
    //අවි ගත්තෝ අවියෙන්ම නසිති කියා කියමනක් ඇත , මිය ගියේ කුඩු ගෙන ආ "කාඩ්බෝඩ් චණ්ඩියා " නම් , රටට සිදුවුයේ යහපපතක් ලෙස සැලකිය හැක , කණ්ගාටුවට කරුණ සාපේක්ෂව වඩාත් හොඳ එකා මිය යාමයි //

    දුමින්ද තුල සිටින තිරිසනා වගේම ලකී අයියා තුල සිටි මිනිසාවද හොඳින් හඳුනන බැවින් . . . . ලකී අයියාට නිවන් සුව පැතීම වැරදිද ????

    @ඇනෝ:
    //කුෂාන් කියනවා වගේ "මුං එක එකා මරාගෙන" ඉවරයක් වෙන්නම ඹ්නේ මේක පින් බිමක් වෙන්න නම්....//

    ඔහොම ප්‍රාර්තනා කරනකොටම "පින් බිම" නිසරු වෙලා ඉවරයි මචෝ . . .

    ReplyDelete
  25. මීට කළකට පෙර මෙවැනිම ඡන්දෙකදී නාලන්ද එල්ලාවල තරුණ මංත්‍රීවරයා වෙඩිවැදී මිය ගියා.එහි ප්‍රධාන චූදිතයා අද එම රජයේම ඇමතිවරයෙක්.

    මේ ජරාජීර්ණ දේශපාලන පද්ධතිය කවදා වෙනස් වෙයිද?

    ReplyDelete
  26. හෙ හේ...මට හෙන හැපි..මම නම් ඉන්නේ ඔය ඇවුනුත් එක්ක අර කැලණියේ එකාත් වල පල්ලට යනකම්...නිවුටන්ගේ තුන්වන නියමය අනුව මොනදේත් ආපහු පලදෙනවා බොලව්!!!

    ReplyDelete
  27. ඇනෝ සහ අභී

    වරදවා වටහා ගන්න එපා . .

    මම අපි කියන එකෙන් කිව්වේ බහුතරයක් අපි හැමෝම . .

    ඉස්කෝලේ ලොතැරැයියේ වැරදි පෙන්නලා රේඩියෝ එකකට වොයිස් කට් දුන්නා කියලා ඉස්කෝලේ ඉස්සහරහීදම ඒ ඉස්කොලේ දරුවෙක්ගේ පියෙක්ට ඇමතියෙක් කනට ගහන හැටි ටීවී එකෙන් බලන් හුරේ දාපු අපි හැමෝම (අර ළමයාගේ මානසිකත්වය බල්ලට ගියත් ගානක් නැති අපි හැමෝම )

    කුඩු ගෙන්වනවා කියලා සාක්කි ඇතුව මාධ්‍ය වල පලකරද්දී "කුඩු ගෙන්නලා අපේ අනාගත පරපුර විනාස කරන්න එපා බොලව්" කියලා නොකියපු අපි හැමෝම . .

    සිංහරාජේ ගස් කපන දිහා බලන් නික්ම් "අනේ අපොයි" කියලා විතරක් මොකුත් නොවුනු ගානට ඉන්න අපි හැමෝම . .

    කොළඹ ඉඩම් ශැන්ග්‍රිල්ලා සමාගමට විකුනුවා කිව්වත් ඒ කිසිම මුදලක් ආන්ඩුවේ ගිමක සටහන් වෙලා නෑ කියලා පාර්ලිමේතුවේ ප්‍රශ්න කොරද්දිත් දැක්කේ නෑ ඇහුනේ නෑ වගේ ඉන්න අපි හැමෝම . .

    යූ එන් පී ආන්ඩු කාලේත් ඉඩම් අක්කරේ රුපියල් සීයට යාලු මිත්තරයන්ට විකුනද්දී "ඉතිං අපේ මොකෝ ඕයි" කියලා වගේ ගානක් නැතුව හිටි අපි හැමෝම . .

    ජේ වී පී එකෙන් ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියනකොට වගේ වගක් නැතුව හිටි අපි හැමෝම . .

    අපි කියලා මම ලියපු කොටස මේ ඇනෝ මහත්තයා හරි නෝනා හරි දැක්කේ නැතුව වෙන්ටැ

    ReplyDelete
  28. අවි ගත්තෝ නසින්නේ අවියෙන්මයි !!!!

    ReplyDelete
  29. කොළඹ ඉඩම් ශැන්ග්‍රිල්ලා සමාගමට විකුනුවා කිව්වත් ඒ කිසිම මුදලක් ආන්ඩුවේ ගිමක සටහන් වෙලා නෑ කියලා පාර්ලිමේතුවේ ප්‍රශ්න කොරද්දිත් දැක්කේ නෑ ඇහුනේ නෑ වගේ ඉන්න අපි හැමෝම . . "ගිමක" = ගිනුමක

    ReplyDelete
  30. @දුකා - ඔය මොනවා මොකා කලත් අපට කමක් නැති බව නැවත නැවතත් සනාථ කරමින් සිටිනා බැව් ඡන්ද ප්‍රතිඵල වලින් නොපෙනේද ?

    ReplyDelete
  31. @බුවා:
    ඡන්ද ප්‍රතිඵල වලිං පෙන්නන්නෙ දුකා අයිය කාලෙකට කලිං කියපු මේ ටිකම නේද ?????

    ReplyDelete
  32. @ ජයශ්‍රී:

    ""මේ ජරාජීර්ණ දේශපාලන පද්ධතිය කවදා වෙනස් වෙයිද? ""

    ඔබතුමන්ලා වැනි ජාතියා ආගම කිවූ පමණින් හදවත වුව ගලවා දීමට සූදානම්; බුද්ධියෙන් නොව හදවතින් තීරණ ගන්නා ජහ මනයන් සිටිනා තුරු කිසිදා වෙනස් වන්නේ නැත.

    @buwa:

    ""ඔය මොනවා මොකා කලත් අපට කමක් නැති බව නැවත නැවතත් සනාථ කරමින් සිටිනා බැව් ඡන්ද ප්‍රතිඵල වලින් නොපෙනේද ? ""

    දැන් එතකොට බුවා කියන්නේ, සන්ධානේ නැතුව යුන්පී එක දින්නනම්; ඒකෙන් කියවෙන්නේ ජහ මනයා නිවැරිදි මාවතට ඇවිත් කියන එකද?

    මිනිස්සුන්ට කොහොමත් තියෙන්නේ ඔප්ශන් දෙකයි,
    එකක් චන්දේ නොදා ඉන්න එක එහෙම නැතිනම් ඔන්න ඔහේ මේපාරත් සන්ධානෙටම දීලා දාන එක.

    තට්ටු මාරු කර ඉන්නවට වඩා, ඉන්න එකා, මොකා වුනත් හොඳයි කියලා මිනිස්සු හිතනවා ඇති.

    @සුස්ති ගුණේ:

    +1

    සති දෙකකට පසු:

    ඒ කවුද මචන් භාරත ලක්ශ්මන් කියන්නේ? ඉන්දියාවේ පොරක්ද?

    ReplyDelete
  33. අනිච්චේ දුක්ඛේ සංසාරේ!

    ReplyDelete
  34. දුකා,
    ඇහුනේ නෑ දැක්කෙ නෑ වගේ ඉන්නෙ කරන්න දෙයක් නැති හින්දා. අපි හැමොටම ඒ ගැන කරන්න මොකක් හරි ප්‍රායෝගික දෙයක් තියෙනවනම් කියන්නකො කරන්න.

    හැබැයි ඒක මොකක් හරි නිවුස් එකක් ෆේස්බුක් එකේ දාලා ශෙයා කරනවා වගේ දෙයක් නං වැඩක් නෑ හරියට ඔයා කරනවා වගේ හොදේ.....

    මොකෝ එහෙම කලා කියලා ඇතිවෙන වෙනසක් නැති හින්දා....

    ReplyDelete
  35. මොකුත්ම වෙන්නේ නැත්තේ නෑ අනෝ . .

    මගේ හිත වත් පොඩ්ඩක් කූල් වෙනවා "අඩු තරමින් ඒ අසාධාරනයට මගේ අකමැත්ත වත් ප්‍රකාශ කලානේ නේ" කියලා . .

    නෑ කියලා හිතුවොත් කවදාවත් වෙන්නේ නෑමයි . .

    එකෙක් දෙන්නෙක් හරි අසාධාරණයට විරුද්ධත්වය ප්‍රකාශ කරන්න අරගෙන බහුතරය අසාධාරණයට විරුද්ධත්වය ප්‍රකාශ කරන දවස ආදාට අසාධාරණ ලෙස කටයුතු කරන එය එහෙම කරන්න කලින් දෙපාරත් හිතයිනේ . . .

    අමතක කරන්න එපා ලඟදී සිද්ද වුනු සිදුවීම් එකක් දෙකක් . .

    ප්‍රශ්න කරන්න පොලෝසියට ගෙනිහින් මිනිස්සු මරන එකට විරුද්ධව මිනිස්සු කුපිත වුනු බව මතකයිනේ . .

    පොලෝසිය ආයේ ආයේ එහෙම කරයි . .

    ඒත් ගමේ මිනිසුන්ගේ රිටන් එක හම්බවෙයිද කියන බය හිතේ ඇතුව . .

    මොකුත්ම නොවී තියෙනවට වඩා එහෙම වත් වෙන එක නරකද . . .

    ReplyDelete
  36. සියල්ලන්ටම,
    ඔබට මතක්ද මන්ද 1980 - 1988 කාලේ ඔය නිල් ඇත්තො හිටියේ පන බයේ, මරණ බයේ. ඒකාලේ තංගල්ල, ජිනදාස වීරසිංහ, කැළණිය සී. සිරිල් මැතිව්, එතකොට මල්ලිමාරච්චි කොලොන්නාව, කැස්බෑව දැන් පැනපු මෑන් ලොකුගේ තව බොහෝමයක් මට නම් මතක නැහැ. සිතා සිටීයේ කවදාවත් මේක වෙනස් කරන්න බැහැ කියලා. නමුත් අද වගේ කාලයක් ආවා. මේකත් වෙනස් වෙනවා. දිනයක් කියන්න බැහැ. කවදා හරි මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. එතකන් ඉවසන්න. අනිත් දේ තමයි ඒ වෙනස් වෙන දිනේදි දැනමුතු අය ජනතාවට හරි පාර පෙන්නන්න මුලට එන්න ඕනෙ. අන්න එදාට ඔබ සැමට යුතුකම්ක් තිබෙනවා. එතකන් බ්ලොගක් ලියාගෙන චැටක් දාගෙන ඉමු.

    ReplyDelete
  37. දුකා,
    ස්තුතියි පැහැදිලි කිරීම ගැන!!

    ReplyDelete
  38. එක එක උන්ගේ අදහස් එක එක විදියයි..මෙතන කියපු එවයින්ම එක පේනවනේ...
    ඔය ජරා දේශපාලනේ මටත් තිත්තම වෙලා තියෙන්නේ...
    කරුමෙ කියන්නේ මගේ ජිවිතේ පළමු ඡන්දෙ දාන්න වුනෙත් ඊයේ..:(

    ReplyDelete
  39. වැපා මෙකෙ කමෙන්ට් කරලා නැහැ...... :D:D

    ReplyDelete
  40. බුවාගෙත්, බුවාත් එයට පිලිතුරු ලෙස අභීත ලියු දෙයත් මගේ හිතට හරි ගියා.

    ReplyDelete
  41. නිවැරදි විය යුතුයි.

    බුවාත්,එයට පිලිතුරු ලෙස අභීත ලියු දෙයත් මගේ හිතට හරි ගියා.
    Lucky, අමාරු කාලෙ අපිට හයියට හිටිය මිනිහෙක්.

    ReplyDelete
  42. ආසියාවේ ආශ්චර්ය කියන්නේ නිකන්යැ.. ආසියාවේ විතරක් නෙවේ බලන් යද්දි ලෝකෙම ආශ්චර්යනේ මේ ..ලෝකේ මොන රටකවත් නෑනේ මෙහෙම දේවල්..

    ReplyDelete
  43. @මාලන්, තමන් අයත්වන ජන කොටසට,ආගමට සිදුවන අසාධාරණයන්ට එරෙහි වීමට සැමට අයිතියක් තිබේ (සිංහල බෙෘද්ධ අපට ද ඒ අයිතිය තිබිය යුතුය).එය පීඩිත පංතියට අයත් අයට තම පංතියට වන අසාධාරණයට එරෛහිව නැගීසිටීමට ඇති අයිතිය හා සමානය.
    මෙතන ගැටලුව එය නොවේ.දේශපාලන‍යේ සදාචාරාත්මක පිරිහීමයි.

    ReplyDelete
  44. දුකා කියන එක හරි.මේක ප්‍රධාන ධාරාවෙන් වියුක්ත උන එක සිද්ධියක් නෙවෙයි.ඒක අපි වෙනම අරගෙන විවේචනය කරනවාට වඩා සාධාරණ වෙන්නේ මේ තත්වෙට හේතු භූත වෙච්චි තත්වයන් හඳුනාගන්න එක.

    ReplyDelete
  45. ""තමන් අයත්වන ජන කොටසට,ආගමට සිදුවන අසාධාරණයන්ට එරෙහි වීමට සැමට අයිතියක් තිබේ (සිංහල බෙෘද්ධ අපට ද ඒ අයිතිය තිබිය යුතුය).""

    ඔව් ඔයා කියනදේට මම එකඟයි. ඒත් මෙතන තියෙන ප්‍රශ්නේ අපි ජනනායකයෝ ඔය ජාතියට ආගමට සිදුවෙනවයි කියන අසාධාරණය දඩමීමා කරගෙන ඔයගොල්ලන්ව ගොනාට අන්දන එක [කැරට් ඇන්ඩ් ස්ටික්].

    ජයශ්‍රී, ඔය ජාතිය ආගම වෙනුවෙන් පෙනී ඉන්නවා කියන දේශපලකයෝ ඒ වෙනුවෙන් කරන කෙහෙම්මලක් නෑ. එහෙම කරනවනම් මිනිස්සුන්ට නීතිය අතට අරගෙන අනවසර මුස්ලිම් පල්ලි කඩන්න වෙන්නෙත් නෑ [මම දන්නේ නෑ ජයශ්‍රී බි.බි.සි එකේ ඔය පල්ලිය කඩපු එක ගැන ගියපු නිවුස් එක දැක්කද කියලා, ඒකේ ලියලා තිබ්බේ මුස්ලිම් පල්ලියක් තරහා ගියපු බෞද්ධ භික්ශූන් කැඩුවා කියලා [ඇන්ග්‍රි බුඩිස්ට් මන්ක්ස්]. අන්න එහෙමයි පිටරට එවුන් ඔය වගේ නිවුස් එළියට දෙන්නේ].
    ඔබතුමා හිතන්නේ කූරගල ආදී දෙවල් අපේ දේශප්‍රේමී, දේශමාමක ජනනායකයන්ට පේන්නේ නැහැ කියලද? ඒගොල්ලන්ට පේනවා, ඒත් සද්ද නැතුව ඉන්නවා. මොකද ඡන්ද කැඩෙන නිසා.

    අනිත් අතට අද බුදු දහමට වින කරන්නේ අන්‍යාගමිකයෝ විතරක් නෙමෙයි, සිවුරු දරාගෙන ඉන්න අපේම හාමුදුරුවරු. බලන්න පහුගිය ටිකේ හාමුදුරුවරු අතින් බාල දරුවන් කීදෙනෙක් අපයෝජනයට ලක්වුනාද? කීදෙනෙක් ගැන වැරදි නිවුස් ගියාද? අළුත්ම එක, දැන් බලන්න අර පිටිදූවේ සිරිධම්ම කියන බණ කියන්න සල්ලි ගන්න ප්‍රාඩෝ වලින් යන [අත් දැක තිබේ] හොරා කියනවා එයා සෝවාන් බාවයටත් එහා ගිය සකෘදාගාමි මාර්ගඵලය අරගෙනලු.

    මමනම් කියන්නේ බුදු දමහ අද රැක ගන්න වෙලා තියෙන්නේ අන්‍යාගමිකයන්ට වඩා, බෞද්ධ වෙසින් පෙනී ඉන්න බිස්නස් කාරයන්ගෙන්. ඒ වෙනුවෙන් ජයශ්‍රීලා මොනවද කරලා තියෙන්නේ?

    තවත් දෙයක් මේ දවස් වල දෙමළ ඩයස්පෝරා එක ලංකාවේ යුද අපරාද වුනා කියන්න නොකරන දෙයක් නැහැ. ඒ අතරේ මහජන සම්බන්ධතා ඇමති මර්වින් ගිහින් මිනිහෙක්ට ගහනවා, ජානාදිපතිගේ උපදේශකට ආරකශක අමාත්‍යාංශයේ උපදේශක වෙඩි තියලා මරනවා; එළිපිට සිද්ධ වෙන ඒවගේ දේවල් දෙමළ දයස්පොරා එක යුස් කරනවා යුධ අපරාධ චෝදනා ඔප්පු කරන්න, ලංකාවේ නම කැත කරන්න.
    අනික අතට හිතන්න එපා ලන්කාවට තනියම සර්වයිව් වෙන්න පුළුවන් කියලා ඔය කියන "හම්බයෝ" අපේ තේ ගන්න එක නවත්තපු ගමන් අපේ තේ කර්මාන්තය ඉවරයි. ඔය කියන බටහිර සුදු කුමණ්ත්‍රන කාරයෝ අපේ කෙල්ලෝ මහන වික්ටෝරියා සික්‍රට් යට ඇදුම් ගන්න එක නැවැත්තුවොත් ආයෝජන කලාප ඉවරයි.
    අපේ දේශපාලකයෝ අර රා කට්ටක් ගහලා වෙරි වෙලා පූසට තගක් දාපු මියෝ වගේ ලංකාවේ මිනිස්සුන්ට පොර ටෝක්ස් දානවා. අපේ අයත් අනේ ශෝක්; මෙන්න රෙද්ද කියපු ගමන් කපලා මහල ඇදගෙන, "අනේ මන් හැඩද කියලත් අහනවා" :)

    ReplyDelete
  46. @ජයශ්‍රී:

    දැන් හිතන්න එපා මම දීලා තියෙන්නේ කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ උත්තරයක් කියලා.

    මම සරලවම කියන්නේ ජාතිය ආගම වෙනුවෙන් ඇති කැක්කුම, බටහිර කුමණ්ත්‍රණ, යුධ අපරාධ චෝදනා ආදිය අපේ ජාතිමාමක දේශ හිතෛශී ජනනායක කැළ පාවිච්චි කරනවා ජහ මනයාව ගොනාට අන්දන කැරට් අල විදිහට.

    ඒ ගොල්ලෝ දන්නවා ජහ මනයා ඔය හීනේ ගැලිලා ඉන්නකම් ඒ අයගේ ඕන ජරා වැඩක් ජාතියේ ආගමේ රටේ නාමයෙන් අපේ ජහ මනයා ඉවසනවා කියලා. ඒක නිසා ඒ අයට ඒ අයගේ ගේම් එක ගහන එක සිම්පල්, ඒ නිසා ඒ අය නීතිය බල්ලට දාලා වැඩ කරනවා.

    කවුරු නවත්වන්නද? අපි දැන් දිනලා ඉවරයි!

    "එළිපිට ඇත අවකෙළි
    කිසිවෙක් මැසිවිලි නොකියන්නේ"

    එකම ජාතියේ කැරට් අල කාලා ජහ මනයට ඇති වුනාම අළුතින් කැරට් අල ටිකක් දෙන්න විතරයි තියෙන්නේ. මර්වින්ගේ අභය දානය වගේ :D

    ඉතින් ජයශ්‍රී, දිගටම කැරට් කකා ඉන්න. ගුඩ් ලක්!!!

    ReplyDelete
  47. තුහ් නොදකින් ..

    ReplyDelete
  48. සමස්ථ දේශපාලන ක්‍රමයම වෙනස් වෙන්න ඕනි. පක්ෂ මාරුවෙන් වන වෙනසක් නෑ. කොහෙද පුන්නක්කු වලට දියකරලා පොවන්නද ජහමනයාට... භාරත මැරුණ එක ගැනනම් දුකයි. මොන පක්ෂෙ වුණත්, මොකක් වුණත් මිනිස්සුත් එක්ක හිටපු මිනිහෙක්. මගේ ගම මරදාන. කොලොන්නාවත් අපි නොදන්න පැත්තක් නෙමෙයි. පවතින රාමුව ඇතුලෙ ඉඳන් වූණත් භාරතලා මිනිස්සුන්ට යමක් කළා. බොහෝවිට පක්ෂ භේදයක් නැතුව. පාතාලෙ ගැනනම් කියලා වැඩක් නෑ යාළුවනේ කැලේ නීතියනෙ..ඉස්සර වුණු එකා දිනුම්.
    ආඩම්බර නැද්ද අපේ අවරෝහණ පරිණාමය ගැන. . .

    ReplyDelete
  49. මිලේච්ඡ වැඩක් සිද්දවෙලා තියෙන්නේ...
    කාලකන්නි සල්ලිමත්තේ නහින...බලතන්හාවෙන්..ඔලු විකල්වෙච්චි..මිනිස්සු..දෙශපාලනයට ආවම එවයේ ඇතිවන ප්‍රතිඵල ඔයවගේ වීම අරුමයන් නොවෙයි.....

    ReplyDelete
  50. කරපු දේවල් තමා ඉතින් මේ පලිසන් දෙන්නෙ... දුමින්ද සිල්වා උනත් බේරුනාට ඔහුටත් ජීවත් වෙන්න වෙන්නේ දැන් මහින්ද විජේසේකර ඉන්න තත්වයට ම තමා කියලයි ආරංචිය.

    ReplyDelete
  51. කටයි පුකයි වහන් බලන් ඉදිමි...

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...